Children's - ළමා කෘති
මඩොල් දූව | Madol Doova
Original price was: Rs 475.00.Rs 425.00Current price is: Rs 425.00.“මඩොල් දූව නවකතාවේ වීරයන්, නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තිය විසිනි. ඔවුන්ගේ වැටහෙන නුවණ නූගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපූර්ව වීරයෙකි. උතුරා යන තරම් ජීවය ඇත්තෙකි ඔහු.”
-ආචාර්ය අයි. ස්කාවෙජ්-
අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකතාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ.ශ්‍රි ලංකාවේ පමණක් පිටපත් දශ ලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව,මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැලකේ.රුසියන්,රුමේනියන්, චීන, බල්ගේරියන්, ඉංග්‍රීසි, ලන්දේසි, ජපන් ආදී භාෂා ගණනකට පරිවර්ථනය වී ඇති මඩොල් දූව, එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකතාවකි.
තැනිතලාවේ පිහිටි කුඩා නගරය | Thenithalawe Pihiti Kuda Nagaraya
Original price was: Rs 1,450.00.Rs 1,160.00Current price is: Rs 1,160.00. Little Town on the Prairie
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 07
මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිටල් හවුස් කතා මාලාවේ හත් වැන්නයි.
පිප්පි දකුණු මුහුදේ | Pippi Dakunu Muhude
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. Pippi in the South Seas
by Astrid Lindgren
චීකි චාලි වික්‍රමය | Chiki Charley Wikramaya
Original price was: Rs 350.00.Rs 280.00Current price is: Rs 280.00. Secret Seven on the Trail
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 04
සන්ධ්‍යාවේ හය වන විට තදින් මීදුම පැතිරෙනු ඇත. ඒ අතරතුර දුම්රියක් වැරැදී පීල්ලකට යොමු කරවුවහොත් සිදුවන්නේ අනතුරක්ද? මහා පරිමාණ සොරකමක්ද?
වැරැදි පීල්ලකට ඇතුළු කරවන දුම්රිය ගබඩා අංගණයක් මැද නතර කෙරෙන නමුත් රියැදුරුට හා නියාමකවරයාට සැනසී සිටින්නට හැකි වේවිද?
මල්ගුඩි පාසල් දවස් | Malgudi Pasal Dawas
Original price was: Rs 490.00.Rs 390.00Current price is: Rs 390.00. Malgudi School Days
by R. K. Narayan
මානි සද්දන්තයෙක්. ගුරුවරු පවා ඔහුගේ දඩබ්බරකම්වලට තරවටු කරන්න ඉදිරිපත් වුනේ නැහැ. ඔහුට ඕනෑ හැටියක හැසිරෙන්නට ඉඩ දී තම ගරුත්වය රැකගැනීම හොඳ බව ඔවුන් විශ්වාස කළා. මානි නිතරම පන්තියේ පිටුපස බංකුව අයිති කරගෙන එහි වැතිරී නිදාගත්තා. මේ හේතුව නිසා සෑම ඉහළ පන්තියකම මානිගේ සමකාලීන සිසුන් සිටීම අරුමයක් නොවෙයි. සමහර ආදි සිසුන් පවා ඔහු සමඟ එක පන්තියේ ඉගෙනගත් නිසා මානි ජනප්‍රියයි. අසාධාරණකම් නොරිස්සූ මේ සිසුවා ස්වාමිනාදන් වෙනුවෙන් ප්‍රධානාචාර්යතුමාගේ කාර්යාලය වෙතට යන්නට ඉදිරිපත් වුණා. එය ස්වාමිනාදන්ගේ සිතට ලොකු හයියක්.
එමිල් තවමත් ලොන්නෙබැරියේ | Emil Thawamath Lonneberiye
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. An lever Emil i Lonneberga
by Astrid Lindgren
ලොන්නෙබැරියේ එමිල් ගේ අලුත් පෙරළි | Lonneberiye Emilge Aluth Perali
Original price was: Rs 300.00.Rs 270.00Current price is: Rs 270.00. Nya hyss av Emil i Lonneberga
by Astrid Lindgren
පිප්පි නැව් නගියි | Pippi Nav Nagiyi
Original price was: Rs 350.00.Rs 315.00Current price is: Rs 315.00. Pippi Goes on Board
by Astrid Lindgren
“කරුණාකරල මට සීනිබෝල කිලෝ 18ක් දෙන්න,”පිප්පි රත්තරන් කාසියක් උඩ විසි කරමින් කීවාය…..
