Best Sellers
මාගරට් | Magarat
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00.බැහැපිය ගහෙන්
ඇයි…?
“තොගේ හතර හන්දි කඩන්න”
බෑ
විං චිං නෝනා ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි.
මම ගහ කපනවා
මං මැරෙනවා ගහෙන් පැනලා
ආහ් මැරියංකො මැරුණත් ගහනවා තොට
මං මැරුණොත් කව්ද කොස් කඩන්නේ ” ”
කොස් නොකා ඉන්නවා
ඇයි මං මොකක්ද කළේ ” ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ…?
මං නැග්ගේ නිකම්
තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව
ගැහුවොත් මං කියනවා.
මොකක්ද ?
අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්ත ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා”
බිදුණු අතීතය | Bindunu Athithaya
Original price was: Rs 1,400.00.Rs 1,190.00Current price is: Rs 1,190.00. A Long Way From Home
by Cathy Glass
තම දියණියව බදාගෙන ඉන්නා අතරේ එලයින්ගේ දෑස් කඳුලින් තෙත් විය. මම දැඩි ව කෙල ගිල්ලෙමි. එදවස ඇනා කෙතරම් බියපත්ව සිටියාදැයි මා සිතුවාද? නැත. මා දුටුවේ කෝපයට පත්, පාලනයෙන් තොර දරුවෙකි.
සිදු වූ දේ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් සහ සම්පූර්ණ චිත්‍රයක් ලබා ගැනීමට සමහර කතන්දර පවසන තෙක් බලා සිටිය යුතුය. ඇනාගේ කතාව ඉන් එකකි.
රන් නාරි කුඤ්ජරය | Ran Nari Kugnjaraya
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
සිඳ බිඳ දැමූ ප්‍රථම ප්‍රේමයේ නටබුන් ඉවුරෙන් ඇරඹූ ජීවන යාත්‍රාව එතෙරක් කරා පදවාගෙන යාමට හෙලේනා සමත් වේද? අහිමි ප්‍රේමයේ හිඩැස පුරවාලන්නට කුටුම්බගත වූ පොඩි මහත්තයාට හැකිවේද? වියැළෙන ජීවිතවල සරතැස නිවන්නට සෙදෝනා දිය දෝතක් වේද? සාදිරිස්ගේ රන් නිධානය කවුරුන් සතුවේ ද?
එතෙක් නොවටිනා දෑට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය තුළ නව වටිනාකම් ලැබෙද්දී, දහනව වන සියවසේ පවුම්, රුපියල් මතින් බිහි වූ දේශීය ව්‍යාපාරික ප්‍රභූ පන්තිය තුළ හිස එසවූ ගැහැනුන්ද ඉඳහිට සිටි මුත්, ඔවුන්ගේ කතාව සුගම වූවක් නොවේ.
හෙලේනාගේ ජීවිතයට වරින්වර එබී බලන අතීතයේ සෙවණැලි ජීවිතයේ අනවරත ගමනක උන්නතිය සහ අවනතිය සම සේ නිරූපණය කරයි. ආදරය, රාගය, අපේක්‍ෂාව සහ අපේක්‍ෂා භංගත්වය තුළ දෝලනය වන හෙලේනාට, සියල්ල අතරේ නොනැසී රැකෙන්නට ධෛර්යය පමණක් නොසෑහෙයි. තමා සතු බලය ඇතෙකු දැනගත් විට, ඌ යදම්වල සිර වී නොසිටී.
‘රන් නාරි කුඤ්ජරය’, ගැහැනියකගේ බලයේ කතාවයි.
රියානාගේ ලෝකය | Riana’s World
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. SPELLBINDER: Riana’s World
by Mark Shirrefs & John Thomson
දිදුලන දීප්තියක් සමඟ කම්බිය දිගේ අධිසැර විදුලි දහරාවක් ගුහාව කරා ඇදී ආවා…ඊළඟ නිමේශයේදී පෝල් ගුහාව තුළ සිටියේ නැත. ඔහු අතුරුදහන් ව ගොසිනි. මොහොතකට පසුව පෝල් සිටියේ අමුතුම පරිසරයක් සහිත අමුතුම ලෝකයකයි. කාර්මික විප්ලවයේ පහස නොලත් ඒ ලෝකයේ මිනිසුන් පාලනය කළේ “මායා බන්ධකයින්” විසිනි. මායා බන්ධකයින් ගේ ලෝකය නමින් හැඳින්වූ මේ සමාන්තර ලෝකයේ අතරමං වූ පෝල් උත්සාහ ගන්නේ එහි සැඟව ඇති රහස් හෙළි කරගන්නටයි. ඒ උත්සාහයට පෝල් ට සහාය වන්නේ රියානා ය. සමාන්තර ලෝකයේ වෙසෙන ඇය සුන්දරය, නිර්භීතය, ධෛර්්‍යය සම්පන්නය.
