ගුරු ගීතය | Guru Geethaya

Original price was: Rs 350.00.Current price is: Rs 280.00.

The First Teacher
by Chingiz Aitmatov

“අනේ, අනේ පොප්ලරයෙනි! නුඹලා ළපටි පැළයන්ව සිට දැන් ලොකු ගස් දක්වා වැඩී සිටිති. මේ කාලයේදී කොතරම් දේවල් වෙනස් වී තිබේද, නුඹලා සිටවමින්, බලාපොරොත්තු බවේ සිහින දුටු ඒ පුද්ගලයා කී අනාවැකි සියල්ල ඉටු වී තිබේ. ඇයි නුඹලා මේ තරම් දුක්මුසු බවකින් සුසුම්ලන්නේ, කුමක් නිසාද, හඬා වැලපෙන්නේ? ළඟ ළඟම ශීත කාලය එන බැවින් නුඹලාගේ අතුවල කොළ හැලී යන නිසාද? ජනතාවගේ දුක් ගැහැට විඳ දරා ගැනීමට බැරි නිසාද?”

“ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි…”

#guru githaya

අම්මා – මක්සිම් ගෝර්කි | Amma

Original price was: Rs 990.00.Current price is: Rs 790.00.

Mother
by Maksim Gorky

මක්සිම් ගෝරකිගේ අම්මා නවකතාව තරම්ම පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ජගත් සාහිත්‍යයේ නැති තරම් ය. එය දස ලක්ෂ සංඛාත ජනකායකගේ ඉරණම කෙරෙහි නියම ලෙස බලපෑවේය. 1905 පළමු වැනි රුසියානු විප්ලවීය ඇති වු කාලයේ දි ලියන ලද මෙම නවකතාව, ලෝක වාසින් අතර ඉතාමත් ජනප්‍රිය විය. විදේශිය භාෂාවන් 127 කින් සහ සෝවියට් සමාජවාදි සමුහාණ්ඩු සංගමයට අයත් ජාතීන්ගේ භාෂාවලින් ද ‘අම්මා’ පළ වී ඇත. එහි පිටපත් සංඛාව කෝටියකට අධිකය. කතාව ලවීම සඳහා ගෝර්කි ආදර්ශ රූප වශයෙන් ගත්තේ අන්නා කිරිලොව්නා සලෝමොවා සහ ප්යොතර් ස්ලෝමොව්ය. මේ දෙදෙනාගේ ජායාරූප හා ගෝරකිගේ ජායාරූප ද ලියවිලි ද මෙයට ඇතුළත් ය.

මහල්ලා සහ මුහුද | Mahalla Saha Muhuda

Original price was: Rs 250.00.Current price is: Rs 200.00.

The Old Man And The Sea
by Ernest Hemingway

අසනග වැසි | Asanaga Wesi

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.
  • 2018 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
  • 2018 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත

ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය.පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල දගකාරකමක් කල පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නවා. තමාගෙ හිතේ ඇති පාර පාර තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල. “මහත්තය… අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා. මම කසාද බැඳල දීගෙ ඇරුණ ගෑණියෙක් නිසා ඒ වැරැද්ද මට මහත්තය පිටින් දමන්න බැහැ. දැන් මට මහත්තය එළවන්නත් බැහැ. තියාගන්නත් බැහැ. ඒත් මට මහත්තයව මේ ගෙදර වහං කරගෙන ඉන්න බැහැ. අපි ආයෙ මේ වැරැද්ද නොවෙන විදියට වැඩ කටයුතු කරමු. මහත්තය කැමති දෙයක් කරන්න..”

#dharshana wijethilaka #darshana vijethilaka #asanaga wesi #asanaga wasi

විජේවීරගේ නික්මයාම | Wijeweerage Nikmayama

Original price was: Rs 750.00.Current price is: Rs 560.00.

මරණ වරෙන්තුව නොහොත් විජේවීරගේ නික්මයාම

ලෝකයට ශ්‍රේෂ්ඨයන් හා දුෂ්ටයන් බිහිකරන්නේ  තත්කාලීන පසුබිමේ  බලපෑම තුළින් වන්නාසේම රෝහණ විජේවීර නම් විප්ලවවාදියා නොහොත් කැරලිකරුවා ද බිහි වූයේ එම යුගයේ සමාජ පරිසරය තුළිනි.

71 කැරැල්ල යනු තරුණ පිරිස් සංවිධානගතව පැවති පාලන ක්‍රමයට එරෙහිව මතු වූ ප්‍රථම විරෝධතාවයයි.

පවතින අයහපත් ක්‍රමය වෙනස් කිරීමට හා පොදු ජනතාවට වඩාත් හොඳින් ජීවත් වීමේ ක්‍රමයක් සාදා දීම සඳහා ලොව විවිධ රටවල නිර්මාපකයින්, විප්ලවවාදී සටන්කරුවන් බිහි වී ඇති අන්දම ඉතිහාසය හැදෑරීමේදී අප වටහා ගෙන ඇත. රෝහණ විජේවීර ද ලෙස මේ රටේ සමාජය තුළ පහළ වූ තැනැත්තකු ලෙස සැලකීම වැරදි නැත.

