Awards & Nominations
ගිරිජා | Girija
Original price was: Rs 1,300.00.Rs 1,170.00Current price is: Rs 1,170.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා – රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත්‍රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත්‍රව චිත්‍රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි භාෂා පෙළහරකින් පොහොසත්ව, ලාංකේය ඉතිහාසයේ එක් තීරණාත්මක සන්ධියකදී සිදුවන සමාජ පරිවර්තනයට අනුරූප වන්නට තරම් ධෛර්යසම්පන්න වූ ගැහැනුන් දෙනෙකුගේ ප්‍රේමකතා, අහිමි වීම්, දරා ගැනීම්, දුක් සුසුම්, කඳුළු සිනා එක්තැන් වුණු නවකතාවක්.
සංසක්කාරි | Sansakkari
Original price was: Rs 980.00.Rs 880.00Current price is: Rs 880.00.- 2022 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
“…කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි.
හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…”
පහනක අඳුර | Pahanaka Adura
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක් ලෙසිනි.
අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල් නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව ප්‍රහසනය නිමවයි.
සමාජ-දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සූර්යයා ද, සමාජ-රාත්‍රිය පහත් කළ ප්‍රබුද්ධත්වයේ පහත් ද නිවී යයි. පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට කළු කුහර ද මවති. දුස්වප්නයක් බවට පත් වුණු මෙරට රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකථා වංශාවලිය තුළ කියැවේ.
පේත | Petha
Original price was: Rs 250.00.Rs 225.00Current price is: Rs 225.00.- 2020 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
සාකච්ඡා සමුළු – කට උත්තර – ඡායාරූප – කෙටි නාට් ය- කෙටිකතා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියවෙන මේ කෙටි නාවකතාව බිහිසුණු ව්‍යාකූලත්වයේ ගිලුණු සමාජයක තද අඳුරු ඇතුළාන්තය නීරුපණය කරයි.ජීවමාන මිනිස් චරිත තරමටම ක්‍රියාකාරි වන්නා වු මහජන මතය, හෘදසාක්ෂිය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය, පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබඳ නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත ඔබට පවසයි.මෙරට වාම මානව සංහතියේ නිවාසස්ථානයක් ලෙස ඒ තේ කඩය ස්වකීය දුක් ගැහැට සහිත විපරිණාමය ඔස්සේ ඉතිහාසයෙන් වර්තමානයට ද, දේශපාලනයෙන් සෞන්දර්යට ළගා වෙයි.තරණය කළ නොහැකි අපේ කාලයේ ක්ෂිතිජය ලෙස සටහන් වන දේශපාලන ඉතිහාසය තුළ මෙරට හුදී ජනයාගේ දෛනික ජීවන වාසස්ථානය හමු වෙයි.ජීවිත අවදානම සහිත කැරලිකාර දේශපාලන ශ්‍රමය මධ්‍යයේ ශුද්ධ වු පවුලේ රහස ලෙස මිහි පිට කැරැලිකාර පවුල බිහි වෙයි.
අව පෑළවිය | Awa Pelawiya
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.- 2019 ස්වර්ණ පුස්තක සම්මානය අවසන් කෘති පහට නිර්දේශිත
“හරියට සරුංගෝලේ හදලා රැලි තියලා හුළඟට උඩ ඇරියා වාගේ උඩටෝම ගිහිල්ලා ඒකි නූල කඩා ගෙන ආකාසෙට යනවා….”
“සරුංගෝලේ හදාපු අපි…. ඇස් දොඹ ගෙඩි වගේ කොරන් ඈත ආකාසේ දිහා බලා ගෙන ඉන්නවා….”
“පොඩි එකෝ…. මේන් වරෙල්ලකෝ… උඹලට පෙන්නන්න….”
“ආන්…. සේරු කුරුල්ලෝ රෑනක් පතන ඇල්ලට පාත් වෙනවා…. ඕන්…. ඔය උන් පියාඹන්නේ…. කිතුල් මදින්න….”
