Novels - නවකතා
Madol Doova (English)
Original price was: Rs 425.00.Rs 380.00Current price is: Rs 380.00. මඩොල් දූව
Translated by Ashley Halpe
Martin Wickramasinghe’s novel Madol Doova has been read, re-read and loved by generations of Sri Lankans in its original Sinhala as well as in Tamil and English translations. During the half a century since it was first published in 1947, over a million copies have been printed. It has been translated into Chinese, Russian, Dutch, Rumanian, Czech Bulgarian and Japanese Ianguages and published in these respective countries.
‘The courage and determination that give Upali and Jinna heroic stature in the eyes of the reader, is a product of their unyielding physical and mental strength. Their intelligence confronts and overcomes the handicap of a deficient education. Upali is a hero who overflows with an extraordinary human vitality.
– Professor I. Scavetch, Bruno University –
#madol duwa
අපේ ගම | Ape Gama
Original price was: Rs 450.00.Rs 405.00Current price is: Rs 405.00.දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම පරිසරය චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවෙකුගේ අත්දැකීම් වලට සමාන වෙයි. ගස් කොළන් ඇල දොල ගංගා හා ගැමියන් ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවෙකුගේ දෘෂ්ටියෙන් නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ.
1940 වසරේදි පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර – විශේෂයෙන් ළමා පාඨකයින් අතර බෙහෙවින් ප්‍රචලිත වු කතා සංග්‍රහයකි.
මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහා ගත හැකිය.
කලියුගය | Kaliyugaya
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00.ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත ජීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක අධාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකතාවකි. කලියුගය අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගීන් සිදුවන යට කී සමාජ සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය කලියුගය නවකතාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.
ගම්පෙරළිය | Gamperaliya
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00.ගම්පෙරළිය විවිධ මට්ටම් වලින් රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්‍ෂණ මතු ගැබ්වුණු උසස් ගද්‍ය කාව්‍යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරින් සංවිධානිත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන් ගත් පළමු උත්සාහය බොහෝදුරට සාර්ථක විය. මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස් කලා කෘතියක් බවට බවට පත්වූවා පමණක් නොව,
සිංහල නවකතාව එතෙක් පැවති අසංස්කෘතික මට්ටමෙන් ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේය. ගම්පෙරළිය තේමාව අතින් පමණක් නොව නවකතා ශිල්පය අතින් ද සිංහල නවකතාවේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසාය.
– මහාචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය –
මඩොල් දූව | Madol Doova
Original price was: Rs 475.00.Rs 425.00Current price is: Rs 425.00.“මඩොල් දූව නවකතාවේ වීරයන්, නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තිය විසිනි. ඔවුන්ගේ වැටහෙන නුවණ නූගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපූර්ව වීරයෙකි. උතුරා යන තරම් ජීවය ඇත්තෙකි ඔහු.”
-ආචාර්ය අයි. ස්කාවෙජ්-
අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකතාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ.ශ්‍රි ලංකාවේ පමණක් පිටපත් දශ ලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව,මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැලකේ.රුසියන්,රුමේනියන්, චීන, බල්ගේරියන්, ඉංග්‍රීසි, ලන්දේසි, ජපන් ආදී භාෂා ගණනකට පරිවර්ථනය වී ඇති මඩොල් දූව, එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකතාවකි.
සී+ | C+
Original price was: Rs 1,490.00.Rs 1,340.00Current price is: Rs 1,340.00.ලංකාවේ ජනප්‍රියම ගීතය පද රචනය කළේ මම. දැන් ඔබ සන්තානයේ දහසකුත් එකක් ප්‍රශ්නාර්ථයක් පැන නැඟුණු වග මට දැනෙනවා. එකී සෑම පැනයකටම පිළිතුරු මෙහි අන්තර්ගතයි. ඒත් ඉහත කී ප්‍රශ්න සඳහා පිළිතුරු ගවේෂණය කරනට තකහනියේ පිටුු පෙරළන්න හදිසිවෙන්න එපා.
කතාවේ සුල මුල දැනගන්න නම් මේ පොතේ අකුරක් නෑරම කියවන්න සිද්ධ වෙනවා. අපේ ජීවන ගීතයේ රහස් තියෙන්නේ මේ පිටු අතර හීරවී. පරිච්ඡේද අතර නිම කරගත නොහී වල්මත් වී, ඡේදවල මුල්ලට වී අදෘශ්‍යමානව, වාක්‍ය රටා අතර උඩු යටිකුරු වී, වචන අතර හිස් අවකාශයේ තනිවී.
මගේ ගේය පද රචනා කලාව එක ගීයකින්ම නිම වුණා. ඒ ගීතයෙන් අපි රටම හෙලෙව්වවා. ලත් තැනම ලොප් වුණු මගේ කලා දිවිය අපේ ජීවිත උස්සා පොළොවේ ගැසුවා. ජීවිතයේ නැවත කිසි දිනෙක ගී පද රචනා කිරීමට මගේ බලාපොරොත්තුවක් නෑ. ඒ වෙනුවට මේ පොතේ අපේ කතාව ලියා තියනවා.
නිර්වාණ | Nirwana
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.කොළඹ කතාව – බයිපාස්
හැම ට්‍රිප් එකක් ම, වෙඩිං එකක් ම,
පාටි එකක් ම, ගැදරිං එකක් ම,
මීටිං එකක් ම අවසානේ හිස්කම.
