Translations - පරිවර්තන
ටූනා අසිපතේ අබිරහස | Tuna Asipathe Abirahasa
Original price was: Rs 390.00.Rs 310.00Current price is: Rs 310.00. The Lone House Mystery
by Edgar Wallace
එඩ්ගාර් වොලස් අබිරහස් කතා 01
ගංගාවක් අසල පාළු මන්දිරයක විසූ ධනවත් ෆීල්ඩ් මහතා හදිසියේ ඝාතනය ට ලක් වෙයි. මිනීමැරුම සිදුකොට තිබුණේ අප්‍රිකාවේ ගෝත්‍රික අසිපතකිනි.
සුපිරින්ටෙන්ඩෙන්ට් මින්ටර් ඒ එකම හෝඩුවාවෙන් මිනීමරුවා සොයාගන්නේ කෙසේද?
දෙපා පණ නැති මැක්ස් වොස් මහතා ෆීල්ඩ් මහතා ට වෛර කළේ මන්ද?
ෆීල්ඩ් මහතාගේ ලේකම්වරිය මජෝරී වෙන් මෙනෙවිය මිනීමරුවාගේ කාගේ කවුද?
ඇය මිනීමැරුමට අනුබල දුන්නේ ද?
තමාට එල්ල වූ වෙඩි පහර සමඟ මිනීමරුවා කවරෙක්ද යන්න මින්ටර් මහතා අවබෝධ කරගත්තේ කෙසේද?
අසිරිමත් සිතක් | Asirimath Sithak
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Positive Living Day by Day
by Norman Vincent Peale
ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ අධ්‍යාත්මික ජීවිතය පෝෂණයෙහිලා න්‍යාය වෙනුවට ප්‍රායෝගික භාවිතාවන් හෙළිදරව් කළ තෝමස් වින්සන්ට් පීලි විසින් කරන ලද දේශනයන් අද ලොව භාෂාවන් ගණනාවකට පරිවර්තනය වෙමින් පවතී..
රතු හිතුවක්කාරයා | Rathu HIthuwakkaraya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00.බ්ලැක් බියුටි | Black Beauty
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Black Beauty
by Anna Sewell
“නළලේ සුදු පැහැති තරුව, එක පාදයක සුදු පැහැ ළපය, කෝ බලන්න…”
ඔහු කියවමින් මගේ බෙල්ල පරීක්ෂා කර බලා උඩ පැන්නා.
“මේ තියෙන්නේ අනිත් ලකුණ. මං මෙයා ගැන හරියකට හෙවුවේ බැලුවෙ නැති දවසක හීතලේ ගැහිල ලෙඩ වුණා. එදා ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එක ගහපු තැන මේ බලන්න මැඩම්..! මේ තමයි බ්ලැක් බියුටි… බ්ලැක් බියුටි…! ඔයාට මාව මතකද? මං තමයි ජෝ ග්‍රීන්.”
ඔහු සතුටින් කෑ ගැසුවා. ඒ තරම් සතුටු වෙන මිනිසෙක් මින් පෙර මා දැක තිබුණේ නැහැ. ඇත්තටම මා මේ දකින්නේ සිහිනයක්ද?
