ප්‍රේම සැඳෑවෝ – 2 | Prema Sandewo – 2

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

Fifty Shades of Grey
by E.L. James

භාෂා 12 කට පරිවර්තනය වී පිටපත් දස ලක්ෂ ගණනික් අලෙවි වාර්තා තැබූ මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් ; Fifty Shades of Grey නැමැති කෘතියට පාදක වූ කෝටිපති ව්‍යාපාරික හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ උන්මාදනීය භාවාත්මක ආදරයේ දෙවැනි කොටසයි.

#prema sandawo sendewo sadavo sedevo

නැවතුම් නැති ජීවිතේ | Nawathum Nathi Jeewithe

Original price was: Rs 1,250.00.Current price is: Rs 1,125.00.

Unstoppable
by Nick Vujicic

අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත’සීමා නැති ජීවිතේ’ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ’.

හියුෆන්ට් ප්‍රේමේ | Heufant Preme

Original price was: Rs 1,000.00.Current price is: Rs 800.00.

එකෙක් ඇතුළට ආවා දහයයි පහට. ඔළුවෙ මැද තීරුවක් ඉතුරු වෙන්න ඉතුරු ටික ඔක්කොම තට්ටෙ ගාලා… කනකට කරාබුවකුත් දාලා… ඉරිච්ච ඩෙනිමයි… ටී ෂර්ට් එකයි… හං සෙරෙප්පු…

ඌ මේකෙ වැඩ කරන එකෙක් බව ෂානා දැනගත්තෙ බිත්තියෙ පැත්තකින් තිබ්බ ඇඟිලි සලකුණු යන්ත්‍රෙට ඇඟිල්ල ඔබපු නිසා…
ඌ නිකං ෂානා දිහා බැලුවෙ, අමුතු සතෙක් දිහා බලනව වගේ. ෂානට අපහසුවක් දැනුණ… ඌ ඇතුළට ගියා.

ඊට පස්සෙ ආවා තව එකෙක්… හෑන්ඩ්ලුම් සරමක් ඇඳලා… දිග කුර්තාවක් ඇඳලා… සිගරට් එකකුත් බිබී… ඌත් අරකට ඇඟිල්ල එබුව. ‘ඒ කියන්නෙ ඌත් මේකෙ වැඩකරන එකෙක්.’ ෂානා හිතුවා. ‘යකෝ මුං දැන්ද වැඩට එන්නෙ..?’ ඌත් ෂානා දිහා බැලුවෙ හරියට පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ. ෂානට ආයෙ අපහසුවක් දැනුණා. ඌත් ඇතුළට ගියා.

ත්‍රී ක්වාටර් ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ගහගෙන කෙල්ලෙක් ආවා. බත් කෙණ්ඩෙ මකරෙක්. ඇඟිල්ල එබුවා… ෂානා දිහා පුදුමෙන් වගේ බැලුවා… ඇතුළට ගියා.

පිළිගැනීමේ කවුන්ටරේ හිටියෙ කෙල්ලෙක්. ඒකි මෙලෝ සිහියක් නැතුව මොනවද කනවා. ඊට පස්සෙ ආවෙ කොට කලිසමක් ඇඳලා, රබර් සෙරෙප්පු දෙකක් දාලා, කොණ්ඩෙයි, රැවුලයි දෙකම වවාගත්තු බමුණෙක් වගේ එකෙක්. ඌ නිකං චේ ගුවේරා වගේ රතු තරුවක් තියෙන චේ කැප් එකක් දාගෙන හිටියා. මිනිහත් ඇඟිල්ල එබුවා. ෂානා දිහා අමුතු විදිහට බැලුවා. ඇතුළට යන්න ගිහින් ආයෙ හැරිලා ඇවිත් ෂානත් එක්ක කතා කළා.

“මල්ලි කාව හරි ඉන්ෂුවරන්ස් කරන්නද?”

ෂානා උඩ බිම බැලුවා. ‘ඉන්ෂුවරන්ස් කරන්න?’ ෂානා හිතුවා.

“මල්ලි මොන ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන්ද? කාව හම්බවෙන්නද ආවෙ?”

#hufant hiyufant hiufant

ඇලන් ක්වාටර්මේන් | Allan Quartermain

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,170.00.

