Thriller - ත්‍රාසජනක
අමේසන් වික්‍රමය – කුමාර සිරිවර්ධන | Amazon Wikramaya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Amazon Adventure
by Willard Price
ලොව දිගම ගංගාව නයිල් වූවත් ලොව විශාලතම ගංගාව අමේසන්ය. අමේසන් ගංගාවේ විශාලත්වය ඔබට මට සිතාගන්නට පවා අපහසුය. අමේසන් ගංගාවේ සමහර තැන්වල පළල සැතපුම් දහසක් පමණ වේ. අන්දිස් කඳුවැටියෙන් ඇරඹෙන මෙම මහා ගංගාව මහද්වීපයේ නැගෙනහිර දෙසට සැතපුම් හාරදහසක් පමණ දුර ගෙවා පැමිණ දකුණු ඇමරිකාවේ උතුරු දිග වෙරළේදී අත්ලාන්තික් සාගරයට වැටෙන්නේ හරියටම සමකයට යටිනි. මෙම ගංගාවේ ජලය කෙතරම් බලවත්ව මුහුදට වැටෙන්නේද යත් එම ජලය මුහුදු ජලය හා මිශ්‍ර නොවී සැතපුම් දෙසීයක් පමණ මුහුද ඇතුළට ගමන් කරයි. ගොඩබිම ඇතුළට සැතපුම් හාරසියයක් පමණ දුර යනතුරු ගංගාවේ විශාල දියරැලි නැගෙන අතර ගඟ දින්ගේ සැතපුම් තුන්දහසක් පමණ දුර ගොඩබිමේ ඇතුළට විශාල නෞකාවලින් ගමන් කිර්මට පුළුවන. අමේසන් නදිය ආශ්‍රිත අමේසන් වනාන්තරය ජෛව විවිධත්වයෙන් අනූනය. එම වනාන්තරයේ තවමත් මිනිසුන් පය නොගැසු ස්ථාන තිබේ. මේ එම මිනිසුන් පය නොගැසූ බිහිසුණු අමේසන් වනාන්තරයේ අපූර්ව සංචාරයකට පාඨක ඔබට කෙරෙන ඇරයුමකි.
#amesan wikramaya amezan
අයේෂා ආපසු එයි | Ayesha Apasu Ei
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. The Return of She: Ayesha
by H. Rider Haggard
රයිඩර් හැගාඩ් ගේ ”ඈ හෙවත් අයේෂා” නමැති ලෝ පතළ නව කථාවේ අනුබන්ධය වන මේ “අයේක්ෂා ආපසු එයි” නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරි ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශ්‍රේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. “ජීවන ගින්නේ දී” ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කූළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්‍රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි, විෂය රසයන්ට ගිජු වීමෙන් අකාලයේ මිය යයි. එ තැන් පටන් අයේෂා, ලියෝ වින්සි හා එකතු වී සැපවත් ජීවිතයක් ගත කිරීමේ අපේක්‍ෂාවෙන්, යළිත් වරක් සිය සංසාර ගමන අරඹයි. සැබවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්ථය හෙළි කිරීම ය. “අයේෂා ආපසු එයි” නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි. සම්පූර්ණ යි. අසංක්‍ෂිප්ත යි.
බැස්කර්විල් දඩ බල්ලා | Baskerville Dada Balla
Original price was: Rs 450.00.Rs 405.00Current price is: Rs 405.00. The Hound of the Baskervilles
by Sir Arthur Conan Doyle
සර් ආතර් ඩොයිල්ගේ රහස් පරීක්ෂක නව කතා අතුරෙන් මෙය ඉතාම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කතාවය. රාත්‍රි කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරිසරන භීෂනාත්මක දඩ බල්ලෙකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කතාව පසුබිම් වී ඇත්තේ බැස්කර්විල් පරම්පරාවේ භයංකර වෘතාන්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනීමැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.
