සීතලෙන් සීත වුණ සීත සමය | Seethalen Seetha Wuna Seetha Samaya

Original price was: Rs 1,600.00.Current price is: Rs 1,280.00.

The Long Winter
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 06

ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81 දී අති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති. හිම කුණාටු මුළු නගරය සම්පූර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමූ අතරේ ජීවත් වීම සඳහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරිට සහ කේරිටත් සිදුවෙයි. නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලන්ඩ් තිරිඟු සොයා බිහිසුණු ගමනක යෙදෙති.අන්තිමේදී අසාමාන්‍ය එහෙත් අතිශයින් ප්‍රමුදිත නත්තලක් සමරන්නට ඔවුන්ට හැකි වෙයි.

මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හයවැන්නයි.

#sithalen sitha vuna sitha samaya

ගෝ දානය | Go Danaya

Original price was: Rs 1,900.00.Current price is: Rs 1,520.00.

ගෝ දානය මගින් සිංහල පාඨකයා ප්‍රේම් චාන්ද් නම් වූ ශ්‍රේෂ්ඨ ලේඛකයා අර්ථ සම්පන්න ලෙස හඳුනා ගනියි. මේ ඔහුගේ විශිෂ්ටතම කෘතියයි. ගොවිජන ජීවිතයේ යථාර්ථය මේතරම් ගැඹුරින් නිරූපිත තවත් කෘතියක් නැත.

චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චිගේ අවසන් පරිවර්තනය වන මේ කෘතිය ඈ සිංහල සාහිත්‍යයට ඉටු කළ විශිෂ්ට සේවාව හොඳින් විදහා දක්වයි.

ඈන් දුටු වසත් සිහිනය | Anne Dutu Wasath Sihinaya

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,040.00.

Anne of the Island
by L. M. Montgomery

ඈන්,

බාල වියේ පටන් සොඳුරු සිහින දකිමින් ඒ් සිහින මල්ඵල
නෙළා ගැනීමට අධිශ්ඨානශීලීව කැපවෙන
සොඳුරු සිතැත්තියකි.

මේ ඇගේ දිවියේ වසන්ත සමයයි.

ඉතින් වසත් සමයේ මේ දිරිය යෞවනිය දකින සිහින කෙබඳු වේද?

ඒ්වා සැබෑ කර ගැනීමට ඇයට හැකි වේද?

ගිනි මැද සක්මන | Gini Mada Sakmana

Original price was: Rs 950.00.Current price is: Rs 760.00.

Bis zur letzten Stunde
by Traudl Junge & Melissa Muller

එවකට විසිදෙවෙනි වියේ පසු වූ ට්‍රවුඩ්ල් යුන්ග් බැලේ නාට්‍යාංගනාවියක්වීමට සිහින මවමින් සිටි අතර, අහම්බෙන් මෙන් ඇයට ඇඩොල්ෆ් හිටලර්ගේ ලේකම්වරියක වන්නට අවස්ථාව ලැබුණි. වර්ෂ 1942 සිට ඔහුගේ මරණය දක්වා බංකරය තුළ ඔහු අසල රැදෙමින් ඔහුගේ ලිපි ලේඛන, දේශන වෙනකක් තබා ඔහුගේ පෞද්ගලික සහ දේශපාලනික අන්තිම කැමති පත්‍ර පවා යතුරු ලියනය කරන ලද්දේ ඇය විසිනි.

එහෙත්, හිට්ලර්ගේ නාසි රාජ්‍යයේ මිනීමරු ස්වභාවය ඇයට දැනගන්නට ලැබුණේ යුද්ධය අවසන් වූවාට පසුවය. ඇය කොතරම් සසල වූවාදැයි කිවහොත් කෘරතම අපරාධකාරයාට ලෙන්ගතුවීම කෙරෙහි ඇය තුළ පසුතැවිල්ලක් ඇතිවිය.