Allan Quartermain
by H. Rider Haggard

ඇලන් ක්වාටර්මේන්, සර් හෙන්රි, ගුඩ් සහ අස්ලෝපොගාස් සමඟ එක් ව, සුදු මින්සුන් වෙසෙන සු-වෙන්ඩි දේශය සොයා යන චාරිකාවක් ගැන කියවෙන, වික්‍රමාන්විත සිද්ධීන්ගෙන් හා ත්‍රාසජනක සිදුවීම්වලින් ගහණ නවකතාවකි.

නිවුන් රැජිනියන් විසින් පාලනය කරනු ලබන සු-වෙන්ඩි දේශයේ දී, සූර්ය දෙවොලේ පූජකවරු, ඔවුන්ට එරෙහි ව නැඟී සිටිති. රැජිනියන් දෙ දෙනා ම සර් හෙන්රිට ආදරය කරන්නට වීම නිසා ඇති වන්නේ, සු-වෙන්ඩි දේශය රුධිරයෙන් නැහැවී යන මහා සංග්‍රාමයකි.

සම්පූර්ණ යි! අසංක්‍ෂිප්ත යි!

#alan qwartman

භාරත මහා සෘෂී රාමනා | Bharatha Maha Rishi Ramana

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

The Mind of Ramana Maharshi
by Arthur Osborne

#baratha barat bharat mahaa irshi ramana

ඕලු 5 | Olu 5

Original price was: Rs 280.00.Current price is: Rs 250.00.

මෙය දිරිය දියණියක පිළිබඳ කතාවක් සේ ම බෝසත් ගුණ ඇති යහපත් මිනිසුන් පිළිබඳ කතාවක් ද වෙයි. මෙවන් චරිත හමුවන්නේ සුරංගනා කතාවල පමණකැයි කෙනකු කියන්නට බැරි නැත. එහෙත් දහම් පාසල් යන වියෙහි සිට ම බෝසත් චරිත හදාරණ සමාජයක මෙබඳු චරිත ආගන්තුක වෙතැයි මම නොසිතමි.

කාණ්ඩ පහකින් සමන්විත මෙම දීර්ඝ නවකතාවේ තේමාව වන්නේ ආධ්‍යාත්මික ආදරයයි. රාගයෙන් කිළිටි නොවුණ ආදරය ඉතා සුන්දරය, සුවඳය. එය ආනන්දයෙන් සිත් පුරවාලයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක එවන් ආදරයකින් බැඳුණාහු වෙති. කර්තෘ

ඕලු 4 | Olu 4

Original price was: Rs 280.00.Current price is: Rs 250.00.

‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යෙයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූර්ව ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.

කුමාර කරුණාරත්න බෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභී තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වන්දි, සඳකඩපහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍යවලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතා වලින් කීපයකි.

ඕලු 3 | Olu 3

Original price was: Rs 280.00.Current price is: Rs 250.00.

‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යෙයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූර්ව ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.

කුමාර කරුණාරත්න බෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභී තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වන්දි, සඳකඩපහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍යවලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතා වලින් කීපයකි.

ඕලු 2 | Olu 2

Original price was: Rs 280.00.Current price is: Rs 250.00.

රාගයෙන් තොර ආදරයක සොදුරු චමත්කාරය සහ පිවිතුරු ජීවත සුවඳ වහනය කෙරෙන මේ ප්‍රබන්ධය ජීවන අරගලයට උරදී සිටින දිරිය දියණියකගේත් පරාර්ථය සිය ජීවන දර්ශනය කරගත් උදාර තරුණයකුගේත් චරිත ඇසුරින් පාඨක සිත්සතන් පහන් සංවේගයෙන් සනසාලමින් රචිත ගද්‍ය කාව්‍යයක් බඳු රසවත් නිර්මාණයකි.

රෙයින්ඩ්‍රොප්ස් ඔන් ද පෙයින් | Raindrops on the Pain

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

රේන්ඩ්‍රොප්ස් ඔන් ද පේයින්
𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 – වේදනාව මත වැහි බිදු
𝐓𝐡𝐚𝐭 𝐦𝐨𝐫𝐞 𝐢 𝐭𝐫𝐲 𝐭𝐨 𝐟𝐨𝐫𝐠𝐞𝐭, 𝐓𝐡𝐞 𝐦𝐨𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐢 𝐫𝐞𝐦𝐞𝐦𝐛𝐞𝐫