වෙන මුකුත් ම නෙමෙයි, හිස්කම.
මිනිස්සු ගැන කලකිරීම.
හුඟක් මිනිස්සු ඉපදිලා ඉන්නෙ
එයාලගෙ දෙමාපියෝ කොන්ඩම්ස්
යූස් නො කරපු නිසා ම විතරයි.
වෙන කිසි ම හේතුවකට නෙමෙයි.
හියුමන් කියන්නෙ මනුස්ස නම්;
ඒත් එයාලා නො දන්නෙත්
ඒ ගැන විතරයි. ටික වෙලාවක් හරි
මිනිස්සුත් එක්ක ගැවසුණා ම
ආයෙත් මූඩ් එක හදා ගන්න නම්,
මට මං එක්ක තනියම හුඟක් වෙලා
ගත කරන්න ඕන.
#kolamba kathawa
අරලියමල් ආරාමය | Araliyamal Aaraamaya
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00.“උන්නාන්සේ තොට මෙි අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපඟය වැටුනා.
“මේකි කන්න එපැයි මේ කියන කතාවට තොට හෙණ හත ගහනව බොල”
“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලග්ගකො ඇත්ත. ඉවරයිනෙ” “තෝ අපිට පටලෝගවා, නූල් බෝලෙ වගෙ පටලෝගවා.”
“පටලවාගෙන තියෙන්නෙ අම්මලාගෙ.මම ඔවි කියනවා. අමිමල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් ගැනිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ. වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුගෙ නෑ.
“ඒක තමයි මට උනෙත්…”
LOVE – Faculty Of Sex 03 | ලව් – ෆැකල්ටි ඔෆ් සෙක්ස් 03
Original price was: Rs 1,350.00.Rs 1,215.00Current price is: Rs 1,215.00.හැම කෙනෙකුටම තියෙනවා එයාගෙම ශෘංගාර කතාවක්. ඒක කාටවත් නොකියන එකක් වෙන්න පුළුවන්. කවුරු හරි එක් කෙනෙක් එක්ක විතරක් බෙදා ගන්න එකක් වෙන්න පුළුවන්. යාලුවො විතරක් දන්න එකක් වෙන්න පුළුවන්. කොහොම වුනත් අපි හැමෝගෙම ශෘංගාරය අපිටම අනන්‍යයි. ශෘංගාරයේ සුන්දරත්වයත් ඒකමයි.
ඔය කවුරු වුනත් ඇඳුම් ගැලෙව්ව්වම එකයි වගේ කතා කියන්නෙ ශෘංගාරය ගැන කිසි දැනීමක් නැති මිනිස්සු. ශෘංගාරය තියෙන්නේ ශරීර අඟපසඟ වල නෙමෙයි. ඒක තියෙන්නෙ සංවේදනා වල. ඒක අපි විඳින්නෙ අපේ අතිශය පුද්ගලික තැන් වලින්.
හැම ශෘංගාර කතාවක්ම අපි කියන අනිත් හැම කතාවකටම වඩා ලස්සනයි. අපිට පුළුවන් නම් අපේ ශෘංගාර කතා විවෘතව බෙදා ගන්න අපේ ජීවිතේ ශෘංගාර කලාපයන් විශාල වෙනවා. ඒ වගේම එහෙම බෙදාහදා ගැනීමක් කරන්න අපි අතර විශ්වාසය ගෞරවය වගේම ආදරයත් විශාල වෙන්න ඕන.
මේ පොතේ පිටු අතර කියවන්න ලැබෙන්නේ ඒ වගේ එක එක මිනිස් ජීවිතවල ශෘංගාර සංවේදන. අපි හිතන නොහිතන, විඳින නොවිඳින, පිලිගන්න නොපිලිගන්න, ගොඩක් තැන් ඒ අතර තියෙන්න පුළුවන්. ඒත් ඒ තව කෙනෙකුගේ ආස්වාද විශ්වයක් හැටියෙන් බාරගන්න පරිණතකමක් අපිට තියෙන්න ඕන.
නිරුවත් පහසක් විඳිනවා කියන්නෙම ආර්ට් එකක් අපිට බඩගින්නට මොනවා හරි බඩට දාගන්න පුළුවන්. ඒ වගේම විවිධ රස භාවයන් විඳිමින් කෑමක් වරුවක් විතර විඳින්නත් අපිට පුළුවන්. සෙ ස් කියන්නෙත් එහෙම දෙයක්. අවශ්‍යතාව පිරිමසා ගැනීමේ සෙක්ස් කියන්නෙ දුප්පත්කමක්. හුස්මෙන් හුස්ම කියවන, රෝමයෙන් රෝමය දනවන, සුවඳ, නර්තනය විඳින සෙක්ස් කියන්නෙ සුඛෝපභෝගීත්වයක්.
ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියන්නෙ එහෙම නිදහසක්, බාර ගැනීමක් වගේම දියුණු විඳීමක් ජීවිතය ඇතුලෙ නිර්මාණය කරගත්ත පොහොසත් වැඩිහිටියන් වෙනුවෙන්. ඒ කතා තියෙන්නෙ ඒවා අහන්න තරමට සංස්කෘතික වුනු කන්වලට විතරයි.
