පියෙර් සහ ශෝං | Piyer Saha Shong

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.
  • 1994 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හොඳම පරිවර්තනය

Pierre and Jean
by Guy De Maupassant

ගී ද මෝපසාං විසින් ලියන ලද නව කථා සයෙන් ශ්‍රේෂ්ඨතම නව කථාව වනුයේ මේ “පියෙර් සහ ශෝං” ය. ගී ද මෝපසාං ගේ නව කථාවක් සිංහලයට පරිවර්තනය වූ පළමු වන අවස්ථාව මෙය වෙයි. මෙය අතිශයින් ම පුද්ගලික කරුණු මත ගොඩ නැඟුණු මනෝ විද්‍යාත්මක නව කථාවකි. බාහිර දේවල නිරීක්ෂණයෙන් අභ්‍යන්තරික සිතුම් පැතුම් පිළිබඳ ඇඟවීමක් කළ හැකි ය යන මෝපසාං ගේ සිද්ධාන්තයට මේ නව කථාව කදිම උදාහරණයකි. රෝලොං මහත්මිය ‌ගේත් පියෙර් ගේත් මනස ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමේ දී මෝපසාං දක්වන චාතූර්යයත් අරපිරිමැස්මත් නිසා මේ නව කථාව නිර්මාණය අතින් අතිවිශිෂ්ඨ කෘතියක් වෙයි.

මේ කෙටි නව කථාව, ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මෙන්, නවතාවෙන් යුතු ව වාර බොහෝ ගණනක් කියවා රස විඳිය හැකි ය.

ඈ හෙවත් අයේෂා 2 | Ae Hewath Ayesha 2

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

She 2nd Volume
by H. Rider Haggard

එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා” පුනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එක ම නව කථාව වෙයි.අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය.ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නව කථාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.

ඈ හෙවත් අයේෂා 1 | Ae Hewath Ayesha 1

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

She 1st Volume
by H. Rider Haggard

එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා පුනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එක ම නව කථාව වෙයි.අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත්වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙනමේ නව කථාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5 | Montha Kristho Situwaraya 5

Original price was: Rs 1,100.00.Current price is: Rs 990.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

ඇලෙක්සන්ද්ර දියුමා ගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නමැති රසාලිප්ත නව කථාවේ මේ පස්වන වෙළුම, පදවි ලෝභයත් උන්නතිකාමයත් නිසා බිහිසුණු ඉරණමකට මුහුණ දෙන මිත්‍ර ද්‍රෝහීන් ගේ අභ්‍යන්තරය මනා ව විවරණය කරයි. මේ වෙළුම, ශෘංගාරයෙන්, භීතියෙන්, ශෝකයෙන් හා ත්‍රාසයෙන් පිරී ඇත.

සුනෙත්‍රා හෙවත් අවිචාර සමය | Sunethra Hewath Awichara Samaya

Original price was: Rs 990.00.Current price is: Rs 890.00.

යම් පොතක් කියවතොත් කියවන්නාට එයින් ප්‍රයෝජනයක් විය යුතුය.

බසෙන් වත්, උගත මනා සත් ගුණාදියකින් වත්, විනෝදය ගෙනදීමෙන්වත් පොත පල් හෑල්ලකි. පල්හෑල්ල කලා රසයෙන් ද, හීන බැවින්, කලාරසය ලද හැක්කේත්, පළමු කිවූ පොත්වලින් ම බව දත මැනවි. දුසිරිත් බෝ කරන කුණු කසල සහිත පොත් කලා කාරියක් මෙන් දකින්නා සුසිරිත නොහඳුනයි. හොඳ සිහළ පොතක පිටුවක් පමණ වත් නොවරදින්නට කියවා ගත නොහැකි ඇතැම් අය, අද මහ විචාරක නාමයෙන් කල එළි බසිති එ සේ කල එළි බසිමින්, හොඳ සිහළ බසින් පිටුවක් පමණ මත් නොවරදින්නට ලියා ගත නොහැකි පුහු ගත්කරුවන් ගේ නොහොත් මුදලාලි ගත්කරුවන්ගේ අවියත් පොත් පතට පන්දම් ඇල්ලීමටත්, අන්‍යයන්ගේ වියත් පොත් පත් හෙළා දැකීමටත් පුරුදුව සිටිති. මෙ වැනි විෂම ගති ගුණ ඇති කාලයක කියවන්නා කූටොපදෙශ රහිතව ස්වයම් බුද්ධියෙන් ම හොඳ පොත කුමක් ද, පල්හෑල්ල කුමක් ද කියා සලකා ගත යුතු ය.

බඹා කෙටූ හැටි | Bamba Ketu Hati

Original price was: Rs 450.00.Current price is: Rs 405.00.

‘විශ්වාස කරන්න දම්මි, මම තානායමට ගියේ බොන්න නෙවෙයි. ඔයා දන්නව තානායමට ගියාම තක්ෂිලාව හොඳට පේනවා’

‘තානායමට යන්න ඕනෑ නෑ සුගත්,තක්ෂිලාව මට මෙතැනට පේනවා’

‘දම්මි තක්ෂිලාව තවමත් එහෙම මයි. කිසි වෙනසක් නෑ”

‘අපිටත් පුළුවන් වුණා නම් තක්ෂිලාව වගේ වෙනස් නොවී ඉන්න…’

‘ඇයි දම්මි, අපි තක්ෂිලාවට ගියේ.. ? ඇයි අපි එතැනදී මුණගැහුණේ ?’

‘ඔයා මොනවද සුගත් මට කරන්න කියන්නේ ??’

