Sarasa
බව තරණය | Bawa Tharanaya
Original price was: Rs 700.00.Rs 630.00Current price is: Rs 630.00.සිදුහත් සිරතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි.සිංහල පාලි සංස්කෘත ඉංගිරිසී භාෂාවලින් ලියු බුද්ධ චරිත හැම එකක්ම වාගේම මම කියවා ඇත්තෙමි.මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරු ලියා තිබීම ආශ්චර්යජනක ය.බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්නටද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරිමට අතිශයින්ම සුදුසු ය.බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන්ගේ ඇති කළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නකුට උගත හැකි ය.
– පණ්ඩිත ශාස්ත්‍රපති අකුරැටියේ අමරවංශ නායක මාහිමි –
Destiny
Original price was: Rs 425.00.Rs 380.00Current price is: Rs 380.00. යුගාන්තය – Yuganthaya
Translated by Ranga Wickramasinghe & Dinesha Wikramasinghe
Destiny is the third novel of Martin Wickramasinghe’s Uprooted trilogy: Gamperaliya, Kaliyugaya and Yuganthaya.
The narrative of the trilogy links three generations descended from the Kaisaruwattes, a family of the gentry of a Southern coastal village. Gamperaliya (The Village) is the story of the First and Second generations in a Changing village culture of the latter half the nineteenth century’ Kaliyugaya (The Age of Kali) deals with the urbanized, anglophile second and third generations, living in Colombo from the early part of the twentieth century, whilst still sustaining links with the village.
Yuganthaya (Destiny) is the story of the fourth generation. This generation, completely anglophile and oblivious of their village origins, is the destiny of the evolutionary and revolutionary changes in people and society depicted by Martin Wickramasinghe in the trilogy. Inevitably, the destiny of the new generations of the educated rural professional class of the mid twentieth century becomes linked to that of this fourth generations. Tissa is the only second generation kaisaruwatte surviving in Destiny. He has preserved some of his simple humane village values by cultivating a hard protective cynical and sceptical intellectual shell, and a life style bordering on asceticism.
The central characters of Destiny are Saviman Kabalana, the unrelenting capitalist, his son Malin, the socialist trade – union leader educated in England rebelling against his father and his business empire, Malin’s sophisticated Young sister Chamari, also a rebel against the snobbish elitism of her own anglophile class, and Aravinda, the bright village lad who has become a gifted surgeon, and seeks to become one of the urban social elite of Colombo.
ලීලා | Leela
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00.”මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් මා වෙත එවන ලද ලීලා නම් අභිනව ප්‍රබන්ධ කථාවෙන් කොපියක් ඇබී ස්තූති සහිතව භාරගෙන කියවා බැලිමි. මට නොඑක් විට ලැබෙන පොත්පත් සම්බන්ධ ගුණ දෝෂ පරික්ෂණයට නොවෙහෙසෙන නමුත් මේ පොත ගැන විශේෂ වශයෙන් යමක් ලිවීමට අදහස් විය.මක්නිසාද යත් මාර්ටින් වික්‍රමසිංහ මහතා යම් යම් දේ සොයා පරික්ෂා කොට බලා ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමට ආසා ඇත්තෙකැයි පෙනෙන හෙයිනි.”
– යගිරල පඤ්ඤානන්ද නාහිමි –
සරසවි සඳරැසල 1919 පුනි 19
”ලීලා නවකතාව පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරිත් අනුකරණය කිරීමයි.නවකතාවේ අදහස් ප්‍රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත් ඒ පිළිබඳව කෙරෙන විවේචනයත් අදට ද වලංගු වේ.ලීලා කොතෙක් දුරට වර්තමාන සාහිත්‍ය විචාරය අනුව අගය කිරීමකට ලක්කල හැකි ද යන්න විමසීමේදී එය වැදගත් වේ.පැරණි සාහිත්‍ය තත්කාලීන විචාර ධර්මයෙහි පිහිටා අගය කිරිමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි.”
