යකඩ සිල්පර | Yakada Silpara

Original price was: Rs 900.00.Current price is: Rs 720.00.
  • 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
  • 2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශය
  • 2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශය

දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය. එහෙත්, මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය. අඩි හය හමාරක් පමණ උස කෙසඟ වලසෙකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයේ රාත්‍රියේ මම දුටුවෙමි. ඔහු මා ද ඔසවා විසි කළේය. ඔහුගේ ශක්තිය කෙතරම් දැයි මට හරිහැටි තක්සේරු කළ නොහැකි වුවද, ඔහුට අසාමාන්‍ය කාය ශක්තියක් ඇති බව නම් මට වැටහුණේය. ඔහු ඇතෙකු සමඟ පැමිණ ටොන් එකක් පමණ බර යකඩ බාල්ක ඔසවාගෙන යනු මුරකරුවෙකු දැක ඇත. එසේ නම් ඔහුට ටොන් භාගයක බරක් පහසුවෙන් එසවිය හැකි විය යුතුය. මා ඔහුට රිපීටරයෙන් තුන්වරක් වෙඩි තැබුව ද රිපීටරය පත්තු නොවීය.

තෙත්සූයා නම් දුනුවායා | Thethsuya Nam Dunuwaya

Original price was: Rs 650.00.Current price is: Rs 520.00.

The Archer
by Paulo Coelho

“දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.

එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.”

#thethsuya nam dunuvaya

කාන්තාරයේ කුසුම | Kantharaye Kusuma

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

Desert Flower
by Waris Dirie, Cathleen Miller

අප්‍රිකානු කාන්තාරයේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ දී ම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳුකමේ සංකේතයන් වන ඇඟ දැවටුණු සාළු කඩමාල්ල සහ නූගත්කම පමණි. අද ඇය නිව්යෝර්ක් නුවර ජීවත්වන ජගත් විලාසිතා ලොව සුපිරි නිරූපිකාවක් වන අතර, මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක ද වන්නී ය. මානව විශ්වාසය හා ධෛර්යය, ත්‍රාසය හා සන්ත්‍රාසය නොමඳ ව දනවන, තම සත්‍ය ජීවිත කතාව නිර්ව්‍යාජ ව, සිත් බඳන හා අනුප්‍රාණය දනවන අයුරකින් ඉදිරිපත් කරන වාරිස් ඩයිරි ගේ “කාන්තාරයේ කුසුම” සිංහල පාඨකයන්ට නවම් අත්දැකීමක් වනු නිසැක ය.

නිසල දියවත | Nisala Diyawatha

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන. ඒ හඩේ තියෙන්නේ වෙන කවදාවත් නැති ශෝකයක්. රත්නාවලී හිමින් සැරේ කාමරේ ජනේලේ ඇරිය. හඳ එළිය වැටිලා මිදුලේ රටා ඇඳලා ගස්වල සෙවනැලිවලින් රෑ කුමාරි මල් සුවඳ හුළගත් එක්ක එනවා. හෙමින් ගස්වැල් හෙලවෙන්නේ හරියට මහ දුකකින් වගේ. හෝරා භාගයක් විතර වස්දඬු රාවේ ඇහිල හිමින් නැතිව ගියා. රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිල ඒ කඳුළු බේරුණා කම්මුල් දිගේ. ශෝකයක් ද විරහවක්ද මොකද්ද කියාගන්න බැරි දුකකික් රත්නාවලීගෙ හිත බරවෙලා.

 

#nisala diyavatha

සන්තියාගෝ නම් සැරිසරන්නා | Santhiyago Nam Sarisaranna

Original price was: Rs 980.00.Current price is: Rs 880.00.

The Alchemist
by Paulo Coelho

ද ඉකොනොමිස්ට් සඟරාව දක්වන ආකාරයට ග්‍රේබියෙල් ගාර්ෂියා මාර්කේස්ට පසුව පාඨක අවධානය වැඩියෙන්ම දිනාගත් ලතින් ඇමරිකානු ලේඛකයා පාවුලෝ කොයියෝ ය . මේ වන විට කොයියෝගේ කෘති රටවල් 140 ක් තුළ භාෂා 55 කින් පරිවර්තනයන් 210 ක් වශයෙන් පිටපත් මිලියන 65 ක් අලෙවි වීම මගින් පැවසෙන්නේ එම ප්‍රකාශනයේ සත්‍යතාවයි.

ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කරන පරිදි පාඨකයන්ගේ ජීවිතය සදහටම වෙනස් කිරීමේ සමත් කෘතියක් දශක කීපයකට වරක් පළ වෙයි. කොයියෝගේ අග්‍ර කෘතිය වන The Alchemist නම් මේ නවකතාව එවැනි ගුණයෙන් හෙබි කෘතියකි. මෙම කෘතිය අද වන විට නූතන සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස අවිවාදදයෙන් පිළිගනු ලබයි.

ඔලිවර් ට්විස්ට් | Oliver Twist

Original price was: Rs 450.00.Current price is: Rs 360.00.

Oliver Twist
by Charles Dickens

මැට්ටි | Matti

Original price was: Rs 900.00.Current price is: Rs 720.00.
  • 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන – හොදම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතිය

“ටීච බටර් කෑවා කියන්නේ… ටීච කෙනෙක් ලමයි ඉස්සරහා බටර් කයිද… දැකලා නෙමේ නේ ඔය කියන්නේ..”

“දැක්කේ නැති උනාට ..! කවුරුත් ඒ වගේ රස බටර් විසි කරනවයෑ… එහෙනම් ටීච ගෙදර ගිහිං හරි කයි. නැත්තං අපිව පන්නන් නැතිව අපිටම දෙන්න තිබුනනේ කන්න…”

මැට්ටි. වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙළා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්‍රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොළොව මත වැඩේ.

ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්දනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුළ ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔබ දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි. වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්ථකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුළාන්තය ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.

කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙක ඇස් කරවීමකි.

කලම්බො | COLOMBO

Original price was: Rs 1,650.00.Current price is: Rs 1,400.00.

ඇය එළිසබෙත් උපන් දවසේම උපත ලැබූ එළිස‌බෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ය. VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය II වන එළිසබෙත් ලෙස එංගලන්තයයේ රැජීන බවට පත් වූවාය. නවසිය පනස් හතර වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදි ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයන් කීප දෙනෙකුට අවස්ථාව උදා විය. එහිදී එළිසබෙත්ට, එළිසබෙත් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි.

වන මැද සරසවිය | Wana Mada Sarasawiya

Original price was: Rs 400.00.Current price is: Rs 320.00.

“කෝසලගේ හිනාව වන්නි පොලවේ පීදුණු කරඹ මලක් වගේ ඒ තරමට ලස්සනයි. ඊටත් වැඩ ආදර්ශවත් කෝසල හේන් කෙටුවා – ගොවිතැන් කළා. පොළවල් ගානේ ගිහින් බදු වික්කා. ඒ අතර මහන්සියෙන් ඉගෙන ගත්තා. ඒ වගේමයි, මල්ලිටත් ඉගැන්නුවා. ඇත්තෙන්මයි, සරසවියක් වූ කොසලගේ යෞවනය, වන මැද සරසවිය යොවුන් කතාවෙන් දිග හැරෙනවා.

 

#wana meda sarasawiya #vana meda sarasaviya

බීර සුවඳැති හාදු | Beera Suwandathi Hadu

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,260.00.

Beer Scented Kisses

මේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳීම් අස්සේ සිරවීම සහ නොබැඳෙන තනිකම අස්සේ තනි වීමය. මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිස්සුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි.

තනිකම ඇබ්බැහියකි. ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවෙන අයට තනිකමට ඇබ්බැහිවීම පුදුමාකාර සැනසීමකි. වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත.

අසම්පූර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි. මිනිසුන් යමක් සම්පූර්ණ කරගන්නා තෙක් ඒ පිළිබඳව නොනිමි ආශාවකින් පෙළේ. ඒ ආශාවේ අපූර්වත්වය ඇත්තේ අසම්පූර්ණත්වය තුළය.

රැජින | Rajina

Original price was: Rs 1,650.00.Current price is: Rs 1,400.00.
  • 2017 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය

මේ වූකලී,

නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය.

එසේම,

ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව,

මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.

ගිනි අවි සහ ගිනිකෙළි – දේශපාලන දඩයම් යුගය ඇරඹේ
Gini Avi Saha Ginikeli – Deshapalana Dadayam Yugaya Arambe

Original price was: Rs 475.00.Current price is: Rs 425.00.

