කැමෙලියා | Camellia

Original price was: Rs 975.00.Current price is: Rs 875.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව

“බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා”
-ඇනිටා

“මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇඟේ දුවන්නෙ ලේ නෙමෙයි තේ ”
-ජෙෆ්රි

“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ”
-කැමෙලියා

අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.
-කළු අශ්වයා

#camelia Kamelia

ඉකිගායි | Ikigai

Original price was: Rs 650.00.Current price is: Rs 585.00.

Ikigai The Japanese Secret to a Long and Happy Life
by Hector Garcia & Fransesc Miralles

ඉකිගායි දීඝායු ලැබීමේ ජපන් ක්‍රමය

මට අවශ්‍ය දිගු කාලීනව ජීවත් වන්නටද? ඒ නැත්නම් ඊට වැඩි අර්ථයක් ගැන සිතනවාද? සමහර අය තමන්ට අවශ්‍ය දේ ගැන දනිති. ඒ වාගේම ජීවත් වන්නට ආසාවක් ද ඇත. තව අය අවුළක් තුළ කරදර විඳිති. ඇයි ඒ?

අපේ සාකච්ඡාවේ එක්තරා තැනකදී ඉකිගායි නම් වු ගුප්ත වචනය මතු වී ආයේය. මේ වචනය රළුවට හැම විට කාර්යයක යෙදීමේ සතුට නම් අර්ථය දෙයි. එසේම එයට සංකේත මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කිරීම යන අදහස දිය හැකි වුවත් ඊට එහා යන බවක්ද පෙනේ. ඒ සමඟම ජපන් ජාතිකයන්ගේ – විශේෂයෙන්ම ඔකිනාවා දුපත් වැසියන්ගේ – දීර්ඝකාලීන ජීවිතය තේරුම් කරන වචනයක්ද වෙයි. එහි ජීවත්වන මිනිසුන් හැම ලක්ෂයකටම සියයට 24.55 ක් වයස සියය පැන්නූ අය වෙති. එය ලෝකයේම වැඩි ජීවිත කාලයක් ගතකරන මිනිසුන්ගෙන් ඉහළම ප්‍රතිශතයයි. දකුණු ජපානයේ මේ කියන දූපතේ ජීවත්වන අය ලෝකයේ වැඩිම ආයු කාලයක් භූක්ති විඳින අය වන්නේ කෙසේද යන්න ගැන අධ්‍යයනය කරන්නෝ ඊට සාමාන්‍ය හේතූන් වන පෝෂ්‍යදායි ආහාර වේල, එළිමහනේ ගතකරන ජීවිතය, හරිත තේ සහ අර්ධ උෂ්ණ කලාපීය දේශගුණය වැනි කරුණු අතරට, ඔවුන්ගේ ජීවිත හැඩගස්වන ඉකිගායි ද හේතුවන බව විශ්වාස කරති.

නිරුවත් ගැහැනිය | Niruwath Gahaniya

Original price was: Rs 1,380.00.Current price is: Rs 1,240.00.

The Naked Woman A Study of the Female Body
by Desmond Morris

මනුෂ්‍ය ස්තී‍්‍ර රූපය විශ්මයජනක යෝග්‍ය සකස්වීම්වලින් සහ සියුම් ඔපලීම්වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප‍්‍රතිඵලයකි. එය ග‍්‍රහලෝකය මත ඉතාම අපූරුව පැවැත්ම වේ.

විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්තී‍්‍ර රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබාදහම මත වැඩිදියුණු කිරීම්වලට වෑයම් කර තිබේ. මෙම අලූත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඞ් මොරිස් ඔහුගේ නිපුණතාවය සහ අවධානය ස්තී‍්‍ර රූපය කෙරෙහි යොමු කරමින් ‘හිසේ සිට දෙපා තෙක්’ මඟපෙන්වීම් චාරිකාවක පාඨකයාව රැුගෙන යයි.
සියලූ කාන්තාවන්ට පොදු ජීව විද්‍යාත්මක ලක්ෂණවල පරිණාමීය කාර්යයන් ඉස්මතු කරමින් ඩෙස්මන්ඞ් මොරිස් ස්තී‍්‍ර රූපයේ හැසිරවීම සහ පරිපූර්ණත්වය වෙනුවෙන් ගවේෂණය තුළ මානව සමාජයන් වර්ධනය කර ඇති වැඩිදියුණු කිරීම් සහ සීමා කිරීම් අනාවරණය කරයි.

‘නිරුවත් ගැහැනිය’ මානව සත්ත්වයා පිළිබඳ නිරීක්ෂකයෙකු ලෙස ඩෙස්මන්ඞ් මොරිස්ගේ අසමසම ප‍්‍රවීණත්වය මත පදනම් වෙමින් ජීව විද්‍යාඥයකුගේ පර්යාලෝකයකින් ලියැවුණු විද්‍යාත්මක සාධකවලින්, සිත්ගන්නාසුලූ අන්දරයන්ගෙන් සහ පොළඹවනසුලූ නිගමනයන්ගෙන් සමන්විත ග‍්‍රන්ථයකි.

#niruvath geheniya gaheniya

සිරසාලවන්‍යා | Sirasalawanya

Original price was: Rs 1,150.00.Current price is: Rs 1,035.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි.

කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, දෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා,…

එයින්ම විප්‍රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි.

තව තැනක අප්‍රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක…

ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි.

මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.

චිත්‍ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත්‍යකරණයේ නියැළෙයි. ඔහු සාහිත්‍ය තරග කීපයක ජයග්‍රහණ හිමිකරගත්තෙකි. හොඳම තිර රචනයද ඇතුළු සම්මාන රැසක් දිනූ කෙටි චිත්‍රපට කරුවෙකි.

ළමා කතා රචකයෙකු මෙන්ම දෙස් විදෙස් ළමාපොත් කීපයක සිතුවම් ඇඳි සිත්තරෙකු ද වන ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ සිරසාලවන නවකතාව බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය ජයග්‍රහණය කොට මෙසේ ඔබ අතට පත්වෙයි.

සිංගප්පුරු කතාව | Singappuru Kathawa

Original price was: Rs 1,410.00.Current price is: Rs 1,270.00.

The Singapore Story
by Lee Kuan Yew

ශ‍්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් නිවහල් දේශයක් කරා යන ගමනක් ආරම්භ කැර ඇති මේ මොහොතේ, මෙරට ගැන ආදරයක් දක්වන සෑම දෙනා ම ලී ක්වාන් යූ ගේ ”සිංගප්පූරු කථාව” නමැති මෙම චරිතාපදානය අනිවාර්යයෙන් කියැවිය යුතු ය. මෙහි පිටපතක් ශ‍්‍රී ලංකාවේ සෑම පුස්තකාලයක ම තිබිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
– මහාචාර්ය වෝල්ටර් මාරසිංහ

ගිනි අවි සහ ගිනිකෙළි – කොමිසමේ අභිරහස
Gini Avi Saha Ginikeli – Komisame Abhirahasa

Original price was: Rs 590.00.Current price is: Rs 530.00.

ගැහැනුන්ට මොනවද කරන්න පුළුවන් යැයි ඇතමුන් ප්‍රශ්න කරති නමුත් දේශපාලනයෙන් නීතියෙන් සහ පුරුශාධිපත්යෙන් බැට කෑ ගැහැනියකට කල නොහැක්කේ කුමක්‌දැයි ඔබට ප්‍රශ්න කල හැකි වන්නේය.
– අනුර හොරේෂස්

කොස්මොපොලිටන් ජීවිත | Cosmopolitan Jeewitha

Original price was: Rs 1,150.00.Current price is: Rs 1,035.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්‍රවිඩ පවුලක් ළඟ නැවතීමට යන නිලංග සිය ශාස්ත්‍රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හෘදයාභ්‍යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්‍රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්‍රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටෙක එය ලොව සෑම දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක සමාජ සංස්කෘතික ජීවිතයේ අපූර්වත්වය විදහාපාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්‍රහර්ෂය කියා දෙන කැටපතකි.