සතුට ලියලුනු, දුක වැපිරවුනු සහ කලකිරීම්
මෙන්ම පසුතැවීම් කම්මුල් පහර ගසන සෑම විටෙකදීම 𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 හි හිස් පිටු
මා අතින් පින්තාරු විය…
__________

බිදී ඇති හිත්,
තැලී ඇති හිත්,
යන්තමින් අමුනාගෙන යලි අටවාගෙන ඇති හිත්,
දුර්භික්ෂයෙකින් පසු නැවතත් යලි පන ගසමින් ඇති හිත්,
තටු විහිදුනු හිත්,
පියෑඹූ හිත්,
හිරිමල් තරුණ හිත්,
ආදරණීය ස්පර්ශ තටු අකුලාගෙන ඇති වියපත් හිත් සහ
ප්‍රේමණීයම ශුංගාර තවමත් යාන්තමින් හෝ මුලු ගැන්වී ඇති මහලු හිත්,
පැමිණ Raindrops පිංතාරුව මත සැතපෙන්න…

නයිට් ඒජන්ට් | Night Agent

Original price was: Rs 1,800.00.Current price is: Rs 1,350.00.

The Night Agent
by Matthew Quirk

ඇමරිකානු භුමියේ සිටිනා රුසියානු ඔත්තුකරුවන් සොයා යන රහස් නියෝජිතයන් අනතුරක ද?..

රහස් නියෝජිතයන්ගේ හදිසි කරදර පිළිබඳ ඇමතුම් ලැබෙන තුරු නිදිවර්ජිතව බලා සිටින ඔහු…

තමාගේ මාමාටත් නැන්දාත් මරණය කරා ගෙන ගිය භයානක ඝාතකයන් සොයා යන ඇය…

සියළු රහස් සටහන් කර ඇති ඒ රතු ලෙජරය සොයා යන අතරතුර මහා විනාශයක් මෙහෙයවන ඔහු..

මේ සියළු දේ මෙහෙයවන උපන් භුමියේ මහ මොළකරු ඇය ද?

සියල්ලට ඉහලින් සිටිනා ඔහු මේ පිළිබඳ දැනුවත් ද?

ඇමරිකානු භුමියේ සැගවි සිටිනා රුසියානු රහස් ඔත්තුකරුවන්ගේ හා තම දේශයට ද්‍රෝහී වු
දේශද්‍රෝහින්ගේ ඇස්වලින් ගැලවී ඔහුටත් ඇයටත් මේ භයානක කුමන්ත්‍රණය ලොවට හෙළි කිරීමට හැකි වේද?

පෝල්ගේ ලෝකය | Paul’s World

Original price was: Rs 1,650.00.Current price is: Rs 1,320.00.

SPELLBINDER: Paul’s World
by Mark Shirrefs & John Thomson

“රියානා” ආගන්තුක ලෝකයක සිට තවත් ආගන්තුක ලෝකයකට අදිසියේ පැමිණි ඇය මුහුණ දෙන්නේ කුමනාකාර අත්දැකීම් සමුදායකටද ?

මහා බලසම්පන්න මායාබන්ධකයින් ගේ බලයට යටපත්ව බියෙන් සහ කම්පනයෙන් දිවි ගෙවන මිනිසුන් වෙසෙන ලෝකය රියානාගේ නිජබිමය. මායාබන්ධකයින් ගේ ලෝකයට අදිසියේ පැමිණි පෝල් ව බේරාගැනීමේ උත්සාහයේදී රියානාට ද සිදුවන්නේ නොසිතූ ලෙසින් පෝල් ගේ ලෝකයට පැමිණෙන්නටයි. තාක්ෂණික දියුණුවෙන් ඔප් නැංවුණු නවීන ලෝකයට පැමිණි රියානාට දියුණු පරිසරයට අනුගත වීමට හැකිවෙයිද?

මායාබන්ධකයින් යටත් කොට රියානාගේ ලෝකය අත්පත් කර ගැනීමට වෙරදරන ආශ්කාගේ බිහිසුණු සැලැස්ම පරාජය කිරීමට රියානාට සහ පෝල් ට හැකිවෙයිද?

රියානාට නැවතත් සිය උපන් දේශය කරා යාමට හැකිවෙයිද?

මුහුදු සත්තු | Muhudu Saththu

Original price was: Rs 200.00.Current price is: Rs 180.00.

