ලීලා | Leela

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

”මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් මා වෙත එවන ලද ලීලා නම් අභිනව ප්‍රබන්ධ කථාවෙන් කොපියක් ඇබී ස්තූති සහිතව භාරගෙන කියවා බැලිමි. මට නොඑක් විට ලැබෙන පොත්පත් සම්බන්ධ ගුණ දෝෂ පරික්ෂණයට නොවෙහෙසෙන නමුත් මේ පොත ගැන විශේෂ වශයෙන් යමක් ලිවීමට අදහස් විය.මක්නිසාද යත් මාර්ටින් වික්‍රමසිංහ මහතා යම් යම් දේ සොයා පරික්ෂා කොට බලා ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමට ආසා ඇත්තෙකැයි පෙනෙන හෙයිනි.”
– යගිරල පඤ්ඤානන්ද නාහිමි –
සරසවි සඳරැසල 1919 පුනි 19

”ලීලා නවකතාව පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරිත් අනුකරණය කිරීමයි.නවකතාවේ අදහස් ප්‍රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත් ඒ පිළිබඳව කෙරෙන විවේචනයත් අදට ද වලංගු වේ.ලීලා කොතෙක් දුරට වර්තමාන සාහිත්‍ය විචාරය අනුව අගය කිරීමකට ලක්කල හැකි ද යන්න විමසීමේදී එය වැදගත් වේ.පැරණි සාහිත්‍ය තත්කාලීන විචාර ධර්මයෙහි පිහිටා අගය කිරිමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි.”
– චන්ද්‍රා අමරසේකර –
සබරගමුව විශ්ව විද්‍යාලයේ භාෂා හා සමාජ විද්‍යා අංශයේ හිටපු පීඨාධිපතිනි

#lila

මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතුව 2 | Martin Wikramasinghe Short Stories 2

Original price was: Rs 650.00.Current price is: Rs 585.00.

සිංහල බසින් පළ වූ මුල්ම කෙටිකතා සංග්‍රහය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත ගැහැනියක්ය. එය ප්‍රකාශයට පත් වූ 1924 අවුරුද්ද, යථාර්ථවාදී සිංහල කෙටිකතාවේ ආරම්භක අවස්ථාවද විය.

1924 -1951 අතර වන අවුරුදු විසිහතක කාලය තුළ, ඔහු විසින් ලියා පළ කරන ලද කෙටිකතා සංඛ්‍යාව 112 කි. අවුරුදු හැටකට අධික කාලයක් තුළ සිංහල බසත් සාහිත්‍යයත් නඟා සිටුවීම උදෙසා ඔහු විසින් විවිධාකාරයෙන් කරන ලද මෙහෙවරෙහිදී, සිංහල කෙටිකතාවේ අභ්‍යුදයට සැලසුණු නිර්මාණ දායකත්වය අනල්පය.

මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වෙළුම් දෙකකින් යුතුව “ මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා එකතුව ” මෙසේ පළ කෙරෙනුයේ, අනාගත පරපුර උදෙසා මහගත්කරුගේ නිර්මාණ සංරක්ෂණ කර තැබීමේ අභිප්‍රායයෙනි.

යුගාන්තය | Yuganthaya

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

“අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්තයෙන් පිළිබිඔු කරයි.ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්නට හා දකින්නට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙන ය.ඒ සිද්ධීන් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්විමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රි පුරුෂයන්ගේ චරිතයන් ය.එහෙත් කතෘ ගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්නට ලැබෙන්නේ ඔහු ඇසූ දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යක් හා අපූර්ව රසයක් ඇති චමත්කාර ජනක කථාන්තරයකි.

ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා| Tarzan Saha Swarnamaya Singhaya

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

Tarzan and the Golden Lion
by Edgar Rise Burroughs

පැල් -උල්- දොන් නමැති අබිරහස් දේශයේ සිට සිය බිරිඳ වන ජේන් ද සොයා ගෙන ආපසු එන ප්‍රබල ටාර්සන්ට මහ වනයේ දී අනාථ වූ සිංහ පැටවෙක් හමු වෙයි. ටාර්සන් මේ සිංහ පැටවා හීලෑ කර හදා වඩා ගනියි. අත්ලන්තිසයන් ගේ නිධාන සොර කම් කර ගැනීමට කුමන්ත්‍රණය කරන සොර මුළකට ටාර්සන් මරා දැමීමට වුව මනා වෙයි. ඔවුහු රූපයෙන් ටාර්සන්ට අතිශයින් සමාන ව්‍යාජ ටාර්සන් කෙනකු තනති. ඔහු සැබෑ ටාර්සන්ට කෙ තරම් සමාන ද යත්, ටාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් පවා ඔහුට රැවටෙයි.

බිහිසුණු ටාර්සන් | Bihisunu Tarzan

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

Tarzan the Terrible
by Edgar Rise Burroughs

මිය ගිය ජර්මානු නිලධාරියකු ගේ දින පොතක වූ සටහනක් අනු ව. ටාර්සන් යළිත් වරක් තම බිරිඳ සොයමින් මහ වනයට වදියි. මෙ සේ යන ඔහු මහා ගොහොරු බිම් ද වන ගහනයන් ද පසු කර, කාලයා විසින් අමතක කරනු ලැබූ අබිරහස් දේශයකට පැමිණෙයි. ප්‍රාග් – ඓතිහාසික වන මෘගයන් ගෙන් ද වලිග සහිත දරුණු මිනිසුන් ගෙන් ද පිරි ඇති මේ දේශයේ දී ටාර්සන් ඉන් පෙර කී කලෙක වත් මුහුණ නොදුන් අන්දමේ මහා විපත්තීන්ට මුහුණ දෙයි. කෙසේ හෝ සියල්ල ජය ගන්නා ඔහු, සිය බිරිඳ ව ජේන් සොයා ගෙන ආපසු සිය රටට පැමිණෙයි.

