All Books
අයි.ඩී. | I.D.
Original price was: Rs 1,650.00.Rs 1,400.00Current price is: Rs 1,400.00.- 2021 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
සැබෑ අඹු සැමියන් සිටින්නේ එක ගෙදරක එක ඇඳක නොව, ගෙවල් දෙකක, නැතිනම් ග්‍රහලෝක දෙකක, දෙතැනක බව ඔවුහු තේරුම් ගත්හ.
එසේම ඔවුන් එකිනෙකා වෙත ළංවන විට ගිනි ඇවිළී දෙදෙනාම විනාශ වීමට ඉඩ ඇති බවත්, ඈතින් සිටින විට හැමදාම ගිනි ඇවිළෙමින් විනාශ නොවී පැවතිය හැකි බවත් ඔවුහු තේරුම් ගත්හ.
කාල නදී ගලා බසී | Kala Nadee Gala Basi
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.- 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
යකඩ සිල්පර | Yakada Silpara
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00.- 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශය
- 2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශය
දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය. එහෙත්, මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය. අඩි හය හමාරක් පමණ උස කෙසඟ වලසෙකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයේ රාත්‍රියේ මම දුටුවෙමි. ඔහු මා ද ඔසවා විසි කළේය. ඔහුගේ ශක්තිය කෙතරම් දැයි මට හරිහැටි තක්සේරු කළ නොහැකි වුවද, ඔහුට අසාමාන්‍ය කාය ශක්තියක් ඇති බව නම් මට වැටහුණේය. ඔහු ඇතෙකු සමඟ පැමිණ ටොන් එකක් පමණ බර යකඩ බාල්ක ඔසවාගෙන යනු මුරකරුවෙකු දැක ඇත. එසේ නම් ඔහුට ටොන් භාගයක බරක් පහසුවෙන් එසවිය හැකි විය යුතුය. මා ඔහුට රිපීටරයෙන් තුන්වරක් වෙඩි තැබුව ද රිපීටරය පත්තු නොවීය.
කාන්තාරයේ කුසුම | Kantharaye Kusuma
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00. Desert Flower
by Waris Dirie, Cathleen Miller
අප්‍රිකානු කාන්තාරයේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ දී ම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳුකමේ සංකේතයන් වන ඇඟ දැවටුණු සාළු කඩමාල්ල සහ නූගත්කම පමණි. අද ඇය නිව්යෝර්ක් නුවර ජීවත්වන ජගත් විලාසිතා ලොව සුපිරි නිරූපිකාවක් වන අතර, මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක ද වන්නී ය. මානව විශ්වාසය හා ධෛර්යය, ත්‍රාසය හා සන්ත්‍රාසය නොමඳ ව දනවන, තම සත්‍ය ජීවිත කතාව නිර්ව්‍යාජ ව, සිත් බඳන හා අනුප්‍රාණය දනවන අයුරකින් ඉදිරිපත් කරන වාරිස් ඩයිරි ගේ “කාන්තාරයේ කුසුම” සිංහල පාඨකයන්ට නවම් අත්දැකීමක් වනු නිසැක ය.
ඔලිවර් ට්විස්ට් | Oliver Twist
Original price was: Rs 450.00.Rs 360.00Current price is: Rs 360.00. Oliver Twist
by Charles Dickens
නිසල දියවත | Nisala Diyawatha
Original price was: Rs 850.00.Rs 680.00Current price is: Rs 680.00.කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන. ඒ හඩේ තියෙන්නේ වෙන කවදාවත් නැති ශෝකයක්. රත්නාවලී හිමින් සැරේ කාමරේ ජනේලේ ඇරිය. හඳ එළිය වැටිලා මිදුලේ රටා ඇඳලා ගස්වල සෙවනැලිවලින් රෑ කුමාරි මල් සුවඳ හුළගත් එක්ක එනවා. හෙමින් ගස්වැල් හෙලවෙන්නේ හරියට මහ දුකකින් වගේ. හෝරා භාගයක් විතර වස්දඬු රාවේ ඇහිල හිමින් නැතිව ගියා. රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිල ඒ කඳුළු බේරුණා කම්මුල් දිගේ. ශෝකයක් ද විරහවක්ද මොකද්ද කියාගන්න බැරි දුකකික් රත්නාවලීගෙ හිත බරවෙලා.
