Publisher
දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ | Denna Depaththe Arathi Madde
Original price was: Rs 1,650.00.Rs 1,320.00Current price is: Rs 1,320.00. Revolution 2020
by Chetan Bhagat
කෙල්ලෙක්, කොල්ලෙකුට ආදරේ කරන්නේ මොකටද?
කොල්ලගෙ සල්ලිවලටද?
කොල්ලගෙ “මොළකාර” කමටද?
නැත්තං කොල්ලෙකුගෙ නාහෙට නාහන ගතියටද?
ඒත් නැත්තං ඩීසන්ට් කමටද?
මේ එකක්වත් නොවෙයිනං කොල්ලෙකුටග මා කොලිටීසිවලටද? කෙල්ලෙක් මේවයින් දෙක තුනකටම කැමතිනං ඒ කියන්නෙ කොල්ලො දෙන්නෙකුටම ආදරේ කරන්න එයාට පුළුවන් කියන එකද? දැන් ඉතින් වටපිට බලන්නත් එපා…
ළග ඉන්න කෙනාගෙ මූණ දිහා බලන්නත් එපා.
තොල විකාගෙන තනියෙන් හිනාවෙන්නත් එපා. සමහරවිට ඒකට උත්තරේ මේ කතාවෙන් දැනගන්න පුළුවන් වේවි. …
ඉස්සෙල්ල කිව්ව ගතිගුණ තියෙන කොල්ලො දෙන්නෙක් එකම කෙල්ලකුට ආදරේ කරනවනං ඒත් කියන්න තියෙන්නෙ ඒකමයි.
මයාඩා | Mayada
Original price was: Rs 1,140.00.Rs 910.00Current price is: Rs 910.00. Daughter Of Iraq
by Jean Sasson
රජ බිසවකගේ පාපොච්චාරණය – 01 | Raja Bisawakage Papochcharanaya – 01
Original price was: Rs 1,450.00.Rs 1,160.00Current price is: Rs 1,160.00. Queen’s Confession
by Victoria Halt
“පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි.
ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඇ අත්දුටු දුක්පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි.
සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත්තේ නෙතු කඳුළින් යුතුව බැව් සැක හැර කිව හැකිය.
ඒ් අමුතු සන්ධ්‍යාව | E Amuthu Sandyawa
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. The Horse Walks into Bar
by David Grossman
Winner of 2017 International Man Booker Prize
ඊශ්‍රායලයේ කුඩා නගරයක විනෝද සමාජශාලාවකි. විනෝදයෙන් පිරි සන්ධ්‍යාවක් ගතකිරීමේ බලාපොරොත්තුවෙන් ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටිති. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දමමින්, විකට ශිල්පියකු වේදිකාව මත අසාර්ථක වී පුපුරා කඩා වැටෙනු ඔවුන්ට දැකගන්නට ලැබේ. එය ඔහුගේ තෝරාගැනීම මත සිදුවන්නකි. දොවාලේ ජී නැමැති ප්‍රවීණ, ආකර්ශණීය, අනපේක්ෂිත මෙන්ම කටුක උපහාසය ගෙනෙන හිටිවන විකට ශිල්පියා, ඔහුට බෙහෙවින්ම ආදරය කළ දෙදෙනාගෙන් කෙනෙකු තෝරාගැනීමේ බියජනක මෙන්ම වේදනාකාරී තීරණය ගන්නට සිදුවීමේ බර උසුලාගෙන වසර ගණනාවක් තිස්සේ තමා ජීවත් වූ අයුරු ප්‍රේක්ෂකයන් ඉදිරියේ හෙළිදරව් කරයි.
තමාව මෙන්ම තම ප්‍රේක්ෂකයාවද නිර්දය ලෙස පතුරු ගසමින් ඔවුන් තුළ පිළිකුල හා සහකම්පනය දනවන්නට සමත්වන්නේ සිනාසිය යුතුද ඇඬිය යුතුද යන ප්‍රශ්නාර්ථ දෙක මැද ඔවුන් සිර කරවමිනි. මේ සියල්ල සිදුවන්නේ, තමාව එතැනට කැඳවනු ලැබුවේ කුමක් නිසාදැයි වටහාගන්නට වැර දරණ ඔහුගේ ළමාවියේ මිතුරකු ඉදිරිපිටය.