-චින්තන ධර්මදාස-
ස්වෛරී | Swairee
Original price was: Rs 750.00.Rs 600.00Current price is: Rs 600.00.මුදලට ඇඟ විකිණූ ගණිකාවක ගේ එක ම දියණිය වූ ඇය, අපරිමිත කැප කිරීම් සිදු කරමින් සහ බිඳ වැටීම් දරා ගනිමින්, අවසන ජීවිතය දිනන්නට විය. එසේ ගිය ඒ ගමනේ දී, ඇය කෙතරම් අසාර්ථකත්වයන්ට සහ පරාජයන්ට මුහුණ දුන්නේ ද යන්න ගැන වත්, ඇය විඳී මහමෙරක් තරම් වූ දුක් කන්දරා ගැන වත්, ඇයට සිය දිවි නසා ගන්නට පවා සිතූහා වූ වාර ගණන ගැන වත්, කිසිවෙකු හෝ සොයා නො බැලී ය. ඒ කිසිවක් ඇයගෙන් විමසන්නට වත් කිසිවෙකු නොවී ය. ඇය හැඬු තරම දන්නේ ඒ කඳුළු හෙළූ ඇගේ ඇසුත්, ඒ කඳුළු දරා ගත් මහ පොළොවත් පමණි.
අද ඔබට සිනාසෙන මිනිසුන්, දිනෙක ඔබ වෙනුවෙන් ප්‍රියසාද පවා පවත්වනු ඇත. ඔබ ඔවුන් ගේ මිතුරන් බවත්, නෑදෑයින් බවත් බොහෝ ආඩම්බරයෙන් කෑ ගසමින් කියවනු ඇත. ඔබ ඊයේ දිනයේ කෙතරම් කඩා වැටුණා වුවත් කමක් නැත; අද අලුත් දවසක් බව පමණක් සිහි කරගන්න.
අන් අය ඔබෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ නො ව, ඔබට ඔවුන් වෙනුවෙන් සිදු කළ හැකි දේ පිළිබඳ පමණක් ඔබේ අවධානය යොමු කරන්න. ඔබ ව නිර්මාණය කරමින් හිඳින්නේ ඔබ මැ මිසක, ඒ අන් කිසිදු අයෙකු නො විය යුතූ ය. එවිට ඔබගේ ජීවිතය ඉතා වේගයෙන් යහපත් ලෙස වෙනස් වන්නට පටන් ගන්නා බැව් ඔබට මැ වැටැහී යනු ඇත.
ලස්සන ම මල් බොහොමයක් පිපෙන්නේ, දරාගත නො හැකි තරම් වූ මහා වැසි මැද බව සිහි කරගන්න. මේ, ඔබේ ජීවිතයට මහා වැසි ඇද හැලෙනා කාලය විය හැකි ය. ඉදින්, මහා වැසි වලට ආදර කරමින් ටික කලක් සතුටින් ඉවසන්න ; ජයග්‍රහණයේ මල් පිපෙනු ඇත.
#svairee #swairi #svairi
සත් වැනි සඳේ රෑ | Sath Wani Sande Ra
Original price was: Rs 1,850.00.Rs 1,480.00Current price is: Rs 1,480.00. On the Night of the Seventh Moon
by Victoria Holt
අපි නැවත එක් වී සිටින්නෙමු. දැන් ඔහුට විවෘත ව අභිවන්දනය කරන පළමු වැන්නා මම වන්නෙමි. තවත් නම් ඉතින් රහස් නැත. අපගේ විවාහය පිළිබඳ කතා පුවත, සිටුවරයාගේ මරණය, විලහෙල්මිනා කන්‍යාරාමයක විවේකීව ගත කරන්නට පිටත් වී යාම, අපගේ පුත්‍රයා සොයා ගනු ලැබීම – මේ සැම අතීතයට එක් වූ පුරා වෘත්තයන් ය. යුද්ධය පිළබඳ වැදගත් සිදුවීම විසින් ඒ සියල්ල ගිල ගනු ලැබ තිබේ.
මැකිසිමිලියන් ගෙදර පැමිණ සිටී! ඔහුගත් ෆ්‍රීට්සිත් එක් කිරීමේ මහා ප්‍රීතිය මම අත්වින්දෙමි. මගේ පුතුට දැන් මවක පමණක් නොවේ, ඔහුට ආදරය කළ හැකි, ගෞරව කළ හැකි පියකු ද සිටී……
යතුරු හතේ අබිරහස | Yathuru Hathe Abirahasa
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00. The Door With Seven Locks
by Edgar Wallace
එඩ්ගාර් වොලස් අබිරහස් කතා 03
රහස් පරීක්ෂක ඩික් මාටින් වටහාගන්නේ දක්ෂතම අගුලු අරින්නකු වූ ලෙවි ෆීනි ගේ අබිරහස් මරණය ට හේතුව අගුලු හතකින් යුත් දොරටුවක් විවෘත කිරීමට උත්සාහ දැරීම බවය.
එය සෙල්ෆෝඩ් සාමිවරයා ගේ සොහොන් ගැබේ දොරටුව බව ඩික් වටහා ගනිද්දී ඔහුට මරණය සදන්නට පැමිණෙන්නේ අසාමාන්‍ය පෙනුමැති තිරිසනුන්ට සමාන දැවැන්ත දෙදෙනෙකි.
සෙල්ෆෝඩ් සොහොන හා බැදුණු ශාපය කුමක්ද?
ලාන්ස්ඩවුන් මෙනෙවියට එම ශාපයෙන් ඇතිවන බලපෑම කුමක්ද?