අමේසන් වික්‍රමය – කුමාර සිරිවර්ධන | Amazon Wikramaya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Amazon Adventure
by Willard Price
ලොව දිගම ගංගාව නයිල් වූවත් ලොව විශාලතම ගංගාව අමේසන්ය. අමේසන් ගංගාවේ විශාලත්වය ඔබට මට සිතාගන්නට පවා අපහසුය. අමේසන් ගංගාවේ සමහර තැන්වල පළල සැතපුම් දහසක් පමණ වේ. අන්දිස් කඳුවැටියෙන් ඇරඹෙන මෙම මහා ගංගාව මහද්වීපයේ නැගෙනහිර දෙසට සැතපුම් හාරදහසක් පමණ දුර ගෙවා පැමිණ දකුණු ඇමරිකාවේ උතුරු දිග වෙරළේදී අත්ලාන්තික් සාගරයට වැටෙන්නේ හරියටම සමකයට යටිනි. මෙම ගංගාවේ ජලය කෙතරම් බලවත්ව මුහුදට වැටෙන්නේද යත් එම ජලය මුහුදු ජලය හා මිශ්‍ර නොවී සැතපුම් දෙසීයක් පමණ මුහුද ඇතුළට ගමන් කරයි. ගොඩබිම ඇතුළට සැතපුම් හාරසියයක් පමණ දුර යනතුරු ගංගාවේ විශාල දියරැලි නැගෙන අතර ගඟ දින්ගේ සැතපුම් තුන්දහසක් පමණ දුර ගොඩබිමේ ඇතුළට විශාල නෞකාවලින් ගමන් කිර්මට පුළුවන. අමේසන් නදිය ආශ්‍රිත අමේසන් වනාන්තරය ජෛව විවිධත්වයෙන් අනූනය. එම වනාන්තරයේ තවමත් මිනිසුන් පය නොගැසු ස්ථාන තිබේ. මේ එම මිනිසුන් පය නොගැසූ බිහිසුණු අමේසන් වනාන්තරයේ අපූර්ව සංචාරයකට පාඨක ඔබට කෙරෙන ඇරයුමකි.
#amesan wikramaya amezan
යටිසිත | Yatisitha
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00. The Power of Subconscious Mind
by Dr. Joseph Murphy
ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ.
ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගත හැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි.
කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.
පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය.
105
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. The Girl in Room 105
by Chetan Bhagat
දෙන්නගෙ ආදරේ බිඳිලා අවුරුදු ගානක්! ඒත් අවුරුදු ගාණකට පස්සෙ කෙල්ලගෙ උපන්දිනේ උදාවෙන රෑ දොළහෙ කණිසමට අපරාජිත පෙම්වතාට කෙල්ලගෙන් වට්ස් ඇප් මැසේජ් එකක්!
”ඔයා මට විෂ් කරන්නෙ නැද්ද? කැමතිනම් ඇවිල්ලම විෂ් කරන්න පුළුවන්….මගෙ හොස්ටල් කාමරේ ජනේලෙ ඇරල තියෙන්නෙ ! තාම මම 105 හේ ! මට ඔයාව අමතක කරන්න බෑ…”
”ෂ්…සාරා…හැපි බර්ත් ඩේ!” ඒත් ඇයි සාරා නිදාගෙන ?
ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.
තැපැල් මලු අබිරහස | Thapal Malu Abirahasa
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Secret Seven Win Through
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 07
හතේ කල්ලියේ අලුත්ම මූලස්ථානය වූයේ ගල් ගුහාවකි. නමුත් ඔවුන් වහා වටහාගන්නේ රාත්‍රියේ එහි ඇතුළු වන කිසිවකු තමන්ගේ භාණ්ඩ සොරා ගන්නා බවයි.
ඇල්බට් ටැනර් හා පඹයන් අතර වූ සම්බන්ධය කුමක්ද?
තැපැල් මලු ගුහාවේ සැඟවීමට ඔවුනට එහි ඇතුළුවීමට රහස් දොරටුවක් තිබිණිද?
කළු ඇත් දළ | Kalu Ath Dala
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. Black Ivory
by Robert Michael Ballantyne
සාර්ථක වන්නේ මෙහෙමයි | Sarthaka Wanne Mehemayi
Original price was: Rs 1,450.00.Rs 1,160.00Current price is: Rs 1,160.00. Success Basics
by Moh Hon Meng
වසර පතා යවුන් තරුණ තරුණියෝ දහස් ගණනින් රැකියා වෙළඳපළට පැමිණෙති. ඉතාම අපහසුවෙන් ඒ රැකියා ලබා ගන්නා සමහරුන් අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ හිමි තනතුරු ඉක්මනට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් හෝ නොලැබෙන්නේ ඇයි?
“සාර්ථක වන්නේ මෙහෙමයි” නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා දෙනු සඳහා ය. ආරම්භයේ සිට අනුගමනය කළහොත්, සාර්ථකත්වය අත්කර ගත හැකි තලයට ඔවුත් ඔසවා තබන්නට මේ ග්‍රන්ථය සමත් වනු ඇත. පළපුරුදු අයගේ සාර්ථකත්වයට ද මෙය ඉවහල් වනු ඇත.
