කොළපාට ඇස්‌ | Kolapata As

Original price was: Rs 1,600.00.Current price is: Rs 1,280.00.

May December Romance

ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.

මගේ කුළුඳුල් පෙම්වතිය | Mage Kulundul Pemwathiya

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන.
– උපුල් ශාන්ත සන්නස්ගල

රෝජා | Roja

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

මිනිස්සු…
දුබලයන්ව ඉපදෙන්නාහ.
මිනිස්සු…
ජීවිතයේ යම් යම් යුගවල
විවිධ හේතු කාරණාවන් නිසාවෙන්
දුබලයන්ව ජීවිතය රැකගන්නාහ.
නමුත්…
අප කිසිවෙකුටත්
දුබලයන්ව මිය යන්නට
අයිතියක් නැත.
අපි නැඟිටිය යුතුය!
අපි හිනැහිය යුතුමය!

හදවත්වරක් 2 | Hadawathwarak 2

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

අහම්බයකින් මිස අපි… හමු නොවෙමු කිසිදා යලී…

අපි වැඩිපුරම ආදරේ කරන කෙනෙක්,
අපි වැඩිපුරම විශ්වාස කරන කෙනෙක්

යමක් නිතර නිතර කියද්දි නොදැනුවත්වම
අපි ඒ දේවල් ඇත්තමයි කියලා පිළිගන්න පටන් ගන්නවා.

අපි වෙනස් වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම්
හිමින් නමුත්

අපි වෙනස් වෙනවා.’

#hadavathvarak

අම්මා – උපුල් ශාන්ත සන්නස්ගල | Amma – Sannasgala

Original price was: Rs 1,600.00.Current price is: Rs 1,280.00.

කොළඹ කතාව – කිරිසුවඳ

‘අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
රත්තරං අම්මේ!’

වසන්තය එනව‍ා සත්තයි | Wasanthaya Enawa Saththai

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

දම් පාට බෝගන්විලා මල් පඳුර උඩින් ලොකු කහපාට සමනලයෙක් පියෑඹුවා. මම හිතුවා කවදහරි නළුවෙක් වෙනවා කියලා. අපේ අක්කත් ඒ කාලේ හිතුවලු නිළියෙක් වෙන්න. එයා ගමේ කොල්ලෙකුට හැමදාම ඉස්කෝලෙ යද්දි පිච්චමල් ගිහිල්ලා දීලා කොල්ලො එයාට විහිළු කළා ”පිච්ච මල් කුමාරි” කියලා. මං නළුවෙක් වෙන හැටි ගෙදර කට්ටිය බලා හිටියා. මං කොළඹ ඇවිල්ල නිළියෙක් කරකාර බැඳගෙන ගමේ ආවා.

හදවත්වරක් | Hadawathwarak

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා.

මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.

හදවත්වරක්

ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.

එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.

තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න

හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.

#hadavathvarak

ලලනායනය | Lalanayanaya

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

හොරණෑ සිඟාරම් හඬ යටින්
ප්‍රේමයේ කමටහන් නැතිකමින්
අහෝ මගේ සිත රිදෙනවා දැවෙනවා
ඔබේ තුනුසිරි විලෙහි කිමිදී
නො කාලේ අස්වැන්න කිරිවැදී
සෙත් පිරිත් රොන් සුනු ද දිය වී
සිල් බිඳුණු තුන් සිවුර තෙමෙනවා
රසදියට වඩා ගන පෙම් කඳුළු වැටෙනවා
අරහත් ධජය තෙමා ගෙන
නො පෙනී ම කඳුළු බිඳු වැටෙනවා

මගේ සිල් සිත කකියමින් දැවෙනවා
නළියමින් විත් තෙරපෙමින්
පඬු පිපුණු සිවුර යට සඳ දියත් මිදෙනවා

