සිංහල
රිදී විල් තෙර | Ridee Wil Thera
Original price was: Rs 1,150.00.Rs 920.00Current price is: Rs 920.00. By the Shores of Silver Lake
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 05
මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභයෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේරි සහ කේරි සමග රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදිවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමුවැනි ගොඩනැගිල්ල සාදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි.
මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ කොටස් නවයකින් යුතු අති විශිෂ්ට ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්නයි.
#ridi vil thera
ලොන්නේබැරියේ එමිල් | Lonnebariye Emil
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. Emil i Lonneberga
by Astrid Lindgren
හොඳ දඟ මල්ල | Honda Danga Malla
Original price was: Rs 940.00.Rs 750.00Current price is: Rs 750.00. The Naughtiest Girl is a Monitor
by Enid Blyton
දඟ මල්ල 03
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධූරයක්දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
හොඳ ශිෂ්‍ය නායිකාවක වන්නට වැඩි වැඩියෙන් උත්සාහ කරන තරමට ඇගේ හැසිරීම තවත් නරක අතට හැරෙයි! යහපත් දැරියක වන හැටි අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා ඉගෙන ගන්නේ කවදාද?
#daga malla
ශ්‍රී කාන්ත | Shri Kantha
Original price was: Rs 1,350.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.වංග දේශයේ “අපරාජිත මහා ලේකඛකයා” ලෙස විරුදාවලි ලද ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ ජනප්‍රියම නවකතාව මෙන්ම සම්භාවනීය ගද්‍ය කාව්‍යයක් ලෙසද බුහුමන් ලබන “ශ්‍රී කාන්ත” නම් වූ නවකතාවේ මේ සිංහල පරිවර්තනය චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසින් වංග බසින්ම සිංහලයට නගන ලද්දකි. මේ නවකතාවේ නිරූපිත රාජලක්ෂ්මී බ්‍රාහ්මණ වංශික යුවතියකි. ඇය ළමා වියේදී විවාහ කර දුන්නද සැමියාගේ නිවසට කැඳවාගෙන නොයයි. පසු කලෙක රසිකයන් පිනවමින් ඇය ගත කළ ජීවිතය ඇගේ වංශය අනුව ඉතා පහත් එකක් සේ සැලකේ. මේ චරිතය මඟින් කතුවරයා පුරුෂෝත්තම සමාජයක ස්ත්‍රියගේ ඛේදය නිසි කලාත්මක ගැඹුරකින් විදහා දක්වයි.
ගෝරා | Gora
Original price was: Rs 1,850.00.Rs 1,480.00Current price is: Rs 1,480.00.ආනන්දමයී තමාගේ දෑතින් ඔහුගේ හිස ඔසවා ඒ හිස සිප ගත්තාය.
‘මේ ඉන්නේ මගේ අම්මා තමයි. මං හැමතැනම හොය හොයා ඇවිද්ද අම්මා මේ ගෙදරම ඉන්නවා. අම්මා කුලයක් බලන්නේ නෑ. පිරිසිදු, අපිරිසිදුකම් බලන්නේ නෑ. කවුරුවත් පිළිකුල් කරන්නේ නෑ. අම්මා යහපතේ ප්‍රතිමූර්තියක්. අම්මා තමයි මං ප්‍රාර්ථනා කරපු භාරතවර්ෂයේ සංකේතය.’
‘එකපාරක් අම්මගේ ලඡමියාට අඬගහන්න අම්මේ. ලඡමියාට කියන්න මට වතුර ටිකක් ගෙනත් දෙන්න කියලා.’
ආනන්දමයී එවිට කඳුළින් අවහිර වූ මෘදු ස්වරයෙන් ගෝරාගේ කනට කර මෙසේ කීවාය.
‘ගෝරා, එක පාරක් විනයට එන්න කියලා පණිවිඩයක් යවන්නද?’
සෆාරි වික්‍රමය | Safari Wikramaya
Original price was: Rs 890.00.Rs 710.00Current price is: Rs 710.00. Safari Adventure
by Willard Price
අප්‍රිකානු සිංහයාගේ ප්‍රියතම ආහාරය කුමක් විය හැකිද?
