ටාර්සන් ගේ පුත්‍රයා | Tarzan Ge Puthraya

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

The Son of Tarzan
by Edgar Rise Burroughs

ත්‍රාස ජනක වීර ක්‍රියාවන්ට ඇති ඉමහත් ආශාවත් මහ වනයේ නිදහසට ඇති ළැදි කමත් නිසා, ටාර්සන්ගේ පුත්‍ර කොරැක් හෙවත් “මරුවා” ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහා වනයට පලා යයි. එහි දී ප්‍රබලතම වානරයා වන අකුටි ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක්, සිය පියා සේම වනයේ අධිපතියා වෙයි.

මෙහි දී අරාබි ගමක වසන සුන්දර සුදු තරුණියක හා පෙම් බඳින කොරැක්. ඇය රැගෙන සිය වන ගත නිවෙසට යයි.

බිම් ගෙයි සිරකරුවා | Bim Gei Sirakaruwa

Original price was: Rs 1,050.00.Current price is: Rs 945.00.

Russian Short Stories

සිංහල පරිවර්තන සාහිත්‍යයේ විප්ලවයක් සිදු කළ මේ “බිම් ගෙයි සිර කරුවා” නමැති ග්‍රන්ථය, සැබවින් ම පරිවර්තන කලාවේ අග්‍ර ඵලයක් ලෙස සැලකිය යුත්තකි.රුසියානු සාහිත්‍යයේ එන ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයන් සියල්ලන් ම නියෝජනය වන මේ ප්‍රශස්ත පරිවර්තන කෘතිය, අවුරුදු පසළොසකට අධික කාලයක් තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයටත් උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගයටත් නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයක් වී ය. මේ රටේ තරුණ පරම්පරාව රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨත්වය පළමු වන වරට වටහා ගත්තේ මේ ග්‍රන්ථයෙනි. එ කල පොත පරිශීලනය කොට, අද උගතුන් හා මහා සාහිත්‍ය ධරයන් බවට පත් වී සිටින සාහිත්‍ය ලෝලයන්ට, පොතේ පිටු ගණන් කට පාඩමින් කිව හැකි ය. භාෂා ප්‍රයෝගවලින් ද, විවිධ රචනා ශෛලිවලින් ද, නිරවද්‍ය ව්‍යාකරණ විධිවලින් ද සමන්විත මේ මහාර්හ සාහිත්‍ය ග්‍රන්ථය, සෑම සාහිත්‍ය කාමියකු වෙත ම, සෑම පුස්තකාලයක ම තිබිය යුත්තකි.

විජයග්‍රාහී කෝනාන් | Vijayagrahi Konan

Original price was: Rs 650.00.Current price is: Rs 585.00.

Conan the Conqueror
by Robert E. Howard

මේ වූ කලී, මිනිස් ඉතිහාසයේ ඈත අඳුරු අතීතයට අයත් සදා අමතක නොවන අතිශය අද්භූත ජනක බිහිසුණු කථාන්තරයකි.ගල ලෝහිතය රාජ්‍ය කළ, ශක්තියත් බලයත් යුක්තිය වූ, අනුරාගයත් දූෂණයත් පිරිවර කොට ගත්, යන්ත්‍ර හා මන්ත්‍ර රාජ්‍ය තන්ත්‍ර වූ,ම්ලේච්ඡ කාල පරිච්ඡේදය මතකයට නංවන්නකි. ප්‍රචණ්ඩත්වයෙන් ලොමුදැහැගන්වන සුලු, භීෂණත්වයෙන් ලෙය හිරි ගන්වන සුලු,ක්‍රෑරත්වයෙන් හෘද ස්පන්දනය නතර කරවන සුලු, මේ භයංකර කථාන්තරය සිංහල සාහිත්‍යයට නවාංගයක් එකතු කරනු ඇත.

#wijayagrahi conan

රාවණා මෙහෙයුම | Rawana Meheyuma

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලද වෛද්‍ය සුසිත රුවන්, උසස් අධ්‍යාපනය ලද්දේ කොළඹ රාජකීය විදුහලෙනි.අනතුරුව කොළඹ වෛද්‍ය පිඨයට ඇතුළත්ව 2010 වර්සයේදි බටහිර වෛද්‍යවරයෙකු ලෙස සමත් විය.ජයවර්ධනපුර රෝහලේ සීමා වාසික වෛද්‍යවරයෙකු වශයෙන් වෘත්තිය ජීවිතය ඇරඹු වෛද්‍ය තුසිත රුවන් ලියු පළමුවන නවකතා නිර්මාණය වෙනත් දිශානතියක විහිදී ඔහුගේ නිර්මාණ කුසලතාව පෙන්නුම් කරයි.

මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණාත්මක සාධනය කිරීමකි. සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොඅනුමානය.

හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස, ඉතිහාසයේ වැලලී ගිය සටහන් හාරා අවුස්සමින් කළ ගවේෂන වල ප්‍රතිඵලයක් ලෙස මෙම පොත බිහි විය.

#ravana

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස | Sathsanda Nohoth Mali Almedage Hath Dawasa

Original price was: Rs 1,800.00.Current price is: Rs 1,620.00.

The Seven Moons Of Maali Almeida
by ශෙහාන් කරුණාතිලක

The Seven Moons Of Maali Almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්‍රමවේදයත් නිසාය.’ 2022 BOOKER PRIZE සම්මානය සන්ත්‍රාස සමයක සිර වූ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්‍රහයක්.

1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්, අවතාර පමණි. මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි. ජාත්‍යන්තර සම්මානලාභී ක්‍යසබ්ප්බ සමග ප්‍රමුඛ ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු ලෙස පිළිගැනීමට ලක් වූ ශෙහාන්ක රුණාතිලක නැවත එන්නේ දශකයකට පසුවය. ඒ අපහසුකාරී ඇත්තක්, මූසල මුඛරිකමක දැවටූ දෙදරා යන කෘතියක් කැටුවයි. මුල් පිටපත Chats with The Dead නමින් එළිදැක්විණ.

ප්‍රේමාක්ෂර | Premakshara

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.
  • 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සඳහා නිර්දේශිත

මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි.

සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.

ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.

වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.

සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.

“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.

මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.

ළමුතු අමයා | Lamuthu Amaya

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

‘ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි.

“ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‘හොද ළමයෙක් වෙයන් පුතේ’ කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.

පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බය නොවෙන එක. අවාසිය තමයි එයාලා බය නොවෙන දේවලට අපි බය වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ.

වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරැම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ. මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්. විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන”

අපේ ආදර කතාව | Ape Adara Kathawa

Original price was: Rs 1,000.00.Current price is: Rs 800.00.

පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රිය කර ගෙන හඳ එළිය වැඩම කරනවා මගේ කාමරයට. මට ඔයා ව මතක් වෙනවා. මට පුළුවන් නම් මැරිච්ච තරුවක් වෙලා ඔය හඳ ළඟින් කඩා වැටෙන්න. ඔයා හරි ම තියුණුයි. හැඟීම් දනවන සුලුයි. පුදුමාකාර තරම් මුවහත්. ගෑනු පරාණ ඔයාට මැරෙන්න හදන්නෙ ඒ හින්ඳමයි. ඔයා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා මදියි කියල මට හිතෙනවා. මගේ ජීවිතය පුරා ඔයාගේ ප්‍රේමයේ අණසක පැතිරිලා. ඔයා මාව අවුස්සලා. සන්සුන් නො සන්සුන් හැම පීඩාකාරී උණුසුමකට ම මම කැමතියි. මම කැමතියි ඒ උණුසුම මගේ ශරීරය ඇතුළෙ මුදා හරිනවට.

ලලනායනය | Lalanayanaya

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

හොරණෑ සිඟාරම් හඬ යටින්
ප්‍රේමයේ කමටහන් නැතිකමින්
අහෝ මගේ සිත රිදෙනවා දැවෙනවා
ඔබේ තුනුසිරි විලෙහි කිමිදී
නො කාලේ අස්වැන්න කිරිවැදී
සෙත් පිරිත් රොන් සුනු ද දිය වී
සිල් බිඳුණු තුන් සිවුර තෙමෙනවා
රසදියට වඩා ගන පෙම් කඳුළු වැටෙනවා
අරහත් ධජය තෙමා ගෙන
නො පෙනී ම කඳුළු බිඳු වැටෙනවා

මගේ සිල් සිත කකියමින් දැවෙනවා
නළියමින් විත් තෙරපෙමින්
පඬු පිපුණු සිවුර යට සඳ දියත් මිදෙනවා

වස්සාන සිහිනය | Wassana Sihinaya

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

ප්‍රේමයේ නිදහස හෙවත්
ස්වයංවරයට එරෙහි ව
පවතින ආර්ථික කොන්දේසි
ප්‍රශ්න කිරීමක් මෙන් ම
ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා
මිනිසා තුළ වන
මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද
‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.

