All Books
උත්පත්ති | Uthpaththi
Original price was: Rs 1,500.00.Rs 1,350.00Current price is: Rs 1,350.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
ඒ රැය ගෙවී පසුදා අවදි වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්‍රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාවක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.
අම්මා – උපුල් ශාන්ත සන්නස්ගල | Amma – Sannasgala
Original price was: Rs 1,600.00.Rs 1,280.00Current price is: Rs 1,280.00.කොළඹ කතාව – කිරිසුවඳ
‘අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
රත්තරං අම්මේ!’
මනෝමන්දිර | Manomandira
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.අල්මන්සෝ: පුංචි ගොවියා | Almanso Punchi Goviya
Original price was: Rs 1,150.00.Rs 920.00Current price is: Rs 920.00. Farmer Boy
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 03
ලෝරා ඉන්ගල්ස් බටහිර තැනිතලාවේ හැදී වැඩෙන අතරේ, අල්මන්සෝ වයිල්ඩර් නම් කුඩා පිරිමි ළමයෙක් නිව් යෝක් ජනපදයේ ගොවිපොළක හැදී වැඩෙයි. ග්‍රීෂ්ම සෘතුවේ පැළ වගා කරන්නට, සරත් සෘතුවේ අස්වැන්න නෙළන්නට අප්පච්චිට උදව් වෙමින්, අම්මාට ගෙදර වැඩට සහය වෙමින්, සිය සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමග අල්මන්සෝ ගොවිපොළේ ගත කරන ජීවිතය අතිශයින් ප්‍රීතිමත් එකකි. සීත කාලයේ දර පැලීම, ගඟෙන් යෝධ අයිස් කුට්ටි කපා ගබඩා කිරීම ආදී වැඩපළ කරන්නට තිබේ. විනෝදකාමී බෙලෙක් බඩු වෙළෙන්දා ගොවිපොළට එන දවස් නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පච්චි සමග මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි.
සිය සැමියා වූ අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණ ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.
ඉසිවරයා | Isiwaraya
Original price was: Rs 480.00.Rs 385.00Current price is: Rs 385.00.Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලි ලද Kahlil Gibran නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පර්වර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂා වලින් ලියැවී ඇත.
මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස කාලය, මරණ ආදි විවිධ මාතෘකා යටතේ දැක්වෙන ඉතා වටිනා දාර්ශනික අදහස් මෙහි දැක්වේ.
බින්දුගේ දරුවා | Binduge Daruwa
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00.වැදූ මව හා හැදූ මව අතර දරුවෙකුගේ ජීවිතය… හදා වඩා ගැනීමෙන් දරුවෙකු අයිති කරගැනීම හෝ අහිමි ජීවිතයක් උරුම කර ගැනීමට ගන්නා වූ වෙහෙස… සාම්ප්‍රදායික පුරුෂාර්ථ මත ගොඩනැඟුණ ගෘහ ජීවිතයක සබඳතා…
අනුවේදනීය ස්වරයකින් හා සියුම් චිත්ත විවරණයකින් යුතුව මේ කෘතියෙහි වර්ණිතය.
ලිට්ල් හවුස් කතා මාලාව (පොත් 10) | Little House Sinhala Collection
Original price was: Rs 10,710.00.Rs 8,350.00Current price is: Rs 8,350.00.ලිට්ල් හවුස් සිංහල කතා මාලාව – පොත් 10
01. වන අරණක කුඩා නිවස
02. තැනිතලාවේ පිහිටි කුඩා නිවස
03. අල්මන්සෝ පුංචි ගොවියා
04. මිදි ඔය අසබඩ
05. රිදී විල් තෙර
06. සීතලෙන් සීත වුණ සීත සමය
07. තැනිතලාවේ පිහිටි කුඩා නගරය
08. මේ මිහිරැති සොදුරු සමය
09. පළමු සිව් වසර
10. ගෙදර යන අතරමග
බ්‍රික්ස්ටන් වීදියේ අබිරහස | Brickston Widiye Abirahasa
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ෂර්ලොක් හෝම්ස් වික්‍රම 03
දොස්තර ජෝන්. එච්. වොට්සන් ලන්ඩනයට පැමිණියේ ඇෆ්ගනිස්තානයේ සිටය. ඔහුට හමුවූ අපූරු නවාතැන් සගයා ෂර්ලොක් හෝම්ස් ය. හෝම්ස් නමැති අග්‍රගන්‍ය රහස් පරීක්ෂකවරයා ගේ වික්‍රමයන් ලොවට අනාවරණය වීම ඇරැඹුණේ උක්ත හමුවීම සමගිනි. පාළු නිවෙසක් ඇතුළත තිබී හමුවූ අමෙරිකානුවකුගේ මළ සිරුරකි. ඇත්තෙන්ම එය ස්වභාවික මරණයක්ද? මිනීමැරුමක් ද? මළ සිරුර අසලින් හමුවූ රන් මුදුවේ පසුබිම් කතාව කුමක්ද? අත් අඩංගුවට පත්වනු පිණිසම අපරාධකරු හෝම්ස්ගේ නිවෙස ඇතුළට පිවිසියේ කෙසේද?