ඕගී | Oogi
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00. Wonder
by R. J. Palacio
වෛද්‍යවරු මා බැලීමට පමණක්ම දුර බැහැර නගරවල සිට පැමිණියා. ඔවුන් මගේ සයනය අසල සිටගෙන හිටියේ ඔවුන් දකින්නේ කුමක්දැයි අදහාගත නොහැකිව. ඔවුන් පවසන්නේ මා දෙවියන් විසින් ම මවන ලද එක් ප්‍රාතිහාරයක්ම බව ඔවුන්ට වෙනත් පැහැදිලි කිරීමක් සොයා ගැනීමට නොහැකි නිසාම.
කදිම පාසලේ දුෂ්ට පාලිකාව | Kadima Pasale Dushta Palikawa
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. Claudine at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 05
කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි. අලුතින් එන පාලිකාව නපුරු ගතිගුණ පළ කරයි. ඇගේ දියණිය කේලාම්කාරියකි. කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ට බව, කේළාම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන් ද…?
විප්පයෝගය | Vippayogaya
Original price was: Rs 950.00.Rs 760.00Current price is: Rs 760.00. The Man Who Laughs
by Victor Hugo
#Wippayogaya
ලප සහිත පටියේ අභිරහස | Lapa Sahitha Pitiye Abhirahasa
Original price was: Rs 400.00.Rs 320.00Current price is: Rs 320.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
“අනුමාන කළේ කොයි විදිහට වුණත්, මහත්මයා කීව කරුණු සේරම ඇත්ත” කත කීවා ය. “මම ගෙදරින් ආවේ හයටත් කලින්, දුම්රියපොළට ආවේ හයයි විස්සට, පළවෙනි කෝච්චියෙන් වෝටර්ලූ ආවා, මට මේ පීඩාව තවත් දරා ගන්න බැහැ සර්, මෙහෙම ගියොත් මට වැඩි දවස් නොගිහින් පිස්සු හැදේවි. මට උදව් ඉල්ලන්න කිසි ම කෙනෙක් නැහැ. ඉන්න එකම කෙනා මගේ පෙම්වතා, ඒ අහිංසකයටත් මට උදව් කරන්න පුළුවන්කමක් නෑ. මිසිස් ෆ්‍රින්ටොෂ් කියන්නෙ මගේ යෙහෙළියක්, එයා කරදරේ වැටිච්ච වේලාවක සර් එයාට උදව් කළ හැටි මට කියලා තිබුණා. අනේ සර්, කරුණාකරල මට උදව් කරන්න. සර්ගේ සේවයට ගෙවන්න තරම් මුදලක් මේ වෙලාවේ මගේ අතේ නැහැ, ඒත් මාසෙකින් දෙකකින් මගේ ආර්ථික ප්‍රශ්න කෙළවරක් වේවි. ඊට පස්සේ මම නොවරදවා ගෙවන්නම්.”
ලංකාවේ සියවසක් | Lankawe Siyawasak
Original price was: Rs 850.00.Rs 680.00Current price is: Rs 680.00. Ceylon in the Jubilee Year
by John Ferguson
“ලංකාවේ සියවසක්” ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාලපරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අළලා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි. එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙලා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනට කෘතියක් තුළ ගොනුකර ඇත.
බ්ලැක් මේල් | Black Mail
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. My Laugh Comes Last
by James Hadley Chase
මා ඇයට ආදරය කරන බව මට කීමට අවශ්‍ය විය. මට මුදල් ඕනෑ තරම් ඇති බවත් ඇයට හොඳ නිවසක් දිය හැකි බවත් ඇය මා ළඟ සිටී නම් ඇය රැක බලාගත හැකි බවත් කීමට මට වුවමනා විය. එහෙත් ඇගෙන් එයට යම් සංඥාවක් ලැබෙන තුරු ඉවසා සිටින්නැයි මම මටම කියා ගතිමි. මා ඉවසිය යුතුය. මට මාසයක් කල් තිබේ.
