ආදරණීය වික්ටෝරියා | Adaraneeya Victoria

Original price was: Rs 1,600.00.Current price is: Rs 1,360.00.
  • 2015 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
  • 2015 රාජ්‍ය සම්මාන නිර්දේශය

ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වූයේ ඇයයි.

එසේම නම කියූ සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල් වූයේද ඇයයි.

එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවණැල්ල වූයේද ඇයයි.

#adaraniya wiktoriya

වී. අයි. ලෙනින් | V. I. Lenin

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

V. I. Lenin The Story of His Life
by Maria Prilezhayeva

හයිඩි | Heidi

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

Heidi
by Johanna Spyri

වයසට වඩා මුහුකරා ගිය බුද්ධියක් දැරියට ඇති බව සීයා තේරුම් ගත්තා. ඔය වැඩපොළ කරන අතරේ හිරු අවරට යමින් තිබුණා. දේවදාර ගස්වල අතු ඉති සොලවමින් සැන්දෑ සීත සුළග හමා ආවා. කදු මුදුනේ සිට පහළට දිව එන සතුන්ගේ කුර හඩත් සමග කිසිවකු කෑකෝ ගසමින් උන් දක්කාගෙන එනු ඇසුණා. එවිට නැන්දා කී දෙයක් හයිඩිට සිහිපත් වී ඇගේ මුවගේ සිනා රැල්ලක් ඇදි ගියා.

විසඹසර | Wisambasara

Original price was: Rs 1,900.00.Current price is: Rs 1,520.00.
  • 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත

“රැලි සරැලි නගමින් නිහඬව ගලයන මේ ගංදියේ, තමාගේ ජිවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුළු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලයනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”

 

#wisabasara visambasara visabasara

සතුට බෙදන පොලියානා | Sathuta Bedana Pollyanna

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

Pollyanna Grows Up
by Eleanor H. Porter

පොලියානාගේ ජීවන වෘතාන්තයේ මැද භාගය සතුට බෙදන පොලියානා ලෙසින් පාඨකයන් අතට පත් වේ. තුරුණු විය අද්දරට සේන්දු වෙමින් සිටින තැනැත්තියකගේ සිතිවිලි පහළ වන අන්දම හා ඒවා හැසිරෙන ආකාරය – තමා අවට පරිසරය ජීවිතයට බලපෑම් කරන අන්දම – කදිමට මෙහි නිරූපිතය.

හොඳ සාහිත්‍ය කෘතියකින් ජීවිත අරුත් රසයෙන් යුත් වින්දනයක් පාඨකයාට උරුම වේ. එය පාඨකයාගේ ජීවන අත්දැකීම් පුළුල් කිරීමටද හේතු වේ. යොවුන් පාඨකයන්ට අර්ථ සම්පන්න සාහිත්‍ය කෘතියක් ලෙස පොලියානා කතා මාලාව හැඳින්විය හැකිය. මෙහි අවසන් භාගය ජිමී සහ පොලියානා ලෙසින් පළ වී තිබේ.

#poliyana

ටොම් සෝයර් | Tom Sawyer

Original price was: Rs 290.00.Current price is: Rs 230.00.

The Adventures of Tom Sawyer
by Mark Twayn

නැන්දණියට හොරෙන් මිතුරන් සමඟ සෙල්ලමට යන “ටොම් සෝයර්”, නැන්දණිය‍ගෙන් බේරීමට දරණ තැන හාස්‍ය රසය ඇති කළද සමස්ථයක් වශයෙන් ගත් කල එකී චරිත තුළ අනුකම්පාව, කෙළෙහිගුණ සැලකීම ආදී ගුණාංගද ගැබ්වී ඇත.

මාගම් සෝලිය | Magam Sooliya

Original price was: Rs 1,650.00.Current price is: Rs 1,400.00.

මාගම් සෝලිය රචනා වී තිබෙන්නේ යථාර්ථය ඉක්මවා ගිය රීතියකිනි. එය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නැතිනම් අධියථාර්ථවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි. මාකේස්, අයියන්දේ වැනි ලතින් ඇමෙරිකානු නවකතාකරුවන් හරහා අප මේ වචන හඳුනා ගන්නේ අද ඊයේ වුව ද අපේ සාහිත්‍යයේ දිගට ම මේ සම්ප‍්‍රදායන් තිබුණු බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් මොහාන් රාජ් මඩවල මේ සම්ප‍්‍රදායන් ආනයනය කරන නවකතාකරුවෙක් නොවේ. ඔහු මේ පොළවේ පය ගසා ඇති චරිත අධියථාර්ථවත් ලෙස හසුරුවා තිබේ. එබැවින් එවැනි චරිත හෝ සිදුවීම් අභව්‍ය යැයි අපට නොදැනේ. මේ නවකතාවේ තිබෙන විශිෂ්ටත්වය එයයි.