අරණකට පෙම් බැඳ | Aranakata Pem Banda
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ අධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය.
විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්‍රයෙනි. එම කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මී සිංහආරච්චිගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස “අරණකට පෙම් බැඳ” හැඳින්විය හැකිය.
සුනඛ චෞර වික්‍රමය | Sunaka Chaura Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Shock for the Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 13
හතේ කල්ලියේ අභ්‍යන්තර අර්බුද නිසා සාමාජිකයන් කල්ලියෙන් ඉවත් වන තැනට කටයුතු යෙදෙයි. සමගියෙන් සාමයෙන් එකමුතුවෙන් කටයුතු කළ පිරිසට හදිසියේ සිදුවී ඇත්තේ මොනවාද?
ඒ අතරතුර ඔවුන් සියලු දෙනාගේ ආදරය දිනු ස්පැනියල් වර්ගයේ බල්ලා කැම්පර් අතුරුදහන් වෙයි
සැවොම කැම්පර් සෙවීමට එකතු වෙති.
වයලීන වික්‍රමය | Vayalina Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Puzzle for the Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 10
දුප්පත් බෝලන් පවුලේ නිවහන ගිනි ගෙන විනාශ වෙයි. හතේ කල්ලිය එම පවුලට උපකාර කිරීමට මූලික වෙති. ඒ අතරතුර නගරයේ වෙළෙඳ සලක කවුළුවක් බිඳ අගනා හා පැරැණි වයලීනයක් සොරා ගැනෙයි.
මහ රෑ කන්ද මුදුනෙන් ඇසුණු ළතෝනිය කුමක්ද?
කුඩා බිලිඳකු සිටි ජෑම් කරත්තය හනේ කල්ලියේ අවධානයට ලක්වූයේ මන්දා?
හිස් නිවහනේ වික්‍රමය | His Niwahane Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Three Cheers, Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 08
සුසී ගේ ගුවන් යානය බාට්ලීට් වත්තට පියාසර කරමින් අතුරුදහන් වූයේය. එය සොයා ගිය පීටර්ට ජනේලයකින් පෙනුණු රතු ගිනි දැල්ල කුමක්ද?
නිවහන හිස්ව, එහි යතුරු බැංකුව භාරයේ තිබියදී ඊට අනවසරයෙන් ඇතුළුවීමට පෙලඹී ඇත්තේ කවුරුන්ද? ඒ කුමකටද?
අයිතිකරුවන් විදේශගතව සිටිනා හෙයින් එහි ඇති බඩුභාණ්ඩ සොරා ගැනීම ඒ අයගේ අරමුණද?
සිඩ්ගේ අවන්හලේ වික්‍රමය | Sidge Awanhale Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. God Work, Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 06
මෝටර් රථ සොරකමේ ඇසින් දුටු සාක්ෂිකරුවෝ පීටර් සහ ජැනට් වූහ. එම සොරුන් කවුරුන්දැයි සෙවිය යුතු වූයේ හතේ කල්ලියයි.
සිඞ් ගේ අවන්හල ඉදිරිපිට පඹයකු ලෙස සිටියේ කවුරුන්ද?
ඉදිරිපස බොත්තමක් අඩු වැහි කබායේ ඇති වැදගත්කම කුමක්ද?
ගිනි කෙළිවලට වැඩියෙන් ළං වීම අවදානම් සහගතය.
කෙරි බ්ලූ වික්‍රමය | Keri Blue Wikramaya
Original price was: Rs 350.00.Rs 280.00Current price is: Rs 280.00. The Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 01
ගම්මානය කෙළවර පාළු නිවහනේ සඟවාසිටිතැයි සැක කෙරුණු සිරකරුවා කවරෙක්ද?
වී සිරකරු සොයා පාළු නිවහන ට ඇතුළු වූ හතේ කල්ලියේ සාමාජිකයන්ට දැකගන්නට ලැබුණේ මොනවාද?
ඔවුන් තැනූ හිම මිනිසුන් සිව්දෙන එකවර සය දෙනකු වූයේ කෙසේද?