 

#marana warenthuwa nohoth vijeweerage nikamayama

ජීවිතයට පාඩම් සියයක් | Jeewithayata Padam Siyayak

Original price was: Rs 650.00.Current price is: Rs 520.00.

Life Lessons from the monk who sold his Ferrari
by Robin Sharma

ජීවිතයට පාඩ්ම් 100 පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය. බරපතළ ලෙස ප්‍රායෝගිකය. සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්න අදහස් සරලය. එහෙත් , ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නෙ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි.

රොබින් ෂර්මා

මන්දාරම් උයන | Mandaram Uyana

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.
  • 2019 ස්වර්ණ පුස්තක සම්මානය දෙවන වටය සදහා නිර්දේශිත

දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය. අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කෙතරම් හොඳින් හිරු පායා ඇති දිනක වුවද අඳුරුය. නුග ගසකින් හෙවණ වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වභාවයක් ගනී. පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩිවී පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ අංගයකි. එසේ බලා සිටින විට පොකුණෙන් මතුවන විවිධාකාර සතුන් ඔහුට දැක ගත හැකිය. පෙණය විදහාගෙන එන කළු පැහැ නාගයින්, අං සහිත විශාල කටුස්සන්, ඇස්වලින් හා මුවින් ගිනිදලු විහිදන මකරුන්, හැඩපලු ගෙතී ඇති කෙස් වැටිවලින් හා දික්වූ නියපොතු සහ දත් සහිත ගැහැණුන් මිනිසුන්, මොවුන් සියල්ලන්ම සමඟ කතා කරමින් කාලය ගතකරන දුල්කිත් මේරි අම්මාගේ නොනවතින බැණ අඬගෑම හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත යන්නේ හිසු වූ සිතිනි.

#mandaaram uyana

ඇඩොල්ෆ් හිට්ලර් | Adolf Hitler

Original price was: Rs 490.00.Current price is: Rs 390.00.

අවසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශ්වයේ යුද ජයග්‍රහණයත් උත්සවාකාරයෙන් වාර්තා කළේය. ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපා විය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු වූ අයද වූහ. සිය දිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්‍රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය දක්වාම ඔහුගේ සේවය අත් නොහැර ගිය කාර්යාලයීය ලේකම්වරියක් සඳහන් කරයි. කෙසේ වුව ඒ තත්ත්වය ගොඩනැගෙන්නේ සිය සේනාධිනායකයන්ගේ පසුගාමී හැසිරීම් සහ පාවාදීම් හමුවේය යන්න හිට්ලර්ගේම පිළිගැනීම විය. ඉරණම විසින් තමාගේ ගමන තීන්දු කොට ඇතැයි ජර්මානු ආඥාදායකයා සිය කාර්යාලයීය ලේකම්වරිය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

ජමිලා | Jamila

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

Jamila
by Chingiz Aitmatov

සෝවියට් රුසියානු ලේඛක චිංගීස් අයිත්මාතව් විසින් රචිත කෙටි නවකතාවකි. ජමීලා කෘතිය අයිත්මාතව් විසින් රචිත පළමු කෙටි නව කතාව වේ.ජීවිතය ආදරය යුද්ධය මානුෂික හැඟීම් පිළිබඳ වටිනා කියවීමක් මෙම කෘතියේ අඩංගු වේ.

“තරුණයන්ගේ මේ සරදම නිසා කමතේ සිට හැම දෙනෙක් ම සිනා සුනහ. තිරිඟු පොළොන මහල්ලෝ තම උදලු අහකට දමා ඔවුන්ගේ සතුටු කඳුළු පිස දැමුහ.ඔවුන්ගේ දුඹුරු පැහැති මුහුනේ රැළිවලින් ප්‍රීතිය විදහා පෙන්වන ආලෝකයක් මතුවී ඔවුන් මොහොතකට තරුණ බව ලැබූවන් බවට පත් විය.

ජමීලා තරුණයන්ගෙන් බේරා ගැනීමට තමන් සතු ඊර්ෂ්‍යා සහගත වගකීම් මොහොතකට අමතක කරමින් මමත් සිත පුරා සිනාසුනෙමි. සිනහා නොවූ එකම පුද්ගලයා දනියාර් පමණකි. අහම්බෙන් මම ඔහු දුටුවෙමි . නිහඬවීමි. ඔහු කමතේ එහා කොනේ දෙපා පුළුල් කරගෙන හුදෙකලා ව සිටියේ ය. ඔහු වහාම දිව ගොස් තරුණයන්ගෙන් ග්‍රහණයෙන් දැන්, දැන් ජමීලා මුදා ගනිතැයි මට සිතිණි.”

ඒ අපූරු මග | E Apuru Maga

Original price was: Rs 800.00.Current price is: Rs 640.00.