නිර්වාණ | Nirwana

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

කොළඹ කතාව – බයිපාස්

හැම ට්‍රිප් එකක් ම, වෙඩිං එකක් ම,
පාටි එකක් ම, ගැදරිං එකක් ම,
මීටිං එකක් ම අවසානේ හිස්කම.
වෙන මුකුත් ම නෙමෙයි, හිස්කම.
මිනිස්සු ගැන කලකිරීම.
හුඟක් මිනිස්සු ඉපදිලා ඉන්නෙ
එයාලගෙ දෙමාපියෝ කොන්ඩම්ස්
යූස් නො කරපු නිසා ම විතරයි.
වෙන කිසි ම හේතුවකට නෙමෙයි.
හියුමන් කියන්නෙ මනුස්ස නම්;
ඒත් එයාලා නො දන්නෙත්
ඒ ගැන විතරයි. ටික වෙලාවක් හරි
මිනිස්සුත් එක්ක ගැවසුණා ම
ආයෙත් මූඩ් එක හදා ගන්න නම්,
මට මං එක්ක තනියම හුඟක් වෙලා
ගත කරන්න ඕන.

#kolamba kathawa

අපේ ආදර කතාව | Ape Adara Kathawa

Original price was: Rs 1,000.00.Current price is: Rs 800.00.

පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රිය කර ගෙන හඳ එළිය වැඩම කරනවා මගේ කාමරයට. මට ඔයා ව මතක් වෙනවා. මට පුළුවන් නම් මැරිච්ච තරුවක් වෙලා ඔය හඳ ළඟින් කඩා වැටෙන්න. ඔයා හරි ම තියුණුයි. හැඟීම් දනවන සුලුයි. පුදුමාකාර තරම් මුවහත්. ගෑනු පරාණ ඔයාට මැරෙන්න හදන්නෙ ඒ හින්ඳමයි. ඔයා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා මදියි කියල මට හිතෙනවා. මගේ ජීවිතය පුරා ඔයාගේ ප්‍රේමයේ අණසක පැතිරිලා. ඔයා මාව අවුස්සලා. සන්සුන් නො සන්සුන් හැම පීඩාකාරී උණුසුමකට ම මම කැමතියි. මම කැමතියි ඒ උණුසුම මගේ ශරීරය ඇතුළෙ මුදා හරිනවට.

වස්සාන සිහිනය | Wassana Sihinaya

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

ප්‍රේමයේ නිදහස හෙවත්
ස්වයංවරයට එරෙහි ව
පවතින ආර්ථික කොන්දේසි
ප්‍රශ්න කිරීමක් මෙන් ම
ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා
මිනිසා තුළ වන
මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද
‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.

භික්ෂු පරිච්ඡේදය | Bikshu Parichchedaya

Original price was: Rs 1,800.00.Current price is: Rs 1,440.00.

කොළඹ කතාව – සංගායනාව

මරණාසන්න වේදනා
පහක් පසු කළ මිනිසෙක්
දුක පසක් කොට ගත්තෙකි.
එවැන්නෙකුට ජීවිතය ලියද්දී
දුක පසෙකින් තැබිය හැකි ය.

චිත්‍රාල් | Chithral

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා
ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.

ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්
හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.

ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ
හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව
ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.

මහ රෑ | Maha Re

Original price was: Rs 750.00.Current price is: Rs 600.00.

විදුලි පහන දල්වා සින්ක් එක ලඟට ගිය නාරද කරාමය ඇර වීදුරුව පයිප්පයට ඇල්ලුවේය. ඔහු එය දුටුවේ එවිටය. දුටු ගමන් ඔහු තිගැස්සුණේය. දකණු අතේ ඇඟලිවල ලේ පැල්ලමක් විය.

”මේ මොන මඟුලක්ද ?” යයි සිතන විටම නාරදට බෙල්ලේ දකුණු පැත්තෙන් දැවිල්ල ගතියක්ද දැනිණි. ඇඟිලිවල ලේ ගෑවු‌ණේ බෙල්ලේ තුවාලයකින් බව නාරදට තේරුණි. එය ඔහුට ප්‍රෙහෙලිකාවක් විය.

