Godage
මළගිය ඇත්තෝ | Malagiya Aththo
Rs 490.00“මළගිය ඇත්තෝ” යන නවකථාවට ඇසුරු කර ගන්නා ලද්දේ සැබෑ අත්දැකීමක් දැයි මගෙන් පාඨකයෝ අසති. මීට පිළිතුරු වසයෙන් චිකමත්සු නම් පන් නාට්‍යකරුවා කළ ප්‍රකාශයක් මතක් කර දෙනු කැමැත්තෙමි. “සාහිත්‍ය වනාහි සත්‍යයෙත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ” යි ඔහු කීවේය.
මළවුන්ගේ අවුරුදු දා | Malawunge Awurudu Da
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00.“මළවුන්ගේ අවුරුදු දා” යන සරච්චන්ද්‍රයන්ගේ මෙම නවකතාව “මළගිය ඇත්තෝ” යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකිය. “මළගිය ඇත්තෝ” කියවා එහි එන දෙවෙන්දොරා සං හා නොරිකො යන පාත්‍රයන් දෙක යළි හඳුනා ගැනීමටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් පාඨකයන් මෙය ඉතා ආසාවෙන් කියවනු නො අනුමානය.
තුංමංහංදිය | Thunmanhandiya
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.අයිසෙ රෙදි පාන්කඩයක භූමිතෙල් ගා තැටියක් එයින් පිස දැමීය. දැන් තැටියේ කුනු නැත. නමුත් කතා පෙට්ටියෙ වරද හරිගියේ නැත. ඊටත් වඩා තැටියද නරක් වෙලාය. තැටියේ ඉරි ගෙවී ඉදිකටුව එක තැනම කරකැවෙයි. අනේපිඬු සිටානෝ. සැවැත්පුර විසාලා අනේපිඬු සිටානෝ. අනේ. අනේ. අනේ.අනේ.
අනේ අනේ තමයි. මේක අසා සිටි ලොකු මාමා කීය.
අයිසෙ ඔන්න ඕක පරිස්සම් කරලා පැත්තකින් තියෙනව. ඕක නැතුවට කමක් නෑ. මම නිකුලස් මාස්ටර්ටයි මාටින්ටයි කියලා තියෙන්නෙ.
අඳුර වැටීගෙන එනවිට නිකුලස් මාස්ටරුත් මාටින් ප්‍රේරාත් තව තබ්ලා කාරයෙකුත් පැමිණියහ
තිවංක කතාව | Thiwanka Kathawa
Original price was: Rs 1,750.00.Rs 1,575.00Current price is: Rs 1,575.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
නිදහසින් පසු දශක හතක් පුරා මෙරට පැවති පාලනයේ මාරාන්තික සන්ධිස්ථානයක් ලකුණු කරමින් මුළු ලොව ඉදිරියේ බංකොලොත් -භාවය‍් ප්‍රකාශ කරන අතරේ සිදු වූ ලංකා රාජ්‍යයේ අර්බුදය පිළිබඳව මෙතෙක් නොඇසූ නොඇසූ කතන්දරය මෙහි කියැවෙයි. මෙය සිංහල නවකතාවකට ස්වකීය රාජ්‍යය තේමා වුණු පළමු අවස්ථාව ලෙස සැලකීම වරදක් නොවේ.
මුළුමහත් සමාජය විනාශයේ මුවවිටට ඇදී යන අතරේ අත්විඳින ලද අවිනිශ්චිතතාව, අසරණකම හා ජීවය වියැකීම අලළා ලියවුණු මෙය අද දවසේ කතන්දරය ලෙස සැලකිය හැකි ය. එතෙක් පා තබා සිටින්නට නියම කෙරුණු සංස්කෘතික භූමි සියල්ල අහිමි වී යන බව දකිනා මිනිස්සු ස්වකීය අරගලය ඔස්සේ විකල්ප මතිමතාන්තර රාජ්‍යයක පිළිසරණ සොයා යති.
