Surasa
කුර හඬෙකි වියැකෙන | Kura Hadeki Viyekena
Original price was: Rs 1,700.00.Rs 1,360.00Current price is: Rs 1,360.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2023 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්‍ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’
ප්‍රේමසුත්‍ර | Premasuthra
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදි වූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.
එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කර ගන්නට ඇය සෑම විට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබු අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියාය.
අතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අම්හිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි.
ජය ගතිමි ජීවිතය | Jaya Gathimi Jeewithaya
Original price was: Rs 800.00.Rs 640.00Current price is: Rs 640.00. Screw It, Let’s Do It
by Richard Branson
ලෝකයේ අති සාර්ථක ව්‍යාපාරික ධන කුවේරයන් අතර මුල් හිනිපෙත්තේ සිටින රිචඩ් බ්‍රැන්සන් ජීවිතය ජය ගැනීම උදෙසා කළ සුවිශිෂ්ට කැපවීම පිළිබඳ ආත්මකථනය.
මා සෑම විටම අවස්ථාවන් ග්‍රහණය කර ගනිමින් ද අභියෝගයන් ජය ගනිමින් ද ජීවිතය ගෙවා ඇත. මගේ ජීවන අභිප්‍රාය වූයේ අභියෝග පිහිටුවාගෙන ඒවා කරා ළඟාවීම ය. ජීවිතයේ උගත් සෑම පාඩමක්ම, මෙම ක්‍රියාවන්ගේ සෘජු ප්‍රතිඵලයකි.
කිසිවක් නොසිතන්න – එය සිදුකරන්න
හැකි යයි සිතන්න – බැහැ යයි නොසිතන්න
ඔබට අභියෝග කරන්න – ඉලක්ක ඇතිකර ගන්න
විනෝද වන්න – වෙනසක් සිදු කරන්න
ඔබේ දෙපයින් නැඟී සිටින්න – අවංකවන්න
ජීවිතය උපරිමයෙන් රසවිඳිමින් ගෙවන්න
තම්බි මුදියන්සේ | Thambi Mudiyanse
Original price was: Rs 850.00.Rs 680.00Current price is: Rs 680.00.තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු 200කට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේය.
ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ ,ඔවුන්ගේ ඔත්තු සේවයට එක්වී සිටි ප්‍රමුඛතම ස්වදේශික ඔත්තු කරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසුකාලයකදී හැඳින්වුණු දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ය.
ඔහුද පසු කාලයේදී ඔහුගේ මී මුණුපුරා ද ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්‍රියා කළේය.
ඒ ඔහු නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි .
මී මුණුපුරා රටේ නායකයා ලෙස කටයුතු කරමිනි .
ශ්‍රි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන යනු ඔහුගේ මී මුණුබුරා ය.
මේ ඔවුන්ගේ කතාවයි.
ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙයි.
අනාගතයේ පුරෝකතනය කරන්නට නම් ඉතිහාසය නිවැරදිව කියවා වර්තමානයේ සමග සමග ගලපා ගත යුතුය.
මා | Maa
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00.- 2019 සවර්ණ පුස්තක සම්මාන නිර්දේශය
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
බිඳුණු බිලින්දා | Bindunu Bilinda
Original price was: Rs 1,350.00.Rs 1,080.00Current price is: Rs 1,080.00. Damaged
by Cathy Glass
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
#bidunu bilinda
ලී ක්වාන් යූ | Lee Kuan Yew
Original price was: Rs 850.00.Rs 680.00Current price is: Rs 680.00.කලක් මඩ වගුරක්ව පැවැති භූමියක් ලෝකයේ සංවර්ධිත නගර රාජ්‍යයත් බවට පත් කිරීමේ උරුමය සිය ජනතාවට අත්පත් කර දුන් දුර්ලභ ගණයේ නායකයකු වශයෙන් ලී ක්වාන් යූ ඉතිහාසය ගත වී තිබේ. ඔහුගේ තීක්ෂණ නායකත්වයේ ප්‍රකට ලක්ෂණ පිළිබඳව හැදෑරීම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයින්ට ද මාර්ගෝපදේශ ලැබිය හැකි ව්‍යායාමයක් වෙයි.
