Muses Publishing House - මියුසස් ප්‍රකාශන
1932 – Under the Shades of Himalayas
Original price was: Rs 1,850.00.Rs 1,665.00Current price is: Rs 1,665.00.සිදත් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පස්වසක් ඉක්මවගොස් ඇති සමය…
බ්ලැක්වුඩ් බංගලාවේ සැරිසරන අද්භූත සුදු තරුණියකගේ ආත්මයක්…
ඇය විසින් රුධිරයෙන් තබන ලද සටහනක්…
යුරෝපයට වී දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටින සිදත්, එම තරුණිය පිළිබඳ සෙවීමට සිය ප්‍රාණසම සගයා වූ සේනක සමඟින් ලංකාවට පැමිණෙයි.
ඇගේ ආත්මය එතැනින් ඔවුන්ව කැඳවන්නේ නිරන්තර මිහිදුමෙන් පිරුණු අලංකාර උත්තර භාරතීය හිමාචල් ප්‍රදේශ් කඳුකරයටයි.
බිහිසුණු මායාකර්මයන්, සාම්ප්‍රදායික ඉන්දියානු ගැමි විශ්වාසයන් සහ වෛරයෙන් දැවෙන බිහිසුණු ආත්මයන් සමඟින් ගැටෙන සිදත් සහ සේනක අවසානයේ සොයාගන්නේ කිනම් අබිරහසක්ද?
ආත්ම ගණනාවක් පුරාවට පසුපසින් හඹා එන පාපකර්මයක විපාකයෙන් ඇලන්- සඳමාලී යුවළට ගැලවීමක් ලැබේවිද?
සියවසකට පෙර අඳුරු රාත්‍රියක සීතල හපුතලේ පාළු කඳු අතර සිය අවසන් හුස්ම හෙළූ ඇලන් ස්ටුවට් තරුණයාගේ මරණය පසුපස සැඟවුණු අබිරහස කුමක්ද?
ඔහුගේ මරණයට හේතුව හුදෙක්ම පෙම්හබයක් පමණක්ද?
ඔහුගේ සැබෑ ඝාතකයා කවරෙක්ද?
1925 – Once Upon A Time in Ceylon
Original price was: Rs 1,850.00.Rs 1,665.00Current price is: Rs 1,665.00.2016 වසර… සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්… කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්… එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද..? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද..? පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද..? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කළ 1920 දශකය… දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්… මරණින් නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයක්… මිනිස් සිත තුළ ජනිතවන ආදරය වෛරය බඳු හැඟීම් සහ ජීවත්ව සිටින කාලයේ කළ පින් පව් පමණක් රැගෙන මරණයේ දොරටුව වෙතට ගමන් කරන අපට ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද? සැබැවින්ම මරණය යනු නිමාවක්ම වේද?
බියුරෝ | Bureau
Original price was: Rs 1,900.00.Rs 1,710.00Current price is: Rs 1,710.00.ලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.
“මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..! “එය අපේ තීරණයයි.”
#biyuro beyuro beuro
දෙවැනි ගැහැනිය | Deweni Geheniya
Original price was: Rs 1,500.00.Rs 1,350.00Current price is: Rs 1,350.00.- 2022 ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත
“මම යනවා.” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…
#Dewani Gahaniya #Devani #Dewani #Deveni
12.12.12
Original price was: Rs 1,400.00.Rs 1,260.00Current price is: Rs 1,260.00.ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ අලෙවි වාර්තා තැබූ කෘතිය..
ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.
රන් නාරි කුඤ්ජරය | Ran Nari Kugnjaraya
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
සිඳ බිඳ දැමූ ප්‍රථම ප්‍රේමයේ නටබුන් ඉවුරෙන් ඇරඹූ ජීවන යාත්‍රාව එතෙරක් කරා පදවාගෙන යාමට හෙලේනා සමත් වේද? අහිමි ප්‍රේමයේ හිඩැස පුරවාලන්නට කුටුම්බගත වූ පොඩි මහත්තයාට හැකිවේද? වියැළෙන ජීවිතවල සරතැස නිවන්නට සෙදෝනා දිය දෝතක් වේද? සාදිරිස්ගේ රන් නිධානය කවුරුන් සතුවේ ද?
එතෙක් නොවටිනා දෑට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය තුළ නව වටිනාකම් ලැබෙද්දී, දහනව වන සියවසේ පවුම්, රුපියල් මතින් බිහි වූ දේශීය ව්‍යාපාරික ප්‍රභූ පන්තිය තුළ හිස එසවූ ගැහැනුන්ද ඉඳහිට සිටි මුත්, ඔවුන්ගේ කතාව සුගම වූවක් නොවේ.
හෙලේනාගේ ජීවිතයට වරින්වර එබී බලන අතීතයේ සෙවණැලි ජීවිතයේ අනවරත ගමනක උන්නතිය සහ අවනතිය සම සේ නිරූපණය කරයි. ආදරය, රාගය, අපේක්ෂාව සහ අපේක්ෂා භංගත්වය තුළ දෝලනය වන හෙලේනාට, සියල්ල අතරේ නොනැසී රැකෙන්නට ධෛර්යය පමණක් නොසෑහෙයි. තමා සතු බලය ඇතෙකු දැනගත් විට, ඌ යදම්වල සිර වී නොසිටී.
‘රන් නාරි කුඤ්ජරය’, ගැහැනියකගේ බලයේ කතාවයි.