ගෝමේද කිරීටයේ අබිරහස | Gomeda Kiritaye Abirahasa
Original price was: Rs 400.00.Rs 320.00Current price is: Rs 320.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ෂර්ලොක් හෝම්ස් වික්‍රම 01
ශ්‍රීමත් ආතර් කෝනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටි කතා ගණන පනස් හයකි. මෙම කෘතියේ එම කෙටිකතා අතරින් පහක සිංහල පරිවර්තන ඇතුළත් වෙයි.
THE ADVENTURE OF THE BERYL CORONET – ගෝමේද කිරීටයේ අබිරහස
එංගලන්තයේ ජාතික වස්තුවක් වූ ගෝමේද කිරීටයේ ඔබ්බවා තිබූ අතිශය දුර්ලභ ගෝමේද මාණික්‍ය තුනක් සහිත කැබැල්ලක් අතුරුදහන්ව තිබුණේ අබිරහස් ආකාරයටය.
THE STOCK BROCKER’S CLERK – අපූරු සහෝදරයෝ
ඔහුට ලැබුණු නව රැකියාව බාර ගන්නට යන්නට එපා කී අමුත්තා ඔහු හට ලබා දුන්නේ ඊට වඩා වැඩි වැටුපක් ලැබෙන රැකියාවකි. එහෙත් ඔහු නව රැකියාවට යාමට සිටි ආයතනයේ පවුම් ලක්ෂ ගණනක සොරකමක් සිදුවූයේ ඔහුගේ නම සහිත පුද්ගලයකු අතිනි.
THE YELLOW FACE – කහ පැහැති මුහුණ
කවුළුවෙන් දැකගත හැකිවූ අමුතු කහ පැහැති මුහුණ නිසා දෙදරුම් කෑවේ ඔහුගේ යුග දිවියයි.
THE GREEK INTERPRETER – ග්‍රීක භාෂා පරිවර්තකයා
බලෙන් අබිරහස් ස්ථානයකට ගෙනගිය ග්‍රීක පරිවර්තකයාට දැකගත හැකි වූයේ මුහුණේ පැලැස්තර අලවා බලෙන් රඳවා ගෙන සිටි මිනිසෙකි.
THE CROOKED MAN – වක ගැසුණු මිනිසා
හමුදා නිලධාරියාගේ අබිරහස් මරණයට වගකිව යුතු වූයේ ඔහුගේ බිරියද? එසේ නොමැති නම් අද්භූත සත්ත්වයෙක් ද?
ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අධිරහස් විසඳූ ආකාරයත් මෙම කෘතියෙන් විස්තර වෙයි.
කදිම පාසලේ නායිකාවෝ | Kadima Pasale Nayikawo
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. The Twins at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 06
නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසැලේ ඉහළම පන්තියකය. එහෙත් ඔවුහු තවමත් දඟකාරය. විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් වෙහෙසෙන්නේ එම පිරිස අතරින් පාසැලට අලුත් ශිෂ්‍ය නායිකාවක තොරන්නටය. වඩාත් හොඳින් වගකීම් දැරිය හැකි ශිෂ්‍යාව කවුරුන්ද…?
ඔක්තෝබර් – රුසියානු විප්ලවයේ කතාව | October
Original price was: Rs 1,300.00.Rs 910.00Current price is: Rs 910.00. The Story of the Russian Revolution
by China Miéville
රුසියානු විප්ලවයේ කතාව
1917 යනු වික්‍රමාන්විත ක්‍රියා, අපේක්ෂා, ද්‍රෝහිකම්, ඇදිහිය නොහැකි අහම්බ සිදුවීම්, යුද ගැටුම් හා සටකපට කූට ප්‍රයෝග, අභීත භාවය, බියගුලුකම හා මුග්ධ භාවය, පුරසාරම, වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි. එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි. එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ, ශක්තියේ, අඳුරු සෙවනැලිවල යුගයකි. එය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ දුම්රිය පිළිබඳ යුගයකි.