අරමුණක් කරා නොසෙල්වී හඹා යාමේ මනෝභාවය, විවේචන හා විග්‍රහයන් දෙස ඉවසිලිමත්ව සවන්දීම, ජවසම්පන්න නායකයකු සතු පෞරුෂත්වය වැනි ප්‍රායෝගික අකම්පිත ලක්ෂණවලින් පරිපූර්ණ වූ ලී ක්වාන් යූ රාජ්‍ය නායකයාගේ ජීවන චරිතය පිළිබඳ වැදගත් තොරතුරුවලින් පරිපූර්ණ වූ මෙම කෘතිය රාජ්‍යත්වය හා සංවර්ධනය පිළිබඳ කැඩපතකි.
කාල නදී ගලා බසී | Kala Nadee Gala Basi
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.- 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
යකඩ සිල්පර | Yakada Silpara
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00.- 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශය
- 2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශය
දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය. එහෙත්, මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය. අඩි හය හමාරක් පමණ උස කෙසඟ වලසෙකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයේ රාත්‍රියේ මම දුටුවෙමි. ඔහු මා ද ඔසවා විසි කළේය. ඔහුගේ ශක්තිය කෙතරම් දැයි මට හරිහැටි තක්සේරු කළ නොහැකි වුවද, ඔහුට අසාමාන්‍ය කාය ශක්තියක් ඇති බව නම් මට වැටහුණේය. ඔහු ඇතෙකු සමඟ පැමිණ ටොන් එකක් පමණ බර යකඩ බාල්ක ඔසවාගෙන යනු මුරකරුවෙකු දැක ඇත. එසේ නම් ඔහුට ටොන් භාගයක බරක් පහසුවෙන් එසවිය හැකි විය යුතුය. මා ඔහුට රිපීටරයෙන් තුන්වරක් වෙඩි තැබුව ද රිපීටරය පත්තු නොවීය.
කාන්තාරයේ කුසුම | Kantharaye Kusuma
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00. Desert Flower
by Waris Dirie, Cathleen Miller
අප්‍රිකානු කාන්තාරයේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ දී ම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳුකමේ සංකේතයන් වන ඇඟ දැවටුණු සාළු කඩමාල්ල සහ නූගත්කම පමණි. අද ඇය නිව්යෝර්ක් නුවර ජීවත්වන ජගත් විලාසිතා ලොව සුපිරි නිරූපිකාවක් වන අතර, මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක ද වන්නී ය. මානව විශ්වාසය හා ධෛර්යය, ත්‍රාසය හා සන්ත්‍රාසය නොමඳ ව දනවන, තම සත්‍ය ජීවිත කතාව නිර්ව්‍යාජ ව, සිත් බඳන හා අනුප්‍රාණය දනවන අයුරකින් ඉදිරිපත් කරන වාරිස් ඩයිරි ගේ “කාන්තාරයේ කුසුම” සිංහල පාඨකයන්ට නවම් අත්දැකීමක් වනු නිසැක ය.
පියෙන් පියවර නැගෙන් මුදුනට | Piyen Piyawara Nagen Mudunata
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. The Greatness Guide – 2
by Robin Sharma
සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.
නොගන් ගිරිහිස නෙතින් ඉවතට | Nogan Girihisa Nethin Iwathata
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00. The Greatness Guide
by Robin Sharma
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණු කරුවෙකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලාරීන්, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියයට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල් වනු ඇත.
රොබින් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීර්තිමත් ආයතන වලට සේවා උපක්‍රම සහ ධනාත්මක ක්‍රමවේදයන් පිළිබඳව උපදෙස් දෙමින් සහයවන්නෙකි. ඔහුගේ කාති භාෂා 70 කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්‍රිය රොක් ගායකයින්, රාජකීයයන්, ව්‍යවසායකයින් අතර ඔහු තාමත් ජනප්‍රියය.