ඇගේ මෙම කෘතිය ප්‍රකාශයට පත්වීමෙන් දින කීපයකට පසු, වර්ෂ 2002 පෙබරවාරි දෙවැනි දින ඇය මෙලොවින් සමුගත්තාය.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මම නිස්කලංක ව කතා කරන්නට හැකි තැනකට ඔටෝ ගුන්ෂ් කැඳවාගෙන යන ලදු ව, හිට්ලර්ගේ අවසානය සිදු වූ අයුරු ගැන අසා සිටියෙමි. ඔහු ඉතා කැමැත්තෙන් මා හට එය විස්තර කරන්නට ඉදිරිපත් විය. “හිට්ලර් සමග ඔහුගේ කාමරයට ඇතුළු වන දොර දක්වා ගිය අපි ඔහුට නැවත වරක් ආචාර කළා… ඊට පසු ව ඔහු ඊවා බ්‍රවුන් මහත්මියත් සමග කාමරයට ඇතුළු වී දොර වසා ගත්තා… හීවල්, කෙම්පෙක, ගොබල්ස්, බෝර්මන්, අක්ස්මන් සහ මම ඒ අසල කොරිඩෝරයේ නැවතී සිටියා. විනාඩි දහයක් විතර කාලයක් ගත වුණා. ඒ කාලයට අපට දැනුණේ දවසක් වගේ… ඊට පස්සෙ අපිට වෙඩි සද්දයක් ඇහුණා… ගොබල්ස් දොර ඇරගෙන කාමරය ඇතුළට යන විට හිට්ලර් හිසට වෙඩි තබාගෙන පුටුව මත මැරි වැටී සිටියා… වෙඩි උණ්ඩයෙන් ඔහුගේ හිස කුඩු පට්ටම් වී ගොස් තිබුණා… ඊවා බ්‍රවුන් සයනයිඩ් කරල හපාගෙන මියගොස් සිටියා… අපි නායකයාගේ හිස රෙදි කැබැල්ලකින් එතුවා… හිට්ලර්ගේ සහ ඊවා බ්‍රවිනිගෙ මළසිරු කෙම්පෙක සහ අක්ස්මන් උස්සාගෙන රයිෂ් චාන්සලරිය උද්‍යානයට අරගෙන ගියා… අපි මළසිරුරු දෙක චාන්සලරියට ඇතුළු වන දොර ළග ඉඳලා මීටර් තුනක් පමණ ඈතින් තියලා ඒ මතට පැට්‍රල් දාලා ගිනි තිබ්බා.” ගුන්ෂ් කතාව සමාප්ත කළේය. මොනතරම් ඉක්මනින් මනුස්ස ජීවිතයක් අවසන් වන්නට හැකි දැයි මට ඒ මොහොතේ කල්පනා විය. දින කීපයකට පෙර මුළු ලෝකය ම සොලවාගෙන හිටපු එමෙන් ම තුන්වන අධිරාජ්‍යයේ නායකයා දැන් සුළගට ගසාගෙන යමින් තිබෙන කුඩා අළු ගොඩක් පමණි.

මරණයේ දොරටුව | Maranaye Doratuwa

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,040.00.

Auschwitz
by Dr. Miklos Nyszli

වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය ලොක වේදිකාව මත රඟ දක්වමින් සිටියහ.මුළු ලෝකයටම ගිනි තබන ලද ඔවුහු අද ඔවුන්ගේම ගිනිමැලයකට වැටී දැවී යමින් සිටින්නෝය.දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද “Deautshland,Deautshland uber allaes” “ලෝකයේ උතුම්ම ම ජාතිය ජර්මනියයි” යන අඥාපතියාගේ වියරු හඬත් සමඟ ඔහුගේ අද පොළොව යට ඇති බංකරයකට වී ගැහෙමින් සිටින්නේය. අහංකාරෝන්මාදයෙන් ආඩම්බරයෙන් වැජඹුණ නාසි රාජ්‍යයට විරුද්ධව, මුළු ලෝකයම එකතු වී, නිදහස සඳහා කරන ලද විරෝදාර සටනින් සහතික වශයෙන්ම නාසි රාජ්‍යයේ බළ බිඳ දමා ඇත.