Leadership Wisdom from the monk who sold his Ferrari
by Robin Sharma

ජීවිතයේ සැබෑ සතුට මෙයයි. එනම්; දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැප වී වෙහෙසීමයි; ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන්කෙඳිරි නොගා, සෝමාරියකු, අලසයකු නොවී සොබාදහමේ සැබෑ බලවේගයක් බවට පත් වීමයි… මට නම් අවශ්‍යව ඇත්තේ මා මිය යන මොහොත වන විට මගේ ජීවිතය මුළුමනින්ම ප්‍රයෝජනයට ගෙන තිබීමටය. මක්නිසා ද යත් මා හොඳින්ම ජීවත් වන බව දැනෙන්නේ, මා හොඳින්ම වෙහෙසෙන විට බැවිනි. මම ජීවිතය රස විඳිමි. මට අනුව නම් ජීවිතය යනු දැවී යන ඉටිපන්දම් කොටයක් නොවේ. ජීවිතය යනු මේ මොහොතේ දී මා අතෙහි ඇති දීප්තිමත් විලක්කුවකි. එය අනාගත පරම්පරාව සඳහා භාර දීමට පෙර හැකි තාක් ආලෝකය උපදවන සේ බැබළවීම මගේ වුවමනාවය.
ජෝර්ජ් බර්නාඩ් ෂෝ

සැබෑ මිනිසෙකුගේ කතාවක් | Saba Minisekuge Kathawak

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

A Story of a Real Man
by Boris Polevoi

‘අලෙක්සේයි මරේසියෙව්’ නම් රුසියන් සෙබළා දෙවන ලෝක සංග්‍රාමයේ දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මානු යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කරගත් ගුවන් හමුදා නියමුවෙකි. තම දෙපා අහිමිවීමෙන් පසුව ද හිට්ලර්ගේ ප්‍රබල හමුදා සමග සටන් වැද විශිෂ්ට ජයග්‍රහණ රැසක් රුසියන් හමුදා වෙත අත් කර දෙන්නට ඔහු සමත් විය. මේ නවකතාවේ කතා නායකයා ඔහුයි.

මුළු යුරෝපයම වාගේ ලෙයින් නෑවූ දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලා ගැනීමට සමත් වූ අතර, සෝවියට් සෙබළු හිට්ලර්ගේ ජර්මන් සේනාවන්ට හා ඔහුට ගැති රටවල් ගණනාවක යුද හමුදාවලට ද විරුද්ධව සටන් දියත් කළහ.

ඒ සෑම අවස්ථාවකදීම අසමසම වීරත්වයක් පෙන්වූ සෝවියට් ජනතාවගේ දේශප්‍රේමීත්වය ද මේ කෘතියෙන් අපට මනාව පැහැදිලි වේ. මුලින් සෝවියට් සංගමයෙන් පළවූ මේ කෘතිය පසුව භාෂා ගණනාවකට පරිවර්තනය විය.මුළු යුරෝපයම වාගේ ලෙයින් නෑවූ දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලා ගැනීමට සමත් වූ අතර, සෝවියට් සෙබළු හිට්ලර්ගේ ජර්මන් සේනාවන්ට හා ඔහුට ගැති රටවල් ගණනාවක යුද හමුදාවලට ද විරුද්ධව සටන් දියත් කළහ.

ඒ සෑම අවස්ථාවකදීම අසමසම වීරත්වයක් පෙන්වූ සෝවියට් ජනතාවගේ දේශප්‍රේමීත්වය ද මේ කෘතියෙන් අපට මනාව පැහැදිලි වේ. මුලින් සෝවියට් සංගමයෙන් පළවූ මේ කෘතිය පසුව භාෂා ගණනාවකට පරිවර්තනය විය.

#sebe minisekuge kathavak

නෙල්සන් මැන්ඩෙලා | Nelson Mandela

Original price was: Rs 600.00.Current price is: Rs 450.00.

නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලන ඉතිහාසයට එක්වන්නේ වර්ණභේදවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදී ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනගා ය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්වීතිය මානවවාදියෙකු ලෙසය. වාර්ගික, ජාතික හා සංස්කෘතික බහුවිධත්වයකින් යුත් දකුණු අප්‍රිකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් තුෂානි බුළුමුල්ල නෙල්සන් මැන්ඩෙලා චර්තාපදානය කෘතිය මඟින් ඉදිරිපත් කර තිබේ.

වානේ පන්නරය ලැබූ හැටි | Wane Pannaraya Labu Hati

Original price was: Rs 1,490.00.Current price is: Rs 1,190.00.

How The Steel Was Tempered
by Nikolai Ostrovsky

වානේ පන්නරය ලබන්නේ ගිනි රත් කොට වහාම දැඩි සීතට හසු කිරීමෙනි. සිවිල් යුද්ධයේ ගින්නෙන් හා සාමකාමී ඉදිකිරීමේ වැඩවලින් ඔහුගේ පරපුර පන්නරය ලැබී ය. ඔහුගේ ජීවිතය ‘ගැට්ට ළඟට ම’ පැමිණි විට දී, ක්‍රියා විරහිත බවට, ඇස් අන්ධ වීම ද එකතු විය. අවසානය ළං වූවාක් මෙන් හැඟිණි. 1930 සැප්තැම්බර් 11 දා ඔස්ත්‍රොව්ස්කි සෝච්වලින් සිය සගයා වන ප්යොත්රා නෝව්කොට්ට මෙසේ ලියුවේ ය.