විද්‍යා විනෝද කතා – IV

මුහුදු වෙරලාසන්නයේ ජීවත්වන මුහුදු ජීවීන් සය දෙනෙකුගේ හැඩ හුරුකම් හා ජීවන රටාව මෙහි විස්තර වන්නේ කුහුල දනවන අයුරිනි. එය වූ කලී කුඩා දරුවන් හා එක්ව මුහුදු වෙරළේ කෙරෙන ගවේශන අධ්‍යයන චාරිකාවක් වැන්න.

වෙස් මාරුකරන සත්තු | Ves Marukarana Saththu

Original price was: Rs 175.00.Current price is: Rs 155.00.

විද්‍යා විනෝද කතා – III

අප ඇසුරේ ජීවත් වන කුඩා සතුන්ගේ ස්වභාවික ගති පැවතුම් සහ ඔවුන්ගේ ජීවන රටාව විද්‍යානුකූලව සහ රසවත් ලෙසින් හඳුන්වා දෙන විද්‍යා විනෝද කථා පොත් පෙළේ තෙවැන්න මෙයයි.

මෙහි ඇතුළත් සිත් අදනා විද්‍යාත්මක තොරතුරු ළමා ළපටින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද නැණ නුවණ වඩනු නිසැකය.

කුරුකුහුඹු සත්තු | Kurukuhumbu Saththu

Original price was: Rs 175.00.Current price is: Rs 155.00.

විද්‍යා විනෝද කතා – II

අපගේ ගෙදර දොර ආශ්‍රිත පරිසරයේ නිතර දකින්නට ලැබෙන කෘමි සතුන් හය දෙනෙකු පිළිබඳව ශාස්ත්‍රීය කරුණු අනාවරණය කරන මෙම කුඩා පොත පළමු වරට පළ කරන ලද්දේ 1934 වසරේදී ය.

එවක අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විසින් ද පාසල් කියවීම් පොතක් ලෙස අනුමත කරන ලද මෙම පොත දරුවන්ගේ නුවණ වඩන,සිත් අලවන භාෂා රීතියකින් යුතුව රචනා කොට ඇත. කුහුඹුවා, බිංකුන්ඩා, ඇවිදින කොළයා, තණ ගිරවා, යාතිකා ගිරවා සහ ලෑටි යන කෘමීන් පිළිබඳ අප නොදන්නා තොරතුරු රැසක් මෙම පොතට ඇතුළත් වෙයි.

කුරුමිණි සත්තු | Kurumini Saththu

Original price was: Rs 200.00.Current price is: Rs 180.00.

විද්‍යා විනෝද කතා – I

මිදුල්වලත් ගෙවලත් දකින්නට ලැබෙන රෑ බදුල්ලා, කුරුමිණියා, කුඹල් මැස්සා, මකුළුවා, කැරපොත්තා සහ ගස් කුරුමිණියා යන කුඩා සතුන්ගේ ස්වාභාව, ගති, පැවතුම්, ආහාර සහ පැටවුන් ගැන තොරතුරු මෙම පොතට ඇතුළත් වේ.

”…. ඇවිදින පහනක් වැනි රෑබදුල්ලා කුඩා ළමයින්ට ඉතා පුදුම සතෙකි.ඌ අල්ලා බැලීමට කුඩා ළමයි ආශා වෙති.ළමයින්ගේ සිත් ඇදී යාමට හේතුව උගේ පිටිපස දැල්වෙන කුඩා පහන ය.උගේ පුදුම ජීවිත කථාව ඇසුව හොත් වැඩිහිටියන්ගේ සිත් වුවත් ඌ කෙරෙහි ඇදෙන්නේ ය.ඌ අල්ලා ගෙන බලන්නට සිතෙයි.”

දඬුමොණරය | Dandumonaraya

Original price was: Rs 175.00.Current price is: Rs 155.00.

දරුවන්ට භාෂාව හා ගුණ ධර්ම ඉගැන්වීමටත් ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමටත් ජනකථා හා අද්භූත කථා වස්තු ඇතුළත් කථාන්තර උපයෝගී කොට ගැනීම ඉතා හොඳ අධ්‍යාපන ක්‍රමයක් බව මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි.

මාර්ටින් වික්‍රමසිංහ විසින් දරුවන් උදෙසා ලියන ලද සියලුම ළමා කථාවන්හි අරමුණ වී ඇත්තේ කියවීමේ රුචිය ඇති කිරීම හා ගුණධර්ම වැඩීමයි.