කදිම පාසලේ හොඳම නිළිය | Kadima Pasale Hodama Niliya

Original price was: Rs 750.00.Current price is: Rs 600.00.

The Second Form at St Clare’s
by Enid Blyton

කදිම පාසල් පොත් පෙළ අංක 04

රඟපෑමෙත්, වයලීන වාදනයේත් අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩ්ස් ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනෙයි.කදිම පාසල් පන්ති නායිකාවක වීමට එල්සි සුදුසු නැති බව ළමයි වටහා ගනිති. කදිම පාසලේ තවත් වාරයක ළමයින්ගේ හපන්කම්,මෝඩකම් අතරේ ඕ’සලිවන් නිවුන් සොහොයුරියන් හැසිරෙන්නේ කෙබඳු ආකාරයකට ද…?

පිළිම බිඳින්නා | Pilima Bidinna

Original price was: Rs 350.00.Current price is: Rs 280.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

පටු මඟෙහි කුඩා නිවහන | Patu Magehi Kuda Niwahana

Original price was: Rs 900.00.Current price is: Rs 720.00.

On Tide Mill Lane
by Melissa Wiley

Little House Charlotte Years Book 2 – ලිට්ල් හවුස් චාර්ලට් ඉයර්ස් 2

19 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය.

ඇය සුප්‍රකට ‘ලිට්ල් හවුස්’ කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි.

ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte Years හෙවත් වොලට්ගේ කතා මාලාව කෘති හතරකින් සමන්විතය.

‘පටු මඟෙහි කුඩා නිවහන’ යනු එහි දෙවැන්නයි.

බිදුණු අතීතය | Bindunu Athithaya

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,190.00.

A Long Way From Home
by Cathy Glass

තම දියණියව බදාගෙන ඉන්නා අතරේ එලයින්ගේ දෑස් කඳුලින් තෙත් විය. මම දැඩි ව කෙල ගිල්ලෙමි. එදවස ඇනා කෙතරම් බියපත්ව සිටියාදැයි මා සිතුවාද? නැත. මා දුටුවේ කෝපයට පත්, පාලනයෙන් තොර දරුවෙකි.

සිදු වූ දේ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් සහ සම්පූර්ණ චිත්‍රයක් ලබා ගැනීමට සමහර කතන්දර පවසන තෙක් බලා සිටිය යුතුය. ඇනාගේ කතාව ඉන් එකකි.

රියානාගේ ලෝකය | Riana’s World

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.

SPELLBINDER: Riana’s World
by Mark Shirrefs & John Thomson

දිදුලන දීප්තියක් සමඟ කම්බිය දිගේ අධිසැර විදුලි දහරාවක් ගුහාව කරා ඇදී ආවා…ඊළඟ නිමේශයේදී පෝල් ගුහාව තුළ සිටියේ නැත. ඔහු අතුරුදහන් ව ගොසිනි. මොහොතකට පසුව පෝල් සිටියේ අමුතුම පරිසරයක් සහිත අමුතුම ලෝකයකයි. කාර්මික විප්ලවයේ පහස නොලත් ඒ ලෝකයේ මිනිසුන් පාලනය කළේ “මායා බන්ධකයින්” විසිනි. මායා බන්ධකයින් ගේ‍ ලෝකය නමින් හැඳින්වූ මේ සමාන්තර ලෝකයේ අතරමං වූ පෝල් උත්සාහ ගන්නේ එහි සැඟව ඇති රහස් හෙළි කරගන්නටයි. ඒ උත්සාහයට පෝල් ට සහාය වන්නේ රියානා ය. සමාන්තර ලෝකයේ වෙසෙන ඇය සුන්දරය, නිර්භීතය, ධෛර්්‍යය සම්පන්නය.

පෝල් සහ රියානා එක්ව මුහුණ දෙන නොනවතින වික්‍රමාන්විතයේ අවසානය කුමක්ද ?