“අපි ගනිමු හැම ජාතියකින්ම කිලෝ තුන ගානේ” ඇනිකා යෝජනා කළාය….
“ඊලඟට අපිට දෙන්න ලොලිපොප් හැටක් එක්ක පොඩි ටොපි ජාති හැත්තෑ දෙකක්, මම හිතන්නේ නැහැ එකසිය දෙකකට වඩා චොක්ලට් ඕන කියලා අදට,” පිප්පි කීවාය.
පිප්පි දිග මේස් | Pippi Diga Mes
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. Pippi Long Stocking
by Astrid Lindgren
මගේ නම….! පිප්පි ලොක්කි ලටපට සපයන්නී පටකම්බලි සැවැන්දරා නාවික පදක්කම්ගේ දෝණ දිග මේස් කැකුලි, නාවික පදක්කම්ගේ එකම දියණිය. කලින් මුහුදු පාලක දැන් නීග්‍රෝවරුන්ගේ රජු පිප්පි කියන්නේ මට හුරතලයට ආදරයට. මොකද කතා කරන කොට පිප්පි ලොක්කි කියන එක දිග වැඩියි කියලයි තාත්තා කල්පනා කරේ…”
අපේ යාළු දඟ මල්ල | Ape Yalu Danga Malla
Original price was: Rs 340.00.Rs 270.00Current price is: Rs 270.00. Here’s the Naughtiest Girl
by Enid Blyton
දඟ මල්ල 04
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි.කොච්චරවත් බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්සිමට සදහා හැමවිටම මාන බලයි.
ඈ තරහා නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරිමට උත්සහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසිුවිය වි සිටි කෙනෙකුට එය පහසු වැඩක් නොවේ.
#daga malla
දඟ මල්ලගේ දඟ වැඩ | Danga Mallage Danga Weda
Original price was: Rs 800.00.Rs 640.00Current price is: Rs 640.00. The Naughtiest Girl Again
by Enid Blyton
දඟ මල්ල 02
අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යළිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි.
එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඈට ඉඩ දෙන්නේ නැත.
#daga malla
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය | Danga Malla Saha Amuthu Iskolaya
Original price was: Rs 750.00.Rs 600.00Current price is: Rs 600.00. The Naughtiest Girl in the School
by Enid Blyton
දඟ මල්ල 01
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදු වූ විට එහි මෙතෙක් සිටි ඉතාමත්ම නරක සිසුවිය වන්නට ඇය අදිටන් කරගනියි.
එහෙත් නරක ළමයකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින් වටහා ගනියි.
#daga malla
කදිම පාසලේ දුෂ්ට පාලිකාව | Kadima Pasale Dushta Palikawa
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. Claudine at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 05
කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි. අලුතින් එන පාලිකාව නපුරු ගතිගුණ පළ කරයි. ඇගේ දියණිය කේලාම්කාරියකි. කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ට බව, කේළාම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන් ද…?
ඈන් 2 – ගමට අලුත් එළියක් | Anne 2 – Gamata Aluth Eliyak
Original price was: Rs 1,050.00.Rs 945.00Current price is: Rs 945.00. Anne of Avonlea
by L. M. Montgomery
රිදී විල් තෙර | Ridee Wil Thera
Original price was: Rs 1,150.00.Rs 920.00Current price is: Rs 920.00. By the Shores of Silver Lake
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 05
මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභයෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේරි සහ කේරි සමග රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදිවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමුවැනි ගොඩනැගිල්ල සාදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි.
මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ කොටස් නවයකින් යුතු අති විශිෂ්ට ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්නයි.
#ridi vil thera
ලොන්නේබැරියේ එමිල් | Lonnebariye Emil
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. Emil i Lonneberga
by Astrid Lindgren
හොඳ දඟ මල්ල | Honda Danga Malla
Original price was: Rs 940.00.Rs 750.00Current price is: Rs 750.00. The Naughtiest Girl is a Monitor
by Enid Blyton
දඟ මල්ල 03
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධූරයක්දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
හොඳ ශිෂ්‍ය නායිකාවක වන්නට වැඩි වැඩියෙන් උත්සාහ කරන තරමට ඇගේ හැසිරීම තවත් නරක අතට හැරෙයි! යහපත් දැරියක වන හැටි අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා ඉගෙන ගන්නේ කවදාද?