ගල්ලෙනක් තුළ සිර කර තැබූ අහිංසක ළදැරියක ඉන් මුදාගත් රාජකුමාරයකුගේ වීර ක්‍රියා ගැන කියැවෙන දඬුමොණරය ද පාසල් දරුවන් තුළ කියවීමේ ආශාව වඩවන ළමා කථාවකි.

රජවෙන්ට ගිය මහන්නා | Rajawenta Giya Mahanna

Original price was: Rs 250.00.Current price is: Rs 225.00.

මාර්ටින් වික්‍රමසිංහ මහතා 1932 දී ලියූ මෙම කතාව පැරණි ජනකතාවක් සේ පෙනෙතත් එය ජර්මන් ජාතික විල්හෙල්ම් හොප්ගේ කතාවක ඡායානුවාදයකි.

අරාබි නිසොල්ලාසයේ අරුම දනවන කතා රීතියෙන් සැකැසුණු මෙය දරුවන්ගේ කුහුල වඩවයි. එමෙන්ම අවංකකම, එඩිතරකම වැනි ගුණ ධර්ම වගාවන්ට ද ඉවහල් වෙයි.

රන්කෙඳි කුමාරිකාව | Rankendi Kumarikawa

Original price was: Rs 150.00.Current price is: Rs 135.00.

අද්භූත කථාවස්තු ඇතුළත් කථාන්තර කියවීමට කුඩා දරුවෝ මහත් ආශාවක් දක්වති. එම කථා කියවීමට සැලැස්වීම මඟින් දරුවන් තුළ ගුණ ධර්ම වඩවා ඔවුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම පැරණි කථා රචකයින් ගේ පරමාර්ථය වීය.

මේ මඟ අනුව ගිය මාර්ටින් වික්‍රමසිංහ මහතා එක්දහස් නවසිය තිහේ දශකයේ දී පැරණි ජනකථා ඇසුරින් ළමා කථා රැසක් සම්පාදනය කෙළේය. ‘රන්කෙඳි කුමාරිකාව’ ඉන් එකකි යෝධ ශක්තිය ඇති කුමාරයකු තවත් යෝධයන් හා එක් වී රකුසන්, සිංහයන්, හා යුදසෙන් පරදවා රන්කෙඳි කුමාරිකාව ගලවා ගත් පුවත එම කථාවට වස්තු වී තිබේ.

උන්මාද චිත්‍රා | Unmada Chithra

Original price was: Rs 175.00.Current price is: Rs 155.00.

“සොඳුර, නුඹ මා රවටන්ට හදනවාදැ”යි තම ප්‍රියාවගේ වචන නොඇදහු කුමාරයා විචාළේ ය. “ඇතුන් ලවා පාගා මැරවූ මාගේ පුත්‍රයා ජීවත්ව සිටින බව මම කෙසේ අදහම්ද? ඒ සියල්ල දන්නා මා රවටන්ට උත්සාහ කරන්නේ කුමක් නිසාද?”

ශීතා | Sheetha

Original price was: Rs 275.00.Current price is: Rs 245.00.

1923 දී මාර්ටින් වික්‍රමසිංහ ලියූ ශීතා නවකතාව ද ඔහුගේ පළමු නවකතා තුන මෙන්ම ත්‍රාසය කුතුහලය වැනි මනෝභාවයෙන් පිළිබිඹු කෙරෙන අද්භූත කථා සම්ප්‍රදායට අයත් වූවකි.එහෙත් වික්‍රමසිංහ කථා කලාවේ මඳක් මුහුකුරා ගිය කතා සන්දර්භයක් ශීතා නවකතාව තුල ඇත.වස්තු වින්‍යාසයේ වුවද දැකිය හැක්කේ මුල් නවකතා තුන ඉක්මවන සංකීර්ණත්වයකි.තම නොපැසුණ අසංස්කෘත යථාර්ථවාදී රීතිය ශීතා නවකතාව තුළ දැකිය හැකි බව වික්‍රමසිංහ පසු කලෙක පැවසුවේ එහෙයිනි.

මිරිඟුව | Miriguwa

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

“මා අවිවාහකයකුව සිටියදී ලියූ නවකථා කිහිපයෙන්‌ වඩාම හොඳ නිර්මාණය මිරිඟුව යි. මෙය රචනා කරන්ට මගේ කල්පනාව පුබුදු කළ අරමුණු දෙකක්‌ වී ය.