ටාර්සන් ගේ පුත්‍රයා | Tarzan Ge Puthraya
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. The Son of Tarzan
by Edgar Rise Burroughs
ත්‍රාස ජනක වීර ක්‍රියාවන්ට ඇති ඉමහත් ආශාවත් මහ වනයේ නිදහසට ඇති ළැදි කමත් නිසා, ටාර්සන්ගේ පුත්‍ර කොරැක් හෙවත් “මරුවා” ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහා වනයට පලා යයි. එහි දී ප්‍රබලතම වානරයා වන අකුටි ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක්, සිය පියා සේම වනයේ අධිපතියා වෙයි.
මෙහි දී අරාබි ගමක වසන සුන්දර සුදු තරුණියක හා පෙම් බඳින කොරැක්. ඇය රැගෙන සිය වන ගත නිවෙසට යයි.
විජයග්‍රාහී කෝනාන් | Vijayagrahi Konan
Original price was: Rs 650.00.Rs 585.00Current price is: Rs 585.00. Conan the Conqueror
by Robert E. Howard
මේ වූ කලී, මිනිස් ඉතිහාසයේ ඈත අඳුරු අතීතයට අයත් සදා අමතක නොවන අතිශය අද්භූත ජනක බිහිසුණු කථාන්තරයකි.ගල ලෝහිතය රාජ්‍ය කළ, ශක්තියත් බලයත් යුක්තිය වූ, අනුරාගයත් දූෂණයත් පිරිවර කොට ගත්, යන්ත්‍ර හා මන්ත්‍ර රාජ්‍ය තන්ත්‍ර වූ,ම්ලේච්ඡ කාල පරිච්ඡේදය මතකයට නංවන්නකි. ප්‍රචණ්ඩත්වයෙන් ලොමුදැහැගන්වන සුලු, භීෂණත්වයෙන් ලෙය හිරි ගන්වන සුලු,ක්‍රෑරත්වයෙන් හෘද ස්පන්දනය නතර කරවන සුලු, මේ භයංකර කථාන්තරය සිංහල සාහිත්‍යයට නවාංගයක් එකතු කරනු ඇත.
#wijayagrahi conan
ටාර්සන් සහ ඔපාරයේ මැණික් | Tarzan Saha Oparaye Menik
Original price was: Rs 380.00.Rs 340.00Current price is: Rs 340.00. Tarzan and the Jewels of Opar
by Edgar Rise Burroughs
ආදි කල්පිත මහා වනාන්තරයේ වැළලී පැවති ඉපැරණි නගරයක් වන ඔපාරයේ දී, වානරයන් ගේ ටාර්සන්ට මහා ධන නිධානයක් හමු වෙයි. මෙය ගැනීමට යන මොහොතේ දී ම සිදු වන භයංකර භූමි කම්පාවක් හේතු කොට ගෙන ටාර්සන්ගේ හිස බලවත් සේ තුවාළ වෙයි. මේ තද බල පහරෙන් ටාර්සන්ට සිය අතීතය අමතක වෙයි. මේ අතරතුර දී ඛෙල්ජියානුවකු විසින් හා අරාබි වහල් වෙළෙන්දෙකු විසින් ටාර්සන් ගේ බිරිඳ වන ජේන් පැහැර ගෙන යනු ලබයි. ඔවුහු අනතුරු ව ටාර්සන් ගේ වන ගත නිවාසයට ගිනි තබා විනාශ කර දමති.
එහෙත් කල් යෑමේ දී ප්‍රකෘති සිහියට පත් වන ටාර්සන් සිය මිතුරන් වන මහා වානරයන් කැටුව ගොස් සිය සතුරන්ගෙන් දරුණු අන්දමින් පළි ගෙන සිය බිරිඳ ද බේරා ගනියි.
ටාර්සන් ගේ වන සිවුපාවෝ | Tarzan Ge Wana Siwpawo
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. The Beasts of Tarzan
by Edgar Rise Burroughs
තමා ප්‍රිය කරන වනගත නිවෙසින් ඈත් ව ශිෂ්ටාචාරයේ අවුල් වියවුල්වලට මැදි වී සිටින ප්‍රබල ප්‍රචන්ඩ ටාර්සන්ට, මහා බිහිසුණු භයංකර ප්‍රවෘත්තියක් සැල වෙයි. එ නම් සුදු මිනිසුන් ගෙන් සැදි කොල්ලකාර සොර කණ්ඩායමක් විසින් තමා ගේ සුරතල් පුත්‍රයා ද ප්‍රිය බිරිඳ ද පැහැරගෙන යනු ලැබ ඇති බව ය.