– දිසාරත්න –
“ඔහොම හැංගිලා ඉදලා හරි යතැ ඇත්ත සත්තට අපි මුහුණ දෙන්න ඕනේ….”
“කොයිතරම් නම් දුක් කරදර අපට ආවා කියල ද උඹලා අපි එව්වට මූණ දුන්නේ නැද්ද”
– පිංචි අම්මා –
“ඒ කාලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරින් මෙහාට…. මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඹ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ….”
– රම්බණ්ඩා –
#ava pelaviya
අකාල අහස | Akala Ahasa
Original price was: Rs 1,450.00.Rs 1,305.00Current price is: Rs 1,305.00.- 2023 ස්වර්ණ පුස්තක දීර්ඝ ලැයිස්තු නියෝජනය කල නවකතාව
“මහා පොළොවේ අයිතිය ඉල්ලලා මිනිස්සු සටන් කරනවා. එක එක්කෙනා මරා ගන්නවා. තව කොටසක් බලය නැති වේ කියලා තියෙන බයට අහුවෙන කෙනාව මර මරා බලය රැක ගන්න උත්සාහ කරනවා. හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු කොටසක් කවදත් මේ රටේ හිටියා.”
ඔසඳ
“ගග සන්සුන් වෙන කොටත්, රළු වෙනකොටත් මට ඒක කලින්ම දැනුණා, ඒත්, දැන් ගඟ වෙනස් වෙලා රාළහාමි…ගඟට වුණත් දරන්න බැරි තරම් කතා ගඟේ පා වෙලා යනවා”.
කාසිම්
විලාසිනියකගේ ප්‍රේමය | Vilasiniyakage Premaya
Original price was: Rs 450.00.Rs 405.00Current price is: Rs 405.00.- 1990 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියල? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළඟට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?”
” මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුශාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නෙ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපන්නෙ නෑ.”
” මම එයාගෙන් මුකුත් ඉල්ලුවෙ නෑ. ආදරය කියන්නෙ කෙනෙකුට දෙන දෙන දෙයක්, කෙනෙකුගෙන් ගන්න දෙයක් නෙවේ. ඒක මම දන්නවා. මට ඕන කළේ එයාට ආවතේව කරමින් එයාව බලා කියාගන්ට විතරයි. ගෑනුන්ගෙ සිත්වල ඇතිවෙන ඒ ආදරේ පිරිමින්ට තේරෙන්නෙ නෑ.”
#wilasiniyakage premaya
මකරානන්දය | Makaranandaya
Original price was: Rs 1,250.00.Rs 1,125.00Current price is: Rs 1,125.00.- 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2019 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
“ඈ බං අක්කෙ උඹට මොකෝ ඒ දවස්වල රන් බණ්ඩයියටම හිත ගියෙ?”
ඉද්ද ගැසුවා සේ නැවතුනු මෝල්ගස පුදුමයෙන් මෙන් සුගුනී දෙස බලා හති හලමින් බිත්තියට හේත්තු වූයේය. රන්මැණිකා විටක් කෑවේ ඉන් පසුවය.
“උඹට කියන්න සුගුනො මං ගියා පෙරහැරක් බලන්ට.”
රන්මැණිකා කියන්නේ මින් පෙර නොකියූ කතාවකි. සුගුනී පිල මත්තේ හරි බරි ගැසුනාය. රන්බණ්ඩා මුණගැසුනේ පෙරහැරක් බලන්නට ගොස් බවක් සුගුනී මේ වනතෙක් දැන සිටියේ නැත.