වතුර බීම පැත්තක තියා නාරද නාන කාමරයෙන් එළියට විත් නැවතත් නිදන කාමරය වෙත ගියේය. එවිට ඔහුට තව දෙයක් දැකගන්නට ලැබිණී.

හිස තබාගෙන සිටි ‌කොට්ටයේත් ලේ ගෑවි ඇති බවයි.

මේ කිසි දෙයක් නොදැන අචිනි තද නින්දක ගැලී සිටියේ ඔළුවේ ඉඳන් පොරවාගෙනය. වැහි සීතල නිසා වෙන්න ඇති යයි නාරදට සිතිණී. නාරද ඇඳෙ පැත්තකින් වාඩි විය. කොච්චර කල්පනා කළත් තුවාලය වෙච්චි විදියක් ගැන ඔහුට මතක් කර ගන්නට හැකි වූයේ නැත.

ඔළුවේ ඉඳන් පොරවගන්න එපා යයි නාරද අනන්තවත් අචිනිට කියා තිබේ. හුසම ගන්න අමාරු නිසාය. නාරද අත දිගුකර අචිනිගේ පෙරවනය පහත් කළේය.

අචිනි හිටියේ උඩුබැලි අතටය.

ඇගේ දෑස් විවර වී තිබිණි.

ආදරේ තරම් ම යසෝදරා | Adare Tharam Ma Yasodara

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

විවාහ වූ අලුත ආනන්දත් යසෝදරාත් යන දෙදෙනා ම රටේ සමාජයීය ගැටලු පවා ප්‍රේමණීය ලෙස සාකච්ඡා කළහ. ආනන්ද සිංහල කියන විට ඈ ලාංකික යැයි කීවා ය. සිංහල සංස්කෘතිය ගැන ආනන්ද කියන විට ඈ දූපත් සංස්කෘතියක් ගැන කීවා ය. ආනන්ද සිංහල බෞද්ධයා ගැන කියන විට ඇය දෙමළ බෞද්ධයා ගැන ප්‍රශ්න කළා ය. ආනන්ද සමාධි පිළිමය ගැන කියන විට යසෝදරා විහාර මංගලම් නම් ද්‍රවිඩයන් නෙළූ දකුණු ඉන්දීය බුදුපිළිමයක් ගැන තොරතුරු කීවා ය. ආනන්ද අවුකන පිළිමය ගැන කී විට යසෝදරා නාග පට්ටනම් ඉන්දීය ලෝකඩ බුදු පිළිමයක් ගැන කීවා ය. සිංහල බෞද්ධ සාහිත්‍යය ගැන ආනන්ද කියද්දි දක්ෂිණ භාරතීය ද්‍රවිඩ සාහිත්‍යය ගැන ඈ තර්ක කළා ය. හැම විටම විසංවාදය ප්‍රේමයෙන් ආදරයෙන් සහ විසංවාදයෙන් ඉදිරියට ආවේ ය.

‘බණ බැරි වුණත් ගම තොටගමුවෙ ලු’

මා නිදන්නට පෙර | Ma Nidannata Pera

Original price was: Rs 1,900.00.Current price is: Rs 1,520.00.

Before I Go to Sleep
by S. J. Watson

මේ ලියන්නේ මා හැමදාමත් උදේට අවදි වූවා යැයි සිතිය හැකි නිවසේ, නාන කාමරයේ බිම හිඳගෙනය. මේ දිනපොත මා ඉදිරිපිටත්, මේ පෑන මගේ අතේත් ඇත. ඉතින් මම ලියමි. මට සිතාගන්නට හැක්කේ ලිවීම ගැන පමණක් වන බැවින් මම මෙය ලියමි.