වරින් වර නතර කර මා මේ පොත කියෙව්වේ ඉක්මනට ඉවර වේය කියන බිය මා දැඩිව වෙළා ගත් බැවිනි.
රත්න ශ්‍රී විජේසිංහ – දිවයින ඉරිදා සංග්‍රහය

සිද්ධාර්ථ – යසෝධරා සම්මත ආදර කතාව සේම සිංහබාහු – සිංහ සීවලී අසම්මත කතාවද අපේ ඉතිහාසයේ තිබේ.
ඌව බින්තැන්න ප්‍රධාන සංඝනායක නාපටවෙල ධම්මානන්ද හිමි – ලංකාදීප

මාගම් සෝලිය නවකතාව රචනා වී තිබෙන්නේ දාර්ශනික පදනමක පිහිටාය.
ජැක්සන් ඇන්තනී – සිළුමිණ

“මාගම් සෝලිය” ඇගේ වෛරය 4 වැන්නක් සඳහා ලියැවුණු සිනමා පිටපතක් වැන්නකි.
මහාචාර්ය අජන්තා හපුආරච්චි – ලක්බිම

ස්වර්ණ පුස්තක සම්මානයෙන් “මාගම් සෝලිය” කුණුහරුපයක් කියා කපා හැරියේය.කතුවරයාගේ ආඛ්‍යානයෙහි ඇති අපූර්වත්වය ඔවුන් දැක නැත.
රන්ජන් අමරරත්න – දිනමිණ

ඌව වෙල්ලස්සේ ගමක් සහ එහි පන්සල කේන්ද්‍ර කරගෙන කතුවරයා මවන්නේ යථාවත් මායාවත් මුසුවූ ලෝකයකි.
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස – මව්බිම

‘මාගම් සෝලිය’ පොනොග්‍රෆි ගණයට අයත් නවකතාවක්
දයා දිසානායක – රිවිර

මෙය ශිෂ්ටත්වයේ ආරක්‍ෂක රැහැන්පට ඇති අප සමාජයට අතහළ ලිංගිකත්ව චර්යා හා ආකල්ප පිළිබඳ න්‍යෂ්ටික බෝම්බයකි.
ආචාර්ය සාලිය කුලරත්න – දිවයින

ඇනා කැරණිනා | Anna Karenina

Original price was: Rs 1,250.00.Current price is: Rs 1,000.00.

Anna Karenina
by Leo Tolstoy

ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම මනෝ විද්‍යාත්මකම නවකතාව වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරණිනා කෘතිය මඟින් දහ නම වන ශත වර්ෂයේ රුසියානු සමාජය සහ පොදු වශයෙන් සමස්ත මානව වර්ගයා පිළිබඳව මවනු ලබන සුවිසාල සිතුවම සර්වකාලීන අගයකින් යුතුය. මේ මහා කෘතිය රචනා කරන ටෝල්ස්ටෝයි තම අති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දකින්නට ලැබෙන අමරණීය චරිත කිිහිපයක් නිර්මාණය කරයි. සුපිරි පෙළැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා තම නීරස වූත් බොල් වූත් ජීවිතය හැර දමා සැබෑ ප්‍රේමයක නීනව් සොයා යයි. එනමුදු ඇයට සිදුවන්නේ රුදුරු සමාජයේ ගොදුරක් වන්නටය.

මේ ශ්‍රේෂ්ඨ ලේඛකයා ලෙවින් මගින් ස්වකීය සැබෑ චරිතය ප්‍රතිනිර්මාණය කරමින් සිය ආධ්‍යාත්මයෙහි කැකෑරුණ සැක සංකා මෙන්ම අපරිමිත වූ මානව භක්තිය ද ප්‍රකාශ කරයි.

වනස්පතිනිය | Wanaspathiniya

Original price was: Rs 800.00.Current price is: Rs 640.00.

පිළිල සැදී මිය යන්නට ආසන්නව තිබූ මීඅඹ ගස පුරා සරුවට දලු දමා ඇත. පිළිල කප්පවා අළු හුනු ඇතිල්ලීමෙන් විනාශ වුණ පිළිල නැවත මතු වූයේ නැත. සාත්තුවක් නොකර නිකම්ම තියෙන්න ඇරියා නම් මී අඹ ගස මිය යන්නට තිබුණි. ගසේ අතරින් පතර අඹ මල් පොකුරු දෙක තුනක් ද සුළඟට නැළ වේ. හිතුවක්කාරකම, පණ්ඩිතකම, ගරුගාම්භීරකම මේ හැම දේම කැටි වුණ සභාපති මහත්තයාගේ දැවැන්ත සෙවණැල්ල තමාගේ ජීවිතය වසාගෙන ඉතිරී පැතිරී මේ දක්වා තිබුණා සේම තමා මිය යන තුරුම ඒ සෙවණ තමා වසා පැතිරී තිබෙන තාක් කල් තමාට ජීවිතයට උපේක්ෂාවෙන් මුහුණ දිය හැකි වන බව, ප්‍රශ්න හමුවේ නොසැලී සිටින්නට හැකි බව සිහි කරමින් පියගැට පෙළ නැග්ගේ පහන් වූ සිතිනි.