නොදැමුණු ටාර්සන් | Nodemunu Tarzan

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

Tarzan the Untamed
by Edgar Rise Burroughs

මහ වනයේ වාහර ගෝත්‍රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ්‍යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු, මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි . කෝප වූ විට, දයා විරහිත වන. ප්‍රබල, ශඨ කපට වන මෘගයෙකි.

තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක්‍රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරුවා ලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු, ප්‍රචණ්ඩ සිංහයන් ද භයංකර වානරයන් ද පිරිවරා ගත් කල, විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවනීය බල වේගයක් වෙයි. වානර – මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අතිභයංකර; අතිභීෂණාත්මක ය.

ඈන් 1 – අරඹෙ ගෙදර ඈන් | Anne 1 – Arambe Gedara Anne

Original price was: Rs 1,050.00.Current price is: Rs 945.00.

Anne of Green Gables
by L. M. Montgomery

මරණයේ සිට උපත දක්වා | Maranaye Sita Upatha Dakwa

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

From Death to Birth Understanding Karma and Reincarnation
by Pandith Rajmani Tigunait

අබිරහස් විද්ධ චිත්‍රය | Abirahas Viddha Chithraya

Original price was: Rs 700.00.Current price is: Rs 630.00.

The Mysterious Portrait and Other Great Stories
by Nokolai Vaselievich Gogol

රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම හාස වාදියාත් ශ්‍රේෂ්ඨතම උපහාස වාදියාත්, ශ්‍රේෂ්ඨතම යථාර්ථ වාදියාත් වන නිකොලායි වසිලීවිච් ගෝගල් පශ්චාත් කාලීන රුසියානු සාහිත්‍ය කෙරෙහිත්, පශ්චාත් කාලීන රුසියානු ලේඛකයන් කෙරෙහිත්, පතුරුවාලූ බලපෑම ඉතා පෘථුල ය. ඔහු ගේ ශ්‍රේෂ්ඨ කථාවලින් ” හිම කබාය”. “රථය”, “නාසය “. “පිස්සකු ගේ දින පොත” හා “භයංකර පළි ගැනීමක් ” ආදී කථා මේ සංග්‍රහයට ඇතුළත්ය. සමාජයේ අධම අසාධාරණකම් නිසා, දිළිඳු කාලකණ්ණි ජීවිත ගත කරන, කෝටි සංඛ්‍යාත ජන කායක ගේ ජිවිත දෙස සානුකම්පිතව බැලීමට මේ කථා අප මෙහෙයවයි.

පියෙර් සහ ශෝං | Piyer Saha Shong

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.
  • 1994 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හොඳම පරිවර්තනය

Pierre and Jean
by Guy De Maupassant

ගී ද මෝපසාං විසින් ලියන ලද නව කථා සයෙන් ශ්‍රේෂ්ඨතම නව කථාව වනුයේ මේ “පියෙර් සහ ශෝං” ය. ගී ද මෝපසාං ගේ නව කථාවක් සිංහලයට පරිවර්තනය වූ පළමු වන අවස්ථාව මෙය වෙයි. මෙය අතිශයින් ම පුද්ගලික කරුණු මත ගොඩ නැඟුණු මනෝ විද්‍යාත්මක නව කථාවකි. බාහිර දේවල නිරීක්ෂණයෙන් අභ්‍යන්තරික සිතුම් පැතුම් පිළිබඳ ඇඟවීමක් කළ හැකි ය යන මෝපසාං ගේ සිද්ධාන්තයට මේ නව කථාව කදිම උදාහරණයකි. රෝලොං මහත්මිය ‌ගේත් පියෙර් ගේත් මනස ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමේ දී මෝපසාං දක්වන චාතූර්යයත් අරපිරිමැස්මත් නිසා මේ නව කථාව නිර්මාණය අතින් අතිවිශිෂ්ඨ කෘතියක් වෙයි.

මේ කෙටි නව කථාව, ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මෙන්, නවතාවෙන් යුතු ව වාර බොහෝ ගණනක් කියවා රස විඳිය හැකි ය.

ඈ හෙවත් අයේෂා 2 | Ae Hewath Ayesha 2

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

She 2nd Volume
by H. Rider Haggard

එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා” පුනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එක ම නව කථාව වෙයි.අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය.ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නව කථාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.

ඈ හෙවත් අයේෂා 1 | Ae Hewath Ayesha 1

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

She 1st Volume
by H. Rider Haggard

එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා පුනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එක ම නව කථාව වෙයි.අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත්වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙනමේ නව කථාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5 | Montha Kristho Situwaraya 5

Original price was: Rs 1,100.00.Current price is: Rs 990.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

ඇලෙක්සන්ද්ර දියුමා ගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නමැති රසාලිප්ත නව කථාවේ මේ පස්වන වෙළුම, පදවි ලෝභයත් උන්නතිකාමයත් නිසා බිහිසුණු ඉරණමකට මුහුණ දෙන මිත්‍ර ද්‍රෝහීන් ගේ අභ්‍යන්තරය මනා ව විවරණය කරයි. මේ වෙළුම, ශෘංගාරයෙන්, භීතියෙන්, ශෝකයෙන් හා ත්‍රාසයෙන් පිරී ඇත.

හාදුව | Haduwa

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

රන් මකුණා | Ran Makuna

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

සුනෙත්‍රා හෙවත් අවිචාර සමය | Sunethra Hewath Awichara Samaya

Original price was: Rs 990.00.Current price is: Rs 890.00.