ඒ කුහුඹු -වලසා හෙවත් බිම් ඌරා යැයි ඔබ දැන සිටියේද? එහෙත් කුහුඹු වලසෙකු දඩයම් කර ගැනීම වනාන්තරයේ රජා වූ සිංහයාටද පහසු නැත.ඒ මිනිත්තුවක් දෙකක් ඇතුළත සිටි තැනින් අතුරුදහන් වන්නට උගේ ඇති දක්ෂතාව නිසාය. කුහුඹු -වලසා සිටි තැනින් එකවර අතුරුදහන් වන්නේ කෙසේද?
ලොව වේගවත්ම සත්ත්වයා චීටා ඉතාමත් මිත්‍රශීලි සතකු බවත් ඌ මස් අනුභව කරනවාට වඩා කරන්නේ ගොදුරේ ලේ උරා බීම බවත් ඔබ දැන සිටියේද? බයො බැබ් ගස් පිළිබඳ ඔබ දැන සිටියේ මොනවාද? අඩි පනහක පමණ උසට අඩි හැටක පමණ වට ප්‍රමාණයකින් යුතුව වැවෙන බයො බැබ්ගස්වල කඳ අභ්‍යන්තරය විශාල කුහරයක් බවත් ඒ ඇතුළත මිනිසුන් විසි පස් දෙනෙකුට පමණ ලැගුම් ගත හැකි බවත් ඔබ දැන සිටියේද?
1932 – Under the Shades of Himalayas
Original price was: Rs 1,850.00.Rs 1,665.00Current price is: Rs 1,665.00.සිදත් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පස්වසක් ඉක්මවගොස් ඇති සමය…
බ්ලැක්වුඩ් බංගලාවේ සැරිසරන අද්භූත සුදු තරුණියකගේ ආත්මයක්…
ඇය විසින් රුධිරයෙන් තබන ලද සටහනක්…
යුරෝපයට වී දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටින සිදත්, එම තරුණිය පිළිබඳ සෙවීමට සිය ප්‍රාණසම සගයා වූ සේනක සමඟින් ලංකාවට පැමිණෙයි.
ඇගේ ආත්මය එතැනින් ඔවුන්ව කැඳවන්නේ නිරන්තර මිහිදුමෙන් පිරුණු අලංකාර උත්තර භාරතීය හිමාචල් ප්‍රදේශ් කඳුකරයටයි.
බිහිසුණු මායාකර්මයන්, සාම්ප්‍රදායික ඉන්දියානු ගැමි විශ්වාසයන් සහ වෛරයෙන් දැවෙන බිහිසුණු ආත්මයන් සමඟින් ගැටෙන සිදත් සහ සේනක අවසානයේ සොයාගන්නේ කිනම් අබිරහසක්ද?
ආත්ම ගණනාවක් පුරාවට පසුපසින් හඹා එන පාපකර්මයක විපාකයෙන් ඇලන්- සඳමාලී යුවළට ගැලවීමක් ලැබේවිද?
සියවසකට පෙර අඳුරු රාත්‍රියක සීතල හපුතලේ පාළු කඳු අතර සිය අවසන් හුස්ම හෙළූ ඇලන් ස්ටුවට් තරුණයාගේ මරණය පසුපස සැඟවුණු අබිරහස කුමක්ද?
ඔහුගේ මරණයට හේතුව හුදෙක්ම පෙම්හබයක් පමණක්ද?
ඔහුගේ සැබෑ ඝාතකයා කවරෙක්ද?
1925 – Once Upon A Time in Ceylon
Original price was: Rs 1,850.00.Rs 1,665.00Current price is: Rs 1,665.00.2016 වසර… සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්… කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්… එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද..? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද..? පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද..? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කළ 1920 දශකය… දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්… මරණින් නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයක්… මිනිස් සිත තුළ ජනිතවන ආදරය වෛරය බඳු හැඟීම් සහ ජීවත්ව සිටින කාලයේ කළ පින් පව් පමණක් රැගෙන මරණයේ දොරටුව වෙතට ගමන් කරන අපට ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද? සැබැවින්ම මරණය යනු නිමාවක්ම වේද?
බියුරෝ | Bureau
Original price was: Rs 1,900.00.Rs 1,710.00Current price is: Rs 1,710.00.ලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.
“මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..! “එය අපේ තීරණයයි.”
#biyuro beyuro beuro
මැණිකේ | Manike
Original price was: Rs 350.00.Rs 280.00Current price is: Rs 280.00.මිනිස්සු
හරි කැමති
වචන වලින්
සිතුවිලි මරන්න..