අකම්පිත අලුගොසුවෙක් | Akampitha Alugosuwek
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00.Once a Jolly Hangman Singapore Justice In the Dock
අපරාධයේ ස්වභාවය කුමක් වුවද වරදකරුවෙකුට මරණීය දණ්ඩනය පැමිණවීම අශිෂ්ට, මිලේච්ඡ දඬුවමක් ලෙස ශීලාචාර ලෝකයේ රටවල් රාශියක පිළිගැනීම ය. රටේ සිදුකෙරෙන අපරාධමය වැරදි රැසකටම සිංගප්පූරු දේශය මරණීය දඬුවම ක්‍රියාත්මක කරනුයේ ඊට එරෙහි ජාත්‍යන්තර විරෝධය නොතකා හරිමිනි. දැන හෝ නොදැන,චෑංගි ගුවන්තොටුපල ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිරත වූ ස්ත්‍රී පුරුෂ තරුණ පිරිස බොහෝ දෙනෙක් චෑංගි හිරගෙදර පොරකයේ එල්ලා මරනු ලැබූ හ.
එරට රජයේ අලුගෝසු තනතුරේ විශ්‍රාම ලබා සිටී “ දර්ශාන් සිං” නමැති ශික් ජාතිකයා රහසේ හමුවුණ හැත්තෑ පස් හැවිරිදි බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී ඇලන් ෂැඩ්රේක් රැස්කල කරුණු අනුසාරයෙන් “Once a Jolly Hangman” නමැති කෘතිය සම්පාදනය කර ඇත.
“ අකම්පිත අළුගෝසුවෙක්” එහි සිංහල පරිවර්තනයයි. ෂැඩ්රේක්ට එරෙහිව සිංගප්පූරුව විසින් නඩු පවරා ඔහුට දඬුවම් ලබාදී ඇතත් ඔහුගේ ග්‍රන්ථය එරට තහනම් කර නැතැයි පැවසේ.
පරිවර්තක, සෝමපාල මල්ලවආරච්චි
දඩයම් බල්ලා | Dadayam Balla
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ෂර්ලොක් හෝම්ස් වික්‍රම 05
17 වැනි සියවසේ බැස්කර්විල් මන්දිරයේ විසූ හියුගෝ නමැති වංශාධිපතිවරයා දුෂ්ඨ ගති පැවතුම් ඇත්තෙක් විය. බැස්කර්විල් පරපුරේ ශාපයට මූලික වූයේ ඔහු ය. අපායෙන් පැමිණි තරමට බියකරු, මුවින් ගිනිදැල් විහිදුවන දඩයම් බල්ලා හියුගෝගේ උගුරු දණ්ඩ සපා දැමුවේය. සියවසකට වැඩි කාලයකට පසු නැවත ශාපය සක්‍රිය වූ බවක් හඟවමින් ශ්‍රීමත් චාල්ස් අබිරහස් මරණයකට ගොදුරු විය. එම මරණයට හේතුව දඩයම් බල්ලා බව කට කතාවලින් කියැවිණි.
බැස්කර්විල් පරපුරේ මීළඟ හිමිකරු පැමිණෙන තුරු දඩයම් බල්ලා පොරොත්තු වෙයි. ඔහු මන්දිරයට පැමිණෙන්නේ ෂර්ලොක් හෝම්ස් හා දොස්තර වොට්සන් සමඟ නම්…
ඇමැති දියණි | Amathi Diyani
Original price was: Rs 400.00.Rs 320.00Current price is: Rs 320.00. The Minister’s Daughter
by Obi B. Egbuna
මල්ගුඩි පාසල් දවස් | Malgudi Pasal Dawas
Original price was: Rs 490.00.Rs 390.00Current price is: Rs 390.00. Malgudi School Days
by R. K. Narayan
මානි සද්දන්තයෙක්. ගුරුවරු පවා ඔහුගේ දඩබ්බරකම්වලට තරවටු කරන්න ඉදිරිපත් වුනේ නැහැ. ඔහුට ඕනෑ හැටියක හැසිරෙන්නට ඉඩ දී තම ගරුත්වය රැකගැනීම හොඳ බව ඔවුන් විශ්වාස කළා. මානි නිතරම පන්තියේ පිටුපස බංකුව අයිති කරගෙන එහි වැතිරී නිදාගත්තා. මේ හේතුව නිසා සෑම ඉහළ පන්තියකම මානිගේ සමකාලීන සිසුන් සිටීම අරුමයක් නොවෙයි. සමහර ආදි සිසුන් පවා ඔහු සමඟ එක පන්තියේ ඉගෙනගත් නිසා මානි ජනප්‍රියයි. අසාධාරණකම් නොරිස්සූ මේ සිසුවා ස්වාමිනාදන් වෙනුවෙන් ප්‍රධානාචාර්යතුමාගේ කාර්යාලය වෙතට යන්නට ඉදිරිපත් වුණා. එය ස්වාමිනාදන්ගේ සිතට ලොකු හයියක්.
