ඈන් 8 – සුව සෙවණේ බඩපිස්සී | Anne 8 – Suwa Sewane Badapissi

Original price was: Rs 550.00.Current price is: Rs 495.00.

Rilla of Engleside
by L. M. Montgomery

ඈන් 7 – දේදුනු නිම්නය | Anne 7 – Dedunu Nimnaya

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.

Rainbow Valley
by L. M. Montgomery

ඈන් 6 – මව සහ දරුවෝ | Anne 6 – Mawa Saha Daruwo

Original price was: Rs 450.00.Current price is: Rs 405.00.

Anne of Ingleside
by L. M. Montgomery

කැලෑහඳ | Kalahanda

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,170.00.

සියුම් කලාකාරියක් හැටියට නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම සිංහල නවකතාව –සිරියාලතාව– බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ, වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පංක්තියේ පවුලක උපන්නේ ය. හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කතා කෞශල්‍යය ඇත්තේ විය. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසි ආදි භාෂා ශාසත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලොකයාගේ චරිත ලක්‍ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප්‍රවීණ විය. අවලොකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකුල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වීය.

නවකතා චක්‍රවර්ති – සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුද ලද මේ අසහාය ලෙඛකයාගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය, 1957 මැයි 31 වැනි දා සිට පාඨකයන් කෙරෙන් සදහට ම තුරන් වී ඇත්තේ ය. එහෙත් සිය බස වෙනුවෙන් සිය දිවි කැප කොට, ඔහු අතින් ලියැවුණු මිණි – මුතු වන් මහ පොත් රැසක් නොනැසී පවත්නේය.

#kelehanda kelehada kalahada

යහළු යෙහෙළි | Yahalu Yeheli

Original price was: Rs 750.00.Current price is: Rs 675.00.

මුදිතලතා, දශක හතරකට ඉහත උපත ලද නමුදු තවමත් අපේ මේ යුගයේ යුවතියකි. ඇය මානව දයාවෙන් අසල් වාසීන් දෙස බලා දහදිය සහ කඳුළු තුළ ජීවිතයේ සැබෑ අරුත දුටුවාය.

මල්ගුඩියේ මිනී කන්නා | Malgudiye Minikanna

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,080.00.

The Man Enter of Malgudi
by R. K. Narayan

ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු වන අභාවප්‍රාප්ත ඉන්දියානු ලේඛක ආර්.කේ නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපදුනු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්‍රහ කරයි.”මල්ගුඩියේ මිනීකන්නා” නමින් සිංහලයට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේ ද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණද, ඒවායින් එළිදැක්වෙන මිනිස් ගති ලක්ෂණ අපට ඒ ආකාරයෙන්ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජය දක්නට ලැබේ.නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තුළට එබී බලමින් කරන චරිත විග්‍රහය තුළය.

මාරායණය | Marayanaya

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.

තමන්ගේ ජීවිත කතාවද දැන්මේ මකුළුවාගේ දැල මෙන් නොවේ දැයි ඔහුට සිතුණි. රේඛීය ආඛ්‍යානයකින් දිවයන සම්මත නවකතාවක් සේ නොදිවෙන, එසේ නොලියවිය හැකි මේ මහා අවුල් ජාලය අන්තිමේදීවත් මකුළු දැලක සිරිය ගනීවී දැයි ඔහුට සැක සහිතය. එහෙත් මතකයේ අඩුපාඩු අතරින් ඉඳහිට නැගෙන සේයා මාත්‍රයන්පෙ ළගස්වමින් යම්කිසි රටාවක් මවා ගත හැකිනම්, අද තමා සිටින තැනට ජීවිත ගමන ආවේ කෙලෙස දැයි වටහා ගත හැකිවෙතැයි, සිතිය හැකි යම් ඉඟියක් ඒ මතක සේයා රූ අතරින් මැවේ වි යැයි හේ විශ්වාස කළේය.

බිම්පුර ආදරය | Bimpura Adaraya

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

Love in the City Below
by භද්‍රජි මහින්ද ජයතිලක

ආරම්භයේදී ඇගේ පියවර මන්දගාමී විය. ඇගේ ඡායාව නිල් ආලෝකය හමුවේ අවිනිශ්චිත අයුරකින් සැලෙන්නට විය. පිරමීඩ පියගැටපෙළක් ආකාරයට තැබූ කසළ කුට්ටි වෙත ඇය ගමන් කර අවසන්ය. දැන් ඇයව දිස්වන්නේද සේවකයන්ගෙන් කෙනෙකු පරිද්දෙනි. ඇගේ පීත වර්ණ ඇඳුමට ඇය ඔවුන්ගෙන් කෙනෙකු වී අවසන්ය. ඉක්මනින්ම ඇය යන්ත්‍ර අසල සිටි අනෙක් සේවකයන් හා සම්බන්ධ වෙමින් කටයුතු කරන්නට වූවාය. දැන් ඈ කසළ ගොඩේ තවත් එක් වේයෙක්ම පමණි.නිල් ආලෝක දහරා හමුවේ තවදුරටත් ඇයව වෙන් කොට හඳුනා ගැනීමට නොහැකි විය. ඇයද දැන් තවත් එක් කම්කරුවෙක්ම පමණි.එය කොතරම් පහසු වූවාද.. ඇය ඔවුන්ගෙන් කෙනෙකු විය. ඉක්මනින්ම ඇය ටෙරබාහාවේ දොරටු අතරින් ගමන් කරනු ඇත.

