විජේවීරගේ නික්මයාම | Wijeweerage Nikmayama

Original price was: Rs 750.00.Current price is: Rs 560.00.

මරණ වරෙන්තුව නොහොත් විජේවීරගේ නික්මයාම

ලෝකයට ශ්‍රේෂ්ඨයන් හා දුෂ්ටයන් බිහිකරන්නේ  තත්කාලීන පසුබිමේ  බලපෑම තුළින් වන්නාසේම රෝහණ විජේවීර නම් විප්ලවවාදියා නොහොත් කැරලිකරුවා ද බිහි වූයේ එම යුගයේ සමාජ පරිසරය තුළිනි.

71 කැරැල්ල යනු තරුණ පිරිස් සංවිධානගතව පැවති පාලන ක්‍රමයට එරෙහිව මතු වූ ප්‍රථම විරෝධතාවයයි.

පවතින අයහපත් ක්‍රමය වෙනස් කිරීමට හා පොදු ජනතාවට වඩාත් හොඳින් ජීවත් වීමේ ක්‍රමයක් සාදා දීම සඳහා ලොව විවිධ රටවල නිර්මාපකයින්, විප්ලවවාදී සටන්කරුවන් බිහි වී ඇති අන්දම ඉතිහාසය හැදෑරීමේදී අප වටහා ගෙන ඇත. රෝහණ විජේවීර ද ලෙස මේ රටේ සමාජය තුළ පහළ වූ තැනැත්තකු ලෙස සැලකීම වැරදි නැත.

 

#marana warenthuwa nohoth vijeweerage nikamayama

ඇඩොල්ෆ් හිට්ලර් | Adolf Hitler

Original price was: Rs 490.00.Current price is: Rs 390.00.

අවසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශ්වයේ යුද ජයග්‍රහණයත් උත්සවාකාරයෙන් වාර්තා කළේය. ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපා විය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු වූ අයද වූහ. සිය දිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්‍රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය දක්වාම ඔහුගේ සේවය අත් නොහැර ගිය කාර්යාලයීය ලේකම්වරියක් සඳහන් කරයි. කෙසේ වුව ඒ තත්ත්වය ගොඩනැගෙන්නේ සිය සේනාධිනායකයන්ගේ පසුගාමී හැසිරීම් සහ පාවාදීම් හමුවේය යන්න හිට්ලර්ගේම පිළිගැනීම විය. ඉරණම විසින් තමාගේ ගමන තීන්දු කොට ඇතැයි ජර්මානු ආඥාදායකයා සිය කාර්යාලයීය ලේකම්වරිය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

නෙල්සන් මැන්ඩෙලා | Nelson Mandela

Original price was: Rs 600.00.Current price is: Rs 450.00.

නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලන ඉතිහාසයට එක්වන්නේ වර්ණභේදවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදී ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනගා ය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්වීතිය මානවවාදියෙකු ලෙසය. වාර්ගික, ජාතික හා සංස්කෘතික බහුවිධත්වයකින් යුත් දකුණු අප්‍රිකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් තුෂානි බුළුමුල්ල නෙල්සන් මැන්ඩෙලා චර්තාපදානය කෘතිය මඟින් ඉදිරිපත් කර තිබේ.

වී. අයි. ලෙනින් | V. I. Lenin

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

V. I. Lenin The Story of His Life
by Maria Prilezhayeva

හිට්ලර්ගේ සිරකරුවෙක් | Hitlerge Sirakaruwek

Original price was: Rs 990.00.Current price is: Rs 790.00.

I Was Hitler’s Prisoner
by Stefan Lorant

බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින් | Bihisunu Sar Joseph Stalin

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,040.00.

දිළිඳු බේබදු සපතේරුවකුගේ පුතෙකු වූ ස්තාලින් ජර්මනියේ සිට සහලින් දක්වා විහිදී පැතිරුණු හිරු නොබසින කොමියුනිස්ට් අධිරාජ්‍යයක් ගොඩනැගුවේය. හිට්ලර්ගේ පාර්ලිමේන්තුව මුදුනේ දෑකැති මිටි රතු කොඩිය එසවූයේය. ලී නඟුලින් සී සෑ රුසියාව පරමාණු බලවතකු බවට පත් කළේය. ලෝකය ගමන් කරමින් සිටි මග වෙනස් කළේය. දිරා ගිය කැප් තොප්පියක්, තමා විසින්ම අලුත්වැඩියා කරගෙන තිබූ ගෙවී ගිය සපත්තු කුට්ටමක්, පරණ වූ අර්ධ හමුදා නිල ඇඳුමක් හා ලෝක මහා බලවතකු මව්බිමට දායාද කොට යන්නට ගියේය.