ඒ වගේම
සිතුවිලි
වචන කරලා
මිනිස්සු මරන්න..
ජීවිත ගමන තුල අපට හමුවන දුක , සතුට නිතැතින්ම කඳුලින් නිමවූ අවස්ථා මෙන්ම දුක සතුටක් ලෙසද සතුට දුකක් ලෙසද විඳදරා ගත් සෑම අවස්ථාවකම “කවිය” ඉතා වැදගත් වූත්, වටිනා වූත් කාර්‍යභාරයක් ඉටු කල බව නොරහසකි.
සාහිත්‍යය නම් වූ සමුද්‍රය තුල කවිය නම් වූ ඔරුව පැදවීමට භාෂාව නම් වූ හබල හැසිරවීම සංයමයෙන් සිදු කල යුතුය.
අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් සහ මධ්‍ය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය නිමා කල මා රජරට විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හා පශ්චාත් සම්පූර්ණ කර, ආචාර්‍ය උපාධිය හැදෑරීමට විදේශ ගතවීම දක්වා ලබාගත් සංයමය භාෂාව හැසිරවීම තුලින් කවිය ජනගත කිරීමට ඉවහල් වූ බව මම තරයේ විශ්වාස කරමි.
රජ බිසවකගේ පාපොච්චාරණය – 02 | Raja Bisawakage Papochcharanaya – 02
Original price was: Rs 1,480.00.Rs 1,180.00Current price is: Rs 1,180.00. Queen’s Confession
by Victoria Halt
“පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි.
ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඇ අත්දුටු දුක්පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි.
සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත්තේ නෙතු කඳුළින් යුතුව බැව් සැක හැර කිව හැකිය.
ගජමුතු සහ කඳුළු | Gajamuthu Saha Kandulu
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00.කවිය තරම් පොදු ජනතාවට සමීප වූ වෙනත් මාධ්‍යයක් නැත. මිනිසාගේ උපතේ සිට මරණ මංචකය දක්වාම කවිය සමීපව සිටින්නේ එබැවිනි. කවරදා කුමන වකවානුවකදි බිහිවූයේ ද යන්න නිශ්චිතව කිව නොහැකි වූවත්, අන් සියලු මාධ්‍යයන්ට වඩා කවියට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. පණ්ඩිතයන් ඇසුරු කළ කවිය විදග්ධ සාහිත්‍යය ලෙසද, පොදු ජනතාව ඇසුරු කළ කවිය ජන සාහිත්‍යය ලෙසද දෙවැදෑරුම් විය. මේදෙපාර්ශවයම බහුලව භාවිතා කළේ සමුද්‍රඝෝෂ වැනි විරිත්ය. 1946 දී පමණ බටහිර ආභාෂය ලද නිදහස් කවිය බිහිවීමත් සමඟ පද්‍ය සාහිත්‍යය සඳැස් සහ නිසඳැස් යනුවෙන් බෙදී වෙන්විය. මුල් කාලයේදී නිසඳැස රිද්මයකින් තොරව ලියැවුණද , අද වන විට ඒවාද රිද්මය සහිතව බහුලව ලියැවෙන බවක් දක්නට ලැබේ.
බණ්ඩාර ඇහැළියගොඩ
පන්සිය පනස් ජාතක කතා පොත් කට්ටලය | Pansiya Panas Jathaka Poth
Original price was: Rs 4,950.00.Rs 3,850.00Current price is: Rs 3,850.00.පොත් රඳවනයක් නොමිලේ…!!!
සරල බසින් ලියන ලද
පන්සිය පනස් ජාතක කතා පොත් කට්ටලය
1. පළමුවෙනි වෙළුම – පිටු 240
2. දෙවන වෙළුම – පිටු 240
3. තෙවන වෙළුම – පිටු 224
4. සිව්වන වෙළුම – පිටු 192
5. පස්වන වෙළුම – පිටු 208
යකාගේ කල්ලිය | Yakage Kalliya
Original price was: Rs 525.00.Rs 420.00Current price is: Rs 420.00. One Bright Summer Morning
by James Hadley Chase
පාතාල ලෝකයේ අපරාධ නායකයෙකුව වැජඹුණු සමයේ බිග් ජිම් ක්‍රාමර් උපයාගත් මහා ධනස්කන්ධය අනපේක්ෂිත අයුරින් ඔහුට අහිමි වූ පසු නැවතත් ඒ හා සමාන ධනස්කන්ධයක් ලබා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් එක්සත් ජනපද රාජධානියේ සිටි ධනකුවේරයකුගේ එකම දියණිය පැහැරගෙන ගොස් ඇය වෙනුවෙන් විශාල කප්පම් මුදලක් ලබා ගැනීමට ක්‍රාමර් සැලසුම් කළේය.
