කාන්තාරයේ කුසුම | Kantharaye Kusuma

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

Desert Flower
by Waris Dirie, Cathleen Miller

අප්‍රිකානු කාන්තාරයේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ දී ම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳුකමේ සංකේතයන් වන ඇඟ දැවටුණු සාළු කඩමාල්ල සහ නූගත්කම පමණි. අද ඇය නිව්යෝර්ක් නුවර ජීවත්වන ජගත් විලාසිතා ලොව සුපිරි නිරූපිකාවක් වන අතර, මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක ද වන්නී ය. මානව විශ්වාසය හා ධෛර්යය, ත්‍රාසය හා සන්ත්‍රාසය නොමඳ ව දනවන, තම සත්‍ය ජීවිත කතාව නිර්ව්‍යාජ ව, සිත් බඳන හා අනුප්‍රාණය දනවන අයුරකින් ඉදිරිපත් කරන වාරිස් ඩයිරි ගේ “කාන්තාරයේ කුසුම” සිංහල පාඨකයන්ට නවම් අත්දැකීමක් වනු නිසැක ය.

කාන්තාරයේ දරුවෝ | Kantharaye Daruwo

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

Desert Children
by Waris Dirie

“කාන්තාරයේ දරුවෝ” කතුවරිය​ වන​ වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.

අප්‍රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මචේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව , චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරුෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද ? යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද ?

ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. “ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත”.

පින්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.

ප්‍රේම සැඳෑවෝ | Prema Sandewo

Original price was: Rs 1,250.00.Current price is: Rs 1,000.00.

Fifty Shades of Grey
by E.L. James

ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey” නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව ප්‍රේම සැන්දෑවෝ නමින් නිකුත් වී ඇත.

වැන්කූවර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇනස්ටසියා ස්ටීල් අනපේක්ෂිත ලෙස හමුවන කෝටිපති ව්‍යාපාරිකයකු වන ක්‍රිස්ටියන් ග්‍රේ සමග අතිශයින් සරාගී ප්‍රේමයක පැටලෙයි. ග්‍රේ ගේ අතිශයින් කඩවසම් රූපකායෙන් මන්මත් වන අනස්ටේසියා ලියල වැඩෙන ආදරයේ අවසානයේ දී ග්‍රේ ගේ ගුප්ත රහසිගත් අනුරාගී ලෝකය ගැන දන ගැනීමෙන් ඇය සිහින මැවූ භාවාත්මක සොඳුරු ප්‍රේම ලෝකය සිය දෙනෙත් අබියස බිඳ වැටේ . ‘ ප්‍රේම සැන්දෑවෝ’ තුලින් කුලුගන්වෙන අනුරාගී අත්දැකීම ඔබගේ මතකය සද නිදන් වනු නියතය.

#prema sandawo sendewo sadavo sedevo

ප්‍රේම සැඳෑවෝ – 6 | Prema Sandewo – 6

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

Fifty Shades of Grey
by E.L. James

මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියේ සයවැනි කොටසේ සිංහල පරිවර්තනයයි. කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ප්‍රේම සම්බන්ඳතාවක ඇතුළාන්තය නිර්ව්‍යාජව හෙළිදරව් කෙරෙන මෙය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.

#prema sandawo sendewo sadavo sedevo

ප්‍රේම සැඳෑවෝ – 5 | Prema Sandewo – 5

Original price was: Rs 1,150.00.Current price is: Rs 920.00.

Fifty Shades of Grey
by E.L. James

මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියේ පස්වැනි කොටසේ සිංහල පරිවර්තනයයි. කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ප්‍රේම සම්බන්ඳතාවක ඇතුළාන්තය නිර්ව්‍යාජව හෙළිදරව් කෙරෙන මෙය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.

#prema sandawo sendewo sadavo sedevo

ප්‍රේම සැඳෑවෝ – 4 | Prema Sandewo – 4

Original price was: Rs 1,600.00.Current price is: Rs 1,280.00.

