KBOOKS
බීර සුවඳැති හාදු | Beera Suwandathi Hadu
Original price was: Rs 1,400.00.Rs 1,260.00Current price is: Rs 1,260.00.Beer Scented Kisses
මේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳීම් අස්සේ සිරවීම සහ නොබැඳෙන තනිකම අස්සේ තනි වීමය. මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිස්සුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි.
තනිකම ඇබ්බැහියකි. ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවෙන අයට තනිකමට ඇබ්බැහිවීම පුදුමාකාර සැනසීමකි. වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත.
අසම්පූර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි. මිනිසුන් යමක් සම්පූර්ණ කරගන්නා තෙක් ඒ පිළිබඳව නොනිමි ආශාවකින් පෙළේ. ඒ ආශාවේ අපූර්වත්වය ඇත්තේ අසම්පූර්ණත්වය තුළය.
දවසක් දා හැන්දෑවක | Dawasak Da Handawaka
Original price was: Rs 500.00.Rs 450.00Current price is: Rs 450.00.“ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ ‘න්‍යාය’ ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළං වීම සහ දුරස්ව සිටීම, පැමිණීම සහ නොපැමිණීම…මේ සියල්ලක් ම ජීවත් වීම සඳහා අවශ්‍යයි. මේ සියලුම සංසිද්ධීන් එකකට එකක් වෙන් කළ නොහැකි සේ සහ සම්බන්ධයි. සංගීත සංධ්වනියක ස්වර සහ නිහැඬියාව වගේ… කවියක කියැවෙන දේ සහ නො කියැවෙන දේ වගේ. මා ජීවිතය කියවන විදියට ‘උපේක්ෂාව’ යනු මේ සහ සම්බන්ධය තේරුම් ගැනීමයි. උපේක්ෂාව එක්තරා විදියක සුවබර නිද්‍රාවක්.”
ප්‍රාණ – ජීවිතය යළි සොයාගැනීම | Prana – Jeewithaya Yali Soyaganeema
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00.ජීවිතය යළි සොයාගැනීම
“තරගය මැදට පැනලා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේ ම නැවතී සිටින තවත් අය හමුවෙනවා. එතකොට ඔවුන් අතර වෙන ම ‘සංඛ්‍යාතයක’ සම්බන්ධතා ගොඩනැගෙනවා. ඔවුන්ට අර තරගයට දුවන මිනිසුන් විහිළුවක් ලෙස පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැවතී සිටින අය ගේ ‘සංඛ්‍යාතය’ තරගයට දුවන අය ගේ සංඛ්‍යාතයට ගෝචර වන්නේ නැහැ.
කඳු තරණය කරන්නන්ට කඳු තරණය කරන්නන් හමුවෙනවා. කිමිදුම්කරුවන්ට තවත් කිමිදුම්කරුවන් හමුවෙනවා. අහිකුණ්ඨිකයන්ට තමන් වැනි ම තවත් අහිකුණ්ඨිකයන් හමුවෙනවා. ඔවුන් හැමෝට ම තම තමන්ට අනන්‍ය සංඛ්‍යාත තියෙනවා. ඒ සංඛ්‍යාත අනුව එක ම රිද්මයකට අනුනාද වන අය එකට ගමන් කරනවා. ඔවුන් හොඳ ගමන් සගයන් වෙනවා.
මෙහෙම සමාන සංඛ්‍යාතයකුන් යුතු දෙදෙනෙකු හමුවුණාම ඔවුන් අමුතුවෙන් දැන හඳුනාගන්නට කාලය වැය කළ යුතු වන්නේ නැහැ. ඒ වගේ ම අමුතුවෙන් එකිනෙකා ගේ කතාව පහදා දිය යුතු වන්නේ නැහැ. හරි සංඛ්‍යාතයට සුසර කළාම රේඩියෝවේ සංගීතය ඇහෙන්න පටන් ගන්නවා වගේ ඒ සම්බන්ධතාව ක්ෂණිකව ම ගොඩනැගී ඉදිරියට ගලා යනවා.”
ප්‍රාණ – අලුත් සමාජය | Prana – Aluth Samajaya
Original price was: Rs 1,300.00.Rs 1,170.00Current price is: Rs 1,170.00.අලුත් සමාජය
“අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අප ළඟ මොනවා තිබුණත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැඟීමක් නිතර ම හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින් ම උත්සාහ කරන්නේ මේ අභ්‍යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ, නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ්‍යන්තරික දුප්පත්කම එහෙම ම තියෙනවා.
අපට දැනෙන මේ අභ්‍යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මන් කරනවා. ඒ නිසා ම තමන් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හඟවමින් නිතර ම ලෝකයාට ‘පණිවුඩ’ දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා.
අවසානයේ සිද්ධ වෙන්නේ අප දන්නේ ම නැතුව ඒ පණිවිඩ දීම කියන උගුලේ පැටලෙන එක..