මෙම අපරාධය සඳහා ඔහු තෝරා ගත්තේ බිහිසුණු මැරවරයින් කීපදෙනෙකි. ඒ ඉතාලි ජාතික මිනීමරුවෙකු සහ ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ නිඹුල් සහෝදර යුවලකි. බිග් ජිම් ක්‍රාමර් ඔවුන් හැඳින්වූයේ යකාගෙ කල්ලිය යන අන්වර්ථ නාමයෙනි.
ගිනි දියණි | Gini Diyani
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00. Burned Alive
by Mavie-Threse Cuny
පණ පිටින් පිළිස්සීමට ලක්වූ 17 හැවරදී පලස්තීන යුවතියකගේ සත්‍ය කතාව.
ලයිල… ලයිල… ලා…! | Laila Laila La
Original price was: Rs 1,250.00.Rs 1,000.00Current price is: Rs 1,000.00. Loves Music, Loves to Dance
by Mary Higgins Clark
සජීවී සුරූපිනියන් සමඟ මෙන්ම අජීවී සුරූපිනියන් සමඟ ද රංගනයේ යෙදීමේ අතෘප්තිකර ආශාවන් ගෙවුණු, විකෘති මනසකින් යුත් පුද්ගලයකුගේ අසාමාන්‍ය හැසිරීමට ගොදුරුව අභිරහස් ලෙස මරු වැළඳගත් රූමතියන් රැසකගේ ඛේදවාචකය!
ත‍්‍රාසය, කුතුහලය පිරි උද්වේගකර නවකතාව
ලයිල…. ලයිල…. ලා….
මේරි හිගින්ස් ක්ලාක්ගේ කෘතියක්.
දිලීප ජයකොඩි පරිවර්තනයක්.
කදිම පාසලේ සසල රාත්‍රිය | Kadima Pasale Sasala Rathriya
Original price was: Rs 750.00.Rs 600.00Current price is: Rs 600.00. Summer Team at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 03
ග්‍රීෂ්ම වාරය හොඳම පාසල් වාරයයි. අලුත් ශිෂ්‍යාවක් කදිම පාසලට අතුළු වෙයි. ඇගේ ජීවිතයේ සඟවාගත් රහස කුමක්ද? එතරම් දක්ෂ ආකාරයට අසුන් හසුරවන්නට ඇය උගත්තේ කෙසේද?
කදිම පාසලේ මහ රෑ සාදය | Kadima Pasale Maha Re Sadaya
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. The Twins at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 01
ජල රාක්ෂයා | Jala Rakshaya
Original price was: Rs 250.00.Rs 200.00Current price is: Rs 200.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ඊළඟ මොහොතේ කළුගල අසල දිය කැලඹෙන්නට විය. එකවරම දිය කඳක් ඉහළට නැගී ගියේය. අපි නොසෙල්වී ඒ දෙස බලා සිටියෙමු. හෝම්ස් මහතා ඔහුගේ විදුලි පන්දුව ඒ දෙසට යොමු කරගෙන සිටියේය.
මිනිත්තු කිහිපයකට පසු ජලය නිසල විය. ඔරුවේ පැද්දීමේ වේගයද අඩු විය.
වදාකඩ වත්ත | Wadakada Watta
Original price was: Rs 990.00.Rs 790.00Current price is: Rs 790.00.2008 වසරේදී “දෙමෝදර වතුයාය” කෘතියෙන් සිය ලේඛන ජීවිතය ආරම්භ කළ ඩී. එම්. අනුර දිසානායක මේ වනවිට සාර්ථක කෘති 25 ක් පමණ එළි දක්වා ඇත. එම කෘති සියල්ලම මා විසින් කියවා ඇති බව මෙහිලා විශේෂයෙන් සදහන් කරමි.
