Dayawansha Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
අයේෂා ආපසු එයි | Ayesha Apasu Ei
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. The Return of She: Ayesha
by H. Rider Haggard
රයිඩර් හැගාඩ් ගේ ”ඈ හෙවත් අයේෂා” නමැති ලෝ පතළ නව කථාවේ අනුබන්ධය වන මේ “අයේක්ෂා ආපසු එයි” නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරි ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශ්‍රේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. “ජීවන ගින්නේ දී” ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කූළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි, විෂය රසයන්ට ගිජු වීමෙන් අකාලයේ මිය යයි. එ තැන් පටන් අයේෂා, ලියෝ වින්සි හා එකතු වී සැපවත් ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාවෙන්, යළිත් වරක් සිය සංසාර ගමන අරඹයි. සැබවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්ථය හෙළි කිරීම ය. “අයේෂා ආපසු එයි” නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි. සම්පූර්ණ යි. අසංක්ෂිප්ත යි.
භාරත යෝගී ස්වාමි රාමා | Bharatha Yogi Swami Rama
Original price was: Rs 1,100.00.Rs 990.00Current price is: Rs 990.00.Living with the Himalayan Masters
හිමාල වනයේ ජීවත්වූ විශ්මිත යෝගීන්ගේ හා ඍෂිවරුන්ගේ ජීවන ප්රවෘත්ති රැගත් “භාරත යෝගී ස්වාමි රාමා” නමැති මේ කෘතිය යෝගීන්ගේ හා ඍෂිවරුන්ගේ ආයාසකර ජිවන රටාවත්, ඔවුන් විසින් සිදු කරන ලද ඇදහිය නොහැකි තරමේ අරුම පුදුම සිද්දීන් රැසකින්ද සමන්විතය.
ඕනෑම දෙයක ස්වරුපය වෙනස් කෙරෙන අඝෝර් විද්‍යාවේ නිපුනයකු වූ අඝෝර් බාබා මිනිමස් උයා රසගුලා නමැති ප්‍රනීත ආහාරය බවට පත් කරයි. ස්වාමි රාමගේ ගුරු දේව වසූරියෙන් මියැදෙන අහිංසක දරුවකුගේ වසූරිය තමන්ට පවරාගෙන දරුවා මරණයෙන් බේරයි. තම අබල දුබල සිරුර අතහැර මියගිය තරුණයකුගේ සිරුරට ඇතුළුවන අනූ පස් හවාරදී යෝගියා, ඍද්දියෙන් නොපෙනී යන මහලු යෝගියා, අවශ්‍ය වූ විට සිරුර හැර යන යෝගීන්, විශ්මිත රෝග සුව කිරීම් ආදී පුදුමාකාර සිද්දීන් ඇතුලත් මෙම කෘතියෙන් ප්‍රවීණ ලේකක තිලක කුඩාහෙට්ටි ඔබ හිමාලයේ රිෂිකේෂී, ගංගෝත්‍රි, බද්රිනාත්, කේදර්නාත්, කුමායුන්, අල්මෝරා, කෛලාස කූටය පමණක් නොව, මානා දුර්ගය හරහා ඩාර්ජිලිංගේ, සිකීම්, පොඩොංග්, ග්යැන්සි, ෂිගට්සේ ඔස්සේ නේපාලයේ නාසා නගරයටත්, ලමාවරුන්ගේ පන්සල්වලටත් ජීවමානව කැඳවා ගෙන යයි.
#baratha barat bharat yogi svami rama
බැස්කර්විල් දඩ බල්ලා | Baskerville Dada Balla
Original price was: Rs 450.00.Rs 405.00Current price is: Rs 405.00. The Hound of the Baskervilles
by Sir Arthur Conan Doyle
සර් ආතර් ඩොයිල්ගේ රහස් පරීක්ෂක නව කතා අතුරෙන් මෙය ඉතාම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කතාවය. රාත්‍රි කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරිසරන භීෂනාත්මක දඩ බල්ලෙකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කතාව පසුබිම් වී ඇත්තේ බැස්කර්විල් පරම්පරාවේ භයංකර වෘතාන්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනීමැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.
භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 1 | Bharatha Yogin Saha Isiwarayin Samaga 1
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00. A Search in Secret India
by Paul Brunton
#baratha barat bharat
ටාර්සන් ගේ පුත්‍රයා | Tarzan Ge Puthraya
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. The Son of Tarzan
by Edgar Rise Burroughs
ත්‍රාස ජනක වීර ක්‍රියාවන්ට ඇති ඉමහත් ආශාවත් මහ වනයේ නිදහසට ඇති ළැදි කමත් නිසා, ටාර්සන්ගේ පුත්‍ර කොරැක් හෙවත් “මරුවා” ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහා වනයට පලා යයි. එහි දී ප්රබලතම වානරයා වන අකුටි ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක්, සිය පියා සේම වනයේ අධිපතියා වෙයි.
මෙහි දී අරාබි ගමක වසන සුන්දර සුදු තරුණියක හා පෙම් බඳින කොරැක්. ඇය රැගෙන සිය වන ගත නිවෙසට යයි.
විජයග්‍රාහී කෝනාන් | Vijayagrahi Konan
Original price was: Rs 650.00.Rs 585.00Current price is: Rs 585.00. Conan the Conqueror
by Robert E. Howard
මේ වූ කලී, මිනිස් ඉතිහාසයේ ඈත අඳුරු අතීතයට අයත් සදා අමතක නොවන අතිශය අද්භූත ජනක බිහිසුණු කථාන්තරයකි.ගල ලෝහිතය රාජ්‍ය කළ, ශක්තියත් බලයත් යුක්තිය වූ, අනුරාගයත් දූෂණයත් පිරිවර කොට ගත්, යන්ත්‍ර හා මන්ත්‍ර රාජ්‍ය තන්ත්ර වූ,ම්ලේච්ඡ කාල පරිච්ඡේදය මතකයට නංවන්නකි. ප්‍රචණ්ඩත්වයෙන් ලොමුදැහැගන්වන සුලු, භීෂණත්වයෙන් ලෙය හිරි ගන්වන සුලු,ක්රෑරත්වයෙන් හෘද ස්පන්දනය නතර කරවන සුලු, මේ භයංකර කථාන්තරය සිංහල සාහිත්‍යයට නවාංගයක් එකතු කරනු ඇත.
#wijayagrahi conan
භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 2 | Bharatha Yogin Saha Isiwarayin Samaga 2
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00. A Search in Secret India
by Paul Brunton
#baratha barat bharat
ටාර්සන් සහ ඔපාරයේ මැණික් | Tarzan Saha Oparaye Menik
Original price was: Rs 380.00.Rs 340.00Current price is: Rs 340.00. Tarzan and the Jewels of Opar
by Edgar Rise Burroughs
ආදි කල්පිත මහා වනාන්තරයේ වැළලී පැවති ඉපැරණි නගරයක් වන ඔපාරයේ දී, වානරයන් ගේ ටාර්සන්ට මහා ධන නිධානයක් හමු වෙයි. මෙය ගැනීමට යන මොහොතේ දී ම සිදු වන භයංකර භූමි කම්පාවක් හේතු කොට ගෙන ටාර්සන්ගේ හිස බලවත් සේ තුවාළ වෙයි. මේ තද බල පහරෙන් ටාර්සන්ට සිය අතීතය අමතක වෙයි. මේ අතරතුර දී ඛෙල්ජියානුවකු විසින් හා අරාබි වහල් වෙළෙන්දෙකු විසින් ටාර්සන් ගේ බිරිඳ වන ජේන් පැහැර ගෙන යනු ලබයි. ඔවුහු අනතුරු ව ටාර්සන් ගේ වන ගත නිවාසයට ගිනි තබා විනාශ කර දමති.
එහෙත් කල් යෑමේ දී ප්‍රකෘති සිහියට පත් වන ටාර්සන් සිය මිතුරන් වන මහා වානරයන් කැටුව ගොස් සිය සතුරන්ගෙන් දරුණු අන්දමින් පළි ගෙන සිය බිරිඳ ද බේරා ගනියි.
