Showing the single result

මැණිකේ | Manike

Original price was: Rs 350.00.Current price is: Rs 280.00.

මිනිස්සු
හරි කැමති
වචන වලින්
සිතුවිලි මරන්න..
ඒ වගේම
සිතුවිලි
වචන කරලා
මිනිස්සු මරන්න..

ජීවිත ගමන තුල අපට හමුවන දුක , සතුට නිතැතින්ම කඳුලින් නිමවූ අවස්ථා මෙන්ම දුක සතුටක් ලෙසද සතුට දුකක් ලෙසද විඳදරා ගත් සෑම අවස්ථාවකම “කවිය” ඉතා වැදගත් වූත්, වටිනා වූත් කාර්‍යභාරයක් ඉටු කල බව නොරහසකි.

සාහිත්‍යය නම් වූ සමුද්‍රය තුල කවිය නම් වූ ඔරුව පැදවීමට භාෂාව නම් වූ හබල හැසිරවීම සංයමයෙන් සිදු කල යුතුය.

අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් සහ මධ්‍ය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය නිමා කල මා රජරට විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හා පශ්චාත් සම්පූර්ණ කර, ආචාර්‍ය උපාධිය හැදෑරීමට විදේශ ගතවීම දක්වා ලබාගත් සංයමය භාෂාව හැසිරවීම තුලින් කවිය ජනගත කිරීමට ඉවහල් වූ බව මම තරයේ විශ්වාස කරමි.