අගතා ක්‍රිස්ටි, කොනන්ඩොයිල්, අර්ලි ස්ටැන්ලි ගාඩ්නර්, හැඩ්ලි චේස් වැනි ලොව ජනප්‍රිය රහස් පරීක්ෂක නවකතාකරුවන් එම කෘති එක්තරා ජනප්‍රිය තලයකට රැගෙන ආහ. එසේ වුවත් අපරාද බහුලව සිදුවන මෙවන් වූ කාල වකවානුවක සිංහල බසින් ලියවුණු අනුර දිසානායකයන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ පිලිබදව මා ඉතා අගය කරමි.
ඔහු විසින් නිර්මාණය කළ මෙවැනි කෘති තුළින් සමාජයට යම් පණිවිඩයක් ලබාදී ඇති බව මගේ හැඟීමයි. මේ සමාජ මෙහෙවර ඔහුට තවදුරටත් ඉටු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රර්ථනා කරමි.
මානෙල් විජේසිංහ
රාජ්‍ය කළමනාකරණ නිලධාරිනි,
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
#vadakada vatta waththa vaththa #inspector romesh
විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි? | Wishishta Samathun Durwala Samathun
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. Why “A” Students Work for “C” Students
by Robert T. Kiyosaki
සාර භූමි | Sara Bhumi
Original price was: Rs 1,300.00.Rs 1,170.00Current price is: Rs 1,170.00. The Good Earth
by Pearl S. Buck
චීන ගොවි දිවියෙහි
නිර්ව්‍යාජ සුවඳ මුහු වූ
මේ ගැදි කව මත
සමස්ත ආසියාතික ජන දිවියෙහි
අපූර්ව වූ රිද්මය
මනාව සිත්තම්ව තිබේ.
සිතක වෙහෙස – භාර්යාවන්ගේ පැමිණිලි | Sithaka Wehesa – Bharyawange Paminili
Original price was: Rs 1,230.00.Rs 985.00Current price is: Rs 985.00.සිතක වෙහෙස – ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි | Sithaka Wehesa – Swami Purushaige Paminili
Original price was: Rs 850.00.Rs 680.00Current price is: Rs 680.00.නිල් නිවුන්නු | Nil Niwunnu
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. Two Little Girls in Blue
by Mary Higgins Clark
තමන් මොන එකකට එක් නිවුන් දැරියක් තියාගත්තාද? දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත.
එක් දැරියකගෙන් නම් නිදහස්ය.
අනෙක් දැරියගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත. ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය.
අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය.
එම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි.
මේ කාලයට එය වසා ඇත.
එය ආශීර්වාදයකි.
එතැන මුහුද දැඩි සේ ගැඹුරුය.
වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය.
එවිට වෑන් රථය, දැරියත් සමගම මුහුදු පත්ල සිප ගන්නවා ඇත.
වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි.
ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි.
ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය.
මේරි හිගින්ස් ක්ලාක්ගේ කෘතියක්.
දිලීප ජයකොඩි පරිවර්තනයක්.
ප්‍රේම සැඳෑවෝ | Prema Sandewo
Original price was: Rs 1,250.00.Rs 1,000.00Current price is: Rs 1,000.00. Fifty Shades of Grey
by E.L. James
ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey” නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව ප්‍රේම සැන්දෑවෝ නමින් නිකුත් වී ඇත.
වැන්කූවර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇනස්ටසියා ස්ටීල් අනපේක්ෂිත ලෙස හමුවන කෝටිපති ව්‍යාපාරිකයකු වන ක්‍රිස්ටියන් ග්‍රේ සමග අතිශයින් සරාගී ප්‍රේමයක පැටලෙයි. ග්‍රේ ගේ අතිශයින් කඩවසම් රූපකායෙන් මන්මත් වන අනස්ටේසියා ලියල වැඩෙන ආදරයේ අවසානයේ දී ග්‍රේ ගේ ගුප්ත රහසිගත් අනුරාගී ලෝකය ගැන දන ගැනීමෙන් ඇය සිහින මැවූ භාවාත්මක සොඳුරු ප්‍රේම ලෝකය සිය දෙනෙත් අබියස බිඳ වැටේ . ‘ ප්‍රේම සැන්දෑවෝ’ තුලින් කුලුගන්වෙන අනුරාගී අත්දැකීම ඔබගේ මතකය සද නිදන් වනු නියතය.
#prema sandawo sendewo sadavo sedevo
අගපිපිමල් | Agapipimal
Original price was: Rs 1,500.00.Rs 1,350.00Current price is: Rs 1,350.00.අමේසන් වික්‍රමය – වසන්තා පිගේරා | Amazon Wikramaya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Amazon Adventure
by Willard Price
#amesan wikramaya amezan
ඕලු 1 | Olu 1
Original price was: Rs 700.00.Rs 630.00Current price is: Rs 630.00.‘ඕලූ’ නම් වූ මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් අපූරු ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.