#nisala diyavatha
ඉතිං මට සමාවෙන්න | Ithin Mata Samawenna
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00.¨බැරිම හින්දා කවමදාවත්
ආයෙ ඔබ වෙත හැරෙන්න
කිසිත් කියන්න බෑ ඉතිං මට,
“සමා වෙනු මැන!” ඇරෙන්න
ජීවිතේ තව බොහෝ දුර ඇති
අතරමග බෑ මැරෙන්න
ඔබත් ඔහොමම මගදි හමුවන
වංගුවක් ළඟ හැරෙන්න”
ආදරෙයි උතුරන්න | Adarei Uthuranna
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන “ආදරේයි උතුරන්න”
හමා යන සුළඟකින් මගේ නම විමසන්න
තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න
#Aadarei Uthuranna
ලයිලැක් | Lailac
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00.මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න.
“ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් ද?”
“නෑ මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්.”
“ඒ කොහොමද?”
“ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම එයා නරකම කෙනා වෙලා ඉන්නකොට.”
#lailak
හරි පුදුම ඉස්කෝලේ | Hari Puduma Iskole
Original price was: Rs 860.00.Rs 685.00Current price is: Rs 685.00. Totto-Chan The Little Girl at the Window
by Tetsuko Kuroyanagi
ජපානයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනූ රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.
කඩාවැටෙනා තරුවක් | Kadawatena Tharuwak
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00.- 2019 රජත පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශය
හැර ගිය නමුත් බඹරුන් මල් පැණි ද ගෙන
මලකට සතුටු වන්නට හැක සුවඳ ගැන
කවියෙකු උරන වන්නේ නැත කිසිම දින
කවියක තවර ගත්තා මිස අහිමි පෙම
මැට්ටි | Matti
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00.- 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන – හොදම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතිය
“ටීච බටර් කෑවා කියන්නේ… ටීච කෙනෙක් ලමයි ඉස්සරහා බටර් කයිද… දැකලා නෙමේ නේ ඔය කියන්නේ..”
“දැක්කේ නැති උනාට ..! කවුරුත් ඒ වගේ රස බටර් විසි කරනවයෑ… එහෙනම් ටීච ගෙදර ගිහිං හරි කයි. නැත්තං අපිව පන්නන් නැතිව අපිටම දෙන්න තිබුනනේ කන්න…”
මැට්ටි. වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙළා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්‍රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොළොව මත වැඩේ.
ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්දනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුළ ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔබ දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි. වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්ථකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුළාන්තය ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙක ඇස් කරවීමකි.
කලම්බො | COLOMBO
Original price was: Rs 1,650.00.Rs 1,400.00Current price is: Rs 1,400.00.ඇය එළිසබෙත් උපන් දවසේම උපත ලැබූ එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ය. VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය II වන එළිසබෙත් ලෙස එංගලන්තයයේ රැජීන බවට පත් වූවාය. නවසිය පනස් හතර වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදි ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයන් කීප දෙනෙකුට අවස්ථාව උදා විය. එහිදී එළිසබෙත්ට, එළිසබෙත් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි.
වන මැද සරසවිය | Wana Mada Sarasawiya
Original price was: Rs 400.00.Rs 320.00Current price is: Rs 320.00.“කෝසලගේ හිනාව වන්නි පොලවේ පීදුණු කරඹ මලක් වගේ ඒ තරමට ලස්සනයි. ඊටත් වැඩ ආදර්ශවත් කෝසල හේන් කෙටුවා – ගොවිතැන් කළා. පොළවල් ගානේ ගිහින් බදු වික්කා. ඒ අතර මහන්සියෙන් ඉගෙන ගත්තා. ඒ වගේමයි, මල්ලිටත් ඉගැන්නුවා. ඇත්තෙන්මයි, සරසවියක් වූ කොසලගේ යෞවනය, වන මැද සරසවිය යොවුන් කතාවෙන් දිග හැරෙනවා.
#wana meda sarasawiya #vana meda sarasaviya
බීර සුවඳැති හාදු | Beera Suwandathi Hadu
Original price was: Rs 1,400.00.Rs 1,260.00Current price is: Rs 1,260.00.Beer Scented Kisses
මේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳීම් අස්සේ සිරවීම සහ නොබැඳෙන තනිකම අස්සේ තනි වීමය. මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිස්සුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි.