අප ඉපදී හැදුන වැඩුන ගෞරවනිය ශ්‍රී ලංකාව අදටත් ගමන් කරනුයේ සොදුරු ඉසවූ වාසවූවක් කරා නොවන බව සහතිකය.මිනිසුන් බොහෝ මානව අයිතීන් අමු අමුවේ විනාශ කරමින්,මිනිසුන් ඝාතනය කරවමින්,රටේ සෑම සම්පතක්ම කිසිදු ලැජ්ජාවක් හෝ බියක් නොමැතිව කොල්ල කමින් අකණ්ඩව පවත්වාගෙන එන දේශපාලන බලය තව කොපමණ කාලයක් පවතී දැයි කිසිවෙකුට නිච්චය කල නොහැකිය.
– අනුර හොරේෂස්

කොළපාට ඇස්‌ | Kolapata As

Original price was: Rs 1,600.00.Current price is: Rs 1,280.00.

May December Romance

ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.

කාන්තාරයේ දරුවෝ | Kantharaye Daruwo

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

Desert Children
by Waris Dirie

“කාන්තාරයේ දරුවෝ” කතුවරිය​ වන​ වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.

අප්‍රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මචේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව , චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරුෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද ? යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද ?

ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. “ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත”.

පින්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.

අදිසි නදිය | Adisi Nadiya

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.
  • 2019 සවර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව

කපිල කුමාර කාලිංග විසින් මෙයට පෙර රචිත “පියැසි කවුළුව’, ‘කන්ද වීදිය’ හා ‘සැප්තැම්බරයේ දිග දවසක්’ නවකතා පාඨක විචාරක ප්‍රසාදය දිනා ගැනීමට සමත් විය. මෙවර ඔහු ‘අදිසි නදිය’ තුළින් සිංහල නවකතාවට නුහුරු විෂය භූමියකට පාඨකයා කැඳවා ගෙන යයි. මායාරූපී ප්‍රබන්ධය, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය,දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි.එසේම මානවවාදී ධීරවීර පුද්ගලයින් හා දූරදර්ශි අධිපතිවාදී පාලකයින් අතරේ පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදිය’ දෑලේ නිරූපනය වෙයි.

පුරවර අන්දරය | Purawara Andaraya

Original price was: Rs 950.00.Current price is: Rs 760.00.

A Tale of Two Cities
by Charles Dickens

නිදහස, සමානාත්මතාව, සහෝදරත්වය හෝ මරණය, ප්‍රංශ විප්ලවය පිළිබඳ ලියැවුණු සම්භාව්‍ය නවකතාව.

නැනී | Nanny

Original price was: Rs 1,000.00.Current price is: Rs 800.00.

“තාත්තා…
ඔයා ගොඩක් ගොඩක්
ගොඩක් හයියයි.

ගොඩාආආආ….ක් ශක්තියයි.

ගොඩාආආආ…රියක් උසයි.

ඔයා කොහොමද මෙච්චරක් කල්
ටෙලිපෝන් එක අස්සෙ හිටියෙ? ආයේ
කොහොමටවත් ඒක අස්සට
යන්නෑනේ…?

මට පෑනෙන් ලියන්නත් පුළුවන්. මේ…
මම දැන් ලොකුයි…”

ඒ උනාට ලොකු මිනිස්සු ගොඩ
දෙනෙක් තාම කුඩායි.

චෝක් පෙට්ටියෙන්, බොරු ඇඬිල්ලෙන්,
අතොරක් නැති කතාවෙන්, පුටුවකට
මේසෙකට බඩගෑමෙන් සිඟිත්තෙක්
කියන වැදගත් කතා තේරුම් ගන්න
ඒගොල්ලන්ට පෑනෙන් ලියූ මේ කතාව
රුකුලක් වේවි!

මගේ කුළුඳුල් පෙම්වතිය | Mage Kulundul Pemwathiya

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන.
– උපුල් ශාන්ත සන්නස්ගල

මළගිය ඇත්තෝ | Malagiya Aththo

Rs 490.00

“මළගිය ඇත්තෝ” යන නවකථාවට ඇසුරු කර ගන්නා ලද්දේ සැබෑ අත්දැකීමක් දැයි මගෙන් පාඨකයෝ අසති. මීට පිළිතුරු වසයෙන් චිකමත්සු නම් පන් නාට්‍යකරුවා කළ ප්‍රකාශයක් මතක් කර දෙනු කැමැත්තෙමි. “සාහිත්‍ය වනාහි සත්‍යයෙත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ” යි ඔහු කීවේය.