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushyayoya

Original price was: Rs 1,950.00.Current price is: Rs 1,560.00.

ගුත්තිල ඇල්බට් කවදත් කීර වඩේ වලට ආසා කළේ ය. කීර වඩේ යනු යනු සම්මතයටත් අසම්මතයටත් නැති දෙයක් බව ඔහුගේ විශ්වාසය විය. එක් අතකින් පලා වර්ග දමා වඩේ හැදීම යනු පරිප්පුවලට නිවිති දැමීමට හැම අතින්ම සමාන දෙයක් වන අතරම, අනික් අතින් කීර වඩේ ලාංකීය බඩජහරි සන්තානයේ ජාතිවාදී සීමා දියකරන සීමාවෙන් එපිට නිහතමානීව හිටගෙන ඉන්නා බෝල පහේ ආදරවන්තයෙකි. ඒ අතින් එය සම්ප්‍රදාය තුළම ඉඳගෙන සම්ප්‍රදායට අභියෝග කරන කුමාරතුංග මුනිදාස වැනි වඩයක් බව ගුත්තිල ඇල්බට් එක්තරා පියසමරමය ගෞරවයක් සහිතව කල්පනා කළේ ය. ඒ නිසා ජීවිතය මොකක් හෝ කොණකින් අල්ලා ලාවට පොළොවේ ගසන බාගෙට හෝ ඇස් ඇරවනසුලු නිමේශයන්ගෙන් පසුව ගුත්තිල ඇල්බට් හැමදාම කළේ පලක්කුවාට වත් නොකියා තනියම සයිවර් කඩයකට ගොස් කීර වඩේ දෙකක් කා කිරි කාලක් බී පලක්කුවාට උඳු පිටි මෙන් පෙනෙන යම්කිසි පිට්ටකින් හැදූ සූදුරු මිශ්‍ර මුරුක්කු පැකට් එකක් රැගෙන ගෙදර යාම ය. කරදණ්ඩ වැට ඉන්නකට උස් වී උඳු පිටි සන්නිය හිච්චියට හෝ තේරුම් ගත හැකි මට්ටමට ළපටි මනස මේරූ පසුව පලක්කුවා ඒ ගැන ඩිංග ඩිංග වදවීමට පටන්ගත් නමුත් ගුත්තිල ඇල්බට් හැමදාමත් නිවිච්ච හාල්පිටි තෝසයක් වැනි හීතල, කුඩුකුඩු වචන දෙකතුනකින් පලක්කුවා නිහඬ කළේ ය.

“ඔය මුරුක්කු ටික කාලා ඉක්මනට ලොකුවෙන්න!”

අවුරුදු දහ අටේ සිට විසි එක පමණ වන කාලය දක්වා මේ ලොකුවෙන කතාවට ලොකුවට මලපැන්න නමුත්, මුරුක්කු කා ඉක්මනට නොවුණත් ලොකු වූ පසු පලක්කුවා වචනවලින් නොව ක්‍රියාවෙන් තාත්තා ගොඩදාන්නට හැකි වන කාලයක් ගැන කලාතුරකින් හෝ වැසිකිළියේදී පවා හිතන්නට පුරුදු විය.

බංචි මාරි – Banchi Mari

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,350.00.

කොළඹ කතාව – අළු පැහැති පරිච්ඡේදය

මං චිත්‍රපටියක | Man Chithrapatiyaka

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

“…නීරස වෙළඳ දැන්වීම් කිහිපයකට පසුව චිත්‍රපටය ආරම්භ විය. පළමු ජවනිකාව මංගල උත්සවයකි. මම උවමනාවෙන් යුතුව මනාල යුවල දෙස බලමි. මනමාලිය උඩරට මනාලියක ලෙස සැරසී සිටින්නීය. පාදයේ සිට මුහුණ වෙත ගෙන යන කැමරාව මනමාලියගේ මුහුණ මත නවතියි. මනමාලියට තිබෙන්නේ දැක පුරුදු මුහුණකි. මම තිගැස්සෙමි. ඒ උඩරට මනාලිය අම්මාය. මංගල ඡායාරූපයකට කිසිදා හිමිකම් නොකියූ අම්මාය. දෑවැදි දෙන්නට තරම් ආදායම් උපදවන්නට නොහැකි කෙල්ලන්ම පස් දෙනෙකු සිටි පවුලක ලස්සනම කෙල්ල වූ අම්මාය. ඒ පවුලේ බර හෑල්ලු කරන්නට සිතාගෙන උසස් පෙළ අවසන් වී තෙමසක් යන්නට පෙර ටුවර් ගයිඩ් කෙනෙක් සමග හොර රහසේ පැනගිය අම්මාය. ඇය අද මනමාලියක වී ඇත….