විලාසිනියකගේ ප්‍රේමය | Vilasiniyakage Premaya

Original price was: Rs 450.00.Current price is: Rs 405.00.
  • 1990 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව

උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියල? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළඟට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?”

” මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුශාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නෙ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපන්නෙ නෑ.”

” මම එයාගෙන් මුකුත් ඉල්ලුවෙ නෑ. ආදරය කියන්නෙ කෙනෙකුට දෙන දෙන දෙයක්, කෙනෙකුගෙන් ගන්න දෙයක් නෙවේ. ඒක මම දන්නවා. මට ඕන කළේ එයාට ආවතේව කරමින් එයාව බලා කියාගන්ට විතරයි. ගෑනුන්ගෙ සිත්වල ඇතිවෙන ඒ ආදරේ පිරිමින්ට තේරෙන්නෙ නෑ.”

#wilasiniyakage premaya

එමිල් තවමත් ලොන්නෙබැරියේ | Emil Thawamath Lonneberiye

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

An lever Emil i Lonneberga
by Astrid Lindgren

ලොන්නෙබැරියේ එමිල් ගේ අලුත් පෙරළි | Lonneberiye Emilge Aluth Perali

Original price was: Rs 300.00.Current price is: Rs 270.00.

Nya hyss av Emil i Lonneberga
by Astrid Lindgren

පිප්පි නැව් නගියි | Pippi Nav Nagiyi

Original price was: Rs 350.00.Current price is: Rs 315.00.

Pippi Goes on Board
by Astrid Lindgren

“කරුණාකරල මට සීනිබෝල කිලෝ 18ක් දෙන්න,”පිප්පි රත්තරන් කාසියක් උඩ විසි කරමින් කීවාය…..

“අපි ගනිමු හැම ජාතියකින්ම කිලෝ තුන ගානේ” ඇනිකා යෝජනා කළාය….

“ඊලඟට අපිට දෙන්න ලොලිපොප් හැටක් එක්ක පොඩි ටොපි ජාති හැත්තෑ දෙකක්, මම හිතන්නේ නැහැ එකසිය දෙකකට වඩා චොක්ලට් ඕන කියලා අදට,” පිප්පි කීවාය.

පිප්පි දිග මේස් | Pippi Diga Mes

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

Pippi Long Stocking
by Astrid Lindgren

මගේ නම….! පිප්පි ලොක්කි ලටපට සපයන්නී පටකම්බලි සැවැන්දරා නාවික පදක්කම්ගේ දෝණ දිග මේස් කැකුලි, නාවික පදක්කම්ගේ එකම දියණිය. කලින් මුහුදු පාලක දැන් නීග්‍රෝවරුන්ගේ රජු පිප්පි කියන්නේ මට හුරතලයට ආදරයට. මොකද කතා කරන කොට පිප්පි ලොක්කි කියන එක දිග වැඩියි කියලයි තාත්තා කල්පනා කරේ…”

අපේ යාළු දඟ මල්ල | Ape Yalu Danga Malla

Original price was: Rs 340.00.Current price is: Rs 270.00.

Here’s the Naughtiest Girl
by Enid Blyton

දඟ මල්ල 04

එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි.කොච්චරවත් බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්සිමට සදහා හැමවිටම මාන බලයි.

ඈ තරහා නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරිමට උත්සහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසිුවිය වි සිටි කෙනෙකුට එය පහසු වැඩක් නොවේ.

#daga malla

දඟ මල්ලගේ දඟ වැඩ | Danga Mallage Danga Weda

Original price was: Rs 800.00.Current price is: Rs 640.00.

The Naughtiest Girl Again
by Enid Blyton

දඟ මල්ල 02

අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යළිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි.

එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඈට ඉඩ දෙන්නේ නැත.

#daga malla

දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය | Danga Malla Saha Amuthu Iskolaya

Original price was: Rs 750.00.Current price is: Rs 600.00.

The Naughtiest Girl in the School
by Enid Blyton

දඟ මල්ල 01

එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදු වූ විට එහි මෙතෙක් සිටි ඉතාමත්ම නරක සිසුවිය වන්නට ඇය අදිටන් කරගනියි.

එහෙත් නරක ළමයකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින් වටහා ගනියි.

#daga malla

අපරාජිත ජීවිතයක් | Aparajitha Jivithayak

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.