කෝපාවිෂ්ට ටාර්සන් ඔවුන් ගළවා ගැනීමට වහා ක්‍රියාත්මක වෙයි. මෙහි දී භයංකර වන සිවුපාවුන් ගේ ආධාර ලබන ටාර්සන් වනය කම්පා කරමින් ප්‍රකමිම්පා
කරමින්……….
ඉතාම බිහිසුණු ත්‍රාස ජනක සිද්ධි මාලාවකට මුහුණ දෙයි.
ටාර්සන් ආපසු එයි | Tarzan Apasu Ei
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. The Return of Tarzan
by Edgar Rise Burroughs
මහා නගරවල ජීවිතයෙන් ඉක්මනින් කලකිරෙන ටාර්සන්, අපූර්වාකාරයකින් යළිත් අප්‍රිකානු මහා ඝන වනාන්තරයට ම ඇදී යයි. එහි දී දරුණු මිලේච්ඡයන් සමඟ ද ඇත් දළ වෙළෙඳාමේ යෙදෙන ක්‍රෑර වෙළෙඳුන් සමඟ ද ගැටෙන ටාර්සන්, සුපුරුදු බිහිසුණු වන ජීවිතයේ දී ත්‍රාස ජනක වූ ද, ප්‍රචණ්ඩ වූ ද අත් දැකීම්වලට මුහුණ දෙයි. එහි දී අප්‍රිකානු ඝන වන මධ්‍යයේ වැළලී ගිය ඉපැරණි රාජධානියකට අනපේක්ෂිත ව පා තබන ටාර්සන්, මහා නිධානයක් සොයා ගනී. එ පමණක් නොව, තමා පෙම් කළ පෙම්වතිය ද එහි දී හමු වෙයි.
වානරයන්ගේ ටාර්සන් | Wanarayange Tarzan
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Tarzan of the Apes
by Edgar Rise Burroughs
ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය නව කථාවලින් එකක් වන ‘වානරයන් ගේ ටාර්සන්’ ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී, කෝටි ගණනින් අලෙවි වන්නකි. නව යෞවනයන් ගේ අත්‍යන්ත ආදරයට භාජනය වී ඇති මේ නව කථාව, මෙ වැනි ම ත්‍රාස ජනක වන කථා පෙළකට මුල් වී ඇත. සිනමා චිත්‍රපට ගණනාවකට වස්තු බීජය සපයා ඇති ‘වානරයන්ගේ ටාර්සන්’ ලොමු දැහැගන්නා සීද්ධීන් ගෙන් ගහන, අතිශය චමත්කාර ජනක නව කථාවකි.
‘වානරයන්ගේ ටාර්සන්’ අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිලිඳකු, කාලා නමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බිය කරු මහ වනයේ අධිපතියා බවට ගත් වීමේ අපූර්ව වන කථාන්තරය යි.
රොබින්සන් ක්රූසෝ – දයාවංශ ජයකොඩි | Robinson Crusoe
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. Robinson Crusoe
by Daniel Defoe
ඉංග්‍රීසි සාහිත්‍යයේ පළමු වන නව කථාව වශයෙන් බොහෝ සාහිත්‍ය විචාරකයන් විසින් පිළිගනු ලබන “රොබින්සන් ක්රූසෝ” එහි ඇත්තා වූ දැවැන්ත වූ ද සංකීර්ණ වූ දආර්ථික න්‍යායන් කරණ කොට ගෙන කාල් මාක්ස් ගේ නොමඳ පැසසුමට භාජනය විය.මිනිසා ගේ සිතුම් පැතුම් විවරණය කරන්නා වූ ද දහසක් බාධක හිරිහැර මධ්‍යයේ ස්වකීය අරමුණ කරා ගමන් කිරීමට මිනිසා ධෛර්යවත් කරන්නා වූ ද ‛රොබින්සන් ක්රූසෝ”සෑම මිනිසකු විසින් ම අවශ්‍යයෙන් ම කියවිය යුත්තකැ යි මහත්මා ගාන්ධි තුමා කීවේය.