‘හිනාවෙන්න ..!! දම්මි අර තක්ෂිලාවේදී වගේ තව එක සැරයක් හිනාවෙන්න – මට අන්තිමට බලල යන්න …’
ඕ දෙ අතින් මුහුණ වසා ගෙන ඉකි බිදින්නට පටන් ගත්තාය .

පිසාචයෝ | Pisachayo

Original price was: Rs 1,940.00.Current price is: Rs 1,745.00.

The Hungry Ghosts
by Shyam Selvadurai

ද්‍රවිඩ ගැටවරයෙකු වීමත් සමලිංගික ආශාවන්ට නැඹුරු වීමත් අසූ ගණන් වසරවල ගතිගානුගත ලංකා සමාජයේ අවධානම් ගතිගුණ වෙයි.මෙම දිත්ව අවදානමට අමතරව ශිවන් හට තිබූ අනෙකුත් ගැටලු වූයේ තමාගේ ජීවිතය ගිරයකට අසුකළ පුවකයක් මෙන් ග්‍රහණය කරගත් මිත්තණියයි.තමාට කුමාරයකුට මෙන් සැලකුවත් තම මවත්, සොයුරියටත් සිඟන්නන් ලෙස සැලකූ ධනවත් මිත්තණියගෙන් ගැලවීම ඔහුගේ අනෙකුත් සියලු අවශ්‍යතාවයන් අභිබවා සිටියි.

අසූ තුනේ භීෂණයෙන් විපතට පත්වූ ද්‍රවිඩ ජනතාවට කැනඩාවට ආගමනය කිරීමට ලැබීම මේ සියල්ලන්ගෙන්ම ගැලවීමට හොඳම මග ලෙස ශිවන් දකී.එනමුත් එහි ගිය පසු නව ආගමනීකයකු ලෙස මුහුණුපාන්නට සිදුවන අතරවරත් මවගේ අමුතු හැසිරීමත් දකින ඔහුට එය සිහිනයක් බව වැටහෙයි.

පස් වසකට පසු කෙටි නිවාඩුවකට ආපසු ලංකාවට එන ශිවන් රටේ බොහෝ දේවල් හොඳ අතට හැරී ඇති බවත් දකියි. පෙම්වතකු සමග දැඩි සබඳකමක් ඇතිවීමත් සැපවත් දිවියට අවශ්‍ය ආදායමක් ලැබීමත් ඒ දෙකම නිසිසේ රසවිදීමට නිදහසකුත් දකින ශිවන් ලංකාවේ නවති.

තමන් කලින් නොදුටු සතුරු බලපෑම් එම දිවිය ඉක්මනින් සුණුවිසුණු කළ විට මානසික පීඩනයෙන් ආපසු කැනඩාවට එන ශිවන් මිත්තණියගේ ලෝකයෙනුත්, මවගේ ලෝකයෙනුත් ඈත්වී දුරස්තර නගරයක අළුත් දිවියක් අරඹයි මෙය ඔහුට පාරාදීසියක් වෙයි?

රාවණා මෙහෙයුම 3 | Rawana Meheyuma 3

Original price was: Rs 1,950.00.Current price is: Rs 1,755.00.

මෙම පොත, හෙළ දිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස, ඉතිහාසයේ වැළලී ගිය සටන් හාරා අවුස්සමින් කළ ගවේෂණවල ප්‍රථිඵලයකි.

මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණාත්මක සාධනය කිරීමකි.

සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොඅනුමානය.

#ravana

මුතු මණ්ඩපම් | Muthu Mandapam

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,080.00.

“නිල් පැහැති අහස් තලය පසුබිම් කරගෙන වලාකුළු පෙරහැර කොතැනක යන්නේද? එය අවමංගල පෙරහැරක් වැනි යයි ඔබට සිතෙන්නේ නොමැතිද දේවිය?”

මගේ සිත කීරි ගැසිණ. එහෙත් ආයාසයෙන් ශෝකය මැඩ පවත්වා ගත් මම ඔහුගේ වේදනා දෙන අත සෙමෙන් පිරිමැද්දෙමි.

“එය අවමංගල පෙරහැරක් ලෙසින් මම නොදකිමි රජතුමනි. මට එය පෙනෙන්නේ දළදා පෙරහැර ලෙසින්. සුදු වලාකුළු මා දකින්නේ හස්තීන් ලෙසින්. දුටුවේද රජතුමනි අර විශාල වලාකුළ දළදා කරඬුව පිට මත තබාගෙන සිටින හස්තියකු ලෙසින් දිස් වන අයුරු”

“සැබෑමයි.”

ඔහු වේදනාත්මක මඳ සිනාවක් නැගුවේය.

“නමුත් එහි හැඩය කෙමෙන් නැති වී යනවා. දැන් මට එය දිස්වන්නේ කිරුළ අහිමි වූ රජකුගේ ස්වභාවයෙන්.”

“කිරුළ අහිමි වී නැත රජතුමනි. දුටුවේද ඈත් වී තිබූ කිරුළ යළිත් ඔහු කරා පැමිණෙන ආකාරය? සැන්දෑ හිරු රැසින් රන් පැහැගත් එය දිස්වන්නේ රන් කිරුළක් ලෙසිනුයි.”

“විටෙක ඔබ ද කුඩා දැරියක් මෙනි දේවිය… ඔබට මතකද දියතිලක මණ්ඩපයට අප ගිය ඇතැම් රාත්‍රීන් වල වලාකුළු සහ තාරකා රටාවන් දෙස බලාගෙන ඔබ පබඳින කව් පද? මා නිසා ඔබේ කවි සිත මියගියාදැයි මට විටෙක සිතෙනවා.”