තිවංක පිළිමක ‘තුන් වක’ ආකෘතියෙන් දිග හැරෙන ඒ කතන්දරය අනුව මෙරට බුද්ධිමය සංස්කෘතියේ ජීවනාලිය වූ මුද්‍රණ කර්මාන්තය බිඳ වැටෙද්දී නිර්නාමික ප්‍රබන්ධයක අත්පිටපතක් මරදානේ පරණ
පොත් වෙළෙන්දෙකුට ලැබේ. ලංකා ඉතිහාසයේ අරාජික වකවානුවක සාහිත්‍යය හා සංස්කෘතිය වෙනුවෙන් දියත් වුණු හුදකලා වීර-චාරිකාවක් පසුබිම් කර ගත් ඒ අත්පිටපත වෙළෙන්ඳා කියවයි. නවකතාවේ තෙවෙනි වකයේ දී ඒ අත්පිටපතට හිමිකම් කියන අරගලයේ නීතිඥයකු එහි කතුවරයා ද, එතුළින් තම පියා ද සොයා යයි.
ඉතිහාසකරණයේ ප්‍රබන්ධය, සාහිත්‍යයේ ගුප්තය, කර්තෘගේ මරණය සහ නිර්-ප්‍රභූ කර්තෘත්වය පිළිබිඹු කරන මෙය මේ යුගයේ සාහිත්‍යයේ කතන්දරය ලෙස ද සැලකීම සුදුසු ය.
#thinanka kathava
මනෝමන්දිර | Manomandira
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.අරලියමල් ආරාමය | Araliyamal Aaraamaya
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00.“උන්නාන්සේ තොට මෙි අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපඟය වැටුනා.
“මේකි කන්න එපැයි මේ කියන කතාවට තොට හෙණ හත ගහනව බොල”
“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලග්ගකො ඇත්ත. ඉවරයිනෙ” “තෝ අපිට පටලෝගවා, නූල් බෝලෙ වගෙ පටලෝගවා.”
“පටලවාගෙන තියෙන්නෙ අම්මලාගෙ.මම ඔවි කියනවා. අමිමල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් ගැනිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ. වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුගෙ නෑ.
“ඒක තමයි මට උනෙත්…”
පිප්පි දකුණු මුහුදේ | Pippi Dakunu Muhude
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. Pippi in the South Seas
by Astrid Lindgren
පහනක අඳුර | Pahanaka Adura
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක් ලෙසිනි.
අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල් නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව ප්‍රහසනය නිමවයි.
සමාජ-දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සූර්යයා ද, සමාජ-රාත්‍රිය පහත් කළ ප්‍රබුද්ධත්වයේ පහත් ද නිවී යයි. පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට කළු කුහර ද මවති. දුස්වප්නයක් බවට පත් වුණු මෙරට රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකථා වංශාවලිය තුළ කියැවේ.
පේත | Petha
Original price was: Rs 250.00.Rs 225.00Current price is: Rs 225.00.- 2020 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
සාකච්ඡා සමුළු – කට උත්තර – ඡායාරූප – කෙටි නාට් ය- කෙටිකතා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියවෙන මේ කෙටි නාවකතාව බිහිසුණු ව්‍යාකූලත්වයේ ගිලුණු සමාජයක තද අඳුරු ඇතුළාන්තය නීරුපණය කරයි.ජීවමාන මිනිස් චරිත තරමටම ක්‍රියාකාරි වන්නා වු මහජන මතය, හෘදසාක්ෂිය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය, පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබඳ නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත ඔබට පවසයි.මෙරට වාම මානව සංහතියේ නිවාසස්ථානයක් ලෙස ඒ තේ කඩය ස්වකීය දුක් ගැහැට සහිත විපරිණාමය ඔස්සේ ඉතිහාසයෙන් වර්තමානයට ද, දේශපාලනයෙන් සෞන්දර්යට ළගා වෙයි.තරණය කළ නොහැකි අපේ කාලයේ ක්ෂිතිජය ලෙස සටහන් වන දේශපාලන ඉතිහාසය තුළ මෙරට හුදී ජනයාගේ දෛනික ජීවන වාසස්ථානය හමු වෙයි.ජීවිත අවදානම සහිත කැරලිකාර දේශපාලන ශ්‍රමය මධ්‍යයේ ශුද්ධ වු පවුලේ රහස ලෙස මිහි පිට කැරැලිකාර පවුල බිහි වෙයි.