#daga malla
සෆාරි වික්‍රමය | Safari Wikramaya
Original price was: Rs 890.00.Rs 710.00Current price is: Rs 710.00. Safari Adventure
by Willard Price
අප්‍රිකානු සිංහයාගේ ප්‍රියතම ආහාරය කුමක් විය හැකිද?
ඒ කුහුඹු -වලසා හෙවත් බිම් ඌරා යැයි ඔබ දැන සිටියේද? එහෙත් කුහුඹු වලසෙකු දඩයම් කර ගැනීම වනාන්තරයේ රජා වූ සිංහයාටද පහසු නැත.ඒ මිනිත්තුවක් දෙකක් ඇතුළත සිටි තැනින් අතුරුදහන් වන්නට උගේ ඇති දක්ෂතාව නිසාය. කුහුඹු -වලසා සිටි තැනින් එකවර අතුරුදහන් වන්නේ කෙසේද?
ලොව වේගවත්ම සත්ත්වයා චීටා ඉතාමත් මිත්‍රශීලි සතකු බවත් ඌ මස් අනුභව කරනවාට වඩා කරන්නේ ගොදුරේ ලේ උරා බීම බවත් ඔබ දැන සිටියේද? බයො බැබ් ගස් පිළිබඳ ඔබ දැන සිටියේ මොනවාද? අඩි පනහක පමණ උසට අඩි හැටක පමණ වට ප්‍රමාණයකින් යුතුව වැවෙන බයො බැබ්ගස්වල කඳ අභ්‍යන්තරය විශාල කුහරයක් බවත් ඒ ඇතුළත මිනිසුන් විසි පස් දෙනෙකුට පමණ ලැගුම් ගත හැකි බවත් ඔබ දැන සිටියේද?
කදිම පාසලේ සසල රාත්‍රිය | Kadima Pasale Sasala Rathriya
Original price was: Rs 750.00.Rs 600.00Current price is: Rs 600.00. Summer Team at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 03
ග්‍රීෂ්ම වාරය හොඳම පාසල් වාරයයි. අලුත් ශිෂ්‍යාවක් කදිම පාසලට අතුළු වෙයි. ඇගේ ජීවිතයේ සඟවාගත් රහස කුමක්ද? එතරම් දක්ෂ ආකාරයට අසුන් හසුරවන්නට ඇය උගත්තේ කෙසේද?
කදිම පාසලේ මහ රෑ සාදය | Kadima Pasale Maha Re Sadaya
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. The Twins at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 01
අමේසන් වික්‍රමය – වසන්තා පිගේරා | Amazon Wikramaya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Amazon Adventure
by Willard Price
#amesan wikramaya amezan
ඈන් 1 – අරඹෙ ගෙදර ඈන් | Anne 1 – Arambe Gedara Anne
Original price was: Rs 1,050.00.Rs 945.00Current price is: Rs 945.00. Anne of Green Gables
by L. M. Montgomery
කදිම පාසලේ වීරවරිය | Kadima Pasale Weerawariya
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. The O’Sullivan Twins
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 02
පාස්කු පාසල් වාරය ඇරඹෙද්දී නිවුන් සොයුරියන් කදිම පාසලට යන්නේ සිය මිතුරියන් යළි මුණගැසෙන අපේක්ෂාවෙනි. අලුත් ශිෂ්‍යාවක වූ මාරිගෙරී ඉතා දර දඬු ඇසුරට නුසුදුසු අයකු ලෙස පෙනෙයි. මුළු පාසලම ඇයව ප්‍රතික්ෂේප කළත්… එක් බිහිසුණු රැයක මුළු පාසලම අභිබවා වීරවරියක ලෙස නැගී සිටියි.
මුහුදු සත්තු | Muhudu Saththu
Original price was: Rs 200.00.Rs 180.00Current price is: Rs 180.00.විද්‍යා විනෝද කතා – IV
මුහුදු වෙරලාසන්නයේ ජීවත්වන මුහුදු ජීවීන් සය දෙනෙකුගේ හැඩ හුරුකම් හා ජීවන රටාව මෙහි විස්තර වන්නේ කුහුල දනවන අයුරිනි. එය වූ කලී කුඩා දරුවන් හා එක්ව මුහුදු වෙරළේ කෙරෙන ගවේශන අධ්‍යයන චාරිකාවක් වැන්න.