විභූති භූෂණ බන්ද්‍යොපාධ්‍යාය භාරතීය සාහිත්‍යාම්ඹරය ප්‍රභාමත් කළ ප්‍රතිභා සම්පන්න මහා ලේඛකයෙකි. ඔහුගේ නිර්මාණ භාරත දේශයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද උස් අසුන්වල වැජඹේ. අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ “අපරාජිතෝ” නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනයයි. වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්‍ෂ්මී සිංහආරච්චි මුල් කෘතියේ සාරය, රස නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවාලීමට සමත් වී තිබේ .

ඈ විසින්ම පරිවර්තනය කරන ලද (මේ ශ්‍රේෂ්ඨ ලේඛකයාගේම) මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු “අපූ” නම් වූ සදානුස්මරණීය චරිතයෙහි ගැටවරවිය අපරාජිත ජීවිතයක් නවකතාවට විෂය වී ඇත. සෑම ගැටවරයෙකුටම ජීවන අරගලයට මුහුණ දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය පිළිබඳ ගැඹුරු අරුතක් කු ගන්වන මේ නවකතාව සත්‍යජිත් රායිගේ සිනමා කාව්‍යයක් බවටද පත් විය.

දෙයියෝ තමයි දන්නෙ | Deiyo Thamai Danne

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

400 Days
by Chetan Bhagat

සියා අරෝරා…
අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…
අම්මයි, තාත්තයි, නංගියි එක්ක
සීයලගෙ මහ ගෙදරට යනව.
නෑදෑ දරුවො එක්ක
සෙල්ලම් කර කර ඉඳල
රෑට නිදාගන්න යනව.
පහුවදා උදේ සියා නෑ !
අතුරුදහන් !!
සියාට මොකද වුණේ ?
කැමැත්තෙන් යන්න ගියාද ?
හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ?
කා එක්ක හරි පැනලා ගියාද ?
කවුරු හරි පැහැරගෙන ගියාද ?
විහිළුවට හැංගුණාද?
දෙයියො තමයි දන්නෙ !

දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ | Denna Depaththe Arathi Madde

Original price was: Rs 1,650.00.Current price is: Rs 1,320.00.

Revolution 2020
by Chetan Bhagat

කෙල්ලෙක්, කොල්ලෙකුට ආදරේ කරන්නේ මොකටද?

කොල්ලගෙ සල්ලිවලටද?

කොල්ලගෙ “මොළකාර” කමටද?

නැත්තං කොල්ලෙකුගෙ නාහෙට නාහන ගතියටද?

ඒත් නැත්තං ඩීසන්ට් කමටද?

මේ එකක්වත් නොවෙයිනං කොල්ලෙකුටග මා කොලිටීසිවලටද? කෙල්ලෙක් මේවයින් දෙක තුනකටම කැමතිනං ඒ කියන්නෙ කොල්ලො දෙන්නෙකුටම ආදරේ කරන්න එයාට පුළුවන් කියන එකද? දැන් ඉතින් වටපිට බලන්නත් එපා…

ළග ඉන්න කෙනාගෙ මූණ දිහා බලන්නත් එපා.

තොල විකාගෙන තනියෙන් හිනාවෙන්නත් එපා. සමහරවිට ඒකට උත්තරේ මේ කතාවෙන් දැනගන්න පුළුවන් වේවි. …

ඉස්සෙල්ල කිව්ව ගතිගුණ තියෙන කොල්ලො දෙන්නෙක් එකම කෙල්ලකුට ආදරේ කරනවනං ඒත් කියන්න තියෙන්නෙ ඒකමයි.

රජ බිසවකගේ පාපොච්චාරණය – 01 | Raja Bisawakage Papochcharanaya – 01

Original price was: Rs 1,450.00.Current price is: Rs 1,160.00.

Queen’s Confession
by Victoria Halt

“පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි.

ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඇ අත්දුටු දුක්පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි.

සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත්තේ නෙතු කඳුළින් යුතුව බැව් සැක හැර කිව හැකිය.

කදිම පාසලේ දුෂ්ට පාලිකාව | Kadima Pasale Dushta Palikawa

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

Claudine at St Clare’s
by Enid Blyton

කදිම පාසල් පොත් පෙළ අංක 05

කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි. අලුතින් එන පාලිකාව නපුරු ගතිගුණ පළ කරයි. ඇගේ දියණිය කේලාම්කාරියකි. කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ට බව, කේළාම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන් ද…?

අඹ මල් සුවඳ | Amba Mal Suwanda

Original price was: Rs 590.00.Current price is: Rs 470.00.

