සේල වී | Sela wee

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ. හයිය ගස්වල පවා මුදුන් හොළවමින්, තද කොළ පාට කොළත් බිම හෙළමින් හමාගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා.

නුරා ඒ හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියාගත්තා. රාද්ගේ ඇස් මොහොතකට යොමුවුණා ඇස්පිය වුණු නුරා දිහාවට. කපිල් හුළඟේ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.

#selavi selawi

කැළලිකාරයෝ | Kelalikarayo

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,080.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැඳීම ජීවිත කාලයක් පවතින බව කියන මෙම නවකතාව, බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.

තුංමංහංදිය | Thunmanhandiya

Original price was: Rs 750.00.Current price is: Rs 675.00.

අයිසෙ රෙදි පාන්කඩයක භූමිතෙල් ගා තැටියක් එයින් පිස දැමීය. දැන් තැටියේ කුනු නැත. නමුත් කතා පෙට්ටියෙ වරද හරිගියේ නැත. ඊටත් වඩා තැටියද නරක් වෙලාය. තැටියේ ඉරි ගෙවී ඉදිකටුව එක තැනම කරකැවෙයි. අනේපිඬු සිටානෝ. සැවැත්පුර විසාලා අනේපිඬු සිටානෝ. අනේ. අනේ. අනේ.අනේ.

අනේ අනේ තමයි. මේක අසා සිටි ලොකු මාමා කීය.

අයිසෙ ඔන්න ඕක පරිස්සම් කරලා පැත්තකින් තියෙනව. ඕක නැතුවට කමක් නෑ. මම නිකුලස් මාස්ටර්ටයි මාටින්ටයි කියලා තියෙන්නෙ.
අඳුර වැටීගෙන එනවිට නිකුලස් මාස්ටරුත් මාටින් ප්‍රේරාත් තව තබ්ලා කාරයෙකුත් පැමිණියහ

තිවංක කතාව | Thiwanka Kathawa

Original price was: Rs 1,750.00.Current price is: Rs 1,575.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

නිදහසින් පසු දශක හතක් පුරා මෙරට පැවති පාලනයේ මාරාන්තික සන්ධිස්ථානයක් ලකුණු කරමින් මුළු ලොව ඉදිරියේ බංකොලොත් -භාවය‍් ප්‍රකාශ කරන අතරේ සිදු වූ ලංකා රාජ්‍යයේ අර්බුදය පිළිබඳව මෙතෙක් නොඇසූ නොඇසූ කතන්දරය මෙහි කියැවෙයි. මෙය සිංහල නවකතාවකට ස්වකීය රාජ්‍යය තේමා වුණු පළමු අවස්ථාව ලෙස සැලකීම වරදක් නොවේ.

මුළුමහත් සමාජය විනාශයේ මුවවිටට ඇදී යන අතරේ අත්විඳින ලද අවිනිශ්චිතතාව, අසරණකම හා ජීවය වියැකීම අලළා ලියවුණු මෙය අද දවසේ කතන්දරය ලෙස සැලකිය හැකි ය. එතෙක් පා තබා සිටින්නට නියම කෙරුණු සංස්කෘතික භූමි සියල්ල අහිමි වී යන බව දකිනා මිනිස්සු ස්වකීය අරගලය ඔස්සේ විකල්ප මතිමතාන්තර රාජ්‍යයක පිළිසරණ සොයා යති.

තිවංක පිළිමක ‘තුන් වක’ ආකෘතියෙන් දිග හැරෙන ඒ කතන්දරය අනුව මෙරට බුද්ධිමය සංස්කෘතියේ ජීවනාලිය වූ මුද්‍රණ කර්මාන්තය බිඳ වැටෙද්දී නිර්නාමික ප්‍රබන්ධයක අත්පිටපතක් මරදානේ පරණ

පොත් වෙළෙන්දෙකුට ලැබේ. ලංකා ඉතිහාසයේ අරාජික වකවානුවක සාහිත්‍යය හා සංස්කෘතිය වෙනුවෙන් දියත් වුණු හුදකලා වීර-චාරිකාවක් පසුබිම් කර ගත් ඒ අත්පිටපත වෙළෙන්ඳා කියවයි. නවකතාවේ තෙවෙනි වකයේ දී ඒ අත්පිටපතට හිමිකම් කියන අරගලයේ නීතිඥයකු එහි කතුවරයා ද, එතුළින් තම පියා ද සොයා යයි.

ඉතිහාසකරණයේ ප්‍රබන්ධය, සාහිත්‍යයේ ගුප්තය, කර්තෘගේ මරණය සහ නිර්-ප්‍රභූ කර්තෘත්වය පිළිබිඹු කරන මෙය මේ යුගයේ සාහිත්‍යයේ කතන්දරය ලෙස ද සැලකීම සුදුසු ය.

#thinanka kathava

ගෙදර යන අතරමග | Gedara Yana Atharamaga

Original price was: Rs 380.00.Current price is: Rs 305.00.

On the Way Home
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 10

1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් සහ වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමඟ දකුණු ඩකෝටාවේ, ඩි ස්මෙට් නගරයේ ජීවත් වූ නිවස අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දූවිලි ගොඩවල් බවට පත්වී තිබිණි. වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැල පටවා ගෙන, නෑදෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතය පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ.

ලෝරා ඒ ගමන් විස්තර දිනපොතක ලීවාය. මේ, ජීවිතයේ ඉතිරි කාලය පුරා සදාකාලික සතුටු ලබා දෙනු ඇති අලුත් නිවසක් සොයා දින 45ක කාලයක් තිස්සේ සැතපුම් 650ක දුරක් ගෙවා ගිය ඒ ගමනේදී ඈ ලියූ දින සටහන් පෙළයි.