යම් පොතක් කියවතොත් කියවන්නාට එයින් ප්‍රයෝජනයක් විය යුතුය.

බසෙන් වත්, උගත මනා සත් ගුණාදියකින් වත්, විනෝදය ගෙනදීමෙන්වත් පොත පල් හෑල්ලකි. පල්හෑල්ල කලා රසයෙන් ද, හීන බැවින්, කලාරසය ලද හැක්කේත්, පළමු කිවූ පොත්වලින් ම බව දත මැනවි. දුසිරිත් බෝ කරන කුණු කසල සහිත පොත් කලා කාරියක් මෙන් දකින්නා සුසිරිත නොහඳුනයි. හොඳ සිහළ පොතක පිටුවක් පමණ වත් නොවරදින්නට කියවා ගත නොහැකි ඇතැම් අය, අද මහ විචාරක නාමයෙන් කල එළි බසිති එ සේ කල එළි බසිමින්, හොඳ සිහළ බසින් පිටුවක් පමණ මත් නොවරදින්නට ලියා ගත නොහැකි පුහු ගත්කරුවන් ගේ නොහොත් මුදලාලි ගත්කරුවන්ගේ අවියත් පොත් පතට පන්දම් ඇල්ලීමටත්, අන්‍යයන්ගේ වියත් පොත් පත් හෙළා දැකීමටත් පුරුදුව සිටිති. මෙ වැනි විෂම ගති ගුණ ඇති කාලයක කියවන්නා කූටොපදෙශ රහිතව ස්වයම් බුද්ධියෙන් ම හොඳ පොත කුමක් ද, පල්හෑල්ල කුමක් ද කියා සලකා ගත යුතු ය.

බඹා කෙටූ හැටි | Bamba Ketu Hati

Original price was: Rs 450.00.Current price is: Rs 405.00.

‘විශ්වාස කරන්න දම්මි, මම තානායමට ගියේ බොන්න නෙවෙයි. ඔයා දන්නව තානායමට ගියාම තක්ෂිලාව හොඳට පේනවා’

‘තානායමට යන්න ඕනෑ නෑ සුගත්,තක්ෂිලාව මට මෙතැනට පේනවා’

‘දම්මි තක්ෂිලාව තවමත් එහෙම මයි. කිසි වෙනසක් නෑ”

‘අපිටත් පුළුවන් වුණා නම් තක්ෂිලාව වගේ වෙනස් නොවී ඉන්න…’

‘ඇයි දම්මි, අපි තක්ෂිලාවට ගියේ.. ? ඇයි අපි එතැනදී මුණගැහුණේ ?’

‘ඔයා මොනවද සුගත් මට කරන්න කියන්නේ ??’

‘හිනාවෙන්න ..!! දම්මි අර තක්ෂිලාවේදී වගේ තව එක සැරයක් හිනාවෙන්න – මට අන්තිමට බලල යන්න …’
ඕ දෙ අතින් මුහුණ වසා ගෙන ඉකි බිදින්නට පටන් ගත්තාය .

සේපියන්ලා | Sapienla

Original price was: Rs 1,800.00.Current price is: Rs 1,620.00.

Sapiens
by Yuval Noah Harari

”සිත් ගන්නා සුළු හා කියවීමට පොළඔවන මෙම කෘතියෙන් මිහිමඩල මත මිනිසුන් වන අප ගත කර ඇත්තේ කෙතරම් කෙටි කාලයක්ද යන්න යථා පරිදි ඔබ වෙත ගෙනහැර පායි.”
– බැරැක් ඔබාමා

ගින්දර
අපට බලය දුන්නේය.

ගොවිතැන
අප තව තවත් කෑදර කළේය.

මුදල්
අපට අරමුණු දුන්නේය.

විද්‍යාව
අප බිහිසුණු මාරක වර්ගයක් කළේය.

අපට අවිෂය ලෝකයේ වානරයාගේ සිට වත්මන් ලෝකයේ පාලකයන් දක්වා අපේ අරුම පුදුම ඉතිහාසය පිළිබඳ විශ්මයජනක තොරතුරු මාලාවකින් සමන්විතය.

පිසාචයෝ | Pisachayo

Original price was: Rs 1,940.00.Current price is: Rs 1,745.00.

The Hungry Ghosts
by Shyam Selvadurai

ද්‍රවිඩ ගැටවරයෙකු වීමත් සමලිංගික ආශාවන්ට නැඹුරු වීමත් අසූ ගණන් වසරවල ගතිගානුගත ලංකා සමාජයේ අවධානම් ගතිගුණ වෙයි.මෙම දිත්ව අවදානමට අමතරව ශිවන් හට තිබූ අනෙකුත් ගැටලු වූයේ තමාගේ ජීවිතය ගිරයකට අසුකළ පුවකයක් මෙන් ග්‍රහණය කරගත් මිත්තණියයි.තමාට කුමාරයකුට මෙන් සැලකුවත් තම මවත්, සොයුරියටත් සිඟන්නන් ලෙස සැලකූ ධනවත් මිත්තණියගෙන් ගැලවීම ඔහුගේ අනෙකුත් සියලු අවශ්‍යතාවයන් අභිබවා සිටියි.

අසූ තුනේ භීෂණයෙන් විපතට පත්වූ ද්‍රවිඩ ජනතාවට කැනඩාවට ආගමනය කිරීමට ලැබීම මේ සියල්ලන්ගෙන්ම ගැලවීමට හොඳම මග ලෙස ශිවන් දකී.එනමුත් එහි ගිය පසු නව ආගමනීකයකු ලෙස මුහුණුපාන්නට සිදුවන අතරවරත් මවගේ අමුතු හැසිරීමත් දකින ඔහුට එය සිහිනයක් බව වැටහෙයි.

