ගුරු ගීතය | Guru Geethaya

Original price was: Rs 350.00.Current price is: Rs 280.00.

The First Teacher
by Chingiz Aitmatov

“අනේ, අනේ පොප්ලරයෙනි! නුඹලා ළපටි පැළයන්ව සිට දැන් ලොකු ගස් දක්වා වැඩී සිටිති. මේ කාලයේදී කොතරම් දේවල් වෙනස් වී තිබේද, නුඹලා සිටවමින්, බලාපොරොත්තු බවේ සිහින දුටු ඒ පුද්ගලයා කී අනාවැකි සියල්ල ඉටු වී තිබේ. ඇයි නුඹලා මේ තරම් දුක්මුසු බවකින් සුසුම්ලන්නේ, කුමක් නිසාද, හඬා වැලපෙන්නේ? ළඟ ළඟම ශීත කාලය එන බැවින් නුඹලාගේ අතුවල කොළ හැලී යන නිසාද? ජනතාවගේ දුක් ගැහැට විඳ දරා ගැනීමට බැරි නිසාද?”

“ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි…”

#guru githaya

ජමිලා | Jamila

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

Jamila
by Chingiz Aitmatov

සෝවියට් රුසියානු ලේඛක චිංගීස් අයිත්මාතව් විසින් රචිත කෙටි නවකතාවකි. ජමීලා කෘතිය අයිත්මාතව් විසින් රචිත පළමු කෙටි නව කතාව වේ.ජීවිතය ආදරය යුද්ධය මානුෂික හැඟීම් පිළිබඳ වටිනා කියවීමක් මෙම කෘතියේ අඩංගු වේ.

“තරුණයන්ගේ මේ සරදම නිසා කමතේ සිට හැම දෙනෙක් ම සිනා සුනහ. තිරිඟු පොළොන මහල්ලෝ තම උදලු අහකට දමා ඔවුන්ගේ සතුටු කඳුළු පිස දැමුහ.ඔවුන්ගේ දුඹුරු පැහැති මුහුනේ රැළිවලින් ප්‍රීතිය විදහා පෙන්වන ආලෝකයක් මතුවී ඔවුන් මොහොතකට තරුණ බව ලැබූවන් බවට පත් විය.

ජමීලා තරුණයන්ගෙන් බේරා ගැනීමට තමන් සතු ඊර්ෂ්‍යා සහගත වගකීම් මොහොතකට අමතක කරමින් මමත් සිත පුරා සිනාසුනෙමි. සිනහා නොවූ එකම පුද්ගලයා දනියාර් පමණකි. අහම්බෙන් මම ඔහු දුටුවෙමි . නිහඬවීමි. ඔහු කමතේ එහා කොනේ දෙපා පුළුල් කරගෙන හුදෙකලා ව සිටියේ ය. ඔහු වහාම දිව ගොස් තරුණයන්ගෙන් ග්‍රහණයෙන් දැන්, දැන් ජමීලා මුදා ගනිතැයි මට සිතිණි.”

සැබෑ මිනිසෙකුගේ කතාවක් | Saba Minisekuge Kathawak

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

A Story of a Real Man
by Boris Polevoi

‘අලෙක්සේයි මරේසියෙව්’ නම් රුසියන් සෙබළා දෙවන ලෝක සංග්‍රාමයේ දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මානු යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කරගත් ගුවන් හමුදා නියමුවෙකි. තම දෙපා අහිමිවීමෙන් පසුව ද හිට්ලර්ගේ ප්‍රබල හමුදා සමග සටන් වැද විශිෂ්ට ජයග්‍රහණ රැසක් රුසියන් හමුදා වෙත අත් කර දෙන්නට ඔහු සමත් විය. මේ නවකතාවේ කතා නායකයා ඔහුයි.

මුළු යුරෝපයම වාගේ ලෙයින් නෑවූ දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලා ගැනීමට සමත් වූ අතර, සෝවියට් සෙබළු හිට්ලර්ගේ ජර්මන් සේනාවන්ට හා ඔහුට ගැති රටවල් ගණනාවක යුද හමුදාවලට ද විරුද්ධව සටන් දියත් කළහ.

ඒ සෑම අවස්ථාවකදීම අසමසම වීරත්වයක් පෙන්වූ සෝවියට් ජනතාවගේ දේශප්‍රේමීත්වය ද මේ කෘතියෙන් අපට මනාව පැහැදිලි වේ. මුලින් සෝවියට් සංගමයෙන් පළවූ මේ කෘතිය පසුව භාෂා ගණනාවකට පරිවර්තනය විය.මුළු යුරෝපයම වාගේ ලෙයින් නෑවූ දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලා ගැනීමට සමත් වූ අතර, සෝවියට් සෙබළු හිට්ලර්ගේ ජර්මන් සේනාවන්ට හා ඔහුට ගැති රටවල් ගණනාවක යුද හමුදාවලට ද විරුද්ධව සටන් දියත් කළහ.

ඒ සෑම අවස්ථාවකදීම අසමසම වීරත්වයක් පෙන්වූ සෝවියට් ජනතාවගේ දේශප්‍රේමීත්වය ද මේ කෘතියෙන් අපට මනාව පැහැදිලි වේ. මුලින් සෝවියට් සංගමයෙන් පළවූ මේ කෘතිය පසුව භාෂා ගණනාවකට පරිවර්තනය විය.