කුරැඳුවත්තේ උසස්‌ පවුලක ඉතාම උගත්‌ විචක්‍ෂණ ස්ත්‍රියක තම සැමියා හැර සුදු මිනිහකු සමඟ එංගලන්තයට ගොස්‌ පදිංචි වීම හා ඇගේ පීවිතය ද පිළිබඳ තොරතුරැ රාශියක්‌ දැනගන්ට ලැබීම එයින්‌ එක්‌ අරමුණයි.

මේ සිද්ධියට අවුරැදු පහළොවකට පමණ පෙර ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා කියවීමෙන්‌ ලත්‌ අත්දැකීම මගේ කල්පනාව පිබිදු අනික්‌ අරමුණයි.

ඉහළ පන්තියේ සිංහලයන්ට නින්දා කරන අදහසින්‌ ඔවුන්ගේ පීවිත විගඩමක්‌ ලෙස මම නිරෑපණය නො කෙළෙමි: ඔවුන්ගේ උසස්‌ උදාර ගති මෙන්‌ මෝඩකමි හා දුබලකමි ද ඔවුන්ගේ චරිතයන්ගෙන්‌ හෙළි කරන්ට වෑයමි කෙළෙමි.”
– මාර්ටින්‌ වික්‍රමසිංහ

රෝහිණී | Rohini

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

පාසල් කියවීම් පොතක් වශයෙන් ඉතා මැනවයි ගිහි පැවිදි උගතුන් විසින් සම්භාවිත රෝහිණි නවකතාව පළමුවරට මුද්‍රණය වුයේ 1929 දීය.

එවක පටන් සෑම තරාතිරමකම පාඨක ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වු රෝහිණි දුටුගැමුණු රජ සමයේ විසූ සිංහලයන්ගේ සූරවීරකම් ගැන ලියැවුණු හොඳම කතා සංග්‍රහය හැටියටත් සිංහලයෙන් ලියැවුණු උසස්තම ඓතිහාසික නවකතාවක් හැටියටත් සැලකේ.

බාලොපදෙශය | Balopadeshaya

Original price was: Rs 150.00.Current price is: Rs 135.00.

බාලොපදෙශය මාර්ටින් වික්‍රමසිංහ විසින්‌ රචනා කරන ලද පළමු වන පොත ලෙස ප්‍රකට ය. මෙම කුඩා කවි‌ පොත ලිවීමේ පසුබිම බෙහෙවින්‌ සින්‌ ගන්නා සුළු ය. කුඩා වියේදී පියා මිය යාමෙන්‌ පසුව දඟකාරයෙකු ලෙස ගමේ හැසිරැණු වික්‍රමසිංහ සිය මව විසින්‌ උගත්‌ ඥතියෙකු වෙත යොමු කරන ලදුව ඔහු වෙතින්‌ ශාස්ත්‍ර ඥානය හා කවි බැඳුම්‌ පිළිබඳ රචනා ක්‍රම හදාරා දරුවෙකු හික්මවන උපදෙස්‌ සහිත බාලොපදෙශය කවි‌ පොත රචනා කර වීය.

ගැමිදරුවන්‌ සමඟ රංචු ගැසී දඟකම්‌ කළ දරුවකු ලවා බාලයන්‌ යහමඟ යවන පොතක්‌ රචනා කිරීම අනගි අධ්‍යාපන මඟක්‌ වෙයි. නිවහල්‌ අදින ගත්කරැවෙකු ලෙස පුළුල්‌ මඟක දුරගමනක්‌ යා හැකි ලෙස මාර්ටින්‌ වික්‍රමසිංහයන්ගේ බාලවිය හැඩ ගැසීමට ඔහු 13 හැවිරිදි වියේ දී ලියූ මේ කුඩා කවි පොත ඉවහල්‌ වී යැයි ඉඳුරාම කිය හැකිය.