පස් වසකට පසු කෙටි නිවාඩුවකට ආපසු ලංකාවට එන ශිවන් රටේ බොහෝ දේවල් හොඳ අතට හැරී ඇති බවත් දකියි. පෙම්වතකු සමග දැඩි සබඳකමක් ඇතිවීමත් සැපවත් දිවියට අවශ්‍ය ආදායමක් ලැබීමත් ඒ දෙකම නිසිසේ රසවිදීමට නිදහසකුත් දකින ශිවන් ලංකාවේ නවති.

තමන් කලින් නොදුටු සතුරු බලපෑම් එම දිවිය ඉක්මනින් සුණුවිසුණු කළ විට මානසික පීඩනයෙන් ආපසු කැනඩාවට එන ශිවන් මිත්තණියගේ ලෝකයෙනුත්, මවගේ ලෝකයෙනුත් ඈත්වී දුරස්තර නගරයක අළුත් දිවියක් අරඹයි මෙය ඔහුට පාරාදීසියක් වෙයි?

රාවණා මෙහෙයුම 3 | Rawana Meheyuma 3

Original price was: Rs 1,950.00.Current price is: Rs 1,755.00.

මෙම පොත, හෙළ දිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස, ඉතිහාසයේ වැළලී ගිය සටන් හාරා අවුස්සමින් කළ ගවේෂණවල ප්‍රථිඵලයකි.

මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණාත්මක සාධනය කිරීමකි.

සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොඅනුමානය.

#ravana

මුතු මණ්ඩපම් | Muthu Mandapam

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,080.00.

“නිල් පැහැති අහස් තලය පසුබිම් කරගෙන වලාකුළු පෙරහැර කොතැනක යන්නේද? එය අවමංගල පෙරහැරක් වැනි යයි ඔබට සිතෙන්නේ නොමැතිද දේවිය?”

මගේ සිත කීරි ගැසිණ. එහෙත් ආයාසයෙන් ශෝකය මැඩ පවත්වා ගත් මම ඔහුගේ වේදනා දෙන අත සෙමෙන් පිරිමැද්දෙමි.

“එය අවමංගල පෙරහැරක් ලෙසින් මම නොදකිමි රජතුමනි. මට එය පෙනෙන්නේ දළදා පෙරහැර ලෙසින්. සුදු වලාකුළු මා දකින්නේ හස්තීන් ලෙසින්. දුටුවේද රජතුමනි අර විශාල වලාකුළ දළදා කරඬුව පිට මත තබාගෙන සිටින හස්තියකු ලෙසින් දිස් වන අයුරු”

“සැබෑමයි.”

ඔහු වේදනාත්මක මඳ සිනාවක් නැගුවේය.

“නමුත් එහි හැඩය කෙමෙන් නැති වී යනවා. දැන් මට එය දිස්වන්නේ කිරුළ අහිමි වූ රජකුගේ ස්වභාවයෙන්.”

“කිරුළ අහිමි වී නැත රජතුමනි. දුටුවේද ඈත් වී තිබූ කිරුළ යළිත් ඔහු කරා පැමිණෙන ආකාරය? සැන්දෑ හිරු රැසින් රන් පැහැගත් එය දිස්වන්නේ රන් කිරුළක් ලෙසිනුයි.”

“විටෙක ඔබ ද කුඩා දැරියක් මෙනි දේවිය… ඔබට මතකද දියතිලක මණ්ඩපයට අප ගිය ඇතැම් රාත්‍රීන් වල වලාකුළු සහ තාරකා රටාවන් දෙස බලාගෙන ඔබ පබඳින කව් පද? මා නිසා ඔබේ කවි සිත මියගියාදැයි මට විටෙක සිතෙනවා.”

“නැත රජතුමනි. තවමත් මගේ ජීවිතයේ කව් උල්පත ඔබයි. පන්හිඳෙන් තල්පතක සටහන් නොකළ ද, ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් මගේ සිත තුළ කවි පද උපදිනවා.”

බිඳුණු සඳ පහනෙන් – වෑහෙන සඳ දියර

කිරි මුහුදට වැටී – සිනාසෙන අපුරුව…

පෙම්බරාණනි…

දෑත් පටලා ගෙන – යන්න ඇතිනම් නැවත

අප මිහිරි මතක පිරි – සෙංකඩගල පුරට..

ශෘංගාර දනව්වේ උමා ශාක්‍යා | Uma Shakya

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

“මම ඔයාට ආදරේ කරනවා. හැබැයි ඒක විශේෂ ආදරයක්. ඒ ආදරේ ඇතුළෙ ඔයා මගෙමයි කියල හැඟීමක් මට දැනෙන්නෙ නැහැ. ඔයා වෙන ගෑනු ළමයෙක් ගැන කියන වෙලාවක මගෙ හිතට පුංචිම පුංචි දුකක් දැනෙනව තමයි. ඒක හරියට අල්පෙනිත්තකින් අනිනවා වගේ පුංචිම පුංචි වේදනාවක්. ඒත් ඒ වේදනාව තියෙන්නෙ තත්පර ගාණයි. ඉන් පස්සෙ මම සාමාන්‍ය වෙනවා. සාමාන්‍ය වෙලා ආපහු ඔයාට ආදරේ කරනවා. ඔයත් මට ආදරේ කරනවද නැද්ද කියන එක දැනගන්න මට අවශ්‍යතාවයක් එන්නෙ නැහැ.”
ඇය කීවාය.