යටිසිත 2 | Yatisitha 2

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.

Think Yourself to Health, Wealth & Happyness
by Dr. Joseph Murphy

මානසික සහ අධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක සිට නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කරගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි.

මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්:
* කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජයගැනීම
* මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
* ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම
* සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම

තුන් මොල්ලු | Thun Mollu

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.

3 Idiots
by Chetan Bhagat

ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි. උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.

සඛී භාර්යා | Saki Barya

Original price was: Rs 1,600.00.Current price is: Rs 1,280.00.

සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිථවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.

එදා පායා තිබුණේ අඩ සඳකි,ඒ අඩ සඳ දුම්බර කඳු අතරින් එබී බැලුවේ ලැජ්ජාවෙන් මෙන් ය,කෝල බව සහ ආගන්තුක බව හමන සීතල සුළඟ පවා තැවරී තිබිණි.ලා සඳ එළිය අඳුරෙහි සැඟවී ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාව ගිය වළාකුළු අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියේය..සිතුවිලි වලට පියාපත් ලැබී තිබුණ අතර වචන දෙතොළග මිදී තිබුණි.සීතල ඇඟිලිතුඩු රිද්මයකට අනුව මිටියාවත් කඳු වැටි වන ලැහැබ් අතරින් සෙමෙන් සෙමෙන් ඇවිද ගියේ උණුසුම් තැන් සොයමින් ය.සුවඳ තැවරුණු උණුසුම් සුසුම් අතරින් නැගුණු සිහින් කෙඳිරිය මිහිරි ගීයක්ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවකුටවත් නෑසෙන ලෙසිනි.රාත්‍රිය ගෙවී යද්දී ඔහුගේ පළල් උරතලයේ වැතිර සිරවී විඩා නිවමින් තිබුණේ මහා ළෙන්ගතු කමකි.පසුදා හිරු පායන විට ඒ ලෙන්ගතු කම සිය ජීවිතයේ සියලු අහුමුළු කරා විහිද ගිය මහා ප්‍රේමණීය සෙනෙහසක් බවට පත්ව තිබිණි .

බ්‍රැම්ලේ වනාන්තරයේ වික්‍රමය | Bramle Wanantharaye Wikramaya

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Look Out Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 14

ජනරල්වරයා නිර්භීතව යුද වදිමින් දිනූ වීර පදක්කම් සොරා ගෙන තිබිණි. ඔහු සිටියේ මහත් කනගාටුවෙනි. ඔහුගේ සිත සැනසීම කොලින්ට බාර විය. ඒ අතරතුර හතේ කල්ලිය මහ රෑ බ්‍රැම්ලේ වනාන්තරයට ඇතුළු වූයේ කුමකටද?

සිතින් අත් ඇති මිනිසා කවරෙක්ද?

ඔවුන් සත් දෙන විශාල බල්ලකුගේ අත් අඩංගුවට පත්වූයේ කෙසේද?

ගිනි මැළයේ වික්‍රමය | Gini Melaye Wikramaya

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Secret Seven Fire Works
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 11

ජැක්ගේ සොහොයුරිය සුසී හතේ කල්ලියට එරෙහිව කරදරකාර තූනේ කල්ලිය පිහිටුවා ගත්තාය. හතේ කල්ලිය ඒ ගැන සතුටු වූයේ නැත.

ඔවුන්ගේ මුදල් සහ පඹයාට ඇන්දවීමට තබා තිබූ ඇඳුම් පවා සොරා ගන්නට, දර ගොඩ විසුරුවා හරින්නට තරම් සුසී දුෂ්ට වූයේද?

අවසානයේ පඹයකු ලෙස වෙස් ගෙන ගිනි මැළය මත සිටියේ කවුරුන්ද?

අස්හලේ කොලුවාගේ අබිරහස | Ashale Koluwage Abirahasa

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Secret Seven Mystery
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 09

හතේ කල්ලියට ආරංචි වන්නේ මුදල් සොරකමක් ගැන චෝදනා ලැබ නිවෙසින් පලා ගිය පාසල් ශිෂ්‍යාවක පිළිබඳ ය.

කල්ලිය ඇය සොයා බේලින්ග් ගම්මානය පීරති. සොනින්ග් මහත්මියගේ නිවහනට රාත්‍රීන්හි හොරෙන් ඇතුළුව ආහාර සොරා ගන්නේ කවුරුන්ද?

අස්හලේ සේවක කොලුවා ඇය ගැන දැන සිටින්නේ මොනවාද? පීටර් එකවර උමතු වන්නේ මක් නිසාද?

මෝබි ඩික් | Moby Dick

Original price was: Rs 650.00.Current price is: Rs 520.00.

Moby Dick
by Herman Melville

11:11

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

සිහිනයක් සැබෑවීමට නියමිතයි

ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.

සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්.

මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවධානය දෙන්න කියලා. සිහිනයක් සැබැවීමේ ඔයාගෙ ‘අවස්ථාව’ හරියට උරඟා බලන්න කියලා සමහරවිට ඒ ව්‍යායාමයේදී කඳු හෙල්ලෙන්න පුළුවන්. ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමි වෙන්නත් පුළුවන්. නමුත් විශ්වාස කරන්න, ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා. බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.

කොලරා කාලේ ආලේ | Kolara Kale Ale

Original price was: Rs 1,750.00.Current price is: Rs 1,575.00.