වෙස් මාරුකරන සත්තු | Ves Marukarana Saththu
Original price was: Rs 175.00.Rs 155.00Current price is: Rs 155.00.විද්‍යා විනෝද කතා – III
අප ඇසුරේ ජීවත් වන කුඩා සතුන්ගේ ස්වභාවික ගති පැවතුම් සහ ඔවුන්ගේ ජීවන රටාව විද්‍යානුකූලව සහ රසවත් ලෙසින් හඳුන්වා දෙන විද්‍යා විනෝද කථා පොත් පෙළේ තෙවැන්න මෙයයි.
මෙහි ඇතුළත් සිත් අදනා විද්‍යාත්මක තොරතුරු ළමා ළපටින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද නැණ නුවණ වඩනු නිසැකය.
කුරුකුහුඹු සත්තු | Kurukuhumbu Saththu
Original price was: Rs 175.00.Rs 155.00Current price is: Rs 155.00.විද්‍යා විනෝද කතා – II
අපගේ ගෙදර දොර ආශ්‍රිත පරිසරයේ නිතර දකින්නට ලැබෙන කෘමි සතුන් හය දෙනෙකු පිළිබඳව ශාස්ත්‍රීය කරුණු අනාවරණය කරන මෙම කුඩා පොත පළමු වරට පළ කරන ලද්දේ 1934 වසරේදී ය.
එවක අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විසින් ද පාසල් කියවීම් පොතක් ලෙස අනුමත කරන ලද මෙම පොත දරුවන්ගේ නුවණ වඩන,සිත් අලවන භාෂා රීතියකින් යුතුව රචනා කොට ඇත. කුහුඹුවා, බිංකුන්ඩා, ඇවිදින කොළයා, තණ ගිරවා, යාතිකා ගිරවා සහ ලෑටි යන කෘමීන් පිළිබඳ අප නොදන්නා තොරතුරු රැසක් මෙම පොතට ඇතුළත් වෙයි.
කුරුමිණි සත්තු | Kurumini Saththu
Original price was: Rs 200.00.Rs 180.00Current price is: Rs 180.00.විද්‍යා විනෝද කතා – I
මිදුල්වලත් ගෙවලත් දකින්නට ලැබෙන රෑ බදුල්ලා, කුරුමිණියා, කුඹල් මැස්සා, මකුළුවා, කැරපොත්තා සහ ගස් කුරුමිණියා යන කුඩා සතුන්ගේ ස්වාභාව, ගති, පැවතුම්, ආහාර සහ පැටවුන් ගැන තොරතුරු මෙම පොතට ඇතුළත් වේ.
”…. ඇවිදින පහනක් වැනි රෑබදුල්ලා කුඩා ළමයින්ට ඉතා පුදුම සතෙකි.ඌ අල්ලා බැලීමට කුඩා ළමයි ආශා වෙති.ළමයින්ගේ සිත් ඇදී යාමට හේතුව උගේ පිටිපස දැල්වෙන කුඩා පහන ය.උගේ පුදුම ජීවිත කථාව ඇසුව හොත් වැඩිහිටියන්ගේ සිත් වුවත් ඌ කෙරෙහි ඇදෙන්නේ ය.ඌ අල්ලා ගෙන බලන්නට සිතෙයි.”
දඬුමොණරය | Dandumonaraya
Original price was: Rs 175.00.Rs 155.00Current price is: Rs 155.00.දරුවන්ට භාෂාව හා ගුණ ධර්ම ඉගැන්වීමටත් ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමටත් ජනකථා හා අද්භූත කථා වස්තු ඇතුළත් කථාන්තර උපයෝගී කොට ගැනීම ඉතා හොඳ අධ්‍යාපන ක්‍රමයක් බව මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි.
මාර්ටින් වික්‍රමසිංහ විසින් දරුවන් උදෙසා ලියන ලද සියලුම ළමා කථාවන්හි අරමුණ වී ඇත්තේ කියවීමේ රුචිය ඇති කිරීම හා ගුණධර්ම වැඩීමයි.