“නැත රජතුමනි. තවමත් මගේ ජීවිතයේ කව් උල්පත ඔබයි. පන්හිඳෙන් තල්පතක සටහන් නොකළ ද, ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් මගේ සිත තුළ කවි පද උපදිනවා.”

බිඳුණු සඳ පහනෙන් – වෑහෙන සඳ දියර

කිරි මුහුදට වැටී – සිනාසෙන අපුරුව…

පෙම්බරාණනි…

දෑත් පටලා ගෙන – යන්න ඇතිනම් නැවත

අප මිහිරි මතක පිරි – සෙංකඩගල පුරට..

මා නිදන්නට පෙර | Ma Nidannata Pera

Original price was: Rs 1,900.00.Current price is: Rs 1,520.00.

Before I Go to Sleep
by S. J. Watson

මේ ලියන්නේ මා හැමදාමත් උදේට අවදි වූවා යැයි සිතිය හැකි නිවසේ, නාන කාමරයේ බිම හිඳගෙනය. මේ දිනපොත මා ඉදිරිපිටත්, මේ පෑන මගේ අතේත් ඇත. ඉතින් මම ලියමි. මට සිතාගන්නට හැක්කේ ලිවීම ගැන පමණක් වන බැවින් මම මෙය ලියමි.

මා වටේටම ඇත්තේ ගුලි කර විසි කළ ටිෂූ ලේන්සුය. ඒ සියල්ල කඳුළුවලින් පෙගී ඇත. කඳුළුවලින් මෙන්ම ලේවලින්ද තෙත් වී ඇත. මා ඇසිපිය ගසන විට, මට පෙනෙන දර්ශනය රත් පැහැයට හැරෙයි. කොතරම් පිසදා දැමුවත්, තව තවත් ලේ බින්දු මගේ ඇසට කාන්දු වෙයි. කැඩපතින් බලද්දී, මගේ ඇසට ඉහළින් ඇති සම කැපී තිබෙන බව ම දුටුවෙමි. මගේ තොලත් පැළී ඇත. කෙළ ගිලින විට මගේ දිවට ලේ රස දැනෙයි.

මට නිදාගන්නට උවමනාය. සතෙකු මෙන්, කොහේ හෝ ආරක්ෂාවක් ඇති තැනක් සොයාගෙන ඇස් පියාගන්නට උවමනාය. මා එබඳු දෙයක් පමණකි. ඔව්… මා සතෙකු පමණි. මා සිටින්නේ කොතැනදැයි වටහා ගන්නට තැත් කරමින් එක මොහොතින් මොහොතකට, දවසින් දවසට ජීවත් වෙන සතෙකු පමණකි.

ශෘංගාර දනව්වේ උමා ශාක්‍යා | Uma Shakya

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

“මම ඔයාට ආදරේ කරනවා. හැබැයි ඒක විශේෂ ආදරයක්. ඒ ආදරේ ඇතුළෙ ඔයා මගෙමයි කියල හැඟීමක් මට දැනෙන්නෙ නැහැ. ඔයා වෙන ගෑනු ළමයෙක් ගැන කියන වෙලාවක මගෙ හිතට පුංචිම පුංචි දුකක් දැනෙනව තමයි. ඒක හරියට අල්පෙනිත්තකින් අනිනවා වගේ පුංචිම පුංචි වේදනාවක්. ඒත් ඒ වේදනාව තියෙන්නෙ තත්පර ගාණයි. ඉන් පස්සෙ මම සාමාන්‍ය වෙනවා. සාමාන්‍ය වෙලා ආපහු ඔයාට ආදරේ කරනවා. ඔයත් මට ආදරේ කරනවද නැද්ද කියන එක දැනගන්න මට අවශ්‍යතාවයක් එන්නෙ නැහැ.”
ඇය කීවාය.

“ඒක පුදුමයි… ඒත් මටත් දැනෙන දෙයක් තියෙනවා. මමත් ඔයාට ආදරෙයි. ඔයා කිව්ව දේම මටත් දැනෙන වෙලාවල් තියෙනවා. ඒත් ඔයා තරම්ම මට පාලනයක් නැහැ. ඔයා වෙන කෙනෙක් ගැන කියනකොට දැනෙන වේදනාව තත්පර ගණනකට වඩා මගෙ හිතේ තියෙනවා. මම හිතන්නෙ…
ඔයාට වඩා මම දුර්වලයි…”

“ඔයා දුර්වලයි නෙවෙයි,
ඔයා ආදරණීයයි…”

මෙඩුසා | Medusa

Original price was: Rs 650.00.Current price is: Rs 585.00.

ඒ පරණ ගෙදරට මෙලනීසා හරි ආසයි. ඒ පරණකම එක්ක ජීවිත ගානක රහස් සැඟවුනු ගුප්ත බවකුත් තිබුන. ගෙයක් කියන්නෙ ජීවත් වෙන බිත්ති ගොඩක්. ගෙවල් හුස්ම ගන්නවා. බිත්තිවලට කන් තියෙනවා. මෙලනීසාට බිත්ති කතා කරනවා ඇහිලා තියෙනවා.

ඒ බිත්ති කතා කරන සද්දෙට ආස හින්දම මෙලනීසා ගෙදර වෙන කිසිම සද්දයක් සද්ද කලේ නෑ. හැම තිස්සෙම කියාගන්න බැරි මොකක්දෝ දෙයක් ඒ ගෙදර බිත්ති කියන්න හදනවා කියලා එයාට දැනුනා. ඒ දැනීමට එයා හරි ආසයි. ඒක හරියට ආදරේ කියාගන්න බැරුව තටමන නව යොවුන් කොල්ලෙකුගෙ වාගෙයි.