අව පෑළවිය | Awa Pelawiya
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.- 2019 ස්වර්ණ පුස්තක සම්මානය අවසන් කෘති පහට නිර්දේශිත
“හරියට සරුංගෝලේ හදලා රැලි තියලා හුළඟට උඩ ඇරියා වාගේ උඩටෝම ගිහිල්ලා ඒකි නූල කඩා ගෙන ආකාසෙට යනවා….”
“සරුංගෝලේ හදාපු අපි…. ඇස් දොඹ ගෙඩි වගේ කොරන් ඈත ආකාසේ දිහා බලා ගෙන ඉන්නවා….”
“පොඩි එකෝ…. මේන් වරෙල්ලකෝ… උඹලට පෙන්නන්න….”
“ආන්…. සේරු කුරුල්ලෝ රෑනක් පතන ඇල්ලට පාත් වෙනවා…. ඕන්…. ඔය උන් පියාඹන්නේ…. කිතුල් මදින්න….”
– දිසාරත්න –
“ඔහොම හැංගිලා ඉදලා හරි යතැ ඇත්ත සත්තට අපි මුහුණ දෙන්න ඕනේ….”
“කොයිතරම් නම් දුක් කරදර අපට ආවා කියල ද උඹලා අපි එව්වට මූණ දුන්නේ නැද්ද”
– පිංචි අම්මා –
“ඒ කාලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරින් මෙහාට…. මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඹ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ….”
– රම්බණ්ඩා –
#ava pelaviya
අකාල අහස | Akala Ahasa
Original price was: Rs 1,450.00.Rs 1,305.00Current price is: Rs 1,305.00.- 2023 ස්වර්ණ පුස්තක දීර්ඝ ලැයිස්තු නියෝජනය කල නවකතාව
“මහා පොළොවේ අයිතිය ඉල්ලලා මිනිස්සු සටන් කරනවා. එක එක්කෙනා මරා ගන්නවා. තව කොටසක් බලය නැති වේ කියලා තියෙන බයට අහුවෙන කෙනාව මර මරා බලය රැක ගන්න උත්සාහ කරනවා. හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු කොටසක් කවදත් මේ රටේ හිටියා.”
ඔසඳ
“ගග සන්සුන් වෙන කොටත්, රළු වෙනකොටත් මට ඒක කලින්ම දැනුණා, ඒත්, දැන් ගඟ වෙනස් වෙලා රාළහාමි…ගඟට වුණත් දරන්න බැරි තරම් කතා ගඟේ පා වෙලා යනවා”.
කාසිම්
විජයබා කොල්ලය | Wijayaba Kollaya
Original price was: Rs 550.00.Rs 495.00Current price is: Rs 495.00.#vijayaba kollaya
විලාසිනියකගේ ප්‍රේමය | Vilasiniyakage Premaya
Original price was: Rs 450.00.Rs 405.00Current price is: Rs 405.00.- 1990 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියල? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළඟට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?”
” මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුශාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නෙ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපන්නෙ නෑ.”
” මම එයාගෙන් මුකුත් ඉල්ලුවෙ නෑ. ආදරය කියන්නෙ කෙනෙකුට දෙන දෙන දෙයක්, කෙනෙකුගෙන් ගන්න දෙයක් නෙවේ. ඒක මම දන්නවා. මට ඕන කළේ එයාට ආවතේව කරමින් එයාව බලා කියාගන්ට විතරයි. ගෑනුන්ගෙ සිත්වල ඇතිවෙන ඒ ආදරේ පිරිමින්ට තේරෙන්නෙ නෑ.”