#kosmopolitan cosmopolitan jiwitha jeevitha jivitha

ඩුඕ | Duo

Original price was: Rs 1,350.00.Current price is: Rs 1,215.00.
  • 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සඳහා නිර්දේශිත

උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.

උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනෙක සෙව්වාය. සාරා අරුමැසි ජීවිතයේ ප්‍රභර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටි කොට ගත්තාය.

නීතිය, හොරා පොලිස් කළේය. ආලයේ දෙවඟන උන් හා ඔට්ටු සෙල්ලම් කළාය. සමාජ පරමාදර්ශී භුතයෝ මේ දෙදෙනා පසුපස හඹා ගියහ.

ඥාන පරාසය, සංස්කෘතික පරිඥානය සහ පෞරුෂය කේන්ද්‍රීයව, එකිනෙකාගේ හැසිරීමෙහි සහ තීරණයන්හි සියුම් වෙනස්කම් පවා ජීවන පිරිධිය නිර්ණය කෙරුමෙහිලා බලපානු නොවෙද?

පිරිමි ලෝකයක් තුළ විමුක්තිය සොයන තරුණියන්ගේ කතාන්දරයකි මෙය.

මොසාඩ් | Mossad

Original price was: Rs 1,495.00.Current price is: Rs 1,345.00.

Mossad
by Michael Bar-Zohar, Nissim Mishal

ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඩ්, රහස්‍යභාවයේ ඝන වෙස්වලාවකින් ආවරණය වී ඇති, අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික‍්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහොමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත.

ආර්ජන්ටිනාවේදී අයික්මාන් පැහැරගැනීම සහ මියුනික් සංහාරයට වගකිව යුතු පුද්ගලයන් ක‍්‍රමානුකූලව ලූහුබැඳ යාමේ සිට එතරම් ප‍්‍රසිද්ධියක් නොලැබූ ආශ්චර්යජනක චරපුරුෂ කි‍්‍රයාකාරකම් පිළිබඳ අනුකථාවන් ඇතුළත් මෙම සුවිශේෂී ග‍්‍රන්ථය මගින් මොසාඞ් සංවිධානය සහ ඊශ‍්‍රායල බුද්ධි ප‍්‍රජාවේ, ප‍්‍රබෝධජනක, රහසිගත ඉතිහාසය විස්තරාත්මකව දක්වා තිබේ.

ඊශ‍්‍රායලය තුළ හා ඉන් බැහැරව සිදු කළ පැරා හමුදාමය කි‍්‍රයාකාරකම්, ගුප්ත මෙහෙයුම් සහ ඉලක්කගත ඝාතන විමර්ශනයට ලක් කරන මයිකල් බාර් – සෝහාර් සහ නිසිම් මිෂල්, මොසාඞ් වංශ කතාවේ විශිෂ්ට වෘත්තාන්තයන් විස්තරාත්මකව දක්වමින්, තම මව්බිම වෙනුවෙන් මෙහෙවර කළ නායකයන් සහ ශ්‍රේෂ්ඨ මොසාඞ් එ්ජන්තවරුන්, සමහරකගේ පෞද්ගලික කතන්දරද අනාවරණය කරයි.