අග්‍රාවේ මහා නිධානය | Agrawe Maha Nidhanaya
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ෂර්ලොක් හෝම්ස් වික්‍රම 04
ෂර්ලොක් හෝම්ස් නමැති අග්‍රගන්‍ය රහස් පරීක්ෂකවරයා කොකේන්වලට ඇබ්බැහි වී සිටින්නේ මන්ද?
කපිතාන් මෝර්ස්ටන්, මේජර් ෂෝල්ටෝ සහ ඔහුගේ පුතු බර්තොලමියු ලන්ඩනයේ දී මියයාම් පසුපස වූ අබිරහස කුමක්ද?
අන්දමන් දූපතේ බන්ධනාගාරයක සිට පැන ආ ලී බොරු කකුලක් පැලැඳි ජොනතන් ස්මෝල් අග්‍රාවේ මහා නිධානය ලන්ඩනය පුරා සෙවූයේ මන්ද?
වැඩ කිරීමේ සතුට | Weda Kirime Sathuta
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. The Joy of Working
by Denis Wauley & Reni L. Witley
අපේ ජීවිතයේ වැඩි කොටස ගෙවෙනුයේ වැඩවල නිරත වීම සදහා ය.එහෙත් අප වැඩි දෙනෙකුට අපේ රැකියාවෙන් මරණය හා බදු ගෙවිම වැනි අප්‍රිය,කරදරකාරී එමෙන්ම ඒකාකාරි වු ඒවා සේ හැඟේ.රැකියාව වෙහෙස ගෙන දෙයි.මීට හේතු වන්නේ මොනවාද? ඒ හේතු අවබෝධ කර ගැනීම යනු අප අපට ආදරය කිරීමකි.සතුටින් වැඩ කළ හැකි නම් අපේ ජීවිතය සතුට පිරුණු එකක් වේ.මේ පොත ඒ සදහා අපූරු අත්වැලකි.
#weda kireeme sathuta
උණු හිම | Unu Hima
Original price was: Rs 990.00.Rs 790.00Current price is: Rs 790.00. Hot Snow
by Yuri Bondarev
යුද විශේෂඥයින්ගෙන් මට ලැබුණු මාහැඟි උපදෙස් ගැන මා මෙහිදී මතක් කරන්නේ කෘතඥතාවෙනි. 1942 දෙසැම්බර් මාසයේදී නිරිත දිග ස්ටාලින්ග්‍රාඩය හා එම පෙදෙසේ සිදුවූ දැඩි සටන් ගැන සවිස්තර හා සැබෑ පුවත් ඉදිරිපත් කරන එකම නවකතාව මෙය පමණක් නොවන බව කිව යුතුය. මේ කාර්යයේදී යුද විශේෂඥයෝ විශාල ආධාර දුන්හ.
මේ සටන්වලට සහභාගි වු මා මෙම නවකතාවෙන් විස්තර කරන්නේ දෙවැනි මුරභට හමුදාව ගැනයි.
සිංගප්පුරු කතාව | Singappuru Kathawa
Original price was: Rs 1,410.00.Rs 1,270.00Current price is: Rs 1,270.00. The Singapore Story
by Lee Kuan Yew
ශ‍්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් නිවහල් දේශයක් කරා යන ගමනක් ආරම්භ කැර ඇති මේ මොහොතේ, මෙරට ගැන ආදරයක් දක්වන සෑම දෙනා ම ලී ක්වාන් යූ ගේ ”සිංගප්පූරු කථාව” නමැති මෙම චරිතාපදානය අනිවාර්යයෙන් කියැවිය යුතු ය. මෙහි පිටපතක් ශ‍්‍රී ලංකාවේ සෑම පුස්තකාලයක ම තිබිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
– මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
ගෙදර යන අතරමග | Gedara Yana Atharamaga
Original price was: Rs 380.00.Rs 305.00Current price is: Rs 305.00. On the Way Home
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 10
1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් සහ වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමඟ දකුණු ඩකෝටාවේ, ඩි ස්මෙට් නගරයේ ජීවත් වූ නිවස අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දූවිලි ගොඩවල් බවට පත්වී තිබිණි. වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැල පටවා ගෙන, නෑදෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතය පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ.