ස්තාලින් හරහා මේ කියන්නේ ඔක්තෝබර් විප්ලවයේ ඉතිහාසයයි. රුසියාවේ සමාජවාදය ගොඩනැගීමේ විසිතුරු කතාවයි. සෝව්යට් දේශයේ ඉතිහාසයයි. 20 වන සියවසේ පළමු අර්ධයේ ලෝක ඉතිහාසයයි.

නොඇසූ දේ බොහෝ ඇති මේ කතාව කියවීම නවමු අත්දැකීමක් වනු ඇත.

ලී ක්වාන් යූ | Lee Kuan Yew

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

කලක් මඩ වගුරක්ව පැවැති භූමියක් ලෝකයේ සංවර්ධිත නගර රාජ්‍යයත් බවට පත් කිරීමේ උරුමය සිය ජනතාවට අත්පත් කර දුන් දුර්ලභ ගණයේ නායකයකු වශයෙන් ලී ක්වාන් යූ ඉතිහාසය ගත වී තිබේ. ඔහුගේ තීක්ෂණ නායකත්වයේ ප්‍රකට ලක්ෂණ පිළිබඳව හැදෑරීම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයින්ට ද මාර්ගෝපදේශ ලැබිය හැකි ව්‍යායාමයක් වෙයි.

අරමුණක් කරා නොසෙල්වී හඹා යාමේ මනෝභාවය, විවේචන හා විග්‍රහයන් දෙස ඉවසිලිමත්ව සවන්දීම, ජවසම්පන්න නායකයකු සතු පෞරුෂත්වය වැනි ප්‍රායෝගික අකම්පිත ලක්ෂණවලින් පරිපූර්ණ වූ ලී ක්වාන් යූ රාජ්‍ය නායකයාගේ ජීවන චරිතය පිළිබඳ වැදගත් තොරතුරුවලින් පරිපූර්ණ වූ මෙම කෘතිය රාජ්‍යත්වය හා සංවර්ධනය පිළිබඳ කැඩපතකි.

මොසාඩ් | Mossad

Original price was: Rs 1,495.00.Current price is: Rs 1,345.00.

Mossad
by Michael Bar-Zohar, Nissim Mishal

ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඩ්, රහස්‍යභාවයේ ඝන වෙස්වලාවකින් ආවරණය වී ඇති, අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික‍්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහොමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත.

ආර්ජන්ටිනාවේදී අයික්මාන් පැහැරගැනීම සහ මියුනික් සංහාරයට වගකිව යුතු පුද්ගලයන් ක‍්‍රමානුකූලව ලූහුබැඳ යාමේ සිට එතරම් ප‍්‍රසිද්ධියක් නොලැබූ ආශ්චර්යජනක චරපුරුෂ කි‍්‍රයාකාරකම් පිළිබඳ අනුකථාවන් ඇතුළත් මෙම සුවිශේෂී ග‍්‍රන්ථය මගින් මොසාඞ් සංවිධානය සහ ඊශ‍්‍රායල බුද්ධි ප‍්‍රජාවේ, ප‍්‍රබෝධජනක, රහසිගත ඉතිහාසය විස්තරාත්මකව දක්වා තිබේ.

ඊශ‍්‍රායලය තුළ හා ඉන් බැහැරව සිදු කළ පැරා හමුදාමය කි‍්‍රයාකාරකම්, ගුප්ත මෙහෙයුම් සහ ඉලක්කගත ඝාතන විමර්ශනයට ලක් කරන මයිකල් බාර් – සෝහාර් සහ නිසිම් මිෂල්, මොසාඞ් වංශ කතාවේ විශිෂ්ට වෘත්තාන්තයන් විස්තරාත්මකව දක්වමින්, තම මව්බිම වෙනුවෙන් මෙහෙවර කළ නායකයන් සහ ශ්‍රේෂ්ඨ මොසාඞ් එ්ජන්තවරුන්, සමහරකගේ පෞද්ගලික කතන්දරද අනාවරණය කරයි.

“ඊශ‍්‍රායලයේ අවිද්‍යමාන බලකායද, එහි පිළිගත් භෞතික ප‍්‍රබලතාව තරමටම දැවැන්ත වීම පිළිබඳව දැනගත යුතුව තිබූ සහ නොදන්නා කරුණු කාරණා මෙම පොතෙන් හෙළිදරව් කෙරේ.”
– ඊශ‍්‍රායලයේ හිටපු ජනාධිපති ෂිමොන් පෙරේස

”ඊශ‍්‍රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තයන්ගේ, ලොමු දැහැගැන්වෙන කි‍්‍රයාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්න දෙදෙනෙකු විසින් අනාවරණය කරයි. මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමත් මොසාඞ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්, කඩාකප්පල් කිරීම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් කි‍්‍රයාදාමයන් සහ පුද්ගලයන් කෙරෙහිය.”
– PUBLISHERS WEEKLY

ඔක්තෝබර් – රුසියානු විප්ලවයේ කතාව | October

Original price was: Rs 1,300.00.Current price is: Rs 910.00.

