ධනවත් පියා, දිළිඳු පියා | Dhanawath Piya, Dilindu Piya

Original price was: Rs 900.00.Current price is: Rs 720.00.

Rich Dad, Poor Dad
by Robert T. Kiyosaki with Sharon L. Letcher

Rich Dad, Poor Dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

#danawath dhanavath danavath dilidu

යතිවරයෙකු සේ සිතන්න | Yathiwarayeku Se Sithanna

Original price was: Rs 1,580.00.Current price is: Rs 1,260.00.

Think Like a Monk
by Jay Shetty

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි. වෙළඳ‌පොලට නිකුත් වූ සැනින්ම ලොව පුරා මිනිසුන් මිලියන ගණනකින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය. ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහනදම් පිරූවෙකි. සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ ඒදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මග ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි. ඒහෙයින් මෙම ග්‍රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතයේ වෙනස් මගකට යොමු කරවන්නකි.

ජේ සෙත්තිගේ අන්තර්ජාල වීඩියෝ දැනට වාර බිලියන 8ක් පමණ නරඹා තිබේ. එමෙන්ම සමාජ මාධ්‍යය හරහා පුද්ගලයන් මිලියන 40ක් පමණ ඔහුගේ අනුගාමිකයෝ සිටිති. ලොව අංක 1කේ සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ අන්තර්ජාල ගුවන්විදුලි සාකච්ජාමය වැඩසටහනවන On Purpose ඔහු නිර්මාණය කළේ වසර 2019දී ය. Google සිට Microsoft දක්වා හා Netflix සිට HSBC දක්වා ලොව පුරා පිහිටි දැවැන්ත සමාගම් රැසක ඔහු ප‍්‍රමුඛ දේශකයා ලෙස කටයුතු කරයි.

ආකර්ශණීය නීතිය | Akarshaniya Nithiya

Original price was: Rs 900.00.Current price is: Rs 720.00.

The Secter
by Rhonda Byrne

ශ්‍රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී

යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි.

සියවස් ගණනක් ඉපැරණි එම ‘රහස’ ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ, ගැලීලියෝ, තෝවන්, තෝමස් අල්වා එඩ්සන්, ඩේල් කාර්නෙග හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි.

දැන් එම රහස ලොවට හෙළිවී තිබේ.

‘එම රහස හදාරණ විට අවශ්‍ය දේ ලැබීම, අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක්කේ කෙසේදැයි යන්න ඔබ හඳුනා ගනී. සැබෑ ඔබ කවුදැයි ඔබ හඳුනා ගනී. ජීවිතය තුළ ඔබ වෙනුවෙන් බලා හිඳින සැබෑ විශිෂ්ටත්වය කුමක්දැයි ඔබ හඳුනා ගනී.’

#akarshaneeya neethiya

ලොවේ වැජඹෙන කලාව | Lowe Wajambena Kalawa

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.

Think And Grow Rich
by Napolean Hill

සාර්ථකත්වයට පත් නො වූවන් තුළ, පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වේ. එනම්, ඔවුහු අසාර්ථකත්වයට පත් වීමේ සියලු හේතු දනිති. එමෙන් ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බල පෑ නො හැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති.

මෙම නො හැකියාවන් ගෙන් සමහරක් පැහැදිලි ය. එයින් කිහිපයක් සත්‍යය මඟින් සාධාරණය කළ හැකි ය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නො හැකියාවන් පැවසීම පලක් නොවේ. ලෝකයට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, එක් දෙයක් පමණි. ඒ ‘ඔබ සාර්ථකත්වයට පත් වූවා ද?’ යන්න ය.

විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි? | Wishishta Samathun Durwala Samathun

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

Why “A” Students Work for “C” Students
by Robert T. Kiyosaki