ටාර්සන් ගේ වන සිවුපාවෝ | Tarzan Ge Wana Siwpawo
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. The Beasts of Tarzan
by Edgar Rise Burroughs
තමා ප්‍රිය කරන වනගත නිවෙසින් ඈත් ව ශිෂ්ටාචාරයේ අවුල් වියවුල්වලට මැදි වී සිටින ප්‍රබල ප්රචන්ඩ ටාර්සන්ට, මහා බිහිසුණු භයංකර ප්‍රවෘත්තියක් සැල වෙයි. එ නම් සුදු මිනිසුන් ගෙන් සැදි කොල්ලකාර සොර කණ්ඩායමක් විසින් තමා ගේ සුරතල් පුත්‍රයා ද ප්‍රිය බිරිඳ ද පැහැරගෙන යනු ලැබ ඇති බව ය.
කෝපාවිෂ්ට ටාර්සන් ඔවුන් ගළවා ගැනීමට වහා ක්‍රියාත්මක වෙයි. මෙහි දී භයංකර වන සිවුපාවුන් ගේ ආධාර ලබන ටාර්සන් වනය කම්පා කරමින් ප්‍රකමිම්පා
කරමින්……….
ඉතාම බිහිසුණු ත්‍රාස ජනක සිද්ධි මාලාවකට මුහුණ දෙයි.
ටාර්සන් ආපසු එයි | Tarzan Apasu Ei
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. The Return of Tarzan
by Edgar Rise Burroughs
මහා නගරවල ජීවිතයෙන් ඉක්මනින් කලකිරෙන ටාර්සන්, අපූර්වාකාරයකින් යළිත් අප්‍රිකානු මහා ඝන වනාන්තරයට ම ඇදී යයි. එහි දී දරුණු මිලේච්ඡයන් සමඟ ද ඇත් දළ වෙළෙඳාමේ යෙදෙන ක්‍රෑර වෙළෙඳුන් සමඟ ද ගැටෙන ටාර්සන්, සුපුරුදු බිහිසුණු වන ජීවිතයේ දී ත්‍රාස ජනක වූ ද, ප්රචණ්ඩ වූ ද අත් දැකීම්වලට මුහුණ දෙයි. එහි දී අප්‍රිකානු ඝන වන මධ්‍යයේ වැළලී ගිය ඉපැරණි රාජධානියකට අනපේක්ෂිත ව පා තබන ටාර්සන්, මහා නිධානයක් සොයා ගනී. එ පමණක් නොව, තමා පෙම් කළ පෙම්වතිය ද එහි දී හමු වෙයි.
වානරයන්ගේ ටාර්සන් | Wanarayange Tarzan
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Tarzan of the Apes
by Edgar Rise Burroughs
ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය නව කථාවලින් එකක් වන ‘වානරයන් ගේ ටාර්සන්’ ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී, කෝටි ගණනින් අලෙවි වන්නකි. නව යෞවනයන් ගේ අත්‍යන්ත ආදරයට භාජනය වී ඇති මේ නව කථාව, මෙ වැනි ම ත්‍රාස ජනක වන කථා පෙළකට මුල් වී ඇත. සිනමා චිත්‍රපට ගණනාවකට වස්තු බීජය සපයා ඇති ‘වානරයන්ගේ ටාර්සන්’ ලොමු දැහැගන්නා සීද්ධීන් ගෙන් ගහන, අතිශය චමත්කාර ජනක නව කථාවකි.
‘වානරයන්ගේ ටාර්සන්’ අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිලිඳකු, කාලා නමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බිය කරු මහ වනයේ අධිපතියා බවට ගත් වීමේ අපූර්ව වන කථාන්තරය යි.
ඈන් 2 – ගමට අලුත් එළියක් | Anne 2 – Gamata Aluth Eliyak
Original price was: Rs 1,050.00.Rs 945.00Current price is: Rs 945.00. Anne of Avonlea
by L. M. Montgomery
රොබින්සන් ක්රූසෝ – දයාවංශ ජයකොඩි | Robinson Crusoe
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. Robinson Crusoe
by Daniel Defoe
ඉංග්‍රීසි සාහිත්‍යයේ පළමු වන නව කථාව වශයෙන් බොහෝ සාහිත්‍ය විචාරකයන් විසින් පිළිගනු ලබන “රොබින්සන් ක්රූසෝ” එහි ඇත්තා වූ දැවැන්ත වූ ද සංකීර්ණ වූ දආර්ථික න්‍යායන් කරණ කොට ගෙන කාල් මාක්ස් ගේ නොමඳ පැසසුමට භාජනය විය.මිනිසා ගේ සිතුම් පැතුම් විවරණය කරන්නා වූ ද දහසක් බාධක හිරිහැර මධ්‍යයේ ස්වකීය අරමුණ කරා ගමන් කිරීමට මිනිසා ධෛර්යවත් කරන්නා වූ ද ‛රොබින්සන් ක්රූසෝ”සෑම මිනිසකු විසින් ම අවශ්‍යයෙන් ම කියවිය යුත්තකැ යි මහත්මා ගාන්ධි තුමා කීවේය.