The Story of the Russian Revolution
by China Miéville

රුසියානු විප්ලවයේ කතාව

1917 යනු වික්‍රමාන්විත ක්‍රියා, අපේක්ෂා, ද්‍රෝහිකම්, ඇදිහිය නොහැකි අහම්බ සිදුවීම්, යුද ගැටුම් හා සටකපට කූට ප්‍රයෝග, අභීත භාවය, බියගුලුකම හා මුග්ධ භාවය, පුරසාරම, වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි. එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි. එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ, ශක්තියේ, අඳුරු සෙවනැලිවල යුගයකි. එය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ දුම්රිය පිළිබඳ යුගයකි.

රුසියානු විප්ලවය ගැන අප කොතෙක් නම් පොත් කියවා තිබේද? එසේ වුවද ඒ විවාදාත්මක සිදුවීම් ජාලය පිළිබඳව ලියා ඇති අන් කවර පොතකට ද වඩා මේ කෘතිය සුවිශේෂ එකක් වන්නේ එය එම විප්ලවයේ අඳුරු අහුමුලු ද එළිය කරමින්, ඊට දායක සහ නායක වූ චරිත මැදහත් මනසකින් යුතුව විස්තර කරන නිසාම පමණක් නොවේ. ඒ සිදුවීම් මාලාව ශූර නවකතාකරුවකුගෙන් පමණක් බලාපොරොත්තු විය හැකි ආකාරයට පාඨක කුතුහලය ද අවුළුවමින් ඔහු ගොනු කරන විලාසය ද නිසාය. කුඩා දිය සීරාවක් ලෙස ඇරඹි ඔක්තෝබර් විප්ලවය නමැති මහෝඝය ඇළ, දොළ, දියකඳුරු, අතු ගංගා එකතු කර ගනිමින්, වන වදුලු, තුරු වදුලු, තැනි බිම් මැදින්, ගල් පර මතින් ගලා යන රඟ, අප හමුවේ නාටකීය ලෙසින් ඉදිරිපත් කරන ප්‍රබුද්ධ ශෛලිය ද නිසාය.

එළියකන්ද වධ කඳවුර | Eliyakanda Wada Kandawura

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුදහමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය. බුස්ස රැඳවුම් කඳවුර කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය.

හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වූ සියලු මිලේච්ඡ ක්‍රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහාම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) ද සියල්ල හෙළිදරව් කළේය.

එළියකන්ද වධ කඳවුර නම් වූ ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භීෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ඡේදයේ දී හමුදා කඳවුර තුළ ද වධකාගාර තුළ ද සිදු වූ අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වූ දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්‍රහයකි.

ප්‍රසන්න ලේඛන ශෛලියකින් බස හසුරවන රෝහිත මුණසිංහ නම් අපූරු ලේඛකයා ගේ ආධ්‍යාත්මය, මේ ග්‍රන්ථය වෙතින් ද දැකිය හැකිය.

කොරෝනා ඩයරිය | Corona Diary

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

මට (තවම) කොරෝනා නෑ. ඒත් අපේ එවුන් එයාපෝට් එකෙන් පැනල ගිය විදියටයි බිග් මැච් ගහපු විදියටයි අපි ඕනෑම කෙනෙක් දැන් මේ දෙයියන්ගේ ලෙඩේට විවෘතයි. මම ඉදිරි සති දෙකේවත් ඩයරියක් ලියන්න හිතුවේ අපි අත්දැකපු ඉතිහාසයේ කවමදාකවත් ලෝකයක් විදියට හෝ රටක් විදියට මේ තරම් දරුණු සමාජ ආර්ථික ආගමික හෝ දේශපාලනික අවුලකට පුංචිම පුංචි වයිරසයක් නිසා වැටිලා නැති නිසයි. ලෝක යුද්ධය කියන්නේ අපි මනුෂ්‍යයෝ විදියට තෝරාගත්ත දේවල්. ඉදිරි සති කීපය අපි රටක් විදියට හැසිරෙන ආකාරය, නැවත නැවත අනාගත සමාජය විසින් අධ්‍යනය කරනු ඇත. අනෙක් කාරණය තමා අන් කවරදාකටවත් වඩා පොදු සමාජය කොරෝනා වයිරසය වෙනුවෙන් කරන මැදිහත්වීම ඉහලම මට්ටමක තිබීම. තවදුරටත් ආණ්ඩු කරනවා කියන්නේ බලය පාවිච්චි කිරීමට වැඩ දුර දිග ගිය සංකීර්ණ මනුෂ්‍ය මැදිහත්වීමකම දිගුවක් කියල උදේ ඉදන් හවස් වෙනකන් ෆේස්බුක් බැලුවොත් පේනවා.