තනිකම ඇබ්බැහියකි. ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවෙන අයට තනිකමට ඇබ්බැහිවීම පුදුමාකාර සැනසීමකි. වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත.
අසම්පූර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි. මිනිසුන් යමක් සම්පූර්ණ කරගන්නා තෙක් ඒ පිළිබඳව නොනිමි ආශාවකින් පෙළේ. ඒ ආශාවේ අපූර්වත්වය ඇත්තේ අසම්පූර්ණත්වය තුළය.
මේ අපේ දූලාට | Me Ape Dulata
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. Just for Girls A book about growing up
by Sarah Delmage
වැඩිවියට පත්වීම , පෙනෙන තරම් පහසු දෙයක් නොවෙයි. එහිදී ඔබට සිදුවන්නේ කුමක්ද කියා තේරුම් ගැනීම පහසු වෙන විදිහට මේ පොතේ විස්තර වෙනවා. මෙය මුල් කවරයේ සිට අග කවරය දක්වාම කියවන්න. ඔබ කැමති ඕනෑම වෙලාවක ඒකෙ කිමිදෙන්න. විස්තර කිරීම් රූප සටහන් , උපදෙස් සහ පාඨකයන්ගේ සැබෑ ජීවිත කතන්දරවලින් මේ පොත පිරිලා තිබෙනවා
අපූරු මිනිසෙක් | Apuru Minisek
Original price was: Rs 980.00.Rs 780.00Current price is: Rs 780.00. Steve Jobs
by Walter Lsaacson
ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක.
කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.
රැජින | Rajina
Original price was: Rs 1,650.00.Rs 1,400.00Current price is: Rs 1,400.00.- 2017 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
මේ වූකලී,
නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය.
එසේම,
ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව,
මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.
පියෙන් පියවර නැගෙන් මුදුනට | Piyen Piyawara Nagen Mudunata
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. The Greatness Guide – 2
by Robin Sharma
සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.
විශ්ව ආකර්ෂණ නීතිය | Wishwa Akarshana Neethiya
Original price was: Rs 1,200.00.Rs 1,020.00Current price is: Rs 1,020.00. Key to Living The Law of Attraction
by Jack Canfield
ඔබේ යටි හිත විශ්වයේම කොටසකි. එයට අපිරිමිත බලය ඇත. මුලින්ම අප එය හඳුනාගත යුතුය. එය විශ්වාස කළ යුතුය. එය විශ්වාස කළ යුතුය. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ, ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් කරගන්නා ප්‍රබල ක්‍රමවේදයකි. මේ තුළ යම් අදෘෂ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත්, මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි.
#wishva akarshana nithiya vishwa
දවසක් දා හැන්දෑවක | Dawasak Da Handawaka
Original price was: Rs 500.00.Rs 450.00Current price is: Rs 450.00.“ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ ‘න්‍යාය’ ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළං වීම සහ දුරස්ව සිටීම, පැමිණීම සහ නොපැමිණීම…මේ සියල්ලක් ම ජීවත් වීම සඳහා අවශ්‍යයි. මේ සියලුම සංසිද්ධීන් එකකට එකක් වෙන් කළ නොහැකි සේ සහ සම්බන්ධයි. සංගීත සංධ්වනියක ස්වර සහ නිහැඬියාව වගේ… කවියක කියැවෙන දේ සහ නො කියැවෙන දේ වගේ. මා ජීවිතය කියවන විදියට ‘උපේක්ෂාව’ යනු මේ සහ සම්බන්ධය තේරුම් ගැනීමයි. උපේක්ෂාව එක්තරා විදියක සුවබර නිද්‍රාවක්.”
ගිනි අවි සහ ගිනිකෙළි – දේශපාලන දඩයම් යුගය ඇරඹේ
Gini Avi Saha Ginikeli – Deshapalana Dadayam Yugaya Arambe
Original price was: Rs 475.00.Rs 425.00Current price is: Rs 425.00. අප ඉපදී හැදුන වැඩුන ගෞරවනිය ශ්‍රී ලංකාව අදටත් ගමන් කරනුයේ සොදුරු ඉසවූ වාසවූවක් කරා නොවන බව සහතිකය.මිනිසුන් බොහෝ මානව අයිතීන් අමු අමුවේ විනාශ කරමින්,මිනිසුන් ඝාතනය කරවමින්,රටේ සෑම සම්පතක්ම කිසිදු ලැජ්ජාවක් හෝ බියක් නොමැතිව කොල්ල කමින් අකණ්ඩව පවත්වාගෙන එන දේශපාලන බලය තව කොපමණ කාලයක් පවතී දැයි කිසිවෙකුට නිච්චය කල නොහැකිය.