මායා බන්ධකයින් මිනිසුන් පෙලූ යුගය අවසන් වෙයිද ? පෝල් ට නැවතත් සිය ලෝකය කරා ආපසු පැමිණීමට හැකිවෙයිද ?

ලක් බිමේ සත් වසක් | Lakbime Sath Wasak

Original price was: Rs 1,480.00.Current price is: Rs 1,255.00.

Growing
by Leonard Woolf

අපේ රටටත් අපේ මිනිසුන්ටත් පමණක් නොව, අපේ සතා සීපාවාටත් ආදරය කළ සුදු ඒජන්ත හාමුදුරුවෝ වන ලෙනාඩ් වුල්ෆ් ගේ (1904–1911) ස්වයං ලිඛිත චරිතාපදානයේ දෙවැනි කොටස වන GROWING (1961) කෘතහස්ත පරිවර්තකයකු වන ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා විසින් සිංහලයට නඟා ඇත. පාහියන්ගේ – හියුංසාංගේ – දේශාටන වාර්තා – රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය ඩොයිලිගේ දිනපොත මෙන්ම වුල්ෆ්ගේ GROWING නම් කෘතිය ද ලංකාවේ අතීත තොරතුරු සොයන පර්යේෂකයනට ඍජු මූලාශ්‍ර ග්‍රන්ථයක් ලෙස අතිශය වැදගත් ය. ලෙනාඩ් වුල්ෆ් ලියූ, බැද්දේගම නමින් සිංහල පාඨකයන් හඳුනන VILLAGE IN THE JUNGLE (1912) නම් නවකතාව ලංකාව පසුබිම් කොට ඉංගිරිසියෙන් ලියැවුණු ශ්‍රේෂ්ඨතම නිර්මාණාත්මක කෘතිය ලෙසසැලකේ.
– තිලකරත්න කුරුවිට බණ්ඩාර

ගලිවරායණය | Galiwarayanaya

Original price was: Rs 350.00.Current price is: Rs 315.00.

මාර්ටින් වික්‍රමසිංහ විසින් ගලිවරායණය නමැති ළමා කතාව සම්පාදය කරන ලද්දේ 1931 දීය.

මෙම කෘතියට පාදක වුයේ ජොනතන් ස්විප්ට් ගේ Gulliver’s Travels නම් උපහාස කතාවයි. එය මුලින්ම පළ වුයේ එංගලන්තයේ දීය. පළ වු වසර 1726 වේ. ලොව විවිධ රටවල පැතිරි මෙම කතාව ශ්‍රී ලාංකීය දරුවන්ගේ මනසට ගෝචර වන අයුරින් අනුවර්තනය කීරිමට වික්‍රමසිංහයන් සමත් වී තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.

ටාර්සන් සහ කුහුඹු මිනිස්සු | Tarzan Saha Kuhumbu Minissu

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

Tarzan and the Ant Men
by Edgar Rise Burroughs

සිය අහස් යානය ක්‍රියා විරහිත වීමෙන්, වානරයන්ගේ ටාර්සන් මහා කටු වනාන්තරය පිටු පසට ඇද වැටෙන තුරු, කිසි ම කෙනෙකු එම වනාන්තරය මැදින් ගමන් කර තිබුණේ නැත. එම වනාන්තරයට ඔබින් ඉතා සුන්දර රටක් වී ය. එහි ජීවත් වූයේ පැරණි ශිලා යුගයට අයත් අලාලි ගෝත්‍රික යෝධ ස්ත‍්‍රීන් ය. ඔවුහු සිය පිරිමින්ට සැලකුවේ වහලුන්ට සලකන්නාක් මෙනි. මේ අලාලි රටට ඔබ්බෙන් කුහුඹු මිනිසුන් ගේ රට පිහිටියේ ය. මේ කුඩා මිනිසුන් ගේ උස අගල් දහ අටක් වී ය! මේ කුඩා මිනිසුන් විසින් අල්ලා ගනු ලැබූ ටාර්සන්, ඔවුන් ‌ගේ විද්‍යාත්මක ඤාණයෙන් ටාර්සන් ගේ ශරීර ප්‍රමාණය ද අඟල් දහ අටකට අඩු කරනු ලැබ, ගල් වළවල වහලකු වශයෙන් සේවයට ගනු ලැබී ය!