පෝල් සහ රියානා එක්ව මුහුණ දෙන නොනවතින වික්‍රමාන්විතයේ අවසානය කුමක්ද ?
මායා බන්ධකයින් මිනිසුන් පෙලූ යුගය අවසන් වෙයිද ? පෝල් ට නැවතත් සිය ලෝකය කරා ආපසු පැමිණීමට හැකිවෙයිද ?
ලක් බිමේ සත් වසක් | Lakbime Sath Wasak
Original price was: Rs 1,480.00.Rs 1,255.00Current price is: Rs 1,255.00. Growing
by Leonard Woolf
අපේ රටටත් අපේ මිනිසුන්ටත් පමණක් නොව, අපේ සතා සීපාවාටත් ආදරය කළ සුදු ඒජන්ත හාමුදුරුවෝ වන ලෙනාඩ් වුල්ෆ් ගේ (1904–1911) ස්වයං ලිඛිත චරිතාපදානයේ දෙවැනි කොටස වන GROWING (1961) කෘතහස්ත පරිවර්තකයකු වන ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා විසින් සිංහලයට නඟා ඇත. පාහියන්ගේ – හියුංසාංගේ – දේශාටන වාර්තා – රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය ඩොයිලිගේ දිනපොත මෙන්ම වුල්ෆ්ගේ GROWING නම් කෘතිය ද ලංකාවේ අතීත තොරතුරු සොයන පර්යේෂකයනට ඍජු මූලාශ්‍ර ග්‍රන්ථයක් ලෙස අතිශය වැදගත් ය. ලෙනාඩ් වුල්ෆ් ලියූ, බැද්දේගම නමින් සිංහල පාඨකයන් හඳුනන VILLAGE IN THE JUNGLE (1912) නම් නවකතාව ලංකාව පසුබිම් කොට ඉංගිරිසියෙන් ලියැවුණු ශ්‍රේෂ්ඨතම නිර්මාණාත්මක කෘතිය ලෙසසැලකේ.
– තිලකරත්න කුරුවිට බණ්ඩාර
චැරෝන් | Charon
Original price was: Rs 1,480.00.Rs 1,260.00Current price is: Rs 1,260.00.මේ මොහොත වන විට ඈත අන්තර් තාරකා අඩවිය යයි හදුන්වන තාරකාවන්ගේ තිඹිරි ගෙදර වන විශාල කැටි වලාකුළු වලින් පිරිණු දූවිලි නිහාරිකා (Nebulae) වලාකුළු අතරේ යම් ආලෝකයක් පැතිර යන බව ගැලැක්සි 99 කණ්ඩායම නිරීක්ෂණය කරමින් සිටියෝය. එය වර්ණවත් ආලෝකයකි.