රුසියානු විප්ලවය ගැන අප කොතෙක් නම් පොත් කියවා තිබේද? එසේ වුවද ඒ විවාදාත්මක සිදුවීම් ජාලය පිළිබඳව ලියා ඇති අන් කවර පොතකට ද වඩා මේ කෘතිය සුවිශේෂ එකක් වන්නේ එය එම විප්ලවයේ අඳුරු අහුමුලු ද එළිය කරමින්, ඊට දායක සහ නායක වූ චරිත මැදහත් මනසකින් යුතුව විස්තර කරන නිසාම පමණක් නොවේ. ඒ සිදුවීම් මාලාව ශූර නවකතාකරුවකුගෙන් පමණක් බලාපොරොත්තු විය හැකි ආකාරයට පාඨක කුතුහලය ද අවුළුවමින් ඔහු ගොනු කරන විලාසය ද නිසාය. කුඩා දිය සීරාවක් ලෙස ඇරඹි ඔක්තෝබර් විප්ලවය නමැති මහෝඝය ඇළ, දොළ, දියකඳුරු, අතු ගංගා එකතු කර ගනිමින්, වන වදුලු, තුරු වදුලු, තැනි බිම් මැදින්, ගල් පර මතින් ගලා යන රඟ, අප හමුවේ නාටකීය ලෙසින් ඉදිරිපත් කරන ප්රබුද්ධ ශෛලිය ද නිසාය.
පොහොසත් වන්න. සතුටින් සිටින්න. | Pohosath Wanna. Sathutin Sitinna.
Original price was: Rs 1,200.00.Rs 1,020.00Current price is: Rs 1,020.00. Be Rich & Happy
by Robert T. Kiyosaki
මෙම ග්‍රන්ථයෙන් කියවෙන වැදගත් පණිවිඩ කීපයක්ම ඇත.ඉන් පළමුවැන්න වත්මන් අධ්‍යාපන ක්රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පණිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පණිවිඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත්කර ගැනීමට නොහැකි බවය.මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කරගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීමද තවත් වැදගත් කාරණයකි.
ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ අතිශය ජනප්‍රිය කෘතියක් “Rich Dad – Poor Dad” කෘතියේ කතුවර රොබට් ටී. කියෝසාකි විසින් මෙම අගනා කෘතියද වචනා කර ඇත.
මේ ලියුම නොකියවා ගිය අය | Me Liyuma Nokiyawa Giya Aya
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.දශක ගණනාවකට පස්සේ ආපු ඒ දුරකතන ඇමතුම තමන්ගේ ජීවිතය කොහෙන් කොහේට අරගෙන යයිද කියලා සාවිත්‍රි මේ දැනුත් කල්පනා කරනවා. ඇය මේ ඉන්නෙ රසෝඝගෙ දුවගේ මංගලෝත්සවය අවසන් වෙලා ටැක්සියක නැගිලා අකුරැස්සේ ගෙදර යන මග අතරතුර.
එක අතකට මේ නහින දෙහින කාලෙ ඉන්න තමන්ගේ ජීවිතේට තව මොනවා වෙන්නද කියලා ඇය හිතනවා. අනිත් අතට රසෝඝ සම්බන්ධ කාරණා කිසිදවසක අවසන් වුණේ හොඳ අවසානෙකින් නෙමෙයි කියන බිය ඇයගේ හිතේ හොල්මන් කරනවා.
ගෙදරට ආපු සාවිත්‍රි, නංගි එක්ක වෙඩින් එක ගැන කතා කර කර ඉදලා, කාමරේ ඇතුලට වැදුනා. සාරියත් එක්කම ඇදට වැටුණු ඇය අවදි වුනේ පැය කිහිපයකට පස්සේ ආපු රසෝඝගෙ ඇමතුමෙන්
“හෙලෝ”
“ඔයා මගෙන් ඇහුව නේද එදා.?”
රසෝඝ ගේ මේ බාගෙට වාක්‍ය නවත්තන පුරුද්ද සාවිත්‍රිට ඒ කාලෙත් පේන්න බෑ. දැන් කියලත් ඒකෙ කියන්න තරම් හොදක් දැනෙන්නේ නෑ
“මොකක්ද මම ඇහුවේ..?”
“ඔයාව දුවට අදුන්වල දෙන්නෙ කවුරු විදිහටද කියලා”
වසන්තය එනවා සත්තයි | Wasanthaya Enawa Saththai
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00.දම් පාට බෝගන්විලා මල් පඳුර උඩින් ලොකු කහපාට සමනලයෙක් පියෑඹුවා. මම හිතුවා කවදහරි නළුවෙක් වෙනවා කියලා. අපේ අක්කත් ඒ කාලේ හිතුවලු නිළියෙක් වෙන්න. එයා ගමේ කොල්ලෙකුට හැමදාම ඉස්කෝලෙ යද්දි පිච්චමල් ගිහිල්ලා දීලා කොල්ලො එයාට විහිළු කළා ”පිච්ච මල් කුමාරි” කියලා. මං නළුවෙක් වෙන හැටි ගෙදර කට්ටිය බලා හිටියා. මං කොළඹ ඇවිල්ල නිළියෙක් කරකාර බැඳගෙන ගමේ ආවා.