වෙරළබඩ නගරයේ කුඩා නිවහන | Weralabada Nagaraye Kuda Niwahana

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

Little House by Boston Bay
by Melissa Wiley

Little House Charlotte Years Book 1 – ලිට්ල් හවුස් චාර්ලට් ඉයර්ස් 1

Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොව පුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House on the Prairie රූපවාහිනී නාට්‍ය මාලාවට පාදක වුණු Little House පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි. මෙය, කොටස් හතරකින් ලියැවුණු එම කතා මාලාවේ පළමු වැන්නයි.

19 වැනි සියවසේ මුල් භාගයේ, ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින් පිවිතයේ අභියෝග වලට මුහුණ දෙන අන්දමත්, ඔවුන්ගේ සංස්කෘතිය සහ සමාජ සම්බන්ධතා මෙන්ම ඉතිහාසයත් මේ කෘතියෙන් දිග හැරේ. චාම් නිවෙසක, ඔවුන් ගෙවන ඉතා ප්‍රීතිමත්, සුන්දර සැනසිලිදායක ජීවිතය පිළිබඳ කතාව යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන්ට ද එක සේ රස විඳිය හැකිය.

HAPPY Living | හැපී ලිවිං

Original price was: Rs 850.00.Current price is: Rs 720.00.

මං ගංඟා ගේ Happy Living කතා Facebook එකේ කියවනකොට ඒ හැම කතාවක්ම අවසානේදීම මට දැනුණේ සතුටක් ඒ කියන්නේ මම කියවන්න පටන් ගන්න කොට හිටපු මානසිත තත්වයට වඩා මිහිරි මානසික තත්ත්වයකට මං පත්වූ ඒ වගේම ඒ කතාව කියෙව්වට පස්සේ, අර සතුටට අමතරව මට දැනෙන්න ගත්තා ඒ කතාවට සම්බන්ධ මගෙත් මිහිරි සුන්දර මතක අවදිවන බව. කොටින්ම මමත් ඒ කතාවෙම කොටසක් බව දැනෙන්නට වීම එක අතකට හරි ආශ්වාදයකුත් වුණා.
-Professor Kirthi Premadasa

ජය ගතිමි ජීවිතය | Jaya Gathimi Jeewithaya

Original price was: Rs 800.00.Current price is: Rs 640.00.

Screw It, Let’s Do It
by Richard Branson

ලෝකයේ අති සාර්ථක ව්‍යාපාරික ධන කුවේරයන් අතර මුල් හිනිපෙත්තේ සිටින රිචඩ් බ්‍රැන්සන් ජීවිතය ජය ගැනීම උදෙසා කළ සුවිශිෂ්ට කැපවීම පිළිබඳ ආත්මකථනය.

මා සෑම විටම අවස්ථාවන් ග්‍රහණය කර ගනිමින් ද අභියෝගයන් ජය ගනිමින් ද ජීවිතය ගෙවා ඇත. මගේ ජීවන අභිප්‍රාය වූයේ අභියෝග පිහිටුවාගෙන ඒවා කරා ළඟාවීම ය. ජීවිතයේ උගත් සෑම පාඩමක්ම, මෙම ක්‍රියාවන්ගේ සෘජු ප්‍රතිඵලයකි.

කිසිවක් නොසිතන්න – එය සිදුකරන්න

හැකි යයි සිතන්න – බැහැ යයි නොසිතන්න

ඔබට අභියෝග කරන්න – ඉලක්ක ඇතිකර ගන්න

විනෝද වන්න – වෙනසක් සිදු කරන්න

ඔබේ දෙපයින් නැඟී සිටින්න – අවංකවන්න

ජීවිතය උපරිමයෙන් රසවිඳිමින් ගෙවන්න

ආකර්ශණීය නීතිය | Akarshaniya Nithiya

Original price was: Rs 900.00.Current price is: Rs 720.00.

The Secter
by Rhonda Byrne

ශ්‍රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී

යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි.

සියවස් ගණනක් ඉපැරණි එම ‘රහස’ ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ, ගැලීලියෝ, තෝවන්, තෝමස් අල්වා එඩ්සන්, ඩේල් කාර්නෙග හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි.

දැන් එම රහස ලොවට හෙළිවී තිබේ.

‘එම රහස හදාරණ විට අවශ්‍ය දේ ලැබීම, අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක්කේ කෙසේදැයි යන්න ඔබ හඳුනා ගනී. සැබෑ ඔබ කවුදැයි ඔබ හඳුනා ගනී. ජීවිතය තුළ ඔබ වෙනුවෙන් බලා හිඳින සැබෑ විශිෂ්ටත්වය කුමක්දැයි ඔබ හඳුනා ගනී.’

#akarshaneeya neethiya

බෝදිලිමා | Bodilima

Original price was: Rs 800.00.Current price is: Rs 680.00.

ගැබ හෑල්ලු වෙනකොට සිද්ධ වෙන මරණ හරිම මුසලයි.
ඔය වගේ මරණ වුණාම, ඔය මැරුණු ගෑනු දැරිවි, මරණෙන් පස්සෙ බෝදිලිමෙක් වෙලා උපදිනවලු.
මොකක්? මම ප්‍රශ්න කලෙමි.
බෝදිලිමෙක්! කට්ටඩිරාළ ඇස් ලොකු කරගෙන හුස්මක්වත් නොගෙන කිවේය.