පෘතුවි හිරුගේ සූර්යය ලප (Sun Spots) බොහෝ සෙයින් පිහිටා ඇති දිශාවේ කේන්ද්‍ර වෙමින් සූර්යය ගිනිසිළු (Sun Flares) සූර්යයා සිට කිලෝ මීටර 450000 කට වැඩි දුරකට විහිදී යන අතර ඒ මග ඇති නිහාරිකා නම් යෝධ දූවිලි වලාකුළු ඇති පෙදෙසෙහි එම වලාකුළු ඉහලින් මතු වී ඇති මෙම වර්ණ ආලෝකය අපගේ පෘතුවි කක්ෂ ගෝලයේ මතුවෙන ඌෂාලෝක (aurora) නම් ආලෝක සංසිද්ධියට සමාන වූ ආලෝකයක් විය. එය නිරීක්ෂණය කරන්නට හිරුට ආසන්න බුධගේ කක්ෂයකට ගිය එම ෂටල යානය හිටි හැටියේ අතුරුදන් විය. එයට සිදුවූ අනතුර ගැන සොයන්නට වෙහෙසුණු ගගනගාමියෙකුට හමුවුණු අපූරු තොරතුරු ගොන්නක් හා ලින්ඩා නම් දිව්‍ය චක්ෂුතාවයක් ඇති Clairvoyance විශේෂිත කාන්තාවක් ඇසුරු කරගෙන මෙම කතාව පෙළගස්වා ඇත
ටාර්සන් සහ කුහුඹු මිනිස්සු | Tarzan Saha Kuhumbu Minissu
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. Tarzan and the Ant Men
by Edgar Rise Burroughs
සිය අහස් යානය ක්‍රියා විරහිත වීමෙන්, වානරයන්ගේ ටාර්සන් මහා කටු වනාන්තරය පිටු පසට ඇද වැටෙන තුරු, කිසි ම කෙනෙකු එම වනාන්තරය මැදින් ගමන් කර තිබුණේ නැත. එම වනාන්තරයට ඔබින් ඉතා සුන්දර රටක් වී ය. එහි ජීවත් වූයේ පැරණි ශිලා යුගයට අයත් අලාලි ගෝත්‍රික යෝධ ස්ත‍්‍රීන් ය. ඔවුහු සිය පිරිමින්ට සැලකුවේ වහලුන්ට සලකන්නාක් මෙනි. මේ අලාලි රටට ඔබ්බෙන් කුහුඹු මිනිසුන් ගේ රට පිහිටියේ ය. මේ කුඩා මිනිසුන් ගේ උස අගල් දහ අටක් වී ය! මේ කුඩා මිනිසුන් විසින් අල්ලා ගනු ලැබූ ටාර්සන්, ඔවුන් ගේ විද්‍යාත්මක ඤාණයෙන් ටාර්සන් ගේ ශරීර ප්‍රමාණය ද අඟල් දහ අටකට අඩු කරනු ලැබ, ගල් වළවල වහලකු වශයෙන් සේවයට ගනු ලැබී ය!
ඈන් 8 – සුව සෙවණේ බඩපිස්සී | Anne 8 – Suwa Sewane Badapissi
Original price was: Rs 550.00.Rs 495.00Current price is: Rs 495.00. Rilla of Engleside
by L. M. Montgomery
ඈන් 7 – දේදුනු නිම්නය | Anne 7 – Dedunu Nimnaya
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00. Rainbow Valley
by L. M. Montgomery
ඈන් 6 – මව සහ දරුවෝ | Anne 6 – Mawa Saha Daruwo
Original price was: Rs 450.00.Rs 405.00Current price is: Rs 405.00. Anne of Ingleside
by L. M. Montgomery
මාරායණය | Marayanaya
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00.තමන්ගේ ජීවිත කතාවද දැන්මේ මකුළුවාගේ දැල මෙන් නොවේ දැයි ඔහුට සිතුණි. රේඛීය ආඛ්‍යානයකින් දිවයන සම්මත නවකතාවක් සේ නොදිවෙන, එසේ නොලියවිය හැකි මේ මහා අවුල් ජාලය අන්තිමේදීවත් මකුළු දැලක සිරිය ගනීවී දැයි ඔහුට සැක සහිතය. එහෙත් මතකයේ අඩුපාඩු අතරින් ඉඳහිට නැගෙන සේයා මාත්‍රයන්පෙ ළගස්වමින් යම්කිසි රටාවක් මවා ගත හැකිනම්, අද තමා සිටින තැනට ජීවිත ගමන ආවේ කෙලෙස දැයි වටහා ගත හැකිවෙතැයි, සිතිය හැකි යම් ඉඟියක් ඒ මතක සේයා රූ අතරින් මැවේ වි යැයි හේ විශ්වාස කළේය.