කොරෝනා ඩයරිය | Corona Diary

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

මට (තවම) කොරෝනා නෑ. ඒත් අපේ එවුන් එයාපෝට් එකෙන් පැනල ගිය විදියටයි බිග් මැච් ගහපු විදියටයි අපි ඕනෑම කෙනෙක් දැන් මේ දෙයියන්ගේ ලෙඩේට විවෘතයි. මම ඉදිරි සති දෙකේවත් ඩයරියක් ලියන්න හිතුවේ අපි අත්දැකපු ඉතිහාසයේ කවමදාකවත් ලෝකයක් විදියට හෝ රටක් විදියට මේ තරම් දරුණු සමාජ ආර්ථික ආගමික හෝ දේශපාලනික අවුලකට පුංචිම පුංචි වයිරසයක් නිසා වැටිලා නැති නිසයි. ලෝක යුද්ධය කියන්නේ අපි මනුෂ්‍යයෝ විදියට තෝරාගත්ත දේවල්. ඉදිරි සති කීපය අපි රටක් විදියට හැසිරෙන ආකාරය, නැවත නැවත අනාගත සමාජය විසින් අධ්‍යනය කරනු ඇත. අනෙක් කාරණය තමා අන් කවරදාකටවත් වඩා පොදු සමාජය කොරෝනා වයිරසය වෙනුවෙන් කරන මැදිහත්වීම ඉහලම මට්ටමක තිබීම. තවදුරටත් ආණ්ඩු කරනවා කියන්නේ බලය පාවිච්චි කිරීමට වැඩ දුර දිග ගිය සංකීර්ණ මනුෂ්‍ය මැදිහත්වීමකම දිගුවක් කියල උදේ ඉදන් හවස් වෙනකන් ෆේස්බුක් බැලුවොත් පේනවා.

සිදුහත් යශෝදරා | Siduhath Yashodhara

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

යුද්ධයේ අතුරු කතාවක් | Yuddaye Athuru Kathawak

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

The Nazi Officer’s Wife
by Edith Hahn Beer

එඩිත්හාන් නමැති යුදෙව් ජාතික දිරිය කතගේ ආත්ම භාෂණය රැගත් ‘The Nazi Officer’s Wife’ විෂම සමාජයක උපත ලැබ අනේකවිධ දුක් දොම්නස්වලට මුහුණ දී අවසානයේ විමුක්තිය ලබන අයුරු විවරණය කෙරේ.

දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මගෙත් ඇන්ජලා ගේ ජීවිතය බේරුණි.

මේ ලෝකයේ අන්කිසිම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැන ගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලා ට ය.ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවෙකුට දැන ගන්නට නොලැබෙනු ඇත.

සසෙක්ස් හි ඩ්‍රැකියුලා | Saseks Hi Dracula |

Original price was: Rs 250.00.Current price is: Rs 200.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

“මැටිල්ඩා බ්‍රික්ස් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි, නැවක නමක්. ඩ්‍රැකියුලා සිද්දි ගැන පරික්ෂා කිරීම අපට අයිති දේකුත් නෙවෙයි වොට්සන්, ඒත් කාලෙකින් වැඩක් නොකළ එකේ, මේ කියන පලහිලව්ව ගැන ටිකක් හැරලා අවුස්සලා බළල දැනගන්න මටත් ආශාවක් හිතුණා.” හෝම්ස් කිවේය.

“මේක මහ පිස්සු වැඩක් වොට්සන්, මළ මිනී හදවතේ තියාගෙන ඇවිදින මිනිස්සු වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියනවද?” එසේ කියා හෝම්ස් මේසය අසලට ගියවියට ඔහුගේ නමට ලැබී එතෙක් විවෘත නොකළ ලිපියක් මේසය මත ඇති බව ඔහුට පෙනුණි. ලිපිය අතට ගත් හෝම්ස් ලියුම් කවරය ඇර ලිපිය පිටතට ගෙන කියවන්නට පටන් ගත්තේය. ලිපිය කියවාගෙන යන අතරතුර ඔහුගේ මුහුණ ක්‍රමයෙන් මන්දස්මිතයකින් පැහැපත් වන අයුරු මට පෙනුණි.

රිදී විලංගු | Ridee Vilangu

Original price was: Rs 450.00.Current price is: Rs 360.00.

“මගේ සුදු දුවගෙයි… විමුක්ති පුතාගෙයි කැමැත්තක්… ඇත්තටම පුතේ… මනුස්සකමට වැඩිය කිසිම දෙයක් නෑ… ජීවීත කාලෙම ඒක දැනන් හිටිය ආච්චම්මට නම්… පසුතැවෙන්න කිසිම දේකුත් නෑ…”

දින ගණනාවකට පසු, මිත්තණියගේත්, තම පෙම්වතගේත් දෑත් අල්ලාගත් ෂනුදී… මදක් හඬ නගා හිනැහුණාය.

“මේ කොහෙවත් හිටපු එකෙකුට අන්තිමේදී සේරම අයිති උනා නේද කියලා… ඈන් ආන්ටි ඇවිත් මගේ විමූ අයියගේ ඔළුව පළන එකක් නෑ නේද ආච්චම්මි…???”