Sooriya
ලක් බිමේ සත් වසක් | Lakbime Sath Wasak
Original price was: Rs 1,480.00.Rs 1,255.00Current price is: Rs 1,255.00. Growing
by Leonard Woolf
අපේ රටටත් අපේ මිනිසුන්ටත් පමණක් නොව, අපේ සතා සීපාවාටත් ආදරය කළ සුදු ඒජන්ත හාමුදුරුවෝ වන ලෙනාඩ් වුල්ෆ් ගේ (1904–1911) ස්වයං ලිඛිත චරිතාපදානයේ දෙවැනි කොටස වන GROWING (1961) කෘතහස්ත පරිවර්තකයකු වන ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා විසින් සිංහලයට නඟා ඇත. පාහියන්ගේ – හියුංසාංගේ – දේශාටන වාර්තා – රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය ඩොයිලිගේ දිනපොත මෙන්ම වුල්ෆ්ගේ GROWING නම් කෘතිය ද ලංකාවේ අතීත තොරතුරු සොයන පර්යේෂකයනට ඍජු මූලාශ්‍ර ග්රන්ථයක් ලෙස අතිශය වැදගත් ය. ලෙනාඩ් වුල්ෆ් ලියූ, බැද්දේගම නමින් සිංහල පාඨකයන් හඳුනන VILLAGE IN THE JUNGLE (1912) නම් නවකතාව ලංකාව පසුබිම් කොට ඉංගිරිසියෙන් ලියැවුණු ශ්‍රේෂ්ඨතම නිර්මාණාත්මක කෘතිය ලෙසසැලකේ.
– තිලකරත්න කුරුවිට බණ්ඩාර