සෆාරි වික්‍රමය | Safari Wikramaya
Original price was: Rs 890.00.Rs 710.00Current price is: Rs 710.00. Safari Adventure
by Willard Price
අප්‍රිකානු සිංහයාගේ ප්‍රියතම ආහාරය කුමක් විය හැකිද?
ඒ කුහුඹු -වලසා හෙවත් බිම් ඌරා යැයි ඔබ දැන සිටියේද? එහෙත් කුහුඹු වලසෙකු දඩයම් කර ගැනීම වනාන්තරයේ රජා වූ සිංහයාටද පහසු නැත.ඒ මිනිත්තුවක් දෙකක් ඇතුළත සිටි තැනින් අතුරුදහන් වන්නට උගේ ඇති දක්ෂතාව නිසාය. කුහුඹු -වලසා සිටි තැනින් එකවර අතුරුදහන් වන්නේ කෙසේද?
ලොව වේගවත්ම සත්ත්වයා චීටා ඉතාමත් මිත්‍රශීලි සතකු බවත් ඌ මස් අනුභව කරනවාට වඩා කරන්නේ ගොදුරේ ලේ උරා බීම බවත් ඔබ දැන සිටියේද? බයො බැබ් ගස් පිළිබඳ ඔබ දැන සිටියේ මොනවාද? අඩි පනහක පමණ උසට අඩි හැටක පමණ වට ප්‍රමාණයකින් යුතුව වැවෙන බයො බැබ්ගස්වල කඳ අභ්‍යන්තරය විශාල කුහරයක් බවත් ඒ ඇතුළත මිනිසුන් විසි පස් දෙනෙකුට පමණ ලැගුම් ගත හැකි බවත් ඔබ දැන සිටියේද?
බියුරෝ | Bureau
Original price was: Rs 1,900.00.Rs 1,710.00Current price is: Rs 1,710.00.ලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.
“මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..! “එය අපේ තීරණයයි.”
#biyuro beyuro beuro
යකාගේ කල්ලිය | Yakage Kalliya
Original price was: Rs 525.00.Rs 420.00Current price is: Rs 420.00. One Bright Summer Morning
by James Hadley Chase
පාතාල ලෝකයේ අපරාධ නායකයෙකුව වැජඹුණු සමයේ බිග් ජිම් ක්‍රාමර් උපයාගත් මහා ධනස්කන්ධය අනපේක්ෂිත අයුරින් ඔහුට අහිමි වූ පසු නැවතත් ඒ හා සමාන ධනස්කන්ධයක් ලබා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් එක්සත් ජනපද රාජධානියේ සිටි ධනකුවේරයකුගේ එකම දියණිය පැහැරගෙන ගොස් ඇය වෙනුවෙන් විශාල කප්පම් මුදලක් ලබා ගැනීමට ක්‍රාමර් සැලසුම් කළේය.
මෙම අපරාධය සඳහා ඔහු තෝරා ගත්තේ බිහිසුණු මැරවරයින් කීපදෙනෙකි. ඒ ඉතාලි ජාතික මිනීමරුවෙකු සහ ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ නිඹුල් සහෝදර යුවලකි. බිග් ජිම් ක්‍රාමර් ඔවුන් හැඳින්වූයේ යකාගෙ කල්ලිය යන අන්වර්ථ නාමයෙනි.