ලක්ෂ්මන් කොරදොන් “අඹ මල් සුවඳ” නමැති කෘතිය මට පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා ආදී කතෘවරුන්ගේ සමය සිහි ගන්වයි. මෙය සුචරිතවාදී නවකතාවකි. නොයෙකුත් අප්‍රසන්න ආත්ම කථන, අශෝභන පෞද්ගලික පුවත් ආදිය මහත් අභිරුචියකින් පළ කෙරෙන මෙවන් යුගයක, කොරදොන් වැනි නිර්මාණකරුවන් ද අවශ්‍යමය. සමාජය යලිත් යහමගට හැරවීමට මෙම යුගයේ අත්‍යවශ්‍ය මෙහෙවරකි. මෙහි එන ගම වැනි ගම් දහසක් සෑදිය හැකි නම්, මෙහි කතා නායිකාව “දර්ශනී” වැනි දැරියන් දහසක් සැදිය හැකි නම්, එය කෙතරම් මනස්කාන්ත සිදුවීමක් විය හැකිද?

-නැසීගිය හෙන්රි ජයසේන – (2005/04/26 දින අත්පිටපත කියවා)

 

#aba mal suwada

සුන්දර නතාෂා | Sundara Nathasha

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

The Lower Depths
by Maksim Gorky

මකරානන්දය | Makaranandaya

Original price was: Rs 1,250.00.Current price is: Rs 1,125.00.
  • 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
  • 2019 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව

“ඈ බං අක්කෙ උඹට මොකෝ ඒ දවස්වල රන් බණ්ඩයියටම හිත ගියෙ?”

ඉද්ද ගැසුවා සේ නැවතුනු මෝල්ගස පුදුමයෙන් මෙන් සුගුනී දෙස බලා හති හලමින් බිත්තියට හේත්තු වූයේය. රන්මැණිකා විටක් කෑවේ ඉන් පසුවය.

“උඹට කියන්න සුගුනො මං ගියා පෙරහැරක් බලන්ට.”

රන්මැණිකා කියන්නේ මින් පෙර නොකියූ කතාවකි. සුගුනී පිල මත්තේ හරි බරි ගැසුනාය. රන්බණ්ඩා මුණගැසුනේ පෙරහැරක් බලන්නට ගොස් බවක් සුගුනී මේ වනතෙක් දැන සිටියේ නැත.

“ඔන්න මුලින්ම ආවා කස කාරයො. දිගට හරහට චට පට චට පට ගගා කස පාරවල් දිදී එනකොට බලන්ට බය හිතුන. මං බැලුව මේකද යකෝ මේ හැම එකාම වරුණා කොරන පෙරහැර කියල. ඊළඟට ආවේ ගිනිබෝලකාරයෝ උන් ලවක් දෙවක් නැතුව ගින්දර කරකවන්ට තියා ගත්තා. මට තවත් බය හිතුන. තව ඉස්සරහට මොක්කු එයිද දන්නෑ කියල. ඉතිං මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනිබෝලකාරයෙක්ව බදා ගත්ත. ඊට පස්සෙ තමයි එන්ට තියා ගත්තේ බෙර කාරයොයි තාලම් කාරයොයි ආඩම්බරේට ඇවිදින අලි ඇත්තුයි දිලිසෙන වෙස් තට්ටුව ඉහට දමා ගත්තු නැට්ටුවොයි. නෛයිඅඩිකාරයොයි. අනේ මං පෙරහැරේ ලස්සන දැක්කේ ඊට පස්සෙයි බුදු නංගියෙ. ඒත් එතකොට මං ඉක්මං වෙලා ගිනිබෝල කාරයෙක් බදාගෙන අහවරයි. දැං ඉතිං නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව.”

සුගුනී බුලත් කෙළ පහරක් සමඟ හිනාවක් මිදුල මැද්දට විද්දාය.

චිත්‍රාල් | Chithral

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා
ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.

ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්
හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.

ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ
හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව
ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.

සීමා නැති ජීවිතේ | Seema Nathi Jeewithe

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

Life Without Limits
by Nick Vujicic

1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලයම අන්මන්ද කරවමිනි. ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, අරියාදු, සමච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජිවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. මේ පොතේ නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසටයි.

බැද්දේගම | Baddegama

Original price was: Rs 675.00.Current price is: Rs 605.00.