කාන්තාරයේ දරුවෝ | Kantharaye Daruwo
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Desert Children
by Waris Dirie
“කාන්තාරයේ දරුවෝ” කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.
අප්‍රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මචේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව , චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරුෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද ? යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද ?
ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. “ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත”.
පින්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.
අදිසි නදිය | Adisi Nadiya
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00.- 2019 සවර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
කපිල කුමාර කාලිංග විසින් මෙයට පෙර රචිත “පියැසි කවුළුව’, ‘කන්ද වීදිය’ හා ‘සැප්තැම්බරයේ දිග දවසක්’ නවකතා පාඨක විචාරක ප්‍රසාදය දිනා ගැනීමට සමත් විය. මෙවර ඔහු ‘අදිසි නදිය’ තුළින් සිංහල නවකතාවට නුහුරු විෂය භූමියකට පාඨකයා කැඳවා ගෙන යයි. මායාරූපී ප්‍රබන්ධය, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය,දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි.එසේම මානවවාදී ධීරවීර පුද්ගලයින් හා දූරදර්ශි අධිපතිවාදී පාලකයින් අතරේ පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදිය’ දෑලේ නිරූපනය වෙයි.
අවසන් කටයුතු දිල්ලියේදී | Awasan Katayuthu Dilliyedi
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. One Arranged Murder
by Chetan Bhagat
මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!
ප්‍රෙර්නා…
දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල…
තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට…
වැටුණද?
පැන්නද?
තල්ලුකළාද?
එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය…
එයාගෙ ඇඳ උඩම…
මැරුණද…?
මැරුවද…?
සිය දිවි නසා ගත්තද?
කේශව් අංජලීටයි…
අංජලී කේශව්ටයි…
ඇත්තටම ආදරේ කළාද?
බොරුවට ආදරේ කළාද?
ආදරේ කළේම නැද්ද?
105
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. The Girl in Room 105
by Chetan Bhagat
දෙන්නගෙ ආදරේ බිඳිලා අවුරුදු ගානක්! ඒත් අවුරුදු ගාණකට පස්සෙ කෙල්ලගෙ උපන්දිනේ උදාවෙන රෑ දොළහෙ කණිසමට අපරාජිත පෙම්වතාට කෙල්ලගෙන් වට්ස් ඇප් මැසේජ් එකක්!
”ඔයා මට විෂ් කරන්නෙ නැද්ද? කැමතිනම් ඇවිල්ලම විෂ් කරන්න පුළුවන්….මගෙ හොස්ටල් කාමරේ ජනේලෙ ඇරල තියෙන්නෙ ! තාම මම 105 හේ ! මට ඔයාව අමතක කරන්න බෑ…”
”ෂ්…සාරා…හැපි බර්ත් ඩේ!” ඒත් ඇයි සාරා නිදාගෙන ?
ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.
චක්‍රවර්ති | Chakrawarthi
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00.- 2022 සවර්ණ පුස්තක සම්මාන නිර්දේශය
සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.
හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්‍රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්‍රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.
සුර අසුර යාමය | Sura Asura Yamaya
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00.‘සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
තුන් මොල්ලු | Thun Mollu
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. 3 Idiots
by Chetan Bhagat
ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි. උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.
සඛී භාර්යා | Saki Barya
Original price was: Rs 1,600.00.Rs 1,280.00Current price is: Rs 1,280.00.සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිථවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.