හිට්ලර්ගේ සිරකරුවෙක් | Hitlerge Sirakaruwek

Original price was: Rs 990.00.Current price is: Rs 790.00.

I Was Hitler’s Prisoner
by Stefan Lorant

බයෝ කරපු ඒලෙවල් 3 | Bio Karapu A Level 3

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

හිරුත් හිම පියල්ලක | Hiruth Hima Piyallaka

Original price was: Rs 520.00.Current price is: Rs 415.00.
  • 2010 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මානය

කොළඹ තේ කඩයක අහම්බෙක
කහට උගුරක් උරා සැනහෙන
වීරෙ ! විසි – තිස් වසරකට පෙර
මතකයකි හිත් කහටකින් තොර

කොහෙද වීරේ
එදා නුඹ හිස පැළඳගෙන ආ
බොකුටු කොණ්ඩය?
කොහෙද මුහුණේ දවටගෙන උන්
සිනා මල් වැල?

අහඹු ලෙස හමු වූ සැඳෑ අග
ගොඩවැදී යමු අපේ ගෙදරට
ඔය තරම් ඇස් ලොකු කරන්නට
වුවමනා නැත

බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින් | Bihisunu Sar Joseph Stalin

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,040.00.

දිළිඳු බේබදු සපතේරුවකුගේ පුතෙකු වූ ස්තාලින් ජර්මනියේ සිට සහලින් දක්වා විහිදී පැතිරුණු හිරු නොබසින කොමියුනිස්ට් අධිරාජ්‍යයක් ගොඩනැගුවේය. හිට්ලර්ගේ පාර්ලිමේන්තුව මුදුනේ දෑකැති මිටි රතු කොඩිය එසවූයේය. ලී නඟුලින් සී සෑ රුසියාව පරමාණු බලවතකු බවට පත් කළේය. ලෝකය ගමන් කරමින් සිටි මග වෙනස් කළේය. දිරා ගිය කැප් තොප්පියක්, තමා විසින්ම අලුත්වැඩියා කරගෙන තිබූ ගෙවී ගිය සපත්තු කුට්ටමක්, පරණ වූ අර්ධ හමුදා නිල ඇඳුමක් හා ලෝක මහා බලවතකු මව්බිමට දායාද කොට යන්නට ගියේය.

ස්තාලින් හරහා මේ කියන්නේ ඔක්තෝබර් විප්ලවයේ ඉතිහාසයයි. රුසියාවේ සමාජවාදය ගොඩනැගීමේ විසිතුරු කතාවයි. සෝව්යට් දේශයේ ඉතිහාසයයි. 20 වන සියවසේ පළමු අර්ධයේ ලෝක ඉතිහාසයයි.

නොඇසූ දේ බොහෝ ඇති මේ කතාව කියවීම නවමු අත්දැකීමක් වනු ඇත.

අබාසාත්ති | Abasaththi

Original price was: Rs 1,000.00.Current price is: Rs 800.00.

“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”

“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!”

“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…

” නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”

කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.

“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…

කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.

ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?

ගිරග සසල විය | Giraga Sasala Viya

Original price was: Rs 500.00.Current price is: Rs 400.00.
  • 2011 ස්වර්ණ පුස්තක සම්මානය අවසන් වටය සදහා නිර්දේශිත

ජයදිත්‍යට උගැන්වීමට පණ්ඩිත හාමුදුරුවන්ට මහන්සියක්, වෙරවීරියක් ගැනීමට අවශ්‍ය නොවීය. ඉතාමත් හොඳ මතක ශක්තියක් ඇති ජයදිත්‍ය සෑම ශ්ලෝකයක්ම සෑම ගාථාවක්ම මැනවින් උගත්තේය. මහණකමට සුදුසු ආකාරයේ මතක ශක්තියක් තිබුණද පණ්ඩිත හාමුදුරුවන් ඔහුව මහණ කිරීමට නොසිතීය. එයට හේතුවූයේ ඉතාම බලගතු ඥානයෝගයක් සේම ලෞකික සැප සම්පත් විඳින යෝගයක්ද ඔහුට පැවතුණ හෙයිනි. ඥානයෝගය පිය පාර්ශ්වයෙන් නොව මවු පාර්ශ්වයෙන් ආවක් යැයි පණ්ඩිත හාමුදුරුවන් සිතූ සේක. “මවුගෙ පෙනුම, මවුගෙ ආභාසය, පෙර පතාගන එන ආකාරයේ නොවැ” කේන්දරයේ විවාහය ගැන නම් එතරම් හොඳක් පෙන්නුම් නොකළ එක ගැන පණ්ඩිත හාමුදුරුවන් ගණනකට ගත්තේ නැත. කනවැද්දුම් යෝගයක් ඇති සේම දෙවන විවාහය ලේ නෑදෑකමකි. ‘විවාහය සිද්දවෙන්නෙ පස්සෙ නොව, ඔක්කෝටම කලියෙන් ඉගෙන කියාගෙන ඉන්න එපායැ..’ පණ්ඩිත හාමුදුරුවන් සිතුවේ එසේය.