අඹ මල් සුවඳ | Amba Mal Suwanda
Original price was: Rs 590.00.Rs 470.00Current price is: Rs 470.00.ලක්ෂ්මන් කොරදොන් “අඹ මල් සුවඳ” නමැති කෘතිය මට පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා ආදී කතෘවරුන්ගේ සමය සිහි ගන්වයි. මෙය සුචරිතවාදී නවකතාවකි. නොයෙකුත් අප්‍රසන්න ආත්ම කථන, අශෝභන පෞද්ගලික පුවත් ආදිය මහත් අභිරුචියකින් පළ කෙරෙන මෙවන් යුගයක, කොරදොන් වැනි නිර්මාණකරුවන් ද අවශ්‍යමය. සමාජය යලිත් යහමගට හැරවීමට මෙම යුගයේ අත්‍යවශ්‍ය මෙහෙවරකි. මෙහි එන ගම වැනි ගම් දහසක් සෑදිය හැකි නම්, මෙහි කතා නායිකාව “දර්ශනී” වැනි දැරියන් දහසක් සැදිය හැකි නම්, එය කෙතරම් මනස්කාන්ත සිදුවීමක් විය හැකිද?
-නැසීගිය හෙන්රි ජයසේන – (2005/04/26 දින අත්පිටපත කියවා)
#aba mal suwada
රිචඩ් ද සොයිසා – නිහඬ කළ හඬ | Richard De Zoysa – Nihanda Kala Handa
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00.සුන්දර නතාෂා | Sundara Nathasha
Original price was: Rs 600.00.Rs 480.00Current price is: Rs 480.00. The Lower Depths
by Maksim Gorky
මකරානන්දය | Makaranandaya
Original price was: Rs 1,250.00.Rs 1,125.00Current price is: Rs 1,125.00.- 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2019 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
“ඈ බං අක්කෙ උඹට මොකෝ ඒ දවස්වල රන් බණ්ඩයියටම හිත ගියෙ?”
ඉද්ද ගැසුවා සේ නැවතුනු මෝල්ගස පුදුමයෙන් මෙන් සුගුනී දෙස බලා හති හලමින් බිත්තියට හේත්තු වූයේය. රන්මැණිකා විටක් කෑවේ ඉන් පසුවය.
“උඹට කියන්න සුගුනො මං ගියා පෙරහැරක් බලන්ට.”
රන්මැණිකා කියන්නේ මින් පෙර නොකියූ කතාවකි. සුගුනී පිල මත්තේ හරි බරි ගැසුනාය. රන්බණ්ඩා මුණගැසුනේ පෙරහැරක් බලන්නට ගොස් බවක් සුගුනී මේ වනතෙක් දැන සිටියේ නැත.
“ඔන්න මුලින්ම ආවා කස කාරයො. දිගට හරහට චට පට චට පට ගගා කස පාරවල් දිදී එනකොට බලන්ට බය හිතුන. මං බැලුව මේකද යකෝ මේ හැම එකාම වරුණා කොරන පෙරහැර කියල. ඊළඟට ආවේ ගිනිබෝලකාරයෝ උන් ලවක් දෙවක් නැතුව ගින්දර කරකවන්ට තියා ගත්තා. මට තවත් බය හිතුන. තව ඉස්සරහට මොක්කු එයිද දන්නෑ කියල. ඉතිං මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනිබෝලකාරයෙක්ව බදා ගත්ත. ඊට පස්සෙ තමයි එන්ට තියා ගත්තේ බෙර කාරයොයි තාලම් කාරයොයි ආඩම්බරේට ඇවිදින අලි ඇත්තුයි දිලිසෙන වෙස් තට්ටුව ඉහට දමා ගත්තු නැට්ටුවොයි. නෛයිඅඩිකාරයොයි. අනේ මං පෙරහැරේ ලස්සන දැක්කේ ඊට පස්සෙයි බුදු නංගියෙ. ඒත් එතකොට මං ඉක්මං වෙලා ගිනිබෝල කාරයෙක් බදාගෙන අහවරයි. දැං ඉතිං නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව.”
