බයෝ කරපු ඒලෙවල් | Bio Karapu A Level

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

මට ඕනෙ දැං ඔයා එක්ක ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න
ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීලා
අල්ලන්න වගේ දුවගෙන එන්න

අපිට ඒ ගමං පුලුවන් කංකාල පේෂියක සෛල වෙන්න
කොයිතරම් දෙපැත්තට ඇදුණත්
ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ ගැන කියවන්න
අපේ ආදරෙත් ඒ වගේ නේද කියලා කොඳුරන්න

ඉතිං ඉක්මනට කියන්න මට ඔයා එතවද නැද්ද යන්න

ලැවෙන්ඩර් | Lavender

Original price was: Rs 750.00.Current price is: Rs 675.00.

මේක පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…

හේස්ලි ලැවෙන්ඩර් ස්කයිලර්… සරලවම, මගේ නමේ තේරුම “හේසල් දුබුරු පාට ඇස් තියෙන, ලැවෙන්ඩර් පුසුබැති පුංචි දැරිවිය කියන එක…

මේක ඔයාලා කවදාවත්ම අත්විදලා නැති විදිහේ හරිම ලස්සන, හුදෙකලා කදුකර නිම්නයක් පුරාවටම දග කරපු චුටි ගෑනු ළමයෙකුගේ පටන් බෘනට් පාට කොන්ඩ කැරලි තිබුනු ලස්සන චෙරි රෝසපාට තරුණ ගෑනු ළමයෙක් වෙනකල් එයා අත්විදපු සුන්දරම මතකයන් ගැන අපුරු කතාවක්..

Velvet ප්‍රේමය | Velvet Premaya

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

ලියන්න අහිමි වෙන්නම ඕන.

මිනිස්සුන්ට ඇස් රිදෙනකල් අඬන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට සැනසීමෙන් නින්ද යන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට හදවතින් හිනාවෙන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට අමුත්තක් ලියන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට සනීපෙට ඇහැරෙන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට නැවුම් දේ හිතන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට කේන්තිය ඉවසන්න, ආදරේ ඕනෙ.

දැනෙන්න ඉඹින්න. නැටුම් බැරුවත් නටන්න. වියරුවෙන් වයන්න ආදරය ඕනෙ. පපුවට දැනෙන්න සින්දු කියන්න ආදරය ඕනෙ මිනිස්සුන්ට ලියන්න ආදරේ අහිමි වෙන්නම ඕන.

දන්නවද?

එහෙම හිතුවම ලෝකයේ වැඩියෙන්ම ඇත්තේ ආදරේ අහිමි වුණු මිනිස්සු. නැත්තං ලෝකෙට කොයින්ද මේ තරම් කවි පොත්?

ලිලැක් | Lilac

Original price was: Rs 750.00.Current price is: Rs 675.00.

බ්ලෂ් පිනක් පාටට ප්‍රිව්රෝස් පිපෙන බිම්වල කැලැ අයිරිෂ්වල පැහැය දුටුවේ කව්ද?

රන් පැහැ මීවිත බඳුන්වල ස්කොච් පිරෙන සැදෑවල වැහි දවස්වල බිව් කෝපි ගැන දෙඩුවේ කවුරුද?

මං ප්‍රේමයේ මග වෙනස් කළා උඹ මැරියන් ! ඇල්කොහොල්වලම දියවෙලා.

ඇතැම් ගැහැනුන් බෙල්ජියම් චොකලට් මෙති විහා දියවෙන සුළු වූවත් ඉතා ආදරණීය ය ඇතැම් පිරිමින් බ්ලැක් වෙල්වට් විස්කි මෙනි මඳක් සැර වුවත් රොමැන්තික ලෙස උණුසුම්ය.

#lilak

පෙම්වත මම “ඈ” හෙවත් “අයෙෂා” ප්‍රේමයෙහි නොනැසෙන රැජිනයි. ඔබ ගෙලෙහි දම් පැහැයෙන් තැබුවේ අත් පත් කර ගැනීමේ අනුරා ලකුණයි.

ලිලැක් හුදු ප්‍රබන්ධයක් නොවේ. ඉන් සියයට අනූවක්, විටෙක වීනස්මය විටෙක මෙඩුසාමය මගේම හදවතයි. එහි හැඟීම්, බැඳීම්, යක්ෂ සිනහවන් සහ නිහඬ වේදනායි. ලිලැක් මගේ දෙවන දරුවායි. ඒ මෙතෙක් මා ලද මිහිරිතම වසන්තය හා ප්‍රීතිමත්ම උපදින ත්‍යාගයයි. ලිලැක් මා ලද හා නොලද ප්‍රේමයයි. සදාකාලික යැයි කිසිවක් මෙලොව නැති මුත් ලිලැක් මගේ සදාකාලික ප්‍රේමයයි.

ආදරෙයි උතුරන්න | Adarei Uthuranna

Original price was: Rs 750.00.Current price is: Rs 675.00.

අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන “ආදරේයි උතුරන්න”

හමා යන සුළඟකින් මගේ නම විමසන්න
තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න

#Aadarei Uthuranna

පෙපර් මින්ට් | Peppermint

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

“මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද?”

“හදවතින්..”

“ඒ ගැන කියන්න.”

හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නොවෙයි. අපේ හදවත මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපට රිදවලා තියෙනවා ගොඩක්.රිදුම් එන්නේ කොතනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නෙ. හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතුව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත් වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ.

අඩුම තරමේ අපි හමුවුණා | At least we met

Original price was: Rs 750.00.Current price is: Rs 675.00.

උහුලන්න බැරි තරම්
ප්‍රේමයෙන් පිරුණත්
අහසකින් පවා
තාරුකා අතහැරේ…

#aduma tharame api hamuwuna

GUILT – Faculty Of Sex 02 | ගිල්ට් – ෆැකල්ටි ඔෆ් සෙක්ස් 02

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,080.00.

පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන ගෑනියෙකුට සිද්ද වෙනවා එයාගෙ අත්තටු අකුලගන්න. ඒ ආදරේ ඇතුලෙ බෑ ගෑනු ආත්මයක උපරිම නිදහස විඳින්න. කේ කොයිතරම් නිදහස් පිරිමියෙක් වුනත් මට සිද්ද වෙනවා එයා හින්ද මගේ වනාන්තර ආත්මය යම් තරමකට හෝ පාලනය කරන්න. ඉගිල්ලෙනවා වෙනුවට එයා එක්ක පයින් යන්න. ඒක අපිව ඩිප්රෙස් කරනවා. එහෙම ඇකිලිලා ජීවත් වෙන්න ගෑනියෙකුට අමාරුයි. ඒත් හැම ගෑනියෙක්ම පිරිමියෙක් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පුංචි කරගන්නවා. ඒ පිරිමියාගෙ ලෝකෙ ඇතුලෙ හිරවෙලා ජීවත් වෙන්න තෝරා ගන්නවා. ඒත් අපි විලංගු දාලා තියෙන අපේ අත්තටු හැමතිස්සෙම ඒවායේ උරුමය ඉල්ලාගෙන විහිදෙන්න කැරලි ගහනවා. අපි හැමදවසකම ඒ තටු කපා දමමින් අපිව දුර්වල කරගන්නවා. ගෑනියෙකුගේ උපරිමය දරාගන්න කිසිම පිරිමියෙකුට බෑ. බුදුවරයෙක් වුනත් එතනදි අසමත්.

ඒත් කේ කියන්නෙ මගේ ඒ ජීවිතේ අවසානය. කේ ගියාට පස්සෙ මං මගේ අත්තටු දිගට වැඩෙන්න ඉඩ දෙනවා. මං පොලොව අත්ඇරලා මට අයිති අහසේ ජීවිතය තෝරගන්නවා. ටියුලිප් මල් යායවල් ලැවෙන්ඩර් යායවල් උඩින් මං ඉගිල්ලෙනවා. සීත හිම උඩින් කාන්තාර උඩින් මුහුදු උඩින් පියාඹනවා. මං ගොඩක් පිරිමි ගැහැණු එක්ක ආදරෙන් බැඳෙනවා. ගොඩක් සෙක්ස් කරනවා. ඒ හැමෝගෙම හදවත් මං දරුණු විදිහට තුවාල කරනවා. තුවාල වුනු හිතකට විතරයි ජීවිතේ විඳින්න පුළුවන්. මං ඒ හැමෝමව අත්ඇරලා යනවා. කවදාවත්ම ඒ ආදරවන්තයින්ට ඒ ගොල්ලොන්ගෙ පරණ ජීවිතය තරම් ආයිමත් පුංචි වෙන්න බැරි පැල්ම මම වේවි. මං වළාකුල් වෙනවා. වැස්ස වෙලා වැටෙනවා. දියපාර වෙලා ගලනවා. ගගක් වගේ වැඩෙනවා. මුහුදක් තරම් ලොකු වෙනවා.
-චින්තන ධර්මදාස-

LOVE – Faculty Of Sex 03 | ලව් – ෆැකල්ටි ඔෆ් සෙක්ස් 03

Original price was: Rs 1,350.00.Current price is: Rs 1,215.00.

හැම කෙනෙකුටම තියෙනවා එයාගෙම ශෘංගාර කතාවක්. ඒක කාටවත් නොකියන එකක් වෙන්න පුළුවන්. කවුරු හරි එක් කෙනෙක් එක්ක විතරක් බෙදා ගන්න එකක් වෙන්න පුළුවන්. යාලුවො විතරක් දන්න එකක් වෙන්න පුළුවන්. කොහොම වුනත් අපි හැමෝගෙම ශෘංගාරය අපිටම අනන්‍යයි. ශෘංගාරයේ සුන්දරත්වයත් ඒකමයි.