“ඊශ‍්‍රායලයේ අවිද්‍යමාන බලකායද, එහි පිළිගත් භෞතික ප‍්‍රබලතාව තරමටම දැවැන්ත වීම පිළිබඳව දැනගත යුතුව තිබූ සහ නොදන්නා කරුණු කාරණා මෙම පොතෙන් හෙළිදරව් කෙරේ.”
– ඊශ‍්‍රායලයේ හිටපු ජනාධිපති ෂිමොන් පෙරේස

”ඊශ‍්‍රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තයන්ගේ, ලොමු දැහැගැන්වෙන කි‍්‍රයාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්න දෙදෙනෙකු විසින් අනාවරණය කරයි. මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමත් මොසාඞ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්, කඩාකප්පල් කිරීම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් කි‍්‍රයාදාමයන් සහ පුද්ගලයන් කෙරෙහිය.”
– PUBLISHERS WEEKLY

සේල වී | Sela wee

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ. හයිය ගස්වල පවා මුදුන් හොළවමින්, තද කොළ පාට කොළත් බිම හෙළමින් හමාගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා.

නුරා ඒ හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියාගත්තා. රාද්ගේ ඇස් මොහොතකට යොමුවුණා ඇස්පිය වුණු නුරා දිහාවට. කපිල් හුළඟේ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.

#selavi selawi

කොලරා කාලේ ආලේ | Kolara Kale Ale

Original price was: Rs 2,060.00.Current price is: Rs 1,850.00.

Love in the Time of Cholera
by Gabriel Garcia Marquez

ආලය අසීමිත විය හැකිද?
බොහෝ විට නැත.
එය වසංගතවලට ගොදුරු විය හැක.
යුද්ධවලට බිළි විය හැක.
එසේ නැත්නම් ආලය තුළ ම වන
බොරු වළවල්වල වැටී වල්මත් විය හැක.
එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත්
ආලය කවදත් ආලය ම වන බව තේරුම් ගන්නට
අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ
දින? එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය.
යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය.
හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ
රැළි වැටුණු මුහුණක් පසුපස ඇති
අතීතයක් තුළින් හාරා අවුස්සා බලන්නට
පෙළඹෙන පිරිමියා කවුරුන්ද?
ඒ ඔහු ය.
මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.

බල්ලෙකුගේ හදවත | Ballekuge Hadawatha

Original price was: Rs 750.00.Current price is: Rs 675.00.

Heart of a Dog
by Mikhail Bulgakov

පශ්චාත් විප්ලවීය රුසියානු ලේඛකයන් අතරින් වඩාත් නිර්මාණාත්මක ලේඛකයෙකු වන මිහායිල්ගේ බල්ලෙකුගේ හදවත (1925) රුසියානු විප්ලවය පිළිබඳ ලියැවුණු ඉතා තියුණු ප්‍රහසනාත්මක නිර්මාණයක් වශයෙන් සැලකේ. මොස්කව් නුවර කුණු බාල්දි අහුලන් කෑ නන්නත්තාර බල්ලෙකුට මිනිස් මොළයක් බද්ධ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඌ මානවීකරණය වීමේ ක්‍රියාදාමය තුළ, බුද්ධ කිරීමේ අත්හදා බැලීම කළ විද්‍යාඥයා මුහුණ දෙන අර්බුදය ඔහු හීනෙන් වත් බලාපොරොත්තු නො වූවකි.

සාරි ඇඳපු පිරිමි | Sari Andapu Pirimi

Original price was: Rs 700.00.Current price is: Rs 630.00.

මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එකක් නෙවෙයි. මේ ආනන්දනීය තත්ත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දුක් විඳලා තියෙනවා. මැතිණිගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ලගින කොට මට එකොළහයි. ගමේ පංසලට ගියේ නම්පොත, සකස්කඩ, බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ, මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.

ඔය කියන හැත්තෑ ගණන්වල ඒක අකරතැබ්බයක්, අපචාරයක්, ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නැහැ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලත් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා, පපුව හත් කඩකට පැලිලා, එවේලේම පොළොව පලාගෙන නිරයට යන දිට්ඨ ධම්මවේදනීය පාපකර්මයක් කියලා විතරයි.