සුගුනී බුලත් කෙළ පහරක් සමඟ හිනාවක් මිදුල මැද්දට විද්දාය.
චිත්‍රාල් | Chithral
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා
ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.
ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්
හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.
ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ
හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව
ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.
සීමා නැති ජීවිතේ | Seema Nathi Jeewithe
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Life Without Limits
by Nick Vujicic
1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලයම අන්මන්ද කරවමිනි. ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, අරියාදු, සමච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජිවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. මේ පොතේ නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසටයි.
බැද්දේගම | Baddegama
Original price was: Rs 675.00.Rs 605.00Current price is: Rs 605.00. The Village in the Jungle
by Leonard Woolf
බැද්දේගම සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ඉංග්‍රීසි නව කථාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම කෘතිය බව විචාරකයන්ගේ පිළිගැනීමය. මෙහි චරිත නිරූපණය කොතරම් මනහරදැයි කිව මනා නොවේ. ලක්දිව ඈත ගම්බද පෙදෙසක වෙසෙන අර්ධ ශිෂ්ත ජනයාගේ දුර්බෝධ චිත්ත චෛතසික තත්ත්වය ඉංග්‍රීසිකාරයකු විනිවිද දුටු සැටි චමත්කාරජනකය. සිලිඳුගේ චරිතය වූ කලී සාහිත්‍ය චිත්‍ර ශාලාවෙහි ඇඳ තිබෙන අමරණීය බිතු සිතුවම් අතුරින් එකකි.
භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 2 | Bharatha Yogin Saha Isiwarayin Samaga 2
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00. A Search in Secret India
by Paul Brunton
#baratha barat bharat
වසිලිස්සත් ඔයත් මමත් | Wasilissath Oyath Mamath
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00.රෑට නැති නුවණ – උදේට පහළ වෙන වග කියා
නිදාගන්නට ගිය නුවණක්කාර වසිලීස්සා,
කියන්නට පුළුවන්ද ඉතින්
පළමු හිරු එළියෙදී පහළ උණාද ඔයාට
ප්‍රේමය අත්හරින නුවණ?
හැකි උණාද – ඔහුව සොයා ගෙන නොගිහින්
ඒ පාළු පාර හැර වෙනත් මල් පිපෙන පාරක යන්න
තණකොළ පෙත්තෙකුගෙ තාලයට පැන පැන දුවද්දී
රුසියාවේ නගරයක ඔරලෝසු කණුවක කටු
නවතිනව නම් කියල හිතිලාම නැද්ද?
වෙලාවයි හුස්මයි දෙකම
ඔයාගේ ඇස් මානයෙන් ඔහු
හිනාවී ගිය වෙලාවට..
– චරිතා ප්‍රවර්ධි බණ්ඩාර –
#vasilissath oyath mamath
මහ රෑ | Maha Re
Original price was: Rs 750.00.Rs 600.00Current price is: Rs 600.00.විදුලි පහන දල්වා සින්ක් එක ලඟට ගිය නාරද කරාමය ඇර වීදුරුව පයිප්පයට ඇල්ලුවේය. ඔහු එය දුටුවේ එවිටය. දුටු ගමන් ඔහු තිගැස්සුණේය. දකණු අතේ ඇඟලිවල ලේ පැල්ලමක් විය.
”මේ මොන මඟුලක්ද ?” යයි සිතන විටම නාරදට බෙල්ලේ දකුණු පැත්තෙන් දැවිල්ල ගතියක්ද දැනිණි. ඇඟිලිවල ලේ ගෑවුණේ බෙල්ලේ තුවාලයකින් බව නාරදට තේරුණි. එය ඔහුට ප්‍රෙහෙලිකාවක් විය.
වතුර බීම පැත්තක තියා නාරද නාන කාමරයෙන් එළියට විත් නැවතත් නිදන කාමරය වෙත ගියේය. එවිට ඔහුට තව දෙයක් දැකගන්නට ලැබිණී.