ඈන් 8 – සුව සෙවණේ බඩපිස්සී | Anne 8 – Suwa Sewane Badapissi

Original price was: Rs 550.00.Current price is: Rs 495.00.

Rilla of Engleside
by L. M. Montgomery

ඈන් 7 – දේදුනු නිම්නය | Anne 7 – Dedunu Nimnaya

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.

Rainbow Valley
by L. M. Montgomery

ඈන් 6 – මව සහ දරුවෝ | Anne 6 – Mawa Saha Daruwo

Original price was: Rs 450.00.Current price is: Rs 405.00.

Anne of Ingleside
by L. M. Montgomery

මල්ගුඩියේ මිනී කන්නා | Malgudiye Minikanna

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,080.00.

The Man Enter of Malgudi
by R. K. Narayan

ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු වන අභාවප්‍රාප්ත ඉන්දියානු ලේඛක ආර්.කේ නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපදුනු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්‍රහ කරයි.”මල්ගුඩියේ මිනීකන්නා” නමින් සිංහලයට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේ ද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණද, ඒවායින් එළිදැක්වෙන මිනිස් ගති ලක්ෂණ අපට ඒ ආකාරයෙන්ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජය දක්නට ලැබේ.නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තුළට එබී බලමින් කරන චරිත විග්‍රහය තුළය.

යුද්ධයේ අතුරු කතාවක් | Yuddaye Athuru Kathawak

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

The Nazi Officer’s Wife
by Edith Hahn Beer

එඩිත්හාන් නමැති යුදෙව් ජාතික දිරිය කතගේ ආත්ම භාෂණය රැගත් ‘The Nazi Officer’s Wife’ විෂම සමාජයක උපත ලැබ අනේකවිධ දුක් දොම්නස්වලට මුහුණ දී අවසානයේ විමුක්තිය ලබන අයුරු විවරණය කෙරේ.

දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මගෙත් ඇන්ජලා ගේ ජීවිතය බේරුණි.

මේ ලෝකයේ අන්කිසිම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැන ගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලා ට ය.ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවෙකුට දැන ගන්නට නොලැබෙනු ඇත.

සසෙක්ස් හි ඩ්‍රැකියුලා | Saseks Hi Dracula |

Original price was: Rs 250.00.Current price is: Rs 200.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

“මැටිල්ඩා බ්‍රික්ස් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි, නැවක නමක්. ඩ්‍රැකියුලා සිද්දි ගැන පරික්ෂා කිරීම අපට අයිති දේකුත් නෙවෙයි වොට්සන්, ඒත් කාලෙකින් වැඩක් නොකළ එකේ, මේ කියන පලහිලව්ව ගැන ටිකක් හැරලා අවුස්සලා බළල දැනගන්න මටත් ආශාවක් හිතුණා.” හෝම්ස් කිවේය.

“මේක මහ පිස්සු වැඩක් වොට්සන්, මළ මිනී හදවතේ තියාගෙන ඇවිදින මිනිස්සු වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියනවද?” එසේ කියා හෝම්ස් මේසය අසලට ගියවියට ඔහුගේ නමට ලැබී එතෙක් විවෘත නොකළ ලිපියක් මේසය මත ඇති බව ඔහුට පෙනුණි. ලිපිය අතට ගත් හෝම්ස් ලියුම් කවරය ඇර ලිපිය පිටතට ගෙන කියවන්නට පටන් ගත්තේය. ලිපිය කියවාගෙන යන අතරතුර ඔහුගේ මුහුණ ක්‍රමයෙන් මන්දස්මිතයකින් පැහැපත් වන අයුරු මට පෙනුණි.