බිම්පුර ආදරය | Bimpura Adaraya
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. Love in the City Below
by භද්‍රජි මහින්ද ජයතිලක
ආරම්භයේදී ඇගේ පියවර මන්දගාමී විය. ඇගේ ඡායාව නිල් ආලෝකය හමුවේ අවිනිශ්චිත අයුරකින් සැලෙන්නට විය. පිරමීඩ පියගැටපෙළක් ආකාරයට තැබූ කසළ කුට්ටි වෙත ඇය ගමන් කර අවසන්ය. දැන් ඇයව දිස්වන්නේද සේවකයන්ගෙන් කෙනෙකු පරිද්දෙනි. ඇගේ පීත වර්ණ ඇඳුමට ඇය ඔවුන්ගෙන් කෙනෙකු වී අවසන්ය. ඉක්මනින්ම ඇය යන්ත්‍ර අසල සිටි අනෙක් සේවකයන් හා සම්බන්ධ වෙමින් කටයුතු කරන්නට වූවාය. දැන් ඈ කසළ ගොඩේ තවත් එක් වේයෙක්ම පමණි.නිල් ආලෝක දහරා හමුවේ තවදුරටත් ඇයව වෙන් කොට හඳුනා ගැනීමට නොහැකි විය. ඇයද දැන් තවත් එක් කම්කරුවෙක්ම පමණි.එය කොතරම් පහසු වූවාද.. ඇය ඔවුන්ගෙන් කෙනෙකු විය. ඉක්මනින්ම ඇය ටෙරබාහාවේ දොරටු අතරින් ගමන් කරනු ඇත.
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushyayoya
Original price was: Rs 1,950.00.Rs 1,560.00Current price is: Rs 1,560.00.ගුත්තිල ඇල්බට් කවදත් කීර වඩේ වලට ආසා කළේ ය. කීර වඩේ යනු යනු සම්මතයටත් අසම්මතයටත් නැති දෙයක් බව ඔහුගේ විශ්වාසය විය. එක් අතකින් පලා වර්ග දමා වඩේ හැදීම යනු පරිප්පුවලට නිවිති දැමීමට හැම අතින්ම සමාන දෙයක් වන අතරම, අනික් අතින් කීර වඩේ ලාංකීය බඩජහරි සන්තානයේ ජාතිවාදී සීමා දියකරන සීමාවෙන් එපිට නිහතමානීව හිටගෙන ඉන්නා බෝල පහේ ආදරවන්තයෙකි. ඒ අතින් එය සම්ප්‍රදාය තුළම ඉඳගෙන සම්ප්‍රදායට අභියෝග කරන කුමාරතුංග මුනිදාස වැනි වඩයක් බව ගුත්තිල ඇල්බට් එක්තරා පියසමරමය ගෞරවයක් සහිතව කල්පනා කළේ ය. ඒ නිසා ජීවිතය මොකක් හෝ කොණකින් අල්ලා ලාවට පොළොවේ ගසන බාගෙට හෝ ඇස් ඇරවනසුලු නිමේශයන්ගෙන් පසුව ගුත්තිල ඇල්බට් හැමදාම කළේ පලක්කුවාට වත් නොකියා තනියම සයිවර් කඩයකට ගොස් කීර වඩේ දෙකක් කා කිරි කාලක් බී පලක්කුවාට උඳු පිටි මෙන් පෙනෙන යම්කිසි පිට්ටකින් හැදූ සූදුරු මිශ්‍ර මුරුක්කු පැකට් එකක් රැගෙන ගෙදර යාම ය. කරදණ්ඩ වැට ඉන්නකට උස් වී උඳු පිටි සන්නිය හිච්චියට හෝ තේරුම් ගත හැකි මට්ටමට ළපටි මනස මේරූ පසුව පලක්කුවා ඒ ගැන ඩිංග ඩිංග වදවීමට පටන්ගත් නමුත් ගුත්තිල ඇල්බට් හැමදාමත් නිවිච්ච හාල්පිටි තෝසයක් වැනි හීතල, කුඩුකුඩු වචන දෙකතුනකින් පලක්කුවා නිහඬ කළේ ය.
“ඔය මුරුක්කු ටික කාලා ඉක්මනට ලොකුවෙන්න!”
අවුරුදු දහ අටේ සිට විසි එක පමණ වන කාලය දක්වා මේ ලොකුවෙන කතාවට ලොකුවට මලපැන්න නමුත්, මුරුක්කු කා ඉක්මනට නොවුණත් ලොකු වූ පසු පලක්කුවා වචනවලින් නොව ක්‍රියාවෙන් තාත්තා ගොඩදාන්නට හැකි වන කාලයක් ගැන කලාතුරකින් හෝ වැසිකිළියේදී පවා හිතන්නට පුරුදු විය.
බංචි මාරි – Banchi Mari
Original price was: Rs 1,500.00.Rs 1,350.00Current price is: Rs 1,350.00.කොළඹ කතාව – අළු පැහැති පරිච්ඡේදය