ඉවට් | Iwat
Original price was: Rs 350.00.Rs 315.00Current price is: Rs 315.00. Yvette
by Guy De Maupassant
ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන ‘ඉවට්’ තුළින් ප්රන්සයේ පව්‍යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන ‘ඉවට්’ ක්ෂුද්‍ර ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.
ඕලු 1 | Olu 1
Original price was: Rs 700.00.Rs 630.00Current price is: Rs 630.00.‘ඕලූ’ නම් වූ මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් අපූරු ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්රබන්ධයකි.
කුමාර කරුණාරත්න ඛෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභි තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වන්දි. සඳකඩ පහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍ය වලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතා වලින් කීපයකි.
ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා| Tarzan Saha Swarnamaya Singhaya
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Tarzan and the Golden Lion
by Edgar Rise Burroughs
පැල් -උල්- දොන් නමැති අබිරහස් දේශයේ සිට සිය බිරිඳ වන ජේන් ද සොයා ගෙන ආපසු එන ප්‍රබල ටාර්සන්ට මහ වනයේ දී අනාථ වූ සිංහ පැටවෙක් හමු වෙයි. ටාර්සන් මේ සිංහ පැටවා හීලෑ කර හදා වඩා ගනියි. අත්ලන්තිසයන් ගේ නිධාන සොර කම් කර ගැනීමට කුමන්ත්‍රණය කරන සොර මුළකට ටාර්සන් මරා දැමීමට වුව මනා වෙයි. ඔවුහු රූපයෙන් ටාර්සන්ට අතිශයින් සමාන ව්‍යාජ ටාර්සන් කෙනකු තනති. ඔහු සැබෑ ටාර්සන්ට කෙ තරම් සමාන ද යත්, ටාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් පවා ඔහුට රැවටෙයි.
බිහිසුණු ටාර්සන් | Bihisunu Tarzan
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Tarzan the Terrible
by Edgar Rise Burroughs
මිය ගිය ජර්මානු නිලධාරියකු ගේ දින පොතක වූ සටහනක් අනු ව. ටාර්සන් යළිත් වරක් තම බිරිඳ සොයමින් මහ වනයට වදියි. මෙ සේ යන ඔහු මහා ගොහොරු බිම් ද වන ගහනයන් ද පසු කර, කාලයා විසින් අමතක කරනු ලැබූ අබිරහස් දේශයකට පැමිණෙයි. ප්රාග් – ඓතිහාසික වන මෘගයන් ගෙන් ද වලිග සහිත දරුණු මිනිසුන් ගෙන් ද පිරි ඇති මේ දේශයේ දී ටාර්සන් ඉන් පෙර කී කලෙක වත් මුහුණ නොදුන් අන්දමේ මහා විපත්තීන්ට මුහුණ දෙයි. කෙසේ හෝ සියල්ල ජය ගන්නා ඔහු, සිය බිරිඳ ව ජේන් සොයා ගෙන ආපසු සිය රටට පැමිණෙයි.
නොදැමුණු ටාර්සන් | Nodemunu Tarzan
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. Tarzan the Untamed
by Edgar Rise Burroughs
මහ වනයේ වාහර ගෝත්‍රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ්‍යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු, මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි . කෝප වූ විට, දයා විරහිත වන. ප්‍රබල, ශඨ කපට වන මෘගයෙකි.
තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක්‍රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරුවා ලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු, ප්රචණ්ඩ සිංහයන් ද භයංකර වානරයන් ද පිරිවරා ගත් කල, විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවනීය බල වේගයක් වෙයි. වානර – මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අතිභයංකර; අතිභීෂණාත්මක ය.