අමේසන් වික්‍රමය – වසන්තා පිගේරා | Amazon Wikramaya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Amazon Adventure
by Willard Price
#amesan wikramaya amezan
ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා| Tarzan Saha Swarnamaya Singhaya
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Tarzan and the Golden Lion
by Edgar Rise Burroughs
පැල් -උල්- දොන් නමැති අබිරහස් දේශයේ සිට සිය බිරිඳ වන ජේන් ද සොයා ගෙන ආපසු එන ප්‍රබල ටාර්සන්ට මහ වනයේ දී අනාථ වූ සිංහ පැටවෙක් හමු වෙයි. ටාර්සන් මේ සිංහ පැටවා හීලෑ කර හදා වඩා ගනියි. අත්ලන්තිසයන් ගේ නිධාන සොර කම් කර ගැනීමට කුමන්ත්‍රණය කරන සොර මුළකට ටාර්සන් මරා දැමීමට වුව මනා වෙයි. ඔවුහු රූපයෙන් ටාර්සන්ට අතිශයින් සමාන ව්‍යාජ ටාර්සන් කෙනකු තනති. ඔහු සැබෑ ටාර්සන්ට කෙ තරම් සමාන ද යත්, ටාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් පවා ඔහුට රැවටෙයි.
බිහිසුණු ටාර්සන් | Bihisunu Tarzan
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Tarzan the Terrible
by Edgar Rise Burroughs
මිය ගිය ජර්මානු නිලධාරියකු ගේ දින පොතක වූ සටහනක් අනු ව. ටාර්සන් යළිත් වරක් තම බිරිඳ සොයමින් මහ වනයට වදියි. මෙ සේ යන ඔහු මහා ගොහොරු බිම් ද වන ගහනයන් ද පසු කර, කාලයා විසින් අමතක කරනු ලැබූ අබිරහස් දේශයකට පැමිණෙයි. ප්‍රාග් – ඓතිහාසික වන මෘගයන් ගෙන් ද වලිග සහිත දරුණු මිනිසුන් ගෙන් ද පිරි ඇති මේ දේශයේ දී ටාර්සන් ඉන් පෙර කී කලෙක වත් මුහුණ නොදුන් අන්දමේ මහා විපත්තීන්ට මුහුණ දෙයි. කෙසේ හෝ සියල්ල ජය ගන්නා ඔහු, සිය බිරිඳ ව ජේන් සොයා ගෙන ආපසු සිය රටට පැමිණෙයි.
නොදැමුණු ටාර්සන් | Nodemunu Tarzan
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. Tarzan the Untamed
by Edgar Rise Burroughs
මහ වනයේ වාහර ගෝත්‍රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ්‍යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු, මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි . කෝප වූ විට, දයා විරහිත වන. ප්‍රබල, ශඨ කපට වන මෘගයෙකි.
තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක්‍රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරුවා ලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු, ප්‍රචණ්ඩ සිංහයන් ද භයංකර වානරයන් ද පිරිවරා ගත් කල, විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවනීය බල වේගයක් වෙයි. වානර – මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අතිභයංකර; අතිභීෂණාත්මක ය.
ඈ හෙවත් අයේෂා 2 | Ae Hewath Ayesha 2
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00. She 2nd Volume
by H. Rider Haggard
එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා” පුනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එක ම නව කථාව වෙයි.අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය.ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නව කථාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.
ඈ හෙවත් අයේෂා 1 | Ae Hewath Ayesha 1
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00. She 1st Volume
by H. Rider Haggard
එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා පුනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එක ම නව කථාව වෙයි.අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත්වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙනමේ නව කථාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.
දෙවැනි ගැහැනිය | Deweni Geheniya
Original price was: Rs 1,500.00.Rs 1,350.00Current price is: Rs 1,350.00.- 2022 ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත
“මම යනවා.” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…
#Dewani Gahaniya #Devani #Dewani #Deveni
12.12.12
Original price was: Rs 1,400.00.Rs 1,260.00Current price is: Rs 1,260.00.ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ අලෙවි වාර්තා තැබූ කෘතිය..
ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.
නාග වශිය | Naga Washiya
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00. The Things Man Do
by James Hadley Chase
# naaga vashiya
දිවි දුන් රූමතිය | Divi Dun Rumathiya
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00. A Coffin from Hong Kong
by James Hadley Chase
හොංකොං සිට තම ඇමෙරිකානු ජාතික ස්වාමිපුරුෂයාගේ මෘතදේහය රැගෙන පැමිණි චීන තරුණිය,පෞද්ගලික රහස් පරීක්ෂක නෙල්සන් රයාන්ගේ කාර්යාල මැදිරිය තුළදී අදිසි මිනීමරුවකුගේ වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූවාය.