Love in the Time of Cholera
by Gabriel Garcia Marquez

ආලය අසීමිත විය හැකිද?
බොහෝ විට නැත.
එය වසංගතවලට ගොදුරු විය හැක.
යුද්ධවලට බිළි විය හැක.
එසේ නැත්නම් ආලය තුළ ම වන
බොරු වළවල්වල වැටී වල්මත් විය හැක.
එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත්
ආලය කවදත් ආලය ම වන බව තේරුම් ගන්නට
අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ
දින? එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය.
යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය.
හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ
රැළි වැටුණු මුහුණක් පසුපස ඇති
අතීතයක් තුළින් හාරා අවුස්සා බලන්නට
පෙළඹෙන පිරිමියා කවුරුන්ද?
ඒ ඔහු ය.
මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.

බල්ලෙකුගේ හදවත | Ballekuge Hadawatha

Original price was: Rs 750.00.Current price is: Rs 675.00.

Heart of a Dog
by Mikhail Bulgakov

පශ්චාත් විප්ලවීය රුසියානු ලේඛකයන් අතරින් වඩාත් නිර්මාණාත්මක ලේඛකයෙකු වන මිහායිල්ගේ බල්ලෙකුගේ හදවත (1925) රුසියානු විප්ලවය පිළිබඳ ලියැවුණු ඉතා තියුණු ප්‍රහසනාත්මක නිර්මාණයක් වශයෙන් සැලකේ. මොස්කව් නුවර කුණු බාල්දි අහුලන් කෑ නන්නත්තාර බල්ලෙකුට මිනිස් මොළයක් බද්ධ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඌ මානවීකරණය වීමේ ක්‍රියාදාමය තුළ, බුද්ධ කිරීමේ අත්හදා බැලීම කළ විද්‍යාඥයා මුහුණ දෙන අර්බුදය ඔහු හීනෙන් වත් බලාපොරොත්තු නො වූවකි.

හදවත්වරක් 2 | Hadawathwarak 2

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

අහම්බයකින් මිස අපි… හමු නොවෙමු කිසිදා යලී…

අපි වැඩිපුරම ආදරේ කරන කෙනෙක්,
අපි වැඩිපුරම විශ්වාස කරන කෙනෙක්

යමක් නිතර නිතර කියද්දි නොදැනුවත්වම
අපි ඒ දේවල් ඇත්තමයි කියලා පිළිගන්න පටන් ගන්නවා.

අපි වෙනස් වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම්
හිමින් නමුත්

අපි වෙනස් වෙනවා.’

#hadavathvarak

වන අරණක කුඩා නිවස | Wana Aranaka Kuda Niwasa

Original price was: Rs 800.00.Current price is: Rs 640.00.

Little House in the Big Woods
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 01

ලෝරා ඉන්ගල්ස් කතාන්දරය ආරම්භ වන්නේ 1871 වසරේ විස්කොන්සින් මහ වනය මායිමේ පිහිටි කුඩා ලෑලි නිවසකිනි…

සිවු හැවිරිදි ලෝරා ඇගේ අප්පච්චි, අම්මා, සහෝදරයින් දෙදෙනා වන මේරි සහ කේරි, ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැක් සමඟ ඒ කුඩා නිවසේ ජීවත් වෙයි. දරුණු සීත කාලයට සූදානම් වීම සඳහා ආහාර වගා කරන්නටහෝ ගබඩා කර තබන්නට සිදුවීම නිසා ඒ ඈත අතීත ජීවිතය ඇතැම් වේලාවට ඉතා දුෂ්කර වූ නමුත් නිවසේ සෑදූ සෙල්ලම් බඩු සහ තෑගි සමඟින් පවුලේ සියලු දෙනා සමඟ නත්තල සමරන්නට ලැබීම, වසන්ත ඍතුවේ පැළ වැවීම, අස්වනු කැපීම, පළමුවැනි වතාවට නගරයට යාම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි. සෑම රාත්‍රියකම අප්පච්චිගේ රවුකිඤ්ඤයේ මිහිරි හඬට සවන් දෙමින් ලෝරාත්, ඇගේ සහෝදරියන් දෙදෙනාත් සුවබර නින්දකට වැටෙති.

පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ පළමුවැන්න මෙසේ ආරම්භ වෙයි.

#vana aranaka kuda nivasa

මේ අපේ පුතාලාට | Me Ape Puthalata

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.

Just for Boys A book about growing up
by Matt Crossick

නව යොවුන් අවධිය මුහුකුරා යෑමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබීම පහසුය. ඔබේ සිරුරට එහිදී කුමක් සිදුවේද යන්න මේ ග්‍රන්ථය තුළ පැහැදිලිව සරලව සහ සෘජු ලෙස පැහැදිලි කෙරෙයි. හැගීම්ද ඇතුළුව ඔබ ජීවිතයේ , මේ වැදගත් අවධියේ දැන ගත යුතු සියලු වැදගත් කරුණු මෙහි මැනැවින් සංග්‍රහ කර ඇත.

යක්ෂයා සහ ප්‍රයිම් මෙණෙවිය | Yakshaya Saha Prime Menaviya

Original price was: Rs 980.00.Current price is: Rs 880.00.

The Devil and Miss Prym
by Paulo Coelho

කෑදරකම භීතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්. සිය වේදනා බර අතීතයේ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක්. සන්තුෂ්ටිය සොයා යන තරුණියක්. එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ මරණය සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදු වනු ඇත්තේ ය. ඉදින් එහි දී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද?