හිස තබාගෙන සිටි කොට්ටයේත් ලේ ගෑවි ඇති බවයි.
මේ කිසි දෙයක් නොදැන අචිනි තද නින්දක ගැලී සිටියේ ඔළුවේ ඉඳන් පොරවාගෙනය. වැහි සීතල නිසා වෙන්න ඇති යයි නාරදට සිතිණී. නාරද ඇඳෙ පැත්තකින් වාඩි විය. කොච්චර කල්පනා කළත් තුවාලය වෙච්චි විදියක් ගැන ඔහුට මතක් කර ගන්නට හැකි වූයේ නැත.
ඔළුවේ ඉඳන් පොරවගන්න එපා යයි නාරද අනන්තවත් අචිනිට කියා තිබේ. හුසම ගන්න අමාරු නිසාය. නාරද අත දිගුකර අචිනිගේ පෙරවනය පහත් කළේය.
අචිනි හිටියේ උඩුබැලි අතටය.
ඇගේ දෑස් විවර වී තිබිණි.
ආදරේ තරම් ම යසෝදරා | Adare Tharam Ma Yasodara
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.විවාහ වූ අලුත ආනන්දත් යසෝදරාත් යන දෙදෙනා ම රටේ සමාජයීය ගැටලු පවා ප්‍රේමණීය ලෙස සාකච්ඡා කළහ. ආනන්ද සිංහල කියන විට ඈ ලාංකික යැයි කීවා ය. සිංහල සංස්කෘතිය ගැන ආනන්ද කියන විට ඈ දූපත් සංස්කෘතියක් ගැන කීවා ය. ආනන්ද සිංහල බෞද්ධයා ගැන කියන විට ඇය දෙමළ බෞද්ධයා ගැන ප්‍රශ්න කළා ය. ආනන්ද සමාධි පිළිමය ගැන කියන විට යසෝදරා විහාර මංගලම් නම් ද්‍රවිඩයන් නෙළූ දකුණු ඉන්දීය බුදුපිළිමයක් ගැන තොරතුරු කීවා ය. ආනන්ද අවුකන පිළිමය ගැන කී විට යසෝදරා නාග පට්ටනම් ඉන්දීය ලෝකඩ බුදු පිළිමයක් ගැන කීවා ය. සිංහල බෞද්ධ සාහිත්‍යය ගැන ආනන්ද කියද්දි දක්ෂිණ භාරතීය ද්‍රවිඩ සාහිත්‍යය ගැන ඈ තර්ක කළා ය. හැම විටම විසංවාදය ප්‍රේමයෙන් ආදරයෙන් සහ විසංවාදයෙන් ඉදිරියට ආවේ ය.
‘බණ බැරි වුණත් ගම තොටගමුවෙ ලු’
සිල්වර් ටිප්ස් | Silver Tips
Original price was: Rs 1,600.00.Rs 1,360.00Current price is: Rs 1,360.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
දරුපැටියෙක්ගේ එකම භාෂාව හැඬීම බව කියන්නට ග්‍රිසිල්ඩාට සිතෙයි. දරුවෙක් වඩා ගත යුත්තේ දරුවෙක් ලෙසින් බව කියන්නට ඇයට සිතෙයි. කිරි පෙවිය යුත්තේ ආදරයෙන් පෙරා බව කියන්නට ඇයට සිතෙයි. කිරි උරන වෙලාවට කන් පෙති සිනිඳු ලෙසින් අත ගෑ යුතු බව කියන්නට ඇයට සිතෙයි. නෑවීමෙන් පසුව කන් පෙති, නැහැය, අත් පා ඇඟිලි මෘදු ලෙස අත ගා නිසි ලෙස හැඩ කළ යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරි බීවාට පසුව පැටියාව සිඹ සනසවමින් “ආදර අවධානය” දිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. යහනේදී නැළවිලි කවි කියා සිනිඳු සවන් පෙති මත ආදරයේ මී පැණි පිරවිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. දරු පැටියා අසලදී හැඟීමක් ලෙසින් “ආදරය” පමණක් ප්‍රකාශ විය යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරිකැටියා ඇවිදින තෙක් වඩාගැනීමේ ශක්තියද, ජීවිත කාලය පුරා දරාගැනීමේ ශක්තියද තිබිය යුතු යයි කියන්නට ඇයට සිතෙයි.
