Translations - පරිවර්තන
අපූරු මිනිසෙක් | Apuru Minisek
Original price was: Rs 980.00.Rs 780.00Current price is: Rs 780.00. Steve Jobs
by Walter Lsaacson
ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක.
කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.
ලොවේ වැජඹෙන කලාව | Lowe Wajambena Kalawa
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. Think And Grow Rich
by Napolean Hill
සාර්ථකත්වයට පත් නො වූවන් තුළ, පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වේ. එනම්, ඔවුහු අසාර්ථකත්වයට පත් වීමේ සියලු හේතු දනිති. එමෙන් ම ඔවුහු තම ජයග්රහණයන් වැළැක්වීමට බල පෑ නො හැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති.
මෙම නො හැකියාවන් ගෙන් සමහරක් පැහැදිලි ය. එයින් කිහිපයක් සත්‍යය මඟින් සාධාරණය කළ හැකි ය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නො හැකියාවන් පැවසීම පලක් නොවේ. ලෝකයට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, එක් දෙයක් පමණි. ඒ ‘ඔබ සාර්ථකත්වයට පත් වූවා ද?’ යන්න ය.
පියෙන් පියවර නැගෙන් මුදුනට | Piyen Piyawara Nagen Mudunata
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. The Greatness Guide – 2
by Robin Sharma
සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.
නොගන් ගිරිහිස නෙතින් ඉවතට | Nogan Girihisa Nethin Iwathata
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00. The Greatness Guide
by Robin Sharma
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණු කරුවෙකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලාරීන්, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියයට අධික සමාගම් අතර ප්‍රචලිත ග්රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල් වනු ඇත.
රොබින් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීර්තිමත් ආයතන වලට සේවා උපක්‍රම සහ ධනාත්මක ක්‍රමවේදයන් පිළිබඳව උපදෙස් දෙමින් සහයවන්නෙකි. ඔහුගේ කාති භාෂා 70 කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්‍රිය රොක් ගායකයින්, රාජකීයයන්, ව්‍යවසායකයින් අතර ඔහු තාමත් ජනප්‍රියය.
විශ්ව ආකර්ෂණ නීතිය | Wishwa Akarshana Neethiya
Original price was: Rs 1,200.00.Rs 1,020.00Current price is: Rs 1,020.00. Key to Living The Law of Attraction
by Jack Canfield
ඔබේ යටි හිත විශ්වයේම කොටසකි. එයට අපිරිමිත බලය ඇත. මුලින්ම අප එය හඳුනාගත යුතුය. එය විශ්වාස කළ යුතුය. එය විශ්වාස කළ යුතුය. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ, ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් කරගන්නා ප්‍රබල ක්රමවේදයකි. මේ තුළ යම් අදෘෂ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත්, මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි.
#wishva akarshana nithiya vishwa
කාන්තාරයේ දරුවෝ | Kantharaye Daruwo
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Desert Children
by Waris Dirie
“කාන්තාරයේ දරුවෝ” කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.
අප්‍රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මචේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව , චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරුෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද ? යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද ?
ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. “ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත”.
පින්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.
පුරවර අන්දරය | Purawara Andaraya
Original price was: Rs 950.00.Rs 760.00Current price is: Rs 760.00. A Tale of Two Cities
by Charles Dickens
නිදහස, සමානාත්මතාව, සහෝදරත්වය හෝ මරණය, ප්‍රංශ විප්ලවය පිළිබඳ ලියැවුණු සම්භාව්‍ය නවකතාව.
පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි | Piyedra Gangabada Hida Mama Welapunemi
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. By the River Piedra I Sat Down and Wept
by Paulo Coelho
පිලාර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග හා මංමාවත් පසු කරමින් සොඳුරු මිටියාවතකට පිවිසෙන්නීය. ළමා වියේ පටන් නොවෙනස් වූ ආදරයක් ද සමගින් ඈ හා සිටි, සොරියාවේ තණබිම්වලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිළිබඳ සිහින දුටු, කිසි තැනෙක නම සඳහන් නොවූ ඇගේ මිතුරා ඈ කැටිව යයි. විටෙක මඟ හැරී ගිය ද යළි යළිත් ඔවුහු ඔවුනොවුන් සොයාගැනීමේ අසිරිය අත්විඳිති. කොයියෝගේ මේ කෘතිය පිලාර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබඳ කතාන්දරයයි. එය තමන්ගේ සිහින, බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි.
