කම්මැළි මොළේ | Kammali Mole

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.

සෑම මොළයක්ම මූලික ව්‍යුහයෙන් එකම වුවද, සාර්ථක වන අය සහ අරගල කරන අය අතර ප්‍රධාන වෙනස මොළයේ නොව – අපි එය භාවිතා කරන ආකාරයයි. කම්මැළි මොළේ යන සංකල්පය මොළයේ ස්වාභාවික ප්‍රවණතාව වන සුවපහසුව සෙවීම, අභියෝග මඟහැරීම සහ කෙටි මාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු කරයි. මෙය නිතර මැළිකමට සහ අහිමි වූ අවස්ථාවන්ට හේතු විය හැකිය. නමුත් මෙයින් අදහස් වන්නේ ඔබ ‘කම්මැළි මොළයක’ සිරවී සිටින බව නොවේ. මෙම පොත මානසික පුරුදු හඳුනා ගැනීම සහ ජය ගැනීම, ඔබේ මොළය පහසුම මාර්ගය සොයන එකක් සිට ඵලදායිතාව, වර්ධනය සහ සාර්ථකත්වය මත වැඩෙන එකක් බවට පරිවර්තනය කිරීම ගැන ගවේෂණය කරයි. ප්‍රායෝගික ක්‍රමවේද සහ අවබෝධයන් සමඟ, කම්මැළි මොළය ඔබගේ චින්තනය නැවත සකස් කිරීම, සීමාකාරී රටාවන්ගෙන් නිදහස් වීම සහ ඔබේ මනස තුළ රැඳී සිටින විශාල විභවය නිදහස් කර ගැනීම ගැන ඔබට උගන්වයි. උත්සාහ කරන්න! යළි යළිත් උත්සාහ කරන්න. ඔබ නොදැනීම දිනයි. ඒත් මතක් තියාගන්න. ඔබේ විභවය අනෙකාගේ විභවය නොවන බව මෙහි කතුවරයා කියයි.

දකින්න වෙනස්ව ජීවිතය | Dakinna Wenaswa Jeewithaya

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

Atomic Habits
by James Clear

ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. ලොව ප්‍රකට පුරුදු ගොඩනැගීම පිළිබඳ විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන James Clear විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ ඒ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

සීමා නැති ආදරේ | Seema Nathi Adare

Original price was: Rs 1,250.00.Current price is: Rs 1,125.00.

Love Without Limits
by Nick Vujicic

නික් වුයෙචිච් විසින් රචිත Love Without Limits කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි අතින් සිංහල බසට පරිවර්තනය වී ‘සීමා නැති ආදරේ‘ නමින් ප්‍රකාශයට පත් වෙයි. අත පය හතර නොමැති ආබාධිත දරුවකු ලෙස උපන් නික් ජීවිතයට ධෛර්යවන්ත ව මුහුණ දුන් අයුරු මෙයට පෙර ප්‍රකාශයට පත් වූ ‘නැවතුම් නැති ජීවිතේ‘ සහ ‘සීමා නැති ජීවිතේ‘ යන කෘති දෙකෙන් පැහැදිලි කෙරේ. ආබාධිත පුද්ගලයකු ලෙස ආදරයක බැඳීම, එය විඳ ගැනීම කුමනාකාර අත්දැකීමක් ද යන්න ‘සීමා නැති ආදරේ‘ යන මේ කෘතියෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම ආදරය නිසා ජීවිතයම අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට, ජීවිතය ජයගන්නට මෙම කෘතිය මනා අත්වැලක් ද සපයයි

සීමා නැති ජීවිතේ | Seema Nathi Jeewithe

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

Life Without Limits
by Nick Vujicic

1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලයම අන්මන්ද කරවමිනි. ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, අරියාදු, සමච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජිවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. මේ පොතේ නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසටයි.

බැද්දේගම | Baddegama

Original price was: Rs 675.00.Current price is: Rs 605.00.

The Village in the Jungle
by Leonard Woolf

බැද්දේගම සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ඉංග්‍රීසි නව කථාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම කෘතිය බව විචාරකයන්ගේ පිළිගැනීමය. මෙහි චරිත නිරූපණය කොතරම් මනහරදැයි කිව මනා නොවේ. ලක්දිව ඈත ගම්බද පෙදෙසක වෙසෙන අර්ධ ශිෂ්ත ජනයාගේ දුර්බෝධ චිත්ත චෛතසික තත්ත්වය ඉංග්‍රීසිකාරයකු විනිවිද දුටු සැටි චමත්කාරජනකය. සිලිඳුගේ චරිතය වූ කලී සාහිත්‍ය චිත්‍ර ශාලාවෙහි ඇඳ තිබෙන අමරණීය බිතු සිතුවම් අතුරින් එකකි.

සාර භූමි | Sara Bhumi

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,170.00.

The Good Earth
by Pearl S. Buck

චීන ගොවි දිවියෙහි
නිර්ව්‍යාජ සුවඳ මුහු වූ
මේ ගැදි කව මත
සමස්ත ආසියාතික ජන දිවියෙහි
අපූර්ව වූ රිද්මය
මනාව සිත්තම්ව තිබේ.

නැවතුම් නැති ජීවිතේ | Nawathum Nathi Jeewithe

Original price was: Rs 1,250.00.Current price is: Rs 1,125.00.

Unstoppable
by Nick Vujicic

අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත’සීමා නැති ජීවිතේ’ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ’.