– චන්ද්‍රා අමරසේකර –
සබරගමුව විශ්ව විද්‍යාලයේ භාෂා හා සමාජ විද්‍යා අංශයේ හිටපු පීඨාධිපතිනි
#lila
උපන්දාසිට බාල විය | Upandasita Bala Viya
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00.මාර්ටින් වික්‍රමසිංහයන් 1961 වසරේ දී ලියා පළ කළ උපන් දා සිට ග්‍රන්ථය, බාලවිය, තරුණවිය මැද විය යන කොටස් තුනකින් යුතු ය. එහි මුල් කොටස වන බාල විය වෙනම පොතක් ලෙස පළ කර ඇත්තේ පාසල් දරුවන් සඳහා වූ අතිරේක කියවීම් පොතක් වශයෙන් එහි ඇති වැදගත්කම සලකා ගෙන ය.
මුහුදු සත්තු | Muhudu Saththu
Original price was: Rs 200.00.Rs 180.00Current price is: Rs 180.00.විද්‍යා විනෝද කතා – IV
මුහුදු වෙරලාසන්නයේ ජීවත්වන මුහුදු ජීවීන් සය දෙනෙකුගේ හැඩ හුරුකම් හා ජීවන රටාව මෙහි විස්තර වන්නේ කුහුල දනවන අයුරිනි. එය වූ කලී කුඩා දරුවන් හා එක්ව මුහුදු වෙරළේ කෙරෙන ගවේශන අධ්‍යයන චාරිකාවක් වැන්න.
මිරිඟුව | Miriguwa
Original price was: Rs 500.00.Rs 450.00Current price is: Rs 450.00.“මා අවිවාහකයකුව සිටියදී ලියූ නවකථා කිහිපයෙන් වඩාම හොඳ නිර්මාණය මිරිඟුව යි. මෙය රචනා කරන්ට මගේ කල්පනාව පුබුදු කළ අරමුණු දෙකක් වී ය.
කුරැඳුවත්තේ උසස් පවුලක ඉතාම උගත් විචක්‍ෂණ ස්ත්‍රියක තම සැමියා හැර සුදු මිනිහකු සමඟ එංගලන්තයට ගොස් පදිංචි වීම හා ඇගේ පීවිතය ද පිළිබඳ තොරතුරැ රාශියක් දැනගන්ට ලැබීම එයින් එක් අරමුණයි.
මේ සිද්ධියට අවුරැදු පහළොවකට පමණ පෙර ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා කියවීමෙන් ලත් අත්දැකීම මගේ කල්පනාව පිබිදු අනික් අරමුණයි.
ඉහළ පන්තියේ සිංහලයන්ට නින්දා කරන අදහසින් ඔවුන්ගේ පීවිත විගඩමක් ලෙස මම නිරෑපණය නො කෙළෙමි: ඔවුන්ගේ උසස් උදාර ගති මෙන් මෝඩකමි හා දුබලකමි ද ඔවුන්ගේ චරිතයන්ගෙන් හෙළි කරන්ට වෑයමි කෙළෙමි.”
– මාර්ටින් වික්‍රමසිංහ
රෝහිණී | Rohini
Original price was: Rs 500.00.Rs 450.00Current price is: Rs 450.00.පාසල් කියවීම් පොතක් වශයෙන් ඉතා මැනවයි ගිහි පැවිදි උගතුන් විසින් සම්භාවිත රෝහිණි නවකතාව පළමුවරට මුද්‍රණය වුයේ 1929 දීය.
එවක පටන් සෑම තරාතිරමකම පාඨක ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වු රෝහිණි දුටුගැමුණු රජ සමයේ විසූ සිංහලයන්ගේ සූරවීරකම් ගැන ලියැවුණු හොඳම කතා සංග්‍රහය හැටියටත් සිංහලයෙන් ලියැවුණු උසස්තම ඓතිහාසික නවකතාවක් හැටියටත් සැලකේ.
