Vidarshana
ඇහැළ මලට දම් පාටක් | Ehela Malata Dam Patak
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.- 2024 රජත පුස්තක සම්මානය සදහා නිර්දේශිත
“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee…!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”
#forget me not #ahala malata dham patak
පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි | Piyedra Gangabada Hida Mama Welapunemi
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. By the River Piedra I Sat Down and Wept
by Paulo Coelho
පිලාර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග හා මංමාවත් පසු කරමින් සොඳුරු මිටියාවතකට පිවිසෙන්නීය. ළමා වියේ පටන් නොවෙනස් වූ ආදරයක් ද සමගින් ඈ හා සිටි, සොරියාවේ තණබිම්වලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිළිබඳ සිහින දුටු, කිසි තැනෙක නම සඳහන් නොවූ ඇගේ මිතුරා ඈ කැටිව යයි. විටෙක මඟ හැරී ගිය ද යළි යළිත් ඔවුහු ඔවුනොවුන් සොයාගැනීමේ අසිරිය අත්විඳිති. කොයියෝගේ මේ කෘතිය පිලාර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබඳ කතාන්දරයයි. එය තමන්ගේ සිහින, බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි.
යක්ෂයා සහ ප්‍රයිම් මෙණෙවිය | Yakshaya Saha Prime Menaviya
Original price was: Rs 980.00.Rs 880.00Current price is: Rs 880.00. The Devil and Miss Prym
by Paulo Coelho
කෑදරකම භීතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්. සිය වේදනා බර අතීතයේ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක්. සන්තුෂ්ටිය සොයා යන තරුණියක්. එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ මරණය සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදු වනු ඇත්තේ ය. ඉදින් එහි දී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද?
යහපත ද එසේත් නැත්නම් නපුරද?
මේ චමත්කාරජනක නවකතාව තුළින් පවුලෝ කොයියෝ සෑම ආත්මයක් තුළ ම ආලෝකය හා අඳුර අතර පවත්වා අරගලය මෙන්ම අපේ දෛනික ජීවන අරගලය හා එහි සබැඳියාව නාටකීය ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කරයි.අපේ සිහින ලුහුබැඳ යාමට නිර්භීත වීම, වෙනස් පුද්ගලයකු බවට පත් වීම සඳහා වන අපේක්ෂාව හා සැබෑ ජීවිතය උදා කර ගැනීමෙන් අප වළකාලන බියෙන් අත්මිදීම. යක්ෂයා හා ප්‍රයිම් මෙනෙවිය උද්වේගකර කතාන්දරයකි. එසේම එමඟින් මනුෂ්‍යයාගේ සාධු චර්යාව බියකරු පරීක්ෂණයට ලක් කෙරේ.
සංසක්කාරි | Sansakkari
Original price was: Rs 980.00.Rs 880.00Current price is: Rs 880.00.- 2022 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
“…කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි.
හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…”
කඳු රැළි | Kandu Reli
Original price was: Rs 980.00.Rs 880.00Current price is: Rs 880.00.මහනුවර දෙවන රාජ්‍යසිංහ රාජ්‍ය සමය පාදක කරගත් නවකතාවක් වන මෙහි ප්‍රධාන කතාව සෙංකඩගල රාජ්‍ය වෙත දූත ගමනක් ගොස් ආපසු එමින් සිටියදී නිල්ගලදී ඝාතනය වූ ගාලු කොටුවේ පළමුවන ඕලන්ද ආණ්ඩුකාර විලියම් ජේකබ් කෝස්ටර්ගේ දරුවෙකු ඉන් වසර විස්සකට පමණ පසු සිය පියාගේ ඝාතනය වෙනුවෙන් රජුගෙන් පළිගැනීම සඳහා සෙංකඩගල වෙත පැමිණීම වටා ගෙති ඇත.විලියම් කෝස්ටර් දූත ගමනක් පැමිණීම මෙන්ම ඔහුව ඝාතනය වීමද සත්‍ය සිදුවීම් වූවද, ඔහුගේ දරුවකු පළිගැනීමේ අරමුණින් සෙංකඩගල පැමිණීම මුළුමනින්ම පරිකල්පනයකි.