එහෙත් ඇය ඒ කිසිවක්ම නොකිව්වාය.
අයිරාංගිනි | Airangini
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00.මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියූ තුන්වැනි නවකතාව වන අයිරාංගිනි 1923 දී පළවිය. සමාකාලීන නවකථාවල පිළිබිඹු වු ඒකාකාර දෘෂ්ටියෙන් තරමක් මිදී ඇති මේ නවකතාව ඛේදවාචකයකින් අවසන් වෙයි. 20 වැනි සියවසේ මුල් භාගයේ ශ්‍රි ලාංකික සමාජ සිරිත් විරිත් හා මනුෂ්‍ය ස්වාභාවයන්හි පිළිබිඹුවක් මේ නවකථාව තුළ දැක්ක හැකිය.
බව තරණය | Bawa Tharanaya
Original price was: Rs 700.00.Rs 630.00Current price is: Rs 630.00.සිදුහත් සිරතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි.සිංහල පාලි සංස්කෘත ඉංගිරිසී භාෂාවලින් ලියු බුද්ධ චරිත හැම එකක්ම වාගේම මම කියවා ඇත්තෙමි.මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරු ලියා තිබීම ආශ්චර්යජනක ය.බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්නටද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරිමට අතිශයින්ම සුදුසු ය.බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන්ගේ ඇති කළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නකුට උගත හැකි ය.
– පණ්ඩිත ශාස්ත්‍රපති අකුරැටියේ අමරවංශ නායක මාහිමි –
ටාර්සන් සහ ඔපාරයේ මැණික් | Tarzan Saha Oparaye Menik
Original price was: Rs 380.00.Rs 340.00Current price is: Rs 340.00. Tarzan and the Jewels of Opar
by Edgar Rise Burroughs
ආදි කල්පිත මහා වනාන්තරයේ වැළලී පැවති ඉපැරණි නගරයක් වන ඔපාරයේ දී, වානරයන් ගේ ටාර්සන්ට මහා ධන නිධානයක් හමු වෙයි. මෙය ගැනීමට යන මොහොතේ දී ම සිදු වන භයංකර භූමි කම්පාවක් හේතු කොට ගෙන ටාර්සන්ගේ හිස බලවත් සේ තුවාළ වෙයි. මේ තද බල පහරෙන් ටාර්සන්ට සිය අතීතය අමතක වෙයි. මේ අතරතුර දී ඛෙල්ජියානුවකු විසින් හා අරාබි වහල් වෙළෙන්දෙකු විසින් ටාර්සන් ගේ බිරිඳ වන ජේන් පැහැර ගෙන යනු ලබයි. ඔවුහු අනතුරු ව ටාර්සන් ගේ වන ගත නිවාසයට ගිනි තබා විනාශ කර දමති.
එහෙත් කල් යෑමේ දී ප්‍රකෘති සිහියට පත් වන ටාර්සන් සිය මිතුරන් වන මහා වානරයන් කැටුව ගොස් සිය සතුරන්ගෙන් දරුණු අන්දමින් පළි ගෙන සිය බිරිඳ ද බේරා ගනියි.
ටාර්සන් ගේ වන සිවුපාවෝ | Tarzan Ge Wana Siwpawo
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. The Beasts of Tarzan
by Edgar Rise Burroughs
තමා ප්‍රිය කරන වනගත නිවෙසින් ඈත් ව ශිෂ්ටාචාරයේ අවුල් වියවුල්වලට මැදි වී සිටින ප්‍රබල ප්‍රචන්ඩ ටාර්සන්ට, මහා බිහිසුණු භයංකර ප්‍රවෘත්තියක් සැල වෙයි. එ නම් සුදු මිනිසුන් ගෙන් සැදි කොල්ලකාර සොර කණ්ඩායමක් විසින් තමා ගේ සුරතල් පුත්‍රයා ද ප්‍රිය බිරිඳ ද පැහැරගෙන යනු ලැබ ඇති බව ය.