සිරසාලවන්‍යා | Sirasalawanya

Original price was: Rs 1,150.00.Current price is: Rs 1,035.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි.

කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, දෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා,…

එයින්ම විප්‍රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි.

තව තැනක අප්‍රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක…

ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි.

මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.

චිත්‍ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත්‍යකරණයේ නියැළෙයි. ඔහු සාහිත්‍ය තරග කීපයක ජයග්‍රහණ හිමිකරගත්තෙකි. හොඳම තිර රචනයද ඇතුළු සම්මාන රැසක් දිනූ කෙටි චිත්‍රපට කරුවෙකි.

ළමා කතා රචකයෙකු මෙන්ම දෙස් විදෙස් ළමාපොත් කීපයක සිතුවම් ඇඳි සිත්තරෙකු ද වන ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ සිරසාලවන නවකතාව බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය ජයග්‍රහණය කොට මෙසේ ඔබ අතට පත්වෙයි.

ගිනි අවි සහ ගිනිකෙළි – පාතාල ලෝකයෙන් බිඳක්
Gini Avi Saha Ginikeli – Paathala Lokayen Bindak

Original price was: Rs 475.00.Current price is: Rs 425.00.

සරසවි ප්‍රකාශනයක් වශයෙන් ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ කෘති මාලාව යළිත් එළිදැක්වීමට ලැබීම ඉමහත් සතුටකි. 2019 වසර වනවිට මෙම කෘතීන් හරහා අනාවරණය කළ සිදුවීම් සමුදායට වසර තිහක් සපිරේ. තිස් වසරක් පුරා මෙම කෘතීන් පාඨකයන් විසින් පරිහරණය කිරීම මගින් පෙන්නුම් කරනුයේ අදටත් රටේ පවතින නොසන්සුන්කාරි වාතාවරණයයි. අදත් සිදුවන්නේ එදා සිදු වූ දෙයමයි. දැන හෝ නොදැන රටවැසියන්ට සිදු වී ඇත්තේ ගලා යන ගංගාව දෙස ඉවුරු දෙපස සිට බලා සිටින්නට පමණී.
– අනුර හොරේෂස්

පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි | Piyedra Gangabada Hida Mama Welapunemi

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

By the River Piedra I Sat Down and Wept
by Paulo Coelho

පිලාර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග හා මංමාවත් පසු කරමින් සොඳුරු මිටියාවතකට පිවිසෙන්නීය. ළමා වියේ පටන් නොවෙනස් වූ ආදරයක් ද සමගින් ඈ හා සිටි, සොරියාවේ තණබිම්වලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිළිබඳ සිහින දුටු, කිසි තැනෙක නම සඳහන් නොවූ ඇගේ මිතුරා ඈ කැටිව යයි. විටෙක මඟ හැරී ගිය ද යළි යළිත් ඔවුහු ඔවුනොවුන් සොයාගැනීමේ අසිරිය අත්විඳිති. කොයියෝගේ මේ කෘතිය පිලාර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබඳ කතාන්දරයයි. එය තමන්ගේ සිහින, බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි.

අප්පච්චි ඇවිත් | Appachchi Awith

Original price was: Rs 650.00.Current price is: Rs 585.00.
  • 2018 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව

ලංකාවේ වාමාංශික පක්ෂවල ශික්ෂිත කේඩරය සමන්විත වන්නේ තමන්ගේ සංයුක්ත පවුලෙන් විගාමික වූ පිරිසකගෙනි. ඒ අර්ථයෙන් ගත් විට ලාංකික වාමාංශික චින්තනය යනු පවුල් දෙකක් අතර සංක්‍රමණික අවස්ථාවකි. එක පවුලකින් බිඳෙන පුද්ගලයකු අලුත් පවුලක් සාදන තුරු කාලය නාස්ති කිරීම මේ රටේ වමේ දේශපාලන විලාසිතාවයි. ප්‍රාන්ස් කෆ්කා යනු බටහිර සාහිත්‍යයේ අපූර්ව ශානරයක් ඉදිරිපත් කළ සාහිත්‍යකරුවෙකි. ලංකාවේ බහුතර සාහිත්‍ය කෘති යනු එක්කෝ උන්නතිකාමය පිළිබඳ ආත්ම ප්‍රකාශනයකි. නැතහොත් ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ වංකගිරියකි. කෆ්කා තමන්ගේම අනන්‍යතාවට සිනාහ වූ පුද්ගලයෙකි. සමහරු ඔහුගේ කාති ධනේශ්වර පරාරෝපණය සමඟ ගලපති. තවත් සමහරු ඔහුගේ කෘති ආගමික පරමාදර්ශ බිඳ වැටීම සමඟ තුල්‍ය කරති. නමුත් වඩා වැදගත් වන්නේ මිනිස් පැවැත්මේ සමකාලීන ස්වභාවයයි. ඒ තුළ වඩා අන්තර්ගත වී ඇත්තේ හාස්‍යයයි.