හෙට උදා වුවහොත් | Heta Uda Wuwahoth
Original price was: Rs 1,450.00.Rs 1,085.00Current price is: Rs 1,085.00. If Tomorrow Comes
by Sidney Sheldon
ජීවිතය පැය විසි හතරක් තුළදී සම්පූර්ණයෙන්ම කණපිට පෙරලුණු, උඩුකුරු යටිකුරු වූ අංශක එකසිය අසූවක් අනෙක් පැත්තට හැරුණු, ට්‍රේසි විට්නි ඔබට මේ පොත තුළදී හමුවෙයි. සිඩිනි ෂෙල්ඩන් ඇය මුහුණ දෙන දූර්දශාව හරහා අප වෙත උලුප්පා පෙන්වන්නේ ධනේශ්වක නීතිය පිළිබඳ පැවැනි ස්පාඤ්ඤ ප්‍රස්ථා පිරුළ අතිශයින් සත්‍ය බවය. ඒ පිරුළට අනුව” නීතිය මකුළු දැලකී මැස්සා පැටලෙයි; උගුස්සා බේරෙයි.”
කරුවල ගෙදර | Karuwala Gedara
Original price was: Rs 700.00.Rs 630.00Current price is: Rs 630.00.“අම්මා දැන් වයසට ගිහිල්ල. වයසක මිනිස්සු ඔහොම තමයි. ඒගොල්ලන්නෙ අදහස් වෙනස් කරන්න බැහැ” යි නිමල් තම මවට දොස් නැඟු, විමලාට කීවේය. “හැමදාම මෙයා කියන්නේ අම්මගෙ වයස ගැන” යි විමලා තරහයෙන් කීවාය. “අම්මා තාම හිතන්නේ එයා ඉලන්දාරි ගෑණියෙක් කියා. අම්මගෙ ඔළුවෙ ඉදුණු කෙස් ගහක්වත් නෑ. අම්ම ඕව කරන්නේ ආඩම්බරකමට. තාත්තාට නම් වයස වැඩියි. නමුත් තාත්ත අම්ම වගෙ නෙවි.” “ගෑනු උදවිය පිරිමි වගෙ නෙවි. විමලාගෙ අම්මා වස කාලා මැරුණු එක අම්මට මතක නැති කරන්න බැරුව ඇති.” “වස නොකෑවට මෙයාගෙ අම්මගෙ විත්ති මම අහල තියෙනව” යි විමලා කෝපයෙන් කීවාය. “කට වහගනින්” යි නිමල් දැඩි ස්වරයෙන් තෙපලේය. “අපි කසාද බැඳලා අවුරුද්දක් වෙනව. තාම මෙයා අම්මලයි ගෙදරට මාසෙකට සැරයක් හාල් ගෝනියෙකුයි මාසෙකට ඇති වෙන්න සිල්ලර බඩුයි යවනව. මම ගෙදර වැඩ කරන්කෙ අරපිරිමහගෙන. මම අක්කට මොකුත් ඇරියම මෙයා ඒකට වැඩිය කැමති නෑ”.
කරුවල ගෙදර දක්වන චරිත හා බලවේග අතුරින් මා සිතට වඩාත් ගොදුරු වුයේ රතුහාමිගේ චරිතයත් කොග්ගල පිළිබඳ සියුම් විස්තරයත්ය. පැරණි කොග්ගල පිළිබඳ කතුවරයාගේ අත්දැකීම් ඔහු තුල අමරණියව පවතින බව මෙහි එය නිරූපනය කොට ඇති ආකාරයෙන් පෙනේ.කරුවල ගෙදර නිර්මාණය කිරිමේදි … බොහෝ සිංහල නවකතාවල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයන් කර්තෘ ප්‍රකාශ කරයි.එය කියවීමෙන් එක්තරා ප්‍රමාණයකින් අපේ අත්දැකීම් අර්ථාන්විත බවට පමුණුවයි.”රතුහාමිගෙ” චරිතය මතක් ප්‍රතිභාවෙන් ද අනුකම්පාවෙන් ද යුතුව නිර්මාණය කොට ඇත.
#karuvala gedara
ටාර්සන් ගේ පුත්‍රයා | Tarzan Ge Puthraya
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. The Son of Tarzan
by Edgar Rise Burroughs
ත්‍රාස ජනක වීර ක්‍රියාවන්ට ඇති ඉමහත් ආශාවත් මහ වනයේ නිදහසට ඇති ළැදි කමත් නිසා, ටාර්සන්ගේ පුත්‍ර කොරැක් හෙවත් “මරුවා” ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහා වනයට පලා යයි. එහි දී ප්‍රබලතම වානරයා වන අකුටි ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක්, සිය පියා සේම වනයේ අධිපතියා වෙයි.
මෙහි දී අරාබි ගමක වසන සුන්දර සුදු තරුණියක හා පෙම් බඳින කොරැක්. ඇය රැගෙන සිය වන ගත නිවෙසට යයි.
විජයග්‍රාහී කෝනාන් | Vijayagrahi Konan
Original price was: Rs 650.00.Rs 585.00Current price is: Rs 585.00. Conan the Conqueror
by Robert E. Howard
මේ වූ කලී, මිනිස් ඉතිහාසයේ ඈත අඳුරු අතීතයට අයත් සදා අමතක නොවන අතිශය අද්භූත ජනක බිහිසුණු කථාන්තරයකි.ගල ලෝහිතය රාජ්‍ය කළ, ශක්තියත් බලයත් යුක්තිය වූ, අනුරාගයත් දූෂණයත් පිරිවර කොට ගත්, යන්ත්‍ර හා මන්ත්‍ර රාජ්‍ය තන්ත්‍ර වූ,ම්ලේච්ඡ කාල පරිච්ඡේදය මතකයට නංවන්නකි. ප්‍රචණ්ඩත්වයෙන් ලොමුදැහැගන්වන සුලු, භීෂණත්වයෙන් ලෙය හිරි ගන්වන සුලු,ක්‍රෑරත්වයෙන් හෘද ස්පන්දනය නතර කරවන සුලු, මේ භයංකර කථාන්තරය සිංහල සාහිත්‍යයට නවාංගයක් එකතු කරනු ඇත.
#wijayagrahi conan
රාවණා මෙහෙයුම | Rawana Meheyuma
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00.පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලද වෛද්‍ය සුසිත රුවන්, උසස් අධ්‍යාපනය ලද්දේ කොළඹ රාජකීය විදුහලෙනි.අනතුරුව කොළඹ වෛද්‍ය පිඨයට ඇතුළත්ව 2010 වර්සයේදි බටහිර වෛද්‍යවරයෙකු ලෙස සමත් විය.ජයවර්ධනපුර රෝහලේ සීමා වාසික වෛද්‍යවරයෙකු වශයෙන් වෘත්තිය ජීවිතය ඇරඹු වෛද්‍ය තුසිත රුවන් ලියු පළමුවන නවකතා නිර්මාණය වෙනත් දිශානතියක විහිදී ඔහුගේ නිර්මාණ කුසලතාව පෙන්නුම් කරයි.
මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණාත්මක සාධනය කිරීමකි. සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොඅනුමානය.
හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස, ඉතිහාසයේ වැලලී ගිය සටහන් හාරා අවුස්සමින් කළ ගවේෂන වල ප්‍රතිඵලයක් ලෙස මෙම පොත බිහි විය.
#ravana
සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස | Sathsanda Nohoth Mali Almedage Hath Dawasa
Original price was: Rs 1,800.00.Rs 1,620.00Current price is: Rs 1,620.00. The Seven Moons Of Maali Almeida
by ශෙහාන් කරුණාතිලක
The Seven Moons Of Maali Almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්‍රමවේදයත් නිසාය.’ 2022 BOOKER PRIZE සම්මානය සන්ත්‍රාස සමයක සිර වූ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්‍රහයක්.
1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්, අවතාර පමණි. මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි. ජාත්‍යන්තර සම්මානලාභී ක්‍යසබ්ප්බ සමග ප්‍රමුඛ ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු ලෙස පිළිගැනීමට ලක් වූ ශෙහාන්ක රුණාතිලක නැවත එන්නේ දශකයකට පසුවය. ඒ අපහසුකාරී ඇත්තක්, මූසල මුඛරිකමක දැවටූ දෙදරා යන කෘතියක් කැටුවයි. මුල් පිටපත Chats with The Dead නමින් එළිදැක්විණ.
ප්‍රේමාක්ෂර | Premakshara
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සඳහා නිර්දේශිත
මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි.
සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.
ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.
වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.
සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.
“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.
මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.
ළමුතු අමයා | Lamuthu Amaya
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00.‘ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි.
“ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‘හොද ළමයෙක් වෙයන් පුතේ’ කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.
පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බය නොවෙන එක. අවාසිය තමයි එයාලා බය නොවෙන දේවලට අපි බය වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ.
වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරැම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ. මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්. විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන”
ලලනායනය | Lalanayanaya
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00.හොරණෑ සිඟාරම් හඬ යටින්
ප්‍රේමයේ කමටහන් නැතිකමින්
අහෝ මගේ සිත රිදෙනවා දැවෙනවා
ඔබේ තුනුසිරි විලෙහි කිමිදී
නො කාලේ අස්වැන්න කිරිවැදී
සෙත් පිරිත් රොන් සුනු ද දිය වී
සිල් බිඳුණු තුන් සිවුර තෙමෙනවා
රසදියට වඩා ගන පෙම් කඳුළු වැටෙනවා
අරහත් ධජය තෙමා ගෙන
නො පෙනී ම කඳුළු බිඳු වැටෙනවා
මගේ සිල් සිත කකියමින් දැවෙනවා
නළියමින් විත් තෙරපෙමින්
පඬු පිපුණු සිවුර යට සඳ දියත් මිදෙනවා
ගිරිජා | Girija
Original price was: Rs 1,300.00.Rs 1,170.00Current price is: Rs 1,170.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා – රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත්‍රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත්‍රව චිත්‍රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි භාෂා පෙළහරකින් පොහොසත්ව, ලාංකේය ඉතිහාසයේ එක් තීරණාත්මක සන්ධියකදී සිදුවන සමාජ පරිවර්තනයට අනුරූප වන්නට තරම් ධෛර්යසම්පන්න වූ ගැහැනුන් දෙනෙකුගේ ප්‍රේමකතා, අහිමි වීම්, දරා ගැනීම්, දුක් සුසුම්, කඳුළු සිනා එක්තැන් වුණු නවකතාවක්.
සංසක්කාරි | Sansakkari
Original price was: Rs 980.00.Rs 880.00Current price is: Rs 880.00.- 2022 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
“…කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි.
හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…”
පහනක අඳුර | Pahanaka Adura
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක් ලෙසිනි.
අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල් නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව ප්‍රහසනය නිමවයි.
සමාජ-දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සූර්යයා ද, සමාජ-රාත්‍රිය පහත් කළ ප්‍රබුද්ධත්වයේ පහත් ද නිවී යයි. පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට කළු කුහර ද මවති. දුස්වප්නයක් බවට පත් වුණු මෙරට රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකථා වංශාවලිය තුළ කියැවේ.