“ජීවත්වීම සනාථ කිරීම සඳහා අවශ්‍ය හරයකින් ජීවිතය පුරවාලීම අරමුණු කරගත් සැලැස්මක් මා ළඟ ඇත. එම සැලැස්ම ඉතා අමාරු ය. ඉතා අසීරු ය. එය ක්‍රියාවට යෙදවීමට හැකි වූවොත් අප පසු ව ඒ ගැන කතා කර ගනිමු…”

“ඔබ නිර්භීත මිනිහෙකි. කොමියුනිස්ට්වාදී පරමාර්ථවලට කැප වීමට ඔබට හැකි වූයේ නිර්භීතකම නිසා ද?”

“ඔව්.”

ඔස්ත්‍රොව්ස්කි මොහොතකුදු පමා නොවී පිළිතුරු දුන්නේ ය. ඔහුගේ රෝගය අසාධ්‍ය වූව ද, අත් පා සෙලවිය නොහැකි වූව ද, දෙනෙත් අන්ධ වූව ද, දිවා රෑ නොතකා ශාරීරික වශයෙන් පීඩා වින්ද ද ඔහු ඉතා ප්‍රීතියෙන් පසු වන බව වාර්තාකරුට පැවසී ය.

#wane pannaraya lebu heti

හයිඩි | Heidi

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

Heidi
by Johanna Spyri

වයසට වඩා මුහුකරා ගිය බුද්ධියක් දැරියට ඇති බව සීයා තේරුම් ගත්තා. ඔය වැඩපොළ කරන අතරේ හිරු අවරට යමින් තිබුණා. දේවදාර ගස්වල අතු ඉති සොලවමින් සැන්දෑ සීත සුළග හමා ආවා. කදු මුදුනේ සිට පහළට දිව එන සතුන්ගේ කුර හඩත් සමග කිසිවකු කෑකෝ ගසමින් උන් දක්කාගෙන එනු ඇසුණා. එවිට නැන්දා කී දෙයක් හයිඩිට සිහිපත් වී ඇගේ මුවගේ සිනා රැල්ලක් ඇදි ගියා.

වී. අයි. ලෙනින් | V. I. Lenin

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

V. I. Lenin The Story of His Life
by Maria Prilezhayeva

විසඹසර | Wisambasara

Original price was: Rs 1,900.00.Current price is: Rs 1,520.00.
  • 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත

“රැලි සරැලි නගමින් නිහඬව ගලයන මේ ගංදියේ, තමාගේ ජිවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුළු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලයනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”

 

#wisabasara visambasara visabasara

ටොම් සෝයර් | Tom Sawyer

Original price was: Rs 290.00.Current price is: Rs 230.00.

The Adventures of Tom Sawyer
by Mark Twayn

නැන්දණියට හොරෙන් මිතුරන් සමඟ සෙල්ලමට යන “ටොම් සෝයර්”, නැන්දණිය‍ගෙන් බේරීමට දරණ තැන හාස්‍ය රසය ඇති කළද සමස්ථයක් වශයෙන් ගත් කල එකී චරිත තුළ අනුකම්පාව, කෙළෙහිගුණ සැලකීම ආදී ගුණාංගද ගැබ්වී ඇත.

වනස්පතිනිය | Wanaspathiniya

Original price was: Rs 800.00.Current price is: Rs 640.00.

පිළිල සැදී මිය යන්නට ආසන්නව තිබූ මීඅඹ ගස පුරා සරුවට දලු දමා ඇත. පිළිල කප්පවා අළු හුනු ඇතිල්ලීමෙන් විනාශ වුණ පිළිල නැවත මතු වූයේ නැත. සාත්තුවක් නොකර නිකම්ම තියෙන්න ඇරියා නම් මී අඹ ගස මිය යන්නට තිබුණි. ගසේ අතරින් පතර අඹ මල් පොකුරු දෙක තුනක් ද සුළඟට නැළ වේ. හිතුවක්කාරකම, පණ්ඩිතකම, ගරුගාම්භීරකම මේ හැම දේම කැටි වුණ සභාපති මහත්තයාගේ දැවැන්ත සෙවණැල්ල තමාගේ ජීවිතය වසාගෙන ඉතිරී පැතිරී මේ දක්වා තිබුණා සේම තමා මිය යන තුරුම ඒ සෙවණ තමා වසා පැතිරී තිබෙන තාක් කල් තමාට ජීවිතයට උපේක්ෂාවෙන් මුහුණ දිය හැකි වන බව, ප්‍රශ්න හමුවේ නොසැලී සිටින්නට හැකි බව සිහි කරමින් පියගැට පෙළ නැග්ගේ පහන් වූ සිතිනි.

ඇනා කැරණිනා | Anna Karenina

Original price was: Rs 1,250.00.Current price is: Rs 1,000.00.