ලෝරා ඒ ගමන් විස්තර දිනපොතක ලීවාය. මේ, ජීවිතයේ ඉතිරි කාලය පුරා සදාකාලික සතුටු ලබා දෙනු ඇති අලුත් නිවසක් සොයා දින 45ක කාලයක් තිස්සේ සැතපුම් 650ක දුරක් ගෙවා ගිය ඒ ගමනේදී ඈ ලියූ දින සටහන් පෙළයි.
යටිසිත 2 | Yatisitha 2
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. Think Yourself to Health, Wealth & Happyness
by Dr. Joseph Murphy
මානසික සහ අධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක සිට නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කරගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි.
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්:
* කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජයගැනීම
* මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
* ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම
* සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම
තුන් මොල්ලු | Thun Mollu
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. 3 Idiots
by Chetan Bhagat
ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි. උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.
අස්හලේ කොලුවාගේ අබිරහස | Ashale Koluwage Abirahasa
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Secret Seven Mystery
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 09
හතේ කල්ලියට ආරංචි වන්නේ මුදල් සොරකමක් ගැන චෝදනා ලැබ නිවෙසින් පලා ගිය පාසල් ශිෂ්‍යාවක පිළිබඳ ය.
කල්ලිය ඇය සොයා බේලින්ග් ගම්මානය පීරති. සොනින්ග් මහත්මියගේ නිවහනට රාත්‍රීන්හි හොරෙන් ඇතුළුව ආහාර සොරා ගන්නේ කවුරුන්ද?
අස්හලේ සේවක කොලුවා ඇය ගැන දැන සිටින්නේ මොනවාද? පීටර් එකවර උමතු වන්නේ මක් නිසාද?
මෝබි ඩික් | Moby Dick
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. Moby Dick
by Herman Melville
මේ අපේ පුතාලාට | Me Ape Puthalata
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. Just for Boys A book about growing up
by Matt Crossick
නව යොවුන් අවධිය මුහුකුරා යෑමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබීම පහසුය. ඔබේ සිරුරට එහිදී කුමක් සිදුවේද යන්න මේ ග්‍රන්ථය තුළ පැහැදිලිව සරලව සහ සෘජු ලෙස පැහැදිලි කෙරෙයි. හැගීම්ද ඇතුළුව ඔබ ජීවිතයේ , මේ වැදගත් අවධියේ දැන ගත යුතු සියලු වැදගත් කරුණු මෙහි මැනැවින් සංග්‍රහ කර ඇත.
යක්ෂයා සහ ප්‍රයිම් මෙණෙවිය | Yakshaya Saha Prime Menaviya
Original price was: Rs 980.00.Rs 880.00Current price is: Rs 880.00. The Devil and Miss Prym
by Paulo Coelho
කෑදරකම භීතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්. සිය වේදනා බර අතීතයේ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක්. සන්තුෂ්ටිය සොයා යන තරුණියක්. එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ මරණය සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදු වනු ඇත්තේ ය. ඉදින් එහි දී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද?
යහපත ද එසේත් නැත්නම් නපුරද?
මේ චමත්කාරජනක නවකතාව තුළින් පවුලෝ කොයියෝ සෑම ආත්මයක් තුළ ම ආලෝකය හා අඳුර අතර පවත්වා අරගලය මෙන්ම අපේ දෛනික ජීවන අරගලය හා එහි සබැඳියාව නාටකීය ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කරයි.අපේ සිහින ලුහුබැඳ යාමට නිර්භීත වීම, වෙනස් පුද්ගලයකු බවට පත් වීම සඳහා වන අපේක්ෂාව හා සැබෑ ජීවිතය උදා කර ගැනීමෙන් අප වළකාලන බියෙන් අත්මිදීම. යක්ෂයා හා ප්‍රයිම් මෙනෙවිය උද්වේගකර කතාන්දරයකි. එසේම එමඟින් මනුෂ්‍යයාගේ සාධු චර්යාව බියකරු පරීක්ෂණයට ලක් කෙරේ.