යහපත ද එසේත් නැත්නම් නපුරද?

මේ චමත්කාරජනක නවකතාව තුළින් පවුලෝ කොයියෝ සෑම ආත්මයක් තුළ ම ආලෝකය හා අඳුර අතර පවත්වා අරගලය මෙන්ම අපේ දෛනික ජීවන අරගලය හා එහි සබැඳියාව නාටකීය ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කරයි.අපේ සිහින ලුහුබැඳ යාමට නිර්භීත වීම, වෙනස් පුද්ගලයකු බවට පත් වීම සඳහා වන අපේක්ෂාව හා සැබෑ ජීවිතය උදා කර ගැනීමෙන් අප වළකාලන බියෙන් අත්මිදීම. යක්ෂයා හා ප්‍රයිම් මෙනෙවිය උද්වේගකර කතාන්දරයකි. එසේම එමඟින් මනුෂ්‍යයාගේ සාධු චර්යාව බියකරු පරීක්ෂණයට ලක් කෙරේ.

මිනිත්තු එකොළහේ කතාන්දරේ | Miniththu Ekolahe Kathandare

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,080.00.

Eleven Minutes
by Paulo Coelho

මට ලෝකයට අනුව චූදිතයෙකු වෙන්නත් සතුට හොයාගෙන අවදානම් ගමනක යෙදෙන්නත් පුලුවන්.ඒ සියල්ල මම ජීවිතය දකින විදිය ගැන ගැටලුවක් විතරයි. මරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුණු, නිළියක් වෙන්න ජීනීවාවලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වාභාවයන් තුළින් අභ්‍යන්තරයෙන් පැන නැඟෙන ආලෝකය හොයාගෙන යන, අවදානම් සහගත ගමනේදි ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණොත් කුමක් වේවිද? ජීවිතය සොයා යෑමේදී, ආදරය ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතු කර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂයක කතාවයි. මිනිත්තු එකොළහේ කතාන්දරේ.’සන්තියාගෝ නම් සැරිසරන්නා’ කෘතියෙන් කෘතියෙන් කීර්තියට පත් පාවුලෝ කොයියෝගේ, ලිංගිකත්වය විෂයය කරගත් කතා පුවතක් සහිත අලංකාරමය භාෂා රීතියක් රැගත් නවකතාවයි.මිනිත්තු එකොළහේ කතාන්දරේ.

පඬුරු බඳින ගස් | Panduru Bandina Gas

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.
  • 2023 සවර්ණ පුස්තක සම්මාන නිර්දේශය

ලෝකයක් දිනන්න පිරිමියෙකුට ඕනැ කරන්නෙ එකම එක දෙයයි. ඒ ජීවිතේ හති වැටුන වෙලාවක උණුහුමට ඔලූව තියාගන්න පුලූවන් ආදරණිය ගැහැනියකගේ උකුළක්.

ඒ වගේම තමයි… ගෑනියෙකුට ලෝකයක් හිමි කරගන්නට ඕනැ කරන්නේ තමුන්ට රැකවරණයක්, ආදරයක්, ගෞරවයක් දැනෙන පිරිමියෙක්ගේ උරහිසක වාරුවක්.

එහෙම දෙන්නෙක් අහම්බෙන් හරි මුණගැහුණහම ඇතිවෙන ගින්දර නිවන්න මේ ලෝකෙ කාටවත් බැහැ. ජාති, ආගම්, කුලමල, වයස විතරක් නෙමෙයි උන්ට උන් හිටි තැනුත් අමතක වෙනව. මුළු ලෝකෙම ඉන්නේ තමුන් විතරයි කියල උන් දෙන්නා හිතන්න පටන් ගන්නව. එතැන ඉඳල මුළු ලෝකෙම අයිති උන්ට…!

එහෙම දෙන්නෙක් මුහුදු හතක් පීනලා, කඳු හතක් උඩින් පැනලා, අන්තිමට ආයිත් තමුන්ගෙ අක්මුල් හොයාගෙන ආපහු එනකොට උන්ට අභියෝග කරපු හු`ගක් අයට සිද්ධ වෙන්නෙ හැංගෙන්න.

නමට විතරක් දියමන්තියක් වුණ, කුසෙන් වදපු දරුවන් පවා පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නොතැකූ අසරණ අහිංසක ගැහැනියක් අන්තිම මොහොතෙ තමුන්ගේ ජීවිතය රන් කර`ඩුවක් වගේ සලකා එයට නිසි වටිනාකමක්, උණුසුමක් දෙන උරහිසක් සොයා යන්න හිතන එක වරදක්ද..? එහෙම සිතුවිල්ලක් හිතේ මෝදු වුණාට පස්සෙ ගෑනියෙකුට අතාරින්න බැරි දෙයක් තියෙනවද…? හැමෝගෙන්ම බැටකාපු, නින්දා අපහාස විඳපු, හෑල්ලූවට සූරාකෑමට ලක්වුණ ගැහැනියකට එහෙම ගිහින් තමුන්ගේ ජීවිතය වෙනස් කරගන්න අයිතියක් නැද්ද…..? එහෙමත් නැත්නම් ලැබූ අනේක ගැරහුම් ගෞරවයක්, ආදරයක්, භක්තියක් බවට පෙරළා ගන්න බැරිද..?