අව පෑළවිය | Awa Pelawiya
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.- 2019 ස්වර්ණ පුස්තක සම්මානය අවසන් කෘති පහට නිර්දේශිත
“හරියට සරුංගෝලේ හදලා රැලි තියලා හුළඟට උඩ ඇරියා වාගේ උඩටෝම ගිහිල්ලා ඒකි නූල කඩා ගෙන ආකාසෙට යනවා….”
“සරුංගෝලේ හදාපු අපි…. ඇස් දොඹ ගෙඩි වගේ කොරන් ඈත ආකාසේ දිහා බලා ගෙන ඉන්නවා….”
“පොඩි එකෝ…. මේන් වරෙල්ලකෝ… උඹලට පෙන්නන්න….”
“ආන්…. සේරු කුරුල්ලෝ රෑනක් පතන ඇල්ලට පාත් වෙනවා…. ඕන්…. ඔය උන් පියාඹන්නේ…. කිතුල් මදින්න….”
– දිසාරත්න –
“ඔහොම හැංගිලා ඉදලා හරි යතැ ඇත්ත සත්තට අපි මුහුණ දෙන්න ඕනේ….”
“කොයිතරම් නම් දුක් කරදර අපට ආවා කියල ද උඹලා අපි එව්වට මූණ දුන්නේ නැද්ද”
– පිංචි අම්මා –
“ඒ කාලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරින් මෙහාට…. මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඹ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ….”
– රම්බණ්ඩා –
#ava pelaviya
අකාල අහස | Akala Ahasa
Original price was: Rs 1,450.00.Rs 1,305.00Current price is: Rs 1,305.00.- 2023 ස්වර්ණ පුස්තක දීර්ඝ ලැයිස්තු නියෝජනය කල නවකතාව
“මහා පොළොවේ අයිතිය ඉල්ලලා මිනිස්සු සටන් කරනවා. එක එක්කෙනා මරා ගන්නවා. තව කොටසක් බලය නැති වේ කියලා තියෙන බයට අහුවෙන කෙනාව මර මරා බලය රැක ගන්න උත්සාහ කරනවා. හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු කොටසක් කවදත් මේ රටේ හිටියා.”
ඔසඳ
“ගග සන්සුන් වෙන කොටත්, රළු වෙනකොටත් මට ඒක කලින්ම දැනුණා, ඒත්, දැන් ගඟ වෙනස් වෙලා රාළහාමි…ගඟට වුණත් දරන්න බැරි තරම් කතා ගඟේ පා වෙලා යනවා”.
කාසිම්
විජයබා කොල්ලය | Wijayaba Kollaya
Original price was: Rs 550.00.Rs 495.00Current price is: Rs 495.00.#vijayaba kollaya
විලාසිනියකගේ ප්‍රේමය | Vilasiniyakage Premaya
Original price was: Rs 450.00.Rs 405.00Current price is: Rs 405.00.- 1990 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියල? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළඟට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?”
” මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුශාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නෙ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපන්නෙ නෑ.”
” මම එයාගෙන් මුකුත් ඉල්ලුවෙ නෑ. ආදරය කියන්නෙ කෙනෙකුට දෙන දෙන දෙයක්, කෙනෙකුගෙන් ගන්න දෙයක් නෙවේ. ඒක මම දන්නවා. මට ඕන කළේ එයාට ආවතේව කරමින් එයාව බලා කියාගන්ට විතරයි. ගෑනුන්ගෙ සිත්වල ඇතිවෙන ඒ ආදරේ පිරිමින්ට තේරෙන්නෙ නෑ.”
#wilasiniyakage premaya
දෙයියෝ තමයි දන්නෙ | Deiyo Thamai Danne
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. 400 Days
by Chetan Bhagat
සියා අරෝරා…
අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…
අම්මයි, තාත්තයි, නංගියි එක්ක
සීයලගෙ මහ ගෙදරට යනව.
නෑදෑ දරුවො එක්ක
සෙල්ලම් කර කර ඉඳල
රෑට නිදාගන්න යනව.
පහුවදා උදේ සියා නෑ !
අතුරුදහන් !!
සියාට මොකද වුණේ ?
කැමැත්තෙන් යන්න ගියාද ?
හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ?
කා එක්ක හරි පැනලා ගියාද ?
කවුරු හරි පැහැරගෙන ගියාද ?
විහිළුවට හැංගුණාද?
දෙයියො තමයි දන්නෙ !
මයාඩා | Mayada
Original price was: Rs 1,140.00.Rs 910.00Current price is: Rs 910.00. Daughter Of Iraq
by Jean Sasson
රජ බිසවකගේ පාපොච්චාරණය – 01 | Raja Bisawakage Papochcharanaya – 01
Original price was: Rs 1,450.00.Rs 1,160.00Current price is: Rs 1,160.00. Queen’s Confession
by Victoria Halt
“පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි.
ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඇ අත්දුටු දුක්පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි.
සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත්තේ නෙතු කඳුළින් යුතුව බැව් සැක හැර කිව හැකිය.