The Village in the Jungle
by Leonard Woolf

බැද්දේගම සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ඉංග්‍රීසි නව කථාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම කෘතිය බව විචාරකයන්ගේ පිළිගැනීමය. මෙහි චරිත නිරූපණය කොතරම් මනහරදැයි කිව මනා නොවේ. ලක්දිව ඈත ගම්බද පෙදෙසක වෙසෙන අර්ධ ශිෂ්ත ජනයාගේ දුර්බෝධ චිත්ත චෛතසික තත්ත්වය ඉංග්‍රීසිකාරයකු විනිවිද දුටු සැටි චමත්කාරජනකය. සිලිඳුගේ චරිතය වූ කලී සාහිත්‍ය චිත්‍ර ශාලාවෙහි ඇඳ තිබෙන අමරණීය බිතු සිතුවම් අතුරින් එකකි.

භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 2 | Bharatha Yogin Saha Isiwarayin Samaga 2

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

A Search in Secret India
by Paul Brunton

#baratha barat bharat

වසිලිස්සත් ඔයත් මමත් | Wasilissath Oyath Mamath

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

රෑට නැති නුවණ – උදේට පහළ වෙන වග කියා
නිදාගන්නට ගිය නුවණක්කාර වසිලීස්සා,
කියන්නට පුළුවන්ද ඉතින්
පළමු හිරු එළියෙදී පහළ උණාද ඔයාට
ප්‍රේමය අත්හරින නුවණ?
හැකි උණාද – ඔහුව සොයා ගෙන නොගිහින්
ඒ පාළු පාර හැර වෙනත් මල් පිපෙන පාරක යන්න

තණකොළ පෙත්තෙකුගෙ තාලයට පැන පැන දුවද්දී
රුසියාවේ නගරයක ඔරලෝසු කණුවක කටු
නවතිනව නම් කියල හිතිලාම නැද්ද?
වෙලාවයි හුස්මයි දෙකම
ඔයාගේ ඇස් මානයෙන් ඔහු
හිනාවී ගිය වෙලාවට..

– චරිතා ප්‍රවර්ධි බණ්ඩාර –

#vasilissath oyath mamath

මහ රෑ | Maha Re

Original price was: Rs 750.00.Current price is: Rs 600.00.

විදුලි පහන දල්වා සින්ක් එක ලඟට ගිය නාරද කරාමය ඇර වීදුරුව පයිප්පයට ඇල්ලුවේය. ඔහු එය දුටුවේ එවිටය. දුටු ගමන් ඔහු තිගැස්සුණේය. දකණු අතේ ඇඟලිවල ලේ පැල්ලමක් විය.

”මේ මොන මඟුලක්ද ?” යයි සිතන විටම නාරදට බෙල්ලේ දකුණු පැත්තෙන් දැවිල්ල ගතියක්ද දැනිණි. ඇඟිලිවල ලේ ගෑවු‌ණේ බෙල්ලේ තුවාලයකින් බව නාරදට තේරුණි. එය ඔහුට ප්‍රෙහෙලිකාවක් විය.

වතුර බීම පැත්තක තියා නාරද නාන කාමරයෙන් එළියට විත් නැවතත් නිදන කාමරය වෙත ගියේය. එවිට ඔහුට තව දෙයක් දැකගන්නට ලැබිණී.

හිස තබාගෙන සිටි ‌කොට්ටයේත් ලේ ගෑවි ඇති බවයි.

මේ කිසි දෙයක් නොදැන අචිනි තද නින්දක ගැලී සිටියේ ඔළුවේ ඉඳන් පොරවාගෙනය. වැහි සීතල නිසා වෙන්න ඇති යයි නාරදට සිතිණී. නාරද ඇඳෙ පැත්තකින් වාඩි විය. කොච්චර කල්පනා කළත් තුවාලය වෙච්චි විදියක් ගැන ඔහුට මතක් කර ගන්නට හැකි වූයේ නැත.

ඔළුවේ ඉඳන් පොරවගන්න එපා යයි නාරද අනන්තවත් අචිනිට කියා තිබේ. හුසම ගන්න අමාරු නිසාය. නාරද අත දිගුකර අචිනිගේ පෙරවනය පහත් කළේය.

අචිනි හිටියේ උඩුබැලි අතටය.

ඇගේ දෑස් විවර වී තිබිණි.