– අනුර හොරේෂස්
කොළපාට ඇස් | Kolapata As
Original price was: Rs 1,600.00.Rs 1,280.00Current price is: Rs 1,280.00.May December Romance
ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.
ලොවේ වැජඹෙන කලාව | Lowe Wajambena Kalawa
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. Think And Grow Rich
by Napolean Hill
සාර්ථකත්වයට පත් නො වූවන් තුළ, පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වේ. එනම්, ඔවුහු අසාර්ථකත්වයට පත් වීමේ සියලු හේතු දනිති. එමෙන් ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බල පෑ නො හැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති.
මෙම නො හැකියාවන් ගෙන් සමහරක් පැහැදිලි ය. එයින් කිහිපයක් සත්‍යය මඟින් සාධාරණය කළ හැකි ය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නො හැකියාවන් පැවසීම පලක් නොවේ. ලෝකයට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, එක් දෙයක් පමණි. ඒ ‘ඔබ සාර්ථකත්වයට පත් වූවා ද?’ යන්න ය.
පෙපර් මින්ට් | Peppermint
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00.“මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද?”
“හදවතින්..”
“ඒ ගැන කියන්න.”
හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නොවෙයි. අපේ හදවත මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපට රිදවලා තියෙනවා ගොඩක්.රිදුම් එන්නේ කොතනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නෙ. හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතුව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත් වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ.
නොගන් ගිරිහිස නෙතින් ඉවතට | Nogan Girihisa Nethin Iwathata
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00. The Greatness Guide
by Robin Sharma
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණු කරුවෙකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලාරීන්, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියයට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල් වනු ඇත.
රොබින් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීර්තිමත් ආයතන වලට සේවා උපක්‍රම සහ ධනාත්මක ක්‍රමවේදයන් පිළිබඳව උපදෙස් දෙමින් සහයවන්නෙකි. ඔහුගේ කාති භාෂා 70 කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්‍රිය රොක් ගායකයින්, රාජකීයයන්, ව්‍යවසායකයින් අතර ඔහු තාමත් ජනප්‍රියය.
කාන්තාරයේ දරුවෝ | Kantharaye Daruwo
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Desert Children
by Waris Dirie
“කාන්තාරයේ දරුවෝ” කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.
අප්‍රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මචේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව , චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරුෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද ? යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද ?
ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. “ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත”.
පින්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.
අදිසි නදිය | Adisi Nadiya
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00.- 2019 සවර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
කපිල කුමාර කාලිංග විසින් මෙයට පෙර රචිත “පියැසි කවුළුව’, ‘කන්ද වීදිය’ හා ‘සැප්තැම්බරයේ දිග දවසක්’ නවකතා පාඨක විචාරක ප්‍රසාදය දිනා ගැනීමට සමත් විය. මෙවර ඔහු ‘අදිසි නදිය’ තුළින් සිංහල නවකතාවට නුහුරු විෂය භූමියකට පාඨකයා කැඳවා ගෙන යයි. මායාරූපී ප්‍රබන්ධය, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය,දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි.එසේම මානවවාදී ධීරවීර පුද්ගලයින් හා දූරදර්ශි අධිපතිවාදී පාලකයින් අතරේ පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදිය’ දෑලේ නිරූපනය වෙයි.
රතු හිතුවක්කාරයා | Rathu HIthuwakkaraya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00.පුරවර අන්දරය | Purawara Andaraya
Original price was: Rs 950.00.Rs 710.00Current price is: Rs 710.00. A Tale of Two Cities
by Charles Dickens
නිදහස, සමානාත්මතාව, සහෝදරත්වය හෝ මරණය, ප්‍රංශ විප්ලවය පිළිබඳ ලියැවුණු සම්භාව්‍ය නවකතාව.