“ඒක පුදුමයි… ඒත් මටත් දැනෙන දෙයක් තියෙනවා. මමත් ඔයාට ආදරෙයි. ඔයා කිව්ව දේම මටත් දැනෙන වෙලාවල් තියෙනවා. ඒත් ඔයා තරම්ම මට පාලනයක් නැහැ. ඔයා වෙන කෙනෙක් ගැන කියනකොට දැනෙන වේදනාව තත්පර ගණනකට වඩා මගෙ හිතේ තියෙනවා. මම හිතන්නෙ…
ඔයාට වඩා මම දුර්වලයි…”

“ඔයා දුර්වලයි නෙවෙයි,
ඔයා ආදරණීයයි…”

ආරිය සිංහබාහුගේ මරණය | Ariya Sinhabahuge Maranaya

Original price was: Rs 550.00.Current price is: Rs 495.00.
  • 2024 රජත පුස්තක සම්මානය සදහා නිර්දේශිත

මනුෂ්‍ය සමාජය සමග යම් සංකීර්ණ භාෂාමය හා ආඛ්‍යානමය සම්භාෂණයක යෙදෙමින් සමාජය, ජීවිතය හා පැවැත්ම පිළිබඳ සියුම් අර්ථ ජනිත කිරීමෙහි කැමැති ලේඛක ලේඛිකාවන් කෙටිකතාව සලකන්නේ නිර්මාණ ශක්තියේ ප්‍රාබල්‍යය අනුව හැඩගැසී ඕනෑම මොහොතක අලුත් මුහුණුවරකින් මතුවිය හැකි සාහිත්‍ය විධියක් ලෙසය. කෙටිකතාවට දරාගත නොහැකි අදහසක්, තේමාවක්, චරිතයක් හෝ අන්තර්ගතයක් නැත. එහෙත් එය එසේ වන්නේ කෙටිකතාකරුවා දීප්තිමත් අදහස් ඇති තියුණු සිතන්නෙකු වන අතරම කතා කීමෙහි ශිල්පය හා කලාව බුහුට් ලෙස භාවිත කරන ව්‍යූහමය පරිකල්පන ශක්තිය ඇත්තෙකුද වන විටය. ප්‍රින්ස් සේනාධීර අපගේ පැවැන්මෙහි ගැඹුරුම ස්ථාන දකින නිරීක්ෂණ ශක්තියත්, ඒ ස්ථාන ගැන ගැඹුරු සිතිවිලි සිතන බුද්ධිමත්කමත්, පැවැත්ම ගැන නිරීක්ෂණ සහ සිතිවිලි කතා කලාව සමග මුසු කරන ප්‍රතිභා ශක්තියත් ඇති කෙටිකතාකරුවෙකි. කියන දෙය සහ කියන විධිය යන දෙක අතර අර්ථකාරක අන්තර්ක්‍රියාව තම කතා තුළ පිහිටුවන්නට සමත් රචකයෙකි. කෙටිකතා කලාව සමග ජීවිත කාලයක් පොරබදන්නට ඇති කැමැත්තද ඔහුට ඇති බව පෙනෙන්නේ අර සියලූ ගුණ අතින් වර්ධනය වන ගමනක සිය තෙවන කතා සංග්‍රහය දක්වාම ඔහු පැමිණ ඇති බැවිනි.

ලියනගේ අමරකීර්ති

කර්මක්ෂ | Karmaksha

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.
  • 2017 වර්ෂයේ ගොඩගේ සම්මාන නිර්දේශිත

අප බොහෝමයකගේ බිරින්දෑවරුන් හා සසඳන විට ඇය රූමත් එකියක නොවන බව, පිටස්තරයන් මෙන්ම අපේ යටි සිත් ද අපමණ වාරයක් අපට පවසා තිබේ. ඇස් කඩාගෙන යන අයස්කාන්ත පෙනුමකට උරුම කම් නොකීවද, ඇය අප කිසිවෙකුටත් ප‍්‍රතික්ෂේප කිරීමට අසීරු තරමේ ආකර්ෂණයකින් හෙබි බව අප සියල්ලන්ටම අවිවාදයෙන් යුතුව පිළිගැනීමට සිදු වීම, අප ලද එක්තරා මානසික ජයග‍්‍රහණයක් බව පැවසිය යුතුම ය.

මනාව පිහිටි අඟපසඟින් යුතු සෘජු ශරීරයකටද, අඳුරු පැහැයට සමීප සමකටද උරුමකම් කී ඇගේ මුහුණේ වූ දිගැටි නෙත් ඉතා දීප්තිමත් වූ අතර එහි ශෝකී පෙනුමක් ඇති බව අපි නිතර එකිනෙකා සමග පැවසීමු. ඇගේ නෙත් වල ශෝකී බවක් පෙනෙන්නේ අපටම පමණක්ද යන්න සැක කිරීමට ප‍්‍රමාණවත් තරම් සාක්ෂි බොහෝ තිබුණද, අපි ඒවා සැලකිල්ලට ගැනීමට තරම් උද්යෝගිමත් නොවීමු. හුරුබුහුටි නැහැය ඇගේ මුහුණට තියුණු බවක් එක් කොට තිබුණු අතර, පිරිපුන් මාංසල දෙතොල් ඇයට සරාගී පෙනුමක් උරුම කර දී තිබුණි.

මීනා | Meena

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

පළමු වන සිංහල නවකතාව

සමාරම්භක සිංහල නවකථාකරුවන් අතර ඒ. සයිමන් ද සිල්වා ලේඛකයාණන්ට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ඒ ඔහු පළමු සිංහල නවකතාව ලෙස සැලකෙන ‘මීනා’ රචනා කිරීමේ ගෞරවය හිමි කරගත් නිසා ම නොව එමඟින් නූතන යථාර්ථවාදී නවකතාවේ ආභාසය ද සැලකිය යුතු පමණින් ප්‍රකට කළ නිසා ය.