ගල්ලෙනක් තුළ සිර කර තැබූ අහිංසක ළදැරියක ඉන් මුදාගත් රාජකුමාරයකුගේ වීර ක්‍රියා ගැන කියැවෙන දඬුමොණරය ද පාසල් දරුවන් තුළ කියවීමේ ආශාව වඩවන ළමා කථාවකි.
රජවෙන්ට ගිය මහන්නා | Rajawenta Giya Mahanna
Original price was: Rs 250.00.Rs 225.00Current price is: Rs 225.00.මාර්ටින් වික්‍රමසිංහ මහතා 1932 දී ලියූ මෙම කතාව පැරණි ජනකතාවක් සේ පෙනෙතත් එය ජර්මන් ජාතික විල්හෙල්ම් හොප්ගේ කතාවක ඡායානුවාදයකි.
අරාබි නිසොල්ලාසයේ අරුම දනවන කතා රීතියෙන් සැකැසුණු මෙය දරුවන්ගේ කුහුල වඩවයි. එමෙන්ම අවංකකම, එඩිතරකම වැනි ගුණ ධර්ම වගාවන්ට ද ඉවහල් වෙයි.
රන්කෙඳි කුමාරිකාව | Rankendi Kumarikawa
Original price was: Rs 150.00.Rs 135.00Current price is: Rs 135.00.අද්භූත කථාවස්තු ඇතුළත් කථාන්තර කියවීමට කුඩා දරුවෝ මහත් ආශාවක් දක්වති. එම කථා කියවීමට සැලැස්වීම මඟින් දරුවන් තුළ ගුණ ධර්ම වඩවා ඔවුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම පැරණි කථා රචකයින් ගේ පරමාර්ථය වීය.
මේ මඟ අනුව ගිය මාර්ටින් වික්‍රමසිංහ මහතා එක්දහස් නවසිය තිහේ දශකයේ දී පැරණි ජනකථා ඇසුරින් ළමා කථා රැසක් සම්පාදනය කෙළේය. ‘රන්කෙඳි කුමාරිකාව’ ඉන් එකකි යෝධ ශක්තිය ඇති කුමාරයකු තවත් යෝධයන් හා එක් වී රකුසන්, සිංහයන්, හා යුදසෙන් පරදවා රන්කෙඳි කුමාරිකාව ගලවා ගත් පුවත එම කථාවට වස්තු වී තිබේ.
උන්මාද චිත්‍රා | Unmada Chithra
Original price was: Rs 175.00.Rs 155.00Current price is: Rs 155.00.“සොඳුර, නුඹ මා රවටන්ට හදනවාදැ”යි තම ප්‍රියාවගේ වචන නොඇදහු කුමාරයා විචාළේ ය. “ඇතුන් ලවා පාගා මැරවූ මාගේ පුත්‍රයා ජීවත්ව සිටින බව මම කෙසේ අදහම්ද? ඒ සියල්ල දන්නා මා රවටන්ට උත්සාහ කරන්නේ කුමක් නිසාද?”
බාලොපදෙශය | Balopadeshaya
Original price was: Rs 150.00.Rs 135.00Current price is: Rs 135.00.බාලොපදෙශය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද පළමු වන පොත ලෙස ප්‍රකට ය. මෙම කුඩා කවි පොත ලිවීමේ පසුබිම බෙහෙවින් සින් ගන්නා සුළු ය. කුඩා වියේදී පියා මිය යාමෙන් පසුව දඟකාරයෙකු ලෙස ගමේ හැසිරැණු වික්‍රමසිංහ සිය මව විසින් උගත් ඥතියෙකු වෙත යොමු කරන ලදුව ඔහු වෙතින් ශාස්ත්‍ර ඥානය හා කවි බැඳුම් පිළිබඳ රචනා ක්‍රම හදාරා දරුවෙකු හික්මවන උපදෙස් සහිත බාලොපදෙශය කවි පොත රචනා කර වීය.
ගැමිදරුවන් සමඟ රංචු ගැසී දඟකම් කළ දරුවකු ලවා බාලයන් යහමඟ යවන පොතක් රචනා කිරීම අනගි අධ්‍යාපන මඟක් වෙයි. නිවහල් අදින ගත්කරැවෙකු ලෙස පුළුල් මඟක දුරගමනක් යා හැකි ලෙස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බාලවිය හැඩ ගැසීමට ඔහු 13 හැවිරිදි වියේ දී ලියූ මේ කුඩා කවි පොත ඉවහල් වී යැයි ඉඳුරාම කිය හැකිය.