මිනිත්තු එකොළහේ කතාන්දරේ | Miniththu Ekolahe Kathandare
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00. Eleven Minutes
by Paulo Coelho
මට ලෝකයට අනුව චූදිතයෙකු වෙන්නත් සතුට හොයාගෙන අවදානම් ගමනක යෙදෙන්නත් පුලුවන්.ඒ සියල්ල මම ජීවිතය දකින විදිය ගැන ගැටලුවක් විතරයි. මරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුණු, නිළියක් වෙන්න ජීනීවාවලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වාභාවයන් තුළින් අභ්‍යන්තරයෙන් පැන නැඟෙන ආලෝකය හොයාගෙන යන, අවදානම් සහගත ගමනේදි ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණොත් කුමක් වේවිද? ජීවිතය සොයා යෑමේදී, ආදරය ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතු කර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂයක කතාවයි. මිනිත්තු එකොළහේ කතාන්දරේ.’සන්තියාගෝ නම් සැරිසරන්නා’ කෘතියෙන් කෘතියෙන් කීර්තියට පත් පාවුලෝ කොයියෝගේ, ලිංගිකත්වය විෂයය කරගත් කතා පුවතක් සහිත අලංකාරමය භාෂා රීතියක් රැගත් නවකතාවයි.මිනිත්තු එකොළහේ කතාන්දරේ.
මොන මගුලක්ද මන්දා | Mona Magulakda Manda
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. 2 States The Story of My Marriage
by Chetan Bhagat
ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි.
ලෝකෙ වටේම ඉන්න කෙල්ලෙ කොල්ලො ආදරේ කරනවා.
ආදරේ කරල බඳිනවා.
ඒක ඒ තරම් සිම්පල් වැඩක්.
හැබැයි ඒ වෙනින් රටවල්වල!
ඉන්දියාවේ ඒ සෙල්ලං බෑ!
ඉන්දියාවේ ආදරේ කරන කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පුර්ණ වෙන්න ඕනෙ.
1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම
2. කොල්ලා කෙල්ලට ආදරේ කිරීම
3. කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම
4. කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම
5. කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම
6. කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම
7. ඒ ඔක්කොම ඉවර වෙද්දි, තාමත් කොල්ල කෙල්ලටයි, ඒ කෙල්ල කොල්ලටයි, ආදරේ නම් කසාඳ බැදීම
මොන මඟුලක්ද මන්දා?
අන්ධකාරයේ දරුවා | Andhakaraye Daruwa
Original price was: Rs 600.00.Rs 480.00Current price is: Rs 480.00. Child of the Dark The Diary of Carolina Maria de Jesus
by Carolina Maria de Jesus
සාහිත්‍ය ලෝකය හෙල්ලූ මුඩුක්කුවේ ගැහැණිය.
බ්‍රසීල ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවි වූ පොත.
මාස 6කදී භාෂා 26කට පරිවර්තනය වූ පොත.
බඩගින්න මෙතරම් හඬකින් විලාප නැංවූයේ කොතැනකද?
බ්‍රැම්ලේ වනාන්තරයේ වික්‍රමය | Bramle Wanantharaye Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Look Out Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 14
ජනරල්වරයා නිර්භීතව යුද වදිමින් දිනූ වීර පදක්කම් සොරා ගෙන තිබිණි. ඔහු සිටියේ මහත් කනගාටුවෙනි. ඔහුගේ සිත සැනසීම කොලින්ට බාර විය. ඒ අතරතුර හතේ කල්ලිය මහ රෑ බ්‍රැම්ලේ වනාන්තරයට ඇතුළු වූයේ කුමකටද?
සිතින් අත් ඇති මිනිසා කවරෙක්ද?
ඔවුන් සත් දෙන විශාල බල්ලකුගේ අත් අඩංගුවට පත්වූයේ කෙසේද?
ගිනි මැළයේ වික්‍රමය | Gini Melaye Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Secret Seven Fire Works
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 11
ජැක්ගේ සොහොයුරිය සුසී හතේ කල්ලියට එරෙහිව කරදරකාර තූනේ කල්ලිය පිහිටුවා ගත්තාය. හතේ කල්ලිය ඒ ගැන සතුටු වූයේ නැත.