“ඔන්න මුලින්ම ආවා කස කාරයො. දිගට හරහට චට පට චට පට ගගා කස පාරවල් දිදී එනකොට බලන්ට බය හිතුන. මං බැලුව මේකද යකෝ මේ හැම එකාම වරුණා කොරන පෙරහැර කියල. ඊළඟට ආවේ ගිනිබෝලකාරයෝ උන් ලවක් දෙවක් නැතුව ගින්දර කරකවන්ට තියා ගත්තා. මට තවත් බය හිතුන. තව ඉස්සරහට මොක්කු එයිද දන්නෑ කියල. ඉතිං මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනිබෝලකාරයෙක්ව බදා ගත්ත. ඊට පස්සෙ තමයි එන්ට තියා ගත්තේ බෙර කාරයොයි තාලම් කාරයොයි ආඩම්බරේට ඇවිදින අලි ඇත්තුයි දිලිසෙන වෙස් තට්ටුව ඉහට දමා ගත්තු නැට්ටුවොයි. නෛයිඅඩිකාරයොයි. අනේ මං පෙරහැරේ ලස්සන දැක්කේ ඊට පස්සෙයි බුදු නංගියෙ. ඒත් එතකොට මං ඉක්මං වෙලා ගිනිබෝල කාරයෙක් බදාගෙන අහවරයි. දැං ඉතිං නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව.”
සුගුනී බුලත් කෙළ පහරක් සමඟ හිනාවක් මිදුල මැද්දට විද්දාය.
සිල්වර් ටිප්ස් | Silver Tips
Original price was: Rs 1,600.00.Rs 1,360.00Current price is: Rs 1,360.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
දරුපැටියෙක්ගේ එකම භාෂාව හැඬීම බව කියන්නට ග්‍රිසිල්ඩාට සිතෙයි. දරුවෙක් වඩා ගත යුත්තේ දරුවෙක් ලෙසින් බව කියන්නට ඇයට සිතෙයි. කිරි පෙවිය යුත්තේ ආදරයෙන් පෙරා බව කියන්නට ඇයට සිතෙයි. කිරි උරන වෙලාවට කන් පෙති සිනිඳු ලෙසින් අත ගෑ යුතු බව කියන්නට ඇයට සිතෙයි. නෑවීමෙන් පසුව කන් පෙති, නැහැය, අත් පා ඇඟිලි මෘදු ලෙස අත ගා නිසි ලෙස හැඩ කළ යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරි බීවාට පසුව පැටියාව සිඹ සනසවමින් “ආදර අවධානය” දිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. යහනේදී නැළවිලි කවි කියා සිනිඳු සවන් පෙති මත ආදරයේ මී පැණි පිරවිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. දරු පැටියා අසලදී හැඟීමක් ලෙසින් “ආදරය” පමණක් ප්‍රකාශ විය යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරිකැටියා ඇවිදින තෙක් වඩාගැනීමේ ශක්තියද, ජීවිත කාලය පුරා දරාගැනීමේ ශක්තියද තිබිය යුතු යයි කියන්නට ඇයට සිතෙයි.
එහෙත් ඇය ඒ කිසිවක්ම නොකිව්වාය.
සුදු සෙවනැලි | Sudu Sewanali
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00.- 1987 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
පියෙර් සහ ශෝං | Piyer Saha Shong
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00.- 1994 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හොඳම පරිවර්තනය
Pierre and Jean
by Guy De Maupassant
ගී ද මෝපසාං විසින් ලියන ලද නව කථා සයෙන් ශ්‍රේෂ්ඨතම නව කථාව වනුයේ මේ “පියෙර් සහ ශෝං” ය. ගී ද මෝපසාං ගේ නව කථාවක් සිංහලයට පරිවර්තනය වූ පළමු වන අවස්ථාව මෙය වෙයි. මෙය අතිශයින් ම පුද්ගලික කරුණු මත ගොඩ නැඟුණු මනෝ විද්‍යාත්මක නව කථාවකි. බාහිර දේවල නිරීක්ෂණයෙන් අභ්‍යන්තරික සිතුම් පැතුම් පිළිබඳ ඇඟවීමක් කළ හැකි ය යන මෝපසාං ගේ සිද්ධාන්තයට මේ නව කථාව කදිම උදාහරණයකි. රෝලොං මහත්මිය ගේත් පියෙර් ගේත් මනස ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමේ දී මෝපසාං දක්වන චාතූර්යයත් අරපිරිමැස්මත් නිසා මේ නව කථාව නිර්මාණය අතින් අතිවිශිෂ්ඨ කෘතියක් වෙයි.