කෝපාවිෂ්ට ටාර්සන් ඔවුන් ගළවා ගැනීමට වහා ක්‍රියාත්මක වෙයි. මෙහි දී භයංකර වන සිවුපාවුන් ගේ ආධාර ලබන ටාර්සන් වනය කම්පා කරමින් ප්‍රකමිම්පා
කරමින්……….
ඉතාම බිහිසුණු ත්‍රාස ජනක සිද්ධි මාලාවකට මුහුණ දෙයි.
ටාර්සන් ආපසු එයි | Tarzan Apasu Ei
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. The Return of Tarzan
by Edgar Rise Burroughs
මහා නගරවල ජීවිතයෙන් ඉක්මනින් කලකිරෙන ටාර්සන්, අපූර්වාකාරයකින් යළිත් අප්‍රිකානු මහා ඝන වනාන්තරයට ම ඇදී යයි. එහි දී දරුණු මිලේච්ඡයන් සමඟ ද ඇත් දළ වෙළෙඳාමේ යෙදෙන ක්‍රෑර වෙළෙඳුන් සමඟ ද ගැටෙන ටාර්සන්, සුපුරුදු බිහිසුණු වන ජීවිතයේ දී ත්‍රාස ජනක වූ ද, ප්‍රචණ්ඩ වූ ද අත් දැකීම්වලට මුහුණ දෙයි. එහි දී අප්‍රිකානු ඝන වන මධ්‍යයේ වැළලී ගිය ඉපැරණි රාජධානියකට අනපේක්ෂිත ව පා තබන ටාර්සන්, මහා නිධානයක් සොයා ගනී. එ පමණක් නොව, තමා පෙම් කළ පෙම්වතිය ද එහි දී හමු වෙයි.
වානරයන්ගේ ටාර්සන් | Wanarayange Tarzan
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Tarzan of the Apes
by Edgar Rise Burroughs
ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය නව කථාවලින් එකක් වන ‘වානරයන් ගේ ටාර්සන්’ ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී, කෝටි ගණනින් අලෙවි වන්නකි. නව යෞවනයන් ගේ අත්‍යන්ත ආදරයට භාජනය වී ඇති මේ නව කථාව, මෙ වැනි ම ත්‍රාස ජනක වන කථා පෙළකට මුල් වී ඇත. සිනමා චිත්‍රපට ගණනාවකට වස්තු බීජය සපයා ඇති ‘වානරයන්ගේ ටාර්සන්’ ලොමු දැහැගන්නා සීද්ධීන් ගෙන් ගහන, අතිශය චමත්කාර ජනක නව කථාවකි.
‘වානරයන්ගේ ටාර්සන්’ අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිලිඳකු, කාලා නමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බිය කරු මහ වනයේ අධිපතියා බවට ගත් වීමේ අපූර්ව වන කථාන්තරය යි.
ඈන් 2 – ගමට අලුත් එළියක් | Anne 2 – Gamata Aluth Eliyak
Original price was: Rs 1,050.00.Rs 945.00Current price is: Rs 945.00. Anne of Avonlea
by L. M. Montgomery
රොබින්සන් ක්රූසෝ – දයාවංශ ජයකොඩි | Robinson Crusoe
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. Robinson Crusoe
by Daniel Defoe
ඉංග්‍රීසි සාහිත්‍යයේ පළමු වන නව කථාව වශයෙන් බොහෝ සාහිත්‍ය විචාරකයන් විසින් පිළිගනු ලබන “රොබින්සන් ක්රූසෝ” එහි ඇත්තා වූ දැවැන්ත වූ ද සංකීර්ණ වූ දආර්ථික න්‍යායන් කරණ කොට ගෙන කාල් මාක්ස් ගේ නොමඳ පැසසුමට භාජනය විය.මිනිසා ගේ සිතුම් පැතුම් විවරණය කරන්නා වූ ද දහසක් බාධක හිරිහැර මධ්‍යයේ ස්වකීය අරමුණ කරා ගමන් කිරීමට මිනිසා ධෛර්යවත් කරන්නා වූ ද ‛රොබින්සන් ක්රූසෝ”සෑම මිනිසකු විසින් ම අවශ්‍යයෙන් ම කියවිය යුත්තකැ යි මහත්මා ගාන්ධි තුමා කීවේය.