අවසන් කටයුතු දිල්ලියේදී | Awasan Katayuthu Dilliyedi
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. One Arranged Murder
by Chetan Bhagat
මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!
ප්‍රෙර්නා…
දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල…
තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට…
වැටුණද?
පැන්නද?
තල්ලුකළාද?
එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය…
එයාගෙ ඇඳ උඩම…
මැරුණද…?
මැරුවද…?
සිය දිවි නසා ගත්තද?
කේශව් අංජලීටයි…
අංජලී කේශව්ටයි…
ඇත්තටම ආදරේ කළාද?
බොරුවට ආදරේ කළාද?
ආදරේ කළේම නැද්ද?
ටූනා අසිපතේ අබිරහස | Tuna Asipathe Abirahasa
Original price was: Rs 390.00.Rs 310.00Current price is: Rs 310.00. The Lone House Mystery
by Edgar Wallace
එඩ්ගාර් වොලස් අබිරහස් කතා 01
ගංගාවක් අසල පාළු මන්දිරයක විසූ ධනවත් ෆීල්ඩ් මහතා හදිසියේ ඝාතනය ට ලක් වෙයි. මිනීමැරුම සිදුකොට තිබුණේ අප්‍රිකාවේ ගෝත්‍රික අසිපතකිනි.
සුපිරින්ටෙන්ඩෙන්ට් මින්ටර් ඒ එකම හෝඩුවාවෙන් මිනීමරුවා සොයාගන්නේ කෙසේද?
දෙපා පණ නැති මැක්ස් වොස් මහතා ෆීල්ඩ් මහතා ට වෛර කළේ මන්ද?
ෆීල්ඩ් මහතාගේ ලේකම්වරිය මජෝරී වෙන් මෙනෙවිය මිනීමරුවාගේ කාගේ කවුද?
ඇය මිනීමැරුමට අනුබල දුන්නේ ද?
තමාට එල්ල වූ වෙඩි පහර සමඟ මිනීමරුවා කවරෙක්ද යන්න මින්ටර් මහතා අවබෝධ කරගත්තේ කෙසේද?
අසිරිමත් සිතක් | Asirimath Sithak
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Positive Living Day by Day
by Norman Vincent Peale
ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ අධ්‍යාත්මික ජීවිතය පෝෂණයෙහිලා න්‍යාය වෙනුවට ප්‍රායෝගික භාවිතාවන් හෙළිදරව් කළ තෝමස් වින්සන්ට් පීලි විසින් කරන ලද දේශනයන් අද ලොව භාෂාවන් ගණනාවකට පරිවර්තනය වෙමින් පවතී..
රතු හිතුවක්කාරයා | Rathu HIthuwakkaraya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00.බ්ලැක් බියුටි | Black Beauty
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Black Beauty
by Anna Sewell
“නළලේ සුදු පැහැති තරුව, එක පාදයක සුදු පැහැ ළපය, කෝ බලන්න…”
ඔහු කියවමින් මගේ බෙල්ල පරීක්ෂා කර බලා උඩ පැන්නා.
“මේ තියෙන්නේ අනිත් ලකුණ. මං මෙයා ගැන හරියකට හෙවුවේ බැලුවෙ නැති දවසක හීතලේ ගැහිල ලෙඩ වුණා. එදා ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එක ගහපු තැන මේ බලන්න මැඩම්..! මේ තමයි බ්ලැක් බියුටි… බ්ලැක් බියුටි…! ඔයාට මාව මතකද? මං තමයි ජෝ ග්‍රීන්.”
ඔහු සතුටින් කෑ ගැසුවා. ඒ තරම් සතුටු වෙන මිනිසෙක් මින් පෙර මා දැක තිබුණේ නැහැ. ඇත්තටම මා මේ දකින්නේ සිහිනයක්ද?