Anna Karenina
by Leo Tolstoy

ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම මනෝ විද්‍යාත්මකම නවකතාව වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරණිනා කෘතිය මඟින් දහ නම වන ශත වර්ෂයේ රුසියානු සමාජය සහ පොදු වශයෙන් සමස්ත මානව වර්ගයා පිළිබඳව මවනු ලබන සුවිසාල සිතුවම සර්වකාලීන අගයකින් යුතුය. මේ මහා කෘතිය රචනා කරන ටෝල්ස්ටෝයි තම අති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දකින්නට ලැබෙන අමරණීය චරිත කිිහිපයක් නිර්මාණය කරයි. සුපිරි පෙළැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා තම නීරස වූත් බොල් වූත් ජීවිතය හැර දමා සැබෑ ප්‍රේමයක නීනව් සොයා යයි. එනමුදු ඇයට සිදුවන්නේ රුදුරු සමාජයේ ගොදුරක් වන්නටය.

මේ ශ්‍රේෂ්ඨ ලේඛකයා ලෙවින් මගින් ස්වකීය සැබෑ චරිතය ප්‍රතිනිර්මාණය කරමින් සිය ආධ්‍යාත්මයෙහි කැකෑරුණ සැක සංකා මෙන්ම අපරිමිත වූ මානව භක්තිය ද ප්‍රකාශ කරයි.

හිට්ලර්ගේ සිරකරුවෙක් | Hitlerge Sirakaruwek

Original price was: Rs 990.00.Current price is: Rs 790.00.

I Was Hitler’s Prisoner
by Stefan Lorant

බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින් | Bihisunu Sar Joseph Stalin

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,040.00.

දිළිඳු බේබදු සපතේරුවකුගේ පුතෙකු වූ ස්තාලින් ජර්මනියේ සිට සහලින් දක්වා විහිදී පැතිරුණු හිරු නොබසින කොමියුනිස්ට් අධිරාජ්‍යයක් ගොඩනැගුවේය. හිට්ලර්ගේ පාර්ලිමේන්තුව මුදුනේ දෑකැති මිටි රතු කොඩිය එසවූයේය. ලී නඟුලින් සී සෑ රුසියාව පරමාණු බලවතකු බවට පත් කළේය. ලෝකය ගමන් කරමින් සිටි මග වෙනස් කළේය. දිරා ගිය කැප් තොප්පියක්, තමා විසින්ම අලුත්වැඩියා කරගෙන තිබූ ගෙවී ගිය සපත්තු කුට්ටමක්, පරණ වූ අර්ධ හමුදා නිල ඇඳුමක් හා ලෝක මහා බලවතකු මව්බිමට දායාද කොට යන්නට ගියේය.

ස්තාලින් හරහා මේ කියන්නේ ඔක්තෝබර් විප්ලවයේ ඉතිහාසයයි. රුසියාවේ සමාජවාදය ගොඩනැගීමේ විසිතුරු කතාවයි. සෝව්යට් දේශයේ ඉතිහාසයයි. 20 වන සියවසේ පළමු අර්ධයේ ලෝක ඉතිහාසයයි.

නොඇසූ දේ බොහෝ ඇති මේ කතාව කියවීම නවමු අත්දැකීමක් වනු ඇත.

ගිරග සසල විය | Giraga Sasala Viya

Original price was: Rs 500.00.Current price is: Rs 400.00.
  • 2011 ස්වර්ණ පුස්තක සම්මානය අවසන් වටය සදහා නිර්දේශිත

ජයදිත්‍යට උගැන්වීමට පණ්ඩිත හාමුදුරුවන්ට මහන්සියක්, වෙරවීරියක් ගැනීමට අවශ්‍ය නොවීය. ඉතාමත් හොඳ මතක ශක්තියක් ඇති ජයදිත්‍ය සෑම ශ්ලෝකයක්ම සෑම ගාථාවක්ම මැනවින් උගත්තේය. මහණකමට සුදුසු ආකාරයේ මතක ශක්තියක් තිබුණද පණ්ඩිත හාමුදුරුවන් ඔහුව මහණ කිරීමට නොසිතීය. එයට හේතුවූයේ ඉතාම බලගතු ඥානයෝගයක් සේම ලෞකික සැප සම්පත් විඳින යෝගයක්ද ඔහුට පැවතුණ හෙයිනි. ඥානයෝගය පිය පාර්ශ්වයෙන් නොව මවු පාර්ශ්වයෙන් ආවක් යැයි පණ්ඩිත හාමුදුරුවන් සිතූ සේක. “මවුගෙ පෙනුම, මවුගෙ ආභාසය, පෙර පතාගන එන ආකාරයේ නොවැ” කේන්දරයේ විවාහය ගැන නම් එතරම් හොඳක් පෙන්නුම් නොකළ එක ගැන පණ්ඩිත හාමුදුරුවන් ගණනකට ගත්තේ නැත. කනවැද්දුම් යෝගයක් ඇති සේම දෙවන විවාහය ලේ නෑදෑකමකි. ‘විවාහය සිද්දවෙන්නෙ පස්සෙ නොව, ඔක්කෝටම කලියෙන් ඉගෙන කියාගෙන ඉන්න එපායැ..’ පණ්ඩිත හාමුදුරුවන් සිතුවේ එසේය.