#dharshana wijethilaka #darshana vijethilaka #giraga sasala wiya

නිරුවත් ගැහැනිය | Niruwath Gahaniya

Original price was: Rs 1,380.00.Current price is: Rs 1,240.00.

The Naked Woman A Study of the Female Body
by Desmond Morris

මනුෂ්‍ය ස්තී‍්‍ර රූපය විශ්මයජනක යෝග්‍ය සකස්වීම්වලින් සහ සියුම් ඔපලීම්වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප‍්‍රතිඵලයකි. එය ග‍්‍රහලෝකය මත ඉතාම අපූරුව පැවැත්ම වේ.

විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්තී‍්‍ර රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබාදහම මත වැඩිදියුණු කිරීම්වලට වෑයම් කර තිබේ. මෙම අලූත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඞ් මොරිස් ඔහුගේ නිපුණතාවය සහ අවධානය ස්තී‍්‍ර රූපය කෙරෙහි යොමු කරමින් ‘හිසේ සිට දෙපා තෙක්’ මඟපෙන්වීම් චාරිකාවක පාඨකයාව රැුගෙන යයි.
සියලූ කාන්තාවන්ට පොදු ජීව විද්‍යාත්මක ලක්ෂණවල පරිණාමීය කාර්යයන් ඉස්මතු කරමින් ඩෙස්මන්ඞ් මොරිස් ස්තී‍්‍ර රූපයේ හැසිරවීම සහ පරිපූර්ණත්වය වෙනුවෙන් ගවේෂණය තුළ මානව සමාජයන් වර්ධනය කර ඇති වැඩිදියුණු කිරීම් සහ සීමා කිරීම් අනාවරණය කරයි.

‘නිරුවත් ගැහැනිය’ මානව සත්ත්වයා පිළිබඳ නිරීක්ෂකයෙකු ලෙස ඩෙස්මන්ඞ් මොරිස්ගේ අසමසම ප‍්‍රවීණත්වය මත පදනම් වෙමින් ජීව විද්‍යාඥයකුගේ පර්යාලෝකයකින් ලියැවුණු විද්‍යාත්මක සාධකවලින්, සිත්ගන්නාසුලූ අන්දරයන්ගෙන් සහ පොළඹවනසුලූ නිගමනයන්ගෙන් සමන්විත ග‍්‍රන්ථයකි.

#niruvath geheniya gaheniya

ජිමී සහ පොලියානා | Jimmy Saha Pollyanna

Original price was: Rs 760.00.Current price is: Rs 605.00.

Pollyanna Grows Up
by Eleanor H. Porter

පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය.යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහර ය. කත්‍යානා අමරසිංහ පොලියානා අපට හදුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසිසේ සුරකිමිනි. ඇගේ පරිවර්තන කාර්යයයොවුන් පාඨකයාට පමණක් නොව වයසින් මුහුකුරා ගිය පාඨකයෙකුට වුව හෘදයාංගමය.

#jimi saha poliyana

මා | Maa

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,040.00.
  • 2019 සවර්ණ පුස්තක සම්මාන නිර්දේශය

ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.

හතේ කල්ලියේ වික්‍රම පොත් කට්ටලය (පොත් 15) | Hathe Kalliye Wikrama

Original price was: Rs 4,750.00.Current price is: Rs 3,690.00.

The Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම පොත් කට්ටලය

01. කෙරි බ්ලූ වික්‍රමය – පිටු 96
02. මුතු මාලයේ වික්‍රමය – පිටු 96
03. එම්බර් වීදියේ වික්‍රමය – පිටු 96
04. චීකි චාලි වික්‍රමය – පිටු 96
05. ගල් අඟුරු වළේ වික්‍රමය – පිටු 96
06. සිඩ්ගේ අවන්හලේ වික්‍රමය – පිටු 96
07. තැපැල් මලු අබිරහස – පිටු 96
08. හිස් නිවහනේ වික්‍රමය – පිටු 96
09. අස්හලේ කොලුවාගේ අබිරහස – පිටු 96
10. වයලීන වික්‍රමය – පිටු 112
11. ගිනි මැළයේ වික්‍රමය – පිටු 96
12. ටොර්ලින්ග් මාලිගයේ වික්‍රමය – පිටු 96
13. සුනඛ චෞර වික්‍රමය – පිටු 96
14. බ්‍රැම්ලේ වනාන්තරයේ වික්‍රමය – පිටු 96
15. බ්‍රවුනි වික්‍රමය – පිටු 96

ලිලැක් | Lilac

Original price was: Rs 750.00.Current price is: Rs 675.00.

බ්ලෂ් පිනක් පාටට ප්‍රිව්රෝස් පිපෙන බිම්වල කැලැ අයිරිෂ්වල පැහැය දුටුවේ කව්ද?

