Self Published - කතෘ ප්‍රකාශන
ෆොගෙට් මී නොට් | Forget me not
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.මල් කිණිත්තක පුරාවෘත්තය
බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං කැබලි වෙච්චි ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා මුදු නමුත් ස්ථීර ප්‍රේමයකින්. ඒත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළදගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, ආදරය කියන්නේ කැපකිරීමක්” වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගහැණියක්.
****
ඔල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන චෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – චෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවි!
බයෝ කරපු ඒලෙවල් 2 | Bio Karapu A Level 2
Original price was: Rs 500.00.Rs 450.00Current price is: Rs 450.00.එක පැත්තකට සිද්ධවෙන
ප්‍රතික්‍රියාවක
සීමාකාරී ප්‍රතික්‍රියකය
එක තැනකදි ඉවර වුණා
එතනිං ප්‍රතික්‍රියාවත් නැවතුණා!
“ආදරේ කියන්නෙ
සමතුලිතතාවයක් !
එහෙම නැත්තං
ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් !”
මම කොයිතරම් කිව්වත්
ඔයාට ආදරේ කියන්නෙ,
එක පැත්තකට සිද්ධවෙන
ප්‍රතික්‍රියාවක් විතරක්ම වුණා!
HAPPY Living | හැපී ලිවිං
Original price was: Rs 850.00.Rs 720.00Current price is: Rs 720.00.මං ගංඟා ගේ Happy Living කතා Facebook එකේ කියවනකොට ඒ හැම කතාවක්ම අවසානේදීම මට දැනුණේ සතුටක් ඒ කියන්නේ මම කියවන්න පටන් ගන්න කොට හිටපු මානසිත තත්වයට වඩා මිහිරි මානසික තත්ත්වයකට මං පත්වූ ඒ වගේම ඒ කතාව කියෙව්වට පස්සේ, අර සතුටට අමතරව මට දැනෙන්න ගත්තා ඒ කතාවට සම්බන්ධ මගෙත් මිහිරි සුන්දර මතක අවදිවන බව. කොටින්ම මමත් ඒ කතාවෙම කොටසක් බව දැනෙන්නට වීම එක අතකට හරි ආශ්වාදයකුත් වුණා.
-Professor Kirthi Premadasa
බයෝ කරපු ඒලෙවල් 3 | Bio Karapu A Level 3
Original price was: Rs 500.00.Rs 450.00Current price is: Rs 450.00.HAPPY Living 2 | හැපී ලිවිං 2
Original price was: Rs 850.00.Rs 720.00Current price is: Rs 720.00.“ඔයා එයාට මොදිත මාමා කියලා කියන්නේ එයා ඔයාගේ මාමා කෙනෙක් ද?”
යම් යම් අය මගෙන් මෙහෙම අහලා එවන්නේ මගේ Happy Living Facebook Page එකේ සමහර ලියමන්වල සහ මීට කලින් ආපු Happy Living (පළමු පොතේ) මං එයාව මොදිත මාමා කියලා හදුන්වලා තියන නිසා. ඇත්තම කතාව කිව්වොත් නම්, පෙනුමෙන් මාමා කෙනෙක් වගේ වුණාට, එයාගේ සමහර කියුම් – කෙරුම් නම් හතේ පන්තියේ ළමයකු හා සමානයි. ඒ නිසාම ද කොහෙද අපේ ගෙදරට එහා ගෙදර ඉන්න පොඩි බබාලා දෙන්න එයාට කියන්නේ මොදිත මාමා කියලා වුණාට මට කතා කරන්නේ “ගංගා අක්කා” කියලයි. ඉතින් එහෙව් එකේ, මං එයාව මොදිත මාමා” කියලා හදුන්වන එකේ මහා ලොකු වරදක් නැහැනේ.
ජීවිතය විඳවන්න නොවේ. විඳින්න
ඉතිං මට සමාවෙන්න | Ithin Mata Samawenna
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00.¨බැරිම හින්දා කවමදාවත්
ආයෙ ඔබ වෙත හැරෙන්න
කිසිත් කියන්න බෑ ඉතිං මට,
“සමා වෙනු මැන!” ඇරෙන්න
ජීවිතේ තව බොහෝ දුර ඇති
අතරමග බෑ මැරෙන්න
ඔබත් ඔහොමම මගදි හමුවන
වංගුවක් ළඟ හැරෙන්න”
රෙයින්ඩ්‍රොප්ස් ඔන් ද පෙයින් | Raindrops on the Pain
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00.රේන්ඩ්‍රොප්ස් ඔන් ද පේයින්
𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 – වේදනාව මත වැහි බිදු
𝐓𝐡𝐚𝐭 𝐦𝐨𝐫𝐞 𝐢 𝐭𝐫𝐲 𝐭𝐨 𝐟𝐨𝐫𝐠𝐞𝐭, 𝐓𝐡𝐞 𝐦𝐨𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐢 𝐫𝐞𝐦𝐞𝐦𝐛𝐞𝐫
සතුට ලියලුනු, දුක වැපිරවුනු සහ කලකිරීම්
මෙන්ම පසුතැවීම් කම්මුල් පහර ගසන සෑම විටෙකදීම 𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 හි හිස් පිටු
මා අතින් පින්තාරු විය…
__________
බිදී ඇති හිත්,
තැලී ඇති හිත්,
යන්තමින් අමුනාගෙන යලි අටවාගෙන ඇති හිත්,
දුර්භික්ෂයෙකින් පසු නැවතත් යලි පන ගසමින් ඇති හිත්,
තටු විහිදුනු හිත්,
පියෑඹූ හිත්,
හිරිමල් තරුණ හිත්,
ආදරණීය ස්පර්ශ තටු අකුලාගෙන ඇති වියපත් හිත් සහ
ප්‍රේමණීයම ශුංගාර තවමත් යාන්තමින් හෝ මුලු ගැන්වී ඇති මහලු හිත්,
පැමිණ Raindrops පිංතාරුව මත සැතපෙන්න…