අවුරුදු දහතුනක පොඩි කොල්ලෙක් කොහෙද එහෙම තීරණාත්මක රහසක් රකින්නේ. පවුලේ කවුරු හරි දැනගත්තා නං සහසුද්දෙන්ම වැරදිකාරයා වෙන්නේ මම. ඒ කාලේ එහෙම තමයි. දැන් කියලා වැඩි වෙනසක් ඇත්තෙත් නැහැනේ. ඉතිං මං අපේ වත්ත පහළින් ගලාගිය මහවැලි ගඟේ ගල්පර අතරේ. ගේ ඉස්සරහ ශාන්ත ජෝන් පල්ලියේ අල්තාරය පිටිපස්සේ, රේල් පාරට එපිටින් වහලවෙල කැරකෝප්පුවේ රූස්ස ගස් අතරේ තනිවී මගේ කථාව මට ම කියාගත්තා.

එළියකන්ද වධ කඳවුර | Eliyakanda Wada Kandawura

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුදහමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය. බුස්ස රැඳවුම් කඳවුර කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය.

හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වූ සියලු මිලේච්ඡ ක්‍රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහාම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) ද සියල්ල හෙළිදරව් කළේය.

එළියකන්ද වධ කඳවුර නම් වූ ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භීෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ඡේදයේ දී හමුදා කඳවුර තුළ ද වධකාගාර තුළ ද සිදු වූ අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වූ දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්‍රහයකි.

ප්‍රසන්න ලේඛන ශෛලියකින් බස හසුරවන රෝහිත මුණසිංහ නම් අපූරු ලේඛකයා ගේ ආධ්‍යාත්මය, මේ ග්‍රන්ථය වෙතින් ද දැකිය හැකිය.

සී+ | C+

Original price was: Rs 1,490.00.Current price is: Rs 1,340.00.

ලංකාවේ ජනප්‍රියම ගීතය පද රචනය කළේ මම. දැන් ඔබ සන්තානයේ දහසකුත් එකක් ප්‍රශ්නාර්ථයක් පැන නැඟුණු වග මට දැනෙනවා. එකී සෑම පැනයකටම පිළිතුරු මෙහි අන්තර්ගතයි. ඒත් ඉහත කී ප්‍රශ්න සඳහා පිළිතුරු ගවේෂණය කරනට තකහනියේ පිටුු පෙරළන්න හදිසිවෙන්න එපා.

කතාවේ සුල මුල දැනගන්න නම් මේ පොතේ අකුරක් නෑරම කියවන්න සිද්ධ වෙනවා. අපේ ජීවන ගීතයේ රහස් තියෙන්නේ මේ පිටු අතර හීරවී. පරිච්ඡේද අතර නිම කරගත නොහී වල්මත් වී, ඡේදවල මුල්ලට වී අදෘශ්‍යමානව, වාක්‍ය රටා අතර උඩු යටිකුරු වී, වචන අතර හිස් අවකාශයේ තනිවී.

මගේ ගේය පද රචනා කලාව එක ගීයකින්ම නිම වුණා. ඒ ගීතයෙන් අපි රටම හෙලෙව්වවා. ලත් තැනම ලොප් වුණු මගේ කලා දිවිය අපේ ජීවිත උස්සා පොළොවේ ගැසුවා. ජීවිතයේ නැවත කිසි දිනෙක ගී පද රචනා කිරීමට මගේ බලාපොරොත්තුවක් නෑ. ඒ වෙනුවට මේ පොතේ අපේ කතාව ලියා තියනවා.