වීසාචකයෝ | Visachakayo

Original price was: Rs 975.00.Current price is: Rs 875.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

වීසාචකයෝ සම්පූර්ණ සත්‍ය කතාවක ඇදහිය නොහැකි සිද්ධි ප්‍රබන්ධමය උපක්‍රම මඟින් සාර්ථක ලෙස ජය ගැනීමකි. මෙය 60 දශකයේ සිට වර්තමානය දක්වා ආර්ථික සුභ සිද්ධිය සොයාගෙන යන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වල හරස් කඩකි. ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලය විශාල මානව දයාවකින් හා මව් සෙනෙහසකින් විදහා පෑමකි.

#wisachakayo veesachakayo weesachakayo

අමේසන් වික්‍රමය – කුමාර සිරිවර්ධන | Amazon Wikramaya

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

Amazon Adventure
by Willard Price

ලොව දිගම ගංගාව නයිල් වූවත් ලොව විශාලතම ගංගාව අමේසන්ය. අමේසන් ගංගාවේ විශාලත්වය ඔබට මට සිතාගන්නට පවා අපහසුය. අමේසන් ගංගාවේ සමහර තැන්වල පළල සැතපුම් දහසක් පමණ වේ. අන්දිස් කඳුවැටියෙන් ඇරඹෙන මෙම මහා ගංගාව මහද්වීපයේ නැගෙනහිර දෙසට සැතපුම් හාරදහසක් පමණ දුර ගෙවා පැමිණ දකුණු ඇමරිකාවේ උතුරු දිග වෙරළේදී අත්ලාන්තික් සාගරයට වැටෙන්නේ හරියටම සමකයට යටිනි. මෙම ගංගාවේ ජලය කෙතරම් බලවත්ව මුහුදට වැටෙන්නේද යත් එම ජලය මුහුදු ජලය හා මිශ්‍ර නොවී සැතපුම් දෙසීයක් පමණ මුහුද ඇතුළට ගමන් කරයි. ගොඩබිම ඇතුළට සැතපුම් හාරසියයක් පමණ දුර යනතුරු ගංගාවේ විශාල දියරැලි නැගෙන අතර ගඟ දින්ගේ සැතපුම් තුන්දහසක් පමණ දුර ගොඩබිමේ ඇතුළට විශාල නෞකාවලින් ගමන් කිර්මට පුළුවන. අමේසන් නදිය ආශ්‍රිත අමේසන් වනාන්තරය ජෛව විවිධත්වයෙන් අනූනය. එම වනාන්තරයේ තවමත් මිනිසුන් පය නොගැසු ස්ථාන තිබේ. මේ එම මිනිසුන් පය නොගැසූ බිහිසුණු අමේසන් වනාන්තරයේ අපූර්ව සංචාරයකට පාඨක ඔබට කෙරෙන ඇරයුමකි.

#amesan wikramaya amezan

ටූනා අසිපතේ අබිරහස | Tuna Asipathe Abirahasa

Original price was: Rs 390.00.Current price is: Rs 310.00.

The Lone House Mystery
by Edgar Wallace

එඩ්ගාර් වොලස් අබිරහස් කතා 01

ගංගාවක් අසල පාළු මන්දිරයක විසූ ධනවත් ෆීල්ඩ් මහතා හදිසියේ ඝාතනය ට ලක් වෙයි. මිනීමැරුම සිදුකොට තිබුණේ අප්‍රිකාවේ ගෝත්‍රික අසිපතකිනි.

