Best Sellers
රොබින්සන් කෲසෝ – සුසර | Robinson Crusoe
Original price was: Rs 250.00.Rs 200.00Current price is: Rs 200.00. Robinson Crusoe
by Daniel Defoe
මේ අයුරින් කාලය ගෙවී ගියා මිස මට මෙම දුපතින් පිටවී යාමට තවමත් මාර්ගයක් උදාවුයේ නැත. මෙතෙක් මා ගත කළ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී සිත තුළ ඇතිවන හැඟීම් සංකීර්ණය. තාත්තා දුන් අවවාද වලට පිටුපා ගෙදරින් පැන ආදා පටන් මේ දක්වා ගත කළ අන්දම සැබවින්ම සහගත නොවන්නේද? අන්තිමට කුණාටුවට හසුවී ගසාගෙන ගිය නැව බලන්නට මා දැනුදු විටින් විට යන්නේ නිකන්ම නොවේ. කෙසේ හෝ එය අලුත්වැඩියා කොට යාත්‍රා කිරීමට තත්වයට සකසා ගත හැකිද බැලීමටය. නමුදු යළි යාත්‍රාකළ නොහැකි අන්දමින් එය විනාශවී ගොස් ඇත.
රොබින්සන් ක්රූසෝ – දයාවංශ ජයකොඩි | Robinson Crusoe
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. Robinson Crusoe
by Daniel Defoe
ඉංග්‍රීසි සාහිත්‍යයේ පළමු වන නව කථාව වශයෙන් බොහෝ සාහිත්‍ය විචාරකයන් විසින් පිළිගනු ලබන “රොබින්සන් ක්රූසෝ” එහි ඇත්තා වූ දැවැන්ත වූ ද සංකීර්ණ වූ දආර්ථික න්‍යායන් කරණ කොට ගෙන කාල් මාක්ස් ගේ නොමඳ පැසසුමට භාජනය විය.මිනිසා ගේ සිතුම් පැතුම් විවරණය කරන්නා වූ ද දහසක් බාධක හිරිහැර මධ්‍යයේ ස්වකීය අරමුණ කරා ගමන් කිරීමට මිනිසා ධෛර්යවත් කරන්නා වූ ද ‛රොබින්සන් ක්රූසෝ”සෑම මිනිසකු විසින් ම අවශ්‍යයෙන් ම කියවිය යුත්තකැ යි මහත්මා ගාන්ධි තුමා කීවේය.