රන් පැහැ මීවිත බඳුන්වල ස්කොච් පිරෙන සැදෑවල වැහි දවස්වල බිව් කෝපි ගැන දෙඩුවේ කවුරුද?

මං ප්‍රේමයේ මග වෙනස් කළා උඹ මැරියන් ! ඇල්කොහොල්වලම දියවෙලා.

ඇතැම් ගැහැනුන් බෙල්ජියම් චොකලට් මෙති විහා දියවෙන සුළු වූවත් ඉතා ආදරණීය ය ඇතැම් පිරිමින් බ්ලැක් වෙල්වට් විස්කි මෙනි මඳක් සැර වුවත් රොමැන්තික ලෙස උණුසුම්ය.

#lilak

පෙම්වත මම “ඈ” හෙවත් “අයෙෂා” ප්‍රේමයෙහි නොනැසෙන රැජිනයි. ඔබ ගෙලෙහි දම් පැහැයෙන් තැබුවේ අත් පත් කර ගැනීමේ අනුරා ලකුණයි.

ලිලැක් හුදු ප්‍රබන්ධයක් නොවේ. ඉන් සියයට අනූවක්, විටෙක වීනස්මය විටෙක මෙඩුසාමය මගේම හදවතයි. එහි හැඟීම්, බැඳීම්, යක්ෂ සිනහවන් සහ නිහඬ වේදනායි. ලිලැක් මගේ දෙවන දරුවායි. ඒ මෙතෙක් මා ලද මිහිරිතම වසන්තය හා ප්‍රීතිමත්ම උපදින ත්‍යාගයයි. ලිලැක් මා ලද හා නොලද ප්‍රේමයයි. සදාකාලික යැයි කිසිවක් මෙලොව නැති මුත් ලිලැක් මගේ සදාකාලික ප්‍රේමයයි.

ලස්සන වසිලීස්සා සහ හත් පෙති මල | Lassana Wasilissa saha Hath Pethi Mala

Rs 850.00

ලස්සන වසිලිස්සා පොත සමග රුපියල් 200ක් වටිනා හත්පෙති මල පොත නොමිලේ…!!!

ලස්සන වසිලීස්සා රුසියානු සුරංගනා කතා පිටු 222, වර්ණ පින්තුර සහිතයි.

හත්පෙති මල පිටු 48

එකෝමත් එක රටක, බොහොම ඉස්සර කාලේ, එක පුංචි ගෙදරක මහල්ලෙකුයි මැහැලියකුයි හිටියා. මේ දෙදෙනාට හිටියේ එකම එක දුවක් විතරයි. එයාගේ නම වසිලීස්සා. ඒ ගොල්ලො බොහොම හොඳට ජීවත් වුණා. හිටි හැටියේ ම ඒ ගොල්ලන්ට විපතක් සිදු වුණා. වසිලීස්සාගේ මහලු මව අසනීප වුණා. ඇගේ මරණය ළං වුණා. අම්මා වසිලීස්සාට කතා කරලා, ඈට බෝනික්කෙකු දීලා මෙහෙම කීවා.

“අනේ හොඳ දුවේ, මේ බෝනික්කාව කාටවත් එහෙම පෙන්වන්නෙ නැතිව පරිස්සම් කරගනින්. නුඹට විපතක් සිදු වුණොත්, බෝනික්කාට කෑම ටිකක් දීලා උපදෙස් ලබා ගනින්. එයා නුඹට පිහිට වේවි.”
අම්මා වසිලීස්සාව සිප ගත්තා. ඊට පස්සේ ඈ මළා.

#lassana vasilissa

අලිබාබා ජැක් මා | Alibaba Jack Ma

Original price was: Rs 800.00.Current price is: Rs 640.00.

The House That Jack Ma Built
by Duncan Clark

චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලිබාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහිවු චීන විප්ලවීය සමුහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමි චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පළැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මොනවා ද? “අලිබාබා -ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණ අත් පොතකි.

සිහින සිහින සහ සිහින | Dreamz Unlimited

Original price was: Rs 850.00.Current price is: Rs 720.00.

ඒක තමයි හුගක්ම භයානක!

මිනිස්සුන්ට තමන් දැකපු හීන අමතක වෙනවා කියන්නේ,
තමන් ජිවත් වෙනවා කියල තමන්ටම අමතක වෙලා කියන එක..

#dreams unlimited #sihina sihina saha sihina

බිඳුණු බිලින්දා | Bindunu Bilinda

Original price was: Rs 1,350.00.Current price is: Rs 1,080.00.

Damaged
by Cathy Glass

ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.

#bidunu bilinda

චන්ද්‍රාග්නි | Chandragni

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

“බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනිස්සු නිහඬව බොහෝ දේ දරාගෙන අන් අයගේ ජිවිත අවුල් නොකරති. සියල්ල දැනගෙන නොදන්නා සේ අනෙකාගේ සැපත වෙනුවෙන් කටයුතු කරති. මෙවන් උතුම් මිනිසුන්ගේ ගුණ සුවඳ ලෝකය පවතින තුරු, මඳ නල හා මුසු වී විශ්වයම සුවඳවත් කරයි.”

