Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
හොඳ දඟ මල්ල | Honda Danga Malla
Original price was: Rs 940.00.Rs 750.00Current price is: Rs 750.00. The Naughtiest Girl is a Monitor
by Enid Blyton
දඟ මල්ල 03
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධූරයක්දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
හොඳ ශිෂ්‍ය නායිකාවක වන්නට වැඩි වැඩියෙන් උත්සාහ කරන තරමට ඇගේ හැසිරීම තවත් නරක අතට හැරෙයි! යහපත් දැරියක වන හැටි අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා ඉගෙන ගන්නේ කවදාද?
#daga malla
ශ්‍රී කාන්ත | Shri Kantha
Original price was: Rs 1,350.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.වංග දේශයේ “අපරාජිත මහා ලේකඛකයා” ලෙස විරුදාවලි ලද ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ ජනප්‍රියම නවකතාව මෙන්ම සම්භාවනීය ගද්‍ය කාව්‍යයක් ලෙසද බුහුමන් ලබන “ශ්‍රී කාන්ත” නම් වූ නවකතාවේ මේ සිංහල පරිවර්තනය චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසින් වංග බසින්ම සිංහලයට නගන ලද්දකි. මේ නවකතාවේ නිරූපිත රාජලක්ෂ්මී බ්‍රාහ්මණ වංශික යුවතියකි. ඇය ළමා වියේදී විවාහ කර දුන්නද සැමියාගේ නිවසට කැඳවාගෙන නොයයි. පසු කලෙක රසිකයන් පිනවමින් ඇය ගත කළ ජීවිතය ඇගේ වංශය අනුව ඉතා පහත් එකක් සේ සැලකේ. මේ චරිතය මඟින් කතුවරයා පුරුෂෝත්තම සමාජයක ස්ත්‍රියගේ ඛේදය නිසි කලාත්මක ගැඹුරකින් විදහා දක්වයි.
ගෝරා | Gora
Original price was: Rs 1,850.00.Rs 1,480.00Current price is: Rs 1,480.00.ආනන්දමයී තමාගේ දෑතින් ඔහුගේ හිස ඔසවා ඒ හිස සිප ගත්තාය.
‘මේ ඉන්නේ මගේ අම්මා තමයි. මං හැමතැනම හොය හොයා ඇවිද්ද අම්මා මේ ගෙදරම ඉන්නවා. අම්මා කුලයක් බලන්නේ නෑ. පිරිසිදු, අපිරිසිදුකම් බලන්නේ නෑ. කවුරුවත් පිළිකුල් කරන්නේ නෑ. අම්මා යහපතේ ප්‍රතිමූර්තියක්. අම්මා තමයි මං ප්‍රාර්ථනා කරපු භාරතවර්ෂයේ සංකේතය.’
‘එකපාරක් අම්මගේ ලඡමියාට අඬගහන්න අම්මේ. ලඡමියාට කියන්න මට වතුර ටිකක් ගෙනත් දෙන්න කියලා.’
ආනන්දමයී එවිට කඳුළින් අවහිර වූ මෘදු ස්වරයෙන් ගෝරාගේ කනට කර මෙසේ කීවාය.
‘ගෝරා, එක පාරක් විනයට එන්න කියලා පණිවිඩයක් යවන්නද?’
රජ බිසවකගේ පාපොච්චාරණය – 02 | Raja Bisawakage Papochcharanaya – 02
Original price was: Rs 1,480.00.Rs 1,180.00Current price is: Rs 1,180.00. Queen’s Confession
by Victoria Halt
“පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි.
ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඇ අත්දුටු දුක්පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි.
සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත්තේ නෙතු කඳුළින් යුතුව බැව් සැක හැර කිව හැකිය.
විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි? | Wishishta Samathun Durwala Samathun
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. Why “A” Students Work for “C” Students
by Robert T. Kiyosaki
සිතක වෙහෙස – භාර්යාවන්ගේ පැමිණිලි | Sithaka Wehesa – Bharyawange Paminili
Original price was: Rs 1,230.00.Rs 985.00Current price is: Rs 985.00.සිතක වෙහෙස – ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි | Sithaka Wehesa – Swami Purushaige Paminili
Original price was: Rs 850.00.Rs 680.00Current price is: Rs 680.00.මොකක්ද මට මේ වෙන්නෙ | Mokakda Mata Me Wenne
Original price was: Rs 950.00.Rs 760.00Current price is: Rs 760.00. What’s Happening to Me?
by Alex Freeth
නව යොවුන් අවධිය මුහුකුරා යෑමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබේ නම් ඒ අවධිය තේරුම් ගැනීම පහසුය.