වැඩ කිරීමේ සතුට | Weda Kirime Sathuta
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. The Joy of Working
by Denis Wauley & Reni L. Witley
අපේ ජීවිතයේ වැඩි කොටස ගෙවෙනුයේ වැඩවල නිරත වීම සදහා ය.එහෙත් අප වැඩි දෙනෙකුට අපේ රැකියාවෙන් මරණය හා බදු ගෙවිම වැනි අප්‍රිය,කරදරකාරී එමෙන්ම ඒකාකාරි වු ඒවා සේ හැඟේ.රැකියාව වෙහෙස ගෙන දෙයි.මීට හේතු වන්නේ මොනවාද? ඒ හේතු අවබෝධ කර ගැනීම යනු අප අපට ආදරය කිරීමකි.සතුටින් වැඩ කළ හැකි නම් අපේ ජීවිතය සතුට පිරුණු එකක් වේ.මේ පොත ඒ සදහා අපූරු අත්වැලකි.
#weda kireeme sathuta
නැනී | Nanny
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00.“තාත්තා…
ඔයා ගොඩක් ගොඩක්
ගොඩක් හයියයි.
ගොඩාආආආ….ක් ශක්තියයි.
ගොඩාආආආ…රියක් උසයි.
ඔයා කොහොමද මෙච්චරක් කල්
ටෙලිපෝන් එක අස්සෙ හිටියෙ? ආයේ
කොහොමටවත් ඒක අස්සට
යන්නෑනේ…?
මට පෑනෙන් ලියන්නත් පුළුවන්. මේ…
මම දැන් ලොකුයි…”
ඒ උනාට ලොකු මිනිස්සු ගොඩ
දෙනෙක් තාම කුඩායි.
චෝක් පෙට්ටියෙන්, බොරු ඇඬිල්ලෙන්,
අතොරක් නැති කතාවෙන්, පුටුවකට
මේසෙකට බඩගෑමෙන් සිඟිත්තෙක්
කියන වැදගත් කතා තේරුම් ගන්න
ඒගොල්ලන්ට පෑනෙන් ලියූ මේ කතාව
රුකුලක් වේවි!
මගේ කුළුඳුල් පෙම්වතිය | Mage Kulundul Pemwathiya
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00.දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන.
– උපුල් ශාන්ත සන්නස්ගල
ප්‍රාණ – ජීවිතය යළි සොයාගැනීම | Prana – Jeewithaya Yali Soyaganeema
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00.ජීවිතය යළි සොයාගැනීම
“තරගය මැදට පැනලා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේ ම නැවතී සිටින තවත් අය හමුවෙනවා. එතකොට ඔවුන් අතර වෙන ම ‘සංඛ්‍යාතයක’ සම්බන්ධතා ගොඩනැගෙනවා. ඔවුන්ට අර තරගයට දුවන මිනිසුන් විහිළුවක් ලෙස පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැවතී සිටින අය ගේ ‘සංඛ්‍යාතය’ තරගයට දුවන අය ගේ සංඛ්‍යාතයට ගෝචර වන්නේ නැහැ.
කඳු තරණය කරන්නන්ට කඳු තරණය කරන්නන් හමුවෙනවා. කිමිදුම්කරුවන්ට තවත් කිමිදුම්කරුවන් හමුවෙනවා. අහිකුණ්ඨිකයන්ට තමන් වැනි ම තවත් අහිකුණ්ඨිකයන් හමුවෙනවා. ඔවුන් හැමෝට ම තම තමන්ට අනන්‍ය සංඛ්‍යාත තියෙනවා. ඒ සංඛ්‍යාත අනුව එක ම රිද්මයකට අනුනාද වන අය එකට ගමන් කරනවා. ඔවුන් හොඳ ගමන් සගයන් වෙනවා.
මෙහෙම සමාන සංඛ්‍යාතයකුන් යුතු දෙදෙනෙකු හමුවුණාම ඔවුන් අමුතුවෙන් දැන හඳුනාගන්නට කාලය වැය කළ යුතු වන්නේ නැහැ. ඒ වගේ ම අමුතුවෙන් එකිනෙකා ගේ කතාව පහදා දිය යුතු වන්නේ නැහැ. හරි සංඛ්‍යාතයට සුසර කළාම රේඩියෝවේ සංගීතය ඇහෙන්න පටන් ගන්නවා වගේ ඒ සම්බන්ධතාව ක්ෂණිකව ම ගොඩනැගී ඉදිරියට ගලා යනවා.”