ධන කුවේරයෙකු වූ ඇගේ මාමණ්ඩියට අවශ්‍ය වූයේ හදිසි රිය අනතුරකින් මිය ගිය තම පුත්‍රයා ගැනත්, ඔහුගේ මිනී පෙට්ටිය හොංකොං සිට ඇමෙරිකාවට ගෙන පැමිණි තම ලේලියගේ අබිරහස් මරණය ගැනත් විමර්ශනය කිරීමටය.
ඒ සඳහා ඔහු පැසඩෙනා නගරයේ සිටි අති දක්ෂ පෞද්ගලික රහස් පරීක්ෂයෙකු වූ නෙල්සන් රයාන් යෙදවීය. මෙම අබිරහස පිටුපස විමර්ශනය කරමින් හොංකොං බලා පිටත් වූ රයාන්ට මුහුණ දීමට සිදුවුයේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ අති බිහිසුණු මිනීමරු සංවිධානයක් සමග ජීවිතයත් මරණයත් අතර සටන් වැදීමටය.
#diwi dun roomathiya
ඇලන් ක්වාටර්මේන් | Allan Quartermain
Original price was: Rs 1,300.00.Rs 1,170.00Current price is: Rs 1,170.00. Allan Quartermain
by H. Rider Haggard
ඇලන් ක්වාටර්මේන්, සර් හෙන්රි, ගුඩ් සහ අස්ලෝපොගාස් සමඟ එක් ව, සුදු මින්සුන් වෙසෙන සු-වෙන්ඩි දේශය සොයා යන චාරිකාවක් ගැන කියවෙන, වික්‍රමාන්විත සිද්ධීන්ගෙන් හා ත්‍රාසජනක සිදුවීම්වලින් ගහණ නවකතාවකි.
නිවුන් රැජිනියන් විසින් පාලනය කරනු ලබන සු-වෙන්ඩි දේශයේ දී, සූර්ය දෙවොලේ පූජකවරු, ඔවුන්ට එරෙහි ව නැඟී සිටිති. රැජිනියන් දෙ දෙනා ම සර් හෙන්රිට ආදරය කරන්නට වීම නිසා ඇති වන්නේ, සු-වෙන්ඩි දේශය රුධිරයෙන් නැහැවී යන මහා සංග්‍රාමයකි.
සම්පූර්ණ යි! අසංක්‍ෂිප්ත යි!
#alan qwartman
ටාර්සන් සහ කුහුඹු මිනිස්සු | Tarzan Saha Kuhumbu Minissu
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. Tarzan and the Ant Men
by Edgar Rise Burroughs
සිය අහස් යානය ක්‍රියා විරහිත වීමෙන්, වානරයන්ගේ ටාර්සන් මහා කටු වනාන්තරය පිටු පසට ඇද වැටෙන තුරු, කිසි ම කෙනෙකු එම වනාන්තරය මැදින් ගමන් කර තිබුණේ නැත. එම වනාන්තරයට ඔබින් ඉතා සුන්දර රටක් වී ය. එහි ජීවත් වූයේ පැරණි ශිලා යුගයට අයත් අලාලි ගෝත්‍රික යෝධ ස්ත‍්‍රීන් ය. ඔවුහු සිය පිරිමින්ට සැලකුවේ වහලුන්ට සලකන්නාක් මෙනි. මේ අලාලි රටට ඔබ්බෙන් කුහුඹු මිනිසුන් ගේ රට පිහිටියේ ය. මේ කුඩා මිනිසුන් ගේ උස අගල් දහ අටක් වී ය! මේ කුඩා මිනිසුන් විසින් අල්ලා ගනු ලැබූ ටාර්සන්, ඔවුන් ගේ විද්‍යාත්මක ඤාණයෙන් ටාර්සන් ගේ ශරීර ප්‍රමාණය ද අඟල් දහ අටකට අඩු කරනු ලැබ, ගල් වළවල වහලකු වශයෙන් සේවයට ගනු ලැබී ය!