ඔබේ සිරුරට එහිදී කුමක් සිදුවේ ද යන්න මේ පුස්තිකාව තුළ පැහැදිලිව සරලව සහ සෘජු ලෙස පැහැදිලි කෙරෙයි.
හැඟීම් ද ඇතුළු ව ඔබ ජීවිතයේ, මේ වැදගත් අවධියේ දැන ගත යුතු සියලු වැදගත් කරුණු මෙහි මැනවින් සංග්‍රහ කර ඇත.
මාවතේ ගීතය | Mawathe Geethaya
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00.බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වු දිළිඳු බ්‍රාහ්මණයෙකු වු හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත – බිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිත – මේ නවකතාවෙන් නිරූපනය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියත් විදහා දක්වමිනි.සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් ලෙස රසිකයින්ගේ අවධානය දිනාගත් “පොථොර් පංචාලි” මේ නවකතාව ඇසුරින් නිර්මිතය.
ශ්‍රී කාන්ත හා රාජ ලක්ෂ්මී | Shri Kantha Ha Raja Lakshmi
Original price was: Rs 1,050.00.Rs 840.00Current price is: Rs 840.00.ඒ දඟකාර තරුණිය එදින රාත්‍රියේ පැමිණ හෙළූ කදුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියළි පැවතිණ. ඔවුන් දැන් කොහේ ඇද්දැයි මට නිතරම සිහි විය. ඔවුන් ගංගාමාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි.
සැඳෑ හිරු රැස් අප ඉදිරියේ වූ තැනිතලාවේද එහි තිබුණු හුදෙකලා බට පදුරේද සියඹලා ගස් මතද රන් පැහැයක් තැවරීය. මම රාජලමීට හොරෙන් ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ දෙතොල් මත වූ සිනාව ඒ වන විටත් මැකී ගොස් තිබුණේ නැත.
හිරුගේ විසුරුණු ස්වර්ණ ප්‍රභාවෙන් ඇගේ සුපුරුදු සිනාමුසු මුහුණ දැකිද්දී එය කිසියම් අපූර්ව බවක් පළ කළේය.
රැම්සීස් V | Ramses V
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. RAMSES V Under the Western Acacia
by Christian Jacq
“උතුමාණෙනි, ඔබ මා නුබියාවේ යුව රජු ලෙස පත් කිරීම මට දුන් තිළිණයක්. මා බෙහෙවින් අගයන, එහෙත් ඔබ මට වඩා බොහෝම බලවත්, මට මේ බර දරාගත හැකිවේද?”
-සේටෝ
“මා රාජ දූතයෙකු ලෙස මගේ යුතුකම ඉටු කළා පමණයි. සාමය වෙනුවෙන් කැපවී මා ඔබට අභියෝග නොකරන්නේ නම් , මා ඔබේ මිතුරා වන්නේ කෙසේද?”
-ආශා
“යුදෙව්වන් ගරු කරන එකම නීතිය යාවේගේ නීතියයි. උන්වහන්සේගේ නාමයෙන් ඔබ, පාරාවෝ අපට ඉඩ දෙන්න කාන්තාරය බලා යාමට”
-මෝසස්
“ඔබට විශාල ජයක් අත් වුණා උතුමාණෙනි, ඔබට පින් සිදුවන්නට මා කොතරම් ආශ්චර්යමත් දිවියක්ද ගත කළේ?”
-සෙරමන්තා
“මගේ පාරාවෝ. මා මගේ දිවියේ ඉදිරි කාලය ඔබේ කතාව ලියන්නට කැප කරනවා. මෙලොවදී මෙන්ම ඊළඟ ලෝකයේදීත් කිිසිවෙකුට අමතක නොවේවි ඔබ. ආලෝකයේ පුත්‍රයා!”