ඔවුන්ගේ මුදල් සහ පඹයාට ඇන්දවීමට තබා තිබූ ඇඳුම් පවා සොරා ගන්නට, දර ගොඩ විසුරුවා හරින්නට තරම් සුසී දුෂ්ට වූයේද?
අවසානයේ පඹයකු ලෙස වෙස් ගෙන ගිනි මැළය මත සිටියේ කවුරුන්ද?
සිටුවර මොන්ත ක්‍රිස්තෝ | Situwara Monte Cristo
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00. The Count of Monte Criso
by Alexander Dumas
#situwara montha kristho
රොබින්සන් කෲසෝ – සුසර | Robinson Crusoe
Original price was: Rs 250.00.Rs 200.00Current price is: Rs 200.00. Robinson Crusoe
by Daniel Defoe
මේ අයුරින් කාලය ගෙවී ගියා මිස මට මෙම දුපතින් පිටවී යාමට තවමත් මාර්ගයක් උදාවුයේ නැත. මෙතෙක් මා ගත කළ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී සිත තුළ ඇතිවන හැඟීම් සංකීර්ණය. තාත්තා දුන් අවවාද වලට පිටුපා ගෙදරින් පැන ආදා පටන් මේ දක්වා ගත කළ අන්දම සැබවින්ම සහගත නොවන්නේද? අන්තිමට කුණාටුවට හසුවී ගසාගෙන ගිය නැව බලන්නට මා දැනුදු විටින් විට යන්නේ නිකන්ම නොවේ. කෙසේ හෝ එය අලුත්වැඩියා කොට යාත්‍රා කිරීමට තත්වයට සකසා ගත හැකිද බැලීමටය. නමුදු යළි යාත්‍රාකළ නොහැකි අන්දමින් එය විනාශවී ගොස් ඇත.
ෆොරස්ට් ගම්ප් | Forrest Gump
Original price was: Rs 950.00.Rs 760.00Current price is: Rs 760.00. Forrest Gump
by Winstan Groom
මං ඉපදුණාට පස්සෙ මගේ අම්ම මට නම තිබ්බෙ ෆොරස්ට් කියලා. ඒකට හේතුව වුණේ සිවිල් යුද්ධයේදී සටන් කඵ ජනරාල් නාදන් වෙඩ් ෆොරස්ට්. මගේ අම්ම නිතරම කියපු දෙයක් තමයි අපි ජෙනරාල් ෆොරස්ට්ගේ නෑදෑයො වෙන බව. කොහොම වුණත් එයා ශ්‍රේෂ්ඨ මිනිහෙක් කියලා අම්මා නිතරම කිව්ව. එයා තමයි යුද්දෙන් පස්සෙ නම නකමං නක්ඛ කියන සංවිධානය හැදුවේ කියන එකත් අම්ම කියනව. ඒ අතරෙ ආච්චිත් ඒකම කිව්ව. ආච්චි කිව්වේ ඒ සංවිධානේ එච්චර හොඳ කල්ලියක් නොවන බවය. මාත් ඒ කියමනට එකඟ වෙනවා. ඒ එයා ටවුමෙ තුවක්කු ස්ටෝරුවක් පවත්වා ගෙන ගිය හන්දා. මට අවුරුදු දොළහේදී විතර මං දවසක් ඒ පැත්තට ඇවිද ගෙන ගියා. මං ගිහිං ස්ටෝරුවේ ජනේලයෙන් බලාගෙන හිටිය. ඇතුළෙ මිනිස්සු එල්ලල මරණ තොණ්ඩුවක් සහිත කඹයක් එල්ලි එල්ලි තිබුණ. මාව දුටු හැටියෙම ජෙනරල් කඹය බෙල්ල වටා දාගෙන දිව එළියට දා ගත්තා. මිනිහෙක් එල්ලෙනවා වගේ. මං හොඳටම බයවුණා. මං දුවල ගිහිං අසල තිබු කාර් පාර්ක් එකේ කාරෙකක් පිටිපස්සෙ හැංගිලා හිටිය. කවුරුහරි පොලීසියට කතා කරලා පොලිසියෙන් ඇවිත් මාව ගෙදර ගෙනගොස් අම්මට බාර දෙන තුරු. ජෙනරල් ෆොරස්ට් මොනව කළත් ඒ කල්ලිය පටන්ගත්තු එකනං හොඳ අදහසක් නෙවෙයි. ඕනම මෝඩයෙකුට ඒක කියන්න පුළුවන්. කොහොම වුණත් මට මගේ නම ලැබුණේ එහෙමයි.