ඒ නිසා මේක ලිහනවා නම් ලිහාගන්න ඕනෙ පටලැවුණු නූල් බෝලයක් ලිහන විදියට ම තමයි.. මුලින් ම අප ඇතුළේ තියෙන අභ්‍යන්තරික දුප්පත්කම තේරුම් ගන්න ඕනෙ. එය තේරුම් ගත්තම ඒකත් එක්ක ගනුදෙනු කිරීම පහසු වෙනවා. එතකොට ඒ අභ්‍යන්තරික දුප්පත්කම වටේ වෙළෙඳපොළ, ඇඩ්වටයිසිං සහ මාධ්‍ය විසින් නිර්මාණය කරන මායාව විනිවිද දකින්න පුළුවන් වෙනවා. “
ප්‍රාණ – ආදරය සහ නිදහස් වීම | Prana – Adaraya Ha Nidahas Veema
Original price was: Rs 1,100.00.Rs 990.00Current price is: Rs 990.00.ආදරය සහ නිදහස් වීම
“තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම්, ඒ ආදරය තමන්ට අහිමි වෙයි කියලා බය නම්, කරන්න ඕනෙ හොඳ ම දේ වන්නේ ඔහු හෝ ඇය සමග කවදාවත් විවාහ නොවී සිටීම.
මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.
මිනිසුන්ට වඩා පහසු තමන්ට ළඟින් ම ඉන්න අයට ආදරය කරන්න නෙවෙයි – දුරින් ඉන්න අයට ආදරය කරන්න. ඒක මිනිස් ඉතිහාසය පුරා ම තහවුරු වුණු සත්‍යයක්.
ඒ කියන්නේ, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට ආදරය කරනවාට වඩා අපට ලේසියි ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ ඉන්න සරණාගතයන්ට ආදරය කරන එක.
තමන් ගේ ළඟ ම ඉන්න කෙනාට ආදරයෙන් සළකනවාට වඩා ලෙහෙසියෙන් ටෙලිනාට්‍යයක, චිත්‍රපටියක, නවකතාවක ඉන්න චරිතයකට ආදරය කරන්න පුළුවන්.
තමන් ගේ ගේ ඇතුළට එන පොඩි පොඩි සතුන් මරන කෙනෙකුට වුණත් යාල හරි විල්පත්තුවේ හරි ඉන්න කොටියෙකුට, අලියෙකුට, උරගයෙකුට ආදරය කරන්න පුළුවන්.
ඒකට හේතුව අපි ඇත්තට ම ආදරය කරන්නේ සැබෑවට ම ඉන්න මනුස්සයෙකුට නොවෙයි ඔහු හෝ ඇය වටේට ගොඩනගපු කිසියම් ෆැන්ටසියකට වීම…”
මේ ලියුම නොකියවා ගිය අය | Me Liyuma Nokiyawa Giya Aya
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.දශක ගණනාවකට පස්සේ ආපු ඒ දුරකතන ඇමතුම තමන්ගේ ජීවිතය කොහෙන් කොහේට අරගෙන යයිද කියලා සාවිත්‍රි මේ දැනුත් කල්පනා කරනවා. ඇය මේ ඉන්නෙ රසෝඝගෙ දුවගේ මංගලෝත්සවය අවසන් වෙලා ටැක්සියක නැගිලා අකුරැස්සේ ගෙදර යන මග අතරතුර.
එක අතකට මේ නහින දෙහින කාලෙ ඉන්න තමන්ගේ ජීවිතේට තව මොනවා වෙන්නද කියලා ඇය හිතනවා. අනිත් අතට රසෝඝ සම්බන්ධ කාරණා කිසිදවසක අවසන් වුණේ හොඳ අවසානෙකින් නෙමෙයි කියන බිය ඇයගේ හිතේ හොල්මන් කරනවා.
ගෙදරට ආපු සාවිත්‍රි, නංගි එක්ක වෙඩින් එක ගැන කතා කර කර ඉදලා, කාමරේ ඇතුලට වැදුනා. සාරියත් එක්කම ඇදට වැටුණු ඇය අවදි වුනේ පැය කිහිපයකට පස්සේ ආපු රසෝඝගෙ ඇමතුමෙන්
“හෙලෝ”
“ඔයා මගෙන් ඇහුව නේද එදා.?”
රසෝඝ ගේ මේ බාගෙට වාක්‍ය නවත්තන පුරුද්ද සාවිත්‍රිට ඒ කාලෙත් පේන්න බෑ. දැන් කියලත් ඒකෙ කියන්න තරම් හොදක් දැනෙන්නේ නෑ
“මොකක්ද මම ඇහුවේ..?”
“ඔයාව දුවට අදුන්වල දෙන්නෙ කවුරු විදිහටද කියලා”
මෙඩුසා | Medusa
Original price was: Rs 650.00.Rs 585.00Current price is: Rs 585.00.ඒ පරණ ගෙදරට මෙලනීසා හරි ආසයි. ඒ පරණකම එක්ක ජීවිත ගානක රහස් සැඟවුනු ගුප්ත බවකුත් තිබුන. ගෙයක් කියන්නෙ ජීවත් වෙන බිත්ති ගොඩක්. ගෙවල් හුස්ම ගන්නවා. බිත්තිවලට කන් තියෙනවා. මෙලනීසාට බිත්ති කතා කරනවා ඇහිලා තියෙනවා.