Fifty Shades of Grey
by E.L. James

මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියේ සිව් වැනි කොටසේ සිංහල පරිවර්තනයයි. කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ප්‍රේම සම්බන්ඳතාවක ඇතුළාන්තය නිර්ව්‍යාජව හෙළිදරව් කෙරෙන මෙය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.

#prema sandawo sendewo sadavo sedevo

ප්‍රේම සැඳෑවෝ – 3 | Prema Sandewo – 3

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

Fifty Shades of Grey
by E.L. James

මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියේ තෙවැනි කොටසේ සිංහල පරිවර්තනයයි. කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ප්‍රේම සම්බන්ඳතාවක ඇතුළාන්තය නිර්ව්‍යාජව හෙළිදරව් කෙරෙන මෙය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.

#prema sandawo sendewo sadavo sedevo

ප්‍රේම සැඳෑවෝ – 2 | Prema Sandewo – 2

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

Fifty Shades of Grey
by E.L. James

භාෂා 12 කට පරිවර්තනය වී පිටපත් දස ලක්ෂ ගණනික් අලෙවි වාර්තා තැබූ මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් ; Fifty Shades of Grey නැමැති කෘතියට පාදක වූ කෝටිපති ව්‍යාපාරික හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ උන්මාදනීය භාවාත්මක ආදරයේ දෙවැනි කොටසයි.

#prema sandawo sendewo sadavo sedevo

ගිනි මැද සක්මන | Gini Mada Sakmana

Original price was: Rs 950.00.Current price is: Rs 760.00.

Bis zur letzten Stunde
by Traudl Junge & Melissa Muller

එවකට විසිදෙවෙනි වියේ පසු වූ ට්‍රවුඩ්ල් යුන්ග් බැලේ නාට්‍යාංගනාවියක්වීමට සිහින මවමින් සිටි අතර, අහම්බෙන් මෙන් ඇයට ඇඩොල්ෆ් හිටලර්ගේ ලේකම්වරියක වන්නට අවස්ථාව ලැබුණි. වර්ෂ 1942 සිට ඔහුගේ මරණය දක්වා බංකරය තුළ ඔහු අසල රැදෙමින් ඔහුගේ ලිපි ලේඛන, දේශන වෙනකක් තබා ඔහුගේ පෞද්ගලික සහ දේශපාලනික අන්තිම කැමති පත්‍ර පවා යතුරු ලියනය කරන ලද්දේ ඇය විසිනි.

එහෙත්, හිට්ලර්ගේ නාසි රාජ්‍යයේ මිනීමරු ස්වභාවය ඇයට දැනගන්නට ලැබුණේ යුද්ධය අවසන් වූවාට පසුවය. ඇය කොතරම් සසල වූවාදැයි කිවහොත් කෘරතම අපරාධකාරයාට ලෙන්ගතුවීම කෙරෙහි ඇය තුළ පසුතැවිල්ලක් ඇතිවිය.