එදා පායා තිබුණේ අඩ සඳකි,ඒ අඩ සඳ දුම්බර කඳු අතරින් එබී බැලුවේ ලැජ්ජාවෙන් මෙන් ය,කෝල බව සහ ආගන්තුක බව හමන සීතල සුළඟ පවා තැවරී තිබිණි.ලා සඳ එළිය අඳුරෙහි සැඟවී ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාව ගිය වළාකුළු අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියේය..සිතුවිලි වලට පියාපත් ලැබී තිබුණ අතර වචන දෙතොළග මිදී තිබුණි.සීතල ඇඟිලිතුඩු රිද්මයකට අනුව මිටියාවත් කඳු වැටි වන ලැහැබ් අතරින් සෙමෙන් සෙමෙන් ඇවිද ගියේ උණුසුම් තැන් සොයමින් ය.සුවඳ තැවරුණු උණුසුම් සුසුම් අතරින් නැගුණු සිහින් කෙඳිරිය මිහිරි ගීයක්ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවකුටවත් නෑසෙන ලෙසිනි.රාත්‍රිය ගෙවී යද්දී ඔහුගේ පළල් උරතලයේ වැතිර සිරවී විඩා නිවමින් තිබුණේ මහා ළෙන්ගතු කමකි.පසුදා හිරු පායන විට ඒ ලෙන්ගතු කම සිය ජීවිතයේ සියලු අහුමුළු කරා විහිද ගිය මහා ප්‍රේමණීය සෙනෙහසක් බවට පත්ව තිබිණි .
පඬුරු බඳින ගස් | Panduru Bandina Gas
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00.- 2023 සවර්ණ පුස්තක සම්මාන නිර්දේශය
ලෝකයක් දිනන්න පිරිමියෙකුට ඕනැ කරන්නෙ එකම එක දෙයයි. ඒ ජීවිතේ හති වැටුන වෙලාවක උණුහුමට ඔලූව තියාගන්න පුලූවන් ආදරණිය ගැහැනියකගේ උකුළක්.
ඒ වගේම තමයි… ගෑනියෙකුට ලෝකයක් හිමි කරගන්නට ඕනැ කරන්නේ තමුන්ට රැකවරණයක්, ආදරයක්, ගෞරවයක් දැනෙන පිරිමියෙක්ගේ උරහිසක වාරුවක්.
එහෙම දෙන්නෙක් අහම්බෙන් හරි මුණගැහුණහම ඇතිවෙන ගින්දර නිවන්න මේ ලෝකෙ කාටවත් බැහැ. ජාති, ආගම්, කුලමල, වයස විතරක් නෙමෙයි උන්ට උන් හිටි තැනුත් අමතක වෙනව. මුළු ලෝකෙම ඉන්නේ තමුන් විතරයි කියල උන් දෙන්නා හිතන්න පටන් ගන්නව. එතැන ඉඳල මුළු ලෝකෙම අයිති උන්ට…!
එහෙම දෙන්නෙක් මුහුදු හතක් පීනලා, කඳු හතක් උඩින් පැනලා, අන්තිමට ආයිත් තමුන්ගෙ අක්මුල් හොයාගෙන ආපහු එනකොට උන්ට අභියෝග කරපු හු`ගක් අයට සිද්ධ වෙන්නෙ හැංගෙන්න.
නමට විතරක් දියමන්තියක් වුණ, කුසෙන් වදපු දරුවන් පවා පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නොතැකූ අසරණ අහිංසක ගැහැනියක් අන්තිම මොහොතෙ තමුන්ගේ ජීවිතය රන් කර`ඩුවක් වගේ සලකා එයට නිසි වටිනාකමක්, උණුසුමක් දෙන උරහිසක් සොයා යන්න හිතන එක වරදක්ද..? එහෙම සිතුවිල්ලක් හිතේ මෝදු වුණාට පස්සෙ ගෑනියෙකුට අතාරින්න බැරි දෙයක් තියෙනවද…? හැමෝගෙන්ම බැටකාපු, නින්දා අපහාස විඳපු, හෑල්ලූවට සූරාකෑමට ලක්වුණ ගැහැනියකට එහෙම ගිහින් තමුන්ගේ ජීවිතය වෙනස් කරගන්න අයිතියක් නැද්ද…..? එහෙමත් නැත්නම් ලැබූ අනේක ගැරහුම් ගෞරවයක්, ආදරයක්, භක්තියක් බවට පෙරළා ගන්න බැරිද..?