අමේසන් වික්‍රමය – කුමාර සිරිවර්ධන | Amazon Wikramaya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Amazon Adventure
by Willard Price
ලොව දිගම ගංගාව නයිල් වූවත් ලොව විශාලතම ගංගාව අමේසන්ය. අමේසන් ගංගාවේ විශාලත්වය ඔබට මට සිතාගන්නට පවා අපහසුය. අමේසන් ගංගාවේ සමහර තැන්වල පළල සැතපුම් දහසක් පමණ වේ. අන්දිස් කඳුවැටියෙන් ඇරඹෙන මෙම මහා ගංගාව මහද්වීපයේ නැගෙනහිර දෙසට සැතපුම් හාරදහසක් පමණ දුර ගෙවා පැමිණ දකුණු ඇමරිකාවේ උතුරු දිග වෙරළේදී අත්ලාන්තික් සාගරයට වැටෙන්නේ හරියටම සමකයට යටිනි. මෙම ගංගාවේ ජලය කෙතරම් බලවත්ව මුහුදට වැටෙන්නේද යත් එම ජලය මුහුදු ජලය හා මිශ්‍ර නොවී සැතපුම් දෙසීයක් පමණ මුහුද ඇතුළට ගමන් කරයි. ගොඩබිම ඇතුළට සැතපුම් හාරසියයක් පමණ දුර යනතුරු ගංගාවේ විශාල දියරැලි නැගෙන අතර ගඟ දින්ගේ සැතපුම් තුන්දහසක් පමණ දුර ගොඩබිමේ ඇතුළට විශාල නෞකාවලින් ගමන් කිර්මට පුළුවන. අමේසන් නදිය ආශ්රිත අමේසන් වනාන්තරය ජෛව විවිධත්වයෙන් අනූනය. එම වනාන්තරයේ තවමත් මිනිසුන් පය නොගැසු ස්ථාන තිබේ. මේ එම මිනිසුන් පය නොගැසූ බිහිසුණු අමේසන් වනාන්තරයේ අපූර්ව සංචාරයකට පාඨක ඔබට කෙරෙන ඇරයුමකි.
#amesan wikramaya amezan
යටිසිත | Yatisitha
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00. The Power of Subconscious Mind
by Dr. Joseph Murphy
ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ.
ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගත හැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි.
කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.
පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය.
105
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. The Girl in Room 105
by Chetan Bhagat
දෙන්නගෙ ආදරේ බිඳිලා අවුරුදු ගානක්! ඒත් අවුරුදු ගාණකට පස්සෙ කෙල්ලගෙ උපන්දිනේ උදාවෙන රෑ දොළහෙ කණිසමට අපරාජිත පෙම්වතාට කෙල්ලගෙන් වට්ස් ඇප් මැසේජ් එකක්!
”ඔයා මට විෂ් කරන්නෙ නැද්ද? කැමතිනම් ඇවිල්ලම විෂ් කරන්න පුළුවන්….මගෙ හොස්ටල් කාමරේ ජනේලෙ ඇරල තියෙන්නෙ ! තාම මම 105 හේ ! මට ඔයාව අමතක කරන්න බෑ…”
”ෂ්…සාරා…හැපි බර්ත් ඩේ!” ඒත් ඇයි සාරා නිදාගෙන ?
ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.
තැපැල් මලු අබිරහස | Thapal Malu Abirahasa
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Secret Seven Win Through
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 07
හතේ කල්ලියේ අලුත්ම මූලස්ථානය වූයේ ගල් ගුහාවකි. නමුත් ඔවුන් වහා වටහාගන්නේ රාත්‍රියේ එහි ඇතුළු වන කිසිවකු තමන්ගේ භාණ්ඩ සොරා ගන්නා බවයි.
ඇල්බට් ටැනර් හා පඹයන් අතර වූ සම්බන්ධය කුමක්ද?
තැපැල් මලු ගුහාවේ සැඟවීමට ඔවුනට එහි ඇතුළුවීමට රහස් දොරටුවක් තිබිණිද?
