Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
මොකක්ද මට මේ වෙන්නෙ | Mokakda Mata Me Wenne
Original price was: Rs 950.00.Rs 760.00Current price is: Rs 760.00. What’s Happening to Me?
by Alex Freeth
නව යොවුන් අවධිය මුහුකුරා යෑමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබේ නම් ඒ අවධිය තේරුම් ගැනීම පහසුය.
ඔබේ සිරුරට එහිදී කුමක් සිදුවේ ද යන්න මේ පුස්තිකාව තුළ පැහැදිලිව සරලව සහ සෘජු ලෙස පැහැදිලි කෙරෙයි.
හැඟීම් ද ඇතුළු ව ඔබ ජීවිතයේ, මේ වැදගත් අවධියේ දැන ගත යුතු සියලු වැදගත් කරුණු මෙහි මැනවින් සංග්‍රහ කර ඇත.
මාවතේ ගීතය | Mawathe Geethaya
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00.බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වු දිළිඳු බ්‍රාහ්මණයෙකු වු හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත – බිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිත – මේ නවකතාවෙන් නිරූපනය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියත් විදහා දක්වමිනි.සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් ලෙස රසිකයින්ගේ අවධානය දිනාගත් “පොථොර් පංචාලි” මේ නවකතාව ඇසුරින් නිර්මිතය.
ශ්‍රී කාන්ත හා රාජ ලක්ෂ්මී | Shri Kantha Ha Raja Lakshmi
Original price was: Rs 1,050.00.Rs 840.00Current price is: Rs 840.00.ඒ දඟකාර තරුණිය එදින රාත්‍රියේ පැමිණ හෙළූ කදුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියළි පැවතිණ. ඔවුන් දැන් කොහේ ඇද්දැයි මට නිතරම සිහි විය. ඔවුන් ගංගාමාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි.
සැඳෑ හිරු රැස් අප ඉදිරියේ වූ තැනිතලාවේද එහි තිබුණු හුදෙකලා බට පදුරේද සියඹලා ගස් මතද රන් පැහැයක් තැවරීය. මම රාජලමීට හොරෙන් ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ දෙතොල් මත වූ සිනාව ඒ වන විටත් මැකී ගොස් තිබුණේ නැත.
හිරුගේ විසුරුණු ස්වර්ණ ප්‍රභාවෙන් ඇගේ සුපුරුදු සිනාමුසු මුහුණ දැකිද්දී එය කිසියම් අපූර්ව බවක් පළ කළේය.
සීතලෙන් සීත වුණ සීත සමය | Seethalen Seetha Wuna Seetha Samaya
Original price was: Rs 1,600.00.Rs 1,280.00Current price is: Rs 1,280.00. The Long Winter
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 06
ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81 දී අති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති. හිම කුණාටු මුළු නගරය සම්පූර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමූ අතරේ ජීවත් වීම සඳහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරිට සහ කේරිටත් සිදුවෙයි. නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලන්ඩ් තිරිඟු සොයා බිහිසුණු ගමනක යෙදෙති.අන්තිමේදී අසාමාන්‍ය එහෙත් අතිශයින් ප්‍රමුදිත නත්තලක් සමරන්නට ඔවුන්ට හැකි වෙයි.
මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හයවැන්නයි.
#sithalen sitha vuna sitha samaya
ගෝ දානය | Go Danaya
Original price was: Rs 1,900.00.Rs 1,520.00Current price is: Rs 1,520.00.ගෝ දානය මගින් සිංහල පාඨකයා ප්‍රේම් චාන්ද් නම් වූ ශ්‍රේෂ්ඨ ලේඛකයා අර්ථ සම්පන්න ලෙස හඳුනා ගනියි. මේ ඔහුගේ විශිෂ්ටතම කෘතියයි. ගොවිජන ජීවිතයේ යථාර්ථය මේතරම් ගැඹුරින් නිරූපිත තවත් කෘතියක් නැත.
චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චිගේ අවසන් පරිවර්තනය වන මේ කෘතිය ඈ සිංහල සාහිත්‍යයට ඉටු කළ විශිෂ්ට සේවාව හොඳින් විදහා දක්වයි.
පටු මඟෙහි කුඩා නිවහන | Patu Magehi Kuda Niwahana
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00. On Tide Mill Lane
by Melissa Wiley
Little House Charlotte Years Book 2 – ලිට්ල් හවුස් චාර්ලට් ඉයර්ස් 2
19 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය.
ඇය සුප්‍රකට ‘ලිට්ල් හවුස්’ කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි.
ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte Years හෙවත් වොලට්ගේ කතා මාලාව කෘති හතරකින් සමන්විතය.
‘පටු මඟෙහි කුඩා නිවහන’ යනු එහි දෙවැන්නයි.