1876 නොවැම්බර් 14 වැනි දා මාතර දී උපන් අලුත්ගමගේ සයිමන් ද සිල්වා 1920 සැප්තැම්බර් 23 දා නුගේගොඩ දී පරලොව සැපත් විය. රාජ්‍ය සේවයේ නියුක්ත ව සිටි නමුදු හෙතෙම එම යුගයේ අධිරාජ්‍යවාදී පාලනයට එරෙහි ව ජාතික ව්‍යාපාරය තුළ තීරණාත්මක බලපෑමක් ඇති කළ විශිෂ්ට චරිතයක් විය. එක් අතකින් නිර්මාණ සාහිත්‍යය ද අනෙක් අතින් එම යුගයේ ප්‍රගතිශීලී මෙහෙවර වූ ජාතික සටන ද තම ජීවිතයේ කොටසක් බවට පත් කරගත් සයිමන් ද සිල්වාගේ ලේඛන, වර්තමානයේ වඩාත් ගවේෂණශීළී විචාරාත්මක කියවීමකට ලක් විය යුතු යැයි සිතමු.

මොකක්ද මට මේ වෙන්නෙ | Mokakda Mata Me Wenne

Original price was: Rs 950.00.Current price is: Rs 760.00.

What’s Happening to Me?
by Alex Freeth

නව යොවුන් අවධිය මුහුකුරා යෑමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබේ නම් ඒ අවධිය තේරුම් ගැනීම පහසුය.

ඔබේ සිරුරට එහිදී කුමක් සිදුවේ ද යන්න මේ පුස්තිකාව තුළ පැහැදිලිව සරලව සහ සෘජු ලෙස පැහැදිලි කෙරෙයි.

හැඟීම් ද ඇතුළු ව ඔබ ජීවිතයේ, මේ වැදගත් අවධියේ දැන ගත යුතු සියලු වැදගත් කරුණු මෙහි මැනවින් සංග්‍රහ කර ඇත.

මාවතේ ගීතය | Mawathe Geethaya

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,040.00.

බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වු දිළිඳු බ්‍රාහ්මණයෙකු වු හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත – බිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිත – මේ නවකතාවෙන් නිරූපනය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියත් විදහා දක්වමිනි.සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් ලෙස රසිකයින්ගේ අවධානය දිනාගත් “පොථොර් පංචාලි” මේ නවකතාව ඇසුරින් නිර්මිතය.

ශ්‍රී කාන්ත හා රාජ ලක්ෂ්මී | Shri Kantha Ha Raja Lakshmi

Original price was: Rs 1,050.00.Current price is: Rs 840.00.

ඒ දඟකාර තරුණිය එදින රාත්‍රියේ පැමිණ හෙළූ කදුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියළි පැවතිණ. ඔවුන් දැන් කොහේ ඇද්දැයි මට නිතරම සිහි විය. ඔවුන් ගංගාමාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි.

සැඳෑ හිරු රැස් අප ඉදිරියේ වූ තැනිතලාවේද එහි තිබුණු හුදෙකලා බට පදුරේද සියඹලා ගස් මතද රන් පැහැයක් තැවරීය. මම රාජලමීට හොරෙන් ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ දෙතොල් මත වූ සිනාව ඒ වන විටත් මැකී ගොස් තිබුණේ නැත.

හිරුගේ විසුරුණු ස්වර්ණ ප්‍රභාවෙන් ඇගේ සුපුරුදු සිනාමුසු මුහුණ දැකිද්දී එය කිසියම් අපූර්ව බවක් පළ කළේය.

දෙවැනි ගැහැනිය | Deweni Geheniya

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,350.00.
  • 2022 ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත

“මම යනවා.” ඇගේ සැමියා කීවේය.

මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.

ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.

අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.

මේ, ඒ කතාවයි…

#Dewani Gahaniya #Devani #Dewani #Deveni

12.12.12

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,260.00.

ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ අලෙවි වාර්තා තැබූ කෘතිය..

ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.

රැම්සීස් V | Ramses V

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.

RAMSES V Under the Western Acacia
by Christian Jacq

“උතුමාණෙනි, ඔබ මා නුබියාවේ යුව රජු ලෙස පත් කිරීම මට දුන් තිළිණයක්. මා බෙහෙවින් අගයන, එහෙත් ඔබ මට වඩා බොහෝම බලවත්, මට මේ බර දරාගත හැකිවේද?”
-සේටෝ

“මා රාජ දූතයෙකු ලෙස මගේ යුතුකම ඉටු කළා පමණයි. සාමය වෙනුවෙන් කැපවී මා ඔබට අභියෝග නොකරන්නේ නම් , මා ඔබේ මිතුරා වන්නේ කෙසේද?”

-ආශා

“යුදෙව්වන් ගරු කරන එකම නීතිය යාවේගේ නීතියයි. උන්වහන්සේගේ නාමයෙන් ඔබ, පාරාවෝ අපට ඉඩ දෙන්න කාන්තාරය බලා යාමට”

-මෝසස්

“ඔබට විශාල ජයක් අත් වුණා උතුමාණෙනි, ඔබට පින් සිදුවන්නට මා කොතරම් ආශ්චර්යමත් දිවියක්ද ගත කළේ?”

-සෙරමන්තා

“මගේ පාරාවෝ. මා මගේ දිවියේ ඉදිරි කාලය ඔබේ කතාව ලියන්නට කැප කරනවා. මෙලොවදී මෙන්ම ඊළඟ ලෝකයේදීත් කිිසිවෙකුට අමතක නොවේවි ඔබ. ආලෝකයේ පුත්‍රයා!”

