Vidarshana
යක්ෂයා සහ ප්‍රයිම් මෙණෙවිය | Yakshaya Saha Prime Menaviya
Original price was: Rs 980.00.Rs 880.00Current price is: Rs 880.00. The Devil and Miss Prym
by Paulo Coelho
කෑදරකම භීතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්. සිය වේදනා බර අතීතයේ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක්. සන්තුෂ්ටිය සොයා යන තරුණියක්. එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ මරණය සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදු වනු ඇත්තේ ය. ඉදින් එහි දී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද?
යහපත ද එසේත් නැත්නම් නපුරද?
මේ චමත්කාරජනක නවකතාව තුළින් පවුලෝ කොයියෝ සෑම ආත්මයක් තුළ ම ආලෝකය හා අඳුර අතර පවත්වා අරගලය මෙන්ම අපේ දෛනික ජීවන අරගලය හා එහි සබැඳියාව නාටකීය ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කරයි.අපේ සිහින ලුහුබැඳ යාමට නිර්භීත වීම, වෙනස් පුද්ගලයකු බවට පත් වීම සඳහා වන අපේක්ෂාව හා සැබෑ ජීවිතය උදා කර ගැනීමෙන් අප වළකාලන බියෙන් අත්මිදීම. යක්ෂයා හා ප්‍රයිම් මෙනෙවිය උද්වේගකර කතාන්දරයකි. එසේම එමඟින් මනුෂ්‍යයාගේ සාධු චර්යාව බියකරු පරීක්ෂණයට ලක් කෙරේ.