සුපිරින්ටෙන්ඩෙන්ට් මින්ටර් ඒ එකම හෝඩුවාවෙන් මිනීමරුවා සොයාගන්නේ කෙසේද?

දෙපා පණ නැති මැක්ස් වොස් මහතා ෆීල්ඩ් මහතා ට වෛර කළේ මන්ද?

ෆීල්ඩ් මහතාගේ ලේකම්වරිය මජෝරී වෙන් මෙනෙවිය මිනීමරුවාගේ කාගේ කවුද?

ඇය මිනීමැරුමට අනුබල දුන්නේ ද?

තමාට එල්ල වූ වෙඩි පහර සමඟ මිනීමරුවා කවරෙක්ද යන්න මින්ටර් මහතා අවබෝධ කරගත්තේ කෙසේද?

කළු ඇත් දළ | Kalu Ath Dala

Original price was: Rs 650.00.Current price is: Rs 520.00.

Black Ivory
by Robert Michael Ballantyne

බ්ලැක් බියුටි | Black Beauty

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Black Beauty
by Anna Sewell

“නළලේ සුදු පැහැති තරුව, එක පාදයක සුදු පැහැ ළපය, කෝ බලන්න…”

ඔහු කියවමින් මගේ බෙල්ල පරීක්ෂා කර බලා උඩ පැන්නා.

“මේ තියෙන්නේ අනිත් ලකුණ. මං මෙයා ගැන හරියකට හෙවුවේ බැලුවෙ නැති දවසක හීතලේ ගැහිල ලෙඩ වුණා. එදා ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එක ගහපු තැන මේ බලන්න මැඩම්..! මේ තමයි බ්ලැක් බියුටි… බ්ලැක් බියුටි…! ඔයාට මාව මතකද? මං තමයි ජෝ ග්‍රීන්.”

ඔහු සතුටින් කෑ ගැසුවා. ඒ තරම් සතුටු වෙන මිනිසෙක් මින් පෙර මා දැක තිබුණේ නැහැ. ඇත්තටම මා මේ දකින්නේ සිහිනයක්ද?

දෙව්තලාව | Dewthalawa

Original price was: Rs 750.00.Current price is: Rs 600.00.

දේවන්තගෙ යටිහිතේ නැගුනු පිළිතුර තේරුම් යනවත් එක්කම සඳුනිගෙ කන් දෙක රතු වුණා. හරියට දේවන්තගෙ කටිනුත් ඒ වචන පිටවුණා වගේ. ඒ එක්කම දේවන්තගෙ දෑසෙ පැටලිලා තිබ්ච්ච ඇගේ දෑස ඒ හැඟීමෙ බරටම බිමට නැඹුරු වුණා.

”කෙල්ලට තේරුණා…”

ඒ බව දැකලා දේවන්තගෙ හිත සතුටට පත්වුණා. ඒත් එක්කම.

”මොකෝ…?”  කියලා අහන්න වගේ දේවන්ත සඳුනි දිහා බලලා ඔළුව වැනුවා.

ඒ ගමන ” ම්..හ්..”  කියාගෙන සඳුනි ඔළුව දෙපැත්තට වැනුවා.

 

#dewthalawa devthalawa dewtalawa devtalava

ගිනි අවි සහ ගිනිකෙළි – කොමිසමේ අභිරහස
Gini Avi Saha Ginikeli – Komisame Abhirahasa

Original price was: Rs 590.00.Current price is: Rs 530.00.

ගැහැනුන්ට මොනවද කරන්න පුළුවන් යැයි ඇතමුන් ප්‍රශ්න කරති නමුත් දේශපාලනයෙන් නීතියෙන් සහ පුරුශාධිපත්යෙන් බැට කෑ ගැහැනියකට කල නොහැක්කේ කුමක්‌දැයි ඔබට ප්‍රශ්න කල හැකි වන්නේය.
– අනුර හොරේෂස්

කොස්මොපොලිටන් ජීවිත | Cosmopolitan Jeewitha

Original price was: Rs 1,150.00.Current price is: Rs 1,035.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්‍රවිඩ පවුලක් ළඟ නැවතීමට යන නිලංග සිය ශාස්ත්‍රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හෘදයාභ්‍යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්‍රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්‍රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටෙක එය ලොව සෑම දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක සමාජ සංස්කෘතික ජීවිතයේ අපූර්වත්වය විදහාපාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්‍රහර්ෂය කියා දෙන කැටපතකි.