කළු ඇත් දළ | Kalu Ath Dala
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. Black Ivory
by Robert Michael Ballantyne
සාර්ථක වන්නේ මෙහෙමයි | Sarthaka Wanne Mehemayi
Original price was: Rs 1,450.00.Rs 1,160.00Current price is: Rs 1,160.00. Success Basics
by Moh Hon Meng
වසර පතා යවුන් තරුණ තරුණියෝ දහස් ගණනින් රැකියා වෙළඳපළට පැමිණෙති. ඉතාම අපහසුවෙන් ඒ රැකියා ලබා ගන්නා සමහරුන් අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ හිමි තනතුරු ඉක්මනට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් හෝ නොලැබෙන්නේ ඇයි?
“සාර්ථක වන්නේ මෙහෙමයි” නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා දෙනු සඳහා ය. ආරම්භයේ සිට අනුගමනය කළහොත්, සාර්ථකත්වය අත්කර ගත හැකි තලයට ඔවුත් ඔසවා තබන්නට මේ ග්‍රන්ථය සමත් වනු ඇත. පළපුරුදු අයගේ සාර්ථකත්වයට ද මෙය ඉවහල් වනු ඇත.
අරණකට පෙම් බැඳ | Aranakata Pem Banda
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ අධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය.
විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්රයෙනි. එම කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මී සිංහආරච්චිගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස “අරණකට පෙම් බැඳ” හැඳින්විය හැකිය.
සුනඛ චෞර වික්‍රමය | Sunaka Chaura Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Shock for the Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 13
හතේ කල්ලියේ අභ්‍යන්තර අර්බුද නිසා සාමාජිකයන් කල්ලියෙන් ඉවත් වන තැනට කටයුතු යෙදෙයි. සමගියෙන් සාමයෙන් එකමුතුවෙන් කටයුතු කළ පිරිසට හදිසියේ සිදුවී ඇත්තේ මොනවාද?
ඒ අතරතුර ඔවුන් සියලු දෙනාගේ ආදරය දිනු ස්පැනියල් වර්ගයේ බල්ලා කැම්පර් අතුරුදහන් වෙයි
සැවොම කැම්පර් සෙවීමට එකතු වෙති.
වයලීන වික්‍රමය | Vayalina Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Puzzle for the Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 10
දුප්පත් බෝලන් පවුලේ නිවහන ගිනි ගෙන විනාශ වෙයි. හතේ කල්ලිය එම පවුලට උපකාර කිරීමට මූලික වෙති. ඒ අතරතුර නගරයේ වෙළෙඳ සලක කවුළුවක් බිඳ අගනා හා පැරැණි වයලීනයක් සොරා ගැනෙයි.
මහ රෑ කන්ද මුදුනෙන් ඇසුණු ළතෝනිය කුමක්ද?
කුඩා බිලිඳකු සිටි ජෑම් කරත්තය හනේ කල්ලියේ අවධානයට ලක්වූයේ මන්දා?
හිස් නිවහනේ වික්‍රමය | His Niwahane Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Three Cheers, Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 08
සුසී ගේ ගුවන් යානය බාට්ලීට් වත්තට පියාසර කරමින් අතුරුදහන් වූයේය. එය සොයා ගිය පීටර්ට ජනේලයකින් පෙනුණු රතු ගිනි දැල්ල කුමක්ද?
නිවහන හිස්ව, එහි යතුරු බැංකුව භාරයේ තිබියදී ඊට අනවසරයෙන් ඇතුළුවීමට පෙලඹී ඇත්තේ කවුරුන්ද? ඒ කුමකටද?
අයිතිකරුවන් විදේශගතව සිටිනා හෙයින් එහි ඇති බඩුභාණ්ඩ සොරා ගැනීම ඒ අයගේ අරමුණද?
සිඩ්ගේ අවන්හලේ වික්‍රමය | Sidge Awanhale Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. God Work, Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 06
මෝටර් රථ සොරකමේ ඇසින් දුටු සාක්ෂිකරුවෝ පීටර් සහ ජැනට් වූහ. එම සොරුන් කවුරුන්දැයි සෙවිය යුතු වූයේ හතේ කල්ලියයි.
සිඞ් ගේ අවන්හල ඉදිරිපිට පඹයකු ලෙස සිටියේ කවුරුන්ද?