වනාන්තරේ ගස් ඕනැ තරම් තියෙනව. හැබැයි මිනිස්සු ප`ඩුරක් බැඳලා දෙවි පිහිට යදින්නේ එහෙමත්ම ගහකට. තමුන්ගේ ඉරණමට බැඳුන සැබෑ දෙවියන් සිටින ගසකට ප`ඩුරක් ගැටගහන්නත් ගැහැනියකට තිරසාර බලපොරොත්තුවක් තියෙන්නෝනෑ. බලාපොරොත්තුව වෙනුවෙන් අනිත් සියල්ලම අතෑරපු එවුන් තමයි අන්තිමට දිනන්නෙ. මේ එලෙස සියල්ල හැර පියා බලාපොරොත්තුව ලූහුබැඳ ගිය එවුන්ගේ කතාවයි.
මොන මගුලක්ද මන්දා | Mona Magulakda Manda
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. 2 States The Story of My Marriage
by Chetan Bhagat
ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි.
ලෝකෙ වටේම ඉන්න කෙල්ලෙ කොල්ලො ආදරේ කරනවා.
ආදරේ කරල බඳිනවා.
ඒක ඒ තරම් සිම්පල් වැඩක්.
හැබැයි ඒ වෙනින් රටවල්වල!
ඉන්දියාවේ ඒ සෙල්ලං බෑ!
ඉන්දියාවේ ආදරේ කරන කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පුර්ණ වෙන්න ඕනෙ.
1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම
2. කොල්ලා කෙල්ලට ආදරේ කිරීම
3. කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම
4. කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම
5. කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම
6. කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම
7. ඒ ඔක්කොම ඉවර වෙද්දි, තාමත් කොල්ල කෙල්ලටයි, ඒ කෙල්ල කොල්ලටයි, ආදරේ නම් කසාඳ බැදීම
මොන මඟුලක්ද මන්දා?
තුන් තකතිරු කං කරපු කෙනෙක් මං | Thun Thakathirukan Karapu Kenek Man
Original price was: Rs 1,600.00.Rs 1,280.00Current price is: Rs 1,280.00. The 3 Mistakes of My Life
by Chetan Bhagat
ආගමයි, බිස්නසුයි, ක්‍රිකටුයි එකට මික්ස් කරපු මික්ස් ෆෘට් කතාවක්.
ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ The 3 Mistakes of My Life නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි.
යස්ස ළමිස්සි | Yassa Lamissi
Original price was: Rs 1,750.00.Rs 1,400.00Current price is: Rs 1,400.00. One Indian Girl
by Chetan Bhagat
“හායි මම රාධිකා මේතා … මම මේ සුමානේ බඳනවා… !
මං වැඩ කරන්නේ ලොක ප්‍රසිද්ධ බැංකුවක් වෙච්ච ගොල්ඩ්මන් සැක්ස් එකේ.මගේ කතාව කියවන හැමෝටම ස්තූතියි.
හැබැයි පොඩ්ඩක් ඉන්න….මට තියනවා ඔයාලට අවවාදයක් කරන්න. ඔයාලා මට ඒ හැටි කැමති නොවෙන්න පුලුවන් …. ඒකට හේතු තුනක් තියනවා.
1. මං නොසෑහෙන්න හම්බ කරනවා.
2. මට හැමදේකටම මගේය කියලා මතකයක් තියනවා.
3. මට මීට මීට කලින් කොල්ලෙක් ඉඳලා තියනවා.එක්කෝ කොල්ලෝ දෙන්නෙක්ම හිටියා කියමුකෝ.
හ්ම්.. කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප්‍රශ්න නොවෙන බව මම දන්නනවා.එත් මං කෙල්ලෙක් වෙච්ච හින්දා, මේ කිව්ව කාරණාත් එක්ක ඔයාල මට එච්චර කැමති වෙන්නේ නෑ…එහෙම නේද?