බාලොපදෙශය | Balopadeshaya
Original price was: Rs 150.00.Rs 135.00Current price is: Rs 135.00.බාලොපදෙශය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද පළමු වන පොත ලෙස ප්‍රකට ය. මෙම කුඩා කවි පොත ලිවීමේ පසුබිම බෙහෙවින් සින් ගන්නා සුළු ය. කුඩා වියේදී පියා මිය යාමෙන් පසුව දඟකාරයෙකු ලෙස ගමේ හැසිරැණු වික්‍රමසිංහ සිය මව විසින් උගත් ඥතියෙකු වෙත යොමු කරන ලදුව ඔහු වෙතින් ශාස්ත්‍ර ඥානය හා කවි බැඳුම් පිළිබඳ රචනා ක්‍රම හදාරා දරුවෙකු හික්මවන උපදෙස් සහිත බාලොපදෙශය කවි පොත රචනා කර වීය.
ගැමිදරුවන් සමඟ රංචු ගැසී දඟකම් කළ දරුවකු ලවා බාලයන් යහමඟ යවන පොතක් රචනා කිරීම අනගි අධ්‍යාපන මඟක් වෙයි. නිවහල් අදින ගත්කරැවෙකු ලෙස පුළුල් මඟක දුරගමනක් යා හැකි ලෙස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බාලවිය හැඩ ගැසීමට ඔහු 13 හැවිරිදි වියේ දී ලියූ මේ කුඩා කවි පොත ඉවහල් වී යැයි ඉඳුරාම කිය හැකිය.
විරාගය | Viragaya
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00.ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වු අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළව හෙළි කළ තරුණයෙකු වී ය. ආසාවන් තුනී කරගෙන ජීවත්වන්ට වෑයම් කළ ඔහුට මැඩගත නොහැකි වුයේ ස්ත්‍රීන් නිසා උපන් ආසාව පමණි. සරෝජනීට හා බතීට දුරින් සිට ඔහු ආලය කළේ පොදු ජීවන රටාවෙන් ඈත්ව ජීවත්වීමට තැත් කළ කෙනෙකු නිසාය.
අරවින්ද තමාගේ චරිතයෙහි හොඳතැන් මෙන්ම නරක තැන් ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගති ද හෙළි කරන්නේ පාපෝච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නෙකු ලෙසිනි.
විරාගය ශෝකාන්ත අධ්‍යාත්ම නාටකයකි.
1956 දී පළ වූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහි වූ විශිෂ්ඨතම නවකතාව බව විචාරකයින්ගේ මතය යි. විරාගය දෙමළ, ඉංග්‍රිසි, ප්‍රංශ හා ජපන් භාෂා වලින් ද පළ වී ඇත.
#wiragaya
සෝමා | Soma
Original price was: Rs 450.00.Rs 405.00Current price is: Rs 405.00.මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද දෙවැනි නවකථාවයි.සෝමා ලියන ලද්දේ පළමු නවකතාව වන ලීලා රචනා කොට අවුරුදු අටකට පසුව එනම් 1922 දීය.චරිත හැසිරවීම භාෂාව හා දෘෂ්ටිය විසින් සෝමා සමකාලීන කතා මාලාවට නෑකම් කියයි.එසේ වුවද 20 වැනි සියවසේ මුල් භාගයේ සමාජය,ජීවිතය හා චාරිත්‍ර වාරිත්‍ර ආදිය අරභයා කතුවරයා පළ කරන අදහස් වල නවමු ස්වභාවයක් මෙන්ම ස්වාධීන බවක් ද මෙම නවකතාවෙන් පිළිබිඹු වෙයි.
ගලිවරායණය | Galiwarayanaya
Original price was: Rs 350.00.Rs 315.00Current price is: Rs 315.00.මාර්ටින් වික්‍රමසිංහ විසින් ගලිවරායණය නමැති ළමා කතාව සම්පාදය කරන ලද්දේ 1931 දීය.
මෙම කෘතියට පාදක වුයේ ජොනතන් ස්විප්ට් ගේ Gulliver’s Travels නම් උපහාස කතාවයි. එය මුලින්ම පළ වුයේ එංගලන්තයේ දීය. පළ වු වසර 1726 වේ. ලොව විවිධ රටවල පැතිරි මෙම කතාව ශ්‍රී ලාංකීය දරුවන්ගේ මනසට ගෝචර වන අයුරින් අනුවර්තනය කීරිමට වික්‍රමසිංහයන් සමත් වී තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.