#wilasiniyakage premaya
එමිල් තවමත් ලොන්නෙබැරියේ | Emil Thawamath Lonneberiye
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. An lever Emil i Lonneberga
by Astrid Lindgren
ලොන්නෙබැරියේ එමිල් ගේ අලුත් පෙරළි | Lonneberiye Emilge Aluth Perali
Original price was: Rs 300.00.Rs 270.00Current price is: Rs 270.00. Nya hyss av Emil i Lonneberga
by Astrid Lindgren
පිප්පි නැව් නගියි | Pippi Nav Nagiyi
Original price was: Rs 350.00.Rs 315.00Current price is: Rs 315.00. Pippi Goes on Board
by Astrid Lindgren
“කරුණාකරල මට සීනිබෝල කිලෝ 18ක් දෙන්න,”පිප්පි රත්තරන් කාසියක් උඩ විසි කරමින් කීවාය…..
“අපි ගනිමු හැම ජාතියකින්ම කිලෝ තුන ගානේ” ඇනිකා යෝජනා කළාය….
“ඊලඟට අපිට දෙන්න ලොලිපොප් හැටක් එක්ක පොඩි ටොපි ජාති හැත්තෑ දෙකක්, මම හිතන්නේ නැහැ එකසිය දෙකකට වඩා චොක්ලට් ඕන කියලා අදට,” පිප්පි කීවාය.
පිප්පි දිග මේස් | Pippi Diga Mes
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. Pippi Long Stocking
by Astrid Lindgren
මගේ නම….! පිප්පි ලොක්කි ලටපට සපයන්නී පටකම්බලි සැවැන්දරා නාවික පදක්කම්ගේ දෝණ දිග මේස් කැකුලි, නාවික පදක්කම්ගේ එකම දියණිය. කලින් මුහුදු පාලක දැන් නීග්‍රෝවරුන්ගේ රජු පිප්පි කියන්නේ මට හුරතලයට ආදරයට. මොකද කතා කරන කොට පිප්පි ලොක්කි කියන එක දිග වැඩියි කියලයි තාත්තා කල්පනා කරේ…”
වසිලිස්සත් ඔයත් මමත් | Wasilissath Oyath Mamath
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00.රෑට නැති නුවණ – උදේට පහළ වෙන වග කියා
නිදාගන්නට ගිය නුවණක්කාර වසිලීස්සා,
කියන්නට පුළුවන්ද ඉතින්
පළමු හිරු එළියෙදී පහළ උණාද ඔයාට
ප්‍රේමය අත්හරින නුවණ?
හැකි උණාද – ඔහුව සොයා ගෙන නොගිහින්
ඒ පාළු පාර හැර වෙනත් මල් පිපෙන පාරක යන්න
තණකොළ පෙත්තෙකුගෙ තාලයට පැන පැන දුවද්දී
රුසියාවේ නගරයක ඔරලෝසු කණුවක කටු
නවතිනව නම් කියල හිතිලාම නැද්ද?
වෙලාවයි හුස්මයි දෙකම
ඔයාගේ ඇස් මානයෙන් ඔහු
හිනාවී ගිය වෙලාවට..
– චරිතා ප්‍රවර්ධි බණ්ඩාර –
#vasilissath oyath mamath
සුදු සෙවනැලි | Sudu Sewanali
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00.- 1987 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
ලොන්නේබැරියේ එමිල් | Lonnebariye Emil
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. Emil i Lonneberga
by Astrid Lindgren
විතණ්ඩ සමය | Withanda Samaya
Original price was: Rs 450.00.Rs 405.00Current price is: Rs 405.00.ඉතිහාසය විසින් උජාරුවට ලියා දෙන ලද උදාර ජීවන සැලැස්මක් මේ ටවුමේ ජීවිතයට නැත. ස්වකීය ගැම්මෙන් එය ඉදිරියට ගලා යයි.