එච්චර විතරක් නෙවෙය .. සමහර විට ඔයාලා කියාවි,
“මේකි මහ යස්ස ළමිස්සියෙක් නෙ” කියලත්
සූරිය කුසුම | Sooriya Kusuma
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා කරගත් මේ කෘතිය ඔස්සේ එහි කතුවරයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්‍රහයක යෙදේ .
#suriya kusuma
අමාපැන් සොයන්නී | Amapen Soyannee
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00. Nectar in a Sieve
by Kamala Markandaya
ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.
#amapan soyanni
දෙයියෝ තමයි දන්නෙ | Deiyo Thamai Danne
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. 400 Days
by Chetan Bhagat
සියා අරෝරා…
අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…
අම්මයි, තාත්තයි, නංගියි එක්ක
සීයලගෙ මහ ගෙදරට යනව.
නෑදෑ දරුවො එක්ක
සෙල්ලම් කර කර ඉඳල
රෑට නිදාගන්න යනව.
පහුවදා උදේ සියා නෑ !
අතුරුදහන් !!
සියාට මොකද වුණේ ?
කැමැත්තෙන් යන්න ගියාද ?
හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ?
කා එක්ක හරි පැනලා ගියාද ?
කවුරු හරි පැහැරගෙන ගියාද ?
විහිළුවට හැංගුණාද?
දෙයියො තමයි දන්නෙ !
දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ | Denna Depaththe Arathi Madde
Original price was: Rs 1,650.00.Rs 1,320.00Current price is: Rs 1,320.00. Revolution 2020
by Chetan Bhagat
කෙල්ලෙක්, කොල්ලෙකුට ආදරේ කරන්නේ මොකටද?
කොල්ලගෙ සල්ලිවලටද?
කොල්ලගෙ “මොළකාර” කමටද?
නැත්තං කොල්ලෙකුගෙ නාහෙට නාහන ගතියටද?
ඒත් නැත්තං ඩීසන්ට් කමටද?
මේ එකක්වත් නොවෙයිනං කොල්ලෙකුටග මා කොලිටීසිවලටද? කෙල්ලෙක් මේවයින් දෙක තුනකටම කැමතිනං ඒ කියන්නෙ කොල්ලො දෙන්නෙකුටම ආදරේ කරන්න එයාට පුළුවන් කියන එකද? දැන් ඉතින් වටපිට බලන්නත් එපා…
ළග ඉන්න කෙනාගෙ මූණ දිහා බලන්නත් එපා.
තොල විකාගෙන තනියෙන් හිනාවෙන්නත් එපා. සමහරවිට ඒකට උත්තරේ මේ කතාවෙන් දැනගන්න පුළුවන් වේවි. …
ඉස්සෙල්ල කිව්ව ගතිගුණ තියෙන කොල්ලො දෙන්නෙක් එකම කෙල්ලකුට ආදරේ කරනවනං ඒත් කියන්න තියෙන්නෙ ඒකමයි.
රිචඩ් ද සොයිසා – නිහඬ කළ හඬ | Richard De Zoysa – Nihanda Kala Handa
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00.යකාගේ කල්ලිය | Yakage Kalliya
Original price was: Rs 525.00.Rs 420.00Current price is: Rs 420.00. One Bright Summer Morning
by James Hadley Chase
පාතාල ලෝකයේ අපරාධ නායකයෙකුව වැජඹුණු සමයේ බිග් ජිම් ක්‍රාමර් උපයාගත් මහා ධනස්කන්ධය අනපේක්ෂිත අයුරින් ඔහුට අහිමි වූ පසු නැවතත් ඒ හා සමාන ධනස්කන්ධයක් ලබා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් එක්සත් ජනපද රාජධානියේ සිටි ධනකුවේරයකුගේ එකම දියණිය පැහැරගෙන ගොස් ඇය වෙනුවෙන් විශාල කප්පම් මුදලක් ලබා ගැනීමට ක්‍රාමර් සැලසුම් කළේය.