වනාන්තරේ ගස් ඕනැ තරම් තියෙනව. හැබැයි මිනිස්සු ප`ඩුරක් බැඳලා දෙවි පිහිට යදින්නේ එහෙමත්ම ගහකට. තමුන්ගේ ඉරණමට බැඳුන සැබෑ දෙවියන් සිටින ගසකට ප`ඩුරක් ගැටගහන්නත් ගැහැනියකට තිරසාර බලපොරොත්තුවක් තියෙන්නෝනෑ. බලාපොරොත්තුව වෙනුවෙන් අනිත් සියල්ලම අතෑරපු එවුන් තමයි අන්තිමට දිනන්නෙ. මේ එලෙස සියල්ල හැර පියා බලාපොරොත්තුව ලූහුබැඳ ගිය එවුන්ගේ කතාවයි.

මොන මගුලක්ද මන්දා | Mona Magulakda Manda

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.

2 States The Story of My Marriage
by Chetan Bhagat

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි.

ලෝකෙ වටේම ඉන්න කෙල්ලෙ කොල්ලො ආදරේ කරනවා.
ආදරේ කරල බඳිනවා.
ඒක ඒ තරම් සිම්පල් වැඩක්.
හැබැයි ඒ වෙනින් රටවල්වල!
ඉන්දියාවේ ඒ සෙල්ලං බෑ!
ඉන්දියාවේ ආදරේ කරන කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පුර්ණ වෙන්න ඕනෙ.

1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම
2. කොල්ලා කෙල්ලට ආදරේ කිරීම
3. කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම
4. කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම
5. කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම
6. කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම
7. ඒ ඔක්කොම ඉවර වෙද්දි, තාමත් කොල්ල කෙල්ලටයි, ඒ කෙල්ල කොල්ලටයි, ආදරේ නම් කසාඳ බැදීම

මොන මඟුලක්ද මන්දා?

අන්ධකාරයේ දරුවා | Andhakaraye Daruwa

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

Child of the Dark The Diary of Carolina Maria de Jesus
by Carolina Maria de Jesus

සාහිත්‍ය ලෝකය හෙල්ලූ මුඩුක්කුවේ ගැහැණිය.

බ්‍රසීල ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවි වූ පොත.

මාස 6කදී භාෂා 26කට පරිවර්තනය වූ පොත.

බඩගින්න මෙතරම් හඬකින් විලාප නැංවූයේ කොතැනකද?

බ්‍රවුනි වික්‍රමය | Browney Wikramaya

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Fun for the Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 15

බ්‍රවුනි නමැති අශ්වයාගේ පාදයක් බිඳී ගියේ කාගේ වරදින්ද? ටොලි එම අශ්වයට වෙඩි තබා මරා දැමීමට එරෙහි වූයේය. ඔහුගේ පිහිටට එන්නේ හතේ කල්ලියයි.

එහෙත් අශ්වයන් පැහැරගෙන යාමට සොරුන් පැමිණෙන විට ඔවුන් සිටියේ කොහිද ?

පීටර් තද නින්දේය. ජැනට් හට පමණක් වී සොරුන් මෙල්ල කළ හැකිද?

ටොර්ලින්ග් මාලිගයේ වික්‍රමය | Torling Maligaye Wikramaya

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Good Old Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 12

ඉපැරැණි ටොර්ලින්ග් මාලිගයේ කුලුනක කිසිවකු සැඟව සිටින බව හැඟී යයි.

ඒ අතරතුර හතේ කල්ලිය සතු දුරදක්නය ද සොරා ගැනෙයි. එය ගං පත්ලේය.

චිත්‍ර අඳින කාන්තාව සුසී හා පවසන්නේ මොනවාද?

මාලිගයේ බිම් කුටියේ ඇති රෙදි කඩමාලු මොනවාද?

බොහීමියාවේ අපවාදය | Bohimiyawe Apawadaya

Original price was: Rs 500.00.Current price is: Rs 400.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

ෂර්ලොක් හෝම්ස් වික්‍රම 02

ශ්‍රීමත් ආතර් කෝනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටි කතා ගණන පනස් හයකි. මෙම කෘතියේ එම කෙටිකතා අතරින් පහක සිංහල පරිවර්තන ඇතුළත් වෙයි.

A SCANDAL IN BOHEMIA – බොහීමියාවේ අපවාදය
බොහීමියාවේ රජතුමා පෙම් පලහිලව්වක පැටලී සිටියේ වසර ගණනකට ඉහතදී ය. නමුත් විවාහය ළං වන විට අතීත ප්‍රේමය රජුට ගැටලුවක් වී තිබිණි.

THE ADVENTURE OF THE NAVAL TREATY – නාවික ගිවිසුම
බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යංශයේ තිබී හදිසියේ අතුරුදහන් වූ ගිවිසුමක පිටපතකි. එය රටවල් කිහිපයක ආරක්ෂාවට තර්ජනයක් විය.

THE ADVENTURE OF THE SILVER BLAZE – සිල්වර් බ්ලේස්
නියමිත තරගයේ අනිවාර්යයෙන් ජයගන්නා අශ්වයා “සිල්වර් බ්ලේස්” අතුරුදහන් වූයේ තරගයට දින කිහිපයක් තිබියදී ය. උගේ පුහුණුකරුවාද මරා දමා තිබිණි.

THE ADVENTURE OF THE FINAL PROBLEM – ශ්‍රේෂ්ඨයකුගේ වියෝව
විශිෂ්ට රහස් පරීක්ෂක හෝම්ස් ට කරටකර ගැළපෙන ප්‍රතිවාදියා මුණගැසිණි. එය මහාචාර්ය මොරියාර්ටිගේ හෝ ෂර්ලොක් හෝම්ස්ගේ ඉරණම විසඳන මුණගැසීමක් ද විය.