-ආමෙනි
රැම්සීස් IV | Ramses IV
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. RAMSES IV The Lady of Abu Simbel
by Christian Jacq
”මගේ පියාණන් පාරාවෝ යන්නට දුන් නිර්වචනය නම්, ”තම ජනතාව සතුටින් තබන්නා” යන්නයි. කෙසේද එය කල යුතු? මා-ආට් අනුව යමින්, දෙවියන් සතුටු කරමින්. එවිට ඔවුන් මනුෂ්‍යා වෙන ආශිර්වාද දක්වනවා.”
”මට දැනෙනවා රැජින මේ සියලු දේට සම්බන්ධ බවක්”.
”සත්‍යයි ඈ සමඟ. ඈ වෙනුවෙන් සියල්ල සිදු වන්නේ.අවශ්‍යයි මට තනන්නට සිහිවටනයක්; ඊජිප්තුව හා නුබියාව ආරක්ෂා කරමින්. අපට අවශ්‍ය ශක්තිය මවන, දීප්තිය උපදවන ! ”
”ඔබ තෝරා ගත්තාද ස්ථානයක්?”
නුබියාව මධ්‍යයේ තිබෙනවා ස්ථානයක් අඹු සිම්බල් නමින්. එතැන හාතෝර් දෙවඟන ඇගේ මුද්‍රාව තැබු ස්ථානයක්. තරු රැජින, ආදරයේ රහස නම් මුද්‍රාව, ගල මත තැබූ ස්ථානයක්. ඒ් ආදරයයි මා නෙෆටාරිට පුදන්නට සුදානම් වෙන්නේ. ඒ් තිළිණය ඇය සදාකාලිකව ම “අබු සිම්බල්හි ආර්යාව” බවට පත් කරනු ඇති.”
රැම්සීස් III | Ramses III
Original price was: Rs 850.00.Rs 680.00Current price is: Rs 680.00. RAMSES III Battle of the Kadesh
by Christian Jacq
එය මායාවක් වැනි විය. විශ්වයේ ඈත කෙළවරින් නැඟී ආ හඬක්, ඒ තෙරක් නොපෙනෙන අහසේ ප්‍රතිරාව නංවමින්, රැම්සීස් ගේ දෙසවනට පමණක් ඇසෙන්නට විය.
“මා ඔබේ පියාණන්, ආමන්, ඔබේ අත මට දෙන්න. මා ඔබෙයි. ජයග්‍රහණයේ පියාණන් වූ මා ඔබෙයි. පුතණුවනි.”
එක්වර ම පාරාවෝ ආලෝක ධාරාවකින් වැසී ගියේය. ඔහුගේ සිරුර හිරු එළියේ රන් පැහැයෙන් දිලෙන්නට විය. රැම්සීස්, රා ගේ පුත්‍රයා තම දිව්‍යමය ශරීරයේ බලය ලබා ගත්තේය. තවදුරටත් ඔහු පරාජිත අණ දෙන්නෙකු හෝ හුදකලාව, අවුලටපත් රජෙක් නොවීය. ඔහු ශක්තිමත් අසිපතක් රැඳෙන දෑතක් හිමි, යටපත් කළ නොහැකි ශක්තියකින් යුතු රජෙක් විය. සියල්ල දවාලන ගිනි සිළුවක් විය. රාත්‍රී අහසේ අඳුර විනිවිද යන උල්කාපාතයක්, වේගයෙන් හමන සුළඟක්, සටනට සැරසුන කුළු හරකෙක්, පහරදීම සඳහා අත්පහුරු විහිදාගත් උකුස්සෙක්! රැම්සීස් ඊයක් පසුපස ඊයක් විදින්නට පටන් ගති.
රැම්සීස් II | Ramses II
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. RAMSES II The Eternal Temple
by Christian Jacq
”ආලෝකයේ පුත්‍රයා”
පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වු රැම්සීස්ට තැබු නාමයයි ඒ්. ඔහු නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ්‍යය භාරදෙයි.
සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍ය ගොඩ නැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද?
මේ සියලු උපද්‍රව වලින් රැම්සිස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත රන්වන් සුනඛයා, නොනිදන්නා, සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද?
බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේ දි, තම සිහිනය වු සදාතනික දෙවොල යතාර්තයක් කිරිමට හැකිවේද ආලෝකයේ පුත්‍රයාට?