#dharshana wijethilaka #darshana vijethilaka #giraga sasala wiya

අලිබාබා ජැක් මා | Alibaba Jack Ma

Original price was: Rs 800.00.Current price is: Rs 640.00.

The House That Jack Ma Built
by Duncan Clark

චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලිබාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහිවු චීන විප්ලවීය සමුහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමි චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පළැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මොනවා ද? “අලිබාබා -ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණ අත් පොතකි.

හතේ කල්ලියේ වික්‍රම පොත් කට්ටලය (පොත් 15) | Hathe Kalliye Wikrama

Original price was: Rs 4,750.00.Current price is: Rs 3,690.00.

The Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම පොත් කට්ටලය

01. කෙරි බ්ලූ වික්‍රමය – පිටු 96
02. මුතු මාලයේ වික්‍රමය – පිටු 96
03. එම්බර් වීදියේ වික්‍රමය – පිටු 96
04. චීකි චාලි වික්‍රමය – පිටු 96
05. ගල් අඟුරු වළේ වික්‍රමය – පිටු 96
06. සිඩ්ගේ අවන්හලේ වික්‍රමය – පිටු 96
07. තැපැල් මලු අබිරහස – පිටු 96
08. හිස් නිවහනේ වික්‍රමය – පිටු 96
09. අස්හලේ කොලුවාගේ අබිරහස – පිටු 96
10. වයලීන වික්‍රමය – පිටු 112
11. ගිනි මැළයේ වික්‍රමය – පිටු 96
12. ටොර්ලින්ග් මාලිගයේ වික්‍රමය – පිටු 96
13. සුනඛ චෞර වික්‍රමය – පිටු 96
14. බ්‍රැම්ලේ වනාන්තරයේ වික්‍රමය – පිටු 96
15. බ්‍රවුනි වික්‍රමය – පිටු 96

හාවැට දිගේ ගෙදර බලා | Haweta Dige Gedara Bala

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

Follow the Rabbit-Proof Fence
by Doris Pilkington | Nugi Garimara

වසර 1390 ගණන්වල දී බටහිර ඕස්ට්‍රේලියාවේ, වයඹ දිග පෙදෙසේ පර්ත් නගරයෙන් උතුරට වන්නට පිහිටි මුරේ ගංගා ස්වදේශික නිවාසයේ සිට ආපසු ජිගලොන්ග්හි පිහිටි සිය නිවෙස බලා, ඇබරිජීනු දැරියන් තිදෙනෙකු විසින් සිදු කළ දුෂ්කර පා ගමන, ඓතිහාසික සිදුවීමක් පමණක් නොව එය අදහාගත නොහැකි විස්මයජනක වික්‍ර්‍රමයන්ගෙන් එකක් ද වන්නේ ය.

ජේන් අයර් | Jane Eyre

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

Jane Eyre
by Charlotte Bronte

1847 වසරේදී ‘Currer Bell’ යන ආරූඪ නාමයෙන් සාහිත්‍ය ලොවට පිවිසි චාලට් බ්‍රොන්ටේගේ කුළුඳුල් නවකතාව වන ‘Jane Eyre’ කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉතා සිත්ගන්නාසුලූ පේ‍්‍රම වෘත්තාන්තයක් වන මෙම කෘතිය එළිදැක්වීමෙන් ඇය විශ්ව කීර්තියට පත් වූවාය. ප‍්‍රථම මුද්‍රණයෙන් පස් මසක් ඇතුළත එය තෙවරක් සංස්කරණය කරනු ලැබීමෙන් එහි ජනපි‍්‍රයතාවය කොතරම්දැයි වටහා ගත හැක.

බිළිඳු වියෙහිදීම දෙමාපිය වියෝවෙන් අනාථ භාවට පත් ජේන් අයර් හට නෑදෑ හිත මිතුරන් හෝ නිවහනක් හෝ වත්කමක් හෝ රූමත් බවක් හෝ නොමැතිව කටුක දිවි පෙවතකට උරුම ලද හෙයින් සිය දිවි මග කිසිවෙකුගේ පිළිසරණක් නොලැබ තනිව ගෙන යාමට සිදු වූවාය. එහෙත් ඇගේ සහජ බුද්ධිය, නිසග හැකියාව, අප‍්‍රතිහත ධෛර්යය, නොපසුබට උත්සාහය, උට්ඨාන වීර්යය, තැන්පත් විනීත පැවැත්ම, මෘදු මොළොක් බව මෙන්ම ප‍්‍රතිපත්ති ගරුක ඍජු අවංක භාවය එඞ්වඞ් රොචස්ටර්ගේ අවධානයට යොමු වූ බැවින් බටහිර සාහිත්‍යයෙහි අද්විතීය පෙම් පුවතක් බිහිවීම සඳහා අවස්ථාව සැලසුණේය.