මා වටේටම ඇත්තේ ගුලි කර විසි කළ ටිෂූ ලේන්සුය. ඒ සියල්ල කඳුළුවලින් පෙගී ඇත. කඳුළුවලින් මෙන්ම ලේවලින්ද තෙත් වී ඇත. මා ඇසිපිය ගසන විට, මට පෙනෙන දර්ශනය රත් පැහැයට හැරෙයි. කොතරම් පිසදා දැමුවත්, තව තවත් ලේ බින්දු මගේ ඇසට කාන්දු වෙයි. කැඩපතින් බලද්දී, මගේ ඇසට ඉහළින් ඇති සම කැපී තිබෙන බව ම දුටුවෙමි. මගේ තොලත් පැළී ඇත. කෙළ ගිලින විට මගේ දිවට ලේ රස දැනෙයි.

මට නිදාගන්නට උවමනාය. සතෙකු මෙන්, කොහේ හෝ ආරක්ෂාවක් ඇති තැනක් සොයාගෙන ඇස් පියාගන්නට උවමනාය. මා එබඳු දෙයක් පමණකි. ඔව්… මා සතෙකු පමණි. මා සිටින්නේ කොතැනදැයි වටහා ගන්නට තැත් කරමින් එක මොහොතින් මොහොතකට, දවසින් දවසට ජීවත් වෙන සතෙකු පමණකි.

හුස්මක් ඔබ මට | Husmak Oba Mata

Original price was: Rs 750.00.Current price is: Rs 600.00.

“ඔයත් කියන්නේ මට පැනලා යන්න කියලද?”

“ඔව්, අද වුණත්… මේ දැන්ම වුණත් කමක් නෑ, ඔයා පැනලා යන්න!”

“අනෙක් අයව ප්‍රශ්න ගොඩක දාලා පැනලා යන්න මට බෑ… ඔයාලා කියනවා වගේ මේක ලේසි නෑ… එයා පොලිටීෂියන් කෙනෙක්. එහෙම මනුස්සයා තමන්ගෙ නම්බුව ගැන කොච්චර හිතනවද? ඒ මිනිහා මොන ලෝකෙකින් හරි මාව හොයාගෙන මරලා දාවි…”

“ඔයාට ඔච්චර දෙයක් තේරෙනවා නම් ඇයි අර මිනිහට දෙනෝදාහක් මැද්දේ කම්මුල් පාරක් ගැහුවේ? එහෙම දෙයක් නොවුණා නම් ඔයා අද ඔහොම අඬන්නෑනේ…”

“ඒ මනුස්සයා මට දුන්නේ සුළුපටු වදයක් නෙවෙයි…”

නේත්‍රා | Nethra

Original price was: Rs 1,800.00.Current price is: Rs 1,440.00.

සිංහල භාෂාවේ සියලු ඉසව්වලින්,
සියලු අවධීන්ගෙන් වචන තම
මෙහෙයට කැඳවන කතුවරයා
එමගින් සිංහල භාෂාවේ කාල
අවකාශ මානයන් දිග් විජය කරයි.
ඉංග්‍රීසි අරුමැසිවාදී කවීන්ගේ බස,
භාරතීය අලංකාරවාදීන්ගේ,
ධ්වනිවාදීන්ගේ යෙදුම්,
පද සංඝටන සිහි ගැන්වීමට සමත්
අපූර්ව භාෂා විලාසයක්
නේත්‍රා තුළ දැකිය හැකි ය
– කේ. කේ. සමන් කුමාර –

ශෘංගාර දනව්වේ උමා ශාක්‍යා | Uma Shakya

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

“මම ඔයාට ආදරේ කරනවා. හැබැයි ඒක විශේෂ ආදරයක්. ඒ ආදරේ ඇතුළෙ ඔයා මගෙමයි කියල හැඟීමක් මට දැනෙන්නෙ නැහැ. ඔයා වෙන ගෑනු ළමයෙක් ගැන කියන වෙලාවක මගෙ හිතට පුංචිම පුංචි දුකක් දැනෙනව තමයි. ඒක හරියට අල්පෙනිත්තකින් අනිනවා වගේ පුංචිම පුංචි වේදනාවක්. ඒත් ඒ වේදනාව තියෙන්නෙ තත්පර ගාණයි. ඉන් පස්සෙ මම සාමාන්‍ය වෙනවා. සාමාන්‍ය වෙලා ආපහු ඔයාට ආදරේ කරනවා. ඔයත් මට ආදරේ කරනවද නැද්ද කියන එක දැනගන්න මට අවශ්‍යතාවයක් එන්නෙ නැහැ.”
ඇය කීවාය.