ආදරේ තරම් ම යසෝදරා | Adare Tharam Ma Yasodara

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

විවාහ වූ අලුත ආනන්දත් යසෝදරාත් යන දෙදෙනා ම රටේ සමාජයීය ගැටලු පවා ප්‍රේමණීය ලෙස සාකච්ඡා කළහ. ආනන්ද සිංහල කියන විට ඈ ලාංකික යැයි කීවා ය. සිංහල සංස්කෘතිය ගැන ආනන්ද කියන විට ඈ දූපත් සංස්කෘතියක් ගැන කීවා ය. ආනන්ද සිංහල බෞද්ධයා ගැන කියන විට ඇය දෙමළ බෞද්ධයා ගැන ප්‍රශ්න කළා ය. ආනන්ද සමාධි පිළිමය ගැන කියන විට යසෝදරා විහාර මංගලම් නම් ද්‍රවිඩයන් නෙළූ දකුණු ඉන්දීය බුදුපිළිමයක් ගැන තොරතුරු කීවා ය. ආනන්ද අවුකන පිළිමය ගැන කී විට යසෝදරා නාග පට්ටනම් ඉන්දීය ලෝකඩ බුදු පිළිමයක් ගැන කීවා ය. සිංහල බෞද්ධ සාහිත්‍යය ගැන ආනන්ද කියද්දි දක්ෂිණ භාරතීය ද්‍රවිඩ සාහිත්‍යය ගැන ඈ තර්ක කළා ය. හැම විටම විසංවාදය ප්‍රේමයෙන් ආදරයෙන් සහ විසංවාදයෙන් ඉදිරියට ආවේ ය.

‘බණ බැරි වුණත් ගම තොටගමුවෙ ලු’

සිල්වර් ටිප්ස් | Silver Tips

Original price was: Rs 1,600.00.Current price is: Rs 1,360.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

දරුපැටියෙක්ගේ එකම භාෂාව හැඬීම බව කියන්නට ග්‍රිසිල්ඩාට සිතෙයි. දරුවෙක් වඩා ගත යුත්තේ දරුවෙක් ලෙසින් බව කියන්නට ඇයට සිතෙයි. කිරි පෙවිය යුත්තේ ආදරයෙන් පෙරා බව කියන්නට ඇයට සිතෙයි. කිරි උරන වෙලාවට කන් පෙති සිනිඳු ලෙසින් අත ගෑ යුතු බව කියන්නට ඇයට සිතෙයි. නෑවීමෙන් පසුව කන් පෙති, නැහැය, අත් පා ඇඟිලි මෘදු ලෙස අත ගා නිසි ලෙස හැඩ කළ යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරි බීවාට පසුව පැටියාව සිඹ සනසවමින් “ආදර අවධානය” දිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. යහනේදී නැළවිලි කවි කියා සිනිඳු සවන් පෙති මත ආදරයේ මී පැණි පිරවිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. දරු පැටියා අසලදී හැඟීමක් ලෙසින් “ආදරය” පමණක් ප්‍රකාශ විය යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරිකැටියා ඇවිදින තෙක් වඩාගැනීමේ ශක්තියද, ජීවිත කාලය පුරා දරාගැනීමේ ශක්තියද තිබිය යුතු යයි කියන්නට ඇයට සිතෙයි.

එහෙත් ඇය ඒ කිසිවක්ම නොකිව්වාය.

බව තරණය | Bawa Tharanaya

Original price was: Rs 700.00.Current price is: Rs 630.00.

සිදුහත් සිරතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි.සිංහල පාලි සංස්කෘත ඉංගිරිසී භාෂාවලින් ලියු බුද්ධ චරිත හැම එකක්ම වාගේම මම කියවා ඇත්තෙමි.මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරු ලියා තිබීම ආශ්චර්යජනක ය.බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්නටද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරිමට අතිශයින්ම සුදුසු ය.බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන්ගේ ඇති කළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නකුට උගත හැකි ය.
– පණ්ඩිත ශාස්ත්‍රපති අකුරැටියේ අමරවංශ නායක මාහිමි –

ටාර්සන් සහ ඔපාරයේ මැණික් | Tarzan Saha Oparaye Menik

Original price was: Rs 380.00.Current price is: Rs 340.00.

Tarzan and the Jewels of Opar
by Edgar Rise Burroughs

ආදි කල්පිත මහා වනාන්තරයේ වැළලී පැවති ඉපැරණි නගරයක් වන ඔපාරයේ දී, වානරයන් ගේ ටාර්සන්ට මහා ධන නිධානයක් හමු වෙයි. මෙය ගැනීමට යන මොහොතේ දී ම සිදු වන භයංකර භූමි කම්පාවක් හේතු කොට ගෙන ටාර්සන්ගේ හිස බලවත් සේ තුවාළ වෙයි. මේ තද බල පහරෙන් ටාර්සන්ට සිය අතීතය අමතක වෙයි. මේ අතරතුර දී ඛෙල්ජියානුවකු විසින් හා අරාබි වහල් වෙළෙන්දෙකු විසින් ටාර්සන් ගේ බිරිඳ වන ජේන් පැහැර ගෙන යනු ලබයි. ඔවුහු අනතුරු ව ටාර්සන් ගේ වන ගත නිවාසයට ගිනි තබා විනාශ කර දමති.