දෙවත | Dewatha

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

‘මට මේවා උහුලන්න බැහැ නෝනෙ… තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව…’ වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නො කළේ ය. කුඩා දවසෙදිත් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේ ය. සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේවලින් පුරවයි. අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි. දරුවන් වෙනුවෙන් ඒ තරමට ම නැහුණ තාත්තට සැනසීමක් වෙන විදියට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතා ගන්න බැරි ය. එක අතකින් අනික් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි.

චන්ද්‍රාග්නි | Chandragni

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

“බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනිස්සු නිහඬව බොහෝ දේ දරාගෙන අන් අයගේ ජිවිත අවුල් නොකරති. සියල්ල දැනගෙන නොදන්නා සේ අනෙකාගේ සැපත වෙනුවෙන් කටයුතු කරති. මෙවන් උතුම් මිනිසුන්ගේ ගුණ සුවඳ ලෝකය පවතින තුරු, මඳ නල හා මුසු වී විශ්වයම සුවඳවත් කරයි.”

#dharshana wijethilaka #darshana vijethilaka

ඔලිවර් ට්විස්ට් | Oliver Twist

Original price was: Rs 450.00.Current price is: Rs 360.00.

Oliver Twist
by Charles Dickens

නිසල දියවත | Nisala Diyawatha

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන. ඒ හඩේ තියෙන්නේ වෙන කවදාවත් නැති ශෝකයක්. රත්නාවලී හිමින් සැරේ කාමරේ ජනේලේ ඇරිය. හඳ එළිය වැටිලා මිදුලේ රටා ඇඳලා ගස්වල සෙවනැලිවලින් රෑ කුමාරි මල් සුවඳ හුළගත් එක්ක එනවා. හෙමින් ගස්වැල් හෙලවෙන්නේ හරියට මහ දුකකින් වගේ. හෝරා භාගයක් විතර වස්දඬු රාවේ ඇහිල හිමින් නැතිව ගියා. රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිල ඒ කඳුළු බේරුණා කම්මුල් දිගේ. ශෝකයක් ද විරහවක්ද මොකද්ද කියාගන්න බැරි දුකකික් රත්නාවලීගෙ හිත බරවෙලා.

 

#nisala diyavatha

වන මැද සරසවිය | Wana Mada Sarasawiya

Original price was: Rs 400.00.Current price is: Rs 320.00.

“කෝසලගේ හිනාව වන්නි පොලවේ පීදුණු කරඹ මලක් වගේ ඒ තරමට ලස්සනයි. ඊටත් වැඩ ආදර්ශවත් කෝසල හේන් කෙටුවා – ගොවිතැන් කළා. පොළවල් ගානේ ගිහින් බදු වික්කා. ඒ අතර මහන්සියෙන් ඉගෙන ගත්තා. ඒ වගේමයි, මල්ලිටත් ඉගැන්නුවා. ඇත්තෙන්මයි, සරසවියක් වූ කොසලගේ යෞවනය, වන මැද සරසවිය යොවුන් කතාවෙන් දිග හැරෙනවා.

 

#wana meda sarasawiya #vana meda sarasaviya

මළ නොමළ මිනිසා | Mala Nomala Minisa

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

රතු හිතුවක්කාරයා | Rathu HIthuwakkaraya

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

පුරවර අන්දරය | Purawara Andaraya

Original price was: Rs 950.00.Current price is: Rs 760.00.

A Tale of Two Cities
by Charles Dickens

නිදහස, සමානාත්මතාව, සහෝදරත්වය හෝ මරණය, ප්‍රංශ විප්ලවය පිළිබඳ ලියැවුණු සම්භාව්‍ය නවකතාව.

අසිරිමත් සිතක් | Asirimath Sithak

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Positive Living Day by Day
by Norman Vincent Peale

ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ අධ්‍යාත්මික ජීවිතය පෝෂණයෙහිලා න්‍යාය වෙනුවට ප්‍රායෝගික භාවිතාවන් හෙළිදරව් කළ තෝමස් වින්සන්ට් පීලි විසින් කරන ලද දේශනයන් අද ලොව භාෂාවන් ගණනාවකට පරිවර්තනය වෙමින් පවතී..

ටූනා අසිපතේ අබිරහස | Tuna Asipathe Abirahasa

Original price was: Rs 390.00.Current price is: Rs 310.00.

The Lone House Mystery
by Edgar Wallace

එඩ්ගාර් වොලස් අබිරහස් කතා 01

ගංගාවක් අසල පාළු මන්දිරයක විසූ ධනවත් ෆීල්ඩ් මහතා හදිසියේ ඝාතනය ට ලක් වෙයි. මිනීමැරුම සිදුකොට තිබුණේ අප්‍රිකාවේ ගෝත්‍රික අසිපතකිනි.

සුපිරින්ටෙන්ඩෙන්ට් මින්ටර් ඒ එකම හෝඩුවාවෙන් මිනීමරුවා සොයාගන්නේ කෙසේද?