ඔය කවුරු වුනත් ඇඳුම් ගැලෙව්ව්වම එකයි වගේ කතා කියන්නෙ ශෘංගාරය ගැන කිසි දැනීමක් නැති මිනිස්සු. ශෘංගාරය තියෙන්නේ ශරීර අඟපසඟ වල නෙමෙයි. ඒක තියෙන්නෙ සංවේදනා වල. ඒක අපි විඳින්නෙ අපේ අතිශය පුද්ගලික තැන් වලින්.

හැම ශෘංගාර කතාවක්ම අපි කියන අනිත් හැම කතාවකටම වඩා ලස්සනයි. අපිට පුළුවන් නම් අපේ ශෘංගාර කතා විවෘතව බෙදා ගන්න අපේ ජීවිතේ ශෘංගාර කලාපයන් විශාල වෙනවා. ඒ වගේම එහෙම බෙදාහදා ගැනීමක් කරන්න අපි අතර විශ්වාසය ගෞරවය වගේම ආදරයත් විශාල වෙන්න ඕන.

මේ පොතේ පිටු අතර කියවන්න ලැබෙන්නේ ඒ වගේ එක එක මිනිස් ජීවිතවල ශෘංගාර සංවේදන. අපි හිතන නොහිතන, විඳින නොවිඳින, පිලිගන්න නොපිලිගන්න, ගොඩක් තැන් ඒ අතර තියෙන්න පුළුවන්. ඒත් ඒ තව කෙනෙකුගේ ආස්වාද විශ්වයක් හැටියෙන් බාරගන්න පරිණතකමක් අපිට තියෙන්න ඕන.

නිරුවත් පහසක් විඳිනවා කියන්නෙම ආර්ට් එකක් අපිට බඩගින්නට මොනවා හරි බඩට දාගන්න පුළුවන්. ඒ වගේම විවිධ රස භාවයන් විඳිමින් කෑමක් වරුවක් විතර විඳින්නත් අපිට පුළුවන්. සෙ ස් කියන්නෙත් එහෙම දෙයක්. අවශ්‍යතාව පිරිමසා ගැනීමේ සෙක්ස් කියන්නෙ දුප්පත්කමක්. හුස්මෙන් හුස්ම කියවන, රෝමයෙන් රෝමය දනවන, සුවඳ, නර්තනය විඳින සෙක්ස් කියන්නෙ සුඛෝපභෝගීත්වයක්.

ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියන්නෙ එහෙම නිදහසක්, බාර ගැනීමක් වගේම දියුණු විඳීමක් ජීවිතය ඇතුලෙ නිර්මාණය කරගත්ත පොහොසත් වැඩිහිටියන් වෙනුවෙන්. ඒ කතා තියෙන්නෙ ඒවා අහන්න තරමට සංස්කෘතික වුනු කන්වලට විතරයි.
-චින්තන ධර්මදාස-

බොහෝ කවි ලියවුණේ ඔබට ය | Boho Kavi Liyawune Obataya

Original price was: Rs 750.00.Current price is: Rs 675.00.

කවි ලියවුණේ ම

මට ඔබව තදින් බදා වැලඳ
සිපගන්න ම සිතූන දිනවල ය.

”මේ දැන් දකින්න ඕනමයි” කියන… දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය.

නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම
හීනයක දවටා
හිත එතූළ ගිලී සැනසෙනා විට දී ය

කප්පරක් ස්වයංවාරණ තිබ්බත්
හුස්මක් පාසා ම ඒ සියලු දේ රැක්කත්,

හුඟක් කවි ලියවුණේ ම

නුඔව ම ඇවැසියි කියා හිත
මුරණ්ඩු ම වුණ දවසට ය.

ඇත්තටම ඒ මිදි ඇඹුල් | Aththatama E Midi Ambul

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

ප්‍රේමයේ අවසන් කියවීම

ගහක යුතුකම මල් සැදීමය
මලින් අතු ඉති හැඩ කිරීමය
මිදෙන දා මල් අත්හැරීමය
සුසුම් පිටකර දරා ගැන්මය
ආදරේ කියන්නේම ඒකට

මලක කාරිය සුවඳ දීමය
සුවඳ දී නටුවෙන් මිදීමය
මිදී ගහ මුලටම වැටීමය
යළිත් ගහටම පොහොර වීමය ආදරේ කියන්නේම ඒකට

සඳ එළිය මල් පිබිදවීමය
යන්තමට මුදු පෙති සිඹීමය
ඉඳහිටක සුවදුක් ඇසීමය
අයිතියක් කිසිදා නොකීමය
ආදරේ කියන්නේම ඒකට

Chéri Chérie – SWEETHEART

Original price was: Rs 800.00.Current price is: Rs 710.00.

මම හිටියෙ නිර්වාණය ලබන්න
ඔන්න මෙන්න කියලා
ඒ වගේ සැහැල්ලුවක්
ඒ වගේ තෘප්තියක
ඒ වගේ සතුටක්
මට මීට කලින් දැනිලා තිබුණේ නෑ.
ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට
මාව දෝරෙ ගලනවා
මම සැනසෙනවා
මම පාවෙනවා
මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා

#cheri cherie