බැස්කර්විල් දඩ බල්ලා | Baskerville Dada Balla
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. The Hound of the Baskervilles
by Sir Arthur Conan Doyle
සර් ආතර් ඩොයිල්ගේ රහස් පරීක්ෂක නව කතා අතුරෙන් මෙය ඉතාම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කතාවය. රාත්‍රි කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරිසරන භීෂනාත්මක දඩ බල්ලෙකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කතාව පසුබිම් වී ඇත්තේ බැස්කර්විල් පරම්පරාවේ භයංකර වෘතාන්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනීමැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.
හදවත්වරක් | Hadawathwarak
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00.ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා.
මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.
හදවත්වරක්
ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.
එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.
තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න
හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.
#hadavathvarak
GUILT – Faculty Of Sex 02 | ගිල්ට් – ෆැකල්ටි ඔෆ් සෙක්ස් 02
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන ගෑනියෙකුට සිද්ද වෙනවා එයාගෙ අත්තටු අකුලගන්න. ඒ ආදරේ ඇතුලෙ බෑ ගෑනු ආත්මයක උපරිම නිදහස විඳින්න. කේ කොයිතරම් නිදහස් පිරිමියෙක් වුනත් මට සිද්ද වෙනවා එයා හින්ද මගේ වනාන්තර ආත්මය යම් තරමකට හෝ පාලනය කරන්න. ඉගිල්ලෙනවා වෙනුවට එයා එක්ක පයින් යන්න. ඒක අපිව ඩිප්‍රෙස් කරනවා. එහෙම ඇකිලිලා ජීවත් වෙන්න ගෑනියෙකුට අමාරුයි. ඒත් හැම ගෑනියෙක්ම පිරිමියෙක් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පුංචි කරගන්නවා. ඒ පිරිමියාගෙ ලෝකෙ ඇතුලෙ හිරවෙලා ජීවත් වෙන්න තෝරා ගන්නවා. ඒත් අපි විලංගු දාලා තියෙන අපේ අත්තටු හැමතිස්සෙම ඒවායේ උරුමය ඉල්ලාගෙන විහිදෙන්න කැරලි ගහනවා. අපි හැමදවසකම ඒ තටු කපා දමමින් අපිව දුර්වල කරගන්නවා. ගෑනියෙකුගේ උපරිමය දරාගන්න කිසිම පිරිමියෙකුට බෑ. බුදුවරයෙක් වුනත් එතනදි අසමත්.
ඒත් කේ කියන්නෙ මගේ ඒ ජීවිතේ අවසානය. කේ ගියාට පස්සෙ මං මගේ අත්තටු දිගට වැඩෙන්න ඉඩ දෙනවා. මං පොලොව අත්ඇරලා මට අයිති අහසේ ජීවිතය තෝරගන්නවා. ටියුලිප් මල් යායවල් ලැවෙන්ඩර් යායවල් උඩින් මං ඉගිල්ලෙනවා. සීත හිම උඩින් කාන්තාර උඩින් මුහුදු උඩින් පියාඹනවා. මං ගොඩක් පිරිමි ගැහැණු එක්ක ආදරෙන් බැඳෙනවා. ගොඩක් සෙක්ස් කරනවා. ඒ හැමෝගෙම හදවත් මං දරුණු විදිහට තුවාල කරනවා. තුවාල වුනු හිතකට විතරයි ජීවිතේ විඳින්න පුළුවන්. මං ඒ හැමෝමව අත්ඇරලා යනවා. කවදාවත්ම ඒ ආදරවන්තයින්ට ඒ ගොල්ලොන්ගෙ පරණ ජීවිතය තරම් ආයිමත් පුංචි වෙන්න බැරි පැල්ම මම වේවි. මං වළාකුල් වෙනවා. වැස්ස වෙලා වැටෙනවා. දියපාර වෙලා ගලනවා. ගගක් වගේ වැඩෙනවා. මුහුදක් තරම් ලොකු වෙනවා.
-චින්තන ධර්මදාස-
පළමු සිව් වසර | Palamu Siw Wasara
Original price was: Rs 680.00.Rs 545.00Current price is: Rs 545.00. The First Four Years
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 09
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වට පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙස වී වැඩපළ කළ යුතුය. ඉක්මනින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමරිකානුවන්ට මුහුණ දෙන්නට සිදුවූ දුක් පීඩාවන්ට සහ ජයග්රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලටද සිදුවෙයි.
මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් මාලාවේ නවවැන්නයි.