රැම්සීස් | Ramses
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. RAMSES The Son of the Light
by Christian Jacq
අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට, නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් II, දෙවන රැම්සීස්,
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු, ආලෝකයේ පුත්‍රයා නම් විය.
පාරාවෝ සේටි; ඔහුගේ පියා තම රට ලොව වඩාත්ම බලවත් අධිරාජ්‍යය බවට පත් කළේය.
සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍ය යේ හිමිකරුවා කවුරුන්ද? සඳවන් මුහුණක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල්, ජවසම්පන්න තරුණයකු වූ රැම්සීස්ද?
විශිෂ්ඨයකු වන්නට, ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය, එහෙත්, තම සහෝදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සීස්ට හැකිවේද?
ලස්සන ඉසෙට් හා නෙෆටාරි…………
මේ දෙදෙනා අතුරින් ඔහු තම ආදරිය තෝරාගන්නේ කෙසේද?
සිටියේ ඔහුට; විශ්වාසී මිතුරන් තිදෙනෙකු පමණි. පාසල් මිතුරෙක් වූ යුදෙව්වා, මෝසස්; සර්පයින් වශී කරන සේටෝ; පුද්ගලික ලේකම් ආමෙනි……..
මේ සියලු දෙනා සමග අනාගතය ජය ගැනීමට හැකිවේද? ආලෝකයේ පුත්‍රයාට?
සීතලෙන් සීත වුණ සීත සමය | Seethalen Seetha Wuna Seetha Samaya
Original price was: Rs 1,600.00.Rs 1,280.00Current price is: Rs 1,280.00. The Long Winter
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 06
ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81 දී අති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති. හිම කුණාටු මුළු නගරය සම්පූර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමූ අතරේ ජීවත් වීම සඳහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරිට සහ කේරිටත් සිදුවෙයි. නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලන්ඩ් තිරිඟු සොයා බිහිසුණු ගමනක යෙදෙති.අන්තිමේදී අසාමාන්‍ය එහෙත් අතිශයින් ප්‍රමුදිත නත්තලක් සමරන්නට ඔවුන්ට හැකි වෙයි.
මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හයවැන්නයි.
#sithalen sitha vuna sitha samaya
ගෝ දානය | Go Danaya
Original price was: Rs 1,900.00.Rs 1,520.00Current price is: Rs 1,520.00.ගෝ දානය මගින් සිංහල පාඨකයා ප්‍රේම් චාන්ද් නම් වූ ශ්‍රේෂ්ඨ ලේඛකයා අර්ථ සම්පන්න ලෙස හඳුනා ගනියි. මේ ඔහුගේ විශිෂ්ටතම කෘතියයි. ගොවිජන ජීවිතයේ යථාර්ථය මේතරම් ගැඹුරින් නිරූපිත තවත් කෘතියක් නැත.
චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චිගේ අවසන් පරිවර්තනය වන මේ කෘතිය ඈ සිංහල සාහිත්‍යයට ඉටු කළ විශිෂ්ට සේවාව හොඳින් විදහා දක්වයි.
ඈන් දුටු වසත් සිහිනය | Anne Dutu Wasath Sihinaya
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00. Anne of the Island
by L. M. Montgomery
ඈන්,
බාල වියේ පටන් සොඳුරු සිහින දකිමින් ඒ් සිහින මල්ඵල
නෙළා ගැනීමට අධිශ්ඨානශීලීව කැපවෙන
සොඳුරු සිතැත්තියකි.
මේ ඇගේ දිවියේ වසන්ත සමයයි.
ඉතින් වසත් සමයේ මේ දිරිය යෞවනිය දකින සිහින කෙබඳු වේද?
ඒ්වා සැබෑ කර ගැනීමට ඇයට හැකි වේද?
පටු මඟෙහි කුඩා නිවහන | Patu Magehi Kuda Niwahana
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00. On Tide Mill Lane
by Melissa Wiley
Little House Charlotte Years Book 2 – ලිට්ල් හවුස් චාර්ලට් ඉයර්ස් 2
19 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය.
ඇය සුප්‍රකට ‘ලිට්ල් හවුස්’ කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි.
ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte Years හෙවත් වොලට්ගේ කතා මාලාව කෘති හතරකින් සමන්විතය.
‘පටු මඟෙහි කුඩා නිවහන’ යනු එහි දෙවැන්නයි.