මෙම අපරාධය සඳහා ඔහු තෝරා ගත්තේ බිහිසුණු මැරවරයින් කීපදෙනෙකි. ඒ ඉතාලි ජාතික මිනීමරුවෙකු සහ ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ නිඹුල් සහෝදර යුවලකි. බිග් ජිම් ක්‍රාමර් ඔවුන් හැඳින්වූයේ යකාගෙ කල්ලිය යන අන්වර්ථ නාමයෙනි.
ගිනි දියණි | Gini Diyani
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00. Burned Alive
by Mavie-Threse Cuny
පණ පිටින් පිළිස්සීමට ලක්වූ 17 හැවරදී පලස්තීන යුවතියකගේ සත්‍ය කතාව.
ලයිල… ලයිල… ලා…! | Laila Laila La
Original price was: Rs 1,250.00.Rs 1,000.00Current price is: Rs 1,000.00. Loves Music, Loves to Dance
by Mary Higgins Clark
සජීවී සුරූපිනියන් සමඟ මෙන්ම අජීවී සුරූපිනියන් සමඟ ද රංගනයේ යෙදීමේ අතෘප්තිකර ආශාවන් ගෙවුණු, විකෘති මනසකින් යුත් පුද්ගලයකුගේ අසාමාන්‍ය හැසිරීමට ගොදුරුව අභිරහස් ලෙස මරු වැළඳගත් රූමතියන් රැසකගේ ඛේදවාචකය!
ත‍්‍රාසය, කුතුහලය පිරි උද්වේගකර නවකතාව
ලයිල…. ලයිල…. ලා….
මේරි හිගින්ස් ක්ලාක්ගේ කෘතියක්.
දිලීප ජයකොඩි පරිවර්තනයක්.
නිල් නිවුන්නු | Nil Niwunnu
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. Two Little Girls in Blue
by Mary Higgins Clark
තමන් මොන එකකට එක් නිවුන් දැරියක් තියාගත්තාද? දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත.
එක් දැරියකගෙන් නම් නිදහස්ය.
අනෙක් දැරියගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත. ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය.
අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය.
එම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි.
මේ කාලයට එය වසා ඇත.
එය ආශීර්වාදයකි.
එතැන මුහුද දැඩි සේ ගැඹුරුය.
වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය.
එවිට වෑන් රථය, දැරියත් සමගම මුහුදු පත්ල සිප ගන්නවා ඇත.
වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි.
ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි.
ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය.
මේරි හිගින්ස් ක්ලාක්ගේ කෘතියක්.
දිලීප ජයකොඩි පරිවර්තනයක්.
ප්‍රේම සැඳෑවෝ | Prema Sandewo
Original price was: Rs 1,250.00.Rs 1,000.00Current price is: Rs 1,000.00. Fifty Shades of Grey
by E.L. James
ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey” නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව ප්‍රේම සැන්දෑවෝ නමින් නිකුත් වී ඇත.
වැන්කූවර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇනස්ටසියා ස්ටීල් අනපේක්ෂිත ලෙස හමුවන කෝටිපති ව්‍යාපාරිකයකු වන ක්‍රිස්ටියන් ග්‍රේ සමග අතිශයින් සරාගී ප්‍රේමයක පැටලෙයි. ග්‍රේ ගේ අතිශයින් කඩවසම් රූපකායෙන් මන්මත් වන අනස්ටේසියා ලියල වැඩෙන ආදරයේ අවසානයේ දී ග්‍රේ ගේ ගුප්ත රහසිගත් අනුරාගී ලෝකය ගැන දන ගැනීමෙන් ඇය සිහින මැවූ භාවාත්මක සොඳුරු ප්‍රේම ලෝකය සිය දෙනෙත් අබියස බිඳ වැටේ . ‘ ප්‍රේම සැන්දෑවෝ’ තුලින් කුලුගන්වෙන අනුරාගී අත්දැකීම ඔබගේ මතකය සද නිදන් වනු නියතය.