ඉදිරිපස බොත්තමක් අඩු වැහි කබායේ ඇති වැදගත්කම කුමක්ද?
ගිනි කෙළිවලට වැඩියෙන් ළං වීම අවදානම් සහගතය.
කෙරි බ්ලූ වික්‍රමය | Keri Blue Wikramaya
Original price was: Rs 350.00.Rs 280.00Current price is: Rs 280.00. The Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 01
ගම්මානය කෙළවර පාළු නිවහනේ සඟවාසිටිතැයි සැක කෙරුණු සිරකරුවා කවරෙක්ද?
වී සිරකරු සොයා පාළු නිවහන ට ඇතුළු වූ හතේ කල්ලියේ සාමාජිකයන්ට දැකගන්නට ලැබුණේ මොනවාද?
ඔවුන් තැනූ හිම මිනිසුන් සිව්දෙන එකවර සය දෙනකු වූයේ කෙසේද?
අග්රාවේ මහා නිධානය | Agrawe Maha Nidhanaya
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ෂර්ලොක් හෝම්ස් වික්‍රම 04
ෂර්ලොක් හෝම්ස් නමැති අග්‍රගන්‍ය රහස් පරීක්ෂකවරයා කොකේන්වලට ඇබ්බැහි වී සිටින්නේ මන්ද?
කපිතාන් මෝර්ස්ටන්, මේජර් ෂෝල්ටෝ සහ ඔහුගේ පුතු බර්තොලමියු ලන්ඩනයේ දී මියයාම් පසුපස වූ අබිරහස කුමක්ද?
අන්දමන් දූපතේ බන්ධනාගාරයක සිට පැන ආ ලී බොරු කකුලක් පැලැඳි ජොනතන් ස්මෝල් අග්රාවේ මහා නිධානය ලන්ඩනය පුරා සෙවූයේ මන්ද?
වැඩ කිරීමේ සතුට | Weda Kirime Sathuta
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. The Joy of Working
by Denis Wauley & Reni L. Witley
අපේ ජීවිතයේ වැඩි කොටස ගෙවෙනුයේ වැඩවල නිරත වීම සදහා ය.එහෙත් අප වැඩි දෙනෙකුට අපේ රැකියාවෙන් මරණය හා බදු ගෙවිම වැනි අප්‍රිය,කරදරකාරී එමෙන්ම ඒකාකාරි වු ඒවා සේ හැඟේ.රැකියාව වෙහෙස ගෙන දෙයි.මීට හේතු වන්නේ මොනවාද? ඒ හේතු අවබෝධ කර ගැනීම යනු අප අපට ආදරය කිරීමකි.සතුටින් වැඩ කළ හැකි නම් අපේ ජීවිතය සතුට පිරුණු එකක් වේ.මේ පොත ඒ සදහා අපූරු අත්වැලකි.
#weda kireeme sathuta
මිදි ඔය අසබඩ | Midi Oya Asabada
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. On the Banks of Plum Creek
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 04
ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුල තැනිතලාවේ පිහිටි කුඩා නිවස අතහැර යති. යළිත් ආවරණය කළ ගැලේ නැගී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදී ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නට පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව්වලින් සවි කළ දොරක් ඇති අපූරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරිය මේරි ගෙදරදොරේ වැඩපළට උදව් වෙති, ඔයේ මසුන් අල්ලති. පළඟැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති.
මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්රවූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හතරවැන්නයි.
උණු හිම | Unu Hima
Original price was: Rs 990.00.Rs 790.00Current price is: Rs 790.00. Hot Snow
by Yuri Bondarev
යුද විශේෂඥයින්ගෙන් මට ලැබුණු මාහැඟි උපදෙස් ගැන මා මෙහිදී මතක් කරන්නේ කෘතඥතාවෙනි. 1942 දෙසැම්බර් මාසයේදී නිරිත දිග ස්ටාලින්ග්‍රාඩය හා එම පෙදෙසේ සිදුවූ දැඩි සටන් ගැන සවිස්තර හා සැබෑ පුවත් ඉදිරිපත් කරන එකම නවකතාව මෙය පමණක් නොවන බව කිව යුතුය. මේ කාර්යයේදී යුද විශේෂඥයෝ විශාල ආධාර දුන්හ.