ඈන් 5 – සිහින මන්දිරය | Anne 5 – Sihina Madiraya
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. Anne’s House of Dreams
by L. M. Montgomery
ඈන් 4 – තුන් අවුරුද්ද | Anne 4 – Thun Awurudda
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. Anne of Windy Willows
by L. M. Montgomery
ඈන් 3 – සරසවියට ගිය ගමේ කෙල්ල | Anne 3 – Sarasaviyata Giya Game Kella
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00. Anne of the Island
by L. M. Montgomery
සීතලෙන් සීත වුණ සීත සමය | Seethalen Seetha Wuna Seetha Samaya
Original price was: Rs 1,600.00.Rs 1,280.00Current price is: Rs 1,280.00. The Long Winter
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 06
ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81 දී අති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති. හිම කුණාටු මුළු නගරය සම්පූර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමූ අතරේ ජීවත් වීම සඳහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරිට සහ කේරිටත් සිදුවෙයි. නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලන්ඩ් තිරිඟු සොයා බිහිසුණු ගමනක යෙදෙති.අන්තිමේදී අසාමාන්‍ය එහෙත් අතිශයින් ප්‍රමුදිත නත්තලක් සමරන්නට ඔවුන්ට හැකි වෙයි.
මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හයවැන්නයි.
#sithalen sitha vuna sitha samaya
කදිම පාසලේ හොඳම නිළිය | Kadima Pasale Hodama Niliya
Original price was: Rs 750.00.Rs 600.00Current price is: Rs 600.00. The Second Form at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 04
රඟපෑමෙත්, වයලීන වාදනයේත් අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩ්ස් ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනෙයි.කදිම පාසල් පන්ති නායිකාවක වීමට එල්සි සුදුසු නැති බව ළමයි වටහා ගනිති. කදිම පාසලේ තවත් වාරයක ළමයින්ගේ හපන්කම්,මෝඩකම් අතරේ ඕ’සලිවන් නිවුන් සොහොයුරියන් හැසිරෙන්නේ කෙබඳු ආකාරයකට ද…?
පටු මඟෙහි කුඩා නිවහන | Patu Magehi Kuda Niwahana
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00. On Tide Mill Lane
by Melissa Wiley
Little House Charlotte Years Book 2 – ලිට්ල් හවුස් චාර්ලට් ඉයර්ස් 2
19 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය.
ඇය සුප්‍රකට ‘ලිට්ල් හවුස්’ කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි.
ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte Years හෙවත් වොලට්ගේ කතා මාලාව කෘති හතරකින් සමන්විතය.
‘පටු මඟෙහි කුඩා නිවහන’ යනු එහි දෙවැන්නයි.
මාගරට් | Magarat
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00.බැහැපිය ගහෙන්
ඇයි…?
“තොගේ හතර හන්දි කඩන්න”
බෑ
විං චිං නෝනා ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි.
මම ගහ කපනවා
මං මැරෙනවා ගහෙන් පැනලා
ආහ් මැරියංකො මැරුණත් ගහනවා තොට
මං මැරුණොත් කව්ද කොස් කඩන්නේ ” ”
කොස් නොකා ඉන්නවා
ඇයි මං මොකක්ද කළේ ” ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ…?
මං නැග්ගේ නිකම්
තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව
ගැහුවොත් මං කියනවා.
මොකක්ද ?
අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්ත ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා”
ගලිවරායණය | Galiwarayanaya
Original price was: Rs 350.00.Rs 315.00Current price is: Rs 315.00.මාර්ටින් වික්‍රමසිංහ විසින් ගලිවරායණය නමැති ළමා කතාව සම්පාදය කරන ලද්දේ 1931 දීය.
මෙම කෘතියට පාදක වුයේ ජොනතන් ස්විප්ට් ගේ Gulliver’s Travels නම් උපහාස කතාවයි. එය මුලින්ම පළ වුයේ එංගලන්තයේ දීය. පළ වු වසර 1726 වේ. ලොව විවිධ රටවල පැතිරි මෙම කතාව ශ්‍රී ලාංකීය දරුවන්ගේ මනසට ගෝචර වන අයුරින් අනුවර්තනය කීරිමට වික්‍රමසිංහයන් සමත් වී තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.