Bookrack Publishers - බුක්රැක් ප්‍රකාශන
අබාසාත්ති | Abasaththi
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00.- 2025 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!”
“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…
” නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”
කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…
කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?
නයිට් ඒජන්ට් | Night Agent
Original price was: Rs 1,800.00.Rs 1,350.00Current price is: Rs 1,350.00. The Night Agent
by Matthew Quirk
ඇමරිකානු භුමියේ සිටිනා රුසියානු ඔත්තුකරුවන් සොයා යන රහස් නියෝජිතයන් අනතුරක ද?..
රහස් නියෝජිතයන්ගේ හදිසි කරදර පිළිබඳ ඇමතුම් ලැබෙන තුරු නිදිවර්ජිතව බලා සිටින ඔහු…
තමාගේ මාමාටත් නැන්දාත් මරණය කරා ගෙන ගිය භයානක ඝාතකයන් සොයා යන ඇය…
සියළු රහස් සටහන් කර ඇති ඒ රතු ලෙජරය සොයා යන අතරතුර මහා විනාශයක් මෙහෙයවන ඔහු..
මේ සියළු දේ මෙහෙයවන උපන් භුමියේ මහ මොළකරු ඇය ද?
සියල්ලට ඉහලින් සිටිනා ඔහු මේ පිළිබඳ දැනුවත් ද?
ඇමරිකානු භුමියේ සැගවි සිටිනා රුසියානු රහස් ඔත්තුකරුවන්ගේ හා තම දේශයට ද්‍රෝහී වු
දේශද්‍රෝහින්ගේ ඇස්වලින් ගැලවී ඔහුටත් ඇයටත් මේ භයානක කුමන්ත්‍රණය ලොවට හෙළි කිරීමට හැකි වේද?
පෝල්ගේ ලෝකය | Paul’s World
Original price was: Rs 1,650.00.Rs 1,235.00Current price is: Rs 1,235.00. SPELLBINDER: Paul’s World
by Mark Shirrefs & John Thomson
“රියානා” ආගන්තුක ලෝකයක සිට තවත් ආගන්තුක ලෝකයකට අදිසියේ පැමිණි ඇය මුහුණ දෙන්නේ කුමනාකාර අත්දැකීම් සමුදායකටද ?
මහා බලසම්පන්න මායාබන්ධකයින් ගේ බලයට යටපත්ව බියෙන් සහ කම්පනයෙන් දිවි ගෙවන මිනිසුන් වෙසෙන ලෝකය රියානාගේ නිජබිමය. මායාබන්ධකයින් ගේ ලෝකයට අදිසියේ පැමිණි පෝල් ව බේරාගැනීමේ උත්සාහයේදී රියානාට ද සිදුවන්නේ නොසිතූ ලෙසින් පෝල් ගේ ලෝකයට පැමිණෙන්නටයි. තාක්ෂණික දියුණුවෙන් ඔප් නැංවුණු නවීන ලෝකයට පැමිණි රියානාට දියුණු පරිසරයට අනුගත වීමට හැකිවෙයිද?
මායාබන්ධකයින් යටත් කොට රියානාගේ ලෝකය අත්පත් කර ගැනීමට වෙරදරන ආශ්කාගේ බිහිසුණු සැලැස්ම පරාජය කිරීමට රියානාට සහ පෝල් ට හැකිවෙයිද?
රියානාට නැවතත් සිය උපන් දේශය කරා යාමට හැකිවෙයිද?
රියානාගේ ලෝකය | Riana’s World
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. SPELLBINDER: Riana’s World
by Mark Shirrefs & John Thomson
දිදුලන දීප්තියක් සමඟ කම්බිය දිගේ අධිසැර විදුලි දහරාවක් ගුහාව කරා ඇදී ආවා…ඊළඟ නිමේශයේදී පෝල් ගුහාව තුළ සිටියේ නැත. ඔහු අතුරුදහන් ව ගොසිනි. මොහොතකට පසුව පෝල් සිටියේ අමුතුම පරිසරයක් සහිත අමුතුම ලෝකයකයි. කාර්මික විප්ලවයේ පහස නොලත් ඒ ලෝකයේ මිනිසුන් පාලනය කළේ “මායා බන්ධකයින්” විසිනි. මායා බන්ධකයින් ගේ ලෝකය නමින් හැඳින්වූ මේ සමාන්තර ලෝකයේ අතරමං වූ පෝල් උත්සාහ ගන්නේ එහි සැඟව ඇති රහස් හෙළි කරගන්නටයි. ඒ උත්සාහයට පෝල් ට සහාය වන්නේ රියානා ය. සමාන්තර ලෝකයේ වෙසෙන ඇය සුන්දරය, නිර්භීතය, ධෛර්්‍යය සම්පන්නය.
පෝල් සහ රියානා එක්ව මුහුණ දෙන නොනවතින වික්‍රමාන්විතයේ අවසානය කුමක්ද ?
මායා බන්ධකයින් මිනිසුන් පෙලූ යුගය අවසන් වෙයිද ? පෝල් ට නැවතත් සිය ලෝකය කරා ආපසු පැමිණීමට හැකිවෙයිද ?