මේ කෙටි නව කථාව, ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මෙන්, නවතාවෙන් යුතු ව වාර බොහෝ ගණනක් කියවා රස විඳිය හැකි ය.
දෙවැනි ගැහැනිය | Deweni Geheniya
Original price was: Rs 1,500.00.Rs 1,350.00Current price is: Rs 1,350.00.- 2022 ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත
“මම යනවා.” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…
#Dewani Gahaniya #Devani #Dewani #Deveni
නාරි සුත්‍රය | Nari Suthraya
Original price was: Rs 700.00.Rs 630.00Current price is: Rs 630.00.- 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද කෘතිය
- 2022 රජත පුස්තක සම්මානය සදහා නිර්දේශය
- 2022 ගොඩගේ ජාතික සම්මානය සදහා නිර්දේශය
- 2022 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය සදහා නිර්දේශය
ධන වාද
සමාජ වාද
කුල වාද
පන්ති වාද
ගෝත‍්‍ර වාද
ස්ත‍්‍රී වාද
පුරුෂ වාද
කුරාන වාද
කොන්ත වාද
ථෙර වාද
අන්ත වාද
විස පෙවූ
මත වාද
සළු, පිළි ගලවා දමා
නිරුවත් මනසින් ඇතුළුවන්න!
Senkottan (English)
Original price was: Rs 1,200.00.Rs 1,020.00Current price is: Rs 1,020.00.- H.A.I. Goonetileke Prize for Literary Translation 2020
There were two new leaves, pale purple in colour, that had by this time sproted from the bosapling. Exactly three days later around sunset the yellowed leaf at the base of the sapling fell.
Veerappuli Henaya, who was sitting on a rock awaiting this, took it in both hands and looked upon it for a long time. He felt a great pride rising within him.
A new life process was unfolding within the precious thing which he had with the greatest effort brought home. New leaves were sprouting. The older leaves would decay and fall to the earth. One day this tiny sapling will grow into a giant of a tree and would bathe with a divine light all corners of the village, he thought.
රන් නාරි කුඤ්ජරය | Ran Nari Kugnjaraya
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
සිඳ බිඳ දැමූ ප්‍රථම ප්‍රේමයේ නටබුන් ඉවුරෙන් ඇරඹූ ජීවන යාත්‍රාව එතෙරක් කරා පදවාගෙන යාමට හෙලේනා සමත් වේද? අහිමි ප්‍රේමයේ හිඩැස පුරවාලන්නට කුටුම්බගත වූ පොඩි මහත්තයාට හැකිවේද? වියැළෙන ජීවිතවල සරතැස නිවන්නට සෙදෝනා දිය දෝතක් වේද? සාදිරිස්ගේ රන් නිධානය කවුරුන් සතුවේ ද?
එතෙක් නොවටිනා දෑට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය තුළ නව වටිනාකම් ලැබෙද්දී, දහනව වන සියවසේ පවුම්, රුපියල් මතින් බිහි වූ දේශීය ව්‍යාපාරික ප්‍රභූ පන්තිය තුළ හිස එසවූ ගැහැනුන්ද ඉඳහිට සිටි මුත්, ඔවුන්ගේ කතාව සුගම වූවක් නොවේ.
හෙලේනාගේ ජීවිතයට වරින්වර එබී බලන අතීතයේ සෙවණැලි ජීවිතයේ අනවරත ගමනක උන්නතිය සහ අවනතිය සම සේ නිරූපණය කරයි. ආදරය, රාගය, අපේක්‍ෂාව සහ අපේක්‍ෂා භංගත්වය තුළ දෝලනය වන හෙලේනාට, සියල්ල අතරේ නොනැසී රැකෙන්නට ධෛර්යය පමණක් නොසෑහෙයි. තමා සතු බලය ඇතෙකු දැනගත් විට, ඌ යදම්වල සිර වී නොසිටී.
‘රන් නාරි කුඤ්ජරය’, ගැහැනියකගේ බලයේ කතාවයි.