මේ සටන්වලට සහභාගි වු මා මෙම නවකතාවෙන් විස්තර කරන්නේ දෙවැනි මුරභට හමුදාව ගැනයි.
මොසාඩ් | Mossad
Original price was: Rs 1,495.00.Rs 1,345.00Current price is: Rs 1,345.00. Mossad
by Michael Bar-Zohar, Nissim Mishal
ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඩ්, රහස්‍යභාවයේ ඝන වෙස්වලාවකින් ආවරණය වී ඇති, අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහොමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත.
ආර්ජන්ටිනාවේදී අයික්මාන් පැහැරගැනීම සහ මියුනික් සංහාරයට වගකිව යුතු පුද්ගලයන් ක්‍රමානුකූලව ලූහුබැඳ යාමේ සිට එතරම් ප්‍රසිද්ධියක් නොලැබූ ආශ්චර්යජනක චරපුරුෂ කි‍්‍රයාකාරකම් පිළිබඳ අනුකථාවන් ඇතුළත් මෙම සුවිශේෂී ග්‍රන්ථය මගින් මොසාඞ් සංවිධානය සහ ඊශ්‍රායල බුද්ධි ප්‍රජාවේ, ප්රබෝධජනක, රහසිගත ඉතිහාසය විස්තරාත්මකව දක්වා තිබේ.
ඊශ්‍රායලය තුළ හා ඉන් බැහැරව සිදු කළ පැරා හමුදාමය කි‍්‍රයාකාරකම්, ගුප්ත මෙහෙයුම් සහ ඉලක්කගත ඝාතන විමර්ශනයට ලක් කරන මයිකල් බාර් – සෝහාර් සහ නිසිම් මිෂල්, මොසාඞ් වංශ කතාවේ විශිෂ්ට වෘත්තාන්තයන් විස්තරාත්මකව දක්වමින්, තම මව්බිම වෙනුවෙන් මෙහෙවර කළ නායකයන් සහ ශ්‍රේෂ්ඨ මොසාඞ් එ්ජන්තවරුන්, සමහරකගේ පෞද්ගලික කතන්දරද අනාවරණය කරයි.
“ඊශ්‍රායලයේ අවිද්‍යමාන බලකායද, එහි පිළිගත් භෞතික ප්‍රබලතාව තරමටම දැවැන්ත වීම පිළිබඳව දැනගත යුතුව තිබූ සහ නොදන්නා කරුණු කාරණා මෙම පොතෙන් හෙළිදරව් කෙරේ.”
– ඊශ්‍රායලයේ හිටපු ජනාධිපති ෂිමොන් පෙරේස
”ඊශ්‍රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තයන්ගේ, ලොමු දැහැගැන්වෙන කි‍්‍රයාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්න දෙදෙනෙකු විසින් අනාවරණය කරයි. මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමත් මොසාඞ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්, කඩාකප්පල් කිරීම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් කි‍්‍රයාදාමයන් සහ පුද්ගලයන් කෙරෙහිය.”
– PUBLISHERS WEEKLY
සිංගප්පුරු කතාව | Singappuru Kathawa
Original price was: Rs 1,410.00.Rs 1,270.00Current price is: Rs 1,270.00. The Singapore Story
by Lee Kuan Yew
ශ්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් නිවහල් දේශයක් කරා යන ගමනක් ආරම්භ කැර ඇති මේ මොහොතේ, මෙරට ගැන ආදරයක් දක්වන සෑම දෙනා ම ලී ක්වාන් යූ ගේ ”සිංගප්පූරු කථාව” නමැති මෙම චරිතාපදානය අනිවාර්යයෙන් කියැවිය යුතු ය. මෙහි පිටපතක් ශ්‍රී ලංකාවේ සෑම පුස්තකාලයක ම තිබිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
– මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
ගෙදර යන අතරමග | Gedara Yana Atharamaga
Original price was: Rs 380.00.Rs 305.00Current price is: Rs 305.00. On the Way Home
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 10
1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් සහ වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමඟ දකුණු ඩකෝටාවේ, ඩි ස්මෙට් නගරයේ ජීවත් වූ නිවස අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දූවිලි ගොඩවල් බවට පත්වී තිබිණි. වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැල පටවා ගෙන, නෑදෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතය පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ.