“ඒක පුදුමයි… ඒත් මටත් දැනෙන දෙයක් තියෙනවා. මමත් ඔයාට ආදරෙයි. ඔයා කිව්ව දේම මටත් දැනෙන වෙලාවල් තියෙනවා. ඒත් ඔයා තරම්ම මට පාලනයක් නැහැ. ඔයා වෙන කෙනෙක් ගැන කියනකොට දැනෙන වේදනාව තත්පර ගණනකට වඩා මගෙ හිතේ තියෙනවා. මම හිතන්නෙ…
ඔයාට වඩා මම දුර්වලයි…”

“ඔයා දුර්වලයි නෙවෙයි,
ඔයා ආදරණීයයි…”

පිරිමි ගොඩයි මං විතරයි | Pirimi Godai Man Witharai

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

‘ඇයි වැඩට යන්නේ නැත්තේ? මොකක්ද ප්‍රග්නේ?’
‘මං හීනයක් දැක්කා’
‘නරක හීනයක් ද?’
‘නෑ. දරු හීනයක්’
‘මට කියපන් මොකක්ද වුණේ? උඹේ ඇගත් රත්වෙලා’
‘මං හීනෙන් ප්‍රහාරකරන් දැක්කා. නන්දිකඩාල් කළපුව හරහා ආපු හුළඟකින් එයාගේ ශුකාණුවක් ඇවිල්ලා මගේ ගර්භාෂයේ තැන්පත් වුණා’
‘ඉතිං උඹ මොකක් ද කරන්න හිතාගෙන ඉන්නේ?’
‘මං හිතාගෙන ඉන්නේ දරුවා හදන්න’

‘…අර හිරේ ගිය බාප්පා ඌ නිදහස් වෙලා. දැන් මහණ වෙලා. ඉස්සර මහණ නම ධර්මකීර්ති. දැන් සර්වතෝභද්‍ර. ඉන්න ගමන් උඹ දූෂණය කරපු එයාගෙන් බණක් අහපං. එයාට ප්‍රඥාව පහළ වෙලා ලු රැළි ගැහිගැහී. ගිහිං අහපං අං එනවද? කියලා.

අර අම්බලන්ගොඩ කාලකණ්ණි තරුණයා – දැන් එහේ සමෘද්ධි නියාමක. අර මිනුවන්ගොඩ රාජයියා දැන් ප්‍රාදේශිය සභාවේ සභාපති. උඹේ නැති වෙච්ච කන්‍යාභාවය මහපු – උඹ කන්‍යාවක් කරපු දොස්තර දැන් පොසිටව් තින්කින් උගන්වනවා ටී.වී. එකේ. ඉන්ටර් නෙට් එකේ පෙම් කවි ලියනවා. උඹ එක තැන නැවතිලා. ලොකේ කැරකෙනවා. වෘත්තය මැද්දට කළු වැලහින්නක් වගේ පැනපං. වෙඩි කාපු ඊරියක් වගේ ගොරවපං…’