ඈන් 1 – අරඹෙ ගෙදර ඈන් | Anne 1 – Arambe Gedara Anne
Original price was: Rs 1,050.00.Rs 945.00Current price is: Rs 945.00. Anne of Green Gables
by L. M. Montgomery
මරණයේ සිට උපත දක්වා | Maranaye Sita Upatha Dakwa
Original price was: Rs 500.00.Rs 450.00Current price is: Rs 450.00. From Death to Birth Understanding Karma and Reincarnation
by Pandith Rajmani Tigunait
පියෙර් සහ ශෝං | Piyer Saha Shong
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00.- 1994 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හොඳම පරිවර්තනය
Pierre and Jean
by Guy De Maupassant
ගී ද මෝපසාං විසින් ලියන ලද නව කථා සයෙන් ශ්‍රේෂ්ඨතම නව කථාව වනුයේ මේ “පියෙර් සහ ශෝං” ය. ගී ද මෝපසාං ගේ නව කථාවක් සිංහලයට පරිවර්තනය වූ පළමු වන අවස්ථාව මෙය වෙයි. මෙය අතිශයින් ම පුද්ගලික කරුණු මත ගොඩ නැඟුණු මනෝ විද්‍යාත්මක නව කථාවකි. බාහිර දේවල නිරීක්ෂණයෙන් අභ්‍යන්තරික සිතුම් පැතුම් පිළිබඳ ඇඟවීමක් කළ හැකි ය යන මෝපසාං ගේ සිද්ධාන්තයට මේ නව කථාව කදිම උදාහරණයකි. රෝලොං මහත්මිය ගේත් පියෙර් ගේත් මනස ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමේ දී මෝපසාං දක්වන චාතූර්යයත් අරපිරිමැස්මත් නිසා මේ නව කථාව නිර්මාණය අතින් අතිවිශිෂ්ඨ කෘතියක් වෙයි.
මේ කෙටි නව කථාව, ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මෙන්, නවතාවෙන් යුතු ව වාර බොහෝ ගණනක් කියවා රස විඳිය හැකි ය.
ඈ හෙවත් අයේෂා 2 | Ae Hewath Ayesha 2
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00. She 2nd Volume
by H. Rider Haggard
එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා” පුනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එක ම නව කථාව වෙයි.අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය.ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නව කථාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.
ඈ හෙවත් අයේෂා 1 | Ae Hewath Ayesha 1
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00. She 1st Volume
by H. Rider Haggard
එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා පුනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එක ම නව කථාව වෙයි.අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත්වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙනමේ නව කථාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5 | Montha Kristho Situwaraya 5
Original price was: Rs 1,100.00.Rs 990.00Current price is: Rs 990.00. The Count of Monte Cristo
by Alexandre Dumas
ඇලෙක්සන්ද්ර දියුමා ගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නමැති රසාලිප්ත නව කථාවේ මේ පස්වන වෙළුම, පදවි ලෝභයත් උන්නතිකාමයත් නිසා බිහිසුණු ඉරණමකට මුහුණ දෙන මිත්‍ර ද්‍රෝහීන් ගේ අභ්‍යන්තරය මනා ව විවරණය කරයි. මේ වෙළුම, ශෘංගාරයෙන්, භීතියෙන්, ශෝකයෙන් හා ත්‍රාසයෙන් පිරී ඇත.
ඇලන් ක්වාටර්මේන් | Allan Quartermain
Original price was: Rs 1,300.00.Rs 1,170.00Current price is: Rs 1,170.00. Allan Quartermain
by H. Rider Haggard
ඇලන් ක්වාටර්මේන්, සර් හෙන්රි, ගුඩ් සහ අස්ලෝපොගාස් සමඟ එක් ව, සුදු මින්සුන් වෙසෙන සු-වෙන්ඩි දේශය සොයා යන චාරිකාවක් ගැන කියවෙන, වික්‍රමාන්විත සිද්ධීන්ගෙන් හා ත්‍රාසජනක සිදුවීම්වලින් ගහණ නවකතාවකි.