රාවණා මෙහෙයුම | Rawana Meheyuma

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලද වෛද්‍ය සුසිත රුවන්, උසස් අධ්‍යාපනය ලද්දේ කොළඹ රාජකීය විදුහලෙනි.අනතුරුව කොළඹ වෛද්‍ය පිඨයට ඇතුළත්ව 2010 වර්සයේදි බටහිර වෛද්‍යවරයෙකු ලෙස සමත් විය.ජයවර්ධනපුර රෝහලේ සීමා වාසික වෛද්‍යවරයෙකු වශයෙන් වෘත්තිය ජීවිතය ඇරඹු වෛද්‍ය තුසිත රුවන් ලියු පළමුවන නවකතා නිර්මාණය වෙනත් දිශානතියක විහිදී ඔහුගේ නිර්මාණ කුසලතාව පෙන්නුම් කරයි.

මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණාත්මක සාධනය කිරීමකි. සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොඅනුමානය.

හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස, ඉතිහාසයේ වැලලී ගිය සටහන් හාරා අවුස්සමින් කළ ගවේෂන වල ප්‍රතිඵලයක් ලෙස මෙම පොත බිහි විය.

#ravana

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස | Sathsanda Nohoth Mali Almedage Hath Dawasa

Original price was: Rs 1,800.00.Current price is: Rs 1,620.00.

The Seven Moons Of Maali Almeida
by ශෙහාන් කරුණාතිලක

The Seven Moons Of Maali Almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්‍රමවේදයත් නිසාය.’ 2022 BOOKER PRIZE සම්මානය සන්ත්‍රාස සමයක සිර වූ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්‍රහයක්.

1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්, අවතාර පමණි. මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි. ජාත්‍යන්තර සම්මානලාභී ක්‍යසබ්ප්බ සමග ප්‍රමුඛ ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු ලෙස පිළිගැනීමට ලක් වූ ශෙහාන්ක රුණාතිලක නැවත එන්නේ දශකයකට පසුවය. ඒ අපහසුකාරී ඇත්තක්, මූසල මුඛරිකමක දැවටූ දෙදරා යන කෘතියක් කැටුවයි. මුල් පිටපත Chats with The Dead නමින් එළිදැක්විණ.

ප්‍රේමාක්ෂර | Premakshara

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.
  • 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සඳහා නිර්දේශිත

මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි.

සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.

ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.

වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.

සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.

“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.

මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.

ළමුතු අමයා | Lamuthu Amaya

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

‘ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි.

“ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‘හොද ළමයෙක් වෙයන් පුතේ’ කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.

පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බය නොවෙන එක. අවාසිය තමයි එයාලා බය නොවෙන දේවලට අපි බය වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ.

වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරැම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ. මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්. විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන”

රාවණා මෙහෙයුම 2 | Rawana Meheyuma 2

Original price was: Rs 1,050.00.Current price is: Rs 945.00.

බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.

සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.

#ravana

මසායි දූතිකාව | Masai Duthikawa

Original price was: Rs 790.00.Current price is: Rs 710.00.

Angel of Massai
by Rangi Martel

අප්‍රිකාවේ මහා වනාන්තරයක වෙසෙන, ශිෂ්ට සම්පන්න යයි සම්මත ලෝකයට ප්‍රවිෂ්ට නො වූ ගෝත්‍රික මිනිස් සමූහයක් වෙනුවෙන් වෙහෙසෙන තරුණියක ප්‍රධාන කොට ගනිමින් ලියැවෙන මේ සිදුවීම් දාමය පෙළගැසෙන්නේ, අපේ ඇසට නො පුරුදු පරිසරය පිළිබඳව කතුවරිය අපට දායාද කරන චමත්කාරය ඔස්සේ කියවන්නා විස්මයට පත් කරමිනි. අප්‍රිකානු වනගත පරිසරය, ආගන්තුක චරිත, ස්ථාන හා චරිත හඳුන්වා ඇති නාම, පුදුම සහගත හැසිරීම්, සිරිත්විරිත් පිළිබඳව නිරන්තරයෙන් ස්පර්ශ කරමින් එහිම වෙසෙන අප්‍රිකානු වැසියෙකුට ම මිස, බැහැර කෙනෙකුට නොහැක.

