ෆොගෙට් මී නොට් | Forget me not

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,080.00.

මල් කිණිත්තක පුරාවෘත්තය

බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං කැබලි වෙච්චි ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා මුදු නමුත් ස්ථීර ප්‍රේමයකින්. ඒත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළදගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, ආදරය කියන්නේ කැපකිරීමක්” වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගහැණියක්.

****

ඔල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන චෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – චෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවි!

ඒත් මං ආදරෙයි | Eth Man Adarei

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

කවදාහරි දාවසකදි මේ මගුල් කියවලා

ඔයාටත් හිතුනොතින් මම පිස්සෙකැයි කියා

අද වගෙම එදාටත් තියම් කවියක ලියා

පිස්සෙකුගේ ආදරේ තාම දන්නෑ ඔයා ”

#eth man aadarei

බයෝ කරපු ඒලෙවල් 2 | Bio Karapu A Level 2

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

එක පැත්තකට සිද්ධවෙන
ප්‍රතික්‍රියාවක
සීමාකාරී ප්‍රතික්‍රියකය
එක තැනකදි ඉවර වුණා
එතනිං ප්‍රතික්‍රියාවත් නැවතුණා!

“ආදරේ කියන්නෙ
සමතුලිතතාවයක් !

එහෙම නැත්තං
ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් !”

මම කොයිතරම් කිව්වත්
ඔයාට ආදරේ කියන්නෙ,

එක පැත්තකට සිද්ධවෙන
ප්‍රතික්‍රියාවක් විතරක්ම වුණා!

HAPPY Living | හැපී ලිවිං

Original price was: Rs 850.00.Current price is: Rs 720.00.

මං ගංඟා ගේ Happy Living කතා Facebook එකේ කියවනකොට ඒ හැම කතාවක්ම අවසානේදීම මට දැනුණේ සතුටක් ඒ කියන්නේ මම කියවන්න පටන් ගන්න කොට හිටපු මානසිත තත්වයට වඩා මිහිරි මානසික තත්ත්වයකට මං පත්වූ ඒ වගේම ඒ කතාව කියෙව්වට පස්සේ, අර සතුටට අමතරව මට දැනෙන්න ගත්තා ඒ කතාවට සම්බන්ධ මගෙත් මිහිරි සුන්දර මතක අවදිවන බව. කොටින්ම මමත් ඒ කතාවෙම කොටසක් බව දැනෙන්නට වීම එක අතකට හරි ආශ්වාදයකුත් වුණා.
-Professor Kirthi Premadasa

බයෝ කරපු ඒලෙවල් 3 | Bio Karapu A Level 3

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

HAPPY Living 2 | හැපී ලිවිං 2

Original price was: Rs 850.00.Current price is: Rs 720.00.

“ඔයා එයාට මොදිත මාමා කියලා කියන්නේ එයා ඔයාගේ මාමා කෙනෙක් ද?”

යම් යම් අය මගෙන් මෙහෙම අහලා එවන්නේ මගේ Happy Living Facebook Page එකේ සමහර ලියමන්වල සහ මීට කලින් ආපු Happy Living (පළමු පොතේ) මං එයාව මොදිත මාමා කියලා හදුන්වලා තියන නිසා. ඇත්තම කතාව කිව්වොත් නම්, පෙනුමෙන් මාමා කෙනෙක් වගේ වුණාට, එයාගේ සමහර කියුම් – කෙරුම් නම් හතේ පන්තියේ ළමයකු හා සමානයි. ඒ නිසාම ද කොහෙද අපේ ගෙදරට එහා ගෙදර ඉන්න පොඩි බබාලා දෙන්න එයාට කියන්නේ මොදිත මාමා කියලා වුණාට මට කතා කරන්නේ “ගංගා අක්කා” කියලයි. ඉතින් එහෙව් එකේ, මං එයාව මොදිත මාමා” කියලා හදුන්වන එකේ මහා ලොකු වරදක් නැහැනේ.

ජීවිතය විඳවන්න නොවේ. විඳින්න

ඉතිං මට සමාවෙන්න | Ithin Mata Samawenna

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

¨බැරිම හින්දා කවමදාවත්
ආයෙ ඔබ වෙත හැරෙන්න

කිසිත් කියන්න බෑ ඉතිං මට,
“සමා වෙනු මැන!” ඇරෙන්න

ජීවිතේ තව බොහෝ දුර ඇති
අතරමග බෑ මැරෙන්න

ඔබත් ඔහොමම මගදි හමුවන
වංගුවක් ළඟ හැරෙන්න”

මැණිකේ | Manike

Original price was: Rs 350.00.Current price is: Rs 280.00.

මිනිස්සු
හරි කැමති
වචන වලින්
සිතුවිලි මරන්න..
ඒ වගේම
සිතුවිලි
වචන කරලා
මිනිස්සු මරන්න..

ජීවිත ගමන තුල අපට හමුවන දුක , සතුට නිතැතින්ම කඳුලින් නිමවූ අවස්ථා මෙන්ම දුක සතුටක් ලෙසද සතුට දුකක් ලෙසද විඳදරා ගත් සෑම අවස්ථාවකම “කවිය” ඉතා වැදගත් වූත්, වටිනා වූත් කාර්‍යභාරයක් ඉටු කල බව නොරහසකි.