පව්කාරයාට ගල් ගැසීම | Pawkarayata Gal Gesima

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

“…. 1936 දී පළවූ මාර්ටින්‌ වික්‍රමසිංහගේ “පව්කාරයාට ගල්‌ ගැසීම” වූ කෙටිකතා සංග්‍රහයෙහි එන කෙටිකතා ජීවිතයෙහි උපහාස ජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැඳින්වි හැකි ය. සිංහලයන්ගේ චරිතයෙහි විශෙෂ අංග සමහරක්‌ මෙහි චිවරණයට පාත්‍රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන්‌ පූණී ය. තමා ආරුඪ කර ගත්‌ තවුස්‌ වෙස නිසා යම්‌ යම්‌ අවස්ථාවන්‌ පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙන්‌ දක්වයි. වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි ……”
– මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර –

මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතුව 1 | Martin Wikramasinghe Short Stories 1

Original price was: Rs 1,100.00.Current price is: Rs 990.00.

සිංහල බසින් පළ වූ මුල්ම කෙටිකතා සංග්‍රහය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත ගැහැනියක්ය. එය ප්‍රකාශයට පත් වූ 1924 අවුරුද්ද, යථාර්ථවාදී සිංහල කෙටිකතාවේ ආරම්භක අවස්ථාවද විය.

1924 -1951 අතර වන අවුරුදු විසිහතක කාලය තුළ, ඔහු විසින් ලියා පළ කරන ලද කෙටිකතා සංඛ්‍යාව 112 කි. අවුරුදු හැටකට අධික කාලයක් තුළ සිංහල බසත් සාහිත්‍යයත් නඟා සිටුවීම උදෙසා ඔහු විසින් විවිධාකාරයෙන් කරන ලද මෙහෙවරෙහිදී, සිංහල කෙටිකතාවේ අභ්‍යුදයට සැලසුණු නිර්මාණ දායකත්වය අනල්පය.

මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වෙළුම් දෙකකින් යුතුව “ මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා එකතුව ” මෙසේ පළ කෙරෙනුයේ, අනාගත පරපුර උදෙසා මහගත්කරුගේ නිර්මාණ සංරක්ෂණ කර තැබීමේ අභිප්‍රායයෙනි.

උපන්දාසිට | Upandasita

Original price was: Rs 975.00.Current price is: Rs 875.00.

බාල විය – තරුණ විය – මැද විය

උපන්දාසිට ගැමි පරිසරය වික්‍රමසිංහ කෙරෙහි පැවැත් වු බලයත් ඒ පරිසරයෙහි බැසගත් මුදුන් මුල ඇති ඔහුගේ චරිතය හැම ආපදාවන්ට ඔරොත්තු දෙන දැඩි ශක්තියක් ලැබූ සැටිත් ඔහු මේ පොතින් ව්‍යක්ත ලෙස නිරූපනය කරන්නේ තමා කළ පින් පව් නොසඟවා කියන මමත්වයෙන් තොර දරුවෙකු ලෙසිනි.

සිංහල ලකුණ | Sinhala Lakuna

Original price was: Rs 350.00.Current price is: Rs 315.00.

දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම පරිසරය චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවෙකුගේ අත්දැකීම් වලට සමාන වෙයි. ගස් කොළන් ඇල දොල ගංගා හා ගැමියන් ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවෙකුගේ දෘෂ්ටියෙන් නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ.

1940 වසරේදි පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර – විශේෂයෙන් ළමා පාඨකයින් අතර බෙහෙවින් ප්‍රචලිත වු කතා සංග්‍රහයකි.

මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහා ගත හැකිය.

විරාගය | Viragaya

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වු අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළව හෙළි කළ තරුණයෙකු වී ය. ආසාවන් තුනී කරගෙන ජීවත්වන්ට වෑයම් කළ ඔහුට මැඩගත නොහැකි වුයේ ස්ත්‍රීන් නිසා උපන් ආසාව පමණි. සරෝජනීට හා බතීට දුරින් සිට ඔහු ආලය කළේ පොදු ජීවන රටාවෙන් ඈත්ව ජීවත්වීමට තැත් කළ කෙනෙකු නිසාය.

අරවින්ද තමාගේ චරිතයෙහි හොඳතැන් මෙන්ම නරක තැන් ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගති ද හෙළි කරන්නේ පාපෝච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නෙකු ලෙසිනි.

විරාගය ‌ශෝකාන්ත අධ්‍යාත්ම නාටකයකි.

1956 දී පළ වූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහි වූ විශිෂ්ඨතම නවකතාව බව විචාරකයින්ගේ මතය යි. විරාගය දෙමළ, ඉංග්‍රිසි, ප්‍රංශ හා ජපන් භාෂා වලින් ද පළ වී ඇත.

