Science Fiction - විද්‍යා ප්‍රබන්ධ
රාවණා මෙහෙයුම | Rawana Meheyuma
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00.පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලද වෛද්‍ය සුසිත රුවන්, උසස් අධ්‍යාපනය ලද්දේ කොළඹ රාජකීය විදුහලෙනි.අනතුරුව කොළඹ වෛද්‍ය පිඨයට ඇතුළත්ව 2010 වර්සයේදි බටහිර වෛද්‍යවරයෙකු ලෙස සමත් විය.ජයවර්ධනපුර රෝහලේ සීමා වාසික වෛද්‍යවරයෙකු වශයෙන් වෘත්තිය ජීවිතය ඇරඹු වෛද්‍ය තුසිත රුවන් ලියු පළමුවන නවකතා නිර්මාණය වෙනත් දිශානතියක විහිදී ඔහුගේ නිර්මාණ කුසලතාව පෙන්නුම් කරයි.
මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණාත්මක සාධනය කිරීමකි. සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොඅනුමානය.
හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස, ඉතිහාසයේ වැලලී ගිය සටහන් හාරා අවුස්සමින් කළ ගවේෂන වල ප්‍රතිඵලයක් ලෙස මෙම පොත බිහි විය.
#ravana
රාවණා මෙහෙයුම 2 | Rawana Meheyuma 2
Original price was: Rs 1,050.00.Rs 945.00Current price is: Rs 945.00.බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.
සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.
#ravana
රාවණා මෙහෙයුම 3 | Rawana Meheyuma 3
Original price was: Rs 1,950.00.Rs 1,755.00Current price is: Rs 1,755.00.මෙම පොත, හෙළ දිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස, ඉතිහාසයේ වැළලී ගිය සටන් හාරා අවුස්සමින් කළ ගවේෂණවල ප්රථිඵලයකි.
මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණාත්මක සාධනය කිරීමකි.
සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොඅනුමානය.
#ravana
චැරෝන් | Charon
Original price was: Rs 1,480.00.Rs 1,260.00Current price is: Rs 1,260.00.මේ මොහොත වන විට ඈත අන්තර් තාරකා අඩවිය යයි හදුන්වන තාරකාවන්ගේ තිඹිරි ගෙදර වන විශාල කැටි වලාකුළු වලින් පිරිණු දූවිලි නිහාරිකා (Nebulae) වලාකුළු අතරේ යම් ආලෝකයක් පැතිර යන බව ගැලැක්සි 99 කණ්ඩායම නිරීක්ෂණය කරමින් සිටියෝය. එය වර්ණවත් ආලෝකයකි.
පෘතුවි හිරුගේ සූර්යය ලප (Sun Spots) බොහෝ සෙයින් පිහිටා ඇති දිශාවේ කේන්ද්‍ර වෙමින් සූර්යය ගිනිසිළු (Sun Flares) සූර්යයා සිට කිලෝ මීටර 450000 කට වැඩි දුරකට විහිදී යන අතර ඒ මග ඇති නිහාරිකා නම් යෝධ දූවිලි වලාකුළු ඇති පෙදෙසෙහි එම වලාකුළු ඉහලින් මතු වී ඇති මෙම වර්ණ ආලෝකය අපගේ පෘතුවි කක්ෂ ගෝලයේ මතුවෙන ඌෂාලෝක (aurora) නම් ආලෝක සංසිද්ධියට සමාන වූ ආලෝකයක් විය. එය නිරීක්ෂණය කරන්නට හිරුට ආසන්න බුධගේ කක්ෂයකට ගිය එම ෂටල යානය හිටි හැටියේ අතුරුදන් විය. එයට සිදුවූ අනතුර ගැන සොයන්නට වෙහෙසුණු ගගනගාමියෙකුට හමුවුණු අපූරු තොරතුරු ගොන්නක් හා ලින්ඩා නම් දිව්‍ය චක්ෂුතාවයක් ඇති Clairvoyance විශේෂිත කාන්තාවක් ඇසුරු කරගෙන මෙම කතාව පෙළගස්වා ඇත