නවකතාවක් යනු කතන්දරයක් කියාගෙන යාම වෙනුවට, ඒ කථාන්තරයේ එන චරිත තුළින් මනුෂ්‍යත්වයේ සැගවුණු පෙදෙස්වලට තියුණු ආලෝක ධාරාවක් යොමු කර, ඒ මෙසේ මෙසේ යයි දකින්නට සැලැස්වීමය යන අදහස කතුවරිය සිය නිර්මාණය තුළින් සනාථ කර තිබේ.

රාවණා මෙහෙයුම 3 | Rawana Meheyuma 3

Original price was: Rs 1,950.00.Current price is: Rs 1,755.00.

මෙම පොත, හෙළ දිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස, ඉතිහාසයේ වැළලී ගිය සටන් හාරා අවුස්සමින් කළ ගවේෂණවල ප්‍රථිඵලයකි.

මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණාත්මක සාධනය කිරීමකි.

සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොඅනුමානය.

#ravana

මුතු මණ්ඩපම් | Muthu Mandapam

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,080.00.

“නිල් පැහැති අහස් තලය පසුබිම් කරගෙන වලාකුළු පෙරහැර කොතැනක යන්නේද? එය අවමංගල පෙරහැරක් වැනි යයි ඔබට සිතෙන්නේ නොමැතිද දේවිය?”

මගේ සිත කීරි ගැසිණ. එහෙත් ආයාසයෙන් ශෝකය මැඩ පවත්වා ගත් මම ඔහුගේ වේදනා දෙන අත සෙමෙන් පිරිමැද්දෙමි.

“එය අවමංගල පෙරහැරක් ලෙසින් මම නොදකිමි රජතුමනි. මට එය පෙනෙන්නේ දළදා පෙරහැර ලෙසින්. සුදු වලාකුළු මා දකින්නේ හස්තීන් ලෙසින්. දුටුවේද රජතුමනි අර විශාල වලාකුළ දළදා කරඬුව පිට මත තබාගෙන සිටින හස්තියකු ලෙසින් දිස් වන අයුරු”

“සැබෑමයි.”

ඔහු වේදනාත්මක මඳ සිනාවක් නැගුවේය.

“නමුත් එහි හැඩය කෙමෙන් නැති වී යනවා. දැන් මට එය දිස්වන්නේ කිරුළ අහිමි වූ රජකුගේ ස්වභාවයෙන්.”

“කිරුළ අහිමි වී නැත රජතුමනි. දුටුවේද ඈත් වී තිබූ කිරුළ යළිත් ඔහු කරා පැමිණෙන ආකාරය? සැන්දෑ හිරු රැසින් රන් පැහැගත් එය දිස්වන්නේ රන් කිරුළක් ලෙසිනුයි.”

“විටෙක ඔබ ද කුඩා දැරියක් මෙනි දේවිය… ඔබට මතකද දියතිලක මණ්ඩපයට අප ගිය ඇතැම් රාත්‍රීන් වල වලාකුළු සහ තාරකා රටාවන් දෙස බලාගෙන ඔබ පබඳින කව් පද? මා නිසා ඔබේ කවි සිත මියගියාදැයි මට විටෙක සිතෙනවා.”

“නැත රජතුමනි. තවමත් මගේ ජීවිතයේ කව් උල්පත ඔබයි. පන්හිඳෙන් තල්පතක සටහන් නොකළ ද, ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් මගේ සිත තුළ කවි පද උපදිනවා.”

බිඳුණු සඳ පහනෙන් – වෑහෙන සඳ දියර

කිරි මුහුදට වැටී – සිනාසෙන අපුරුව…

පෙම්බරාණනි…

දෑත් පටලා ගෙන – යන්න ඇතිනම් නැවත

අප මිහිරි මතක පිරි – සෙංකඩගල පුරට..

ගැහැණු ළමයි | Gahanu Lamayi

Original price was: Rs 1,590.00.Current price is: Rs 1,430.00.