කුමාර කරුණාරත්න ඛෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභි තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වන්දි. සඳකඩ පහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍ය වලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතා වලින් කීපයකි.
හුස්මක් ඔබ මට | Husmak Oba Mata
Original price was: Rs 750.00.Rs 600.00Current price is: Rs 600.00.“ඔයත් කියන්නේ මට පැනලා යන්න කියලද?”
“ඔව්, අද වුණත්… මේ දැන්ම වුණත් කමක් නෑ, ඔයා පැනලා යන්න!”
“අනෙක් අයව ප්‍රශ්න ගොඩක දාලා පැනලා යන්න මට බෑ… ඔයාලා කියනවා වගේ මේක ලේසි නෑ… එයා පොලිටීෂියන් කෙනෙක්. එහෙම මනුස්සයා තමන්ගෙ නම්බුව ගැන කොච්චර හිතනවද? ඒ මිනිහා මොන ලෝකෙකින් හරි මාව හොයාගෙන මරලා දාවි…”
“ඔයාට ඔච්චර දෙයක් තේරෙනවා නම් ඇයි අර මිනිහට දෙනෝදාහක් මැද්දේ කම්මුල් පාරක් ගැහුවේ? එහෙම දෙයක් නොවුණා නම් ඔයා අද ඔහොම අඬන්නෑනේ…”
“ඒ මනුස්සයා මට දුන්නේ සුළුපටු වදයක් නෙවෙයි…”
නේත්‍රා | Nethra
Original price was: Rs 1,800.00.Rs 1,440.00Current price is: Rs 1,440.00.සිංහල භාෂාවේ සියලු ඉසව්වලින්,
සියලු අවධීන්ගෙන් වචන තම
මෙහෙයට කැඳවන කතුවරයා
එමගින් සිංහල භාෂාවේ කාල
අවකාශ මානයන් දිග් විජය කරයි.
ඉංග්‍රීසි අරුමැසිවාදී කවීන්ගේ බස,
භාරතීය අලංකාරවාදීන්ගේ,
ධ්වනිවාදීන්ගේ යෙදුම්,
පද සංඝටන සිහි ගැන්වීමට සමත්
අපූර්ව භාෂා විලාසයක්
නේත්‍රා තුළ දැකිය හැකි ය
– කේ. කේ. සමන් කුමාර –
ඔබටත් දිනිය හැකිය | Obatath Diniya Hakiya
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00. You Can Win
by Shiv Khera
ලීලා | Leela
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00.”මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් මා වෙත එවන ලද ලීලා නම් අභිනව ප්‍රබන්ධ කථාවෙන් කොපියක් ඇබී ස්තූති සහිතව භාරගෙන කියවා බැලිමි. මට නොඑක් විට ලැබෙන පොත්පත් සම්බන්ධ ගුණ දෝෂ පරික්ෂණයට නොවෙහෙසෙන නමුත් මේ පොත ගැන විශේෂ වශයෙන් යමක් ලිවීමට අදහස් විය.මක්නිසාද යත් මාර්ටින් වික්‍රමසිංහ මහතා යම් යම් දේ සොයා පරික්ෂා කොට බලා ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමට ආසා ඇත්තෙකැයි පෙනෙන හෙයිනි.”
– යගිරල පඤ්ඤානන්ද නාහිමි –
සරසවි සඳරැසල 1919 පුනි 19
”ලීලා නවකතාව පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරිත් අනුකරණය කිරීමයි.නවකතාවේ අදහස් ප්‍රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත් ඒ පිළිබඳව කෙරෙන විවේචනයත් අදට ද වලංගු වේ.ලීලා කොතෙක් දුරට වර්තමාන සාහිත්‍ය විචාරය අනුව අගය කිරීමකට ලක්කල හැකි ද යන්න විමසීමේදී එය වැදගත් වේ.පැරණි සාහිත්‍ය තත්කාලීන විචාර ධර්මයෙහි පිහිටා අගය කිරිමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි.”