දෙපා පණ නැති මැක්ස් වොස් මහතා ෆීල්ඩ් මහතා ට වෛර කළේ මන්ද?

ෆීල්ඩ් මහතාගේ ලේකම්වරිය මජෝරී වෙන් මෙනෙවිය මිනීමරුවාගේ කාගේ කවුද?

ඇය මිනීමැරුමට අනුබල දුන්නේ ද?

තමාට එල්ල වූ වෙඩි පහර සමඟ මිනීමරුවා කවරෙක්ද යන්න මින්ටර් මහතා අවබෝධ කරගත්තේ කෙසේද?

හිම කබාය | Hima Kabaya

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

The Overcoat and Other Russian Tales
by Niklai Vasilievich Gogol

බ්ලැක් බියුටි | Black Beauty

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Black Beauty
by Anna Sewell

“නළලේ සුදු පැහැති තරුව, එක පාදයක සුදු පැහැ ළපය, කෝ බලන්න…”

ඔහු කියවමින් මගේ බෙල්ල පරීක්ෂා කර බලා උඩ පැන්නා.

“මේ තියෙන්නේ අනිත් ලකුණ. මං මෙයා ගැන හරියකට හෙවුවේ බැලුවෙ නැති දවසක හීතලේ ගැහිල ලෙඩ වුණා. එදා ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එක ගහපු තැන මේ බලන්න මැඩම්..! මේ තමයි බ්ලැක් බියුටි… බ්ලැක් බියුටි…! ඔයාට මාව මතකද? මං තමයි ජෝ ග්‍රීන්.”

ඔහු සතුටින් කෑ ගැසුවා. ඒ තරම් සතුටු වෙන මිනිසෙක් මින් පෙර මා දැක තිබුණේ නැහැ. ඇත්තටම මා මේ දකින්නේ සිහිනයක්ද?

දෙව්තලාව | Dewthalawa

Original price was: Rs 750.00.Current price is: Rs 600.00.

දේවන්තගෙ යටිහිතේ නැගුනු පිළිතුර තේරුම් යනවත් එක්කම සඳුනිගෙ කන් දෙක රතු වුණා. හරියට දේවන්තගෙ කටිනුත් ඒ වචන පිටවුණා වගේ. ඒ එක්කම දේවන්තගෙ දෑසෙ පැටලිලා තිබ්ච්ච ඇගේ දෑස ඒ හැඟීමෙ බරටම බිමට නැඹුරු වුණා.

”කෙල්ලට තේරුණා…”

ඒ බව දැකලා දේවන්තගෙ හිත සතුටට පත්වුණා. ඒත් එක්කම.

”මොකෝ…?”  කියලා අහන්න වගේ දේවන්ත සඳුනි දිහා බලලා ඔළුව වැනුවා.

ඒ ගමන ” ම්..හ්..”  කියාගෙන සඳුනි ඔළුව දෙපැත්තට වැනුවා.

 

#dewthalawa devthalawa dewtalawa devtalava

අමේසන් වික්‍රමය – කුමාර සිරිවර්ධන | Amazon Wikramaya

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

Amazon Adventure
by Willard Price

ලොව දිගම ගංගාව නයිල් වූවත් ලොව විශාලතම ගංගාව අමේසන්ය. අමේසන් ගංගාවේ විශාලත්වය ඔබට මට සිතාගන්නට පවා අපහසුය. අමේසන් ගංගාවේ සමහර තැන්වල පළල සැතපුම් දහසක් පමණ වේ. අන්දිස් කඳුවැටියෙන් ඇරඹෙන මෙම මහා ගංගාව මහද්වීපයේ නැගෙනහිර දෙසට සැතපුම් හාරදහසක් පමණ දුර ගෙවා පැමිණ දකුණු ඇමරිකාවේ උතුරු දිග වෙරළේදී අත්ලාන්තික් සාගරයට වැටෙන්නේ හරියටම සමකයට යටිනි. මෙම ගංගාවේ ජලය කෙතරම් බලවත්ව මුහුදට වැටෙන්නේද යත් එම ජලය මුහුදු ජලය හා මිශ්‍ර නොවී සැතපුම් දෙසීයක් පමණ මුහුද ඇතුළට ගමන් කරයි. ගොඩබිම ඇතුළට සැතපුම් හාරසියයක් පමණ දුර යනතුරු ගංගාවේ විශාල දියරැලි නැගෙන අතර ගඟ දින්ගේ සැතපුම් තුන්දහසක් පමණ දුර ගොඩබිමේ ඇතුළට විශාල නෞකාවලින් ගමන් කිර්මට පුළුවන. අමේසන් නදිය ආශ්‍රිත අමේසන් වනාන්තරය ජෛව විවිධත්වයෙන් අනූනය. එම වනාන්තරයේ තවමත් මිනිසුන් පය නොගැසු ස්ථාන තිබේ. මේ එම මිනිසුන් පය නොගැසූ බිහිසුණු අමේසන් වනාන්තරයේ අපූර්ව සංචාරයකට පාඨක ඔබට කෙරෙන ඇරයුමකි.

#amesan wikramaya amezan