#kosmopolitan cosmopolitan jiwitha jeevitha jivitha

කඩදොර | Kadadora

Original price was: Rs 980.00.Current price is: Rs 880.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි.

තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි.

කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදිවූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ;

ඔවුන් හා බැඳුනු පරම්පරා ගණනක අතීත උරුම,
ඔවුන්ගේ ජීවිතවල සාතිශය වැදගත් මතක,
ඔවුන්ගේ දෙපය හඳුනන පොළෝ ගැබ
ඔවුන්ගේ අසල්වැසියන් හා ආදරණීය පරිසරය
ඔවුන්ගේ අභිමානවත් ප්‍රාදේශීය තාන්න මාන්න හා සිහිවටන, සැමරුම්!

‘කඩදොර’ ඒ සියල්ලේ කතාවයි

නික්ම නොයන්නෙමි | Nikma Noyannemi

Original price was: Rs 750.00.Current price is: Rs 600.00.

“මගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදුවී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන්නෙමි. සිදු වූ දේ ජීවිතයට අත්දැකීමක් කර ගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි. දේවකගේ වෙන්වීම දරා ගත නොහැකිව හඬා වැලපුණ මා එම දුක ජීවිතයට ආශීර්වාදයක් කරගනිමින් මාධ්‍ය කේෂ්ත්‍රය තුළ නමක් හදා ගත්තෙමි. ඒ් තුළින් මා ජීවිතයට බොහෝ දේ එකතු කර ගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි කිසිදා පිරිමියෙකු සමඟ ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාර ගේ මුදු කාරුණික ගති හමුවේ මටම පොරොන්දු වු සියලු පොරොන්දු බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි. අදටත් හෙටටත් එය මටම උරුම වනු ඇතැයි මග බලා සිටින්නෙමි.”

නර්මදාගේ නළලට අත තබා මිගාර බැලුවේ තවමත් ඇයට උණ තිබේද කියාය. වයසට තරම් නොවන තරම් දුක්වේදනා උසුලාගන ජීවිතයට මුහුණ දෙන නර්මදා ගැන අනුකම්පාවක් මිගාරගෙ සිත තුළ ඇතිවිය. නිවසට තමන් ගැන දැන්වීමට යාමට සිතා සිටිය ද එය ද අතපසු කරන්නට සිදුවූයේ නර්මදාට ඇති වූ කරදර නිසාය. තමා නර්මදාට සැරවැර වූවා වැඩි යැයි මිගාරට සිතුණේය. පිරිමි කෙනකු නොමැතිව පොලිසියට යාමට තරම්මු රණ්ඩු වීම නිසා නර්මදාට සැරවැර කළ ද නර්මදා කියන දේද ඇත්තක් ඇතැයි මිගාරට පසුව සිතුණේය. තමා ගොස් නර්මදා වෙනුවෙන් පෙනී සිටියා නම් මාධ්‍යවේදිනිය වෙනුවෙන් ඇමති පුතකු පොලීසි ආවා යැයි නැති දේ මවා එය පුවත්පත්වල පළවනු ඇතැයි නර්මදා පැවසුවාය. කිසිම දිනයක පියාගේ බලතල කිසිම අවස්ථාවක පාවිච්චි නොකර මිගාරට, පියාගේ අවසන් කාලයේ එවන් අවමානයක් ඔහුට අත් කර නොදෙන්න යැයි නර්මදා පැවසුවාය. තමාට වඩා දුරදිග හිත්නට තරම් නුවණක් ඇයට තිබීම ගැන මිගාරට ආඩම්බර සිතුණේය. නර්මදා පොලිසි යාමත් එක අතකින් හොඳ යැයි මිගාරට සිතුණේ දේවක ගැන සුළු හෝ ආදරයක් නර්මදාගේ සිත තුළ තිබුණා නම් එය ද නර්මදාගේ සිතින් ඉවත්ව යන්නට එය හේතුවක් වන නිසාය. මිගාර සෙමින් නර්මදාගේ හිස අතගාන්නට වූයේය.

#dharshana wijethilaka #darshana vijethilaka

චක්‍රවර්ති | Chakrawarthi

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.
  • 2022 සවර්ණ පුස්තක සම්මාන නිර්දේශය

සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.

හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්‍රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්‍රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.