ලෝරා ඒ ගමන් විස්තර දිනපොතක ලීවාය. මේ, ජීවිතයේ ඉතිරි කාලය පුරා සදාකාලික සතුටු ලබා දෙනු ඇති අලුත් නිවසක් සොයා දින 45ක කාලයක් තිස්සේ සැතපුම් 650ක දුරක් ගෙවා ගිය ඒ ගමනේදී ඈ ලියූ දින සටහන් පෙළයි.
යටිසිත 2 | Yatisitha 2
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. Think Yourself to Health, Wealth & Happyness
by Dr. Joseph Murphy
මානසික සහ අධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක සිට නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කරගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි.
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්:
* කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජයගැනීම
* මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
* ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම
* සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම
තුන් මොල්ලු | Thun Mollu
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. 3 Idiots
by Chetan Bhagat
ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි. උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.
අස්හලේ කොලුවාගේ අබිරහස | Ashale Koluwage Abirahasa
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Secret Seven Mystery
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 09
හතේ කල්ලියට ආරංචි වන්නේ මුදල් සොරකමක් ගැන චෝදනා ලැබ නිවෙසින් පලා ගිය පාසල් ශිෂ්‍යාවක පිළිබඳ ය.
කල්ලිය ඇය සොයා බේලින්ග් ගම්මානය පීරති. සොනින්ග් මහත්මියගේ නිවහනට රාත්‍රීන්හි හොරෙන් ඇතුළුව ආහාර සොරා ගන්නේ කවුරුන්ද?
අස්හලේ සේවක කොලුවා ඇය ගැන දැන සිටින්නේ මොනවාද? පීටර් එකවර උමතු වන්නේ මක් නිසාද?
මෝබි ඩික් | Moby Dick
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. Moby Dick
by Herman Melville
කොලරා කාලේ ආලේ | Kolara Kale Ale
Original price was: Rs 1,750.00.Rs 1,575.00Current price is: Rs 1,575.00. Love in the Time of Cholera
by Gabriel Garcia Marquez
ආලය අසීමිත විය හැකිද?
බොහෝ විට නැත.
එය වසංගතවලට ගොදුරු විය හැක.
යුද්ධවලට බිළි විය හැක.
එසේ නැත්නම් ආලය තුළ ම වන
බොරු වළවල්වල වැටී වල්මත් විය හැක.
එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත්
ආලය කවදත් ආලය ම වන බව තේරුම් ගන්නට
අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ
දින? එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය.
යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය.
හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ
රැළි වැටුණු මුහුණක් පසුපස ඇති
අතීතයක් තුළින් හාරා අවුස්සා බලන්නට
පෙළඹෙන පිරිමියා කවුරුන්ද?
ඒ ඔහු ය.
මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.
බල්ලෙකුගේ හදවත | Ballekuge Hadawatha
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00. Heart of a Dog
by Mikhail Bulgakov
පශ්චාත් විප්ලවීය රුසියානු ලේඛකයන් අතරින් වඩාත් නිර්මාණාත්මක ලේඛකයෙකු වන මිහායිල්ගේ බල්ලෙකුගේ හදවත (1925) රුසියානු විප්ලවය පිළිබඳ ලියැවුණු ඉතා තියුණු ප්‍රහසනාත්මක නිර්මාණයක් වශයෙන් සැලකේ. මොස්කව් නුවර කුණු බාල්දි අහුලන් කෑ නන්නත්තාර බල්ලෙකුට මිනිස් මොළයක් බද්ධ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඌ මානවීකරණය වීමේ ක්‍රියාදාමය තුළ, බුද්ධ කිරීමේ අත්හදා බැලීම කළ විද්‍යාඥයා මුහුණ දෙන අර්බුදය ඔහු හීනෙන් වත් බලාපොරොත්තු නො වූවකි.