HAPPY Living | හැපී ලිවිං

Original price was: Rs 850.00.Current price is: Rs 720.00.

මං ගංඟා ගේ Happy Living කතා Facebook එකේ කියවනකොට ඒ හැම කතාවක්ම අවසානේදීම මට දැනුණේ සතුටක් ඒ කියන්නේ මම කියවන්න පටන් ගන්න කොට හිටපු මානසිත තත්වයට වඩා මිහිරි මානසික තත්ත්වයකට මං පත්වූ ඒ වගේම ඒ කතාව කියෙව්වට පස්සේ, අර සතුටට අමතරව මට දැනෙන්න ගත්තා ඒ කතාවට සම්බන්ධ මගෙත් මිහිරි සුන්දර මතක අවදිවන බව. කොටින්ම මමත් ඒ කතාවෙම කොටසක් බව දැනෙන්නට වීම එක අතකට හරි ආශ්වාදයකුත් වුණා.
-Professor Kirthi Premadasa

HAPPY Living 2 | හැපී ලිවිං 2

Original price was: Rs 850.00.Current price is: Rs 720.00.

“ඔයා එයාට මොදිත මාමා කියලා කියන්නේ එයා ඔයාගේ මාමා කෙනෙක් ද?”

යම් යම් අය මගෙන් මෙහෙම අහලා එවන්නේ මගේ Happy Living Facebook Page එකේ සමහර ලියමන්වල සහ මීට කලින් ආපු Happy Living (පළමු පොතේ) මං එයාව මොදිත මාමා කියලා හදුන්වලා තියන නිසා. ඇත්තම කතාව කිව්වොත් නම්, පෙනුමෙන් මාමා කෙනෙක් වගේ වුණාට, එයාගේ සමහර කියුම් – කෙරුම් නම් හතේ පන්තියේ ළමයකු හා සමානයි. ඒ නිසාම ද කොහෙද අපේ ගෙදරට එහා ගෙදර ඉන්න පොඩි බබාලා දෙන්න එයාට කියන්නේ මොදිත මාමා කියලා වුණාට මට කතා කරන්නේ “ගංගා අක්කා” කියලයි. ඉතින් එහෙව් එකේ, මං එයාව මොදිත මාමා” කියලා හදුන්වන එකේ මහා ලොකු වරදක් නැහැනේ.

ජීවිතය විඳවන්න නොවේ. විඳින්න