THE ADVENTURE OF THE EMPTY HOUSE – හිස් නිවෙසේ වික්‍රමය
රොනල්ඩ් අඩේයර් ලන්ඩනයේ විසූ ගෞරවනීය තරුණයෙක් වූයේ ය. ඔහුගේ මරණයේ අබිරහස විසඳන්නට හෝම්ස් නොසිටීම අඩුවක් වූයේ ය.

ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අධිරහස් විසඳු ආකාරයත් මෙම කෘතියෙන් විස්තර වෙයි.

සිටුවර මොන්ත ක්‍රිස්තෝ | Situwara Monte Cristo

Original price was: Rs 900.00.Current price is: Rs 720.00.

The Count of Monte Criso
by Alexander Dumas

#situwara montha kristho

රොබින්සන් කෲසෝ – සුසර | Robinson Crusoe

Original price was: Rs 250.00.Current price is: Rs 200.00.

Robinson Crusoe
by Daniel Defoe

මේ අයුරින් කාලය ගෙවී ගියා මිස මට මෙම දුපතින් පිටවී යාමට තවමත් මාර්ගයක් උදාවුයේ නැත. මෙතෙක් මා ගත කළ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී සිත තුළ ඇතිවන හැඟීම් සංකීර්ණය. තාත්තා දුන් අවවාද වලට පිටුපා ගෙදරින් පැන ආදා පටන් මේ දක්වා ගත කළ අන්දම සැබවින්ම සහගත නොවන්නේද? අන්තිමට කුණාටුවට හසුවී ගසාගෙන ගිය නැව බලන්නට මා දැනුදු විටින් විට යන්නේ නිකන්ම නොවේ. කෙසේ හෝ එය අලුත්වැඩියා කොට යාත්‍රා කිරීමට තත්වයට සකසා ගත හැකිද බැලීමටය. නමුදු යළි යාත්‍රාකළ නොහැකි අන්දමින් එය විනාශවී ගොස් ඇත.

ෆොරස්ට් ගම්ප් | Forrest Gump

Original price was: Rs 950.00.Current price is: Rs 760.00.

Forrest Gump
by Winstan Groom

මං ඉපදුණාට පස්සෙ මගේ අම්ම මට නම තිබ්බෙ ෆොරස්ට් කියලා. ඒකට හේතුව වුණේ සිවිල් යුද්ධයේදී සටන් කඵ ජනරාල් නාදන් වෙඩ් ෆොරස්ට්. මගේ අම්ම නිතරම කියපු දෙයක් තමයි අපි ජෙනරාල් ෆොරස්ට්ගේ නෑදෑයො වෙන බව. කොහොම වුණත් එයා ශ්‍රේෂ්ඨ මිනිහෙක් කියලා අම්මා නිතරම කිව්ව. එයා තමයි යුද්දෙන් පස්සෙ නම නකමං නක්ඛ කියන සංවිධානය හැදුවේ කියන එකත් අම්ම කියනව. ඒ අතරෙ ආච්චිත් ඒකම කිව්ව. ආච්චි කිව්වේ ඒ සංවිධානේ එච්චර හොඳ කල්ලියක් නොවන බවය. මාත් ඒ කියමනට එකඟ වෙනවා. ඒ එයා ටවුමෙ තුවක්කු ස්ටෝරුවක් පවත්වා ගෙන ගිය හන්දා. මට අවුරුදු දොළහේදී විතර මං දවසක් ඒ පැත්තට ඇවිද ගෙන ගියා. මං ගිහිං ස්ටෝරුවේ ජනේලයෙන් බලාගෙන හිටිය. ඇතුළෙ මිනිස්සු එල්ලල මරණ තොණ්ඩුවක් සහිත කඹයක් එල්ලි එල්ලි තිබුණ. මාව දුටු හැටියෙම ජෙනරල් කඹය බෙල්ල වටා දාගෙන දිව එළියට දා ගත්තා. මිනිහෙක් එල්ලෙනවා වගේ. මං හොඳටම බයවුණා. මං දුවල ගිහිං අසල තිබු කාර් පාර්ක් එකේ කාරෙකක් පිටිපස්සෙ හැංගිලා හිටිය. කවුරුහරි පොලීසියට කතා කරලා පොලිසියෙන් ඇවිත් මාව ගෙදර ගෙනගොස් අම්මට බාර දෙන තුරු. ජෙනරල් ෆොරස්ට් මොනව කළත් ඒ කල්ලිය පටන්ගත්තු එකනං හොඳ අදහසක් නෙවෙයි. ඕනම මෝඩයෙකුට ඒක කියන්න පුළුවන්. කොහොම වුණත් මට මගේ නම ලැබුණේ එහෙමයි.

මනස පුහුණු කිරීම | Manasa Puhunu Kireema

Original price was: Rs 880.00.Current price is: Rs 705.00.

Mind Training

සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණ වේ. ඔබ සෞඛ්‍ය දියුණු කර ගැනීම ගැන, ආත්ම විශ්වාසය පුහුණූ කර ගැනීම ගැන, සිතෙහි එකඟකම ඇති කර ගැනීම ගැන, ආකර්ෂණිය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපූර්ණ කර ගැනීම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබට උදව් වෙයි.

නායකයෙක් ඕනෑකර තිබේ | Nayakayek Onekara Thibe

Original price was: Rs 800.00.Current price is: Rs 680.00.