විතණ්ඩ සමය | Withanda Samaya

Original price was: Rs 450.00.Current price is: Rs 405.00.

ඉතිහාසය විසින් උජාරුවට ලියා දෙන ලද උදාර ජීවන සැලැස්මක් මේ ටවුමේ ජීවිතයට නැත. ස්වකීය ගැම්මෙන් එය ඉදිරියට ගලා යයි.

ටවුමේ වීථි, අතුරු වීථි එකිනෙක හරහා විහිදෙන අයුරින් එක් චරිතයක් තවත් චරිතයකට සම්මුඛ වෙයි. සාම්ප්‍රදායික ප්‍රභූ සමාජය සමග ගැටුමට හා සහවාසයට යන චරිත අතර වෙළෙඳ පවුල්වල හිතුවක්කාර දූපුත්තු ද, පුනරුත්ථාපන කඳවුරුවලින් නිදහස ලබා අලුතින් ජීවිතය අරඹන දේශපාලන සිරකරුවෝ ද, සැමියන්ගේ බයිපාස් සැත්කම් වෙනුවෙන් දිවි කැපකර සම්මාදම් එකතු කරන තරුණ බිරියෝ ද, වෙළෙඳ හාම්පුතුන්ගේ අවජාත දරුවන් කුස දරන ද්‍රවිඩ මෙහෙකාරියෝ ද වෙති. විතණ්ඩාවට ඔවුන්ගේ ජීවිත දාහය යි.

සහශ්‍රයක් කෙළවර කරමින් මතු වූ බියකරු දේශපාලන අර්බුද මැදින් නාගරික සමාජය හා වෙළෙඳ ප්‍රජාව පශ්චාත් නූතන ව්‍යාකූලත්වයට හා අවිනිශ්චිතතාවට මුහුණ දෙන සැටි සාම්ප්‍රදායික අති නාටකීය කතා රසයෙන් අනූන අසම්ප්‍රදායික නව ප්‍රබන්ධයකට නැගෙයි.

#vithanda samaya

මීනා | Meena

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

පළමු වන සිංහල නවකතාව

සමාරම්භක සිංහල නවකථාකරුවන් අතර ඒ. සයිමන් ද සිල්වා ලේඛකයාණන්ට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ඒ ඔහු පළමු සිංහල නවකතාව ලෙස සැලකෙන ‘මීනා’ රචනා කිරීමේ ගෞරවය හිමි කරගත් නිසා ම නොව එමඟින් නූතන යථාර්ථවාදී නවකතාවේ ආභාසය ද සැලකිය යුතු පමණින් ප්‍රකට කළ නිසා ය.

1876 නොවැම්බර් 14 වැනි දා මාතර දී උපන් අලුත්ගමගේ සයිමන් ද සිල්වා 1920 සැප්තැම්බර් 23 දා නුගේගොඩ දී පරලොව සැපත් විය. රාජ්‍ය සේවයේ නියුක්ත ව සිටි නමුදු හෙතෙම එම යුගයේ අධිරාජ්‍යවාදී පාලනයට එරෙහි ව ජාතික ව්‍යාපාරය තුළ තීරණාත්මක බලපෑමක් ඇති කළ විශිෂ්ට චරිතයක් විය. එක් අතකින් නිර්මාණ සාහිත්‍යය ද අනෙක් අතින් එම යුගයේ ප්‍රගතිශීලී මෙහෙවර වූ ජාතික සටන ද තම ජීවිතයේ කොටසක් බවට පත් කරගත් සයිමන් ද සිල්වාගේ ලේඛන, වර්තමානයේ වඩාත් ගවේෂණශීළී විචාරාත්මක කියවීමකට ලක් විය යුතු යැයි සිතමු.

දෙවැනි ගැහැනිය | Deweni Geheniya

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,350.00.
  • 2022 ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත

“මම යනවා.” ඇගේ සැමියා කීවේය.

මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.

ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.

අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.

මේ, ඒ කතාවයි…

#Dewani Gahaniya #Devani #Dewani #Deveni

12.12.12

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,260.00.

ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ අලෙවි වාර්තා තැබූ කෘතිය..

ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.

රැම්සීස් V | Ramses V

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.

RAMSES V Under the Western Acacia
by Christian Jacq

“උතුමාණෙනි, ඔබ මා නුබියාවේ යුව රජු ලෙස පත් කිරීම මට දුන් තිළිණයක්. මා බෙහෙවින් අගයන, එහෙත් ඔබ මට වඩා බොහෝම බලවත්, මට මේ බර දරාගත හැකිවේද?”
-සේටෝ

“මා රාජ දූතයෙකු ලෙස මගේ යුතුකම ඉටු කළා පමණයි. සාමය වෙනුවෙන් කැපවී මා ඔබට අභියෝග නොකරන්නේ නම් , මා ඔබේ මිතුරා වන්නේ කෙසේද?”

-ආශා

“යුදෙව්වන් ගරු කරන එකම නීතිය යාවේගේ නීතියයි. උන්වහන්සේගේ නාමයෙන් ඔබ, පාරාවෝ අපට ඉඩ දෙන්න කාන්තාරය බලා යාමට”

-මෝසස්

“ඔබට විශාල ජයක් අත් වුණා උතුමාණෙනි, ඔබට පින් සිදුවන්නට මා කොතරම් ආශ්චර්යමත් දිවියක්ද ගත කළේ?”

-සෙරමන්තා

“මගේ පාරාවෝ. මා මගේ දිවියේ ඉදිරි කාලය ඔබේ කතාව ලියන්නට කැප කරනවා. මෙලොවදී මෙන්ම ඊළඟ ලෝකයේදීත් කිිසිවෙකුට අමතක නොවේවි ඔබ. ආලෝකයේ පුත්‍රයා!”