#prema sandawo sendewo sadavo sedevo
නාග වශිය | Naga Washiya
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00. The Things Man Do
by James Hadley Chase
# naaga vashiya
දිවි දුන් රූමතිය | Divi Dun Rumathiya
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00. A Coffin from Hong Kong
by James Hadley Chase
හොංකොං සිට තම ඇමෙරිකානු ජාතික ස්වාමිපුරුෂයාගේ මෘතදේහය රැගෙන පැමිණි චීන තරුණිය,පෞද්ගලික රහස් පරීක්ෂක නෙල්සන් රයාන්ගේ කාර්යාල මැදිරිය තුළදී අදිසි මිනීමරුවකුගේ වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූවාය.
ධන කුවේරයෙකු වූ ඇගේ මාමණ්ඩියට අවශ්‍ය වූයේ හදිසි රිය අනතුරකින් මිය ගිය තම පුත්‍රයා ගැනත්, ඔහුගේ මිනී පෙට්ටිය හොංකොං සිට ඇමෙරිකාවට ගෙන පැමිණි තම ලේලියගේ අබිරහස් මරණය ගැනත් විමර්ශනය කිරීමටය.
ඒ සඳහා ඔහු පැසඩෙනා නගරයේ සිටි අති දක්ෂ පෞද්ගලික රහස් පරීක්ෂයෙකු වූ නෙල්සන් රයාන් යෙදවීය. මෙම අබිරහස පිටුපස විමර්ශනය කරමින් හොංකොං බලා පිටත් වූ රයාන්ට මුහුණ දීමට සිදුවුයේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ අති බිහිසුණු මිනීමරු සංවිධානයක් සමග ජීවිතයත් මරණයත් අතර සටන් වැදීමටය.
#diwi dun roomathiya
ප්‍රේම සැඳෑවෝ – 6 | Prema Sandewo – 6
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. Fifty Shades of Grey
by E.L. James
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියේ සයවැනි කොටසේ සිංහල පරිවර්තනයයි. කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ප්‍රේම සම්බන්ඳතාවක ඇතුළාන්තය නිර්ව්‍යාජව හෙළිදරව් කෙරෙන මෙය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.
#prema sandawo sendewo sadavo sedevo
ප්‍රේම සැඳෑවෝ – 5 | Prema Sandewo – 5
Original price was: Rs 1,150.00.Rs 920.00Current price is: Rs 920.00. Fifty Shades of Grey
by E.L. James
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියේ පස්වැනි කොටසේ සිංහල පරිවර්තනයයි. කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ප්‍රේම සම්බන්ඳතාවක ඇතුළාන්තය නිර්ව්‍යාජව හෙළිදරව් කෙරෙන මෙය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.
#prema sandawo sendewo sadavo sedevo
ප්‍රේම සැඳෑවෝ – 4 | Prema Sandewo – 4
Original price was: Rs 1,600.00.Rs 1,280.00Current price is: Rs 1,280.00. Fifty Shades of Grey
by E.L. James
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියේ සිව් වැනි කොටසේ සිංහල පරිවර්තනයයි. කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ප්‍රේම සම්බන්ඳතාවක ඇතුළාන්තය නිර්ව්‍යාජව හෙළිදරව් කෙරෙන මෙය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.
#prema sandawo sendewo sadavo sedevo
ප්‍රේම සැඳෑවෝ – 3 | Prema Sandewo – 3
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00. Fifty Shades of Grey
by E.L. James
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියේ තෙවැනි කොටසේ සිංහල පරිවර්තනයයි. කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ප්‍රේම සම්බන්ඳතාවක ඇතුළාන්තය නිර්ව්‍යාජව හෙළිදරව් කෙරෙන මෙය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.
#prema sandawo sendewo sadavo sedevo