#sebe minisekuge kathavak

වානේ පන්නරය ලැබූ හැටි | Wane Pannaraya Labu Hati

Original price was: Rs 1,490.00.Current price is: Rs 1,190.00.

How The Steel Was Tempered
by Nikolai Ostrovsky

වානේ පන්නරය ලබන්නේ ගිනි රත් කොට වහාම දැඩි සීතට හසු කිරීමෙනි. සිවිල් යුද්ධයේ ගින්නෙන් හා සාමකාමී ඉදිකිරීමේ වැඩවලින් ඔහුගේ පරපුර පන්නරය ලැබී ය. ඔහුගේ ජීවිතය ‘ගැට්ට ළඟට ම’ පැමිණි විට දී, ක්‍රියා විරහිත බවට, ඇස් අන්ධ වීම ද එකතු විය. අවසානය ළං වූවාක් මෙන් හැඟිණි. 1930 සැප්තැම්බර් 11 දා ඔස්ත්‍රොව්ස්කි සෝච්වලින් සිය සගයා වන ප්යොත්රා නෝව්කොට්ට මෙසේ ලියුවේ ය.

“ජීවත්වීම සනාථ කිරීම සඳහා අවශ්‍ය හරයකින් ජීවිතය පුරවාලීම අරමුණු කරගත් සැලැස්මක් මා ළඟ ඇත. එම සැලැස්ම ඉතා අමාරු ය. ඉතා අසීරු ය. එය ක්‍රියාවට යෙදවීමට හැකි වූවොත් අප පසු ව ඒ ගැන කතා කර ගනිමු…”

“ඔබ නිර්භීත මිනිහෙකි. කොමියුනිස්ට්වාදී පරමාර්ථවලට කැප වීමට ඔබට හැකි වූයේ නිර්භීතකම නිසා ද?”

“ඔව්.”

ඔස්ත්‍රොව්ස්කි මොහොතකුදු පමා නොවී පිළිතුරු දුන්නේ ය. ඔහුගේ රෝගය අසාධ්‍ය වූව ද, අත් පා සෙලවිය නොහැකි වූව ද, දෙනෙත් අන්ධ වූව ද, දිවා රෑ නොතකා ශාරීරික වශයෙන් පීඩා වින්ද ද ඔහු ඉතා ප්‍රීතියෙන් පසු වන බව වාර්තාකරුට පැවසී ය.

#wane pannaraya lebu heti

ලස්සන වසිලීස්සා සහ හත් පෙති මල | Lassana Wasilissa saha Hath Pethi Mala

Rs 850.00

ලස්සන වසිලිස්සා පොත සමග රුපියල් 200ක් වටිනා හත්පෙති මල පොත නොමිලේ…!!!

ලස්සන වසිලීස්සා රුසියානු සුරංගනා කතා පිටු 222, වර්ණ පින්තුර සහිතයි.

හත්පෙති මල පිටු 48

එකෝමත් එක රටක, බොහොම ඉස්සර කාලේ, එක පුංචි ගෙදරක මහල්ලෙකුයි මැහැලියකුයි හිටියා. මේ දෙදෙනාට හිටියේ එකම එක දුවක් විතරයි. එයාගේ නම වසිලීස්සා. ඒ ගොල්ලො බොහොම හොඳට ජීවත් වුණා. හිටි හැටියේ ම ඒ ගොල්ලන්ට විපතක් සිදු වුණා. වසිලීස්සාගේ මහලු මව අසනීප වුණා. ඇගේ මරණය ළං වුණා. අම්මා වසිලීස්සාට කතා කරලා, ඈට බෝනික්කෙකු දීලා මෙහෙම කීවා.

“අනේ හොඳ දුවේ, මේ බෝනික්කාව කාටවත් එහෙම පෙන්වන්නෙ නැතිව පරිස්සම් කරගනින්. නුඹට විපතක් සිදු වුණොත්, බෝනික්කාට කෑම ටිකක් දීලා උපදෙස් ලබා ගනින්. එයා නුඹට පිහිට වේවි.”
අම්මා වසිලීස්සාව සිප ගත්තා. ඊට පස්සේ ඈ මළා.

#lassana vasilissa

හිම කබාය | Hima Kabaya

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

The Overcoat and Other Russian Tales
by Niklai Vasilievich Gogol

උණු හිම | Unu Hima

Original price was: Rs 990.00.Current price is: Rs 790.00.

Hot Snow
by Yuri Bondarev

යුද විශේෂඥයින්ගෙන් මට ලැබුණු මාහැඟි උපදෙස් ගැන මා මෙහිදී මතක් කරන්නේ කෘතඥතාවෙනි. 1942 දෙසැම්බර් මාසයේදී නිරිත දිග ස්ටාලින්ග්‍රාඩය හා එම පෙදෙසේ සිදුවූ දැඩි සටන් ගැන සවිස්තර හා සැබෑ පුවත් ඉදිරිපත් කරන එකම නවකතාව මෙය පමණක් නොවන බව කිව යුතුය. මේ කාර්යයේදී යුද විශේෂඥයෝ විශාල ආධාර දුන්හ.

මේ සටන්වලට සහභාගි වු මා මෙම නවකතාවෙන් විස්තර කරන්නේ දෙවැනි මුරභට හමුදාව ගැනයි.

දොන් පෙදෙසේ කතා | Don Pedese Katha

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

Tales from the Don
by Mikhali Sholokhov

සුන්දර නතාෂා | Sundara Nathasha

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

The Lower Depths
by Maksim Gorky