මේ මිහිරැති සොදුරු සමය | Me Mihirathi Sonduru Samaya
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00. These Happy Golden Years
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 08
තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජිවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරිමත් කරගෙන රැකියාව කරයි. ඈත් අල්මන්සෝ වයිල්ඩර්ත් අතර පවතින මිතුරුදම ක්‍රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති.
මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් මාලාවේ අටවැන්නයි.
තැනිතලාවේ පිහිටි කුඩා නිවස | Thanithalave Pihiti Kuda Nivasa
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00. Little House on the Prairie
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 02
නත්තල ළඟ ළඟ එමින් තිබූ අතර හිම නොමැතිව නත්තල් සීයාට හා ඔහුගේ පිනි මුවන්ට ගමන් කිරීමට නොහැකි වනු ඇතැයි ලෝරා බියට පත්වී සිටියාය. හිම වැටුණද, මේ තරම් දුර ඈත ඉන්දියානු දේශයක සිටින ඔවුන්ව නත්තල් සීයාට සොයා ගනු නොහැකි වනු ඇතැයි මේරි බියට පත් වූවාය. ඔවුන් අම්මාගෙන් ඒ පිළිබද විමසූ විට තමා ඒ ගැන නොදන්නා බව ඇය කීවාය.
“අද කවද්ද?” යි ඔවුහු අවුල් වී ගිය සිතින් යුතුව අම්මාගෙන් ඇසූහ. “නත්තල් එන්න තව දවස් කීයක් තියෙනවද?” ඔවුන් සිය ඇඟිලිවලින් දින ගණන් කරන්නට වූ අතර අන්තිමේදී එක ම එක දවසක් පමණක් ඉතිරි විය.
ඒ උදෑසන පටන්ම වර්ෂාව ඇද හැලෙන්නට විය. අළු පැහැති අහස් තලයේ එකම එක හිඩැසක්වත් නොවීය. මධ්‍යාහ්නයට මොහොතකට පෙර ආලෝකය වෙනස් විය. වලාකුළු කැඩී ඒ මේ අත පාවෙන්නට වූ අතර පැහැදිලි නිල්වන් අහස් තලයේ දිලිසෙන සුදු පැහැයක් විය. හිරු බැබළෙන්නට වූ අතර කුරැල්ලෝ ගී ගැයූහ. දහස් ගණන් දිය බිඳු තණ පලස් මත දිලිසෙන්නට විය. එහෙත් අම්මා නැවුම් සීතල සුළඟට ගෙතුළට එනු පිණිස දොර හැරිය විට ඔය මහ හඬක් නඟමින් ගලා බසිනු ඔවුන්ට ඇසිණි.
#thanithalawe pihiti kuda niwasa
විජයබා කොල්ලය | Wijayaba Kollaya
Original price was: Rs 550.00.Rs 495.00Current price is: Rs 495.00.#vijayaba kollaya
ගිම්හානයේ කතාවක් | Gimhanaye Kathawak
Original price was: Rs 1,090.00.Rs 870.00Current price is: Rs 870.00. Die Summer
by Ronya Othmann
ගම පිහිටලා තිබුණේ උතුරු සිරියාවේ, තුර්කියට කිට්ටුව. ලෙයිලා හැම ග්‍රීෂ්ම ඍතුවක්ම ගත කළේ එහේ. ඇය එහි සුවඳ බැලුවා විතරක් නෙමේ, රසත් බැලුවා. ඇය එහි කථා දැනගෙන හිටියා. ඇය දන්නවා, එහි ජීවත් වෙන මිනිස්සුන්ට හදිසියේම පලා යන්න සිදු වුණොත් එයාලා කොහෙද එයාලාගේ ඇඳුම් බෑග් හංගලා තැබුවේ කියලා. ලෙයිලා ජර්මන් ජාතික මවකට සහ කුර්දි යෙසිඩි පියෙකුට දාව ඉපදුණේ. ඇය මියුනික්වල උසස් විද්‍යාලයේ සිටියත් හැම ග්‍රීෂ්ම ඍතුවක් ම ඇය ගත කළේ ඇයගේ ආච්චිගේ සීයාගේ යෙසිඩි ගමේ. අසාඩ් විසින් විනාශ කරන ලද අලෙප්පෝ වල අයිඑස් ත්රස්තවාදීන්ගේ මිනීමැරුම් ඇය රූපවාහිනියෙන් දකිනවා. ඒ අතර ම ඒ ගැන කිසිම දැනීමක් නැති ඇයගේ මිතුරන්ගේ මුහුණුත් ඇයට පෙනෙනවා. ලෙයිලාට තීරණයකට එළඹෙන්න සිදුවෙලා.
තුන් තකතිරු කං කරපු කෙනෙක් මං | Thun Thakathirukan Karapu Kenek Man
Original price was: Rs 1,600.00.Rs 1,280.00Current price is: Rs 1,280.00. The 3 Mistakes of My Life
by Chetan Bhagat
ආගමයි, බිස්නසුයි, ක්‍රිකටුයි එකට මික්ස් කරපු මික්ස් ෆෘට් කතාවක්.
ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ The 3 Mistakes of My Life නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි.
යස්ස ළමිස්සි | Yassa Lamissi
Original price was: Rs 1,750.00.Rs 1,400.00Current price is: Rs 1,400.00. One Indian Girl
by Chetan Bhagat
“හායි මම රාධිකා මේතා … මම මේ සුමානේ බඳනවා… !
මං වැඩ කරන්නේ ලොක ප්‍රසිද්ධ බැංකුවක් වෙච්ච ගොල්ඩ්මන් සැක්ස් එකේ.මගේ කතාව කියවන හැමෝටම ස්තූතියි.
හැබැයි පොඩ්ඩක් ඉන්න….මට තියනවා ඔයාලට අවවාදයක් කරන්න. ඔයාලා මට ඒ හැටි කැමති නොවෙන්න පුලුවන් …. ඒකට හේතු තුනක් තියනවා.
1. මං නොසෑහෙන්න හම්බ කරනවා.
2. මට හැමදේකටම මගේය කියලා මතකයක් තියනවා.
3. මට මීට මීට කලින් කොල්ලෙක් ඉඳලා තියනවා.එක්කෝ කොල්ලෝ දෙන්නෙක්ම හිටියා කියමුකෝ.
හ්ම්.. කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප්‍රශ්න නොවෙන බව මම දන්නනවා.එත් මං කෙල්ලෙක් වෙච්ච හින්දා, මේ කිව්ව කාරණාත් එක්ක ඔයාල මට එච්චර කැමති වෙන්නේ නෑ…එහෙම නේද?
එච්චර විතරක් නෙවෙය .. සමහර විට ඔයාලා කියාවි,
“මේකි මහ යස්ස ළමිස්සියෙක් නෙ” කියලත්
සූරිය කුසුම | Sooriya Kusuma
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා කරගත් මේ කෘතිය ඔස්සේ එහි කතුවරයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්රහයක යෙදේ .
#suriya kusuma
යතුරු හතේ අබිරහස | Yathuru Hathe Abirahasa
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00. The Door With Seven Locks
by Edgar Wallace
එඩ්ගාර් වොලස් අබිරහස් කතා 03
රහස් පරීක්ෂක ඩික් මාටින් වටහාගන්නේ දක්ෂතම අගුලු අරින්නකු වූ ලෙවි ෆීනි ගේ අබිරහස් මරණය ට හේතුව අගුලු හතකින් යුත් දොරටුවක් විවෘත කිරීමට උත්සාහ දැරීම බවය.
එය සෙල්ෆෝඩ් සාමිවරයා ගේ සොහොන් ගැබේ දොරටුව බව ඩික් වටහා ගනිද්දී ඔහුට මරණය සදන්නට පැමිණෙන්නේ අසාමාන්‍ය පෙනුමැති තිරිසනුන්ට සමාන දැවැන්ත දෙදෙනෙකි.
සෙල්ෆෝඩ් සොහොන හා බැදුණු ශාපය කුමක්ද?
ලාන්ස්ඩවුන් මෙනෙවියට එම ශාපයෙන් ඇතිවන බලපෑම කුමක්ද?
එම්බර් වීදියේ වික්‍රමය | Ember Vidiye Wikramaya
Original price was: Rs 350.00.Rs 280.00Current price is: Rs 280.00. Well Done, Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 03
හතේ කල්ලියට අයත් වූ රුක් නිවහනට අනවසරයෙන් නැගගත් අමුත්තෙකි.
අබිරහසක් පිළිබඳ හොඳ හෝඩුවාවක් ඔහු සතුව තිබිණි.
රතු කොට්ටයක්, ගරාදි වැටක් සහ එමා ලේන් සොයා ගතහොත් අබිරහස විසඳිය හැකි බවක් හතේ කල්ලියට දැනිණි.
භීෂණයේ මිටියාවත | Bishanaye Mitiawatha
Original price was: Rs 650.00.Rs 485.00Current price is: Rs 485.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ෂර්ලොක් හෝම්ස් වික්‍රම 06
ෂර්ලොක් හෝම්ස් මුහුණ සුණු විසුණු වී ගිය එම හොඳින් නිරීක්ෂණය මළ සිරුර කළේය. බර්ල්ස්ටන් මන්දිරයේ ඒ වැටී සිටියේ දඩයම බවට පත් වූ දඩයක්කාරයාමද? එම බිහිසුණු මරණය පසුපස මියගිය තැනැත්තාගේ බිරියගේ අදිසි හස්තය වී ද? අපරාධකරුවන්ගේ පළිගැනීම්වලින් බේරී අමෙරිකාවෙන් එංගලන්තයට එන රහස් පරීක්ෂකවරයාට අපරාධ ලෝකයේ නැපෝලියන් වූ මහාචාර්ය මොරියාර්ටි සලකන්නේ කෙසේද?