එහෙත් කල් යෑමේ දී ප්‍රකෘති සිහියට පත් වන ටාර්සන් සිය මිතුරන් වන මහා වානරයන් කැටුව ගොස් සිය සතුරන්ගෙන් දරුණු අන්දමින් පළි ගෙන සිය බිරිඳ ද බේරා ගනියි.

ටාර්සන් ගේ වන සිවුපාවෝ | Tarzan Ge Wana Siwpawo

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

The Beasts of Tarzan
by Edgar Rise Burroughs

තමා ප්‍රිය කරන වනගත නිවෙසින් ඈත් ව ශිෂ්ටාචාරයේ අවුල් වියවුල්වලට මැදි වී සිටින ප්‍රබල ප්‍රචන්ඩ ටාර්සන්ට, මහා බිහිසුණු භයංකර ප්‍රවෘත්තියක් සැල වෙයි. එ නම් සුදු මිනිසුන් ගෙන් සැදි කොල්ලකාර සොර කණ්ඩායමක් විසින් තමා ගේ සුරතල් පුත්‍රයා ද ප්‍රිය බිරිඳ ද පැහැරගෙන යනු ලැබ ඇති බව ය.

කෝපාවිෂ්ට ටාර්සන් ඔවුන් ගළවා ගැනීමට වහා ක්‍රියාත්මක වෙයි. මෙහි දී භයංකර වන සිවුපාවුන් ගේ ආධාර ලබන ටාර්සන් වනය කම්පා කරමින් ප්‍රකමිම්පා

කරමින්……….

ඉතාම බිහිසුණු ත්‍රාස ජනක සිද්ධි මාලාවකට මුහුණ දෙයි.

ටාර්සන් ආපසු එයි | Tarzan Apasu Ei

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

The Return of Tarzan
by Edgar Rise Burroughs

මහා නගරවල ජීවිතයෙන් ඉක්මනින් කලකිරෙන ටාර්සන්, අපූර්වාකාරයකින් යළිත් අප්‍රිකානු මහා ඝන වනාන්තරයට ම ඇදී යයි. එහි දී දරුණු මිලේච්ඡයන් සමඟ ද ඇත් දළ වෙළෙඳාමේ යෙදෙන ක්‍රෑර වෙළෙඳුන් සමඟ ද ගැටෙන ටාර්සන්, සුපුරුදු බිහිසුණු වන ජීවිතයේ දී ත්‍රාස ජනක වූ ද, ප්‍රචණ්ඩ වූ ද අත් දැකීම්වලට මුහුණ දෙයි. එහි දී අප්‍රිකානු ඝන වන මධ්‍යයේ වැළලී ගිය ඉපැරණි රාජධානියකට අනපේක්ෂිත ව පා තබන ටාර්සන්, මහා නිධානයක් සොයා ගනී. එ පමණක් නොව, තමා පෙම් කළ පෙම්වතිය ද එහි දී හමු වෙයි.

වානරයන්ගේ ටාර්සන් | Wanarayange Tarzan

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

Tarzan of the Apes
by Edgar Rise Burroughs

ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය නව කථාවලින් එකක් වන ‘වානරයන් ගේ ටාර්සන්’ ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී, කෝටි ගණනින් අලෙවි වන්නකි. නව යෞවනයන් ගේ අත්‍යන්ත ආදරයට භාජනය වී ඇති මේ නව කථාව, මෙ වැනි ම ත්‍රාස ජනක වන කථා පෙළකට මුල් වී ඇත. සිනමා චිත්‍රපට ගණනාවකට වස්තු බීජය සපයා ඇති ‘වානරයන්ගේ ටාර්සන්’ ලොමු දැහැගන්නා සීද්ධීන් ගෙන් ගහන, අතිශය චමත්කාර ජනක නව කථාවකි.

‘වානරයන්ගේ ටාර්සන්’ අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිලිඳකු, කාලා නමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බිය කරු මහ වනයේ අධිපතියා බවට ගත් වීමේ අපූර්ව වන කථාන්තරය යි.

ඈන් 2 – ගමට අලුත් එළියක් | Anne 2 – Gamata Aluth Eliyak

Original price was: Rs 1,050.00.Current price is: Rs 945.00.

Anne of Avonlea
by L. M. Montgomery