-ආමෙනි

රැම්සීස් IV | Ramses IV

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

RAMSES IV The Lady of Abu Simbel
by Christian Jacq

”මගේ පියාණන් පාරාවෝ යන්නට දුන් නිර්වචනය නම්, ”තම ජනතාව සතුටින් තබන්නා” යන්නයි. කෙසේද එය කල යුතු? මා-ආට් අනුව යමින්, දෙවියන් සතුටු කරමින්. එවිට ඔවුන් මනුෂ්‍යා වෙන ආශිර්වාද දක්වනවා.”

”මට දැනෙනවා රැජින මේ සියලු දේට සම්බන්ධ බවක්”.

”සත්‍යයි ඈ සමඟ. ඈ වෙනුවෙන් සියල්ල සිදු වන්නේ.අවශ්‍යයි මට තනන්නට සිහිවටනයක්; ඊජිප්තුව හා නුබියාව ආරක්ෂා කරමින්. අපට අවශ්‍ය ශක්තිය මවන, දීප්තිය උපදවන ! ”

”ඔබ තෝරා ගත්තාද ස්ථානයක්?”

නුබියාව මධ්‍යයේ තිබෙනවා ස්ථානයක් අඹු සිම්බල් නමින්. එතැන හාතෝර් දෙවඟන ඇගේ මුද්‍රාව තැබු ස්ථානයක්. තරු රැජින, ආදරයේ රහස නම් මුද්‍රාව, ගල මත තැබූ ස්ථානයක්. ඒ් ආදරයයි මා නෙෆටාරිට පුදන්නට සුදානම් වෙන්නේ. ඒ් තිළිණය ඇය සදාකාලිකව ම “අබු සිම්බල්හි ආර්යාව” බවට පත් කරනු ඇති.”

රැම්සීස් III | Ramses III

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

RAMSES III Battle of the Kadesh
by Christian Jacq

එය මායාවක් වැනි විය. විශ්වයේ ඈත කෙළවරින් නැඟී ආ හඬක්, ඒ තෙරක් නොපෙනෙන අහසේ ප්‍රතිරාව නංවමින්, රැම්සීස් ගේ දෙසවනට පමණක් ඇසෙන්නට විය.
“මා ඔබේ පියාණන්, ආමන්, ඔබේ අත මට දෙන්න. මා ඔබෙයි. ජයග්‍රහණයේ පියාණන් වූ මා ඔබෙයි. පුතණුවනි.”

එක්වර ම පාරාවෝ ආලෝක ධාරාවකින් වැසී ගියේය. ඔහුගේ සිරුර හිරු එළියේ රන් පැහැයෙන් දිලෙන්නට විය. රැම්සීස්, රා ගේ පුත්‍රයා තම දිව්‍යමය ශරීරයේ බලය ලබා ගත්තේය. තවදුරටත් ඔහු පරාජිත අණ දෙන්නෙකු හෝ හුදකලාව, අවුලටපත් රජෙක් නොවීය. ඔහු ශක්තිමත් අසිපතක් රැඳෙන දෑතක් හිමි, යටපත් කළ නොහැකි ශක්තියකින් යුතු රජෙක් විය. සියල්ල දවාලන ගිනි සිළුවක් විය. රාත්‍රී අහසේ අඳුර විනිවිද යන උල්කාපාතයක්, වේගයෙන් හමන සුළඟක්, සටනට සැරසුන කුළු හරකෙක්, පහරදීම සඳහා අත්පහුරු විහිදාගත් උකුස්සෙක්! රැම්සීස් ඊයක් පසුපස ඊයක් විදින්නට පටන් ගති.

රැම්සීස් II | Ramses II

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

RAMSES II The Eternal Temple
by Christian Jacq

”ආලෝකයේ පුත්‍රයා”

පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වු රැම්සීස්ට තැබු නාමයයි ඒ්. ඔහු නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ්‍යය භාරදෙයි.

සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍ය ගොඩ නැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද?

මේ සියලු උපද්‍රව වලින් රැම්සිස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත රන්වන් සුනඛයා, නොනිදන්නා, සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද?

බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේ දි, තම සිහිනය වු සදාතනික දෙවොල යතාර්තයක් කිරිමට හැකිවේද ආලෝකයේ පුත්‍රයාට?

රැම්සීස් | Ramses

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.

RAMSES The Son of the Light
by Christian Jacq

අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට, නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් II, දෙවන රැම්සීස්,

වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු, ආලෝකයේ පුත්‍රයා නම් විය.

පාරාවෝ සේටි; ඔහුගේ පියා තම රට ලොව වඩාත්ම බලවත් අධිරාජ්‍යය බවට පත් කළේය.

සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍ය යේ හිමිකරුවා කවුරුන්ද? සඳවන් මුහුණක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල්, ජවසම්පන්න තරුණයකු වූ රැම්සීස්ද?

විශිෂ්ඨයකු වන්නට, ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය, එහෙත්, තම සහෝදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සීස්ට හැකිවේද?

ලස්සන ඉසෙට් හා නෙෆටාරි…………

මේ දෙදෙනා අතුරින් ඔහු තම ආදරිය තෝරාගන්නේ කෙසේද?

සිටියේ ඔහුට; විශ්වාසී මිතුරන් තිදෙනෙකු පමණි. පාසල් මිතුරෙක් වූ යුදෙව්වා, මෝසස්; සර්පයින් වශී කරන සේටෝ; පුද්ගලික ලේකම් ආමෙනි……..

මේ සියලු දෙනා සමග අනාගතය ජය ගැනීමට හැකිවේද? ආලෝකයේ පුත්‍රයාට?

නාග වශිය | Naga Washiya

Original price was: Rs 500.00.Current price is: Rs 400.00.

The Things Man Do
by James Hadley Chase

# naaga vashiya

දිවි දුන් රූමතිය | Divi Dun Rumathiya

Original price was: Rs 500.00.Current price is: Rs 400.00.