#dharshana wijethilaka #darshana vijethilaka

හාවැට දිගේ ගෙදර බලා | Haweta Dige Gedara Bala

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

Follow the Rabbit-Proof Fence
by Doris Pilkington | Nugi Garimara

වසර 1390 ගණන්වල දී බටහිර ඕස්ට්‍රේලියාවේ, වයඹ දිග පෙදෙසේ පර්ත් නගරයෙන් උතුරට වන්නට පිහිටි මුරේ ගංගා ස්වදේශික නිවාසයේ සිට ආපසු ජිගලොන්ග්හි පිහිටි සිය නිවෙස බලා, ඇබරිජීනු දැරියන් තිදෙනෙකු විසින් සිදු කළ දුෂ්කර පා ගමන, ඓතිහාසික සිදුවීමක් පමණක් නොව එය අදහාගත නොහැකි විස්මයජනක වික්‍ර්‍රමයන්ගෙන් එකක් ද වන්නේ ය.

දෙවත | Dewatha

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

‘මට මේවා උහුලන්න බැහැ නෝනෙ… තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව…’ වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නො කළේ ය. කුඩා දවසෙදිත් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේ ය. සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේවලින් පුරවයි. අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි. දරුවන් වෙනුවෙන් ඒ තරමට ම නැහුණ තාත්තට සැනසීමක් වෙන විදියට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතා ගන්න බැරි ය. එක අතකින් අනික් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි.

ස්වර්ණමය හෝරාව | Swarnamaya Horawa

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,190.00.

The 5 AM Club
by Robin Sharma

ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය.එය ඇගේ ජීවිතයේ තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිදුවාය.

ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණශීලී සහ අව්‍යාජ උපදේශවරයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකර ගත නොහැකි සෞභාග්‍ය සහ එමඟින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාවය ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.

#svarnamaya horava the 5am club

ලී ක්වාන් යූ | Lee Kuan Yew

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

කලක් මඩ වගුරක්ව පැවැති භූමියක් ලෝකයේ සංවර්ධිත නගර රාජ්‍යයත් බවට පත් කිරීමේ උරුමය සිය ජනතාවට අත්පත් කර දුන් දුර්ලභ ගණයේ නායකයකු වශයෙන් ලී ක්වාන් යූ ඉතිහාසය ගත වී තිබේ. ඔහුගේ තීක්ෂණ නායකත්වයේ ප්‍රකට ලක්ෂණ පිළිබඳව හැදෑරීම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයින්ට ද මාර්ගෝපදේශ ලැබිය හැකි ව්‍යායාමයක් වෙයි.

අරමුණක් කරා නොසෙල්වී හඹා යාමේ මනෝභාවය, විවේචන හා විග්‍රහයන් දෙස ඉවසිලිමත්ව සවන්දීම, ජවසම්පන්න නායකයකු සතු පෞරුෂත්වය වැනි ප්‍රායෝගික අකම්පිත ලක්ෂණවලින් පරිපූර්ණ වූ ලී ක්වාන් යූ රාජ්‍ය නායකයාගේ ජීවන චරිතය පිළිබඳ වැදගත් තොරතුරුවලින් පරිපූර්ණ වූ මෙම කෘතිය රාජ්‍යත්වය හා සංවර්ධනය පිළිබඳ කැඩපතකි.

ජේන් අයර් | Jane Eyre

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

Jane Eyre
by Charlotte Bronte

1847 වසරේදී ‘Currer Bell’ යන ආරූඪ නාමයෙන් සාහිත්‍ය ලොවට පිවිසි චාලට් බ්‍රොන්ටේගේ කුළුඳුල් නවකතාව වන ‘Jane Eyre’ කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉතා සිත්ගන්නාසුලූ පේ‍්‍රම වෘත්තාන්තයක් වන මෙම කෘතිය එළිදැක්වීමෙන් ඇය විශ්ව කීර්තියට පත් වූවාය. ප‍්‍රථම මුද්‍රණයෙන් පස් මසක් ඇතුළත එය තෙවරක් සංස්කරණය කරනු ලැබීමෙන් එහි ජනපි‍්‍රයතාවය කොතරම්දැයි වටහා ගත හැක.

බිළිඳු වියෙහිදීම දෙමාපිය වියෝවෙන් අනාථ භාවට පත් ජේන් අයර් හට නෑදෑ හිත මිතුරන් හෝ නිවහනක් හෝ වත්කමක් හෝ රූමත් බවක් හෝ නොමැතිව කටුක දිවි පෙවතකට උරුම ලද හෙයින් සිය දිවි මග කිසිවෙකුගේ පිළිසරණක් නොලැබ තනිව ගෙන යාමට සිදු වූවාය. එහෙත් ඇගේ සහජ බුද්ධිය, නිසග හැකියාව, අප‍්‍රතිහත ධෛර්යය, නොපසුබට උත්සාහය, උට්ඨාන වීර්යය, තැන්පත් විනීත පැවැත්ම, මෘදු මොළොක් බව මෙන්ම ප‍්‍රතිපත්ති ගරුක ඍජු අවංක භාවය එඞ්වඞ් රොචස්ටර්ගේ අවධානයට යොමු වූ බැවින් බටහිර සාහිත්‍යයෙහි අද්විතීය පෙම් පුවතක් බිහිවීම සඳහා අවස්ථාව සැලසුණේය.