ඉවට් | Iwat
Original price was: Rs 350.00.Rs 315.00Current price is: Rs 315.00. Yvette
by Guy De Maupassant
ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන ‘ඉවට්’ තුළින් ප්‍රන්සයේ පව්‍යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන ‘ඉවට්’ ක්ෂුද්‍ර ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.
රාවණා මෙහෙයුම 2 | Rawana Meheyuma 2
Original price was: Rs 1,050.00.Rs 945.00Current price is: Rs 945.00.බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.
සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.
#ravana
මසායි දූතිකාව | Masai Duthikawa
Original price was: Rs 790.00.Rs 710.00Current price is: Rs 710.00. Angel of Massai
by Rangi Martel
අප්‍රිකාවේ මහා වනාන්තරයක වෙසෙන, ශිෂ්ට සම්පන්න යයි සම්මත ලෝකයට ප්‍රවිෂ්ට නො වූ ගෝත්‍රික මිනිස් සමූහයක් වෙනුවෙන් වෙහෙසෙන තරුණියක ප්‍රධාන කොට ගනිමින් ලියැවෙන මේ සිදුවීම් දාමය පෙළගැසෙන්නේ, අපේ ඇසට නො පුරුදු පරිසරය පිළිබඳව කතුවරිය අපට දායාද කරන චමත්කාරය ඔස්සේ කියවන්නා විස්මයට පත් කරමිනි. අප්‍රිකානු වනගත පරිසරය, ආගන්තුක චරිත, ස්ථාන හා චරිත හඳුන්වා ඇති නාම, පුදුම සහගත හැසිරීම්, සිරිත්විරිත් පිළිබඳව නිරන්තරයෙන් ස්පර්ශ කරමින් එහිම වෙසෙන අප්‍රිකානු වැසියෙකුට ම මිස, බැහැර කෙනෙකුට නොහැක.
නවකතාවක් යනු කතන්දරයක් කියාගෙන යාම වෙනුවට, ඒ කථාන්තරයේ එන චරිත තුළින් මනුෂ්‍යත්වයේ සැගවුණු පෙදෙස්වලට තියුණු ආලෝක ධාරාවක් යොමු කර, ඒ මෙසේ මෙසේ යයි දකින්නට සැලැස්වීමය යන අදහස කතුවරිය සිය නිර්මාණය තුළින් සනාථ කර තිබේ.
භික්ෂු පරිච්ඡේදය | Bikshu Parichchedaya
Original price was: Rs 1,800.00.Rs 1,440.00Current price is: Rs 1,440.00.කොළඹ කතාව – සංගායනාව
මරණාසන්න වේදනා
පහක් පසු කළ මිනිසෙක්
දුක පසක් කොට ගත්තෙකි.
එවැන්නෙකුට ජීවිතය ලියද්දී
දුක පසෙකින් තැබිය හැකි ය.
සුදු සෙවනැලි | Sudu Sewanali
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00.- 1987 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
රිදී විල් තෙර | Ridee Wil Thera
Original price was: Rs 1,150.00.Rs 920.00Current price is: Rs 920.00. By the Shores of Silver Lake
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 05
මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභයෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේරි සහ කේරි සමග රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදිවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමුවැනි ගොඩනැගිල්ල සාදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි.
මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ කොටස් නවයකින් යුතු අති විශිෂ්ට ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්නයි.
#ridi vil thera
ලොන්නේබැරියේ එමිල් | Lonnebariye Emil
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. Emil i Lonneberga
by Astrid Lindgren