බිම්පුර ආදරය | Bimpura Adaraya

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

Love in the City Below
by භද්‍රජි මහින්ද ජයතිලක

ආරම්භයේදී ඇගේ පියවර මන්දගාමී විය. ඇගේ ඡායාව නිල් ආලෝකය හමුවේ අවිනිශ්චිත අයුරකින් සැලෙන්නට විය. පිරමීඩ පියගැටපෙළක් ආකාරයට තැබූ කසළ කුට්ටි වෙත ඇය ගමන් කර අවසන්ය. දැන් ඇයව දිස්වන්නේද සේවකයන්ගෙන් කෙනෙකු පරිද්දෙනි. ඇගේ පීත වර්ණ ඇඳුමට ඇය ඔවුන්ගෙන් කෙනෙකු වී අවසන්ය. ඉක්මනින්ම ඇය යන්ත්‍ර අසල සිටි අනෙක් සේවකයන් හා සම්බන්ධ වෙමින් කටයුතු කරන්නට වූවාය. දැන් ඈ කසළ ගොඩේ තවත් එක් වේයෙක්ම පමණි.නිල් ආලෝක දහරා හමුවේ තවදුරටත් ඇයව වෙන් කොට හඳුනා ගැනීමට නොහැකි විය. ඇයද දැන් තවත් එක් කම්කරුවෙක්ම පමණි.එය කොතරම් පහසු වූවාද.. ඇය ඔවුන්ගෙන් කෙනෙකු විය. ඉක්මනින්ම ඇය ටෙරබාහාවේ දොරටු අතරින් ගමන් කරනු ඇත.

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushyayoya

Original price was: Rs 1,950.00.Current price is: Rs 1,560.00.

ගුත්තිල ඇල්බට් කවදත් කීර වඩේ වලට ආසා කළේ ය. කීර වඩේ යනු යනු සම්මතයටත් අසම්මතයටත් නැති දෙයක් බව ඔහුගේ විශ්වාසය විය. එක් අතකින් පලා වර්ග දමා වඩේ හැදීම යනු පරිප්පුවලට නිවිති දැමීමට හැම අතින්ම සමාන දෙයක් වන අතරම, අනික් අතින් කීර වඩේ ලාංකීය බඩජහරි සන්තානයේ ජාතිවාදී සීමා දියකරන සීමාවෙන් එපිට නිහතමානීව හිටගෙන ඉන්නා බෝල පහේ ආදරවන්තයෙකි. ඒ අතින් එය සම්ප්‍රදාය තුළම ඉඳගෙන සම්ප්‍රදායට අභියෝග කරන කුමාරතුංග මුනිදාස වැනි වඩයක් බව ගුත්තිල ඇල්බට් එක්තරා පියසමරමය ගෞරවයක් සහිතව කල්පනා කළේ ය. ඒ නිසා ජීවිතය මොකක් හෝ කොණකින් අල්ලා ලාවට පොළොවේ ගසන බාගෙට හෝ ඇස් ඇරවනසුලු නිමේශයන්ගෙන් පසුව ගුත්තිල ඇල්බට් හැමදාම කළේ පලක්කුවාට වත් නොකියා තනියම සයිවර් කඩයකට ගොස් කීර වඩේ දෙකක් කා කිරි කාලක් බී පලක්කුවාට උඳු පිටි මෙන් පෙනෙන යම්කිසි පිට්ටකින් හැදූ සූදුරු මිශ්‍ර මුරුක්කු පැකට් එකක් රැගෙන ගෙදර යාම ය. කරදණ්ඩ වැට ඉන්නකට උස් වී උඳු පිටි සන්නිය හිච්චියට හෝ තේරුම් ගත හැකි මට්ටමට ළපටි මනස මේරූ පසුව පලක්කුවා ඒ ගැන ඩිංග ඩිංග වදවීමට පටන්ගත් නමුත් ගුත්තිල ඇල්බට් හැමදාමත් නිවිච්ච හාල්පිටි තෝසයක් වැනි හීතල, කුඩුකුඩු වචන දෙකතුනකින් පලක්කුවා නිහඬ කළේ ය.

“ඔය මුරුක්කු ටික කාලා ඉක්මනට ලොකුවෙන්න!”

අවුරුදු දහ අටේ සිට විසි එක පමණ වන කාලය දක්වා මේ ලොකුවෙන කතාවට ලොකුවට මලපැන්න නමුත්, මුරුක්කු කා ඉක්මනට නොවුණත් ලොකු වූ පසු පලක්කුවා වචනවලින් නොව ක්‍රියාවෙන් තාත්තා ගොඩදාන්නට හැකි වන කාලයක් ගැන කලාතුරකින් හෝ වැසිකිළියේදී පවා හිතන්නට පුරුදු විය.