සාහිත්‍යය නම් වූ සමුද්‍රය තුල කවිය නම් වූ ඔරුව පැදවීමට භාෂාව නම් වූ හබල හැසිරවීම සංයමයෙන් සිදු කල යුතුය.

අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් සහ මධ්‍ය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය නිමා කල මා රජරට විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හා පශ්චාත් සම්පූර්ණ කර, ආචාර්‍ය උපාධිය හැදෑරීමට විදේශ ගතවීම දක්වා ලබාගත් සංයමය භාෂාව හැසිරවීම තුලින් කවිය ජනගත කිරීමට ඉවහල් වූ බව මම තරයේ විශ්වාස කරමි.

රෙයින්ඩ්‍රොප්ස් ඔන් ද පෙයින් | Raindrops on the Pain

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

රේන්ඩ්‍රොප්ස් ඔන් ද පේයින්
𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 – වේදනාව මත වැහි බිදු
𝐓𝐡𝐚𝐭 𝐦𝐨𝐫𝐞 𝐢 𝐭𝐫𝐲 𝐭𝐨 𝐟𝐨𝐫𝐠𝐞𝐭, 𝐓𝐡𝐞 𝐦𝐨𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐢 𝐫𝐞𝐦𝐞𝐦𝐛𝐞𝐫

සතුට ලියලුනු, දුක වැපිරවුනු සහ කලකිරීම්
මෙන්ම පසුතැවීම් කම්මුල් පහර ගසන සෑම විටෙකදීම 𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 හි හිස් පිටු
මා අතින් පින්තාරු විය…
__________

බිදී ඇති හිත්,
තැලී ඇති හිත්,
යන්තමින් අමුනාගෙන යලි අටවාගෙන ඇති හිත්,
දුර්භික්ෂයෙකින් පසු නැවතත් යලි පන ගසමින් ඇති හිත්,
තටු විහිදුනු හිත්,
පියෑඹූ හිත්,
හිරිමල් තරුණ හිත්,
ආදරණීය ස්පර්ශ තටු අකුලාගෙන ඇති වියපත් හිත් සහ
ප්‍රේමණීයම ශුංගාර තවමත් යාන්තමින් හෝ මුලු ගැන්වී ඇති මහලු හිත්,
පැමිණ Raindrops පිංතාරුව මත සැතපෙන්න…

මොනර කුටුම්බය – නවකතාව | Monara Kutubaya

Original price was: Rs 1,100.00.Current price is: Rs 990.00.

එදින රැයේ නිදි යහනට ගොඩ වැදුණ සද්ධා තමන්ගේ බඳ පෙදෙසට අතක් දමා තමන්ට තුරුළු වන්නට දැරූ උත්සාහය සිතුවම්පටක් සේ මහේෂිගේ මනසේ මැවෙන්නට වූයේය. සද්ධාගේ අත සෙමින් ඉවතට දමා දැන් නිදාගන්න…” යැයි කියමින් තමන් ද සයනයේ අනෙක් පසට හැරුණ අයුරු මහේෂිට මතකය. එතැන් සිට සද්ධා ටිකෙන් ටික හුදෙකලා වන්නට උත්සාහ කළ අයුරු මහේෂිට දැන්..දැන් නිරවුල්ව සිහිපත් වන්නට විය.

පාදඩ ගැහැනිය පිනිදි හැඳ සිටි ගවුමේ ඉදිරි පලු දෙක දෙපසට ඇද ඉරා දැම්මේ සිය ගොදුරේ ළය දෙපළු කරන තරම් සැහැසි අයුරිනි. කොරිඩෝවේ මළානික ආලෝකයෙන් ගැහැනියට, පිනිදිගේ පිරිපුන් ළමැද පෙනේ. බිඳකුදු සලිත නොවන ඇගේ කෑදර, කාමුක දෙනෙත් එකපැහැර යොමු වී තිබුණේ පිනිදීගේ තුණුසපුව දෙසට ය.

තමන් ගිරයට අසු වූ පුවක් ගෙඩියක් මෙන් ගෙල මුලින්ම සිර වී ටිකෙන් ටික කැපී වෙන් වී යන්නට පටන් ගෙන ඇතැයි සද්ධාට හැගේ. ඒත් සමග සිය ආදරණීය බිරිඳ මහේෂිගේ හා පණ වැනි ආදරණීය දියණි දිල්මිගේ රූප සද්ධාගේ මනසේ එකපිට එක මැවෙන්නට පටන් ගත්තේය. ඔහුගේ දෑසට කඳුළු බිඳු පිරෙන්නට වූයේ එසැණින්ය.

“තමුන්ගේ නම මොකක්ද..?” ඉස්පැක්ටර්වරයාගේ ගොරෝසු හඬින් සද්ධා යළි මොලොවට විසි වී ආවේය.

”මේක විශාල මානුෂීය ප්‍රශ්නයක්. අපේ රටේ හුගක් පවුල් ඇතුළේ හුඟාක් ප්‍රශ්න පටන් ගන්නේ මෙන්න මෙතැනින්. මොකද මේ සම්බන්ධයෙන් ගැහැනු, පිරිමි දෙගොල්ලන්ටම හරි අවබෝධයක් නැතිකම හින්දා. ඒ හින්දා මිනීමරා ගන්නවා. හිරේ විලංගුවේ වැටෙනවා. දික්කසාද වෙනවා. දරුවෝ අනාථ වෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න දිහා අපි බලන්ඩ ඕනේ බොහෝම උපේක්ෂාවෙන්..”