– චන්ද්‍රා අමරසේකර –
සබරගමුව විශ්ව විද්‍යාලයේ භාෂා හා සමාජ විද්‍යා අංශයේ හිටපු පීඨාධිපතිනි
#lila
උපන්දාසිට බාල විය | Upandasita Bala Viya
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00.මාර්ටින් වික්‍රමසිංහයන් 1961 වසරේ දී ලියා පළ කළ උපන් දා සිට ග්‍රන්ථය, බාලවිය, තරුණවිය මැද විය යන කොටස් තුනකින් යුතු ය. එහි මුල් කොටස වන බාල විය වෙනම පොතක් ලෙස පළ කර ඇත්තේ පාසල් දරුවන් සඳහා වූ අතිරේක කියවීම් පොතක් වශයෙන් එහි ඇති වැදගත්කම සලකා ගෙන ය.
යුගාන්තය | Yuganthaya
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00.“අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්තයෙන් පිළිබිඔු කරයි.ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්නට හා දකින්නට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙන ය.ඒ සිද්ධීන් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්විමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රි පුරුෂයන්ගේ චරිතයන් ය.එහෙත් කතෘ ගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්නට ලැබෙන්නේ ඔහු ඇසූ දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යක් හා අපූර්ව රසයක් ඇති චමත්කාර ජනක කථාන්තරයකි.
ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා| Tarzan Saha Swarnamaya Singhaya
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Tarzan and the Golden Lion
by Edgar Rise Burroughs
පැල් -උල්- දොන් නමැති අබිරහස් දේශයේ සිට සිය බිරිඳ වන ජේන් ද සොයා ගෙන ආපසු එන ප්‍රබල ටාර්සන්ට මහ වනයේ දී අනාථ වූ සිංහ පැටවෙක් හමු වෙයි. ටාර්සන් මේ සිංහ පැටවා හීලෑ කර හදා වඩා ගනියි. අත්ලන්තිසයන් ගේ නිධාන සොර කම් කර ගැනීමට කුමන්ත්‍රණය කරන සොර මුළකට ටාර්සන් මරා දැමීමට වුව මනා වෙයි. ඔවුහු රූපයෙන් ටාර්සන්ට අතිශයින් සමාන ව්‍යාජ ටාර්සන් කෙනකු තනති. ඔහු සැබෑ ටාර්සන්ට කෙ තරම් සමාන ද යත්, ටාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් පවා ඔහුට රැවටෙයි.
බිහිසුණු ටාර්සන් | Bihisunu Tarzan
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Tarzan the Terrible
by Edgar Rise Burroughs
මිය ගිය ජර්මානු නිලධාරියකු ගේ දින පොතක වූ සටහනක් අනු ව. ටාර්සන් යළිත් වරක් තම බිරිඳ සොයමින් මහ වනයට වදියි. මෙ සේ යන ඔහු මහා ගොහොරු බිම් ද වන ගහනයන් ද පසු කර, කාලයා විසින් අමතක කරනු ලැබූ අබිරහස් දේශයකට පැමිණෙයි. ප්‍රාග් – ඓතිහාසික වන මෘගයන් ගෙන් ද වලිග සහිත දරුණු මිනිසුන් ගෙන් ද පිරි ඇති මේ දේශයේ දී ටාර්සන් ඉන් පෙර කී කලෙක වත් මුහුණ නොදුන් අන්දමේ මහා විපත්තීන්ට මුහුණ දෙයි. කෙසේ හෝ සියල්ල ජය ගන්නා ඔහු, සිය බිරිඳ ව ජේන් සොයා ගෙන ආපසු සිය රටට පැමිණෙයි.
නොදැමුණු ටාර්සන් | Nodemunu Tarzan
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. Tarzan the Untamed
by Edgar Rise Burroughs
මහ වනයේ වාහර ගෝත්‍රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ්‍යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු, මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි . කෝප වූ විට, දයා විරහිත වන. ප්‍රබල, ශඨ කපට වන මෘගයෙකි.
තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක්‍රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරුවා ලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු, ප්‍රචණ්ඩ සිංහයන් ද භයංකර වානරයන් ද පිරිවරා ගත් කල, විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවනීය බල වේගයක් වෙයි. වානර – මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අතිභයංකර; අතිභීෂණාත්මක ය.
ඈන් 1 – අරඹෙ ගෙදර ඈන් | Anne 1 – Arambe Gedara Anne
Original price was: Rs 1,050.00.Rs 945.00Current price is: Rs 945.00. Anne of Green Gables
by L. M. Montgomery