The Leader Who Had No Title
by Robin Sharma

වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම් වල නායකත්ව උපදේශකයෙකු ලෙස මා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ.මා අත්හදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රමවේද වලින් ලැබූ අත්දැකීම් නොමසුරුව මෙම කෘතියට ඇතුළත් කළෙමි.මේ අති දැවැන්ත අත්දැකීම් සමුදාය ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයට ද අතිශය වැදගත් වනු ඇත.මෙහි එන විවිධ චරිත මගින් මන:කල්පිත කතන්දරයක් ඔබට ඉදිරිපත් කළ ද නායකත්වය පිළිබඳව වන මූලික ප්‍රතිපත්ති සහ නිර්ණායක වලින් සමන්විතව මෙම කෘතිය නිර්මාණය කර ඇත.එබැවින් මෙහි එන පරිකල්පනීය අත්දැකීමකට වඩා ඔබ සමීප විය යුත්තේ මෙමගින් එළි පෙහෙළි කරනු ලබන විධික්‍රම කෙරෙහිය.එමගින් ඔබේ ව්‍යාපාරයත් පෞද්ගලික ජීවිතයත් අතිශයින් සාර්ථක කරගත හැකි වනු ඇත.
-රොබින් ෂර්මා-

සුන්දර කළු අසු | Sundara Kalu Asu

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

Black Beauty
by Anna Sewell

ලුබ්නේට් කන්ද අසලට එන තුරු මා සාමාන්‍ය අන්දමින් ගමන් කළ ද, අධික බරත් මාගේ හෙම්බත් වීමත් තවදුරටත් දරාගැනීමට මා හට අසීරු විය. කස පහර කමින්, තෝන් ලණුවෙන් ඇදීම් නිසා පීඩා විඳිමින් මම මහත් පරිශ්‍රමයක් දරමින් යෑමට තැත් කළෙමි. එක මොහොතකදී එය කෙසේ විණිදැයි මට කිව නොහැකි වුවත් මගේ පාදය මගේ සිරුරට යටින් ලිස්සා ගිය අතර මා මහත් වේගයෙන් එක පසෙකට වැටිණ. මා බිම පතිත වූ වේගයත් ඉක්මනත් නිසා මගේ සිරුරේ වූ සියලු හුස්ම පිට වූ බව පෙනිණ. මම නිසලව වැතිර සිටියෙමි. සැබවින්ම මට සෙලවීමට ශක්තියක් නොවීය. මා සිතුවේ මා මියයමින් සිටිතැයි කියාය. අර අනුකම්පා සහගත සුමිහිරි හඬ “අයියෝ, අසරණ අස්සයා. මේ ඔක්කොම අපේ වැරැද්ද” යි කිවූ බව මට ඇසුණේ යයි මට සිතිණ. තවත් අයෙක් “එයා මැරිලා. එයා ආයෙ නැගිටින්නෙ නැහැ” කියා පැවසුවේය. අනතුරුව පොලිස් නිලධාරියෙකු අණ දෙන හඬ මට ඇසුණද මම දෙනෙත් නොහැරියෙමි. මට කළ හැකි එකම දෙය වූයේ ඉඳහිට හුස්මක් ගැනීම පමණි.

අයේෂා ආපසු එයි | Ayesha Apasu Ei

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

The Return of She: Ayesha
by H. Rider Haggard

රයිඩර් හැගාඩ් ගේ ”ඈ හෙවත් අයේෂා” නමැති ලෝ පතළ නව කථාවේ අනුබන්ධය වන මේ “අයේක්ෂා ආපසු එයි” නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරි ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශ්‍රේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. “ජීවන ගින්නේ දී” ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කූළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්‍රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි, විෂය රසයන්ට ගිජු වීමෙන් අකාලයේ මිය යයි. එ තැන් පටන් අයේෂා, ලියෝ වින්සි හා එකතු වී සැපවත් ජීවිතයක් ගත කිරීමේ අපේක්‍ෂාවෙන්, යළිත් වරක් සිය සංසාර ගමන අරඹයි. සැබවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්ථය හෙළි කිරීම ය. “අයේෂා ආපසු එයි” නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි. සම්පූර්ණ යි. අසංක්‍ෂිප්ත යි.

භාරත යෝගී ස්වාමි රාමා | Bharatha Yogi Swami Rama

Original price was: Rs 1,100.00.Current price is: Rs 990.00.

Living with the Himalayan Masters

හිමාල වනයේ ජීවත්වූ විශ්මිත යෝගීන්ගේ හා ඍෂිවරුන්ගේ ජීවන ප්‍රවෘත්ති රැගත් “භාරත යෝගී ස්වාමි රාමා” නමැති මේ කෘතිය යෝගීන්ගේ හා ඍෂිවරුන්ගේ ආයාසකර ජිවන රටාවත්, ඔවුන් විසින් සිදු කරන ලද ඇදහිය නොහැකි තරමේ අරුම පුදුම සිද්දීන් රැසකින්ද සමන්විතය.