හඬනු පෙම්බර දේශය | Handanu Pembara Deshaya
Original price was: Rs 950.00.Rs 760.00Current price is: Rs 760.00. Cry, The Beloved Country
by Alan Paton
දකුණු අප්‍රිකාවේ කළු ජනතාවගේ දුක්ඛිත තත්වය ලොව හමුවේ තැබූ ප්‍රථම ලේකඛයා ඇලන් පේටන්ට්ය.
“හඬනු පෙම්බර දේශය” භාෂා දහනවයකට පරිවර්තනය වී ලොව පුරා ප්‍රචලිත වූ ග්රන්ථයකි.
වර්ගවාදය මිනිස් සමාජය තුල ඇති කරන අසමානත්වය, උනුන් කෙරෙහි ඇති කරන බිය, ද්‍රරිද්‍රතාව සහ අපරාධ යන විෂම තත්වයන් පිළිබඳ අපක්ෂ්යපාත හා විෂයබද්ධ විවරණයකි.
ග්‍රීක භාෂා පරිවර්තකයා | Greeka Basha Pariwarthakaya
Original price was: Rs 350.00.Rs 280.00Current price is: Rs 280.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
එළියකන්ද වධ කඳවුර | Eliyakanda Wada Kandawura
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00.රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුදහමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය. බුස්ස රැඳවුම් කඳවුර කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය.
හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වූ සියලු මිලේච්ඡ ක්‍රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහාම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) ද සියල්ල හෙළිදරව් කළේය.
එළියකන්ද වධ කඳවුර නම් වූ ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භීෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ඡේදයේ දී හමුදා කඳවුර තුළ ද වධකාගාර තුළ ද සිදු වූ අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වූ දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්රහයකි.
ප්‍රසන්න ලේඛන ශෛලියකින් බස හසුරවන රෝහිත මුණසිංහ නම් අපූරු ලේඛකයා ගේ ආධ්‍යාත්මය, මේ ග්‍රන්ථය වෙතින් ද දැකිය හැකිය.
Madol Doova (English)
Original price was: Rs 425.00.Rs 380.00Current price is: Rs 380.00. මඩොල් දූව
Translated by Ashley Halpe
Martin Wickramasinghe’s novel Madol Doova has been read, re-read and loved by generations of Sri Lankans in its original Sinhala as well as in Tamil and English translations. During the half a century since it was first published in 1947, over a million copies have been printed. It has been translated into Chinese, Russian, Dutch, Rumanian, Czech Bulgarian and Japanese Ianguages and published in these respective countries.
‘The courage and determination that give Upali and Jinna heroic stature in the eyes of the reader, is a product of their unyielding physical and mental strength. Their intelligence confronts and overcomes the handicap of a deficient education. Upali is a hero who overflows with an extraordinary human vitality.
– Professor I. Scavetch, Bruno University –
#madol duwa duva doowa
අපේ ගම | Ape Gama
Original price was: Rs 450.00.Rs 405.00Current price is: Rs 405.00.දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම පරිසරය චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවෙකුගේ අත්දැකීම් වලට සමාන වෙයි. ගස් කොළන් ඇල දොල ගංගා හා ගැමියන් ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවෙකුගේ දෘෂ්ටියෙන් නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ.
1940 වසරේදි පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර – විශේෂයෙන් ළමා පාඨකයින් අතර බෙහෙවින් ප්‍රචලිත වු කතා සංග්‍රහයකි.
මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහා ගත හැකිය.
කලියුගය | Kaliyugaya
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00.ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත ජීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක අධාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකතාවකි. කලියුගය අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගීන් සිදුවන යට කී සමාජ සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය කලියුගය නවකතාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.
ගම්පෙරළිය | Gamperaliya
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00.ගම්පෙරළිය විවිධ මට්ටම් වලින් රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්ෂණ මතු ගැබ්වුණු උසස් ගද්‍ය කාව්‍යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරින් සංවිධානිත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන් ගත් පළමු උත්සාහය බොහෝදුරට සාර්ථක විය. මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස් කලා කෘතියක් බවට බවට පත්වූවා පමණක් නොව,
සිංහල නවකතාව එතෙක් පැවති අසංස්කෘතික මට්ටමෙන් ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේය. ගම්පෙරළිය තේමාව අතින් පමණක් නොව නවකතා ශිල්පය අතින් ද සිංහල නවකතාවේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසාය.
– මහාචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය –
Madol Doova | මඩොල් දූව
Original price was: Rs 525.00.Rs 470.00Current price is: Rs 470.00.“මඩොල් දූව නවකතාවේ වීරයන්, නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තිය විසිනි. ඔවුන්ගේ වැටහෙන නුවණ නූගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපූර්ව වීරයෙකි. උතුරා යන තරම් ජීවය ඇත්තෙකි ඔහු.”
-ආචාර්ය අයි. ස්කාවෙජ්-
අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකතාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ.ශ්‍රි ලංකාවේ පමණක් පිටපත් දශ ලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව,මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැලකේ.රුසියන්,රුමේනියන්, චීන, බල්ගේරියන්, ඉංග්‍රීසි, ලන්දේසි, ජපන් ආදී භාෂා ගණනකට පරිවර්ථනය වී ඇති මඩොල් දූව, එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකතාවකි.
#madol duwa duva doowa
සී+ | C+
Original price was: Rs 1,490.00.Rs 1,340.00Current price is: Rs 1,340.00.ලංකාවේ ජනප්‍රියම ගීතය පද රචනය කළේ මම. දැන් ඔබ සන්තානයේ දහසකුත් එකක් ප්‍රශ්නාර්ථයක් පැන නැඟුණු වග මට දැනෙනවා. එකී සෑම පැනයකටම පිළිතුරු මෙහි අන්තර්ගතයි. ඒත් ඉහත කී ප්‍රශ්න සඳහා පිළිතුරු ගවේෂණය කරනට තකහනියේ පිටුු පෙරළන්න හදිසිවෙන්න එපා.
කතාවේ සුල මුල දැනගන්න නම් මේ පොතේ අකුරක් නෑරම කියවන්න සිද්ධ වෙනවා. අපේ ජීවන ගීතයේ රහස් තියෙන්නේ මේ පිටු අතර හීරවී. පරිච්ඡේද අතර නිම කරගත නොහී වල්මත් වී, ඡේදවල මුල්ලට වී අදෘශ්‍යමානව, වාක්‍ය රටා අතර උඩු යටිකුරු වී, වචන අතර හිස් අවකාශයේ තනිවී.
මගේ ගේය පද රචනා කලාව එක ගීයකින්ම නිම වුණා. ඒ ගීතයෙන් අපි රටම හෙලෙව්වවා. ලත් තැනම ලොප් වුණු මගේ කලා දිවිය අපේ ජීවිත උස්සා පොළොවේ ගැසුවා. ජීවිතයේ නැවත කිසි දිනෙක ගී පද රචනා කිරීමට මගේ බලාපොරොත්තුවක් නෑ. ඒ වෙනුවට මේ පොතේ අපේ කතාව ලියා තියනවා.
ලලනායනය | Lalanayanaya
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00.හොරණෑ සිඟාරම් හඬ යටින්
ප්‍රේමයේ කමටහන් නැතිකමින්
අහෝ මගේ සිත රිදෙනවා දැවෙනවා
ඔබේ තුනුසිරි විලෙහි කිමිදී
නො කාලේ අස්වැන්න කිරිවැදී
සෙත් පිරිත් රොන් සුනු ද දිය වී
සිල් බිඳුණු තුන් සිවුර තෙමෙනවා
රසදියට වඩා ගන පෙම් කඳුළු වැටෙනවා
අරහත් ධජය තෙමා ගෙන
නො පෙනී ම කඳුළු බිඳු වැටෙනවා
මගේ සිල් සිත කකියමින් දැවෙනවා
නළියමින් විත් තෙරපෙමින්
පඬු පිපුණු සිවුර යට සඳ දියත් මිදෙනවා
නිර්වාණ | Nirwana
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.කොළඹ කතාව – බයිපාස්
හැම ට්‍රිප් එකක් ම, වෙඩිං එකක් ම,
පාටි එකක් ම, ගැදරිං එකක් ම,
මීටිං එකක් ම අවසානේ හිස්කම.
වෙන මුකුත් ම නෙමෙයි, හිස්කම.
මිනිස්සු ගැන කලකිරීම.
හුඟක් මිනිස්සු ඉපදිලා ඉන්නෙ
එයාලගෙ දෙමාපියෝ කොන්ඩම්ස්
යූස් නො කරපු නිසා ම විතරයි.
වෙන කිසි ම හේතුවකට නෙමෙයි.
හියුමන් කියන්නෙ මනුස්ස නම්;
ඒත් එයාලා නො දන්නෙත්
ඒ ගැන විතරයි. ටික වෙලාවක් හරි
මිනිස්සුත් එක්ක ගැවසුණා ම
ආයෙත් මූඩ් එක හදා ගන්න නම්,
මට මං එක්ක තනියම හුඟක් වෙලා
ගත කරන්න ඕන.
#kolamba kathawa