කාන්තාරයේ කුසුම | Kantharaye Kusuma

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

Desert Flower
by Waris Dirie, Cathleen Miller

අප්‍රිකානු කාන්තාරයේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ දී ම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳුකමේ සංකේතයන් වන ඇඟ දැවටුණු සාළු කඩමාල්ල සහ නූගත්කම පමණි. අද ඇය නිව්යෝර්ක් නුවර ජීවත්වන ජගත් විලාසිතා ලොව සුපිරි නිරූපිකාවක් වන අතර, මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක ද වන්නී ය. මානව විශ්වාසය හා ධෛර්යය, ත්‍රාසය හා සන්ත්‍රාසය නොමඳ ව දනවන, තම සත්‍ය ජීවිත කතාව නිර්ව්‍යාජ ව, සිත් බඳන හා අනුප්‍රාණය දනවන අයුරකින් ඉදිරිපත් කරන වාරිස් ඩයිරි ගේ “කාන්තාරයේ කුසුම” සිංහල පාඨකයන්ට නවම් අත්දැකීමක් වනු නිසැක ය.

කාන්තාරයේ දරුවෝ | Kantharaye Daruwo

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

Desert Children
by Waris Dirie

“කාන්තාරයේ දරුවෝ” කතුවරිය​ වන​ වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.

අප්‍රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මචේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව , චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරුෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද ? යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද ?

ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. “ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත”.

පින්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.

මරණයේ දොරටුව | Maranaye Doratuwa

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,040.00.

Auschwitz
by Dr. Miklos Nyszli

වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය ලොක වේදිකාව මත රඟ දක්වමින් සිටියහ.මුළු ලෝකයටම ගිනි තබන ලද ඔවුහු අද ඔවුන්ගේම ගිනිමැලයකට වැටී දැවී යමින් සිටින්නෝය.දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද “Deautshland,Deautshland uber allaes” “ලෝකයේ උතුම්ම ම ජාතිය ජර්මනියයි” යන අඥාපතියාගේ වියරු හඬත් සමඟ ඔහුගේ අද පොළොව යට ඇති බංකරයකට වී ගැහෙමින් සිටින්නේය. අහංකාරෝන්මාදයෙන් ආඩම්බරයෙන් වැජඹුණ නාසි රාජ්‍යයට විරුද්ධව, මුළු ලෝකයම එකතු වී, නිදහස සඳහා කරන ලද විරෝදාර සටනින් සහතික වශයෙන්ම නාසි රාජ්‍යයේ බළ බිඳ දමා ඇත.

යුද්ධයේ අතුරු කතාවක් | Yuddaye Athuru Kathawak

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

The Nazi Officer’s Wife
by Edith Hahn Beer

එඩිත්හාන් නමැති යුදෙව් ජාතික දිරිය කතගේ ආත්ම භාෂණය රැගත් ‘The Nazi Officer’s Wife’ විෂම සමාජයක උපත ලැබ අනේකවිධ දුක් දොම්නස්වලට මුහුණ දී අවසානයේ විමුක්තිය ලබන අයුරු විවරණය කෙරේ.

දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මගෙත් ඇන්ජලා ගේ ජීවිතය බේරුණි.

මේ ලෝකයේ අන්කිසිම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැන ගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලා ට ය.ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවෙකුට දැන ගන්නට නොලැබෙනු ඇත.