නිවුන් රැජිනියන් විසින් පාලනය කරනු ලබන සු-වෙන්ඩි දේශයේ දී, සූර්ය දෙවොලේ පූජකවරු, ඔවුන්ට එරෙහි ව නැඟී සිටිති. රැජිනියන් දෙ දෙනා ම සර් හෙන්රිට ආදරය කරන්නට වීම නිසා ඇති වන්නේ, සු-වෙන්ඩි දේශය රුධිරයෙන් නැහැවී යන මහා සංග්රාමයකි.
සම්පූර්ණ යි! අසංක්ෂිප්ත යි!
#alan qwartman
භාරත මහා සෘෂී රාමනා | Bharatha Maha Rishi Ramana
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. The Mind of Ramana Maharshi
by Arthur Osborne
#baratha barat bharat mahaa irshi ramana
ඕලු 5 | Olu 5
Original price was: Rs 280.00.Rs 250.00Current price is: Rs 250.00.මෙය දිරිය දියණියක පිළිබඳ කතාවක් සේ ම බෝසත් ගුණ ඇති යහපත් මිනිසුන් පිළිබඳ කතාවක් ද වෙයි. මෙවන් චරිත හමුවන්නේ සුරංගනා කතාවල පමණකැයි කෙනකු කියන්නට බැරි නැත. එහෙත් දහම් පාසල් යන වියෙහි සිට ම බෝසත් චරිත හදාරණ සමාජයක මෙබඳු චරිත ආගන්තුක වෙතැයි මම නොසිතමි.
කාණ්ඩ පහකින් සමන්විත මෙම දීර්ඝ නවකතාවේ තේමාව වන්නේ ආධ්‍යාත්මික ආදරයයි. රාගයෙන් කිළිටි නොවුණ ආදරය ඉතා සුන්දරය, සුවඳය. එය ආනන්දයෙන් සිත් පුරවාලයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක එවන් ආදරයකින් බැඳුණාහු වෙති. කර්තෘ
ඕලු 4 | Olu 4
Original price was: Rs 280.00.Rs 250.00Current price is: Rs 250.00.‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යෙයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූර්ව ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්රබන්ධයකි.
කුමාර කරුණාරත්න බෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභී තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වන්දි, සඳකඩපහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍යවලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතා වලින් කීපයකි.
ඕලු 3 | Olu 3
Original price was: Rs 280.00.Rs 250.00Current price is: Rs 250.00.‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යෙයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූර්ව ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්රබන්ධයකි.
කුමාර කරුණාරත්න බෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභී තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වන්දි, සඳකඩපහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍යවලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතා වලින් කීපයකි.
ඕලු 2 | Olu 2
Original price was: Rs 280.00.Rs 250.00Current price is: Rs 250.00.රාගයෙන් තොර ආදරයක සොදුරු චමත්කාරය සහ පිවිතුරු ජීවත සුවඳ වහනය කෙරෙන මේ ප්‍රබන්ධය ජීවන අරගලයට උරදී සිටින දිරිය දියණියකගේත් පරාර්ථය සිය ජීවන දර්ශනය කරගත් උදාර තරුණයකුගේත් චරිත ඇසුරින් පාඨක සිත්සතන් පහන් සංවේගයෙන් සනසාලමින් රචිත ගද්‍ය කාව්‍යයක් බඳු රසවත් නිර්මාණයකි.
ඈන් 5 – සිහින මන්දිරය | Anne 5 – Sihina Madiraya
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. Anne’s House of Dreams
by L. M. Montgomery
ඈන් 4 – තුන් අවුරුද්ද | Anne 4 – Thun Awurudda
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. Anne of Windy Willows
by L. M. Montgomery
ඈන් 3 – සරසවියට ගිය ගමේ කෙල්ල | Anne 3 – Sarasaviyata Giya Game Kella
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00. Anne of the Island
by L. M. Montgomery
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6 | Montha Kristho Situwaraya 6
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. The Count of Monte Cristo
by Alexandre Dumas
සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්රචණ්ඩ මේ නව කථාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසා ගේ දුෂ්ට ක්‍රෑර කම් මෙන් ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨත ලෝකයා ගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, ක්‍රමන්ත්‍රණය, පළි ගැනීම, හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කථාව මේ වෙළුමෙන් අවසාන වෙයි.