මළගිය ඇත්තෝ | Malagiya Aththo
Original price was: Rs 490.00.Rs 440.00Current price is: Rs 440.00.“මළගිය ඇත්තෝ” යන නවකථාවට ඇසුරු කර ගන්නා ලද්දේ සැබෑ අත්දැකීමක් දැයි මගෙන් පාඨකයෝ අසති. මීට පිළිතුරු වසයෙන් චිකමත්සු නම් පන් නාට්‍යකරුවා කළ ප්‍රකාශයක් මතක් කර දෙනු කැමැත්තෙමි. “සාහිත්‍ය වනාහි සත්‍යයෙත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ” යි ඔහු කීවේය.
අසිරිමත් සිතක් | Asirimath Sithak
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Positive Living Day by Day
by Norman Vincent Peale
ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ අධ්‍යාත්මික ජීවිතය පෝෂණයෙහිලා න්‍යාය වෙනුවට ප්‍රායෝගික භාවිතාවන් හෙළිදරව් කළ තෝමස් වින්සන්ට් පීලි විසින් කරන ලද දේශනයන් අද ලොව භාෂාවන් ගණනාවකට පරිවර්තනය වෙමින් පවතී..
සිරසාලවන්‍යා | Sirasalawanya
Original price was: Rs 1,150.00.Rs 1,035.00Current price is: Rs 1,035.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි.
කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, දෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා,…
එයින්ම විප්‍රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි.
තව තැනක අප්‍රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක…
ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි.
මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.
චිත්‍ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත්‍යකරණයේ නියැළෙයි. ඔහු සාහිත්‍ය තරග කීපයක ජයග්‍රහණ හිමිකරගත්තෙකි. හොඳම තිර රචනයද ඇතුළු සම්මාන රැසක් දිනූ කෙටි චිත්‍රපට කරුවෙකි.
ළමා කතා රචකයෙකු මෙන්ම දෙස් විදෙස් ළමාපොත් කීපයක සිතුවම් ඇඳි සිත්තරෙකු ද වන ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ සිරසාලවන නවකතාව බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය ජයග්‍රහණය කොට මෙසේ ඔබ අතට පත්වෙයි.
ගිනි අවි සහ ගිනිකෙළි – පාතාල ලෝකයෙන් බිඳක්
Gini Avi Saha Ginikeli – Paathala Lokayen Bindak
Original price was: Rs 475.00.Rs 425.00Current price is: Rs 425.00. සරසවි ප්‍රකාශනයක් වශයෙන් ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ කෘති මාලාව යළිත් එළිදැක්වීමට ලැබීම ඉමහත් සතුටකි. 2019 වසර වනවිට මෙම කෘතීන් හරහා අනාවරණය කළ සිදුවීම් සමුදායට වසර තිහක් සපිරේ. තිස් වසරක් පුරා මෙම කෘතීන් පාඨකයන් විසින් පරිහරණය කිරීම මගින් පෙන්නුම් කරනුයේ අදටත් රටේ පවතින නොසන්සුන්කාරි වාතාවරණයයි. අදත් සිදුවන්නේ එදා සිදු වූ දෙයමයි. දැන හෝ නොදැන රටවැසියන්ට සිදු වී ඇත්තේ ගලා යන ගංගාව දෙස ඉවුරු දෙපස සිට බලා සිටින්නට පමණී.
– අනුර හොරේෂස්
පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි | Piyedra Gangabada Hida Mama Welapunemi
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. By the River Piedra I Sat Down and Wept
by Paulo Coelho
පිලාර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග හා මංමාවත් පසු කරමින් සොඳුරු මිටියාවතකට පිවිසෙන්නීය. ළමා වියේ පටන් නොවෙනස් වූ ආදරයක් ද සමගින් ඈ හා සිටි, සොරියාවේ තණබිම්වලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිළිබඳ සිහින දුටු, කිසි තැනෙක නම සඳහන් නොවූ ඇගේ මිතුරා ඈ කැටිව යයි. විටෙක මඟ හැරී ගිය ද යළි යළිත් ඔවුහු ඔවුනොවුන් සොයාගැනීමේ අසිරිය අත්විඳිති. කොයියෝගේ මේ කෘතිය පිලාර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබඳ කතාන්දරයයි. එය තමන්ගේ සිහින, බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි.