අග්‍රාවේ මහා නිධානය | Agrawe Maha Nidhanaya

Original price was: Rs 500.00.Current price is: Rs 400.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

ෂර්ලොක් හෝම්ස් වික්‍රම 04

ෂර්ලොක් හෝම්ස් නමැති අග්‍රගන්‍ය රහස් පරීක්ෂකවරයා කොකේන්වලට ඇබ්බැහි වී සිටින්නේ මන්ද?
කපිතාන් මෝර්ස්ටන්, මේජර් ෂෝල්ටෝ සහ ඔහුගේ පුතු බර්තොලමියු ලන්ඩනයේ දී මියයාම් පසුපස වූ අබිරහස කුමක්ද?
අන්දමන් දූපතේ බන්ධනාගාරයක සිට පැන ආ ලී බොරු කකුලක් පැලැඳි ජොනතන් ස්මෝල් අග්‍රාවේ මහා නිධානය ලන්ඩනය පුරා සෙවූයේ මන්ද?

බොහීමියාවේ අපවාදය | Bohimiyawe Apawadaya

Original price was: Rs 500.00.Current price is: Rs 400.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

ෂර්ලොක් හෝම්ස් වික්‍රම 02

ශ්‍රීමත් ආතර් කෝනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටි කතා ගණන පනස් හයකි. මෙම කෘතියේ එම කෙටිකතා අතරින් පහක සිංහල පරිවර්තන ඇතුළත් වෙයි.

A SCANDAL IN BOHEMIA – බොහීමියාවේ අපවාදය
බොහීමියාවේ රජතුමා පෙම් පලහිලව්වක පැටලී සිටියේ වසර ගණනකට ඉහතදී ය. නමුත් විවාහය ළං වන විට අතීත ප්‍රේමය රජුට ගැටලුවක් වී තිබිණි.

THE ADVENTURE OF THE NAVAL TREATY – නාවික ගිවිසුම
බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යංශයේ තිබී හදිසියේ අතුරුදහන් වූ ගිවිසුමක පිටපතකි. එය රටවල් කිහිපයක ආරක්ෂාවට තර්ජනයක් විය.

THE ADVENTURE OF THE SILVER BLAZE – සිල්වර් බ්ලේස්
නියමිත තරගයේ අනිවාර්යයෙන් ජයගන්නා අශ්වයා “සිල්වර් බ්ලේස්” අතුරුදහන් වූයේ තරගයට දින කිහිපයක් තිබියදී ය. උගේ පුහුණුකරුවාද මරා දමා තිබිණි.

THE ADVENTURE OF THE FINAL PROBLEM – ශ්‍රේෂ්ඨයකුගේ වියෝව
විශිෂ්ට රහස් පරීක්ෂක හෝම්ස් ට කරටකර ගැළපෙන ප්‍රතිවාදියා මුණගැසිණි. එය මහාචාර්ය මොරියාර්ටිගේ හෝ ෂර්ලොක් හෝම්ස්ගේ ඉරණම විසඳන මුණගැසීමක් ද විය.

THE ADVENTURE OF THE EMPTY HOUSE – හිස් නිවෙසේ වික්‍රමය
රොනල්ඩ් අඩේයර් ලන්ඩනයේ විසූ ගෞරවනීය තරුණයෙක් වූයේ ය. ඔහුගේ මරණයේ අබිරහස විසඳන්නට හෝම්ස් නොසිටීම අඩුවක් වූයේ ය.

ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අධිරහස් විසඳු ආකාරයත් මෙම කෘතියෙන් විස්තර වෙයි.

ගෝමේද කිරීටයේ අබිරහස | Gomeda Kiritaye Abirahasa

Original price was: Rs 400.00.Current price is: Rs 320.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

ෂර්ලොක් හෝම්ස් වික්‍රම 01

ශ්‍රීමත් ආතර් කෝනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටි කතා ගණන පනස් හයකි. මෙම කෘතියේ එම කෙටිකතා අතරින් පහක සිංහල පරිවර්තන ඇතුළත් වෙයි.

THE ADVENTURE OF THE BERYL CORONET – ගෝමේද කිරීටයේ අබිරහස
එංගලන්තයේ ජාතික වස්තුවක් වූ ගෝමේද කිරීටයේ ඔබ්බවා තිබූ අතිශය දුර්ලභ ගෝමේද මාණික්‍ය තුනක් සහිත කැබැල්ලක් අතුරුදහන්ව තිබුණේ අබිරහස් ආකාරයටය.

THE STOCK BROCKER’S CLERK – අපූරු සහෝදරයෝ
ඔහුට ලැබුණු නව රැකියාව බාර ගන්නට යන්නට එපා කී අමුත්තා ඔහු හට ලබා දුන්නේ ඊට වඩා වැඩි වැටුපක් ලැබෙන රැකියාවකි. එහෙත් ඔහු නව රැකියාවට යාමට සිටි ආයතනයේ පවුම් ලක්ෂ ගණනක සොරකමක් සිදුවූයේ ඔහුගේ නම සහිත පුද්ගලයකු අතිනි.

THE YELLOW FACE – කහ පැහැති මුහුණ
කවුළුවෙන් දැකගත හැකිවූ අමුතු කහ පැහැති මුහුණ නිසා දෙදරුම් කෑවේ ඔහුගේ යුග දිවියයි.

THE GREEK INTERPRETER – ග්‍රීක භාෂා පරිවර්තකයා
බලෙන් අබිරහස් ස්ථානයකට ගෙනගිය ග්‍රීක පරිවර්තකයාට දැකගත හැකි වූයේ මුහුණේ පැලැස්තර අලවා බලෙන් රඳවා ගෙන සිටි මිනිසෙකි.

THE CROOKED MAN – වක ගැසුණු මිනිසා
හමුදා නිලධාරියාගේ අබිරහස් මරණයට වගකිව යුතු වූයේ ඔහුගේ බිරියද? එසේ නොමැති නම් අද්භූත සත්ත්වයෙක් ද?

ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අධිරහස් විසඳූ ආකාරයත් මෙම කෘතියෙන් විස්තර වෙයි.

බැස්කර්විල් දඩ බල්ලා | Baskerville Dada Balla

Original price was: Rs 450.00.Current price is: Rs 405.00.

The Hound of the Baskervilles
by Sir Arthur Conan Doyle

සර් ආතර් ඩොයිල්ගේ රහස් පරීක්ෂක නව කතා අතුරෙන් මෙය ඉතාම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කතාවය. රාත්‍රි කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරිසරන භීෂනාත්මක දඩ බල්ලෙකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කතාව පසුබිම් වී ඇත්තේ බැස්කර්විල් පරම්පරාවේ භයංකර වෘතාන්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනීමැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.

භීෂණයේ මිටියාවත | Bishanaye Mitiawatha

Original price was: Rs 650.00.Current price is: Rs 520.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

ෂර්ලොක් හෝම්ස් වික්‍රම 06

ෂර්ලොක් හෝම්ස් මුහුණ සුණු විසුණු වී ගිය එම හොඳින් නිරීක්ෂණය මළ සිරුර කළේය. බර්ල්ස්ටන් මන්දිරයේ ඒ වැටී සිටියේ දඩයම බවට පත් වූ දඩයක්කාරයාමද? එම බිහිසුණු මරණය පසුපස මියගිය තැනැත්තාගේ බිරියගේ අදිසි හස්තය වී ද? අපරාධකරුවන්ගේ පළිගැනීම්වලින් බේරී අමෙරිකාවෙන් එංගලන්තයට එන රහස් පරීක්ෂකවරයාට අපරාධ ලෝකයේ නැපෝලියන් වූ මහාචාර්ය මොරියාර්ටි සලකන්නේ කෙසේද?

බ්‍රික්ස්ටන් වීදියේ අබිරහස | Brickston Widiye Abirahasa

Original price was: Rs 500.00.Current price is: Rs 400.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

ෂර්ලොක් හෝම්ස් වික්‍රම 03

දොස්තර ජෝන්. එච්. වොට්සන් ලන්ඩනයට පැමිණියේ ඇෆ්ගනිස්තානයේ සිටය. ඔහුට හමුවූ අපූරු නවාතැන් සගයා ෂර්ලොක් හෝම්ස් ය. හෝම්ස් නමැති අග්‍රගන්‍ය රහස් පරීක්ෂකවරයා ගේ වික්‍රමයන් ලොවට අනාවරණය වීම ඇරැඹුණේ උක්ත හමුවීම සමගිනි. පාළු නිවෙසක් ඇතුළත තිබී හමුවූ අමෙරිකානුවකුගේ මළ සිරුරකි. ඇත්තෙන්ම එය ස්වභාවික මරණයක්ද? මිනීමැරුමක් ද? මළ සිරුර අසලින් හමුවූ රන් මුදුවේ පසුබිම් කතාව කුමක්ද? අත් අඩංගුවට පත්වනු පිණිසම අපරාධකරු හෝම්ස්ගේ නිවෙස ඇතුළට පිවිසියේ කෙසේද?

ග්‍රීක භාෂා පරිවර්තකයා | Greeka Basha Pariwarthakaya

Original price was: Rs 350.00.Current price is: Rs 280.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

දඩයම් බල්ලා | Dadayam Balla

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

ෂර්ලොක් හෝම්ස් වික්‍රම 05

17 වැනි සියවසේ බැස්කර්විල් මන්දිරයේ විසූ හියුගෝ නමැති වංශාධිපතිවරයා දුෂ්ඨ ගති පැවතුම් ඇත්තෙක් විය. බැස්කර්විල් පරපුරේ ශාපයට මූලික වූයේ ඔහු ය. අපායෙන් පැමිණි තරමට බියකරු, මුවින් ගිනිදැල් විහිදුවන දඩයම් බල්ලා හියුගෝගේ උගුරු දණ්ඩ සපා දැමුවේය. සියවසකට වැඩි කාලයකට පසු නැවත ශාපය සක්‍රිය වූ බවක් හඟවමින් ශ්‍රීමත් චාල්ස් අබිරහස් මරණයකට ගොදුරු විය. එම මරණයට හේතුව දඩයම් බල්ලා බව කට කතාවලින් කියැවිණි.

බැස්කර්විල් පරපුරේ මීළඟ හිමිකරු පැමිණෙන තුරු දඩයම් බල්ලා පොරොත්තු වෙයි. ඔහු මන්දිරයට පැමිණෙන්නේ ෂර්ලොක් හෝම්ස් හා දොස්තර වොට්සන් සමඟ නම්…

ලප සහිත පටියේ අභිරහස | Lapa Sahitha Pitiye Abhirahasa

Original price was: Rs 400.00.Current price is: Rs 320.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

“අනුමාන කළේ කොයි විදිහට වුණත්, මහත්මයා කීව කරුණු සේරම ඇත්ත” කත කීවා ය. “මම ගෙදරින් ආවේ හයටත් කලින්, දුම්රියපොළට ආවේ හයයි විස්සට, පළවෙනි කෝච්චියෙන් වෝටර්ලූ ආවා, මට මේ පීඩාව තවත් දරා ගන්න බැහැ සර්, මෙහෙම ගියොත් මට වැඩි දවස් නොගිහින් පිස්සු හැදේවි. මට උදව් ඉල්ලන්න කිසි ම කෙනෙක් නැහැ. ඉන්න එකම කෙනා මගේ පෙම්වතා, ඒ අහිංසකයටත් මට උදව් කරන්න පුළුවන්කමක් නෑ. මිසිස් ෆ්‍රින්ටොෂ් කියන්නෙ මගේ යෙහෙළියක්, එයා කරදරේ වැටිච්ච වේලාවක සර් එයාට උදව් කළ හැටි මට කියලා තිබුණා. අනේ සර්, කරුණාකරල මට උදව් කරන්න. සර්ගේ සේවයට ගෙවන්න තරම් මුදලක් මේ වෙලාවේ මගේ අතේ නැහැ, ඒත් මාසෙකින් දෙකකින් මගේ ආර්ථික ප්‍රශ්න කෙළවරක් වේවි. ඊට පස්සේ මම නොවරදවා ගෙවන්නම්.”

ජල රාක්ෂයා | Jala Rakshaya

Original price was: Rs 250.00.Current price is: Rs 200.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

ඊළඟ මොහොතේ කළුගල අසල දිය කැලඹෙන්නට විය. එකවරම දිය කඳක් ඉහළට නැගී ගියේය. අපි නොසෙල්වී ඒ දෙස බලා සිටියෙමු. හෝම්ස් මහතා ඔහුගේ විදුලි පන්දුව ඒ දෙසට යොමු කරගෙන සිටියේය.

මිනිත්තු කිහිපයකට පසු ජලය නිසල විය. ඔරුවේ පැද්දීමේ වේගයද අඩු විය.

පිළිම බිඳින්නා | Pilima Bidinna

Original price was: Rs 350.00.Current price is: Rs 280.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

සසෙක්ස් හි ඩ්‍රැකියුලා | Saseks Hi Dracula |

Original price was: Rs 250.00.Current price is: Rs 200.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

“මැටිල්ඩා බ්‍රික්ස් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි, නැවක නමක්. ඩ්‍රැකියුලා සිද්දි ගැන පරික්ෂා කිරීම අපට අයිති දේකුත් නෙවෙයි වොට්සන්, ඒත් කාලෙකින් වැඩක් නොකළ එකේ, මේ කියන පලහිලව්ව ගැන ටිකක් හැරලා අවුස්සලා බළල දැනගන්න මටත් ආශාවක් හිතුණා.” හෝම්ස් කිවේය.

“මේක මහ පිස්සු වැඩක් වොට්සන්, මළ මිනී හදවතේ තියාගෙන ඇවිදින මිනිස්සු වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියනවද?” එසේ කියා හෝම්ස් මේසය අසලට ගියවියට ඔහුගේ නමට ලැබී එතෙක් විවෘත නොකළ ලිපියක් මේසය මත ඇති බව ඔහුට පෙනුණි. ලිපිය අතට ගත් හෝම්ස් ලියුම් කවරය ඇර ලිපිය පිටතට ගෙන කියවන්නට පටන් ගත්තේය. ලිපිය කියවාගෙන යන අතරතුර ඔහුගේ මුහුණ ක්‍රමයෙන් මන්දස්මිතයකින් පැහැපත් වන අයුරු මට පෙනුණි.