ඒ බිත්ති කතා කරන සද්දෙට ආස හින්දම මෙලනීසා ගෙදර වෙන කිසිම සද්දයක් සද්ද කලේ නෑ. හැම තිස්සෙම කියාගන්න බැරි මොකක්දෝ දෙයක් ඒ ගෙදර බිත්ති කියන්න හදනවා කියලා එයාට දැනුනා. ඒ දැනීමට එයා හරි ආසයි. ඒක හරියට ආදරේ කියාගන්න බැරුව තටමන නව යොවුන් කොල්ලෙකුගෙ වාගෙයි.
නාරි සුත්‍රය | Nari Suthraya
Original price was: Rs 700.00.Rs 630.00Current price is: Rs 630.00.- 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද කෘතිය
- 2022 රජත පුස්තක සම්මානය සදහා නිර්දේශය
- 2022 ගොඩගේ ජාතික සම්මානය සදහා නිර්දේශය
- 2022 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය සදහා නිර්දේශය
ධන වාද
සමාජ වාද
කුල වාද
පන්ති වාද
ගෝත‍්‍ර වාද
ස්ත‍්‍රී වාද
පුරුෂ වාද
කුරාන වාද
කොන්ත වාද
ථෙර වාද
අන්ත වාද
විස පෙවූ
මත වාද
සළු, පිළි ගලවා දමා
නිරුවත් මනසින් ඇතුළුවන්න!
මං චිත්‍රපටියක | Man Chithrapatiyaka
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00.“…නීරස වෙළඳ දැන්වීම් කිහිපයකට පසුව චිත්‍රපටය ආරම්භ විය. පළමු ජවනිකාව මංගල උත්සවයකි. මම උවමනාවෙන් යුතුව මනාල යුවල දෙස බලමි. මනමාලිය උඩරට මනාලියක ලෙස සැරසී සිටින්නීය. පාදයේ සිට මුහුණ වෙත ගෙන යන කැමරාව මනමාලියගේ මුහුණ මත නවතියි. මනමාලියට තිබෙන්නේ දැක පුරුදු මුහුණකි. මම තිගැස්සෙමි. ඒ උඩරට මනාලිය අම්මාය. මංගල ඡායාරූපයකට කිසිදා හිමිකම් නොකියූ අම්මාය. දෑවැදි දෙන්නට තරම් ආදායම් උපදවන්නට නොහැකි කෙල්ලන්ම පස් දෙනෙකු සිටි පවුලක ලස්සනම කෙල්ල වූ අම්මාය. ඒ පවුලේ බර හෑල්ලු කරන්නට සිතාගෙන උසස් පෙළ අවසන් වී තෙමසක් යන්නට පෙර ටුවර් ගයිඩ් කෙනෙක් සමග හොර රහසේ පැනගිය අම්මාය. ඇය අද මනමාලියක වී ඇත….
කොරෝනා ඩයරිය | Corona Diary
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00.මට (තවම) කොරෝනා නෑ. ඒත් අපේ එවුන් එයාපෝට් එකෙන් පැනල ගිය විදියටයි බිග් මැච් ගහපු විදියටයි අපි ඕනෑම කෙනෙක් දැන් මේ දෙයියන්ගේ ලෙඩේට විවෘතයි. මම ඉදිරි සති දෙකේවත් ඩයරියක් ලියන්න හිතුවේ අපි අත්දැකපු ඉතිහාසයේ කවමදාකවත් ලෝකයක් විදියට හෝ රටක් විදියට මේ තරම් දරුණු සමාජ ආර්ථික ආගමික හෝ දේශපාලනික අවුලකට පුංචිම පුංචි වයිරසයක් නිසා වැටිලා නැති නිසයි. ලෝක යුද්ධය කියන්නේ අපි මනුෂ්‍යයෝ විදියට තෝරාගත්ත දේවල්. ඉදිරි සති කීපය අපි රටක් විදියට හැසිරෙන ආකාරය, නැවත නැවත අනාගත සමාජය විසින් අධ්‍යනය කරනු ඇත. අනෙක් කාරණය තමා අන් කවරදාකටවත් වඩා පොදු සමාජය කොරෝනා වයිරසය වෙනුවෙන් කරන මැදිහත්වීම ඉහලම මට්ටමක තිබීම. තවදුරටත් ආණ්ඩු කරනවා කියන්නේ බලය පාවිච්චි කිරීමට වැඩ දුර දිග ගිය සංකීර්ණ මනුෂ්‍ය මැදිහත්වීමකම දිගුවක් කියල උදේ ඉදන් හවස් වෙනකන් ෆේස්බුක් බැලුවොත් පේනවා.