ඒ් අමුතු සන්ධ්‍යාව | E Amuthu Sandyawa
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. The Horse Walks into Bar
by David Grossman
Winner of 2017 International Man Booker Prize
ඊශ්‍රායලයේ කුඩා නගරයක විනෝද සමාජශාලාවකි. විනෝදයෙන් පිරි සන්ධ්‍යාවක් ගතකිරීමේ බලාපොරොත්තුවෙන් ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටිති. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දමමින්, විකට ශිල්පියකු වේදිකාව මත අසාර්ථක වී පුපුරා කඩා වැටෙනු ඔවුන්ට දැකගන්නට ලැබේ. එය ඔහුගේ තෝරාගැනීම මත සිදුවන්නකි. දොවාලේ ජී නැමැති ප්‍රවීණ, ආකර්ශණීය, අනපේක්ෂිත මෙන්ම කටුක උපහාසය ගෙනෙන හිටිවන විකට ශිල්පියා, ඔහුට බෙහෙවින්ම ආදරය කළ දෙදෙනාගෙන් කෙනෙකු තෝරාගැනීමේ බියජනක මෙන්ම වේදනාකාරී තීරණය ගන්නට සිදුවීමේ බර උසුලාගෙන වසර ගණනාවක් තිස්සේ තමා ජීවත් වූ අයුරු ප්‍රේක්ෂකයන් ඉදිරියේ හෙළිදරව් කරයි.
තමාව මෙන්ම තම ප්‍රේක්ෂකයාවද නිර්දය ලෙස පතුරු ගසමින් ඔවුන් තුළ පිළිකුල හා සහකම්පනය දනවන්නට සමත්වන්නේ සිනාසිය යුතුද ඇඬිය යුතුද යන ප්‍රශ්නාර්ථ දෙක මැද ඔවුන් සිර කරවමිනි. මේ සියල්ල සිදුවන්නේ, තමාව එතැනට කැඳවනු ලැබුවේ කුමක් නිසාදැයි වටහාගන්නට වැර දරණ ඔහුගේ ළමාවියේ මිතුරකු ඉදිරිපිටය.
ඕගී | Oogi
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00. Wonder
by R. J. Palacio
වෛද්‍යවරු මා බැලීමට පමණක්ම දුර බැහැර නගරවල සිට පැමිණියා. ඔවුන් මගේ සයනය අසල සිටගෙන හිටියේ ඔවුන් දකින්නේ කුමක්දැයි අදහාගත නොහැකිව. ඔවුන් පවසන්නේ මා දෙවියන් විසින් ම මවන ලද එක් ප්‍රාතිහාරයක්ම බව ඔවුන්ට වෙනත් පැහැදිලි කිරීමක් සොයා ගැනීමට නොහැකි නිසාම.
විප්පයෝගය | Vippayogaya
Original price was: Rs 950.00.Rs 760.00Current price is: Rs 760.00. The Man Who Laughs
by Victor Hugo
#Wippayogaya
මකරානන්දය | Makaranandaya
Original price was: Rs 1,250.00.Rs 1,125.00Current price is: Rs 1,125.00.- 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2019 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
“ඈ බං අක්කෙ උඹට මොකෝ ඒ දවස්වල රන් බණ්ඩයියටම හිත ගියෙ?”
ඉද්ද ගැසුවා සේ නැවතුනු මෝල්ගස පුදුමයෙන් මෙන් සුගුනී දෙස බලා හති හලමින් බිත්තියට හේත්තු වූයේය. රන්මැණිකා විටක් කෑවේ ඉන් පසුවය.
“උඹට කියන්න සුගුනො මං ගියා පෙරහැරක් බලන්ට.”
රන්මැණිකා කියන්නේ මින් පෙර නොකියූ කතාවකි. සුගුනී පිල මත්තේ හරි බරි ගැසුනාය. රන්බණ්ඩා මුණගැසුනේ පෙරහැරක් බලන්නට ගොස් බවක් සුගුනී මේ වනතෙක් දැන සිටියේ නැත.
“ඔන්න මුලින්ම ආවා කස කාරයො. දිගට හරහට චට පට චට පට ගගා කස පාරවල් දිදී එනකොට බලන්ට බය හිතුන. මං බැලුව මේකද යකෝ මේ හැම එකාම වරුණා කොරන පෙරහැර කියල. ඊළඟට ආවේ ගිනිබෝලකාරයෝ උන් ලවක් දෙවක් නැතුව ගින්දර කරකවන්ට තියා ගත්තා. මට තවත් බය හිතුන. තව ඉස්සරහට මොක්කු එයිද දන්නෑ කියල. ඉතිං මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනිබෝලකාරයෙක්ව බදා ගත්ත. ඊට පස්සෙ තමයි එන්ට තියා ගත්තේ බෙර කාරයොයි තාලම් කාරයොයි ආඩම්බරේට ඇවිදින අලි ඇත්තුයි දිලිසෙන වෙස් තට්ටුව ඉහට දමා ගත්තු නැට්ටුවොයි. නෛයිඅඩිකාරයොයි. අනේ මං පෙරහැරේ ලස්සන දැක්කේ ඊට පස්සෙයි බුදු නංගියෙ. ඒත් එතකොට මං ඉක්මං වෙලා ගිනිබෝල කාරයෙක් බදාගෙන අහවරයි. දැං ඉතිං නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව.”
සුගුනී බුලත් කෙළ පහරක් සමඟ හිනාවක් මිදුල මැද්දට විද්දාය.
චිත්‍රාල් | Chithral
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා
ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.
ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්
හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.
ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ
හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව
ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.