කුසුම්, දශක තුනක් තිස්සේ ජාතියේ දූ පරපුරට ආස්වාදයක් ගෙන දෙමින් ධෛර්යයෙන් හා ආත්ම ශක්තියෙන් යුක්ත ව, වේදනා බාධක සහ කම්කටොලු ඉදිරියේ නොසැලී ජීවිතය ජය ගත් අපරාජිත යුවතියකි.

ප්‍රසව වේදනාව අත් නොදැක දාරක ප්‍රේමය හඳුනා ගත් ඕ අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට පරිත්‍යාග කළාය.

කැලෑහඳ | Kalahanda

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,170.00.

සියුම් කලාකාරියක් හැටියට නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම සිංහල නවකතාව –සිරියාලතාව– බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ, වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පංක්තියේ පවුලක උපන්නේ ය. හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කතා කෞශල්‍යය ඇත්තේ විය. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසි ආදි භාෂා ශාසත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලොකයාගේ චරිත ලක්‍ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප්‍රවීණ විය. අවලොකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකුල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වීය.

නවකතා චක්‍රවර්ති – සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුද ලද මේ අසහාය ලෙඛකයාගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය, 1957 මැයි 31 වැනි දා සිට පාඨකයන් කෙරෙන් සදහට ම තුරන් වී ඇත්තේ ය. එහෙත් සිය බස වෙනුවෙන් සිය දිවි කැප කොට, ඔහු අතින් ලියැවුණු මිණි – මුතු වන් මහ පොත් රැසක් නොනැසී පවත්නේය.

#kelehanda kelehada kalahada

යහළු යෙහෙළි | Yahalu Yeheli

Original price was: Rs 750.00.Current price is: Rs 675.00.

මුදිතලතා, දශක හතරකට ඉහත උපත ලද නමුදු තවමත් අපේ මේ යුගයේ යුවතියකි. ඇය මානව දයාවෙන් අසල් වාසීන් දෙස බලා දහදිය සහ කඳුළු තුළ ජීවිතයේ සැබෑ අරුත දුටුවාය.

මල්ගුඩියේ මිනී කන්නා | Malgudiye Minikanna

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,080.00.

The Man Enter of Malgudi
by R. K. Narayan

ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු වන අභාවප්‍රාප්ත ඉන්දියානු ලේඛක ආර්.කේ නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපදුනු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්‍රහ කරයි.”මල්ගුඩියේ මිනීකන්නා” නමින් සිංහලයට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේ ද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණද, ඒවායින් එළිදැක්වෙන මිනිස් ගති ලක්ෂණ අපට ඒ ආකාරයෙන්ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජය දක්නට ලැබේ.නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තුළට එබී බලමින් කරන චරිත විග්‍රහය තුළය.

මාරායණය | Marayanaya

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.

තමන්ගේ ජීවිත කතාවද දැන්මේ මකුළුවාගේ දැල මෙන් නොවේ දැයි ඔහුට සිතුණි. රේඛීය ආඛ්‍යානයකින් දිවයන සම්මත නවකතාවක් සේ නොදිවෙන, එසේ නොලියවිය හැකි මේ මහා අවුල් ජාලය අන්තිමේදීවත් මකුළු දැලක සිරිය ගනීවී දැයි ඔහුට සැක සහිතය. එහෙත් මතකයේ අඩුපාඩු අතරින් ඉඳහිට නැගෙන සේයා මාත්‍රයන්පෙ ළගස්වමින් යම්කිසි රටාවක් මවා ගත හැකිනම්, අද තමා සිටින තැනට ජීවිත ගමන ආවේ කෙලෙස දැයි වටහා ගත හැකිවෙතැයි, සිතිය හැකි යම් ඉඟියක් ඒ මතක සේයා රූ අතරින් මැවේ වි යැයි හේ විශ්වාස කළේය.