ඕනෑම දෙයක ස්වරුපය වෙනස් කෙරෙන අඝෝර් විද්‍යාවේ නිපුනයකු වූ අඝෝර් බාබා මිනිමස් උයා රසගුලා නමැති ප්‍රනීත ආහාරය බවට පත් කරයි. ස්වාමි රාමගේ ගුරු දේව වසූරියෙන් මියැදෙන අහිංසක දරුවකුගේ වසූරිය තමන්ට පවරාගෙන දරුවා මරණයෙන් බේරයි. තම අබල දුබල සිරුර අතහැර මියගිය තරුණයකුගේ සිරුරට ඇතුළුවන අනූ පස් හවාරදී යෝගියා, ඍද්දියෙන් නොපෙනී යන මහලු යෝගියා, අවශ්‍ය වූ විට සිරුර හැර යන යෝගීන්, විශ්මිත රෝග සුව කිරීම් ආදී පුදුමාකාර සිද්දීන් ඇතුලත් මෙම කෘතියෙන් ප්‍රවීණ ලේකක තිලක කුඩාහෙට්ටි ඔබ හිමාලයේ රිෂිකේෂී, ගංගෝත්‍රි, බද්‍රිනාත්, කේදර්නාත්, කුමායුන්, අල්මෝරා, කෛලාස කූටය පමණක් නොව, මානා දුර්ගය හරහා ඩාර්ජිලිංගේ, සිකීම්, පොඩොංග්, ග්යැන්සි, ෂිගට්සේ ඔස්සේ නේපාලයේ නාසා නගරයටත්, ලමාවරුන්ගේ පන්සල්වලටත් ජීවමානව කැඳවා ගෙන යයි.

#baratha barat bharat yogi svami rama

සාරි ඇඳපු පිරිමි | Sari Andapu Pirimi

Original price was: Rs 700.00.Current price is: Rs 630.00.

මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එකක් නෙවෙයි. මේ ආනන්දනීය තත්ත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දුක් විඳලා තියෙනවා. මැතිණිගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ලගින කොට මට එකොළහයි. ගමේ පංසලට ගියේ නම්පොත, සකස්කඩ, බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ, මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.

ඔය කියන හැත්තෑ ගණන්වල ඒක අකරතැබ්බයක්, අපචාරයක්, ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නැහැ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලත් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා, පපුව හත් කඩකට පැලිලා, එවේලේම පොළොව පලාගෙන නිරයට යන දිට්ඨ ධම්මවේදනීය පාපකර්මයක් කියලා විතරයි.

අවුරුදු දහතුනක පොඩි කොල්ලෙක් කොහෙද එහෙම තීරණාත්මක රහසක් රකින්නේ. පවුලේ කවුරු හරි දැනගත්තා නං සහසුද්දෙන්ම වැරදිකාරයා වෙන්නේ මම. ඒ කාලේ එහෙම තමයි. දැන් කියලා වැඩි වෙනසක් ඇත්තෙත් නැහැනේ. ඉතිං මං අපේ වත්ත පහළින් ගලාගිය මහවැලි ගඟේ ගල්පර අතරේ. ගේ ඉස්සරහ ශාන්ත ජෝන් පල්ලියේ අල්තාරය පිටිපස්සේ, රේල් පාරට එපිටින් වහලවෙල කැරකෝප්පුවේ රූස්ස ගස් අතරේ තනිවී මගේ කථාව මට ම කියාගත්තා.

ප්‍රේමානිශංස | Premanishansa

Original price was: Rs 1,250.00.Current price is: Rs 1,125.00.
  • 2022 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව

පොල් මලේ සාරය නම් දිව්‍යමය දියරය ඇසුරෙන් මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්ඩ සොයා යන නූතන රජ දරුවෙකි…..,

මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කර ගත් නිසා ම දේවත්වයට සමීප වූ උතුම් මිනිසෙකු නොකිලිටි වූ අතීත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේ ය. ඒ කලා විශාරදයා ඇවිත් ගිය පිට සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් සිය පරපුරේ ගුණ සුවඳ සොයා යන දැරිවියෙකි..,

ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් ‍රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවඳ දසත හමන මල් තුහින විසිරෙන අඩවියක දී ‌ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් වගයි.

උත්පත්ති | Uthpaththi

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,350.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

ඒ රැය ගෙවී පසුදා අවදි වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්‍රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාවක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.

අම්මා – උපුල් ශාන්ත සන්නස්ගල | Amma – Sannasgala

Original price was: Rs 1,600.00.Current price is: Rs 1,280.00.

කොළඹ කතාව – කිරිසුවඳ

‘අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
රත්තරං අම්මේ!’

මනෝමන්දිර | Manomandira

Original price was: Rs 750.00.Current price is: Rs 675.00.

අල්මන්සෝ: පුංචි ගොවියා | Almanso Punchi Goviya

Original price was: Rs 1,150.00.Current price is: Rs 920.00.

Farmer Boy
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 03

ලෝරා ඉන්ගල්ස් බටහිර තැනිතලාවේ හැදී වැඩෙන අතරේ, අල්මන්සෝ වයිල්ඩර් නම් කුඩා පිරිමි ළමයෙක් නිව් යෝක් ජනපදයේ ගොවිපොළක හැදී වැඩෙයි. ග්‍රීෂ්ම සෘතුවේ පැළ වගා කරන්නට, සරත් සෘතුවේ අස්වැන්න නෙළන්නට අප්පච්චිට උදව් වෙමින්, අම්මාට ගෙදර වැඩට සහය වෙමින්, සිය සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමග අල්මන්සෝ ගොවිපොළේ ගත කරන ජීවිතය අතිශයින් ප්‍රීතිමත් එකකි. සීත කාලයේ දර පැලීම, ගඟෙන් යෝධ අයිස් කුට්ටි කපා ගබඩා කිරීම ආදී වැඩපළ කරන්නට තිබේ. විනෝදකාමී බෙලෙක් බඩු වෙළෙන්දා ගොවිපොළට එන දවස් නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පච්චි සමග මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි.

සිය සැමියා වූ අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණ ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.