අග්‍රාවේ මහා නිධානය | Agrawe Maha Nidhanaya

Original price was: Rs 500.00.Current price is: Rs 400.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

ෂර්ලොක් හෝම්ස් වික්‍රම 04

ෂර්ලොක් හෝම්ස් නමැති අග්‍රගන්‍ය රහස් පරීක්ෂකවරයා කොකේන්වලට ඇබ්බැහි වී සිටින්නේ මන්ද?
කපිතාන් මෝර්ස්ටන්, මේජර් ෂෝල්ටෝ සහ ඔහුගේ පුතු බර්තොලමියු ලන්ඩනයේ දී මියයාම් පසුපස වූ අබිරහස කුමක්ද?
අන්දමන් දූපතේ බන්ධනාගාරයක සිට පැන ආ ලී බොරු කකුලක් පැලැඳි ජොනතන් ස්මෝල් අග්‍රාවේ මහා නිධානය ලන්ඩනය පුරා සෙවූයේ මන්ද?

ඩුඕ | Duo

Original price was: Rs 1,350.00.Current price is: Rs 1,215.00.
  • 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සඳහා නිර්දේශිත

උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.

උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනෙක සෙව්වාය. සාරා අරුමැසි ජීවිතයේ ප්‍රභර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටි කොට ගත්තාය.

නීතිය, හොරා පොලිස් කළේය. ආලයේ දෙවඟන උන් හා ඔට්ටු සෙල්ලම් කළාය. සමාජ පරමාදර්ශී භුතයෝ මේ දෙදෙනා පසුපස හඹා ගියහ.

ඥාන පරාසය, සංස්කෘතික පරිඥානය සහ පෞරුෂය කේන්ද්‍රීයව, එකිනෙකාගේ හැසිරීමෙහි සහ තීරණයන්හි සියුම් වෙනස්කම් පවා ජීවන පිරිධිය නිර්ණය කෙරුමෙහිලා බලපානු නොවෙද?

පිරිමි ලෝකයක් තුළ විමුක්තිය සොයන තරුණියන්ගේ කතාන්දරයකි මෙය.

රෝජා | Roja

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

මිනිස්සු…
දුබලයන්ව ඉපදෙන්නාහ.
මිනිස්සු…
ජීවිතයේ යම් යම් යුගවල
විවිධ හේතු කාරණාවන් නිසාවෙන්
දුබලයන්ව ජීවිතය රැකගන්නාහ.
නමුත්…
අප කිසිවෙකුටත්
දුබලයන්ව මිය යන්නට
අයිතියක් නැත.
අපි නැඟිටිය යුතුය!
අපි හිනැහිය යුතුමය!

මළවුන්ගේ අවුරුදු දා | Malawunge Awurudu Da

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

“මළවුන්ගේ අවුරුදු දා” යන සරච්චන්ද්‍රයන්ගේ මෙම නවකතාව “මළගිය ඇත්තෝ” යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකිය. “මළගිය ඇත්තෝ” කියවා එහි එන දෙවෙන්දොරා සං හා නොරිකො යන පාත්‍රයන් දෙක යළි හඳුනා ගැනීමටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් පාඨකයන් මෙය ඉතා ආසාවෙන් කියවනු නො අනුමානය.

සුර අසුර යාමය | Sura Asura Yamaya

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.

‘සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.

හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.

නාඩන් සැළලිහිණි | Nadan Salalihini

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

අසංක ඇගේ නෙතු අල්ල ගත්තේ පෙර සසරේ හැමදාම ඈ දෙස බැලූ සෙනෙහෙවන්ත බැල්මෙනි. අසංකගේ වමතේ එල්ලී, සුලෝචනා ඔහු පිටුපසින් ඒදණ්ඩ තරණය කළාය.

ඒදණ්ඩ මධ්‍යයේදී අසංක නැවතී යළිත් අගේ දෑසට එබී බැලුවේ, ඈ අල්ලාගෙන උන් වමතින් අගේ බඳ වෙළා ගනිමිනි.

ලෝකය අත්පත් විය යුත්තේ යහපත් මිනිස්සුන්ටය.

ලෝකයේ හිමිකරුවන් බවට පත්විය යුත්තේ යහපත් මිනිසුන්ය. ඈගේ දෑස් ඉදිරිපිට යථාර්තයක් බවට පත්වෙමින් තිබුණේ, ඇය තරව ඇදහූ ඒ පරම සත්‍යයි.