 

#wiragaya

ඈන් 5 – සිහින මන්දිරය | Anne 5 – Sihina Madiraya

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

Anne’s House of Dreams
by L. M. Montgomery

ඈන් 4 – තුන් අවුරුද්ද | Anne 4 – Thun Awurudda

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

Anne of Windy Willows
by L. M. Montgomery

ඈන් 3 – සරසවියට ගිය ගමේ කෙල්ල | Anne 3 – Sarasaviyata Giya Game Kella

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

Anne of the Island
by L. M. Montgomery

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6 | Montha Kristho Situwaraya 6

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්‍රචණ්ඩ මේ නව කථාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසා ගේ දුෂ්ට ක්‍රෑර කම් මෙන් ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨත ලෝකයා ගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, ක්‍රමන්ත්‍රණය, පළි ගැනීම, හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කථාව මේ වෙළුමෙන් අවසාන වෙයි.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4 | Montha Kristho Situwaraya 4

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

ඇලෙක්සැන්ද්ර දියුමා ගේ මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දීර් ඝ රස වෑහෙන නව කථාවේ මේ සතර වන වෙළුම, දුරාචාරී අතීතයේ වැළලූ ඇට සැකිලි මතු වීමෙන් හට ගත් සැක ශංකාදියෙන් හා භය සන්ත්‍රාසාියෙන්, පාඨකයා සසල කරවා ලොමුදැහැ ගන්වන සුලු ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3 | Montha Kristho Situwaraya 3

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

මෙය මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දැවැන්ත ‌‌‌‌ඓතිහාසික නව කථාවේ තුන් වන වෙළුම යි. බිහිසුණු කුමන්ත්‍රණ, දරුණු කඩු සටන්, වස විස පෙවීම්, පළි ගැනීම් හා පෙම් කිරීම් ආදියෙන් මේ වෙළුම පිරී ඇත. ත්‍රාසයෙන් ත්‍රාසයට ද භීතියෙන් භීතියට ද කුතුහලයෙන් කුතුහලයට ද පත් වෙමින් කියවිය හැකි මේ වෙළුම ප්‍රචණ්ඩ සිද්ධීන් ගෙන් ගහණය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2 | Montha Kristho Situwaraya 2

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

මෙය, ඇලෙක්සන්ද්ර දියුමා ‌ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නව කථාවෙහි දෙ වැනි වෙළුම යි. මෙහි දී එද්මොන් දාන්තේ මහා ධන නිධානය සොයා ගනියි. ඉක්බිති ව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයායන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි. මෙහි එන “මස්සොලාතාව” භීෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණකෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර් ව ආස්වාදයක් ලබා දෙයි.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1 | Montha Kristho Situwaraya 1

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

ඇලෙක්සැන්ද්ර දියුමා ගේ ශේෂ්ඨතම කෘතිය වන “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නව කථාවෙහි පළමු වන වෙළුම වන මෙයින් නියැවෙන්නේ,ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකු ගේ බිහිසුණු පළි ගැනීමක් පිළිබඳලොමු දැහැ ගැන්වෙන කථාවකි.ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කථාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.

කෝර්සිකානු සහෝදරයෝ | Korsikanu Sahodarayo

Original price was: Rs 350.00.Current price is: Rs 315.00.

The Corsican Brothers
by Alexandre Dumas

ඇලෙක්සන්ද්ර දියුමා ශ්‍රේෂ්ඨ ප්‍රන්ස නව කථා කරුවෙකු මෙන් ම, ශ්‍රේෂ්ඨ නාට්‍ය කරුවෙක් ද වෙයි. මෙය නව කථාවක් වුව ද, ශ්‍රේෂ්ඨ නාට්‍යයකට අයත් සෑම අංගෝපාංගයක් ම මෙහි ගැබ් වී ඇත. පාඨකයා ග්‍රහණයට ගනිමින්, පිටුවෙන් පිටුව ත්‍රාසයෙන්, භීතියෙන්, ශෘංගාරයෙන් හා අවිනිශ්චිතතාවෙන් කථාව විකාසනය වන අයුරු ඉතා විස්මය ජනක ය. මෙය නිවුන් සොහොයුරන් දෙ දෙනකුන් වටා ගෙතුණු අතිශය අද්භූත ජනක ප්‍රේම වෘත්තාන්තයකි.