-ආමෙනි

රැම්සීස් IV | Ramses IV

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

RAMSES IV The Lady of Abu Simbel
by Christian Jacq

”මගේ පියාණන් පාරාවෝ යන්නට දුන් නිර්වචනය නම්, ”තම ජනතාව සතුටින් තබන්නා” යන්නයි. කෙසේද එය කල යුතු? මා-ආට් අනුව යමින්, දෙවියන් සතුටු කරමින්. එවිට ඔවුන් මනුෂ්‍යා වෙන ආශිර්වාද දක්වනවා.”

”මට දැනෙනවා රැජින මේ සියලු දේට සම්බන්ධ බවක්”.

”සත්‍යයි ඈ සමඟ. ඈ වෙනුවෙන් සියල්ල සිදු වන්නේ.අවශ්‍යයි මට තනන්නට සිහිවටනයක්; ඊජිප්තුව හා නුබියාව ආරක්ෂා කරමින්. අපට අවශ්‍ය ශක්තිය මවන, දීප්තිය උපදවන ! ”

”ඔබ තෝරා ගත්තාද ස්ථානයක්?”

නුබියාව මධ්‍යයේ තිබෙනවා ස්ථානයක් අඹු සිම්බල් නමින්. එතැන හාතෝර් දෙවඟන ඇගේ මුද්‍රාව තැබු ස්ථානයක්. තරු රැජින, ආදරයේ රහස නම් මුද්‍රාව, ගල මත තැබූ ස්ථානයක්. ඒ් ආදරයයි මා නෙෆටාරිට පුදන්නට සුදානම් වෙන්නේ. ඒ් තිළිණය ඇය සදාකාලිකව ම “අබු සිම්බල්හි ආර්යාව” බවට පත් කරනු ඇති.”

රැම්සීස් III | Ramses III

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

RAMSES III Battle of the Kadesh
by Christian Jacq

එය මායාවක් වැනි විය. විශ්වයේ ඈත කෙළවරින් නැඟී ආ හඬක්, ඒ තෙරක් නොපෙනෙන අහසේ ප්‍රතිරාව නංවමින්, රැම්සීස් ගේ දෙසවනට පමණක් ඇසෙන්නට විය.
“මා ඔබේ පියාණන්, ආමන්, ඔබේ අත මට දෙන්න. මා ඔබෙයි. ජයග්‍රහණයේ පියාණන් වූ මා ඔබෙයි. පුතණුවනි.”

එක්වර ම පාරාවෝ ආලෝක ධාරාවකින් වැසී ගියේය. ඔහුගේ සිරුර හිරු එළියේ රන් පැහැයෙන් දිලෙන්නට විය. රැම්සීස්, රා ගේ පුත්‍රයා තම දිව්‍යමය ශරීරයේ බලය ලබා ගත්තේය. තවදුරටත් ඔහු පරාජිත අණ දෙන්නෙකු හෝ හුදකලාව, අවුලටපත් රජෙක් නොවීය. ඔහු ශක්තිමත් අසිපතක් රැඳෙන දෑතක් හිමි, යටපත් කළ නොහැකි ශක්තියකින් යුතු රජෙක් විය. සියල්ල දවාලන ගිනි සිළුවක් විය. රාත්‍රී අහසේ අඳුර විනිවිද යන උල්කාපාතයක්, වේගයෙන් හමන සුළඟක්, සටනට සැරසුන කුළු හරකෙක්, පහරදීම සඳහා අත්පහුරු විහිදාගත් උකුස්සෙක්! රැම්සීස් ඊයක් පසුපස ඊයක් විදින්නට පටන් ගති.

රැම්සීස් II | Ramses II

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

RAMSES II The Eternal Temple
by Christian Jacq

”ආලෝකයේ පුත්‍රයා”

පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වු රැම්සීස්ට තැබු නාමයයි ඒ්. ඔහු නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ්‍යය භාරදෙයි.

සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍ය ගොඩ නැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද?

මේ සියලු උපද්‍රව වලින් රැම්සිස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත රන්වන් සුනඛයා, නොනිදන්නා, සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද?

බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේ දි, තම සිහිනය වු සදාතනික දෙවොල යතාර්තයක් කිරිමට හැකිවේද ආලෝකයේ පුත්‍රයාට?

රැම්සීස් | Ramses

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.

RAMSES The Son of the Light
by Christian Jacq

අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට, නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් II, දෙවන රැම්සීස්,

වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු, ආලෝකයේ පුත්‍රයා නම් විය.

පාරාවෝ සේටි; ඔහුගේ පියා තම රට ලොව වඩාත්ම බලවත් අධිරාජ්‍යය බවට පත් කළේය.

සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍ය යේ හිමිකරුවා කවුරුන්ද? සඳවන් මුහුණක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල්, ජවසම්පන්න තරුණයකු වූ රැම්සීස්ද?

විශිෂ්ඨයකු වන්නට, ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය, එහෙත්, තම සහෝදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සීස්ට හැකිවේද?

ලස්සන ඉසෙට් හා නෙෆටාරි…………

මේ දෙදෙනා අතුරින් ඔහු තම ආදරිය තෝරාගන්නේ කෙසේද?

සිටියේ ඔහුට; විශ්වාසී මිතුරන් තිදෙනෙකු පමණි. පාසල් මිතුරෙක් වූ යුදෙව්වා, මෝසස්; සර්පයින් වශී කරන සේටෝ; පුද්ගලික ලේකම් ආමෙනි……..

මේ සියලු දෙනා සමග අනාගතය ජය ගැනීමට හැකිවේද? ආලෝකයේ පුත්‍රයාට?

මුළුතැන්ගෙයි ලේඛකයා | Muluthangeyi Lekhakaya

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

A Fortunate Life
by Albert Facey

ඕස්ට්‍රේලියාවේ “වික්ටෝරියා” ප‍්‍රාන්තයේ උපත ලද ඇල්බට්/ෆැසී ජීවිතයේ කිසි දිනෙක පාසලකට ඇතුළු වී අධ්‍යාපනය ලද්දෙකු නොවේ. ඔහුගේ ළමා කාලය ගතව ගියේ කියවීමේ හෝ ලිවීමේ කිසිදු හැකියාවක් නොමැති දරුවෙකු වශයෙනි. එහෙත් කියවීමට හා ලිවීමට හෙතෙම දක්වන ලද උනන්දුව හේතුකොට ගෙන තරුණ වියට එළැඹෙන විටම හේ කිසියම් ප‍්‍රමාණයකට කියවීම හා ලිවීම ප‍්‍රගුණකොට ගෙන තිබිණ. එයට එකම හේතුව වූයේ හෙතෙම තමන් තුළ පැවති අසීමිත දිරිය යොදවා කිසිදු අලසකමකින් තොරව, උත්සාහයෙන්ම ඉගෙනීම් කටයුතුවල නිරතවීමයි.

කිසි දා පාසල් නොගිය, කියවීමේ හා ලිවීමේ හැකියාවකින් තොරව ළමාවිය ගෙවී ගිය, ෆැසී ජීවිතයේ අවසන් සමයේ දී ගත්කතුවරයෙක් වශයෙන් ප‍්‍රසිද්ධියක් ලබාගැනීම කිසිවිටෙකත් නොසිතිය හැකි ආකාරයේ අසාමාන්‍ය සිදුවීමකි. මෙම කෘතිය හේතුකොටගෙන හේ බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත්වීමට අමතරව අතිශයින් සම්මානනීය ත්‍යාග කිහිපයක් දිනාගැනීමට සමත් වීමත්, “වසරේ ඕස්ටේ‍්‍රලියානුවා” යන ගෞරවනීය රාජ්‍ය සම්මානය දිනාගැනීමට සමත් වීමත් නිසා ෆැසීගේ සුවිශේෂත්වය දෙගුණ තෙගුණ වේ.

දුවිලි දේදුන්න | Duvili Dedunna

Original price was: Rs 990.00.Current price is: Rs 790.00.

Gabo Djara
by B. Wongar

මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද, පේනතෙක් මානයක ගසකුදු නොවිය. අප සිටි කුටියෙහි කව්ළුව පිහිටියේ ඉහළිනි. උස බැවින් අහස පෙනුනද, ගහකොළ දැකගත හැකි නොවිය.

ඕලු 5 | Olu 5

Original price was: Rs 280.00.Current price is: Rs 250.00.

මෙය දිරිය දියණියක පිළිබඳ කතාවක් සේ ම බෝසත් ගුණ ඇති යහපත් මිනිසුන් පිළිබඳ කතාවක් ද වෙයි. මෙවන් චරිත හමුවන්නේ සුරංගනා කතාවල පමණකැයි කෙනකු කියන්නට බැරි නැත. එහෙත් දහම් පාසල් යන වියෙහි සිට ම බෝසත් චරිත හදාරණ සමාජයක මෙබඳු චරිත ආගන්තුක වෙතැයි මම නොසිතමි.

කාණ්ඩ පහකින් සමන්විත මෙම දීර්ඝ නවකතාවේ තේමාව වන්නේ ආධ්‍යාත්මික ආදරයයි. රාගයෙන් කිළිටි නොවුණ ආදරය ඉතා සුන්දරය, සුවඳය. එය ආනන්දයෙන් සිත් පුරවාලයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක එවන් ආදරයකින් බැඳුණාහු වෙති. කර්තෘ

ඕලු 4 | Olu 4

Original price was: Rs 280.00.Current price is: Rs 250.00.

‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යෙයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූර්ව ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.

කුමාර කරුණාරත්න බෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභී තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වන්දි, සඳකඩපහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍යවලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතා වලින් කීපයකි.

ඕලු 3 | Olu 3

Original price was: Rs 280.00.Current price is: Rs 250.00.

‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යෙයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූර්ව ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.

කුමාර කරුණාරත්න බෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභී තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වන්දි, සඳකඩපහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍යවලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතා වලින් කීපයකි.

ඕලු 2 | Olu 2

Original price was: Rs 280.00.Current price is: Rs 250.00.

රාගයෙන් තොර ආදරයක සොදුරු චමත්කාරය සහ පිවිතුරු ජීවත සුවඳ වහනය කෙරෙන මේ ප්‍රබන්ධය ජීවන අරගලයට උරදී සිටින දිරිය දියණියකගේත් පරාර්ථය සිය ජීවන දර්ශනය කරගත් උදාර තරුණයකුගේත් චරිත ඇසුරින් පාඨක සිත්සතන් පහන් සංවේගයෙන් සනසාලමින් රචිත ගද්‍ය කාව්‍යයක් බඳු රසවත් නිර්මාණයකි.

නයිට් ඒජන්ට් | Night Agent

Original price was: Rs 1,800.00.Current price is: Rs 1,350.00.

The Night Agent
by Matthew Quirk

ඇමරිකානු භුමියේ සිටිනා රුසියානු ඔත්තුකරුවන් සොයා යන රහස් නියෝජිතයන් අනතුරක ද?..

රහස් නියෝජිතයන්ගේ හදිසි කරදර පිළිබඳ ඇමතුම් ලැබෙන තුරු නිදිවර්ජිතව බලා සිටින ඔහු…

තමාගේ මාමාටත් නැන්දාත් මරණය කරා ගෙන ගිය භයානක ඝාතකයන් සොයා යන ඇය…

සියළු රහස් සටහන් කර ඇති ඒ රතු ලෙජරය සොයා යන අතරතුර මහා විනාශයක් මෙහෙයවන ඔහු..

මේ සියළු දේ මෙහෙයවන උපන් භුමියේ මහ මොළකරු ඇය ද?

සියල්ලට ඉහලින් සිටිනා ඔහු මේ පිළිබඳ දැනුවත් ද?

ඇමරිකානු භුමියේ සැගවි සිටිනා රුසියානු රහස් ඔත්තුකරුවන්ගේ හා තම දේශයට ද්‍රෝහී වු
දේශද්‍රෝහින්ගේ ඇස්වලින් ගැලවී ඔහුටත් ඇයටත් මේ භයානක කුමන්ත්‍රණය ලොවට හෙළි කිරීමට හැකි වේද?

පෝල්ගේ ලෝකය | Paul’s World

Original price was: Rs 1,650.00.Current price is: Rs 1,320.00.

SPELLBINDER: Paul’s World
by Mark Shirrefs & John Thomson

“රියානා” ආගන්තුක ලෝකයක සිට තවත් ආගන්තුක ලෝකයකට අදිසියේ පැමිණි ඇය මුහුණ දෙන්නේ කුමනාකාර අත්දැකීම් සමුදායකටද ?

මහා බලසම්පන්න මායාබන්ධකයින් ගේ බලයට යටපත්ව බියෙන් සහ කම්පනයෙන් දිවි ගෙවන මිනිසුන් වෙසෙන ලෝකය රියානාගේ නිජබිමය. මායාබන්ධකයින් ගේ ලෝකයට අදිසියේ පැමිණි පෝල් ව බේරාගැනීමේ උත්සාහයේදී රියානාට ද සිදුවන්නේ නොසිතූ ලෙසින් පෝල් ගේ ලෝකයට පැමිණෙන්නටයි. තාක්ෂණික දියුණුවෙන් ඔප් නැංවුණු නවීන ලෝකයට පැමිණි රියානාට දියුණු පරිසරයට අනුගත වීමට හැකිවෙයිද?

මායාබන්ධකයින් යටත් කොට රියානාගේ ලෝකය අත්පත් කර ගැනීමට වෙරදරන ආශ්කාගේ බිහිසුණු සැලැස්ම පරාජය කිරීමට රියානාට සහ පෝල් ට හැකිවෙයිද?

රියානාට නැවතත් සිය උපන් දේශය කරා යාමට හැකිවෙයිද?

Lay Bare the Roots

Original price was: Rs 375.00.Current price is: Rs 335.00.

අපේ ගම – Ape Gama
Translated by Laksmi De Silva

Lay Bare The Roots Is not Simply a record of childhood impressions. There is a Continual exposure of Causes, whether of the growing up of the child, or of change in the village. At times the questing eye falls briefly on the sources of impulse and habit, tracing them back to the beginnings of life itself. The ultimate value of the book perhaps, is in the insight into the process of growth which it proffers through the balance between recollection and reflection, the contrast and connection revealed between the boy passionately involved in his experience and the tolerant irony of the man.

Kaliyugaya (English)

Original price was: Rs 975.00.Current price is: Rs 875.00.

කලියුගය – Kaliyugaya The Age of Kali
Translated by Ranga Wickramasinghe & Aditha Dissanayake

Kaliyugaya is the second Part of Martin Wickramasinghe’s Uprooted trilogy consisting of Gamperaliya, Kaliyugaya and Yuganthaya.

‘The Story in Kali Yuganthaya is built round the disharmony, the loss of sympathy , and the loosening of ties among three generations, the generation in the village – Nanda’s mother, Piyal’s mother, and those like tissa and Anula – who at heart are part of the village; the next generation – Nanda and Piyal – who, born and the village, have broken with it and come to the city; and Finally their children, born in the city and directed away from the village. The novel has a neat formal structure which bespeaks an easy and natural skill in the craft of fiction There are three centres of action in the novel which represent the three centres of values, the three interacting worlds. There is the old village of koggala with its dilapidated ancestral home; the “Maha Gedara”, symbolic of the neglected past; there is the modern home in Mutwal with its well equipped comfort. Its hybrid sophisticated life;and across the sea,which it faces, lies England from where Alan writes,And where Alan goes as though he is driven to seek reality ,the living source from which his parents derived their pale and awkward imitations.’

-Godfrey Gunathilake

Uprooted

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

ගම්පෙරළිය – Gamperaliya
Translated by Ranga Wickramasinghe & Lakshmi De Silva

At a time when the classical novel familiar to most of us, was being rejected and discarded by some as an anachronism, two events of importance in the field of literature came to my notice. One of these was the opportunity to read the novel ‘The Leopard’ authored by a Sicilian aristocrat, Giuseppe di Lampedusa, a novel in the familiar classical tradition. It was a novel, which received accolades not of Italian, but also of French, England And American critics and readers. The reasons for its universal appeal was, I believe, the great depth and understanding and artistic skill Shown in the presentation of the vicissitudes of the vicissitudes of a feudal class in a modernizing world, the microcosm of a feudal family, the ups and downs in their circumstances, and their joys and sufferings.

The other important event was publication of the Russian language translation of Martin Wickramasinghe’s novel “Gamperaliya.” What struck me was the close kinship of “Gamperaliya” in its theme, subject, high Novelistic qualities and creative power to di Lampedusa’s novel, the first Italian edition of which was published in 1958, fourteen years after the publication of the first Sinhala edition of Martin Wickramasinghe’s “Gamperaliya.”
V.Korchitov In “Problems of Literature”

#gamperaliya

ශීතා | Sheetha

Original price was: Rs 275.00.Current price is: Rs 245.00.

1923 දී මාර්ටින් වික්‍රමසිංහ ලියූ ශීතා නවකතාව ද ඔහුගේ පළමු නවකතා තුන මෙන්ම ත්‍රාසය කුතුහලය වැනි මනෝභාවයෙන් පිළිබිඹු කෙරෙන අද්භූත කථා සම්ප්‍රදායට අයත් වූවකි.එහෙත් වික්‍රමසිංහ කථා කලාවේ මඳක් මුහුකුරා ගිය කතා සන්දර්භයක් ශීතා නවකතාව තුල ඇත.වස්තු වින්‍යාසයේ වුවද දැකිය හැක්කේ මුල් නවකතා තුන ඉක්මවන සංකීර්ණත්වයකි.තම නොපැසුණ අසංස්කෘත යථාර්ථවාදී රීතිය ශීතා නවකතාව තුළ දැකිය හැකි බව වික්‍රමසිංහ පසු කලෙක පැවසුවේ එහෙයිනි.

මිරිඟුව | Miriguwa

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

“මා අවිවාහකයකුව සිටියදී ලියූ නවකථා කිහිපයෙන්‌ වඩාම හොඳ නිර්මාණය මිරිඟුව යි. මෙය රචනා කරන්ට මගේ කල්පනාව පුබුදු කළ අරමුණු දෙකක්‌ වී ය.

කුරැඳුවත්තේ උසස්‌ පවුලක ඉතාම උගත්‌ විචක්‍ෂණ ස්ත්‍රියක තම සැමියා හැර සුදු මිනිහකු සමඟ එංගලන්තයට ගොස්‌ පදිංචි වීම හා ඇගේ පීවිතය ද පිළිබඳ තොරතුරැ රාශියක්‌ දැනගන්ට ලැබීම එයින්‌ එක්‌ අරමුණයි.

මේ සිද්ධියට අවුරැදු පහළොවකට පමණ පෙර ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා කියවීමෙන්‌ ලත්‌ අත්දැකීම මගේ කල්පනාව පිබිදු අනික්‌ අරමුණයි.

ඉහළ පන්තියේ සිංහලයන්ට නින්දා කරන අදහසින්‌ ඔවුන්ගේ පීවිත විගඩමක්‌ ලෙස මම නිරෑපණය නො කෙළෙමි: ඔවුන්ගේ උසස්‌ උදාර ගති මෙන්‌ මෝඩකමි හා දුබලකමි ද ඔවුන්ගේ චරිතයන්ගෙන්‌ හෙළි කරන්ට වෑයමි කෙළෙමි.”
– මාර්ටින්‌ වික්‍රමසිංහ

රෝහිණී | Rohini

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

පාසල් කියවීම් පොතක් වශයෙන් ඉතා මැනවයි ගිහි පැවිදි උගතුන් විසින් සම්භාවිත රෝහිණි නවකතාව පළමුවරට මුද්‍රණය වුයේ 1929 දීය.

එවක පටන් සෑම තරාතිරමකම පාඨක ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වු රෝහිණි දුටුගැමුණු රජ සමයේ විසූ සිංහලයන්ගේ සූරවීරකම් ගැන ලියැවුණු හොඳම කතා සංග්‍රහය හැටියටත් සිංහලයෙන් ලියැවුණු උසස්තම ඓතිහාසික නවකතාවක් හැටියටත් සැලකේ.

විරාගය | Viragaya

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වු අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළව හෙළි කළ තරුණයෙකු වී ය. ආසාවන් තුනී කරගෙන ජීවත්වන්ට වෑයම් කළ ඔහුට මැඩගත නොහැකි වුයේ ස්ත්‍රීන් නිසා උපන් ආසාව පමණි. සරෝජනීට හා බතීට දුරින් සිට ඔහු ආලය කළේ පොදු ජීවන රටාවෙන් ඈත්ව ජීවත්වීමට තැත් කළ කෙනෙකු නිසාය.

අරවින්ද තමාගේ චරිතයෙහි හොඳතැන් මෙන්ම නරක තැන් ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගති ද හෙළි කරන්නේ පාපෝච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නෙකු ලෙසිනි.

විරාගය ‌ශෝකාන්ත අධ්‍යාත්ම නාටකයකි.

1956 දී පළ වූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහි වූ විශිෂ්ඨතම නවකතාව බව විචාරකයින්ගේ මතය යි. විරාගය දෙමළ, ඉංග්‍රිසි, ප්‍රංශ හා ජපන් භාෂා වලින් ද පළ වී ඇත.

 

#wiragaya

ඈන් 5 – සිහින මන්දිරය | Anne 5 – Sihina Madiraya

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

Anne’s House of Dreams
by L. M. Montgomery

ඈන් 4 – තුන් අවුරුද්ද | Anne 4 – Thun Awurudda

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

Anne of Windy Willows
by L. M. Montgomery

ඈන් 3 – සරසවියට ගිය ගමේ කෙල්ල | Anne 3 – Sarasaviyata Giya Game Kella

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

Anne of the Island
by L. M. Montgomery

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6 | Montha Kristho Situwaraya 6

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්‍රචණ්ඩ මේ නව කථාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසා ගේ දුෂ්ට ක්‍රෑර කම් මෙන් ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨත ලෝකයා ගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, ක්‍රමන්ත්‍රණය, පළි ගැනීම, හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කථාව මේ වෙළුමෙන් අවසාන වෙයි.