ටවුමේ වීථි, අතුරු වීථි එකිනෙක හරහා විහිදෙන අයුරින් එක් චරිතයක් තවත් චරිතයකට සම්මුඛ වෙයි. සාම්ප්‍රදායික ප්‍රභූ සමාජය සමග ගැටුමට හා සහවාසයට යන චරිත අතර වෙළෙඳ පවුල්වල හිතුවක්කාර දූපුත්තු ද, පුනරුත්ථාපන කඳවුරුවලින් නිදහස ලබා අලුතින් ජීවිතය අරඹන දේශපාලන සිරකරුවෝ ද, සැමියන්ගේ බයිපාස් සැත්කම් වෙනුවෙන් දිවි කැපකර සම්මාදම් එකතු කරන තරුණ බිරියෝ ද, වෙළෙඳ හාම්පුතුන්ගේ අවජාත දරුවන් කුස දරන ද්‍රවිඩ මෙහෙකාරියෝ ද වෙති. විතණ්ඩාවට ඔවුන්ගේ ජීවිත දාහය යි.
සහශ්‍රයක් කෙළවර කරමින් මතු වූ බියකරු දේශපාලන අර්බුද මැදින් නාගරික සමාජය හා වෙළෙඳ ප්‍රජාව පශ්චාත් නූතන ව්‍යාකූලත්වයට හා අවිනිශ්චිතතාවට මුහුණ දෙන සැටි සාම්ප්‍රදායික අති නාටකීය කතා රසයෙන් අනූන අසම්ප්‍රදායික නව ප්‍රබන්ධයකට නැගෙයි.
#vithanda samaya
මීනා | Meena
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00.පළමු වන සිංහල නවකතාව
සමාරම්භක සිංහල නවකථාකරුවන් අතර ඒ. සයිමන් ද සිල්වා ලේඛකයාණන්ට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ඒ ඔහු පළමු සිංහල නවකතාව ලෙස සැලකෙන ‘මීනා’ රචනා කිරීමේ ගෞරවය හිමි කරගත් නිසා ම නොව එමඟින් නූතන යථාර්ථවාදී නවකතාවේ ආභාසය ද සැලකිය යුතු පමණින් ප්‍රකට කළ නිසා ය.
1876 නොවැම්බර් 14 වැනි දා මාතර දී උපන් අලුත්ගමගේ සයිමන් ද සිල්වා 1920 සැප්තැම්බර් 23 දා නුගේගොඩ දී පරලොව සැපත් විය. රාජ්‍ය සේවයේ නියුක්ත ව සිටි නමුදු හෙතෙම එම යුගයේ අධිරාජ්‍යවාදී පාලනයට එරෙහි ව ජාතික ව්‍යාපාරය තුළ තීරණාත්මක බලපෑමක් ඇති කළ විශිෂ්ට චරිතයක් විය. එක් අතකින් නිර්මාණ සාහිත්‍යය ද අනෙක් අතින් එම යුගයේ ප්‍රගතිශීලී මෙහෙවර වූ ජාතික සටන ද තම ජීවිතයේ කොටසක් බවට පත් කරගත් සයිමන් ද සිල්වාගේ ලේඛන, වර්තමානයේ වඩාත් ගවේෂණශීළී විචාරාත්මක කියවීමකට ලක් විය යුතු යැයි සිතමු.
අප්පච්චී | Appachchi
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00.මාගරට් | Magarat
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00.බැහැපිය ගහෙන්
ඇයි…?
“තොගේ හතර හන්දි කඩන්න”
බෑ
විං චිං නෝනා ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි.
මම ගහ කපනවා
මං මැරෙනවා ගහෙන් පැනලා
ආහ් මැරියංකො මැරුණත් ගහනවා තොට
මං මැරුණොත් කව්ද කොස් කඩන්නේ ” ”
කොස් නොකා ඉන්නවා
ඇයි මං මොකක්ද කළේ ” ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ…?
මං නැග්ගේ නිකම්
තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව
ගැහුවොත් මං කියනවා.
මොකක්ද ?
අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්ත ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා”