Showing the single result

තම්බි මුදියන්සේ | Thambi Mudiyanse

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු 200කට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේය.
ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ ,ඔවුන්ගේ ඔත්තු සේවයට එක්වී සිටි ප්‍රමුඛතම ස්වදේශික ඔත්තු කරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසුකාලයකදී හැඳින්වුණු දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ය.
ඔහුද පසු කාලයේදී ඔහුගේ මී මුණුපුරා ද ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්‍රියා කළේය.
ඒ ඔහු නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි .
මී මුණුපුරා රටේ නායකයා ලෙස කටයුතු කරමිනි .
ශ්‍රි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන යනු ඔහුගේ මී මුණුබුරා ය.
මේ ඔවුන්ගේ කතාවයි.
ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙයි.
අනාගතයේ පුරෝකතනය කරන්නට නම් ඉතිහාසය නිවැරදිව කියවා වර්තමානයේ සමග සමග ගලපා ගත යුතුය.