තෙත්සූයා නම් දුනුවායා | Thethsuya Nam Dunuwaya

Original price was: Rs 650.00.Current price is: Rs 520.00.

The Archer
by Paulo Coelho

“දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.

එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.”

#thethsuya nam dunuvaya

අයි.ඩී. | I.D.

Original price was: Rs 1,650.00.Current price is: Rs 1,400.00.
  • 2021 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය

සැබෑ අඹු සැමියන් සිටින්නේ එක ගෙදරක එක ඇඳක නොව, ගෙවල් දෙකක, නැතිනම් ග්‍රහලෝක දෙකක, දෙතැනක බව ඔවුහු තේරුම් ගත්හ.

එසේම ඔවුන් එකිනෙකා වෙත ළංවන විට ගිනි ඇවිළී දෙදෙනාම විනාශ වීමට ඉඩ ඇති බවත්, ඈතින් සිටින විට හැමදාම ගිනි ඇවිළෙමින් විනාශ නොවී පැවතිය හැකි බවත් ඔවුහු තේරුම් ගත්හ.

යකඩ සිල්පර | Yakada Silpara

Original price was: Rs 900.00.Current price is: Rs 720.00.
  • 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
  • 2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශය
  • 2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශය

දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය. එහෙත්, මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය. අඩි හය හමාරක් පමණ උස කෙසඟ වලසෙකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයේ රාත්‍රියේ මම දුටුවෙමි. ඔහු මා ද ඔසවා විසි කළේය. ඔහුගේ ශක්තිය කෙතරම් දැයි මට හරිහැටි තක්සේරු කළ නොහැකි වුවද, ඔහුට අසාමාන්‍ය කාය ශක්තියක් ඇති බව නම් මට වැටහුණේය. ඔහු ඇතෙකු සමඟ පැමිණ ටොන් එකක් පමණ බර යකඩ බාල්ක ඔසවාගෙන යනු මුරකරුවෙකු දැක ඇත. එසේ නම් ඔහුට ටොන් භාගයක බරක් පහසුවෙන් එසවිය හැකි විය යුතුය. මා ඔහුට රිපීටරයෙන් තුන්වරක් වෙඩි තැබුව ද රිපීටරය පත්තු නොවීය.

HAPPY Living 2 | හැපී ලිවිං 2

Original price was: Rs 850.00.Current price is: Rs 720.00.

“ඔයා එයාට මොදිත මාමා කියලා කියන්නේ එයා ඔයාගේ මාමා කෙනෙක් ද?”

යම් යම් අය මගෙන් මෙහෙම අහලා එවන්නේ මගේ Happy Living Facebook Page එකේ සමහර ලියමන්වල සහ මීට කලින් ආපු Happy Living (පළමු පොතේ) මං එයාව මොදිත මාමා කියලා හදුන්වලා තියන නිසා. ඇත්තම කතාව කිව්වොත් නම්, පෙනුමෙන් මාමා කෙනෙක් වගේ වුණාට, එයාගේ සමහර කියුම් – කෙරුම් නම් හතේ පන්තියේ ළමයකු හා සමානයි. ඒ නිසාම ද කොහෙද අපේ ගෙදරට එහා ගෙදර ඉන්න පොඩි බබාලා දෙන්න එයාට කියන්නේ මොදිත මාමා කියලා වුණාට මට කතා කරන්නේ “ගංගා අක්කා” කියලයි. ඉතින් එහෙව් එකේ, මං එයාව මොදිත මාමා” කියලා හදුන්වන එකේ මහා ලොකු වරදක් නැහැනේ.

ජීවිතය විඳවන්න නොවේ. විඳින්න

කාන්තාරයේ කුසුම | Kantharaye Kusuma

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

Desert Flower
by Waris Dirie, Cathleen Miller

අප්‍රිකානු කාන්තාරයේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ දී ම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳුකමේ සංකේතයන් වන ඇඟ දැවටුණු සාළු කඩමාල්ල සහ නූගත්කම පමණි. අද ඇය නිව්යෝර්ක් නුවර ජීවත්වන ජගත් විලාසිතා ලොව සුපිරි නිරූපිකාවක් වන අතර, මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක ද වන්නී ය. මානව විශ්වාසය හා ධෛර්යය, ත්‍රාසය හා සන්ත්‍රාසය නොමඳ ව දනවන, තම සත්‍ය ජීවිත කතාව නිර්ව්‍යාජ ව, සිත් බඳන හා අනුප්‍රාණය දනවන අයුරකින් ඉදිරිපත් කරන වාරිස් ඩයිරි ගේ “කාන්තාරයේ කුසුම” සිංහල පාඨකයන්ට නවම් අත්දැකීමක් වනු නිසැක ය.