A Coffin from Hong Kong
by James Hadley Chase

හොංකොං සිට තම ඇමෙරිකානු ජාතික ස්වාමිපුරුෂයාගේ මෘතදේහය රැගෙන පැමිණි චීන තරුණිය,පෞද්ගලික රහස් පරීක්ෂක නෙල්සන් රයාන්ගේ කාර්යාල මැදිරිය තුළදී අදිසි මිනීමරුවකුගේ වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූවාය.

ධන කුවේරයෙකු වූ ඇගේ මාමණ්ඩියට අවශ්‍ය වූයේ හදිසි රිය අනතුරකින් මිය ගිය තම පුත්‍රයා ගැනත්, ඔහුගේ මිනී පෙට්ටිය හොංකොං සිට ඇමෙරිකාවට ගෙන පැමිණි තම ලේලියගේ අබිරහස් මරණය ගැනත් විමර්ශනය කිරීමටය.

ඒ සඳහා ඔහු පැසඩෙනා නගරයේ සිටි අති දක්ෂ පෞද්ගලික රහස් පරීක්ෂයෙකු වූ නෙල්සන් රයාන් යෙදවීය. මෙම අබිරහස පිටුපස විමර්ශනය කරමින් හොංකොං බලා පිටත් වූ රයාන්ට මුහුණ දීමට සිදුවුයේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ අති බිහිසුණු මිනීමරු සංවිධානයක් සමග ජීවිතයත් මරණයත් අතර සටන් වැදීමටය.

#diwi dun roomathiya

ඔස්කා වයිල්ඩ් ජීවිත කතාව | Oscar Wilde Jeewitha Kathawa

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.

The Life of Oscar Wilde
by Hesketh Pearson

හෙස්කත් පියර්සන් එංගලන්තයේ වෝර්සෙස්ටර්ෂයර් ප්‍රදේශයේ ඉපිද බෙඩ්ෆෝඩ් නගරයේ රජයේ පාසලක අධ්‍යාපනය ලැබී ය. පාසල් අධ්‍යාපනය නිම කොට කෙටි කාලයක් එම නගරයේම ජීවත් වූ ඔහුගේ සිත ඇඳී ගියේ රංගන කලාව කෙරෙහි ය. ප්‍රථම ලෝක සංග්‍රාමය අවධියෙහි (1914-19) රජයේ ස්වේච්ඡා භට හමුදාවට බැඳී වසර තුනක් මෙසපොතේමියාව සහ පර්සියාව යන විදේශයන්හි හමුදා භටයෙකු ලෙස සේවය ඉටු කරමින් හමුදා කපිතාන්වරයෙකු ලෙසට උසස්විම් ද ලැබී ය. 1931 දක්වා යළිත් වේදිකා රංගනවේදියෙකු ලෙස කටයුතු කළ ඔහු චරිතාපදාන කෘති රචකයෙකු ලෙස සේවය කිරීම සඳහාම නළු දිවියට ද ආයුබෝවන් කියා ඇත. මෙම කෘතියට අමතරව පියර්සන් තම අතීත ඥාතිවරයෙකුව සිටි ඉරෑස්මස් ඩාර්වින් චරිතාපදාන කෘතිය මෙන්ම , මහා කවි ෂේක්ස්පියර්, ජෝන් නිකල්සන් , සිඩිනි ස්මිත්, ජොර්ජ් බර්නාර්ඩ් ෂෝ, වෝල්ටර් ස්කොට් , චාල්ස් ඩිකන්ස් ජොන්සන් සහ බොස්වෙල් ආදී ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවන්ගේ චරිතාපදාන කථා ද ඉතා සාර්ථක අයුරින් ලියා පළ කර ඇත. එංගලන්තයේ මෙන්ම ඇමෙරිකාවේ ද එම පොත් ජනප්‍රියත්වයට පත් වූ අතර ඇතැම් කෘතීන් ප්‍රංශ , ජර්මන්, ස්වීඩන් සහ ස්පාඤ්ඤ භාෂා වලට ද පරිවර්තනය වී තිබේ.

කදිම පාසලේ හොඳම නිළිය | Kadima Pasale Hodama Niliya

Original price was: Rs 750.00.Current price is: Rs 600.00.

The Second Form at St Clare’s
by Enid Blyton

කදිම පාසල් පොත් පෙළ අංක 04

රඟපෑමෙත්, වයලීන වාදනයේත් අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩ්ස් ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනෙයි.කදිම පාසල් පන්ති නායිකාවක වීමට එල්සි සුදුසු නැති බව ළමයි වටහා ගනිති. කදිම පාසලේ තවත් වාරයක ළමයින්ගේ හපන්කම්,මෝඩකම් අතරේ ඕ’සලිවන් නිවුන් සොහොයුරියන් හැසිරෙන්නේ කෙබඳු ආකාරයකට ද…?

කදිම පාසලේ වීරවරිය | Kadima Pasale Weerawariya

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

The O’Sullivan Twins
by Enid Blyton

කදිම පාසල් පොත් පෙළ අංක 02

පාස්කු පාසල් වාරය ඇරඹෙද්දී නිවුන් සොයුරියන් කදිම පාසලට යන්නේ සිය මිතුරියන් යළි මුණගැසෙන අපේක්ෂාවෙනි. අලුත් ශිෂ්‍යාවක වූ මාරිගෙරී ඉතා දර දඬු ඇසුරට නුසුදුසු අයකු ලෙස පෙනෙයි. මුළු පාසලම ඇයව ප්‍රතික්ෂේප කළත්… එක් බිහිසුණු රැයක මුළු පාසලම අභිබවා වීරවරියක ලෙස නැගී සිටියි.