මනස පුහුණු කිරීම | Manasa Puhunu Kireema
Original price was: Rs 880.00.Rs 705.00Current price is: Rs 705.00. Mind Training
සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණ වේ. ඔබ සෞඛ්‍ය දියුණු කර ගැනීම ගැන, ආත්ම විශ්වාසය පුහුණූ කර ගැනීම ගැන, සිතෙහි එකඟකම ඇති කර ගැනීම ගැන, ආකර්ෂණිය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපූර්ණ කර ගැනීම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබට උදව් වෙයි.
සුන්දර කළු අසු | Sundara Kalu Asu
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Black Beauty
by Anna Sewell
ලුබ්නේට් කන්ද අසලට එන තුරු මා සාමාන්‍ය අන්දමින් ගමන් කළ ද, අධික බරත් මාගේ හෙම්බත් වීමත් තවදුරටත් දරාගැනීමට මා හට අසීරු විය. කස පහර කමින්, තෝන් ලණුවෙන් ඇදීම් නිසා පීඩා විඳිමින් මම මහත් පරිශ්‍රමයක් දරමින් යෑමට තැත් කළෙමි. එක මොහොතකදී එය කෙසේ විණිදැයි මට කිව නොහැකි වුවත් මගේ පාදය මගේ සිරුරට යටින් ලිස්සා ගිය අතර මා මහත් වේගයෙන් එක පසෙකට වැටිණ. මා බිම පතිත වූ වේගයත් ඉක්මනත් නිසා මගේ සිරුරේ වූ සියලු හුස්ම පිට වූ බව පෙනිණ. මම නිසලව වැතිර සිටියෙමි. සැබවින්ම මට සෙලවීමට ශක්තියක් නොවීය. මා සිතුවේ මා මියයමින් සිටිතැයි කියාය. අර අනුකම්පා සහගත සුමිහිරි හඬ “අයියෝ, අසරණ අස්සයා. මේ ඔක්කොම අපේ වැරැද්ද” යි කිවූ බව මට ඇසුණේ යයි මට සිතිණ. තවත් අයෙක් “එයා මැරිලා. එයා ආයෙ නැගිටින්නෙ නැහැ” කියා පැවසුවේය. අනතුරුව පොලිස් නිලධාරියෙකු අණ දෙන හඬ මට ඇසුණද මම දෙනෙත් නොහැරියෙමි. මට කළ හැකි එකම දෙය වූයේ ඉඳහිට හුස්මක් ගැනීම පමණි.
ඉසිවරයා | Isiwaraya
Original price was: Rs 480.00.Rs 385.00Current price is: Rs 385.00.Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලි ලද Kahlil Gibran නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පර්වර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂා වලින් ලියැවී ඇත.
මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස කාලය, මරණ ආදි විවිධ මාතෘකා යටතේ දැක්වෙන ඉතා වටිනා දාර්ශනික අදහස් මෙහි දැක්වේ.
බින්දුගේ දරුවා | Binduge Daruwa
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00.වැදූ මව හා හැදූ මව අතර දරුවෙකුගේ ජීවිතය… හදා වඩා ගැනීමෙන් දරුවෙකු අයිති කරගැනීම හෝ අහිමි ජීවිතයක් උරුම කර ගැනීමට ගන්නා වූ වෙහෙස… සාම්ප්‍රදායික පුරුෂාර්ථ මත ගොඩනැඟුණ ගෘහ ජීවිතයක සබඳතා…
අනුවේදනීය ස්වරයකින් හා සියුම් චිත්ත විවරණයකින් යුතුව මේ කෘතියෙහි වර්ණිතය.