ඇගේ මෙම කෘතිය ප්‍රකාශයට පත්වීමෙන් දින කීපයකට පසු, වර්ෂ 2002 පෙබරවාරි දෙවැනි දින ඇය මෙලොවින් සමුගත්තාය.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මම නිස්කලංක ව කතා කරන්නට හැකි තැනකට ඔටෝ ගුන්ෂ් කැඳවාගෙන යන ලදු ව, හිට්ලර්ගේ අවසානය සිදු වූ අයුරු ගැන අසා සිටියෙමි. ඔහු ඉතා කැමැත්තෙන් මා හට එය විස්තර කරන්නට ඉදිරිපත් විය. “හිට්ලර් සමග ඔහුගේ කාමරයට ඇතුළු වන දොර දක්වා ගිය අපි ඔහුට නැවත වරක් ආචාර කළා… ඊට පසු ව ඔහු ඊවා බ්‍රවුන් මහත්මියත් සමග කාමරයට ඇතුළු වී දොර වසා ගත්තා… හීවල්, කෙම්පෙක, ගොබල්ස්, බෝර්මන්, අක්ස්මන් සහ මම ඒ අසල කොරිඩෝරයේ නැවතී සිටියා. විනාඩි දහයක් විතර කාලයක් ගත වුණා. ඒ කාලයට අපට දැනුණේ දවසක් වගේ… ඊට පස්සෙ අපිට වෙඩි සද්දයක් ඇහුණා… ගොබල්ස් දොර ඇරගෙන කාමරය ඇතුළට යන විට හිට්ලර් හිසට වෙඩි තබාගෙන පුටුව මත මැරි වැටී සිටියා… වෙඩි උණ්ඩයෙන් ඔහුගේ හිස කුඩු පට්ටම් වී ගොස් තිබුණා… ඊවා බ්‍රවුන් සයනයිඩ් කරල හපාගෙන මියගොස් සිටියා… අපි නායකයාගේ හිස රෙදි කැබැල්ලකින් එතුවා… හිට්ලර්ගේ සහ ඊවා බ්‍රවිනිගෙ මළසිරු කෙම්පෙක සහ අක්ස්මන් උස්සාගෙන රයිෂ් චාන්සලරිය උද්‍යානයට අරගෙන ගියා… අපි මළසිරුරු දෙක චාන්සලරියට ඇතුළු වන දොර ළග ඉඳලා මීටර් තුනක් පමණ ඈතින් තියලා ඒ මතට පැට්‍රල් දාලා ගිනි තිබ්බා.” ගුන්ෂ් කතාව සමාප්ත කළේය. මොනතරම් ඉක්මනින් මනුස්ස ජීවිතයක් අවසන් වන්නට හැකි දැයි මට ඒ මොහොතේ කල්පනා විය. දින කීපයකට පෙර මුළු ලෝකය ම සොලවාගෙන හිටපු එමෙන් ම තුන්වන අධිරාජ්‍යයේ නායකයා දැන් සුළගට ගසාගෙන යමින් තිබෙන කුඩා අළු ගොඩක් පමණි.

මරණයේ දොරටුව | Maranaye Doratuwa

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,040.00.

Auschwitz
by Dr. Miklos Nyszli

වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය ලොක වේදිකාව මත රඟ දක්වමින් සිටියහ.මුළු ලෝකයටම ගිනි තබන ලද ඔවුහු අද ඔවුන්ගේම ගිනිමැලයකට වැටී දැවී යමින් සිටින්නෝය.දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද “Deautshland,Deautshland uber allaes” “ලෝකයේ උතුම්ම ම ජාතිය ජර්මනියයි” යන අඥාපතියාගේ වියරු හඬත් සමඟ ඔහුගේ අද පොළොව යට ඇති බංකරයකට වී ගැහෙමින් සිටින්නේය. අහංකාරෝන්මාදයෙන් ආඩම්බරයෙන් වැජඹුණ නාසි රාජ්‍යයට විරුද්ධව, මුළු ලෝකයම එකතු වී, නිදහස සඳහා කරන ලද විරෝදාර සටනින් සහතික වශයෙන්ම නාසි රාජ්‍යයේ බළ බිඳ දමා ඇත.

යුද්ධයේ අතුරු කතාවක් | Yuddaye Athuru Kathawak

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

The Nazi Officer’s Wife
by Edith Hahn Beer

එඩිත්හාන් නමැති යුදෙව් ජාතික දිරිය කතගේ ආත්ම භාෂණය රැගත් ‘The Nazi Officer’s Wife’ විෂම සමාජයක උපත ලැබ අනේකවිධ දුක් දොම්නස්වලට මුහුණ දී අවසානයේ විමුක්තිය ලබන අයුරු විවරණය කෙරේ.

දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මගෙත් ඇන්ජලා ගේ ජීවිතය බේරුණි.

මේ ලෝකයේ අන්කිසිම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැන ගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලා ට ය.ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවෙකුට දැන ගන්නට නොලැබෙනු ඇත.